IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දෙගොල්ලම කොල්ලකෑවේ සේවක සල්ලි

වෝහාරික විගණන වාර්තා හෙළිදරව්ව, ගෝඨා සජිත් ආණ්ඩුවක්, එළවළු හා සහල් මිල, බහුකාර්ය සංවර්ධන බළකාය, පෞද්ගලික විශ්ව විද්‍යාල, චීන ණය, ජාතික විධායක සභාව ගැන ජ.වි.පෙට එල්ල වන චෝදනා හා අධිකරණයේ ස්වාධීනත්වය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතායි.

ප්‍රශ්නය:- මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් වූ වෝහාරික විගණන වාර්තාවේ කරුණු හෙළිවීම සමග පැවැති ආණ්ඩු දෙකටම ඇඟිල්ල දිගු වී තිබෙනවා. විගණන වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි දිගටම කී පාර්ශ්වයක් හැටියට ජ.වි.පෙ ඊළඟට කරන්නෙ මොකද්ද?

පිළිතුර:- 2008-2012 පාලන කාලයේ සෘජුවම කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමෙන් කෝටි තුන්දාහකට අධික මුදලක් සේවක අර්ථසාදක මුදලට නැති කළා. ඊට පස්සේ 2005 සිට බැඳුම්කරවල ආයෝජනයෙන් වංචාවක් සිදු වූ බවට සාකච්ඡාවක් රටේ තිබුණා. මෙහි කූටප්‍රාප්තිය වුණේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝසියස් ප්‍රමුඛ කණ්ඩායම මහ දවල් කොල්ලකන්න ලෑස්තිවීමත් සමගයි. මේ කොල්ලකන්නේ විසි හය ලක්ෂයක් වූ වැඩ කරන පංතියේ සේවකයන්ට විශ්‍රාම යෑමෙන් පසුව ආරක්ෂාවට ඇති සල්ලි. එක පැත්තකින් සාටක පිලත් අනෙක් පැත්තෙන් ටයිකෝට් පිලත් මාරුවෙන් මාරුවට සේවක අර්ථසාධක අරමුදල කොල්ල කා ඇති බව දැන් මේ වෝහාරික විගණන වාර්තාවෙන් පැහැදිලියි. හැබැයි පහුගිය ආණ්ඩුවෙන් වික්‍රමසිංහලා කලින් ආණ්ඩුවේ රාජපක්ෂලා ආරක්ෂා කළා වගේ අද රාජපක්ෂලා හිටපු වික්‍රමසිංහලාව ආරක්ෂා කරන්න හදනවා. මොකද ​ෙදගොල්ලගේම  ගෝලයන් කොල්ලකෑවේ සේවකයන්ගේ සල්ලි. වෘත්තීය සමිති හැටියටත් දේශපාලන පක්ෂයක් හැටියටත් මේක කිසිසේත්ම අපි යටගැසීමට ඉඩදිය යුතු නෑ. මේ වෝහාරික විගණනයටත් මිලියන ගාණක් වියදම් කළා. දැන් අපිට මුහුණදීමට ඇති ප්‍රශ්නය නම් හොරු අල්ලන්නේ කවුද යන්නයි. ඒ නිසා මේ ටයිකෝට් සාටක දෙපිලම හවුලේ හොරා කෑ සල්ලි නැවත වැඩ කරන පංතියටම ලබාදීම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය පෙළගැස්වීමට අපි කටයුතු කරනවා.  

ප්‍රශ්නය:- බන්දේසියක තබා ආණ්ඩුව දීපු එජාපයට නැවතත් ආණ්ඩු බලය ඉල්ලන්නට අයිතියක් නැතැයි ජවිපෙ කියද්දී ජනපති ගෝඨාභය යටතේ අගමැති සජිත් ආණ්ඩුවක් හදන්නට සූදානම් යැයි එ.ජා.පය පැත්තෙන් දේශපාලන යෝජනාවක් එනවා. මේ ගැන ජ.වි.පෙට ඇති අදහස කුමක්ද?

පිළිතුර:- පිල් දෙකකට බෙදුණට මේ දෙගොල්ලක් නොවන බව තමයි මේ ඔප්පු කරමින් තිබෙන්නේ. රනිල්ලා මහින්දලාගෙ කොපිය අනුගමනය කළා වගේ දැන් මහින්දලා රනිල්ලගෙ කොපිය අනුගමනය කරනවා. මේ ක්‍රමය ඇතුලේ මේ දෙගොල්ලන්ටම පැවැත්ම වෙනුවෙන් එකිනෙකාගේ සහයෝගය ඕනෑ. 45 ක් හිටපු රනිල්ට 140 ක් හිටපු මහින්ද අගමැතිකම දීලා ගියේ ඇයි? අද බහුතරයක් ඉන්න රනිල් මහින්දලාට ආණ්ඩුව දීලා ඉන්නෙ ඇයි? ජනාධිපතිකමේ බලය නිසා. සජිත් ප්‍රේමදාසලා අලුත් පක්ෂ හැදුවත් කරන්න යන්නේ ආණ්ඩුවට සහාය දීම බව පැහැදිලියි. රනිල්ලා මෛත්‍රීලා ආණ්ඩු හැදුවාම වුණෙත් මහින්දලා සහාය දීපු එක. ඒ නිසා එළඹෙන මහමැතිවරණයේදී සජිත් පිලට හෝ එජාපයට කරන්න දෙයක් නෑ. ඉඩම් විකුණද්දි පොහොර හිඟ වෙද්දි මහජන මුදල් කොල්ලකාපු උදවිය රාජ්‍ය ආයතනවලට පත්කරද්දි එ.ජා.පය අද සද්ද වහලා ඉන්නේ ඒකයි. වෝහාරික විගණනයෙන් ඒ බැඳීම තවත් ශක්තිමත් වෙලා. ඇත්තටම ඒ අයට ඕනෑ ශක්තිමත් විපක්ෂයක් හදන්න නෙවෙයි. ගෝඨාභය යටතේ ජාතික ආණ්ඩුවක් හදන්නයි. අන්න එතකොට මුදලට විකිණෙන්නේ නැති ජනතා ප්‍රශ්න වෙනුවෙන් අරගල කරන විපක්ෂයක් ඕනෑ.  

ප්‍රශ්නය:- සහල් හා එළවළු මිල සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා නැගුණත් එම විෂය භාර රාජ්‍ය ආයතන ප්‍රධානීන් කියන්නේ එළවළු මිල කාලගුණය සම්බන්ධ ප්‍රශ්නයක් බවයි. සහල් මාෆියාවක් නැති බවත් මහා පරිමාණ මෝල්හිමියන් රජයට ශක්තියක් බවයි. එතකොට ඇත්ත කියන්නේ කවුද?

පිළිතුර:- මේක ප්‍රශ්න දෙකක්. එළවළු අස්වැන්න රටට එන්න අඩුම දවස් 45 ක් යනවා. එතකොට රටේ අවශ්‍යතාවයට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරිභෝජන අවශ්‍යතා තෘප්ත වන අයුරින් ගොවියාට මගපෙන්විය යුතුයි. එතැනදි කාලගුණික තත්ත්ව නිසා වගා හානි විය හැකියි. ඒක අපට පිළිගන්න පුළුවන්. හැබැයි අපේ රටේ ගබඩා හා බෙදාහැරීමේ පහසුකම් සුරක්ෂිතතා පහසුකම් කිසිවක් නැති නිසා ඒ ප්‍රශ්නය අවසානයක් නෑ. රුපියල් දාහට යන මිරිස් හැත්තෑවටම බහිනවා. වගාවේ කළමනාකරණයක් නෑ. ඒකට හේතුව විෂය භාර රාජ්‍ය ආයතනවල අසමත්කම. වී මිල කාරණය වෙනස්. අද අපේ සහල් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් හසුරුවන්නේ පොළොන්නරුවෙ දේශපාලන මුදලාලිලා දෙතුන් දෙනෙක්. ඒ අයට සම්පූර්ණයෙන්ම ආරක්ෂාව අනුග්‍රහය හා ණය පහසුකම් සපයන්නේ දේශපාලනයයි. කොයි ආණ්ඩුව ආවත් ඒක එහෙමයි. මේ ආණ්ඩුව ආපු ගමන් නාඩු 97 යි සම්බා 98යි කියලා සහල්වලට පාලන මිලක් දැම්මා. හැබැයි වී වලට සහතික මිලක් දාන්නේ නෑ. මේ වෙද්දී අනුරාධපුරය, කුරුණෑගල, අම්පාර, උතුර නැගෙනහිර ගොයම් කපනවා. ආපහු වී රුපියල් 32ට බැහැලා. හාල්වලට 97ක පාලන මිලක් දානවා නම් වී වලට 52ක සහතික මිලක් දාන්න පුළුවන්. සම්බාවලට 56ක කීරි සම්බාවලට 63ක සහතික මිලක් දාන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව ඒක කරන්නේ නෑ. සතොස රජයේ ගබඩාවලින් ගත්ත නාඩු සහල් 84ට විකුණද්දී ඒ රජයෙන්ම පාලන මිල 98ක් දානවා. මේ ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල තිබෙන වී වලට හොඳ මිලක් දෙන්න මිස පාරිභෝගිකයා හෝ ගොවියා රකින්න කළ වැඩක් නොවන බව එයින්ම පැහැදිලියි. හාල්වලට පාලන මිල දාන ආණ්ඩුවට වී වලට සහතික මිලක් දාන්න ගැසට් එක ගහන්න කියලා අපි අභියෝග කරනවා. අද සහතික මිල නොදැමීමෙන් ව්‍යාපාරික මාෆියාව ගොවියා කොල්ල කනවා.

ප්‍රශ්නය:- බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකාය නමින් අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ පිරිස්වලට ඔක්තෝබර් 1 වැනිදා වනවිට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළක් රජයෙන් ආරම්භ කර තිබෙනවා. විරැකියාව ප්‍රධාන ප්‍රශ්නයක් වූ රටකට ආණ්ඩුවේ මේ වැඩපිළිවෙල සාධනීය නැද්ද?

පිළිතුර:- 2016 න් පසුව රාජ්‍ය සේවයට බැඳුණු අයගේ විශ්‍රාම වැටුප පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් නෑ. පළමුවෙන්ම ආණ්ඩුව ඒ ප්‍රශ්නය විසඳිය යුතුයි. දෙවනුව අපේ රටේ විරැකියාව බරපතල ප්‍රශ්නයක් වගේම ඊට වැඩපිළිවෙළක් හැදීම ආණ්ඩුවක වගකීමක්. හැබැයි ඔක්තෝබර් 1 වැනිදා ඉඳලා රස්සා දෙනවා කියන්නෙ ඡන්ද පොරොන්දුවක්නෙ. රැකියා දෙන්න කම්හලක් හෝ කන්තෝරුවක් හැදෙන්න ඕනෑ. දැනටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගියාම මේසයක් වටේ උපාධිධාරින් හතරක් ඉන්නවා. අපේ රටේ වසරකට ලක්ෂ 3කට වැඩි පිරිසක් වැඩිහිටියන් වෙනවා. 2019 දි 3,50,000 ක් වයස අවුරුදු දහ අට පසුකළා. ඒකෙන් 30,000 ක් කැම්පස් ගියා. 15,000 ක් පිටරට ගියා. 2,30,000 කට වැඩි පිරිසක් රැකියා නැතිව ඉතිරි වුණා. ඒ පිරිසට රැකියා සැපයෙන වැඩපිළිවෙලක් නෑ. දැන් ආණ්ඩුව තරුණයන්ගේ අසහනය බලාපොරොත්තු බවට පත්කරලා ඇප්ලිකේෂන් පුරවලා පෙට්ටියට ඡන්ද දාන්නයි හදන්නේ. මේක ඡන්ද ගුණ්ඩුවක්. එහෙම නැත්නම් ආණ්ඩුව මෙන්න සංවර්ධන ව්‍යාපෘති, කම්හල්, රැකියා ලැබෙන ක්‍රමවේද මේවා යැයි කිව යුතුයි. අනාගතයෙත් මේ ප්‍රශ්නය එනවා. ඒකට දරුවන්ට වැඩිපුර උගන්වන්න ඕනෑ. විශ්වවිද්‍යාලයට ගන්න හැට දාහ ලක්ෂයක්වත් කරන්න ඕනෑ. එහෙම කළොත් ඒ ළමයි පිටරටක ගිහින් හෝ රැකියාවක් කරාවි.  

ප්‍රශ්නය:- අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා විදෙස් ආයෝජකයන්ට අවස්ථාව දෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඔබ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ කියන්නේ කොහොමද?

පිළිතුර:- ඒ කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල එනවා. සල්ලි තියෙන වුන් ඉගෙනගනිල්ලා කියන පණිවුඩයනෙ. ඒකට ආණ්ඩුවක් ඕන නෑනෙ. මේ රටේ ඉඩම් ටික දුන්නාම සල්ලි තියෙන උදවිය තරඟකාරිත්වය බලල විශ්ව විද්‍යාල පටන්ගනීවි. ආණ්ඩුව හදන්නේ අධ්‍යාපනයට වෙන්කරන මුදල අඩු කරලා ගෙවල් දොරවල් උකස් කරලා දරුවන්ට උගන්වන්න කියන්නයි. මේවා වැරැදි වැඩ. දැනටත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ප්‍රදානය කරනවා. ඒ අය උපාධි ප්‍රදානයට සුදුස්සන්ද කියලාවත් බලන්නේ නෑ. තුන් වේල කන්න දීගන්න බැරි මවුපියන් තමන්ගෙ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යවාගන්නේ කොහොමද? රජය කිව්වේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ගන්න තිස්දාහ හැටදාහ කරනවා කියලයි. ඉන්පසුව එය ලක්ෂය කරනවා කියලයි. අපි කියන්නේ ඒක කරන්න.

ප්‍රශ්නය:- ඇමෙරිකානු ඩොලර් මිලියන දාහක චීන ණයක් ලබාගැනීමටත් සමස්ත චීන ණය යුආන් ඒකකයෙන් ගෙවීමටත් රජයෙන් කැබිනට් යෝජනාවක් පැමිණ තිබෙනවා. මේ ණය ලබාගැනීම් සම්බන්ධයෙන් ජ.වි.පෙට ඇත්තේ කවර නිරීක්ෂණයක් ද?

පිළිතුර:- හම්බන්තොට වරාය ගන්න. චීනෙට වරායක් ඕන වුණා. චීනෙ වරායක් හදන්න ලංකාවට ණයක් දුන්නා. ලංකාව ණය අරන් වරායක් හදලා ඒක චීනයට විකුණුවා. දැන් චීනෙට වරායක් තිබෙනවා. ලංකාවට ණය තිබෙනවා. මේවා තමයි ආණ්ඩු ගත්ත ඔලමොට්ටල තීන්දු. අපි ණය ගතයුත්තේ ප්‍රාග්ධන වත්කම් හා තාක්ෂණය ලබාගැනීමටයි. ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලියත් ඵලදායිතාවයත් ඉහළට එන්නේ එමගින්. හැබැයි අපි ණය අරන් තිබෙන්නේ ඒවාට නෙවෙයි. අපි ණය ගෙන තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘතිවලට. ඒවාත් වාණිජ පොලියට. මොකද ලොකු කොමිස් කුට්ටි ලැබෙන්නේ එමගින්. නෙළුම් කුළුණ, මත්තල ගුවන් තොටුපොළ තාම එහෙමයි. හම්බන්තොට වරාය චීනෙට ගියා. නොරොච්චෝලෙ හැමදාම කඩන් වැටෙනවා. මේ ව්‍යාපෘතිවල තේරුම මොකද්ද? ණය පොලී ගෙවාගන්නවත් බැරි තැනට වට්ටපු රටේ ආදායම ඉදිරියට ගෙනඑන්නේ නැතිව එදා වේල කන්න ණය ගන්න තැනටයි ආණ්ඩුව යන්නේ. හම්බන්තොට අනූ නව අවුරුදුවලට දීපු එක වැරැදියි කියපු ආණ්ඩුව ෂැංග්‍රිලා එකට අනුනව අවුරුද්දට අක්කර තුනක් දෙනවා. ලේක්හවුස් එක ඉස්සරහ අක්කර හයක් දෙනවා. රට ණය උගුලක හිර කරලා ජනතාවගේ ගෙලට තොණ්ඩුව දාන වැඬේ තමයි මේ ආණ්ඩුවත් කරන්නේ. අපේ ජනජීවිතයට කරන මේ චීන මැදිහත්වීමට අසාර්ථක පාලකයන් මුළුමනින්ම වගකිව යුතුයි.

ප්‍රශ්නය:- පැවැති ආණ්ඩුව දේශපාලන පලිගැනීම් කළ බවටත් 19 වැනි සංශෝධනය අසාර්ථක බවටත් වත්මන් ආණ්ඩුව චෝදනා කරමින් ඊට සාක්ෂියක් හැටියට රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිදුවීම පෙන්වනවා. එහිදී යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාව නියෝජනය කරමින් ජ.වි.පෙත් ඊට සම්බන්ධ වී යැයි චෝදනා නැගෙනවා?

පිළිතුර:- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙන ඒමේ ක්‍රියාවලියේදී අපිත් යම් කාර්යභාරයක් ඉටු කළා. ජනතාව ඡන්දය දුන්නේ හොරු හිරේ දාලා ජනතා දේපළ නැවත අත්පත් කරගන්නයි. ජාතික විධායක සභාව මූලික වටයේ සාකච්ඡාවල තිබුණට මැදිහත්වීම තිබුණේ බොහොම අඩුවෙන්. අවසානයේදී දූෂණ මර්දන ලේකම් කමිටු කාර්යාලය අවුරුදු දෙකෙන් වහලා දැම්මා. ඇයි? මේ අයට හොරු අල්ලන්න වුවමනා වුණේ නෑ. උසාවිවල නඩු තිබෙන්නේ දේශපාලන දඩයමටද? මහ බැංකු වංචාව කරපු යහපාලන කට්ටිය හිටපු හොරුන්ට නීතිය ක්‍රියාත්මක කළේ නෑ. අද රාජපක්ෂ ආණ්ඩුවත් ටයිකෝට් හොරු රකිනවා. රංජන්ගේ හඬපටවල තිබෙන්නේ මේ සමාජ සංස්ථාවේ ආයතනවල කුණු ගඳ. නහයට දැනෙන්න ඕනෑ ගඳ ඒකෙන් දැනෙන්නේ කණට. මේවා හඬ පට නෙවෙයි ගඳ පට. සිල් රෙදි වංචාවේ සිට අම්ම තාත්තගෙ සොහොන හදන්න සල්ලි ගත්ත තැනේ සිට මහපාරවල්වලින් ගහපු තැනේ සිට කොහෙන්දෝ ප්‍රාදූර්භූතවූවන් මැණික් මළු දීමේ අරාබි නිසොල්ලාස කතා දක්වා හොරකම් කළ හැටි පහුගිය කාලේ ඔප්පු වුණා. අධිකරණවල සාකච්ඡා වුණා. ඉතින් දේශපාලන පලිගැනීම් කියන කාරණය ඔප්පු වෙන්න ඕනෑ වංචා දූෂණ චෝදනා නැතිවයි.  

ප්‍රශ්නය:- නීතිපතිවරයා අගවිනිසුරුගේ කාර්යයට අත ගසා ඇතැයි නීතිඥවරුන් විරෝධතා කරද්දී භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරු වූ දුමින්ද සිල්වාට නිදහස දිය යුතු යැයි භික්ෂූන් වහන්සේලා පවා කියනවා. හඬ පට සමග ගැටගැසුණු අධිකරණය ගැන වූ මේ සාකච්ඡාව කොහොමද දකින්නේ?

පිළිතුර:- හඬ පට අස්සෙන් එළියට ආපු කතා ගොඩක් තිබෙනවා. අධිකරණයේ යම් සිදුවීම් වුණා නම් පරීක්ෂණ විය යුතුයි. එහෙම නැතිව විනිසුරන් අත්අඩංගුවට ගැනීම දක්වා තීන්දු ගනිද්දී මේ යන්නේ අධිකරණ පද්ධතියට ගල්ගැසීමේ වැඩක් බව හොඳින්ම පේනවා. අධිකරණයේ යම් වරදක් වුණාම ඒ ගැන පරීක්ෂා කරන්න අධිකරණ සේවා කොමිසමක් තිබෙනවා. හැබැයි අද ඇතැම් අධිකරණ කටයුතුවලට මාධ්‍ය අතපොවලා තිබෙනවා. ටයි කෝට් දාපු අය මාධ්‍ය සාකච්ඡා පවත්වා නඩුඅහන්න පටන්ගෙන තිබෙනවා. බුද්ධ දර්ශනයේ නැති ත්‍රිපිටක සූත්‍ර මිනීමරුවන් නිදහස් කරගන්න පාවිච්චි කරමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ බුදු රජාණන් වහන්සේගේ දර්ශනය රැකගැනීමට බෞද්ධයන් මැදිහත්වීම් කළ යුතුව තිබෙනවා. සැබෑ බෞද්ධ භික්ෂූන් පෙරට ආ යුතුව තිබෙනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ අපේ බෞද්ධ ආගම විනාශ කරන කුමන්ත්‍රණයක්. අද ප්‍රවෘත්ති වෙනුවට විකාශය වෙන්නේ ප්‍රිස්න් බ්‍රේක් නාට්‍ය මාලාවක්. රංජන්ගේ සියලු හඬ පට එළියට දැම්මා නම් කුණු වෙච්ච සියලු තැන් පෙනේවි. මහින්ද රාජපක්ෂ කළ බලපෑම් ගැනත් හඬ පට තිබෙනවා යැයි රංජන්ම කියනවනේ. එනිසා සමහර මාධ්‍ය ආයතනවලට වුවමනා හඬපට විතරක් නැතිව සියලු හඬපට එළියට දාන්න. ගෝඨාභය මහත්තයට කියලා දුමින්ද සිල්වාට නිදහස දෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ වැඩක්. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් යන යකා කොරහ බිඳගෙන ගියා වගේ රෝයල්පාක් ඝාතකයාට නිදහස දීගෙන ගියේ. අද රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කරගැනීමට විනිශ්චයකාරවරුන් වගේම නීතිඥයන් පෙරට ආ යුතුයි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (6)

දෙගොල්ලම කොල්ලකෑවේ සේවක සල්ලි

සෙනෙවිරත්න Monday, 27 January 2020 05:53 PM

ඔබ කියු සියල්ල සත්‍යයි. මේවා වටහා ගැනීමට බුද්ධියක් නැති අය " හඳ පෙන්වූ පුද්ගලයාගේ ඇඟිල්ලේ ඇදේ " සොයන බව මෙහි දමන පෝස්ට් වලින් පෙනෙනු ඇත.

:       10       11

Cisco Wednesday, 29 January 2020 10:23 AM

අධිකරණ පද්ධතියට මෙයාලගේ නායකයා්ත් අතපෙව්වා.. පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ...

:       22       45

RaveendraThursday, 30 January 2020 02:28 PM

සහතික ඇත්ත. දැන් මේ රතුහැට්ටකාරයින් ටික තොත්ත බබාලා. මේ කියන පක්ෂ දෙක කෑවේ සේවක සල්ලි... නමුත් මේ රතුහැට්ටකාරයින් ටික 88/89 කාලේ හොරා කෑවේ, විනාශ කලේ අල්ලපු රටේ සල්ලිද, දිව්‍යලෝකේ සල්ලිද? නැත්නම් ඒවා මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි නෙවෙයිනේ.. ඈ රතු මල්ලියේ, ඔහේ කතාකරන්නේ... පිටිපස්ස පැත්තෙන් බව නම් පැහැදිලියි. ගිය සැරේ ඔයාලාට "300%" ක් ඡන්ද ලැබුනේ ඇයි කියලාවත් තාම තේරුම් ගන්න බැරි එකේ රටක් පාලනය කරන්නේ කොහොමද...?

:       0       29

nisha Thursday, 30 January 2020 04:34 AM

සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපලේ දන්නා එක යුද්දේ කාලේ හැම ආණ්ඩුවම කලේ කොටස් වෙළඳපළ විටින්විට කඩා වැටුණු නිසයි. කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන එක අවදානමක් තියෙන දෙයක් නිසා පාඩුවක් වෙන්නත් පුළුවන් ලබා වෙන්නත් පුළුවන්. හැබැයි සම්පුර්ණ ආයෝජනයේ ලාභ පාඩු මිස එක එක ආයතනයේ ආයෝජනවල ලාභ පාඩු බලන එක වැරදියි. සම්පූර්ණ ආයෝජනය ලබා තියෙන නිසා තමයි ඒ කාලේ 12%ක් විතර පොලියක් අර්ථසාධක අරමුදල ගෙව්වේ. ඒත් ගිය වසරේ ලැබුණු පොලිය 9.5%... ඒ ගැන කවුරුත් කතාකරන්නේ නැත්තේ ඇයි?

:       0       0

Don Thursday, 30 January 2020 03:08 PM

ඒ දවස්වල JVP එකෙන් ඔක්කොම දැඩි දඬුවම් දුන්නේ දුගී දුප්පත් ජනතාවට. එකම සල්ලිකාරයෙකුටවත් හිරිහැර නොකර බොරු සමාජ වදයකට රටම ආරාජික කරා. මෙයාලා දැන් පූස් පැටව් වගේ ජනාධිපතිවරණයෙන් ඇපත් නෑ...

:       0       0

Bamunuarachchi Saturday, 01 February 2020 04:38 PM

එතකොට විජේදාසගෙන් ඔහෙලාට ලැබුණේ කාගේ සල්ලිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 131 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 260 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 78 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 525 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 288 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site