IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ප්‍රභූ පක්ෂය ඉදිරියට ආයුතු වෙලාව ඇවිත්

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තවමත් යථා තත්ත්වයට පත්වී නැත. දෙවැනි පාසල්වාරය ඊයේ ඇරැඹුණද ශිෂ්‍යයන්ගේ පැමිණීම ඉතාම පහළ මට්ටමක බව අප පුවත්පත වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට පළවූ බුද්ධි අංශ වාර්තා ද එයට හේතුවන්නට ඇත. පොදුවේ ගත් කල්හි ආරක්ෂාව සම්බන්ධයෙන් නියත සහතිකයක් නොවීම රට යථා තත්ත්වයට පත්වීමට ඇති බරපතළම බාධාවය.

රට යථා තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද? ආරක්ෂක අංශ පළමු වටයේදීම ඉතා දියුණු මැදිහත්වීමක් කළේය. එය ඉතා ප්‍රශස්ත මැදිහත්වීමකි. එහෙත් මුළු රටම එක මිටට එකතු නොවී මෙම අභියෝගය ජය ගත නොහැකි බව ඒකාන්ත සත්‍යයකි.

ජාතික උවදුරක් ඇති වූ විට සාමූහිකව එයට මුහුණ දිය යුතුය. සමගිය බලය වේ යන්න සනාථ කර ඇති ධර්මතාවකි. එහෙත් මේ මොහොතේ රට අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ අර්බුදයේ දිග පළල එයට හිමි නිසි අරුතෙන් වටහා නොගෙන සිදුකරන වාචාල දෙඩවීම්වලට වැඩි බරක් තබා ඇති බවය. වගකීම කා මත හෝ තබා නිදහස්වීමට උත්සාහ දරන බවය. ජාතික උවදුරෙන් තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමට හැකි පදාසයක් කඩා ගැනීමට දරන උත්සාහයන්ය. එහෙයින්ම ආරක්ෂව තහවුරු කර ගැනීමට වුවමනා කරන කළමනා කටයුතු අවශ්‍ය වේගයෙන් ක්‍රියාත්මක නොවන බවට ජනතාව තුළ මතයක් ඇතිවී තිබෙන්නේ මෙම පරිසරය තුළය.

ආගමික නායකත්වයට සුවිශේෂී මැදිහත්වීමක් මේ මොහොතේ කළ හැකිය. මහජනයාට නිවැරැදිව නායකත්වය සැපයීමේ හැකියාව ආගමික නායකත්වයට පැවරී තිබේ. පන්සල් පල්ලි හා කෝවිල් ආශ්‍රිතව තමන්ගේ පූජාව මෙහෙයවිය හැකිය. ඔවුන්ට සත්‍යය වටහා දිය හැකිය. සහජීවනයේ අරුත පහදා දිය හැකිය. සහජීවනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතහැකිය. අනෙකුත් පාර්ශ්ව සමඟ සම්බන්ධ වෙමින් කළමනා කටයුතු සංවිධානය කළ හැකිය. සමාජයේ උගත් කණ්ඩායම් තුළද යම් ප්‍රබෝධයක් එමගින් ජනිත කළ හැකිය. මේ මොහොතකට අදාළව නියත වශයෙන් ක්‍රියාවට නැංවිය යුතු මෙම වැඩපිළිවෙළ දැනට සිදුකරන ප්‍රමාණයට වඩා වේගවත් කිරීම ප්‍රතිඵලදායක බව ඉතා පැහැදිලිය.

දේශපාලනඥයන් මේ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. එහිදී පළමුවෙන්ම කළ යුත්තේ බඩගිනි සිංහලයාගේ භූමිකාවෙන් එළියට ඒමය. බඩ වඩා ගැනීමේ හා ගොඩ වැඩි කර ගැනීමේ මජර දේශපාලනය අතහැරීමය. ඇතැම් දේශපාලනඥයන් ආරක්ෂක අංශවලට බාධා කරන බවට චෝදනාවකි. යුද හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර තිබුණේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස නැගෙනහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයකු තමන්ට බලපෑම් කළ බවය.

ඇතැම් ප්‍රදේශවල සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී එයට බාධාකාරී ලෙස හැසිරෙන දේශපාලනඥයන් සිටින බවට ද වාර්තාවේ. තමන්ගේ බලප්‍රදේශයේ සිටින ජනතාව සෝදිසි කිරීම්වලට ලක් කළහොත් එම ජනයා තමන් සමඟ අමනාප වනු ඇතැයි සිතා එම දේශපාලනඥයන් එසේ කටයුතු කරන බවට චෝදනාවකි. මැති ඇමැතිකම් දැරීමටත් රටක් ඉතිරිවී තිබිය යුතුය. දේශපාලනඥයන් දැනගත යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ තමන් ආරක්ෂක විශේෂඥයන් නොවන බවය. එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට විෂය ගැන විශේෂඥ දැනුමක් තිබිය යුතුය. එහෙයින් ආරක්ෂාව සම්බන්ධව විශේෂඥයන්ට එම කටයුතු බාරදී දේශපාලනඥයන් පසෙකට විය යුතුය. එය මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි.

ආවේගශීලී නොවී සංයමයකින් යුතුව හා ආරක්ෂක අංශවලට පූර්ණ සහයෝගය දෙමින් කටයුතු කිරීම මහජනයාගේ වගකීමය. මේ මොහොතේ මහ ජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලිද සිටිය හැකිය. කලදුටු කල වළ ඉහගන්නා කල්ලි විසි හතර පැය පුරාම අවදියෙනි. එහෙයින් එම උගුල්වලට නොවැටී රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාන්විතයට සක්‍රීය ලෙස දායකවීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් ජනතාව සතුය.

ජනතාවගෙන් ලබා ගත යුතු සහයෝගය ලබා ගැනීමේ දියුණු යාන්ත්‍රණයක් ද ආරක්ෂක අංශ සතුව තිබිය යුතුය. ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය මහජනයා වෙනුවෙන් මිස ඔවුන් පීඩාවට පත් නොකරන්නක් බවට පත් විය යුතුය. සියල්ලෙන්ම සාධාරණය වෙන්නේ රට යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවය. එයට දැනුත් කල් පමා වැඩිය.



අදහස් (9)

ප්‍රභූ පක්ෂය ඉදිරියට ආයුතු වෙලාව ඇවිත්

lalithm Wednesday, 15 May 2019 08:16 AM

ප්‍රභූ කට්ටිය නීතිය හා සාමය රකින අයට රාජකාරිය කරන්න බාධා නොකර ඉන්නවා නම් හොඳටම ඇති. අත්අඩංගුවට ගත්ත අය නිදහස් කරන්න බලපෑම් කරන්නේ හේම නැතිව.

:       0       0

Nandaka Wednesday, 15 May 2019 09:11 AM

"මැති ඇමැතිකම් දැරීමටත් රටක් ඉතිරිවී තිබිය යුතුය. දේශපාලනඥයන් දැනගත යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ තමන් ආරක්ෂක විශේෂඥයන් නොවන බවය. එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට විෂය ගැන විශේෂඥ දැනුමක් තිබිය යුතුය. එහෙයින් ආරක්ෂාව සම්බන්ධව විශේෂඥයන්ට (......) එම කටයුතු බාරදී (......) (.......) " පසෙකට විය යුතුය. සරත් ෆොන්සේකා , ජනපති, අගමැති

:       0       0

sandy123 Wednesday, 15 May 2019 10:22 AM

ඉතා හොද හරවත් ලිපියක්. ඒ ඒ අංශ පල කර ඇති විදිහටම අවශ්‍ය සහයෝගය දක්වයිද? විශේෂයෙන් දේශපාලකයින් සහ බඩ ගෝස්තරවාදී මහ ජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලි එයට ඇහුන්කන් දෙයිද? උදව් කරයිද? ලංකාව බිදුනොත් නැවත එකතු කරන්න බැරි බව මොවුන්ට නොවැටහෙන්නේ මන්ද?

:       0       0

sandy123 Thursday, 16 May 2019 07:31 AM

ඉතා හොද හරවත් ලිපියක්. ඒ ඒ අංශ පල කර ඇති විදිහටම අවශ්‍ය සහයෝගය දක්වයිද? විශේෂයෙන් දේශපාලකයින් සහ බඩ ගෝස්තරවාදී මහ ජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලි එයට ඇහුන්කන් දෙයිද? උදව් කරයිද? ලංකාව බිඳුනොත් නැවත එකතු කරන්න බැරි බව මොවුන්ට නොවැටහෙන්නේ මන්ද?

:       0       0

sandy123 Thursday, 16 May 2019 11:45 AM

ඉතා හොඳ, හරවත් ලිපියක්... ඒ ඒ අංශ පල කර ඇති විදිහටම අවශ්‍ය සහයෝගය දක්වයිද? විශේෂයෙන් දේශපාලකයින් සහ බඩ ගෝස්තරවාදී මහජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලි එයට ඇහුම්කන් දෙයිද? උදව් කරයිද? ලංකාව බිඳුනොත් නැවත එකතු කරන්න බැරි බව මොවුන්ට නොවැටහෙන්නේ මන්ද..?

:       0       0

samurai Thursday, 16 May 2019 04:45 PM

ප්‍රභූ කියන්නේ ගොන් කියන එකට කියන සමාන පදයක්ද ? මෙතක් කල් ඔවුන් හිටියේ නැතිද

:       0       0

sandy123 Friday, 17 May 2019 08:19 PM

ඉතා හොඳ හරවත් ලිපියක්... ඒ ඒ අංශ පල කර ඇති විදිහටම අවශ්‍ය සහයෝගය දක්වයිද? විශේෂයෙන් දේශපාලකයින් සහ බඩ ගෝස්තරවාදී මහජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලි එයට ඇහුන්කන් දෙයිද? උදව් කරයිද? ලංකාව බිඳුනොත් නැවත එකතු කරන්න බැරිබව මොවුන්ට නොවැටහෙන්නේ මන්ද?

:       0       0

sandy123 Saturday, 18 May 2019 12:46 AM

ඉතා හොඳ හරවත් ලිපියක්... ඒ ඒ අංශ ඵල කර ඇති විදිහටම අවශ්‍ය සහයෝගය දක්වයිද? විශේෂයෙන් දේශපාලකයින් සහ බඩ ගෝස්තරවාදී මහාජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලි එයට ඇහුන්කන් දෙයිද? උදව් කරයිද? ලංකාව බිඳුනොත් නැවත එකතු කරන්න බැරි බව මොවුන්ට නොවැටහෙන්නේ මන්ද?

:       0       0

sandy123 Saturday, 18 May 2019 06:15 AM

ඉතා හොඳ හරවත් ලිපියක්. ඒ ඒ අංශ පලකර ඇති විදිහටම අවශ්‍ය සහයෝගය දක්වයිද? විශේෂයෙන් දේශපාලකයින් සහ බඩ ගෝස්තරවාදී මහ ජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලි එයට ඇහුන්කන් දෙයිද? උදව් කරයිද? ලංකාව බිඳුනොත් නැවත එකතු කරන්න බැරිබව මොවුන්ට නොවැටහෙන්නේ මන්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 295 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 257 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2214 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 206 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 151 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 782 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site