IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිවැරැදි සිංහල භාෂා භාවිතය මදිකමක් ද?


භාෂාව සංස්කෘතියේ කැටපතක් යැයි කියැවේ. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත්, අද සිංහල භාෂාව බහුතර සමාජයේ ‘යෙදෙන’ ආකාරය දෙස විමසිල්ලෙන් බලන කෙනෙකුට එය ඇත්තක්ම බව පෙනී යයි.

අද, පරිහානියට ‘රට හරහා දුවන’ සමාජයට ඊට වඩා වෙනස් ගමනාන්තයක් තිබිය නොහැක. යා හැකි හැම පැතිකඩකින්ම අගාධයට යන ජන සමාජයක අඳුරු අනාගතය ගැන අනාවැකි කියන ලකුණක් නම් භාෂාවය. මෙහිදී අප බලාපොරොත්තුවන්නේ සිංහල භාෂාව අද බහුතර සමාජයේ භාවිත වන ආකාරයත් ඒ මගින් අනාගතය ගැන අපට ලබාගත හැකි ඉඟියනුත් පිළිබඳව සලකා බැලීමටය.

අද සුප්‍රසිද්ධ මාධ්‍ය බොහෝමයක පාහේ සිංහල භාෂාව අමු අමුවේ විරූප කරන සැටි දැකිය හැකිය. සිංහල පර-භාෂාකරණය හෙවත් ‘සිංග්‍රීසි’යක් ගොඩනැගීමට බොහෝ මාධ්‍යකාරයෝ වැර දරති. එයට ඔවුන්ට දොස් නැගිය නොහැකිය. මන්ද, ඔවුන් සරු සංස්කෘතික පදනමකින් බිහි නොවුණු නිසාය.

එමෙන්ම සිංහලට පරිබාහිර වචන සිංහලකරණය කිරීමට කිසිවකුටත් වුවමනාවක් නැත. ‘රියැලිටි’ වැඩසටහන් ‘කප්’ ගහන රටක මේ සරල, වචනවලටත් සිංහල වචන යොදා නොගන්නේ මන්ද? නිවැරැදි සිංහලෙන් කතා කිරීම ඔවුනට මදිකමක් ද?

නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට ලංකාවේ බොහෝ උගත්තු ඇත. එහෙත් ‘බුද්ධිමතුන්’ ඇත්තේ අතළොස්සකි. නැතිම නැති තරම් ය! බොහෝ රූපවාහිනී වැඩසටහන් බලනවිට පෙනෙන්නේ විලිලැජ්ජා නැතිව සිංහල-ඉංග්‍රීසි මිශ්‍ර කරමින් සිංහල භාෂාව දූෂණය කරන ආකාරයයි. හතු පිපෙන්නාක් මෙන් බිහිවුණ ගුවන් විදුලි නාලිකා ද එසේය. අපේ භාෂාව පමණක් නොව දැන් සංගීතය, නැටුම් පවා ‘බොලිවුඩ්’ වී ඇත.  

පාර්ලිමේන්තුවට රිංගන්නට ඕනැම අයකුට හැකි වුවත් ආචාර්ය, මහාචාර්ය පදවිවලට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යමය. එහෙත් අද එම පදවි දරන උත්තමයන් තමන්ගෙන් රටට සිදුවිය යුතු සේවය ඉටුකරනවා ද යන පැනය ඇසිය යුතුය. මා මේ කියන්නේ විශේෂයෙන්ම ‘සිංහල භාෂාව’ පිළිබඳවය. අනෙක් විෂයයන් සඳහා ද මෙය බලපාන හැටිත් සිතා බලන්න. ඉස්සර නම්, විශේෂයෙන්ම නිදහස ලැබීමෙන් පසු ඇතිවුණ ජාතික පිබිදීම් සමයේ බොහෝ ඉංග්‍රීසි වචන සීලාචාර සිංහල වචනවලට හැරවුණි.

එක උදාහරණයක් ගෙන බලමු. ඉංග්‍රීසියෙන් 'organic' යන වචනයට සිංහල විකල්පයක් නොතිබුණි. ඒ නිසා බොහෝ කලකට පෙර එය ‘කාබනික ලෙස’ සිංහලට හැරවුණි. ‘කාබන් මූල ද්‍රව්‍ය සහිත’ යන අර්ථය මැනැවින් කියැවෙන ‘කාබනික’ යන වචනය ඉතා උචිතය.

පසුකාලීනව, ඉංග්‍රීසි භාෂාවේ 'Organic' යන වචනයට අතීතයේ සිටම කා වැදී තිබුණ වෙනත් අරුතක් ද ඉදිරියට පැමිනුණේය. මේ දෙවැනි අරුත නම් ‘කෘත්‍රිම කාරක භාවිතයෙන් තොරව’ නිපැදවූ යන්නය. මෙහිදී ස්වාභාවික ක්‍රමයටම පමණක් වගා කළ එළවලු, පලතුරු ආදිය ද ඇති දැඩි කළ සතුන් ද 'Organic' එසේ නැතිනම් ‘ස්වභාවික’ ලෙස හැඳින්වීම ප්‍රචලිත විය. මේ දෙවැනි අරුත ‘කාබන්’ යන මූල ද්‍රව්‍යයට කිසිම සම්බන්ධයක් නැත.මෙවැනි පසුබිමක අද අපේ රටේ මේ වචන භාවිත කරන ආකාරය බලන්න. 'Organic Chamistry' යන්න ‘කාබනික රසායන විද්‍යාව’ ය. එය හරියටම හරිය.අපි වලිගය පාගා ගන්නේ දෙවැනි අර්ථයට යන විටයි. ‘කාබනික ආහාර’ ‘කාබනිකව වගා කළ’ ‘කාබනික සහතිකය අඩංගු’ යනාදී වශයෙන් යෙදීම ඉතා වැරැදිය. ඇත්තටම වැරැදිම නොවේ.

බොහෝ ආහාරවල කාබන් ඇත. එහෙත් කියන්නට බලාපොරොත්තු වන දෙය එය නොවේ. අපට වෙනත් වචනයක් අවශ්‍ය වන්නේ ‘කෘත්‍රිම කාරකයන් භාවිතයෙන් තොරව’ යන අදහස පිළිබිඹු කිරීමටයි.
මා මේ තර්කය නැගූ විට මගේ උගත් මිතුරන් මගෙන් අසන්නේ ‘එහෙනම් මොකක්ද? කියන්නේ’ කියාය. එය මගෙන් ඇසිය යුතු පැනයක් නොවේ. මා සිංහල භාෂා විශේෂඥයකු නොවන නිසාය. කරණවෑමියෙකු දත් උගුල්ලන්නට යෑම නුවණට හුරු නැත.

ගහක පිට පොත්තේ සිට ලෙඩ වෙනවා නම් එය හඳුනාගෙන බෙහෙතක් කළ හැකිය. එහෙත් අරටුවෙන් කුණුවීම සිදුවන විට රෝගය හඳුනාගත හැක්කේ ගහ කඩා වැටුණු පසුය.

(***)
ආචාර්ය නිමල් රාජපක්ෂ
එඩ්මන්ටන්, කැනඩාව

 



අදහස් (6)

නිවැරැදි සිංහල භාෂා භාවිතය මදිකමක් ද?

රූ Wednesday, 03 March 2021 02:40 PM

ඔබත් වරද්දලා, පරිහානිය නොවේ.

:       1       2

Viraja Leelaratna Wednesday, 03 March 2021 09:04 PM

"මාක්ස් දාගන්න...... මාක්ස් දාගන්න" වසර අවසානයේ ලැබුණු නිවාඩුවේදී පසුගිය වසර පිළිබඳ පසු විපරමක් කිරීම මගේ සිරිතකි. මෙහිදී මවිසින් කළ, නොකළ හා අතපසු වූ දේ පිළිබඳව ලේඛනයක් සකස් කරන අතර එම ලැයිස්තුවේ අතපසු වූ දේ අතර පහත සඳහන් වැදගත් කරුණ මා විසින් කළ වරදක් බව මගේ යටි සිත කියයි. එය නම්, රූපවාහිනී නාලිකා විසින් සිදුකරන වැරදි දැකදැක ඒ පිළිබඳව කිසිවෙකු දැනුවත් නොකිරීමයි. "ලොකුම වරද කරන්නේ වරදක් දැක එය නිවැරදි නොකරන්නයි" යන්න ප්‍රකට කියමනකි. මේ සඳහා කොතෙකුත් කරුණු ඇතත් දෙරණ නාලිකාව මගින් 2020 දෙසැම්බර් 13 දින විකාශනය කරන ලද 6:55 ප්‍රවෘත්ති ප්‍රකාශය උදාහරණයක් ලෙස ගනිමු "මාක්ස් දාගන්න.. මාක්ස් දාගන්න... මෙය 2020 වසරේ මාධ්‍ය මගින් වැඩිපුරම ඇසූ හා දුටු ප්‍රකාශයකි. එය ඉංග්‍රීසි වචනයක් (Marks) සහ සිංහල වචනයක් (දාගන්න) එක් කර සාදාගත් ප්‍රකාශයකි. MARKS යන්නෙහි සිංහල තේරුම ලකුණු බැවින් එම ප්‍රකාශයෙහි නිසි තේරුම "ලකුණු දමාගන්න" ය. මෙම ප්‍රකාශනය සමග පෙන්වන රූප රාමු වලින් ගම්‍ය වන්නේ මෙය covid 19 වසංගතයට එරෙහි කරන සටනය. එහෙත් "ලකුණු දමා ගන්න"

:       2       0

Viraja Leelaratna Wednesday, 03 March 2021 09:07 PM

මෙසේ ඉංග්‍රීසි වචන බොහෝ දෙනෙක් භාවිතා කළද ඒවා නිවැරැදිව උච්චාරණය නොකරන බව නිතිපතා අපට අසන්නට ලැබේ.

:       1       1

Kumudu Saturday, 06 March 2021 12:29 PM

සිංහල භාෂාව කියන්නේ 1956 ගෙනාපු අණ්ඩර දෙමළටයි. සිංහල කියමනක් තියෙනවා "වහර නුසරෙන් සපයා". මම ඉගෙනගත් කුමාරෝදයේ තිබුනෙ අකුරු තිහක් වගෙ විතරයි.

:       0       0

rathgama Sunday, 07 March 2021 09:07 AM

නැගීඑන මුඩුක්කු සංස්කෘතියත් සමග සැමදෙයක්ම.. ජාතිය, ජන්මය, සංස්කෘතිය, භාෂාව, ආගම ධර්මය.. විනාශයට පත්වෙලා තියෙනවා.

:       0       0

Upul Weerasekara Monday, 08 March 2021 07:02 AM

මේ ලිපිය ඉතා වැදගත්. කාලෝචිතයි. භාෂාව මාධ්‍ය මගින් මේ තරම් කෙලෙසෙන්නේ හිතා මතා දැයි සිතෙන තරම්.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 23 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 25 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 160 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 153 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 510 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 755 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site