IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මාලදිවයිනේ විපක්ෂය එකතු කිරීමේ චන්ද්‍රිකාගේ භූමිකාව

සැප්තැම්බර් මස 23 වැනිදා පැවැති මාලදිවයිනේ ජනාධිපතිවරණයේ පළමු වටයෙන්ම ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරන ලද විපක්ෂ සන්ධානය ගොඩනගැනීමේ දී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළාය.

කුමාරතුංග මහත්මිය එම සන්ධානය ගොඩනැගීමේ ප්‍රධාන නිර්මාණකාරිනියක් වූවාය.

සැප්තැම්බර් 23 වැනිදා පැවැති මැතිවරණයෙන් අබ්දුල්ලා යමීන් පරාජයට පත්වීම කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමක් විය. 

වසර 2015 දී කිසිසේත්ම විය නොහැකිව තිබූ එහෙත් ඇත්ත වශයෙන්ම සිදු වූ, මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ සන්ධානය ගොඩනැගීමේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූයේද කුමාරතුංග මහත්මියයි.

වසර 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ අතර විපක්ෂ සන්ධානය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයගත්තේය. විපක්ෂ සන්ධානය ගොඩනැගීමේදී විපක්ෂ දේශපාලන පක්ෂවල නායකයන්ට කතා කරමින් කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළාය.

මාලදිවයිනේ තත්ත්වය ද ඉන් වෙනස් වන්නේ නැත. මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන විටත් වඩාත් බලවත් පාර්ශවය වූයේ අබ්දුල්ලා යමීන් මහතාගේ පාර්ශ්වයයි. 

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී පවා අබ්දුල්ලා යමීන් ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට ගනිමින්, ඔවුන් සිරභාරයට පත් කළ අතර ඇතැම් දේශපාලකයන්ට රට අත්හැර යන්නැයි බලපෑම් කළේය. එපමණක් නොව ඔහු මැතිවරණ කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පොලිසිය ඇතුළු රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනනලට තමන්ට හිතැති පිරිස් පත් කළ අතර පාර්ලිමේන්තුවේ තමන්ට විරුද්ධ වූ පිරිස් නුසුදුස්සන් බවට පත් කළේය. 

ජාත්‍යන්තර පීඩනය හමුවේ වුවද යමීන් මැතිවරණයෙන් ජයගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. 

අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සඳහා වයස් සීමාවක් ද පැනවීය. ඒ හේතුවෙන් එරට ප්‍රකට චරිත දෙකකට ජනාධිපතිවරණයට ඉදිරිපත්  වීමට නොහැකි විය. හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ගසීම් ඊබ්‍රහීම් යනු එම දෙදෙනාය. 

මාලදිවයිනේ මධ්‍යස්ථ ආගමික මතධාරී පක්ෂයක් වූ අදාලත් පක්ෂය විපක්ෂ සන්ධානයේ තෙවැනි පාර්ශවකරු විය. කෙසේ නමුත් ඔවුනට ප්‍රමාණවත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හෝ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොතිබිණි. 

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වඩාත්ම සුදුස්සා වූයේ මාලිදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එම්.ඩී.පී) පක්ෂය නියෝජනය කළ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ය. නෂීඞ් ත්‍රස්ත චෝදනාවලට වරදකරුවකු කර තිබූ බැවින් ඔහුට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි යැයි මැතිවරණ කොමිසම නිවේදනය කළේය. 

(නෂීඞ් සියලු චෝදනාවලින් නිදහස් යැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 26 වැනිදා තීන්දු කළේය.)

විපක්ෂ දේශපාලන පක්ෂ මුහුණ දුන් මෙම සියලු අර්බුද හමුවේ එකිනෙකා හමු වී සාකච්ඡා කිරීමට එම කණ්ඩායම් පසුබට විය. ඔවුනොවුන් අතර විශ්වාසය හීනවීම ඊට ප්‍රධාන හේතුව විය. කෙසේ නමුත් ඔවුන් අතර පාලමක් තනන්නට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනිය සමත්වූවාය. 

විපක්ෂ කණ්ඩායම්වල දේශපාලන නායකයන් අතර විශ්වාසය හීනවීමට ප්‍රධාන හේතු වූයේ 2008 වසරේ දී මවුමූන් ගයුම්ට අවස්ථාව අහිමි කරමින් බොහෝ දෙනකු නෂීඞ් වටා එක්රොක්වී තිබීමය. කෙසේ නමුත් බලයට පත්වූ විගස තමන්ට මිත්‍ර පාර්ශව අවශ්‍ය නැතැයි නෂීඞ් තීරණය කළේය. වසර 2013 දී සියලු විපක්ෂ කණ්ඩායම් අබ්දුල්ලා යමීන්ට සහාය දුන්නේය. එහෙත් බලයට පත්වීමෙන් පසු අබ්දුල්ලා යමීන් තම පාලනය ශක්තිමත් කරගත් අතර කිසිවකුත් ඔහුට විරුද්ධ නොවීය. එසේ යමකු විරුද්ධ වූවා නම් ඔහු යමීන්ට නතුවිය. 

තමන් මාලදිවයිනේ විපක්ෂය එකතු කිරීමට සහයෝගය දුන් බව කුමාරතුංග මහත්මිය ‘ෆ්‍රන්ට්ලයින්’ වෙත තහවුරු කළාය. 

“මාලදිවයිනේ විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු කිරීමේදී ඇය සැලකිය කාර්යභාරයක් ඉටු කළා. ඇය, ඇය සතුව තිබෙන ජාත්‍යන්තර සබඳතා සහ ශ්‍රී ලංකාවේ සබඳතා යොදා ගනිමින් මාලදිවයිනේ විපක්ෂය එකතු කළා යැයි” යැයි මෙම වාර්තාකරු විශේෂයෙන් යොමු කරන ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්   කුමාරතුංග මහත්මියගේ කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයක දැක්විණි. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දැන් සිදුවෙමින් තිබෙන දේවල් සම්බන්ධයෙන් නම් චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පුදුමයටත් විස්මයටත් පත්ව සිටින්නීය. 

“මම මාලදිවයිනේ වගේම කාර්යයක් ශ්‍රී ලංකාවේ කරමින් විපක්ෂය එකතු කළා. එහෙත් ආණ්ඩුවේ ඇතැම් නායකයන් සටන පාවාදීලා. ඒ පිළිබඳව කනගාටුයි. ඇතැම්විට ඔවුන්ට සහභාගීත්ව පාලනය පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නැහැ. එසේත් නැතිනම් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. දැනුමක් නැහැ. අවබෝධයක් නැහැ. මාලදිවයිනේ එය සිදු නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”. යැයිද කුමාරතුංග මහත්මිය පවසා තිබිණි.

ෆ්‍රන්ට්ලයින් සඟරාවේ පළවූ ලිපියකි. 

සැකසුම - හර්ෂණ තුෂාර සිල්වා

 

 



අදහස් (8)

මාලදිවයිනේ විපක්ෂය එකතු කිරීමේ චන්ද්‍රිකාගේ භූමිකාව

anura Tuesday, 27 November 2018 07:06 PM

අපේ රටේ කියමනක් තියෙනවා " ලෝකෙට පරකාසේ -ගෙදරට මරගාතේ කියලා...

:       1662       1715

Senarath Wednesday, 28 November 2018 10:13 AM

මාලදිවයින කොහොමටත් දූපත් 1000කට වඩා තියෙන රටක්නේ. කෑලිවලට කඩන එක ලේසි වේවි...!!!

:       512       572

chandra Wednesday, 28 November 2018 11:14 PM

මාලදිවයිනත් ඉවරයි එහෙනම්.

:       107       407

ජයලත් Thursday, 29 November 2018 03:50 AM

මාල දිවයිනේ අය වික්ටර් අයිවන්ගේ අර චෞර රැජින පොත කියවලා නැතුව ඇති

:       30       168

nishan Saturday, 08 December 2018 10:15 PM

ඔයාට තේරිලා නෑ. එතුමිය ලංකාවෙත් විපක්ෂය එකතු කරන්න කටයුතු කළා කියලයි තියෙන්නේ 2015 දී.

:       2       35

nihal Tuesday, 11 December 2018 06:08 AM

2015 දී එල හරකෙකුයි මී හරකෙකුයි ශ්‍රී ලංකාවේ බර කරත්තයකට ගැටගහල වරද්දාගත්තා දැන් මාලදිවයිනටත් එකම කරලා. එයාලටත් අබ සරණයි

:       14       61

කමල් Thursday, 27 December 2018 09:59 PM

සමහරු කොහොමත් අනුන්ගේ කුණු අවුස්සන්න හරි දක්ෂයි.

:       11       11

gonsal Friday, 28 December 2018 11:04 AM

මෙයාගේ අම්මත් මෙහෙම තමයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 77 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 62 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 179 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 177 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 581 4

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 821 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1662 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site