භාවිතයෙන් පසුව ඉතිරි වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රශ්නය එන්න එන්නම බැරෑරුම් වෙමින් තිබේ. එහෙත් විවිධ පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් තාවකාලික විකල්ප ඉදිරිපත් කරනවා විනා ස්ථිරසාර විසඳුමකට යාම මඟහරිමින් සිටින බව පෙනේ.
මේ සම්බන්ධයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේදී ක්ෂේත‍්‍රයේ සිටින වෙළෙඳ නාම හිමිකරුවන්ගේ හා නිෂ්පාදකයින් සම්බන්ධකරගත් කතිවකදී හෙළිදරව් වූයේ එහි වගකීම බාරගැනීමට ඔවුන් සූදානම් බවයි.
මෙම සාකච්ඡාවේදී මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර මහත්මිය මෙම ගැටලූව විසඳීම සඳහා සියලූ දෙනාම එක්ව සාමූහික ක‍්‍රමවේදයක් ඔස්සේ ක‍්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළාය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේදී ක්ෂේත‍්‍රයේ සිටින වෙළෙඳ නාම හිමිකරුවන්ගේ හා නිෂ්පාදකයින්ගේ කාර්යභාරයේ ඇති වැදගත්කම පිළිබඳව ද ඇය පෙන්වා දුන්නාය.
“ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය සඳහා දැනට ලෝකයේ භාවිතා කරන සංකල්පයක් වන දිගුකාලීන නිෂ්පාදක වගකීමේ (EPR) ක‍්‍රමවේදය හරහා කසළ කළමනාකරණ ගැටලූව විසඳීමේ වගකීම් අදාල නිෂ්පාදකයින් (සන්නාම හිමිකරුවන්, ඇසුරුම් සැපයුම්කරුවන් සහ අලෙවිකරුවන්) විසින් භාර ගනු ලබනවා. ඒ තූළින් මෙය සාර්ථක කරගත හැකි බව අප විශ්වාස කරනවා. මෙම ක‍්‍රමවේදය පිළිබඳව දැනට අප ලංකා වාණිජ මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන්ගේ මැදිහත් වීම ද සමඟින් මෙය ක‍්‍රියාත්මක කළ යුතු යැයි දැනට අදහස් කරගෙන සිටිනවා“ යනුවෙන් ඇය සඳහන් කළාය.
බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 3500ක් පමණි. මෙයින් 10%ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහාත්, 15%කට ආසන්න ප‍්‍රමාණයක් කොම්පෝස්ට් සෑදීම සඳහාත්, තවත් 75%ක් කසළ රැඳවුම් අංගනවලට යොමු කරන බවත් මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් පෙන්වා දුන්නේය.
මේ සාකච්ඡාවට එක් වූ Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මනෝජ් උඩවත්ත මහතා අදහස් දක්වමින් ‘‘අපගේ දැනට පවතින ප්ලාස්ටික් එකතු කිරීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කළ යුතුයි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන්ට ලැබෙන්නේ වෙළෙඳපොලේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් 20%ක් පමණයි. අපට තිබෙන ප‍්‍රධාන ගැටළුව වන්නේ අපගේ අවශ්‍යතාවයට සරිලන සැපයුමක් නොමැති වීමයි. අප රටක් ලෙස ආයතනයක් ලෙස සියලූ දෙනාම එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ශක්තිමත් යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීමට හැකි නම් ප්ලාස්ටික් ගැටළුවට සාර්ථක විසඳුමක් ලබා දිය හැකියි කියා මා විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.
ඇසුරුම්කරණ ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූ මොඩර්න් පැක් ලංකා සමාගමේ ළහිරු විජේරත්න මහතා සඳහන් කර සිටියේ මහ නගර සභා හා පළාත් සභාවලට අවශ්‍ය ශක්තිමත් හා වඩාත් ප‍්‍රායෝගික කසළ කළමනාකරණ ප‍්‍රතිපත්ති පිළිබඳවය.
‘‘ඇත්තෙන්ම ප‍්‍රශ්නය ඇත්තේ පොලිතින් හා ප්ලාස්ටික්වල නොවේ. මිනිසුන් විසින් පොලිතින් හා ප්ලාස්ටික් වගකීමක් නොමැතිව භාවිතා කිරීම හා නිසි ලෙස කළමනාකරණය නොකිරීමයි. ඒ නිසා ප්ලාස්ටික් මේ වන විට ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.’’ යයි කී ඔහු ක‍්‍රමානුකූලව ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම තුළින් මෙරටට ප්ලාස්ටික් ආනයනය කිරීමට වැයවන වියදම අවම කරගැනීමට හැකි වනවා වගේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමට හා වෙන්කිරීමට රජයට සහාය විය හැකියි යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
නිවෙස් තුළින් කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත්කිරීම් ඉහළ නැංවීමත් වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීම වෙනුවෙන් පාරිභෝගිකයින්ට දීමනාවක් ලබා දීම ආදිය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබා දිය යුතු බව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් විය.
චක‍්‍රසූත‍්‍ර හි නිර්මාතෘ/ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය හිමේෂ් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේ කසළ බැහැර කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳව දැනුවත් කිරීම හා අවබෝධයක් ලබා දීම තුළින් චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳවයි.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් ඇති වන ගැටලූවලට ගත යුතු සාමූහික ක‍්‍රියාමාර්ග හා ඒ සඳහා පුද්ගලයින්, ව්‍යාපාරවල හා රජයේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරවමින් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව අවසන් විය.
ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව AIESEC ශ්‍රී ලංකා සංවිධානය විසින් ‘ප්ලාස්ටික් ගැටලූවට විසඳුමක්’ යන මැයෙන් පසුගියදා ත්‍රෛභාෂා සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර මහත්මිය, ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මනෝජ් උඩවත්ත මහතා, චක‍්‍රසූත‍්‍ර හි නිර්මාතෘ මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය හිමේෂ් ප‍්‍රනාන්දු මහතා සහ මොඩර්න් පැක් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී, ළහිරු විජේරත්න මහතා යන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ සහභාගී වූහ.
ඇඞ්වොකාටා ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, ධනනාත් ප‍්‍රනාන්දු මහතා විසින් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව මෙහෙය වන ලදී.
අන්තර්ජාලය ඔස්සේ පැවැති මෙම සම්මන්ත‍්‍රණයේදී දැක් වූ අදහස් පිළිබඳව දැන ගැනීම සඳහා AIESEC Sri Lanka ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.
සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල
ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො
රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම
ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය
දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප‍්‍රතිචක‍්‍රීයකරණ ඉල්ලුමට සැපයුමක් නැතිකමින් ගොඩගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය