IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යුක්තිය ඉටුවීම ප්‍රමාදවීමේ ඉඩකඩ අවම කරනු

මොනම රටක වුවද පුරවැසියකුට අයුක්තියක්, අසාධාරණයක් සිදුවූ විට ඔහු හෝ ඇය යා යුතුවන්නේ අධිකරණයටය. අධිකරණයේදී තමන් මුහුණ දුන් අයුක්තිය හෝ අසාධාරණය හෝ වෙනත් නඩු කටයුත්ත හෝ ඉක්මනින් විසඳෙනු දැකීම ඒ සෑම පුරවැසියකුගේම ප්‍රාර්ථනයයි. අපේක්ෂාවයි. එය ඉටුවීම ප්‍රමාද වනවිට ඔවුන්ට අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමටද සිදුවෙයි. ඇතැම් විට වඩාත් ප්‍රමාද වී තීන්දුව ලැබෙන විට පුරවැසියා ජීවතුන් අතර ද නැත. මෙය අපේ රටට ද පොදු කාරණයකි.

අපේ රටේ නඩු ගොඩගැසීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ ආණ්ඩු යටතේ විවිධ ඇමැතිවරුන් යටතේ නොයෙකුත් ක්‍රියාමාර්ග, පියවර ගැනුණ ද ඒවායින් පලක් වී නැති බවක් පෙනෙන්නට තිබේ. උසාවිවල පවතින නඩුහබ තදබදය මගහැරීමට පිළියමක් වශයෙන් කාලයකට ඉහතදී සමථ මණ්ඩල ක්‍රමය ද හඳුන්වා දෙනු ලැබීය. උසාවියට නොගොස් විසඳාගත හැකි ප්‍රශ්න සමථ මණ්ඩලවලට ගෙනයෑමට උපදෙස් ලබාදෙන අතර ඇතැම් නඩු උසාවිවලට යොමු වූ විට ඒවා සමථ මණ්ඩල හරහා විසඳා ගැනීමට නියෝග කෙරෙයි. මේ පියවරවලින් සුළු ප්‍රතිඵල ලැබුණත් දිගින් දිගටම සිදුවෙමින් තිබෙන්නේ නඩු ගොඩගැසීමයි. 

2016 වසරේ අවසන් භාගය වනවිට මෙරට උසාවිවල ගොඩගැසී තිබුණු නඩු සංඛ්‍යාව 7,50,000ක් ඉක්මවා ගොස් තිබුණු බව ලිපි ලේඛනවල සඳහන් වෙයි. මේ අතුරින් 5,35,000කට අධික නඩු ප්‍රමාණයක් ගොඩගැසී තිබුණේ මහේස්ත්‍රාත් අධිකරණවලය. දිස්ත්‍රික් උසාවිවල 1,67,945ක් ද මහාධිකරණවල 16,811ක් ද ගොඩගැසී තිබුණු බවද සඳහන්ය. ඒ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 3486ක් ද, අභියාචනාධිකරණයේ 4817ක් ද කම්කරු උසාවියේ 5048ක් ද විභාගවෙමින් හෝ විභාග කිරීමට සූදානමින් තිබිණි. එම තත්ත්වය මේ වනවිට තවදුරටත් ව්‍යාකූල වී ඇතුවාට සැකයක් නැත. එය නිරාකූල කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමක් සිදුනොවීම ඊට හේතුවය.
නඩු විභාග වීමේ ප්‍රමාදය එම නඩුවල පාර්ශ්වකරුවන්ට විශාල පීඩනයක් ගෙනදෙන බව විශේෂයෙන් කිවයුතු නැත. යුක්තිය ඉටුවීම ප්‍රමාද වන තරමට ඔවුන්ගේ කාලය, ධනය සහ සෞඛ්‍යය පවා පිරිහෙයි. මේ බාහිර කරුණුය. පිටතින් නොපෙනෙන අභ්‍යන්තර කාරණාද ගණනාවක් තිබේ. තම දරුවකුගේ හෝ දරුවන්ගේ හෝ ඝාතනයක් සිදු වූ විට එම අපරාධකරුවන්ට එරෙහිව නඩුව ප්‍රමාද වනවිට ඒ මවට පියාට දැනෙන සිත් වේදනාව, බරපතළ දූෂණයකට ලක්වූ තරුණියකගේ සිතට දැනෙන දැඩි වේදනාව, සොරකම් නිසා අහිමි වූ මුදල් ඇතුළු දේපළ පිළිබඳව ඇතිවන පීඩනය මේ කිසිවක් පිටතට පෙනෙන්නේ නැත. එහෙත් යුක්තිය ඉටුවීම ප්‍රමාද වන දවසක් පාසා මේ වින්දිතයන්ගේ ජීවිත ගෙවෙන්නේ මහා ගිනිගොඩක් මැදය. එය එසේ වියයුතු නැත.

මෙපමණක් නොව රටේ මහා පරිමාණයෙන්, සුළු හා මධ්‍යම පරිමාණයෙන් සිදුවන වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ නඩු විභාග ද කල්යමින් පවතින බව පෙනේ. ඇතැම් විට නඩුවේ ලිපිලේඛන ඉදිරිපත් කිරීමේ ප්‍රමාද දෝෂ, සාක්ෂිකරුවන් කැඳවා ගැනීමට තිබෙන අපහසුව පමණක් නොව පාර්ශ්වකරුවන්ට සිතාසි බාරදීමේ නොහැකියාව ද එවැනි නඩු කල්යාමට හේතුවෙයි. මේ තත්ත්වය වෙනස් කොට රටට මහා පරිමාණයෙන් බලපාන වංචා දූෂණ, අල්ලස් නඩු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් ද වත්මන් ආණ්ඩුව මගින් ස්ථාපිත කෙරිණි. එවැනි නඩු එක දිගට විභාගයට ගැනීමට ද තීන්දු තීරණ ගනු ලැබීය. එය හොඳම ක්‍රමය නොවූව ද පවතින තදබදය යම්තාක් දුරකට ලිහිල් කිරීමට හේතුවනු ඇතැයි අපි විශ්වාස කරමු. එහෙත් මෙවැනි පැලැස්තර විසඳුම්වලට වඩා විධිමත්, ඵලදායී ක්‍රමවේද හඳුනාගැනීමට ප්‍රමුඛත්වය දීම අවශ්‍යය. ඒ සඳහා දේශපාලනඥයන් පමණක් නොව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද සහභාගී කරවා ගැනීම වඩාත් සුදුසු වනු ඇත.

මෙහිදී පෙන්වාදිය යුතු තවත් කරුණක් වන්නේ යුක්තිය ඉටුවීම ප්‍රමාදවීමත් අපේ රට තුළ නිසි අයුරින් ක්‍රියාත්මක වන බේරුම්කාර මණ්ඩලයක් නොවීමත් විදේශ ආයෝජකයන් අධෛර්යමත් කිරීමට හේතු වී තිබෙන බවය. ආයෝජකයන් දිරිගන්වන බොහෝ රටවල් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගනිමින් ඒ සඳහා විශේෂ බේරුම්කාර මණ්ඩල පිහිටුවා තිබෙනු දැකිය හැක. සිංගප්පූරුව මීට හොඳම උදාහරණයයි. අපේ රටේද බේරුම්කාර මණ්ඩලයකට යොමුවන අවස්ථා එළඹුණු විට යාමට ඇත්තේ සිංගප්පූරුවටය. එසේ නොවී එම ක්‍රියාදාමය මේ රට තුළදීම සිදුකළ හැකි ක්‍රමවේදයක් සැකසිය හැකිනම් එය ආයෝජකයන් දිරිගැන්වීමක් වනු ඇත. එහෙත් එවැනි ක්‍රමයක් හඳුන්වාදීමට අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන් ක්‍රියානොකරන බව අපගේ හැඟීමයි. ගනුදෙනුවල විනිවිදභාවයක් නොමැති වීම ඊට හේතුවයි.

නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන බවද යුක්තිය ඉටුවීම පමණක් නොව එය ඉටුවූ බව පෙනෙන්නට තිබීමත් අවශ්‍ය බවද ප්‍රකාශයට පමණක් සීමාවිය යුතු නැත. යුක්තිය ඉටුවීම ප්‍රමාදයකින් තොරව සිදුවීමද අවශ්‍යය. එසේ නොවන විට අමාරුවේ වැටෙන්නේ ධනවත් බලවත් පුද්ගලයන් නොවේ. යුක්තිය ඉටුවීම හැර වෙනත් කිසිම පිළිසරණක් නැති අසරණ අහිංසක ජනතාව පමණි.



අදහස් (3)

යුක්තිය ඉටුවීම ප්‍රමාදවීමේ ඉඩකඩ අවම කරනු

Gihan Wednesday, 06 March 2019 10:00 AM

නඩු පැවරීමට ප්‍රමාදවන ප්‍රධාන රජයේ ආයතන අතරින් පොලීසිය, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව හැඳින්විය හැකිය. මෙම ආයතන කාර්යක්‍ෂම කිරීමට පොදුවේ ගත් ක්‍රියාමාර්ග මොනවාද? නීතිපති දෙපාර්තමේන්තුවට නීති නිලධාරීවරුන් අළුතෙන් බඳවාගෙන ඔවුන්ට වැඩි වැටුපක්දීමට කටයුතු කළ බව වාර්තා වුවත් පෙනෙන ආකාරයේ වෙනසක් සිදුවී නැත. උදාහරණයක් ලෙස මා අගතියට පත් පාර්ශවයක් ලෙස ඇති අපරාධ නඩුවක පොලිස් බී වාර්තාව වසර 5කට ආසන්න කාලයක් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිපති උපදෙස් නැතිව කල් යමින් පවතී.

:       0       69

de silva berlin Friday, 08 March 2019 04:31 PM

ඉන්න විනිශ්චයකාරවරු මදිය, නඩු අහලා ඉවර කරන්න නම් තව මේවගේ 3-4 ගුණයක් වත් විනිශ්චයකාරවරු උවමනාය. මේ තිබෙන උසාවි ශාලා විශාල වැඩිය. මේවා 4 කට විතර බෙදා විනිශ්චයකාරවරු 4 දෙනෙක් එකවර නඩු ඇසිය යුතුය. අපරාධ නඩු , ඉඩම් නඩු , රථවාහන නඩු වැනි විද්‍යාත්මක ක්‍රමයකට මෙම නඩු විනිසුරන්ට බෙදා දිය යුතුය. එක නඩුවකට පැය භාගයක්වත් වෙන් කල යුතුය.

:       0       7

කියලා වැඩක් නැහැ අවුරුදු 20මම මේ දුකෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී තිබේ. Saturday, 09 March 2019 03:26 AM

දුක්මහන්සියෙන්... අපතේ ගියා... වයසට ගිහින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 139 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 275 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 85 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site