හර්ෂණ තුෂාර සිල්වා
කලෙක සුවිසල් අධිරාජ්‍යයක්ව පැවැති අසල්වැසි රාජ්‍යය දෙකඩ වී අදට වසර 70ක් සැපිරේ.
දකුණු ආසියාවේ බලවත් රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය අද සහ හෙට සිය 70 වැනි නිදහස් දිනය සැමරීමට නියමිතය.
එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති ‘බ්‍රිතාන්‍ය ඉන්දියාව’ 1947 වසරේදී ඉන්දියාව සහ පාකිස්තානය ලෙස වෙනම රාජ්‍ය දෙකක් නිර්මාණය වීම එම උත්පත්ති කතාවේ ආරම්භයයි. අගෝස්තු 14 වැනිදා පාකිස්තානය සිය 70 වැනි නිදහස් දිනයත් අගෝස්තු 15 වැනිදා ඉන්දියාව තම නිදහස් දිනයත් සමරයි.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව 1947 වසරේදී සම්මත වූ ‘ඉන්දීය නිදහස් පනත 1947’ න් ‘බ්‍රිතාන්‍ය ඉන්දියාව’ ඩොමිනියන් තත්ත්වය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය ලෙසින් රටවල් දෙකක් නිර්මාණය විය. පසුකාලීනව ඉන්දියාව, ඉන්දීය ජනරජය ලෙසටත් පාකිස්තානය, පාකිස්තාන ඉස්ලාමීය ජනරජය ලෙසටත් පරිවර්තනය විය.
මීට වසර 70කට පෙර 1947 වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියානු උප මහද්වීපයේ වසර 200ක පාලනය නවතා දැමීමට ‘බ්‍රිතාන්‍යය තීරණය කළේය. ඒ අනුව වෙනම රටවල් දෙකක් බෙදා වෙන් කිරීමට ඔවුන් මැදිහත් විය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයත් හින්දු බහුතරයක් වෙසෙන ඉන්දියාවත් නිර්මාණය විය. කෙසේ නමුත් වෙන් කිරීමේ ක්‍රියාවලිය පහසු නොවීය. ඉන්දියානු උපමහද්වීපයේ ‘බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ දේශසීමා පමණක් නොව ප්‍රංශය, පෘතුගාල සහ ඕමාන පාලනයක් ද පැවැතුණි. එපමණක් නොව ඉන්දීය රජුන් පාලනය කළ ස්වෛරී රාජකීය ප්‍රාන්ත 500කට වැඩි ප්‍රමාණයක් ද තිබිණි.
නිදහස් රජුන් යටතේ පැවැති එම ප්‍රාන්තවලට පාකිස්තානයට හෝ ඉන්දියාවට හෝ සම්බන්ධ වීමට බ්‍රිතාන්‍ය අවස්ථාවක් දුන්නේය. එපමණක් නොව ස්වාධීන සිටීමට ද බ්‍රිතාන්‍ය පාලනය එම ප්‍රාන්තවලට අවස්ථාවක් දුන්නේය. ඇතැම් රාජකීය ප්‍රාන්ත මෑතක් වනතුරුත් ඉන්දියාවේ හෝ පාකිස්තානයේ කොටස්කරුවන් බවට පත්ව නැත.
ඒ සියල්ල අතරින් ‘බ්‍රිතාන්‍ය ඉන්දියාවේ’ කොටසක් ලෙස පවතින එකම කලාපය වනුයේ කාශ්මීරයයි. කාශ්මීරය ඉන්දියාවට හෝ පාකිස්තානයට සම්බන්ධ නොවීය. එපමණක් නොව කාශ්මීරයට තවමත් නිදහස හිමි වී නැත.
‘බ්‍රිතාන්‍ය කොලනියක් පැවැති ‘බ්‍රිතාන්‍ය ඉන්දියාව’ ඉන්දියාව සහ පාකිස්තානය ලෙසින් රටවල් දෙකක් ලෙස වෙන් වෙද්දි තම නිවෙස් හැර දමා ගිය පිරිස මිලියන 12ත් 15ත් අතර බව පැවසෙයි. එය ලොව සිදු වූ මහා පරිමාණ සංක්‍රමණයක් යනුවෙන් ද සැලකේ. ඉහත සඳහන් කළ අයුරින් හින්දූන් සහ සීක්වරුන් එක්ව එක් කොටසක් තෝරා ගනිද්දි මුස්ලිම්වරු තවත් කොටසක් තෝරා ගත්හ.
මුස්ලිම්වරු පාකිස්තානය ලෙසින් නිර්මාණය වූ කොටසට ගමන් ගත් අතර හින්දූ ජාතිකයෝ සහ සීක්වරු ඉන්දියාව ලෙසින් නිර්මාණය වූ කොටසකට ගමන් කළහ. මේ අතරවාරයේදී ප්‍රචණ්ඩත්වයට හසු වී මිලියනකට වැඩි ප්‍රමාණයක් මියගිය බව ඇස්තමේන්තු වී තිබේ. කාන්තාවන් 75,000කට වැඩි පිරිසක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය සහ දූෂණයට ලක් වූ බවද වාර්තා විණි.
වසර 70ක් ගත වී ගිය ද දකුණු ආසියානු කලාපයේ බලවත්ම රටවල් දෙකක් වන ඉන්දියාව හා පාකිස්තානය අතර නොහොඳ නෝක්කාඩු තවමත් අවසන් ව නැත. එය ආයුධ අරගලයෙන්, දේශපාලනයෙන් ඔබ්බට ගොස් ක්‍රිඩාවේදී දැකගන්නට පුළුවන.
දෙරට අතරේ තිබෙන එකිනෙකාට යටත් නොවන ගතිය ක්‍රිකට් පිටියේදීද මැනවින් දැක ගත හැකිය.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිදහසින් ලද බෙදීමක නොනිමි අරගලය