IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙරහර රැසකදීම කරඬුව වැඩමවූ මිල්ලන්ගොඩ ජයන්ති මියයයි

 

 

(සමන් විජය බණ්ඩාර)

ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා පැවසිය. මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා. වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි විය. එම අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා ( මිල්ලන්ගොඩ ලොකු මහත්තයා ) විසින් එකල මිලදි ගන්නා ලදි.

මෙම ඇතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හදුන්වයි.  1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඇතාට ජයන්ති නම යොදා ඇත. ඇතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

 

දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැර අවස්ථාවන් වලට සහභාගි වි ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඩුව වැඩමා ඇති අතර 2017 වසරේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඩුව වැඩමා ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා පවසයි.

“අපේ තාත්තා මෙම ඇතා වෙන්දෙසියෙන් අරන් තියෙන්නේ අලියෙක් කියලා නමුත් සතා ක්‍රමයෙන් ලොකු මහත් වෙද්දි ඇතෙක් බවට පත් වුනා එක අපේ පවුලේ වාසනාවක් ” යැයිද මිල්ලන්ගොඩ මහතා පවසයි.

අලි ඇතුන් පිළිබඳව කථා කරපුවාම මුළු ලෝකයම දැන ගත්ත අසියාවේ දිගම දළ ඇති හස්තියා අපේ මිය ගිය රාජා. අපේ පරම්පරාවෙන් අලි ඇතුන් අපි එදා ඉඳන් ඇති දැඩි කලා. අපේ තාත්තාගේ තාත්තා නැත්නම් සීයාගෙන් තමයි මා දන්නා තරමින් අපිට අලි ඇතුන් සම්බන්ධ වෙන්නේ. සීයාගෙන් අලි ඇතුන් පරම්පරාවට ලැබුණාට තාත්තාගේ කාලයේ මෙ අලි ඇතුන් විශාල වශයෙන් අපිට ලබා ගැනිමට හැකියාව ලැබුණා. එකට මූලිකම හේතුව මාගේ පියා මෙ අලි ශාස්ත්‍ර, නිළ ශාස්ත්‍ර පිළිබඳ පිළිබඳ කරපු අධ්‍යනය නිසා ඒ මගින් ලබා ගත්ත දැනුම හේතුවෙන් අපේ පරම්පරාවට අලි ඇතුන් වැඩි වුනේ.

 

අපිට හිටපු අසියාවේ දිගම දළ තියෙන ඈතා වන මිල්ලන්ගොඩ රාජා තාත්තා ගෙනත් තියෙන්නේ පුංචිම කාලයේ එතකොට ඈතා කිරි බොනවා. මමත් එතකොට පොඩියි මාගේ තේරෙන වයසේදි ඈතාත් සාමන්‍යයෙන් අවුරුදු 8 ක 10 ක විතර කාලයේ කෙනෙක් ඒ කාලයේ සිටම ඈතාට හොඳ මතකයක් තිබුණා හොඳ බැදියාවකින් මිය යන තුරුම ඈතාටත් මා කෙරෙහි ද තිබුණා.

විශේෂයෙන් මෙ මිය ගියා රාජා පෙරහැරක ගමන් කරන විලාසය මා නම් තාම කිසිම ඇතෙකුගෙන් දකින්නේ නැහැ. ඈතා කරඩුව වැඩම කරගෙන යද්දි දෙපැත්තට පැද්දෙන තාලේ ඒ වාගේම හරි ආඩම්බර කමකින් ඒ කරඩුව වැඩම කිරිම සිදු කරනවා. ඈතා වුනත් ඒ කටයුත්තට හරි කැමතියි. අනික් ඇත්තුන්ට වඩා විශාල ඇතෙක් නිසා මෙ හස්තියා පෙරහැර මංගලයේ ගමන් කරද්දි අපි සැබෑ වෙනසක් දකිනවා.

 

ඒ කාලයේ අලින් ලබා ගන්න ක්‍රම කිහිපයක් පමණයි තිබුණේ. පළමු ක්‍රමය තමයි අලින් ඇල්ලිමට බලපත්‍ර නිකුත් කිරිම දෙවැනි ක්‍රමය තමයි අලින් වෙන්දෙසි කිරිම, අපේ ලොකු ඈතා බලපත්‍රයකට ආණමඩුවෙන් අපේ පියතුමා ගෙනාපු එකෙක් මිය ගිය පොඩි ඈතා සත්ව උද්‍යාන වෙන්දෙසියෙන් එක්දහස් නවසිය පනස් ගණන් වල මිළදි ගත්ත ඇතෙක් නැතිනම් රාජ්‍ය නායකයා විසින් අලින් විහාරස්ථාන සහ දේවාල වලට පූජා කරමින් තමයි අලි ඇතුන් ලබා දිම එවකට සිදු වුනේ.

 

මිය ගිය ජයන්ති ඈතා පිළිබඳව අදහස් දැක්වු මිල්ලන්ගොඩ ලොකු මහත්මයාගේ පුතණුවෙකු වන මහින්ද මිල්ලන්ගොඩ මහතා මෙසේ පැවසිය.

මේ ඈතාගේ වයසත් එක්ක දත් වල යම් යම් අපහසුතාවයන් වලට ගොදුරු වුනා. ඊට පස්සේ කෑම කෑවාට ඒවා හරියට හැපිලා ජීරණ පද්ධතියට පහසුවක් වෙන විදිහට සිදු වුනේ නැහැ. මේ දේ ඔනෑම හස්තියෙක් වයසට යන විටදි දැකිය හැකි ලක්ෂණ නමුත් අපි බලා ගෙන හිටියේ නැහැ බෙහෙත් කලා. මිය ගිය දවසට කලින් අපි ජයන්ති ඈතාට සේලයින් බෝතල් විශාල ප්‍රමාණයක් දිලා ජීවිතය බේරා ගන්න උත්සාහ කළ. සේලයින් දුන්නාට පස්සේ මේයා නැගිටින්න උත්සාහ කලා. නමුත් ඈතා මිය ගියා හරි දුකයි.



අදහස් (7)

පෙරහර රැසකදීම කරඬුව වැඩමවූ මිල්ලන්ගොඩ ජයන්ති මියයයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 05:48 PM

මිල්ලන්ගොඩ මහතා සත්ව කරුණාව ඇති කෙනෙකු බව පේනවා. මට නම් මේ දැවැන්ත ක්ෂීරපායී සත්වයින් ගැන හද පතුලෙහි තිබෙන්නේ දුකක්.. මිනිසා මේ දැවැන්තයින් හීලෑකර ගැනීමේදී මොවුන් අධික දුක් වේදනාවන් වලට ගොදුරු වෙනවා. සමහර ඇත් ගොව්වන් හෙන්ඩුවෙන් නිය කොන්වලට අනිනවා. එවන් සමහර වෙලාවට නියකොන් තුවාල වී සිහින් ලේ බිඳු වැගිරෙනවා. ඒ වෙලාවට මොනතරම් වේදනාවක් ඇතිවෙනවා ඇතිද? වනයේ ඇති සොබා සොඳුරුබව විඳිමින්,තමන්ට කැමති වන ආහාර ගෙන සිටිනවා මෙන් මනුෂ්‍ය වාසයේ මොවුන්ට මොන සැපක්ද? සිව්පාවලට යකඩ විලංගු දමා ඇත්ගොව්වන් පිරිවරා මේ සතුන් යන ගමන් බිමන්වල යෙදීම මේ සතුන්ට මහා වදයක්... පෙරහැරකට දෙකකට මෙසේ කළයුතු වුවත්,අද රටේ තියෙන බොහෝ පන්සල් පෙරහැර සඳහා ඇලි, ඇතුන් යොදනු පෙනේ. අපේ අාගමික පැත්තෙන් අප සාධාරණ යයි උපකල්පනය කළහොත්, මේ සතුන්ගේ පැත්තෙන් බලනාවිට ඔවුන් කොපමණ අසරණයින්ද? ඔවුන්ගේ දුක ඔවුන් කාට කියන්නද? තමන්ගේ වර්ගයාගෙන් ඇත්වී මියයන තුරුම ඔවුන් විඳිනා මේ සත්ව හිංසාව මිනිසා කවදා අවබෝධ කර ගනීද? එතෙක් මේ දැවැන්ත හිංසාව සැමදා පවතිනු ඇත.

:       2       65

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 July 2020 02:31 PM

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ බඳු උන්වහන්සේගේ ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැඩම කරවීමට මහා පිංකල මේ හස්තිරාජයා බෞද්ධ සමාජයට සිදුකළ සේවාව සුළුපටු නොවේ..

:       34       334

nandimithraWednesday, 01 July 2020 08:47 PM

මා සිතන්නේ මෙය සත්ව හිංසාවක් කියා පමණයි. සධාතුක කරඬුව කිසිවිටෙක දළදා මාලිගාවෙන් පිටතට ගෙන එන්නේ නැහැ. ඇතා ගෙන යන්නේ සධාතුක කරඬුවේ අනුරුවක් පමණයි...

:       1       0

සපුමල්.Thursday, 02 July 2020 04:39 AM

මේ සිංහල බෞද්ධ දේට, බුදුහාමුදුරුවන්ගේ දළදා වහන්සේ ගැන ලිව්ව දේට අන්ලයික් දමන අමන මිත්‍යා දෘෂ්ටිකයන් කවුද?

:       0       15

සෙනෙවිරත්න Wednesday, 01 July 2020 06:39 PM

දන්න කෙනෙක් මට කියන්න සියලු ලෝ වැසියන්ට කරුණාව දැක්වූූූ බුදුන් වහන්සේ කුමන අවඅවස්ථාවේදී ද වදාලෙ තම ධාතු මේ අසරන සතාගෙ පිට උඩ තබා පාදම්වැල් දමා වීථි සංචාරය කිරීමෙන් මහත් පින් සිදුවන බවත් එම සතා නිවන් දකින බවත්, මෙම පෙරහැර සම්ප්‍රදාය ලංකාවට ගෙනාවෙ දුටුගැමුණු රජතුමාගෙ කාලයේද, නැතිනම් ඉන්දියාවෙන් ආපු වඩග රජවරුන් ගෙ කාලෙද මෙක කලේ වඩිග රජු නම් ඒක නිවැරදිද?

:       1       0

ruwan Thursday, 02 July 2020 06:21 AM

දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහැරින් වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ චාරිත්‍රය 5 වැනි සියවස දක්වාම පැවති බව ක්‍රී.ව 413 දී පමණ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවන්ට අනුව පැහැදිලිව වේ. එම කාලයේම ලංකාවට ආ බුද්ධඝෝෂ අටුවාචාරීන් ගැන මහාවංශයේ සදහන්.

:       0       0

ruwanThursday, 02 July 2020 07:17 AM

කෙසේවෙතත් දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහැරින් වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ චාරිත්‍රය 5 වැනි සියවස දක්වාම පැවති බව ක්‍රී.ව 413දී පමණ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවන්ට අනුව පැහැදිලිව වේ. එම කාලයේම ලංකාවට ආ බුද්ධඝෝෂ අටුවාචාරීන් ගැන මහාවංශයේ සඳහන්ය...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 174 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 126 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 206 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 214 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 705 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 962 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site