හිරාන් ප්‍රියංකර ජයසිංහ
ගඩොල් කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගැනීමට නොහැකි වීමෙන් තමන් බරපතල අසීරුතාවයකට ලක්ව ඇති බව ආණමඩුව මහකුඹුක්කඩවල වේලාසිය ගඩොල් කර්මාන්තකරුවෝ පවසති.
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිවුල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පවුල් 300ක පමණ පිරිසක් දශක ගණනාවක සිට තම ජීවිකාව ලෙස මෝඩ ගඩොල් කපා පුළුස්සා අළෙවි කිරීමේ කර්මාන්තයේ නිරතව සිටිති. ගඩොල් කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි සපයා ගීමට නොහැකි වීම නිසා තමන් බරපතල ගැටළු රැසකට මුහුණ පා ඇතැයි මොවුහු පවසති.
අතීතයේ තම ඉඩම්වලින් කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගත්තද මේ වන විට වෙනත් ප්‍රදේශ වලින් මැටි රැගෙන ඒමට සිදුව ඇති බවත් තමන්ට නියමිත බලපත්‍ර නොලැබීම හේතුවෙන් ගඩොල් කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී ඇති බවත් මොවුහු පවසති.
තම කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි වීම පිළිබඳව මහකුඹුක්කඩවල කර්මාන්තකරුවන් පවසා සිටියේ මෙවැන්නකි.
එන්. පී. ස්වර්ණලතා මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි දන්න කාලයේ ඉදලා ජීවත් වුණේ මෝඩ ගඩොල් කපලා. ඒ කාලයේ නීති රීති දමන්න කවුරුත් හිටියේ නැහැ. අපි ගඩොල් කපලා පුළුස්සලා දැන්නුවාම රට හැමතැනින්ම මෙහි ඇවිත් ඒවා අරගෙන ගියා. නමුත් මෑතක ඉදලා මේ කර්මාන්තයට නීති දාලා, ප්‍රශ්න ගොඩක් ඇතිකරලා. අපි අසරණයි. ජීවත් වෙන්න කරන සටන දන්නේ අපි විතරයි” යැයි ඇය පැවසුවාය.
මෙහිදී අදහස් දැක්වූ ඩබ්ලියු. පුෂ්පා මහත්මිය මෙසේ කීවාය.
“ මගේ දරුවෝ තුන් දෙනා පාසල් යන්නේ මේ ගඩොල් කර්මාන්තයෙන් සොයා ගන්නා මුදලින්. අද අපිව අන්ත අසරණ කරලා. ගඩොල් කපන්න උවමනා පස් ටිකවත් කපා ගන්න දෙන්නෙ නැහැ ” යැයි ඇය පැවසුවාය.
වේලාසියේ ඩබ්ලියු. ක්වින්ටස් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැන්නකි.
“ මේ ගම්මානය පරම්පරා ගානක් කළේ ගඩොල් රස්සාව. වෙන කරන්න රස්සා නැහැ. දැන් වර්ෂාව තිබුණට තව මාස කිහිපයක් යද්දි මේවා කාන්තාර බවට පත්වෙනවා. ගොවිතැන් කරන්න අවශ්‍ය ජලය අපිට නැහැ. ගඩොල් කපා ගන්න වතුර ටික කොහෙන් හරි හොයා ගෙන අපි අමාරුවෙන් කර්මාන්තය කරගෙන යනවා. ඒ රස්සාවට තමා මේ කටු ගහන්නේ . අපි මේ ගඩොලයක් කපලා මාළිගා හදා ගත්තේ නැහැ. එදා වේල සොයා ගන්නයි මේ සටන කරන්නේ” යැයි ඔහු කීවාය.
මේ පිළිබඳව කළ විමසීමේදී මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුනරත්න මහතා මෙසේ කියා සිටයේය.
“මේ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව මීට කලින් ඉදලාම අපි දැනුම්වත්. මෙහි බලපත්‍ර ලබාදීමට අවසරය තිබෙන්නේ භූ විද්‍යා අංශයටයි. නමුත් ඒ අංශවලින් ගැටළුවක් මතුව තිබෙන බවයි අපිට හැගෙන්නේ. මේ බව දිස්ත්‍රික් ලේකම්තුමාට දන්වලා මේ කර්මාන්තකරුවන්ට සහනයක් ලබාදෙන්න අපි උත්සහයක් දරමු ” යි ඔහු පැවසීය.
සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල
ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො
රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම
ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය
දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහකුඹුක්කඩවල ගඩොල්කර්මාන්තය අනතුරේ
Lasantha Saturday, 24 November 2018 05:46 AM
පව් අසරණ මිනිස්සු...දුක් විදින්නේ ජිවත්වෙන්නනේ.