IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පැරැණි කතා අමතක කර නව යුගයකට පා තබමු

නිදහසින් පසු මේ රටේ හටගත් දරුණුම දේශපාලන කුණාටුව දැන් හමාරය. පසුගිය ඉරිදා (16) පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා පස්වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීම එහි අවසානය යැයි අපි සලකමු. වෙනදා මෙන් මාධ්‍යයට විවෘත නොවූ දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව අරලියගහ මන්දිරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් සියලු‍ වෙනස්කම් ඉවත දමා එකට සටන් කළ සියලු‍ දෙනාට තුති පුදකළේය. මෙතැනින් ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් සමගියෙන් ජීවත් වන රටක් බවට පත්කිරීමට යොදවාගන්නා බව ද වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය.

රටේ ජනාධිපතිවරයා වශයෙන් තමන් ඔක්තෝබර් 26 වැනිදා සිට ගනු ලැබූ සියලු‍ තීන්දු තීරණ සද්භාවයෙන් යුතු නීති විශාරදයන්ගේ උපදෙස් මත ගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දීම සිදුවූ අවස්ථාවේ කළ ප්‍රකාශයේ සඳහන් විය. රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තමන් දැරූ පෞද්ගලික මතයේ කිසිදු වෙනසක් නැති බව ද සඳහන් කළ ජනාධිපතිවරයා රටට බරපතළ ආර්ථික විනාශයක් කළ බැඳුම්කර වංචාව ඇතුළු තවත් බොහෝ කාරණා සම්බන්ධයෙන් වසර තුනක් පැවැති රජයට දොස් පැවැරුවේය.

මෙතෙක් පැවැති දේශපාලන අර්බුදයේ නිමාව එසේ සටහන් වුවද එම විසඳුම යථාර්ථයක් බවට පත්කර ගතහැක්කේ විධායකය නියෝජනය කරන ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අගමැති ඇතුළු ආණ්ඩුවත් ගැටුමකින් තොරව ඉදිරියට යාමෙන් පමණි. දවස් 52ක් රට තුළ තිබුණේ අරාජික තත්ත්වයකි. එය නාමිකව හෝ වැළකී ගොස් තිබුණේ ජනාධිපතිවරයා රටේ නායකයා වශයෙන් කටයුතු කිරීම හේතුවෙනි. මෙය පැහැදිලිව පෙන්නුම් කරන්නේ විධායක ජනාධිපතිවරයකු සිටින රටක් පාලනය වන්නේ අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර සබැඳියාව යහපත්ව පවතින තරමට බවයි. මේ දෙපාර්ශ්වය අතර අන්‍යොන්‍ය විශ්වාසය සහ බැඳීම ගිලිහී යනවිට පාලනය පීලි පනියි. පීල්ල පැන්නාට පසුව එවැනි ආණ්ඩුවකට යළි පීලිගත කිරීම කොතරම් අමාරුදැයි දැනගැනීමට ගෙවීගිය සති කිහිපය හොඳටම ප්‍රමාණවත්ය. මේ නිසා දැන් මේ දෙපාර්ශවයම කළ යුත්තේ වාදභේද, පෞද්ගලික මතිමතාන්තර අවසන් කොට තමන්ට බලය පවරා දී ඇති මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි. සියලු‍ මතගැටුම්, සිත් අමනාපකම්, ප්‍රතිපත්තිමය වෙනස්කම් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් පසෙකට දැමීම ඒ සඳහා අවශ්‍ය බවත් පෙන්වාදීමට කැමැත්තෙමු.

රටට දැන් අවශ්‍ය වන්නේ අලු‍ත් ප්‍රවේශයකි. එම අලු‍ත් ප්‍රවේශය තුළ වසර තුනක් පැවැති ආණ්ඩුවේ ක්‍රියාකලාපයට ඉඩක් නැති බව රජය තේරුම් ගැනීම අවශ්‍යය. තනතුරු බෙදාගැනීම්වලට මුල් තැනක් ලබාදෙමින් ජනතාවගේ ප්‍රශ්න යටපත් කිරීමට කටයුතු කිරීමෙන් වළකින බව මුල් පියවරේදීම පෙන්වා දීමත් අවශ්‍යය. පසුගිය සති කිහිපය තුළදී එ.ජා.පෙ. නායකයන් ජනතාවට පෙන්වා දී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවීමේ පිළිවෙත ඉදිරියට ද ගෙන යායුතුය. ආණ්ඩුවක් වශයෙන් ගන්නා තීන්දු, තීරණ ජනතාවට හොරෙන් ගැනීමේ පිළිවෙතින් බැහැරවීම අවශ්‍යය. 

දේශපාලන අර්බුදය අවසන් වුවද රටේ දිගින් දිගටම පවතින අර්ථික අර්බුදය එලෙසම පවතී. ඇත්ත වශයෙන්ම දැන් පවතින්නේ වඩාත් බැරෑරුම් තත්ත්වයකි. එහෙත් අඩු තරමින් රටේ මුදල් පාලනයට වගකියන පාර්ලිමේන්තුව දැන් සක්‍රීයව පවතී. ඒ තුළ මුදල් කටයුතු මෙහෙය වන ආකාරය සම්බන්ධයෙන් රටේ ප්‍රධාන විපක්ෂයට ද පැවැරෙන්නේ විශාල වගකීමකි. සක්‍රීය විපක්ෂයක් යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සවිබලගන්වන පාර්ශ්වයකි. එහෙත් ආණ්ඩුව ගෙන එන හැම පනතකටම අහේතුකව විරුද්ධ වෙමින් කථානායකවරයාගේ නියෝග ගණන් නොගෙන හිතුමතයේ කටයුතු කිරීමට සූදානම් වුවොත් එයින් රටට සිදුකරන්නේ බලවත් හානියකි. ආණ්ඩුවේ වැරැදි, ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවලට එකහෙළා විරුද්ධ වීම විපක්ෂයේ වගකීම වුවත් ආණ්ඩුවේ හැම අදහසකටම විරෝධය පෑම යහපත් ලක්ෂණයක් නොවේ. නැත්නම් සිදුවන්නේ ආණ්ඩුව වැරැදි පාරක යනවිට විපක්ෂය ද පාරෙන් ඉවතට පැනීමය. 

එජාපය ප්‍රමුඛ රජයට ද මෙහිදී පැවැරෙන්නේ විශාල වගකීමකි. රටේ නීතියේ පාලනය පවත්වාගෙන යාමත්, වංචා සහ දූෂණවලට එරෙහිව කටයුතු කිරීමත් මෙහිදී වැදගත් වෙයි. විශේෂයෙන්ම අගමැති දිවුරුම් දීමේ උත්සවයේ දී ජනාධිපතිවරයා විසින් නඟන ලද චෝදනා නිකම් පැත්තකට නොදැමිය යුතුය. එ.ජා.පෙ. රජයට එරෙහිව පසුගිය වසර තුනහමාරක කාලය තුළ දී බරපතළ චෝදනා එල්ල වූ බව ද අමතක නොකළ යුතුය. අකාර්යක්ෂම, අපැහැදිලි, ජනතාවට එරෙහිව යන තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදය රටේ ජනතාවගේ විරෝධයට ලක්වූ බවත් නීතිමය රාමුවක් තුළ විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂමව සිදුකෙරෙන ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම් ජනතාවගේ අපේක්ෂාව බවත් තේරුම් ගැනීම අවශ්‍යය. ජනතාවට හොරෙන් ගසන ගිවිසුම් දොරගුලුලාගෙන සිදුකෙරෙන ටෙන්ඩර් ගනුදෙනු, ඩීල් දැමීම්, ආයෝජකයන් ආපසු හරවා යැවීම් වැනි දේ යළි සිදුවනු දැකීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන්කොට ආණ්ඩුව ප්‍රතිස්ථාපනය කිරීමට සියලු‍ වැර යොදා සටන් කළ ජනතාව කැමැති නොවනු ඇත. 

එජාපෙ ආණ්ඩුවට වැඩ කිරීමට ඉතිරිව ඇත්තේ සුළු කාලසීමාවකි. එම කාලය තුළ දී තමන් නිවැරැදි වීමට කැමැති බව ජනතාව තුළ අදහසක් ඇති කිරීමට සමත් පාලනයක් ගෙනගියොත් ආණ්ඩුවට ගොඩ යා හැකිවනු ඇත. එසේ නැතුව ඉදිරියෙන් “බුදු සරණයි” බෝඩ් ගසාගෙන ඇතුළේ හොර හරක් පටවාගෙන යන ලොරියක ආකාරයෙන් වැඩ කළොත් එය ජනතාව නොඉවසනු ඇත. ජනතාව වෙනදාට වඩා සෝදිසියෙන් තමන් දෙස බලා සිටින බව රජය දැන සිටීම අවශ්‍යය. 



අදහස් (0)

පැරැණි කතා අමතක කර නව යුගයකට පා තබමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 33 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 47 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 115 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 367 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 467 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 85 0

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1618 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site