IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පක්ෂය ගැන නොව රටේ ප්‍රශ්න ගැන සිතන්න ඕනෑ

පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා රාත්‍රියේ විසුරුවාහැරීම බොහෝ දෙනකුට අනපේක්ෂිත තීන්දුවක් විය. එහෙත් පසුගිය සති දෙක පුරා දිගහැරෙමින් තිබූ සිදුවීම් මාලාව සමඟ ගළපාගත් විට එය එකම විසඳුම් මාර්ගය වශයෙන්ද කෙනකුට පෙනී යා හැකිය. එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ද ලක්ව තිබේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම රටේ පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් වනු ඇතිද නැතහොත් එය තවදුරටත් ව්‍යාකූල කරනු ඇති ද යන්න ඉදිරි දින තුළදී තීරණය වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය මාතෘකාවක් වනවිට පාර්ලිමේන්තුව එහි ප්‍රධාන තේමාව වීම වැළැක්විය නොහැක. එසේ නම් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට අනුකූලව ගතයුතු තීන්දුවකි. සාමාන්‍ය තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ එහි කාලය සපිරීමෙන් පසුව ඊළඟ මහ මැතිවරණය අරමුණු කර ගනිමිනි. ඊට පරිබාහිරව විවිධ තාක්ෂණික කරුණු මුල් කර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථා අතීතයේ ද තිබිණි. එසේම පාර්ලිමේන්තු කාලය දික්කළ අවස්ථාද විය. එහෙත් පසුගිය සිකුරාදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අකාලික සිදුවීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එය කළ බව ප්‍රකාශ වුවත් එය තිබුණු පාර්ලිමේතුවට තම නියෝජිතයන් පත්කර එවන ලද මහජනතාවගේ මතයට එරෙහිව යාමකි. එහෙත් ඒ සඳහා ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් දුන්නේ ඇයිද යන ප්‍රශ්නය පැනනඟී. කෙසේ වුවද දැන් එය ශ්‍රේ‍ෂ්ඨාධිකරණය හමුවට පැමිණ ඇත. ඔවුන් තම නියෝජිතයන් පත්කර එවන්නේ වසර තුනහමාරකදී ගෙදර යැවීමට නොව නියමිත වසර පහක කාලයක් සඳහාය. මෙවර සිදුවී ඇත්තේ රට තුළ උද්ගත වූ දේශපාලන අර්බුදයට විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට යාමට තීන්දු කිරීමකි. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ඇතිද දුර්වල කරනු ඇතිද යන්න තීරණය වනු ඇත්තේ අනාගතයේදීය.

පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පැවැතිය යුත්තේ රටේත් ජනතාවගේත් සේවය සඳහා මිස දේශපාලනඥයන්ගේ තනතුරු, වරදාන සහ සුබසෙත සඳහා නොවේ. සියල්ලටම පෙර රට මුලට ගෙන කටයුතු කිරීම සෑම දේශපාලන නායකයකුගේම අරමුණ විය යුතු බව මෙහිදී සිහිපත් කරදීමට කැමැත්තෙමු. තම තමන්ගේ බල තණ්හා පොරයේ වින්දිතයන් බවට මහජනතාව පත්කිරීමට කිසිදු දේශපාලන නායකයකුට හෝ පක්ෂයකට අයිතියක් නැත. රාජ්‍ය බලය දේශපාලනඥයන් විසින් රිසිසේ නිදහසේ පරිහරණය කළ ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඔවුන්ට පමණක් අයත් වූවක් නොවන බව සැලකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින උගුර ලේ රහවන තුරු කෑමොර දෙන දේශපාලනඥයන් විසින් ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරෙන්නේ නම් එය ඍජුවම රටේ පැවැත්ම, අනාගතය කෙරෙහි බලපෑම වැළැක්විය නොහැක. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ඒ අතින් ඇත්තේ හොඳ “චරිත සහතික” නොවන බව පැවැසිය යුතුය. මේ දෙපක්ෂයම රටේ අවශ්‍යතාවලට වඩා තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ දේශපාලන ගජයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් පෙනීසිටින බවට චෝදනා ලබා ඇත්තේ වරක් දෙවරක් නොවේ. වහාම එම තත්ත්වය මින් ඉදිරියට හෝ වළක්වාගැනීමට කටයුතු කළයුතු බව රටේ නාමයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

දේශපාලන අර්බුදවල ගිලෙමින් එකතැන පල්වෙන රටකට ඉදිරි ගමනක් නැත. අපේ රටට එවැනි ඉරණමක් අත්වනු දැකීමට සිදුවනු ඇතැයි අපි තවමත් නොසිතමු. එහෙත් පසුගිය සති කිහිපය තිස්සේම අප දුටුවේ ආණ්ඩුවේ පැවැත්ම අභියෝගයකට ලක්වෙන බවය. එය ඒ මට්ටමින් විසඳාගැනීමට අපොහොසත් වීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ පාර්ලිමේන්තුව අකාලයේ විසුරුවාහැරීමට සිදුවීමය. රටේ යහපත ගැන නායකයන් මුලසිටම සිතුවා නම් මේ තත්ත්වයට රට පත්නොවනු ඇතැයි අපි අවංකවම සිතමු.

පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය මේ දිනවල දේශපාලනඥයන් වෙතින් බහුලව අසන්නට ලැබුණු වචන සෙට් එකයි. ඒ තරමින්ම නැති වුණත් නීතියේ ආධිපත්‍යය සහ ජනාධිපති බලතලද මේ අතරම තිබිණි. මේ සියලු‍ වචන දැන් රටේ මහජනතාවට ද කටපාඩම්ය. එහෙත් ගැටලු‍වක් වන්නේ ඇතැම් දේශපාලනඥයන් විසින්ම එම වචනවලින් අරුත් ගැන්වෙන ක්‍රියාදාමයට එරෙහිව කටයුතු කිරීමය. මේ බව රටේ මධ්‍යස්ථ මතධාරී ජනතාවටත් වැඩියෙන් දැනෙමින් තිබේ. තමන්ගේ ප්‍රශ්න විසඳීමට තිබෙන උනන්දුවට වඩා බලය අතට තබාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් දක්වන උනන්දුව එම ජනතාව තුළ බලවත් කලකිරීමක් ඇති කරවන බව නොරහසකි.

තමන් ඉදිරිපත්ව සිටින්නේ රට වෙනුවෙන් යැයි නොකියන කිසිදු දේශපාලනඥයකු මේ රට තුළින් සොයාගත නොහැක. එහෙත් තමන් කටයුතු කරන්නේ එම උතුම් පරමාර්ථය සපුරන ආකාරයෙන් ද යන්න ඔවුන් තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුය. රට වෙනුවෙන් වැඩ කිරීම අරමුණු කරගනිමින් සියලු‍ම දේශපාලන නායකයන් තම සේවය ඉටුකළා නම් අපේ රට මේ තරම් ආර්ථික අගාධයකට වැටීමට හේතුවක් නැත. මෙවැනි දේශපාලන බල පොරයක් ඇතිවීමට හේතුවක් ද නැත. ලෝකය හිනස්සන වැඩවලින් මිදී රටේ ප්‍රතිරූපය ලෝකය හමුවේ වඩාත් ශක්තිමත් තැනක රැඳවීමට කටයුතු කිරීම සියලු‍ දේශපාලන නායකයන්ගේ වගකීමය. එම වගකීම සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන හැඟීම බොහෝමයක් දේශපාලනඥයන් තුළ නොතිබීම ලොකුම කනගාටුවය.



අදහස් (1)

පක්ෂය ගැන නොව රටේ ප්‍රශ්න ගැන සිතන්න ඕනෑ

Nir Wednesday, 14 November 2018 01:38 AM

හොදම ලිපියක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 144 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 286 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 352 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 89 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 529 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 291 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site