IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පෞරාණික උපුල් වෙහෙර හමුවෙයි


කාංචන කුමාර ආරියදාස


සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා බුදු සසුනට එක් වූ ස්ථානය යැයි විශ්වාස කරනු ලබන පෞරාණික සිද්ධස්ථානයක් සොයාගැනීමට දඹුල්ල ප්‍රදේශයේ තරුණයෝ කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීහු පිරිසක් සමත්වූහ.  විහාර මහා දේවිය දස මහා යෝධයන්ට ආධ්‍යාත්මික ශක්තිය එක්කළ ස්ථානය ලෙසද සැලකෙන මෙම ස්ථානය, දිවයිනේ විශාලතම නාඋයන සහිත අක්කර 200 කට අධික වනගත විහාර ආරාම සංකීර්ණයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල් වෙහෙර  ප්‍රදේශයේ කහල්ල රක්ෂිතයේ කඳු බෑවුමේ සිට මුදුන දක්වා මෙම සිද්ධස්ථානය පිහිටා තිබේ.

ගලේවෙල කලාවැව  ප්‍රධාන මාර්ගයේ පලාගල ආඬියාගල හතරමං හන්දියෙන් හැරී පොල්පිතිගම මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ ගමන් කරන විට උපුල් වෙහෙර  රජමහා විහාරස්ථානය හමුවෙයි. එතැන් සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් පාගමනින් කඳු මුදුන තරණය කළ යුතුය.

මෙම ඓතිහාසික ස්ථානයේ නොසිඳෙන ජල උල්පත, ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා කළ නා බෝධිය,  සීගිරි කාශ්‍යප  රජුගේ දියණියන් තෙරණියන් බවට පත්ව වැඩ විසූ විහාර ආරාමය, විහාර මහා දේවිය දස මහා සේනාව  වෙනුවෙන් ආධ්‍යාත්මික ශක්තිය ලබාදුන් ස්ථානය, ඉපැරණි නාගස් මණ්ඩිය, විහාර ආරාම, පැරණි චෛත්‍යය, විවිධ ගණයේ සංඝාවාස හා  නටඹුන් දැක බලා ගත හැකිය. නා ගස් වලින් පිරි කුඩා නා මණ්ඩිය, මහා නා මණ්ඩිය, රජුගේ සොහොන යන ස්ථානය  හරහා ප්‍රධාන මළුවට පිවිසීමට හැකිය.
වෙහෙර ආසන්නයට ගිය කල එහි එක් එක් දිශාවලින් සීගිරි රාජධානියද, දඹදෙණිය රාජධානියද, අනුරාධපුර රාජධානියද, විජිතපුරයද, ඓතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාරය සංකීර්ණයද දර්ශනය වීම  විශේෂත්වයකි.

මෙහි ඇති නොසිඳෙන ජල උල්පතින් බැමිණිටිසාය සමයේ ජය ශ්‍රී  මහා බෝධින්වහන්සේ නෑවීම සඳහා ජලය රැගෙන ගිය බව ජනප්‍රවාදයේ සඳහන් ඇතැයි දාගම ධම්මාලංකාර නාහිමියෝ පවසති.

මෙහි පිහිටි සෙල්ලිපියක සඳහන්ව ඇත්තේ වලගම්බා රජු සමයේ ඇමතිවරයෙකු විසින් මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කොට අවට වැව් සාදා ඉන් ලද ආදායම මෙහි පිහිටි රජ මහා විහාරස්ථානයට ගෙවිය යුතු බව සඳහන්ව ඇති බවය.

ලංකාවේ මෙතෙක් හමුවූ ඉපැරණිම නා ගස් සමූහය පිහිටි විශාල වනයක් මැද මෙම ස්ථානය පිහිටීම ද විශේෂ වේ. 

එමෙන්ම මෙම වනය මැද ශ්‍රී  විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ ස්ථාන රැසක තවමත්  හාස්කම් පවතින බවද ප්‍රදේශවාසීහු කියති.

මෙම ස්ථානය දෙස් විදෙස් ඕනෑම අයෙකුට දැක බලා ගැනීමට මෙන්ම ආධ්‍යාත්මික සුවය ලබාගැනීම සඳහා ද සුදුසු යැයි තරුණ සංවිධානයේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

මෙතෙක් කලක් ගම්මුන් සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ පමණක් විසින් මෙම ස්ථානය ආරක්ෂා කරමින් සිටි බවත් විහාරස්ථානය වැඳ පුදා ගැනීම මෙන්ම ආරක්ෂා කර ගැනීම සමස්ත ජනතාවගේම වගකීමක් බවත් හෙතෙම සඳහන් කළේය.

උපුල් වෙහෙර රජමහා විහාරාධිපති පලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දාගම ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ දැනුම්දීම පරිදි දඹුල්ල  ”ලයන් හාට්”  තරුණ සංවිධානය, උපුල් වෙහෙර රජමහා විහාරස්ථ දායක සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපුල් වෙහෙර කාර්යාලයේ නිලධාරීහු, ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු සහ මානේරුව විදුහලේ  සිසු දරු දැරියෝ පිරිසක් මීට එක්ව සිටියහ.

 



අදහස් (3)

පෞරාණික උපුල් වෙහෙර හමුවෙයි

Rasika Friday, 23 November 2018 08:19 AM

රටේ සාක්ෂි තමයි මේවා...

:       16       213

DhammikaSaturday, 24 November 2018 06:14 AM

මොනවට සාක්ෂි ද වසර 2500 ක ඉදන්ම දේව පුජාවලටත් බුදු දහම හා සමතැන දුන්න කියන එකටද

:       7       32

jaya Saturday, 24 November 2018 05:51 AM

එම තරුණ පිරිසට අපේ උත්තමාචාරය!

:       7       111

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 59 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 116 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 328 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 43 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 480 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 270 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site