IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය වයිරසයේ භයංකාරත්වය

 

ජනපතිවරයා නැවත කොළඹට පැමිණියේ රටේ තත්ත්වය නැවත වරක් බරපතල අතට හැරී පැවැති වාතාවරණයකය. කෝවිඩ්-19 වසංගත තත්ත්වය දරුණු අතට හැරී තිබිණ. ඒ අතරම, චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හේගේ දෙදින ශ්‍රී ලංකා සංචාරය ද යෙදී තිබිණ. 

චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දේශීයව මෙන්ම විදේශීයව ඉහළ අවධානය දිනාගෙන තිබුණු අතර, එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතා ඉතා දුර්වල මට්ටමක පවතින පසුබිමකය.


වඩා බලවත් කණ්ඩායමක්


පළමුව කෝවිඩ්-19 වසංගත නැවත හිස එසවීම ගැන අවධානය යොමුකරමු. 

මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාසය වන විට මෙරටින් වාර්තා වූ කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවේ පැහැදිලි පහත වැටීමක් හදුනාගන්නට හැකිවූවේය යන්න සදහන් කළ යුතුමය. අලුත් රැල්ල ආරම්භව තිබෙන්නේ අලුත් අවුරුදු සැමරුම්වලින් පසුවය. 

සෞඛ්‍ය ක්ෂේත්‍රය සැළකුවහොත්, අලුත් අවුරුද්දට පෙර සිටම වෘත්තිය සමිති මෙන්ම වෛද්‍යවරුන් නියෝජනය කරන සංගම් පවා නැවත නැවතත් කියා සිටියේ සංචරණ සීමා පැනවිය යුතුව තිබෙන බවය. නමුත්, වඩා බලවත් කණ්ඩායමක් ඔවුන්ට ඉහළින් සිටි අතර, කෝවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සදහා අතුරු පියවරයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි එම කණ්ඩායමේ අදහස විය. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම සහ ඒවාට අනුගත වීම, එහිලා හොදටම ප්‍රමාණවත් යැයි ඔවුන් සිතීය.


නිසි මාර්ගෝපදේශ මගින් අලුත් අවුරුදු උත්සව අවලංගු කිරීමට සහ ඒකරාශී විය හැකි පුද්ගලයින් ගණන 100 දෙනෙකුට සීමා කිරීමට නියම කර තිබුණත්, ඒවා නිසි අයුරින් අනුගමනය කෙරෙන්නේදැයි විමසා බැලීමට තරම් යාන්ත්‍රණයක් නොපැවැතිණ. එදා මෙදා තුර ශ්‍රී ලංකාව මුහුණ නොදුන් මේ සා වසංගතයක් රටේ පවතින අවස්ථාවක, එය මෙසේ සුලුවෙන් තැකීම ඇත්තෙන්ම පුදුම සහගතය. මෙය දහස් ගණනකගේ ජීවිත සම්බන්ධයෙන් වන කාරණයක් බැවින්, පොලිසිය හා ආරක්ෂක අංශ කැඳවිය හැකිව තිබිණ. 
පුදුමයට මෙන්ම කළකිරීමටත් හේතුවන අනෙක් කාරණය වන්නේ දැන් වසංගතය පැතිරීමට මුල් වූයේ යැයි සකළ චෝදනාවම ජනතාවට එරෙහිව නැගෙමින් තිබීමය. ඇතැමෙක් එයට වගකිවයුතු නොවන්නේ නොවේ. නමුත් වසංගතය මේ සා දුරට ඔඩුදුවා තිබෙන්නේ ආරම්භයේදීම දැඩි පියවර අනුගමනය නොකළ නිසා බව නම් කිව යුතුමය.


ඉහළ යන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව


සෙනසුරදා දිනය වන විට තහවුරු කරගත් කෝවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රමාණය 11,504 ක් විය. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධයක්ෂ එස්.එම්.ආර්නෝල්ඩ් මහතාට අනුව රජයේ රෝහල්වල ඇදන් ධාරිතාවය 12,789 කි. මේ තත්ත්වය යටතේ යුද හමුදාව නව ඇදන් 10,000 ක් නිපදවීමේ කටයුතුවල කාර්යබහුලව සිටින බව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය.


පොලිස් නිලධාරී කොට්ඨාස ග්‍රාම නිලධාරී වසම්වලට වඩා පරිමාණයෙන් විශාල වන අතර, එම ඇතැම් කොට්ඨාසයන් මේ වන විට අගුලු දමා තිබේ. ගම්මාන ගණනාවක් ද එසේ අගුළු දමා තිබෙන ප්‍රදේශ අතරට ඇතුළත්ය. 


සිකුරාදා වන විට මෙසේ අගුළු ලා පැවැති ප්‍රදේශ ගණන 120 ක් ව තිබූ අතර, එම ලැයිස්තුවට තවත් ස්ථානය දිගින් දිගටම එකතු වෙමින් පවතී. පාසල් වසා දමා ඇත. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ උත්සව අවස්ථා අවලංගු කරන්නැයි නියෝග කර ඇත. බස්රථවල ගමන් කරන මගීන් මුව ආවරණ පැළද සිටින්නේදැයි සොයා පොලිසිය මෙහෙයුම් දියත් කළ අතර, ඉදිරිය ගැන බිය වූ පාරිභෝගිකයෝ වහවහා ගොස් සුපිරි වෙළදසැල් සහ වෙනත් අලෙවිසැල්වල වූ රාක්ක හිස් කළහ. 


සිකුරාදා සන්ධ්‍යාවේ සෞඛ්‍ය බලධාරීන් රටේ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරමින්, සෞඛ්‍ය මධ්‍යස්ථාන බවට සකස් කැරෙමින් පවතින ස්ථානවලට යෙදවීම සදහා ඇඳන් පරිත්‍යාග කරන්නැයි කියා සිටියේ ය. ගම්පහ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තාවකාලික රෝහලක් බවට පරිවර්තනය කැරෙමින් පැවතීම එවැන්නකට උදාහරණයකි. එසේ කිරීම සදහා භාවිතයට ගත හැකි කොළඹ පිහිටි ගොඩනැගිලි මේ වන විට හඳුනාගැනෙමින් පවතී.


හිතූමතේ කටයුතු


ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට මැදිහත්ව සිටින පාර්ශවයන්, එහිලා කටයුතු කරමින් සිටින්නේ තම තමන්ට රිසි අයුරින් බවට යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මෙය ඔවුන් විසින් වරින් වර කරනු ලබන ප්‍රකාශවලින්ම පැහැදිලි වන්නකි. එක් පාර්ශවයකින් කරන ප්‍රකාශයක්, තවත් පාර්ශවයක් සමග ගැලපෙන්නේ එහෙමත් වෙලාවකය. 


තත්ත්වය වඩා බරපතල මට්ටමකට පත්ව තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදාසන ප්‍රතිශක්තීකරණ සහ සෛල ජීවවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ චන්දිම ජීවාන්දර මහතා කර තිබෙන ප්‍රකාශයක් හමුවේය. බොරලැස්ගමුව ප්‍රදේශයේ වැඩ බිමක සේවකයින්ගෙන් ගත් පීසීආර් සාම්පලවලින් සහ පසුව කුරුණෑගල ප්‍රදේශයෙන් ගත් පීසීආර් සාම්පලවලින්, කොරෝනා වෛරසයේ එක්සත් රාජධානි ප්‍රභේදය, එනම් යූ.කේ.බී - 1.1.7 වෛරස ප්‍රභේදය හමුවූවේ යැයි ඔහු පවසා තිබේ. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව, ශ්‍රී ලංකාවේ පවතින අනෙක් කොරෝනා වෛරස ප්‍රභේද හා සැසදීමේ දී මෙම ප්‍රභේදයේ මරණ ප්‍රතිශතය 55 %ක් වැනි ඉහළ අගයක් යැයි ඔහු අනතුරු අගවා ඇත. මේ නිසාම මෙම වෛරස ප්‍රභේදය ඉතා භයානක වනවා පමණක් නොව, එය පැතිරීමේ වේගය අනෙක් ප්‍රභේදයන්ට වඩා 50% කින් ඉහළ බවත්, ඔහු කියා ඇත. 


ඉන්දියාවේ පැතිරෙමින් පවතින්නේ මෙම ප්‍රභේදයයි. මෙම කරුණු සොයාගැනීමෙන් අනතුරුව ඔහු අප්‍රේල් මස 8 වැනිදා බලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ අරබයා කිසිදු පියවරක් ගෙන නොමැත. යූ.කේ.බී - 1.1.7 කොරෝනා වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු අවස්ථාව ද මෙය නොවේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ දී සිදුකළ පරීක්ෂණවලින් එම කණ්ඩායමේ සාමාජිකයකු වූ මොයින් අලී මෙම ප්‍රභේදයේ කොරෝනා වෛරස ආසාදිතයෙක් බව සොයා ගැනිණ.

“පැතිරෙමින් පවතින වෛරසය, අවධානය යොමුකළ යුතුව තිබෙන බවට දැනට හදුනාගෙන තිබෙන ප්‍රභේදයන්ගෙන් බිඳී ආවක් ද කියා සොයාගැනීමට අප පරීක්ෂණ සිදුකර තිබෙනවා. එවැනි ප්‍රභේදයන් තුනක් පමණයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට කාණ්ඩගත කර හදුන්වාදී තිබෙන්නේ. එක්සත් රාජධානි ප්‍රභේදය (බී. 1.1.7), දකුණු අප්‍රිකා ප්‍රභේදය (බී. 1.351) සහ බ්‍රසීල ප්‍රභේදය (පී. 1), තමයි එම ප්‍රභේදයන්. මේ වෛරස ප්‍රභේදවල ප්‍රෝටීන දාමයන්ගේ එකිනෙකට වෙනස් විකෘතීන් පවතිනවා. එය පදනම් කරගෙන තමයි මෙහෙම ප්‍රභේදයන් හැටියට කොරෝනා වෛරසය කාණ්ඩගත කර තිබෙන්නේ.”

“ආරම්භක පියවරක් හැටියට අපි බොරලැස්ගමුවෙන් සහ කුරුණෑගලින් ලබාගත් සාම්පල 43 ක්, ඒවායේ පවතින විකෘතීන් හදුනාගැනීම සදහා විශ්ලේෂණය කළා. ඒ සියලුම සාම්පලවල 69-70 යන දාමය බිද වැටී තිබෙන බවත්, එන් 501 වයි ලෙස හදුන්වාදී තිබෙන විකෘතිය පවතින බව - එනම් එක්සත් රාජධානි ප්‍රභේදයේ විශේෂයෙන්ම හදුනාගන්නට තිබෙන විකෘතිය පවතින බව, පැහැදිලිව හදුනාගන්නටත් අපට හැකි වුනා. එනිසාම, ශ්‍රී ලංකාවේ වර්තමානයේ පැතිරෙමින් තිබෙන්නේ කොරෝනා වෛරසයේ බී. 1.1.7 ප්‍රභේදය බව සහතික කර කියන්නට පුලුවන්.”

“වසංගතයේ එකවර විශාල වැඩිවීමක් දැකගන්නට හැකිවෙලා තිබෙන්නේ ඒ නිසා. රටේ සියලුම ප්‍රදේශවලින් ලැබෙන වෛරස සාම්පලයන් අපි මේ වන විට විශ්ලේෂණය කරමින් සිටිනවා. ඉක්මනින්ම ප්‍රතිඵල ලබාදෙන්න අපට පුලුවන් වේවි. එක්සත් රාජධානි ප්‍රභේදය අපි මුලින්ම හදුනාගත්තේ 2021 අප්‍රේල් මස 8 වැනිදා, බොරලැස්ගමුවේ වැඩ බිමකින්.”

“මෙම නව ප්‍රභේදයට ඉක්මනින්ම කෙනෙකුව ආසාදනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙයින් වාර්තා වන මරණ අනුපාතයක් ඉහළ අගයක් ගන්නවා. එනිසාම, න්‍යායාත්මක වශයෙන් ගත්තොත්, වාර්තාවෙන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් වගේම මරණ සංඛ්‍යාවේ ඉහළ යාමකුත් වාර්තා වන්නට පුලුවන්”

“එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කෙරෙන තෙක්ම සමාජ දුරස්ථභාවය පවත්වාගන්නට ජනතාව කටයුතු කළ යුතුව තිබෙනවා. අනවශ්‍ය ගැවසීම්, ඒකරාශීවීම්වලින් ජනතාව වැළකිය යුතුයි. මුහුණු ආවරණ සහ අත සේදීමේ දී සනීපාකරෂක දියර භාවිතය අනිවාර්යයි. බී. 1.1.7 වෛරස පැතිර යමින් තිබෙන අනෙක් රටවල්වල මේ වන විට කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතාම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ ආසාදිතයන් අතරේ බොහෝ තරුණ තරුණියන් ද, සිටිනවා. මේ රටවල් අතරට ඉන්දියාවත් අයිතියි”

“සිංගප්පූරුව දැනටමත් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර තිබෙනවා” යයි වෛද්‍ය ජීවාන්දර මහතා කීවේය. 
කෝවිඩ්-19 වෛරසය මේ වන විට සමාජ මට්ටමින් පැතිර තිබෙන බව වෛද්‍ය ජීවාන්දර මහතාගේ අදහස්වලින් මනාව පැහැදිලි වේ. නමුත්, අමුත්තක් වන්නේ රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව හදුනාගන්නා නව කෝවිඩ්-19 ආසාදිතයන් පෙර පැවැති මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ හෝ පැළියගොඩ මත්ස්‍ය වෙළදසැල් පොකුරේ හෝ කොරෝනා ආසාදිතයන් ලෙස තවමත් හදුනාගනිමින් සිටීමය. 

මාස කිහිපයක සිටම ඔවුන් කරමින් සිටියේ එයයි. සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙය හාස්‍යයට ලක්කර තිබුණු අතර, ඇතැමෙක් සදහන් කර තිබුණේ ඇතැම් විට බි්‍රතාන්‍ය ජාතිකයෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපලට පැමිණ මසුන් මිල දී ගන්නට හෝ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ශාලාවට පැමිණ ඇඟලුම් මිල දී ගන්නට හෝ ඇති නිසා තවමත් එම පොකුරුවලට රටෙන් වාර්තාවන කෝවිඩ්-19 ආසාදිතයන් සම්බන්ධ කරනවා විය හැක, ලෙසය. 

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
--------------------------------------------------------

 



අදහස් (3)

බ්‍රිතාන්‍ය වයිරසයේ භයංකාරත්වය

kapila Thursday, 06 May 2021 06:32 PM

කරුණාකර මෙම ලිපිය ජනාධිපතිතුමා වෙත යොමු කරන්න.

:       1       15

janahitha Friday, 07 May 2021 05:16 AM

කන්න බොන්න නැතත්, ලෝකෙටම ණය වුණත් යටත් විජිතයක් වූණු අපිට ක්‍රිකට් ගැහුවොත් නම්බුවක්... තම ආගම දහමටත් වඩා ලොකු වෙනවා. ක්‍රීඩකයන් පැමිණයේ එංගලන්තයෙන් අනිවාර්යයෙන්ම ආරම්භය එය විය හැකිය. අනෙක් කරුණ නම් එංගලන්තයෙන් පැමිණි සිංහලයන් බැරි කලු සුද්දන් වන ලාංකිකයන්... ඔවුන් ආවේ පැමිණියේ පණ බේරාගන්න මිසක් රටට ඇති ආදරය නිසා නොවේ .

:       2       21

sampath Saturday, 08 May 2021 05:50 PM

සුනාමි ඒනවා කිව්වත් ගනන් ගන්නේ නැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 260 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 216 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 60 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site