IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දිසාපාමොක්ලාගේ ගජබින්නාලංකාරය

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

([email protected],[email protected])

පාසලක් වහනවා යනු හිරගෙවල් 100ක් ඇරෙනවා යන්න බව රටේ ප‍්‍රචලිත කතාවකි. එනම් පාසල් අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණ දරුවන් යහමගට ගැනීම යන්නයි. පාසලකින් දරුවන්ට ලබා දෙන්නේ දැනුම පමණක්ම නොවේ. කුසලතා සහ ආකල්ප ද දරුවන්ට ලබා දීම පාසල් අධ්‍යාපනයේ අරමුණයි. මෙවර සත්‍ය ගවේශණ විශේෂාංගයට පාදක වන්නේ දරුවන්ට පාසලෙන් ලැබෙන සැලකුම් ගැනයි

ගැබ්ගෙන ඇතැයි කියමින් දැරියක පාසලෙන් නෙරපීම ගැන ජනමාධ්‍යයයේ වැඩි කතාබහක් ඇති වූයේ පසුගිය ඔක්තෝබරයේය. සිද්ධිය සැකෙවින් මෙසේය. මඩාටුගම ශ්‍රී රේවත විද්‍යාලයේ දැරියකට වමනය ගියේ කුසගින්නේ සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. ඉන් අනතුරුව  එය විදුහල්පතිනිය දක්වා පාසලේ ඉහළටම වාර්තා විය. ඒ දැරිය ගැබිනියක වීම නිසා වමනය ගිය බවකි. එම පාසලේ ශිෂ්‍ය උපදේශන ගුරුවරයකුද සිටියේය. විනය කමිටුවක්ද තිබුණේය. නමුත් සිදුවූයේ අනෙකකි. හදිසියේ රැස්වූ විනය කමිටුව තීරණය කළේ දැරිය පාසලෙන් ඉවත් කළ යුතු බවයි.

මානව හිමිකම් නීතිය අනුව ගැබ් ගෙන ඇතැයි යන සත්‍ය පදනමින් දරුවකුගේ ඉගෙනීමේ  අයිතිය  උදුරා ගත නොහැකි ය. මෙම දැරිය   ලෙසටම ගැබ් ගෙන ඇතිදැයි සොයා බැලීමට කළ යුතු වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ තිබිය දී ඒ කිසිවක් නැතිව දැරිය පාසලෙන් ඉවත් කළේය. 

ඉන් අනතුරුව දැරියගේ මව සහ පියා විසින් ඇය රෝහල් ගත කරනු ලැබුවාය.  රෝහලේ වෛද්‍යවරුන් දැරිය පරීක්ෂා කළ අතර ඇය ගැබ් ගැනීම්ක් තබා ඒ හා සම්බන්ධ සිදුවීමක්වත් නැති බව අනාවරණය විය. ඒ අනුව වහා සිද්ධිය ගැන පැමිණිලි කිරීමට වෛද්‍යවරු පියවර ගත්හ. ජනමාධ්‍ය ඔස්සේ එම සිද්ධිය වාර්තා කළේ ඉන් පසුවය.

ජනමාධ්‍යවල පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් පැමිණිල්ලක් නැතිවම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කළේය. මුලින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කිහිප දෙනකු මඩාටුගම දැරියගේ නිවසට ගොන් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර ඔක්තෝබර් 30 වැනි දා දෙපාර්ශවයම මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා විමර්ශනයක් පැවැත්වීය.

එම පැමිණිලි විභාගයේදී වින්දිත දැරිය කොමිසම හමුවේ මෙසේ කීවාය.

‘‘ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් 3 වැනි දා පාසලේ උත්සවයක් තිබුණා. එදා   පාසලෙන් කෑම දෙන බව කියා තිබුණා. එනිසා උදේ ආහාරය නොගෙන මම පාසලට ගියා. උදේ 10 වන විටත් කෑම නොදුන් නිසා බඩගින්නට වමනය ගියා. එතනට ආපු ටීචර්ලා ‘මෙයාට සුදු පාටට වමනය යන්නේ බබෙක් හම්බ වෙන්නද දන්නේ නෑ’ කිව්වා. පන්තිබාර ගුරුතුමිය ඇහුවා ‘ඇයි වමනේ දැම්මේ?’ කියලා. ‘උදේට කාලා ආවේ නෑ.’ කියලා මම කිව්වා.  ඉන් පස්සේ චීටර්ලා කීප දෙනෙක් මාව එක්කගෙන පරණ පුස්තකාලයට ගියා. ගිහින් මගෙන් ඇහුවා දරුවෙන් ලැබෙන්න ඉන්නවද? පේ‍්‍රම සම්බන්ධයක් තියෙනවද කියලා.

ඔක්තෝබර් 11 වැනි දා ගුරුවරයකු සහ නියෝජ්‍ය විදුහල්පතිනිය මාව විදුහල්පති කාමරයට ගෙන්නුවා. ‘තමුසෙට බබෙක් ලැබෙන්න ඉන්නවා නම් ඇයි ඉස්කෝලේ එන්නේ? තමුසේ හින්දා අනෙක් ළමයි හදා ගන්න බැහැ. අනෙක් ළමයින්ගේ දෙමාපියන් ආවාම අපිට උත්තර දෙන්න බෑ.’ කියලා බැන්නා. ඒක බොරු කියලා  ඕන නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න යමු කියලා මම කිව්වා. ‘අපිට  ඕවට වෙලාවක් නෑ. හෙට අම්මයි තාත්තයි එක්කන් එන්න.’ කියලා විදුහල්පතිනිය කිව්වා. එදාම මම අම්මයි තාත්තයි දැනුම්වත් කළා.

පහුවදා මම පාසල් ගියා. උදේ 10.15ට විතර සර් කෙනෙක් මට කාර්යාලය පැත්තට එන්න කියලා අතින් කිව්වා. ඒ අනුව මම කාර්යාලයට යද්දී අම්මයි තාත්තයි කාර්යාලයේ ඉන්නවා දැක්කා. අර සර් ‘අස්වීම දෙන්ඩ  ඕනෑ.’ කියලා අම්මටයි තාත්තටයි කිව්වා. ඒ දෙන්නම අඬනවා මම දැක්කා. මම අස්වීමත් අරගෙන ගුරුවරුන් ඔක්කොටම ආචාර කරලා ගෙදර ගියා. සාමාන්‍ය පෙළ විභාගය ලියලා හොඳින් සමත් වෙන්න මම කැමතියි.’’

ඒ දැරිය මානව හිමිකම් කොමිෂන් සභාවට කී කතාවයි. එතැන් සිට කතා කළේ දැරියගේ පියාය. ඔහු මෙසේ ද කියා තිබිණි.

‘12 වෙනිදා විදුහල්පතිනිය හමුවෙන්න  ඕන කම තිබ්බා. කුලී වැඩ ඉවර කරලා විදුහල්පතිනිය හමුවෙන්න යන්නයි හිතාගෙන හිටියේ. පාසලේ ගුරුවරයෙකුගෙන් උදේ 10ට විතර දුරකතන ඇමතුමක් ආවා පාසලට එන්න කියලා. ඒ අනුව බිරිඳ සමඟ පාසල ගියා. ඒ ගුරුවරයා කිව්වා දුව ගැබ්ගෙන තියෙනවා කියලා. ඒ සර් ලියලා තිබ්බ ලියුමකට අත්සන් කරන්න කියලා අපිට කිව්වා. මට කියවිමේ හැකියාව අඩුයි. ඒ නිසා ඒ ලිපියට අත්සන් කළා. බිරිඳ ඉස්කෝලෙන් ඉල්ලූවා දුව වෛද්‍යවරයකුට ඉදිරිපත් කරලා ඉන් පස්සේ ඇය වරදක් කරලයි කියලා ඔප්පු වුණොත් අස් කරන්න කියලා.

‘අපිට ඉස්පිරිතාල ගානේ යන්න වෙලාවක් නෑ. මේ ලියුමට අත්සන් කරන්න.’ කියලා සර් කිව්වා. ඒ වෙලාවේ දුවයි බිරිඳහි හඩා වැටුණා ඉස්කෝලෙන් අස් කරන්න එපා කියලා. ඉන් පස්සේ අර සර් අස්වීමේ ලියුම බිරිඳට දුන්නා. බිරිඳ දුවට කිව්වා විදුහල්පතිතුමියට වඳින්න කියලා. ‘උඹේ වැඳුම් එපා’ කියලා විදුහල්පතිනිය කිව්වා. ඉන්පසු පාසලේ සියලූම ගුරුවරුන්ට ආචාර කරලා දුවයි අපියි පාසලෙන් පිටවුණා.

ඊට පස්සේ දවසේ 13 වැනි දා ගමේ වෛද්‍යවරයා ගාවට දුව එක්කගෙන ගියා. වෛද්‍යවරයාගෙ උපදෙස් අනුව එදා රාත‍්‍රී 7.30ට විතර දඹුල්ල රෝහලට දුව එක්කගෙන ගියා. පසුව දුවව රෝහලේ වාට්ටු අංක 08ට ඇතුළත් කළා. ඉන් පස්සේ 15 වෙනිදා වෛද්‍යවරුන් කිව්වා දුවට කිසිම කරදරයක් වෙලා නැහැ කියලා. 22 වැනිදා මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාටත් යොමු කරලා ආයෙත් දඹුල්ල රෝහලට ගෙනාවා. ඔක්තෝබර් 23 වෙනිදා රෝහලෙන් පිටවෙලා දුව එක්කගෙන ආවා. 

මානව හිමිකම් පරීක්ෂණයට කොළඹ එන්න එපා කියලා දුරකතන ඇමතුම් වලින් තර්ජන ආවා. පිරිසක් ගෙදරටම ඇවිත් කිව්වා යන්න එපා කියලා. ’’

ඒ දැරියගේ පියාගේ කතාවයි.

ගුරුවන් යනු දරුවන්දේ දෙවැනි අම්මා සහ තාත්තා ලෙස ප‍්‍රකට කතාවක් ඇත. ඒ දෙවැනි අම්මා සහ තාත්තා එසේ නැතිනම් පාසලේදී දරුවන්ගේ දෙමාපියන්ගේ හැසිරීම ගැන මේ දෙදෙනාගේම ප‍්‍රකාශ වලින් මනාව තහවුරු වෙයි.

මානව හිමිකම් පරීක්ෂණයේදී හිටපු විදුහල්පතිනිය කියා ඇත්තේ වෙනස්ම කතාවකි.

1-0 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවිය පෙම්වතෙක් සමඟ සිනමා ශාලාවකට ගොස් ඇති බවට පාසල් දිරියන් තිදෙනකු පන්තිභාර ගුරුවරියට දන්වා ඇති බවත්, ඒ අනුව කළබල නොවී විමර්ශනයක් කරන ලෙස පන්තිභාර ගුරුවරියට උපදෙස් දුන් බවත්, ඒ අනුව විනය කමිටුව පරීක්ෂණයක් කර ඇති බවත්, ඉන් පසු දැරියගේ පෙම්වතා සිසුවියකට තර්ජනය කිරීමේ සිද්ධියක් නිසා දැරිය යළි විනය කමිටුවට කැඳවූ බවත් විදුහල්පතිනිය මානව හිමිකම් කොමිෂන් සභාවට කියා තිබේ.

ඒ ගැන දැනුම්වත් කිරීමට දෙමාපියන් කැඳවූ අවස්ථාවේ දෙමාපියන් ආවේගශීලීව හැසිරී දැරිය මහනුවර පාසලකට ඇතුළත් කරන බව කියා අස්වීම ඉල්ලූ බව ද විදුහල්පතිනිය කියා ඇත.

විදුහල්පතිනිය එසේ කීවද වමනය ගැන සිදුවීම සත්‍යයක් බව පන්තිභාර ගුරුවරියගේ ප‍්‍රකාශයෙක් තහවුරු වෙයි. සිසුවියගේ පන්තිභාර ගුරුවරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනයේ දී කියා ඇත්තේ ඔක්තෝබර් 3 වැනි දා සිසුවියට වමනය ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බවයි. ‘උදේ කෑම කාලද ආවේ? මොනවා හරි අසනීපයක් තියෙනවද?’ කියා තමා විමසූ විට ‘කෑම කාලා ආවේ නැහැ’ යැයි ඇය පිළිතුරු දුන් බවත්, ඉන් පසු තමා ආපන ශාලාවෙන් කෙටි කෑමක් සහ තේ ලබා දුන් බවත් පන්ති භාර ගුරුවරිය කියා තිබේ.

ඉන්පසු ඔක්තෝබර් නව වැනි දා තෙක් ඇය පාසලට නොපැමිණි බවත්, දැරියට බබෙක් ලැබෙන්නට සිටින බව ඇගේ මිතුරියන් තමාට දැන්වූ බවත්, තමා එය විදුහල්පතිනියට දැනුම් දුන් බවත්, මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට විදුහල්පතිනිය උපදෙස් දුන් බවත් පන්තිභාර ගුරුවරිය කියා ඇත.

දෙමාපියන් පාසලට කැඳවූ පසු මෙම දැරිය ගැබ්ගෙන ඇති බව විදුහල්පතිනිය කියා ඇති බව ද, මීට පෙරත් විනය ගැටලූ ඇති නිසා දැරිය පරිවාස ගත කිරීමට සිදුවන බව විදුහල්පතිනිය කියා ඇති බව ද, ඒ අවස්ථාවේ දෙමාපියන් ආවේගශීලීව දැරිය පාසලෙන් අස්කර ගෙන ගෙදර තබා ගැනීම අස්වීම දෙන ලෙස ඉල්ලා ඇති බව ද පන්තිභාර ගුරුවරිය කියා තිබිණි.

මේ කතාවේදී මෙතෙක් වේලා ‘සර්’ කෙනෙක් ගැන කතා කළේය. ඒ ‘සර්’ පාසලේ උපදේශන ගුරුවරයාය. උපදේශන ගුරුවරයා මානව හිමිකම් කොමිසම හමුවේ කියා ඇත්තේ දැරිය ගැබ් ගෙන ඇති බවට වෙනත් සිසුවියන් තිදෙනකු කරන ප‍්‍රකාශය ගැන සොයා බලන ලෙස විදුහල්පතිනිය දැනුම් දුන් බවයි. ඒ අනුව පරීක්ෂණයක් කළ බවත්, දැරිය ගැබ්ගෙන නැති බව තහවුරු වුවත් ඒ බව කිසිවකුට නොකී බවත්, දැරියගේ දෙමාපියන් ගෙන්වා දැනුම්වත් කළ යුතු බව විනය කමිටුවේදී තීරණය වූ බවත්, ඒ අනුව විදුහල්පතිනියගේ උපදෙස් මත දෙමාපියන් ගෙන්වීමට ඇමතුම් ගත් බවත් ගුරුවරයා කියා තිබිණි.

සියලූ දෙනාගේ දීර්ඝ ප‍්‍රකාශ ගැන අවධානය යොමු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවසානයේ නිරීක්ෂණය කර ඇත්තේ දැරිය සම්බන්ධ විනය කටයුතු නිසි ක‍්‍රමවේදයට අනුව සිදුවී නැති බවයි.

වමනය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් සිසුවියක ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීම නිසා මඩාටුගම ශ‍්‍රී රේවත විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය, උපදේශන ගුරුවරයා, විනය මණ්ඩලය සහ පන්තිභාර ගුරුවරිය ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කළේය.

එලෙස කටයුතු කළ හිටපු විදුහල්පතිනිය ඇතුළු පිරිසට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා එහි නිර්දේශ මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස එම කොමිසම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට නිර්දේශ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ චක‍්‍රලේඛ අනුව දැරිය සම්බන්ධ විනය පරීක්ෂණ පාසලෙන් පවත්වා නැති බවත්, විනය මණ්ඩලය අත්තනෝමතිකව එකම දිනයක රැස්වී ඉතාම හදිසියේ දැරිය පාසලෙන් ඉවත් කිරීමේ තීන්දුව ගෙන ඇති බවත් කොමිසම නිරීක්ෂණය කර ඇත. දැරිය පාසලෙන් ඉවත් කර ගත්තේ දෙමාපියන්ගේ කැමැත්තෙන් බව වගඋත්තරකරුවන් කීවද, දෙමාපියන් දැරිය ඉවත් කර ගෙන ඇත්තේ විදුහල්පතිනිය, විනය මණ්ඩලය සහ උපදේශන ගුරුවරයාගෙන් ඇති වූ බලපෑම නිසා බව ද, උපදේශන ගුරුවරයා විසින් ලියා දෙන ලද ලිපියකට දෙමාපියන්ගේ ඌන සාක්ෂරතාවය සහ අසරණකම නිසා දෙමාපියන් අත්සන් තබා ඇති බව ද මානව හිමිකම්  කොමිසම සඳහන් කරයි.

ගුරුවරුන් යනු ශිෂ්‍යයන්ගේ ස්ථානීය දෙමාපියන් නම් වූ නීතිමය සංකල්පය අනුව ශිෂ්‍යයන්ගේ සුබ සිද්ධියට හේතුවන අයුරින් කටයුතු කිරීමට ගුරුවරුන් බැඳී සිටින බවත්, මෙම සිද්ධියේදී පාසල් උපදේශන ගුරුභවතාගෙන් එම කාර්ය භාරය සිදුවී නැති බවත් කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ. පාසලක ප‍්‍රධාන පරිපාලනමය නිලධාරිනිය වන විදුහල්පතිවරිය අධ්‍යාපන අමාත්‍යංශ චක‍්‍රලේඛ ගැන සැලකීමකින් තොරව අත්තනෝමතිකව ක‍්‍රියා කර ඇති බව ද කොමිෂන් සභාවේ අවධානයට ලක් වී ඇත.

මේ අනුව විදුහල්පතිනිය, විනය මණ්ඩලය, උපදේශන ගුරුවරයා සහ පන්තිභාර ගුරුවරිය ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ජේදයේ 11 වැනි ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ‘‘කිසිම තැනැත්තු වධ හිංසාවන්ට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.’’ යන වගන්තිය සහ 12 (1) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ‘‘නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය.’’ යන්න උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

දැරිය මේ වන විට වෙනත් පාසලක අධ්‍යාපනය ලබන බැවින් ඇය වඩාත් කැමැත්ත දක්වන්නේ දැනට ඉගෙනුම ලබන පාසලටද එසේත් නැතිනම් කළින් අධ්‍යාපන ලැබූ මඩාටුගම ශ්‍රී රේවත විද්‍යාලයටද යන්න විමසන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නිර්දේශ කර ඇති කොමිසම, දැරිය රේවත විද්‍යාලයට කැමති නම් දින 14ක් ඇතුළත දැරිය ඊට ඇතුළත් කිරීමට ද නිර්දේශ කර ඇත.

දැරිය රේවත විද්‍යාලයට ඇතුළත් කළහොත් නැවත ගැටලූවක් ඇති නොවීමේ පසු බිමක් සෑදීමේ ගැන විදුහල්පති වගකිව යුතු බව ද කොමිසම නිර්දේශ කර තිබේ.

සිසුවකුගේ බරපතල විනය කරුණක් සම්බන්ධයෙන් සාක්කි කැඳවා විනය පරීක්ෂණයක් කරන්නේ නම් පාසලෙන් පරිබාහිරව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ නියෝජිතයකු ඉදිරියේ සිදු කළ යුතු බවත්, දරුවකු විනය ක‍්‍රියාමාර්ගයකට මුහුණ දුන් විට පාසලේදී යම් අගතියක් සිදුවන්නේ ද යන්න කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිරීක්ෂණය කළ යුතු බවත්, එවැනි කරුණක් අනාවරණය වන්නේ නම් ඒ ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දැනුම්වත් කළ යුතු බවත්  අධ්‍යාපන අමාත්‍යංශයට පොදු නිර්දේශ නිකුත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.

දඬුවම් දීමේ ක‍්‍රියාදාමයේ අරමුණ විය යුත්තේ දරුවකු නිසි මගට ගැනීමට මිස දරුවාගේ අනාගතය අඳුරු කිරීමේ අරමුණින් නොවන බව අවධාරණය කරන මානව හිමිකම් කොමිසම පාසල් විනය පවත්වාගෙන යෑම සඳහා වූ අධ්‍යාපන අමාත්‍යංශ 12/2016 චක‍්‍රලේඛය සංශෝධනය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.

දරුවන් සම්බන්ධයෙන් මෙවැනි තීරණ ගත් පළමු අවස්ථාව මෙය නොවේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු පාසලෙන් ඉවත් කිරීම ගැන මෙවැනිම සිද්ධිය මීට වසරකට පමණ පෙර වාර්තා විය. ඒ ගැන ද විමර්ශන සිදු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කළේ සිසුවා පාසලෙන් ඉවත් කිරීම වැරදි බවයි. දරුවා වහාම යළි පාසලට ඇතුළත් කර ගන්නා ලෙස කොමිසම නිර්දේශ කළ අතර ඒ අනුව සිසුවා යළි පාසලට ගැනීමට බලධාරීන්ට සිදු විය.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් මීට මාස එක හමාරකට පමණ පෙර යළිත් එවැනිම සිද්ධියක් වාර්තා විය. ඒ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතැයි කියමින් සිසුවකු පාසලෙන් ඉවත් කිරීමකි. ඒ ගැන මාධ්‍යවල පළ වීමත් සමඟ සිසුවා යළිත් පාසලට ඇතුළත් කර ගත්තේය. ඒ සම්බන්ධ මානව හිමිකම් පරීක්ෂණය තවම අවසන් වී නැත.  විදුහල්පතිටගේ අක‍්‍රමිකතා ගැන ප‍්‍රසිද්ධියේ කතා කළැයි සිසුවකුට උසස් පෙළ ලිවීමට ඉඩ නොදීමේ සිදුවීමක් ද මීට වසර දෙකකට පමණ පෙර වාර්තා විය.

මෙවැනි කතා කොතෙක් වාර්තා වුවද ඊට නැවතීමක් තැබෙන බවක් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබූ එක් කරුනක් යළිත් සිහිපත් කිරීම වටී. එනම් ගුරු විදුහල්පතිවරුන් සිටින්නේ සිසුන් යහමඟට ගැනීමට මිස සිසුන් අමාරුවේ දැමීමට නොවන බවයි. සිසුන් වැරදි කරනවා නම් ඔවුන් නිවැරදි කරවීම ගුරු විදුහගල්පතිවරුන්ගේ වගකීමකි.



අදහස් (12)

දිසාපාමොක්ලාගේ ගජබින්නාලංකාරය

sampath Thursday, 14 December 2017 07:37 AM

බොහෝවිට පාසල් වල ගුරුවරුන් සහ විනය බර ගුරුවරුන් මෙන්ම ගුරුවරුන්ගේ හිතවත් කම් මත පත් කරගනු ලබන ශිෂ්‍ය නායක නායිකාවන්ද පන්ති නායක නායිකාවන්ද විසින් ඔවුන්ට නුරුස්සන සිසු සිසුවියන් පිළිබදව බොරු ගොතා කීමත් අධ්‍යාපනය එපා කරවීමත් තමන්ගේ පුද්ගලික පන්තිවලට සහභාගි වන සිසුන්ට වැඩි ලකුණු ලබාදීමට සහ තරග සදහා ඉදිරිපත් කරවීමත් අප පාසල් යන දිනවලද සිදුවිය.මෙම තත්වය උච්චාතම අවස්ථාවක් වුණේ ඇඹිලිපිටිය පාසලේ සිසුන් ඝාතනය කරවීමට එකී පාසලේම විදුහල්පති වරයා අනුබල දීමයි.....මෙම සිදුවීමේදී පෙනී යන්නේ පාසලේ මීට සම්බන්ද ගුරුවරුන් සහ විදුහල්පතිවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතීන් උල්ලංඝනයට අමතරව විස්වාසය කඩ කර ඇති බවත් දෙමාපියන්ට තර්ජනය කර ලියවිල්ලට අත්සන් ගැනීමත් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දීමත් යන කරුණු අනුව අපරාද වරදක්ද සිදු කල ඇති බවයි .කෙසේ වෙතත් ගෘහස්ථ පරීක්ෂණයක් සිදු කෙරීමෙන් විනය පරීක්ෂණය වැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීම සහ තවත් සම වයසේම සිසුන්ගේ ලබාගත් තොරතුරු මත තීරණ ගැනීම මානව හිමිකම් කොමිසම් නොමග යැවීමට හිතාමතාම බොරු කීම අධ්‍යාපන අමාත්‍යංශය අපකීර්තියට පත් කිරීම යන සියලු කරුණු සලකා බලමි....

:       221       645

Mangala Thursday, 14 December 2017 08:15 AM

මේ පානදුරේ ප්‍රසිද්ධ බෞද්ධ බාලිකාවක විද්‍යා ගුරුතුමියක් ගැනයි .... මගේ පොඩි දුවට පුදුම විදියට පාසලයි විද්‍යා විෂයයි එපාවෙන තරමට වද දුන්නා ! තවත් බෝධිසත්ව ගුරුවරියකගෙන් රහසින්ම උපදෙසක් ලැබුණා කලයුත්ත සම්බන්ධයෙන් ... කාලයයි මුදලුයි ටිකක් වියදම් උනත් ප්‍රතිපල අති සාර්ථකයි ! එම ගුරුවරියගේ මහත්තයාගේ විද්‍යා පන්තියට දුව යැව්වා ...! එදා ඉඳන් සියලු කරදර නිමා උනා ! මේ ගුරුවරුද - ගුරු හොරුද ?

:       163       635

sampath Thursday, 14 December 2017 09:36 AM

ඔබ තුමා කියන එක හරියටම හරි පාසලේ ගුරුවරයා උගන්වන පුද්ගලික පන්තියට නොයන බොහෝ දරුවන්ට මේ වගේ අඩන්තේට්ටම් වෙනවා..... විතරක් නෙවෙයි තමන්ගේ පන්තියට එන ළමයට මාසික ඇගයීම් සහ වාර විභාගවලට එන ප්‍රශ්න (පළාත් කාර්යාලයෙන් ප්‍රශ්න පත්‍ර නොසාදන විට) කලින් සාකච්චා කරලා ඒ ළමින්ට වැඩි ලකුණු ලබාදී අනෙක් ළමයි මානසිකව වැට්ටීම සිදුකරනවා...තමන්ගේ පන්තියට එන ළමින් පමණක් විෂය බාහිර වැඩ වලදීත් ශිෂ්‍ය නායකයන් ලෙස තොර ගෙනීමත් සිදුවෙනවා මේවා නවත්තන්න කලයුතු තමන් පාසලේ උගන්වන විෂය බාහිර පන්තිවලදී ඉගෙන්වීම නතර කල යුතුයි.. ඒ වගේම පන්තියේ පාසල්වල සිදුවන විවිධාකාර වදහිංසා ගෙන දෙනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හදුන්වාදිය යුතුයි . රටේ අනාගතය එක්ක කාටවත් පිස්සු නටන්න ඉඩ නොදිය යුතුයි. ඒ වගේම ගුරුවරුන්ට දී ඇති බාහිර වේද වලින් හැකි පමණ ඔවුන් නිදහස් කල යුතුයි .වැදගත්ම දේ හෝම් වර්ක් හැකිතක් අඩු කලයුතුයි... මොකද හෝම් වර්ක් කරන්නේ අම්මල .ගැටලුව දෙමාපියන්ට අකුරු බැරිනම් මොකද වෙන්නේ ඒ පාසලෙන් කොන් වෙනවා ඇත්තම කියනවනම් ගොඩක් පාසල් වල පුළුවන් ළමයට විතරයි උගන්වන්නේ.........

:       112       251

wimal Thursday, 14 December 2017 09:47 AM

විනය යන්න කුමක් ද යන්න නැවත සාකච්චාවක් කර සියලුම පාසල් වල එකක් ක්‍රියාත්මක කල යුතුයි. එක එක තැන්වල එක එක ගුරු භවතුන් ළඟ විනය යන්නට වෙනස් වෙනස් අර්ථ කථන ඇත.

:       41       42

Raveendra Thursday, 14 December 2017 10:48 AM

මහත්මයා මහත්මිය වෙත ඔබලාගේ අදහස් සමග අපද එකග වන්නෙමු. අද සමාජයේ මුදල් පසුපස හබා යන " ගුරු හොරු " වැඩිපුරම අපට දකින්නට ලැබෙන අතර ඉතාමත්ම අවංකව සේවය කරන ගුරුවරු පිරිසකුත් සිටිනා බව කිව යුතුමය. ශිෂ්‍ය නායක නායිකාවන්ද පන්ති නායක නායිකාවන්ද පත් කිරිමේද ඔබලා දක්වා ඇති අදහස් ඉතාමත්ම නිවැරදිය. පාසැල යන අවදියේම දරුවන් හට එක එක ආකාරයේ පන්දම් ඇල්ලීමට දරුවන් හට සිදුවන බවත් නොකියාම බැරිය. එබැවින් පාසල් යන අවදියේ සිටම දරුවන්ට කොන්ද කෙලින් තියාගැනීමට පුරුදු පුහුණු කරනවට වඩා කොදුනවා ගැනීමට කියාදීම මෙමගින් සිදුවීම අභාග්‍යයකි......

:       58       429

Umaya Friday, 15 December 2017 04:16 AM

මම මංගල මහත්මයාගේ විස්තරයට අදාළ පාසලේ ආදී ශිෂ්‍යාවක් ... මගේ පාසලේ වත්මන් තත්වය ගැන ඉතාමත් කණගාටුවෙන් මේ අදහස් දක්වන්නේ .... ජාතික පාසලක් වන මගේ පාසලෙන් 5 ශිෂ්‍යත්වය, O/L සමත්වූ තම දියණියන් පාසලෙන් අස්කරගෙන පානදුරේම ජාතික නොවන පාසල් වලට ඇතුලත් කරන තරමට දෙමුපියන් මගේ පාසල ගැන කලකිරිලා .... දශක 2කට ආසන්න කාලයක් විදුහල්පති කෙනෙක් එකම පාසලේ රාජකාරී කිරීමට අවස්ථාව ලබාදීමේ දේශපාලන කරුමය මේ ඉරණම අත්වීමට හේතුවයි! ගරු අධ්‍යාපන ඇමතිතුමාට - ඔහුගේ බලදාරීන්ට මේ පාටක අදහස් දකින්නට ලැබී මගේ පාසල් මෑණියන්ට යහපත පිණිස යම් සොයා බැලීමක් කිරීමට අවස්ථාව සැලසේවා යනු මගේ පැතුමයි !

:       30       341

Perakum Friday, 15 December 2017 10:26 AM

මේ සියලු ගැටළු වලට හේතු සොයා බලද්දී අවසානයේ අපි නවතින්නේ රටේ නොදියුණු ආර්ථිකය ලඟයි. රැකියා අවස්ථා සීමිත බැවින් ඒ සඳහා අසීමිත තරඟයක් පවතී. උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා සීමිත බැවින් උපකාරක පන්ති මාෆියාව වැලැක්විය නොහැක. දැඩි නීති රීති යොදා එක්තරා ප්‍රමාණයකට පාලනය කලද එය සාර්ථක නොවේ. මීට ඇති එකම පිළියම රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමයි. ඒ සඳහා පක්ෂ පාට උස් පහත් භේදයකින් තොරව අප එකා මෙන් එක්විය යුතුය. ඒ සඳහා ගත යුතු ප්‍රථම පියවර වන්නේ අප රට කාබාසිනියා කරන කාලකන්නි දේශපාලකයින් පන්නා දැමීමයි. ඒත් ඒ සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවීම අපගේම අවාසනාවයි.

:       0       314

welivita Friday, 15 December 2017 02:46 PM

නරක ගුරුවරු, විදුහල්පතිවරු වුණාම ඔහොම වෙනවා.. කිසිම සමාවක් දියයුතු නොවේ. අහිංසක දෙමව්පියෝ, දරුවෝ ..

:       0       68

lal Saturday, 16 December 2017 06:16 AM

අද කාලෙ ගුරු වෘත්තියට යන්නේ රස්සාවක් හොයලා හොයලා හොයා ගන්න බැරි වුණු අයයි. ඒ අයගේ අන්තිම තුරුම්පුව තමයි ගුරු වෘත්තිය. බොහෝ දෙනා ගුරු වෘත්තියට කැමැත්තෙන් ආව අය නෙවෙයි ඉන්නේ. ආවත් ඒකටම බැන බැන ඉන්නවා මිසක් හරියට වැඩක් කරන්නෙ නෑ. ඒකයි මූලික ප්‍රශ්ණය.

:       0       56

sampath Saturday, 16 December 2017 06:21 AM

රටේ අාර්ථිකය හැමෝටම එක වගේ බලපානවා. අනෙක ඔය තර්කය ඕනේ හොරෙකුට, අපරාධ කාරයෙකුට කියන්න පුළුවන් රටේ ආර්ථිකය නරක නිසා මේ අපරාදේ කලා කියලා සාපේක්ෂ වශයෙන් සමාජයේ ගරු සැලකිලි ලබන සහ ප්‍රමාණවත් වැටුපක් වගේම දිගු නිවාඩු කාලයන් මෙන්ම සවස 2.30න් පසු ගෙදර යා හැකි සේවාවල් බොහොම අල්පයි. ඒ වගේම විශ්‍රාම වැටුපකට පවා හිමිකම් කියද්දී ගුරුවරු අතලොස්සක් හෝ බහුතරයක් මේ විදියට රටේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය නියමින් හෝ අනියමින් වලක්වනවා නම් එ්කට සමාවක් දෙන්න බැහැ. රටේම පොදු නීතියක් පොදු ආචාර ධර්ම පද්ධතියක් වගේම ස්ථාන මාරු ක්‍රමවේදයක් තිබිය යුතුයි. ගොඩක් පාසල්වල විනය කියලා බලන්නේ කිසි තේරුමක් නැති දේවල්.... අනෙක් විනය විරෝධී වැඩක් වුණත් ඒවා මානුෂීයව බලලා පාලනය කරගත යුතුයි. ඔවුන්ගේ වගකීම පහුගිය කාලය පුරාම පාසල් දරුවන්ට ත්‍රස්තවාදී ස්වරූපයෙන් සැලකීම ජනමාධ්‍යයෙන් වාර්තා වුණා. වාර්තා නොවුණු සිදුවීම් කොපමණ ඇතිද?

:       0       37

ranjith Saturday, 16 December 2017 07:22 PM

මේ පාසලේ ගුරුවරු දොස්තර විභාගේ පාස් වෙලා ඇති... කිසිම රසායනික පරීක්ෂණයක් නොකර ගර්භණි භාවය ගැන තීරණයක් දෙන්න. මොවුන්ව ලඟම තිබෙන රෝහලකට මාරුවක් දෙන්න. මොකද එම්බීබීඑස් වගේ උසස් සුදුසුකමක් තියාගෙන ග්‍රාමීය පාසලක උගන්නන එක හොඳ නැහැ.

:       0       95

lc gunathilaka Sunday, 31 December 2017 06:21 PM

මම වෙන රටක පාසලක උගන්නනවා. සීතල කාලෙට ළමයි බොහෝ දෙනෙක් උණ හැදිලා වමනේ දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 103 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 86 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 182 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 368 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 380 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 120 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site