IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මේජර් ජනරාල් ජානක පෙරේරා ගැන මතක

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි අද්වීතීය සෙනෙවියකු වූ මේජර් ජනරාල් ජානක පෙරේරා
සහ ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා දස වසරකට පෙර අද වැනි දිනකදී (2008 ඔක්තෝබර් 6 වැනිදා) අනුරාධපුර නගරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් හේතුවෙන් දැයෙන් සමුගත්හ. ඒ සමගම තවත් අහිංසක සිවිල් වැසියෝ 30 දෙනෙක් එකම මොහොතේ මරු හා අවසන් ගමන් ගියහ
.

බොහෝ දෙනා මේජර් ජනරාල් ජානක පෙරේරා දුටුවේ රාජකාරි අකුරට ඉටුකරන විනීත, විශ්වසනීය මෙන්ම ගෞරවනීය පෞරුෂයකින් හෙබි පුද්ගලයකු ලෙසිනි. ඒ තත්ත්වය පෙරේරා යුවළගේ දරුවන්ටද එලෙසින්ම විය.

යුද හමුදා නිල ඇඳුමට ඇලවූ තරු කොතෙකුත් තිබුණද ජනුක්ෂි ෂෙහාරා සහ අශන්ක තිදෙනාටම මේජර් ජනරාල් ජානක පෙරේරා යනු විනෝදයෙන් මෙන්ම සැහැල්ලුවෙන් දවස ගෙවූ සදාදරණීය පියෙකි. බිරිඳ වජිරාට අදාරණීය ස්වාමිපුරුෂයෙකි. සොඳුරු මිනිසෙකි.

පදක්කම් හා සම්මාන ලැබූ යුද භටයකු වූ ඔහු පළමුව යුද්ධයේදීත් ඉන් පසුව සිය කෙටි දේශපාලන ජීවිතය තුළදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 40ක් තිස්සේ කළ සේවය පිළිබඳව ආඩම්බර වූයේය.

යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසද ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. අනතුරුව පසුව උතුරුමැද පළාත් සභාවේ විරුද්ධ පක්ෂ නායකයා ලෙස තේරීපත්වූ ජානක පෙරේරා මහතාගේ කෙටි දේශපාලන ජීවිතය ත්‍රස්ත ප්‍රහාරයකින් අවසන් වූයේය.

ලංකාවේ සිවිල් යුද්ධයේ අසීරුතම කාලයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ අරගලයේදී භූමිකා කිහිපයක ඉටුකළ කාර්යයය සම්බන්ධයෙන් ඔහු වාරගණනාවක්ම ඇගයීමට ලක්ව තිබිණ.

අලුතින් ස්ථාපිත කරනු ලැබූ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ , විශේෂ රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ ආඥාපති ලෙස ද ඔහු  කටයුතු කළේය. ඔහුට ලැබුණු ඇගයීම් අතර නිර්භීත බවට පිදෙන රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කමද, ගෞරවනීය සේවාව පිළිබඳ පදක්කම වන විශිෂ්ට සේවා විභූෂණ, දීර්ඝ සේවාව පිළිබඳව වන උත්තම සේවා පදක්කම සහ ශ්‍රී ලංකා යුධ සේවා දීර්ඝ සේවා පදක්කම මෙන්ම විදේශ සේවා පදක්කමද වේ.

එම වසරේදීම ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කරනු ලැබුවද, එමගින් ඔහු යුද මුදාපති ලෙස උසස් කිරීමට තිබූ අවස්ථාව මඟහැරුණෙන් 2001දී ඔහු හමුදාවෙන් ඉල්ලා අස්වූයේය.

 

මේජර් ජනරාල් ජානක පෙරේරාගේ බිරිඳ වන වජිරා පෙරේරා, 1982 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායට බැඳුණු පළමු කාන්තා නිලධාරිනියන් හය දෙනාගෙන් අයෙකි. ඇය පුහුණුව ලැබුවේ එංගලන්තයේ කාන්තා රාජකීය හමුදා බලකායෙනි. ඇයගේ හමුදා ජීවිතය සිය සැමියාගෙන් මෙන් දීර්ඝ නොවූවද යුද හමුදාව සමග එක්වීමට තරුණ කාන්තාවන්ට ඇය මඟ පෙන්වූවාය.

පෙරේරා යුවළ වැනි පළපුරුදු මෙන්ම නිර්භීත නිලධාරීන්ගේත් නිලධාරිනියන්ගේත් සේවය අකාලයේ අහිමි වීම රටට දැයට මිල කළ නොහැකි පාඩුවකි.



අදහස් (12)

මේජර් ජනරාල් ජානක පෙරේරා ගැන මතක

ananda Saturday, 06 October 2018 12:54 PM

ඉතාමත් කණගාටුයි එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක්

:       52       198

janatha anura Sunday, 07 October 2018 03:16 AM

ඉතාමත් කණගාටුයි එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක්

:       3       187

Dileepa Sunday, 07 October 2018 09:49 AM

89 කලබල කාලේ මේ අය වැඩ කරලා තියෙන්නේ රණ විරුවන්ට වඩා ගොඩක් වෙනස් භූමිකාවක්...

:       736       610

Anushka Sunday, 07 October 2018 12:13 PM

මහින්ද මහත්තයා තමයි මෙතුමගේ ආරක්ෂාව අයින් කරලා කොටියාට මෙ වටිනා ජීවිතය බිලි දුන්නේ...

:       121       815

nisha Sunday, 07 October 2018 02:52 PM

කරුණට ඇමැතිකම ලැබුනේ හරියටම මෙතුමා ඝාතනය වූ දවසේ.... කරුණාගේ මරාගෙන මැරෙන අයෙක්ගෙන්...

:       191       437

Gihan Fonseka Sunday, 07 October 2018 04:18 PM

මෙම කාලයේ රටට අවශ්‍ය පුද්ගලයෙක්. එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක්

:       0       136

vajira Monday, 08 October 2018 01:03 AM

රටට සිටිය යුතුම නිර්භීත සෙබලෙක්. අවංක නිලධාරියෙක්.

:       0       61

lankaputha Monday, 08 October 2018 04:01 AM

වෙලිකන්ද ලංකා ඉතිහාසයේ සාර්ථකම මෙහෙයුම කොටි 400 කට ලංකා විරුවෝ 2. මෙහෙයවීම ජනක .

:       0       92

somapala Monday, 08 October 2018 05:20 AM

ඉතාමත් කණගාටුයි එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක් ......................

:       0       19

sananda Monday, 08 October 2018 05:58 AM

වියෝ වීම ගැන කනගාටුයි.

:       0       27

amila peiris Tuesday, 09 October 2018 04:14 AM

මෙතුමා ව දේශපාලන කරලියට ගෙනාවේ ද කෙටි දේශපාලන ජීවිතය තුළදී ආරක්ෂාව අයින් කරේ ද බල ලොබි ප්‍රබල දේශපාලන නායකයන් විසින්. ඔවුන්ගේ දේශපාලන ක්‍රීඩාව තුල රටට අවශ්‍ය දේශමාමක මිලකලනොහැකි චරිත විනාශවී යයි.

:       0       70

keerthi wijebahu Wednesday, 10 October 2018 04:38 AM

අනේ අපොයි අපිට මතක නැද්ද 88-89 කල වලදී මෙතුමා ඇතුළු අනෙක් නිලදාරීන් තරුණයන්ට දස වධ දීල මරපු හැටි. " දිට්ට ධම්ම වෙධනීය කර්මය " ජ්ව්ප් විරුවෝ '

:       218       141

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 135 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 270 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 80 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 289 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site