IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ණය අර්බුදයට විසඳුම් සෙවීම

ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය පෞද්ගලික අංශය හා රජය යන දෙපාර්ශ්වයට ම විශාල කනගාටුදායක ගැටලූවක් වී ඇත.  තවමත් සම්පූර්ණ වශයෙන්  විස්තර කළ නොහැකි අතීතයේ පැවැති අති විශාල මූල්‍ය අස්ථාවරත්වය  මීට බොහෝ දුරට බලපා ඇත.

කෙසේ වෙතත් විදේශ ශ‍්‍රමිකයන්ගේ ඉපයීම් පේ‍්‍රෂණ සහ අපනයනවල බිඳ වැටීමත් සහ විශාල වෙළෙඳ හිඟය ද මීට හේතු වූ අනෙකුත් සාධක ලෙස දැක්විය හැක.  2015 වන විට අපගේ වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 8.5ක් පමණ වූ අතර කම්කරු පේ‍්‍රෂණ ඩොලර් බිලියන 6.9ක් පමණ විය.

මේ අතර ප‍්‍රාග්ධන සංචලන සෘණ අගයක් ගෙන ඇති අතර ගෙවුම් ශේෂ හිඟය ඩොලර් බිලියන 1.5 ක් වී ඇත. මේ අතරතුර යහපත් වර්ධනාත්මක තත්ත්වයක් ලෙස දැක්විය හැක්කේ 2015 දී සංචාරක ක්ෂේත‍්‍රයේ ඩොලර් බිලියන 3 ක් ඉපයීම හා සියයට 24 ක වර්ධනයක් හිමි කර ගැනීම බව දැක්විය හැක. එම ක්ෂේත‍්‍රය 2016 දී ඩොලර් බිලියන 3.5 ක දායකත්වයක් ලබා දී ඇත.  

කෙසේ වෙතත් අපගේ වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7 ක පමණ මට්ටමක රඳවාගත හැකි නම්, තාක්ෂණ සේවා, අපනයන, සංචාරක අංශ වලින්  ලබා ගන්නා ඉහළ ආදායමෙන් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් හිමි කර ගැනීමට හැකි බව දැක්විය හැක. එසේ වුව ද ප‍්‍රාග්ධන සංචලන, ඉතිරී කිරීම්වල පිරිහීම  රුපියලේ ස්ථායීතාව පවත්වාගෙන යාම වැනි බාහිර බොහෝ අභියෝග පවතී. අපගේ අපනයන ගත් විට එය ආනයන වලින් සියයට 55ක් පමණි. එබැවින් ශ‍්‍රී ලංකා ආර්ථිකය සඳහා බහු විධ ප‍්‍රතිලාභ ඇති ව්‍යාපෘති සඳහා පමණක් කෙටි කාලීන සීමිත විදේශ ණය මූල්‍යයනය කළ යුතු බව දැක්විය හැක.

තව ද, ණය මූල්‍යයනය කිරීම, ණය පියවීම, ආයෝජන මිත‍්‍ර ප‍්‍රතිපත්ති හඳුන්වා දීම, සෘජු විදේශ  ආයෝජන ආකර්ෂණය කිරීම, අපනයන වෙළඳ සැපයුම් අංශයේ විචල්‍යය කළමනාකරණයට පහසු වන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ද වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත. මේ සියල්ලම ඉටු කිරීමට කාර්යය පිළිබඳ ව අවබෝධයක් සහිත කරගත් පුද්ගලයන් අවශ්‍ය ව ඇත.

2015 වර්ෂය අවසානය වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ඇමරිකානු ඩොලර් බිලියන 81 ක් වූ අතර ඉන් සියයට 60 ක් පමණ විදේශ ණය වේ.   මහබැංකු දත්තවලට අනුව අපගේ මුළු ණය ඇ. ඩො. බිලියන 103 වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 කට ඉතා ආසන්න මට්ටමකි. 

මින්  විදේශ ණය ප‍්‍රමාණය ඇ.ඩො. බිලියන 57 ක් වී ඇත.  එමෙන්ම මේ වන විට  රාජ්‍ය ණය සම්බන්ධව කළ යුතු බොහෝ කාර්ය අතර පළමුවෙන්ම 2015 සිට 2016 දක්වා පැවතෙන ඩො. බිලියන 1.5ක ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කිරීම කළ යුතුයි.

මේ තත්ත්වය සඳහා මූලික හේතුව වූ ඵලදායි නොවන ව්‍යාපෘති සඳහා ගන්නා කෙටිකාලීන ණය සඳහා අසාධාරණ අනුපාත යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. උදාහරණ ලෙස මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට වරාය සඳහා වු ණය පහසුකම් ප‍්‍රතිදානය කිරීමක් මෙන්ම සමාජයේ යහපත සඳහා එම වත්කම් ඵලදායී ලෙස භාවිතය ද අවශ්‍යය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක ගැළපුම් පහසුකම් සහ සංවර්ධන බැඳුම්කර මේ අර්බුදය මඟහරවා ගැනීමට උපකාර කර ඇත. කෙසේ වෙතත් දැඩි මුල්‍ය ප‍්‍රතිපත්ති  හා ෆිස්කල් ප‍්‍රතිපත්ති මෙන්ම සැපයුම් අංශය වර්ධනය කිරීමේ ප‍්‍රතිපත්ති මඟ පෙන්වීම් තිබිය යුතු බව විශේෂයෙන් දැක්විය යුතුය.

මෙම ණය ගැටලූ ඉක්මනින් විසඳීමට අගමැතිතුමා සහ ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතුය.

ඵෙතිහාසික ලෙස ශ්‍රී ලංකාවේ දේශීය ඉතුරු කිරීම් මට්ටම ඉතා පහත මට්ටමකට වැටී ඇති නිසා විශේෂ බාහිර ණය ගැනීම් අධික ලෙස වැඩි වීමට එය හේතු වී ඇත. නිදර්ශකයක් ලෙස සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් උපයන රු. 100 කින්  රු.17 පමණ ඉතිරි කරයි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25 ක් පමණ ඉහළ ආයෝජනයක් නඩත්තු කිරීමට නම් පිටතින් මුදල් ණයට ගැනීමට සිදුවේ. ඒ නිසා ශ්‍රී ලංකාව විදේශ ණය ගැනීම් මත දැඩි ලෙස රඳා පවතියි. මෙය තව දුරටත් ඉහළ යමින් පවතින අතර අඛණ්ඩව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම් හිඟය දිගු කාලයක සිට තවදුරටත් ශ්‍රී ලංකාව තුළ පවතියි. මෙම පරතරය පියවීමට බාහිර මුලාශ‍්‍ර මගින් ණය ගැනීමට සිදුවේ.

රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම් සමඟ සංසන්දනය කිරීමේ දී එය ඉතා පහළ අගයක පවතී. මේ හේතුව මත රජයේ අය වැය හිඟය පියවීමට විදේශීය හා දේශීය මුලාශ‍්‍ර දෙකෙන්ම ණය ගැනීමට සිදු වී ඇත.  එම නිසා රටකට ප‍්‍රධාන වශයෙන් මුල්‍ය විනයක් පැවතීම අත්‍යවශ්‍ය වේ.

මෙම අර්බුදය මඟහරවා ගැනීමට කෙටි කාලීන විකල්ප මාර්ග ලෙස වත්කම් කල්බදු ක‍්‍රමය හා චීනය මගින් ඇ.ඩො. බිලියන 1 ක යෝජිත හුවමාරුව සහ ඉන්දියාව සමඟ වන ඇ. ඩො. බිලියන 1.1 ක් සඳහා මුල්‍ය හුවමාරුව වැනි දෑ රජය සලකා බලමින් සිටී. මෙම සියලූම ක‍්‍රියා මාර්ග  සඳහා දේශපාලන ප‍්‍රතිවිපාක සහ එහි පිරිවැයක් පවතියි. මින් ඉදිරියට පිරිවැය ඉක්මවා පැහැදිලි ප‍්‍රතිලාභ පවතීනම් සහ අපගේ විදේශ විනිමය සංචිත එම ව්‍යාපෘති මගින් ක‍්‍රමයෙන් සිඳී නොයන්නේ නම් සහ ඉදිරියට කරගෙන යන ව්‍යාපෘතිවල ආයෝජනය වැදගත් වනු ඇත.

ඉදිරි වර්ෂ කිහිපය තුළ  මහ පරිමාණ ව්‍යාපෘති වන මෙගා පොලිස්, මහ පරිමාණ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමක් අවශ්‍ය විය හැක. කෙසේ වෙතත් මහ බැංකුව අනුපාත ඉහළ දැමීමෙන් රජයේ අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

මේ අතර තවදුරටත් ඉහළ යන අනුපාත ආර්ථිකයට අහිතකර වන අතර සමස්ත වර්ධනයට ද එය බලපානු ඇත.  මෙම ගැටලූව සඳහා එකම විසඳුම වනුයේ වැඩි ආයෝජන ප‍්‍රමාණයක් ලබා ගැනීම සහ විශ්වාසදායී ලෙස තරඟකාරී හුවමාරු අනුපාත සහ පොලී අනුපාතයක් තිබීම බව කිව හැකිය. 2015 සිට 2017 කාලය තුළ වර්ෂයකින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 6.01 සිට සියයට 10.74 දක්වා වැඩි කර ඇති අතර රාජ්‍ය දේශීය ණය 2015 දී රු.  බිලියන 4278 සිට 5332 දක්වා වැඩි කර ඇත. මේ අතර රජය සඳහා වන ණය ගැනීම්වල අතිරික්ත පිරිවැය රු. බිලියන 315.35 පමණ අගයක් විය හැකියි.

මේ සියල්ලගේම අවසාන බලපෑම බදු මට්ටම ඉහළ යාමට  හේතු වී ඇති බව දැක්විය යුතුය. මේ අතර මුදල් අමාත්‍යාංශය ද රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා බොහෝ උත්සාහ දරා ඇතත් සිදු කළ යුතු බොහෝ දේ තවමත් ඉතුරුව පවතියි.

අප රටක් වශයෙන් අවම වශයෙන් වාර්ෂිකව ඇ.ඩො. බිලියන 1.5 ක වත් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය වෙයි. කෙසේ වෙතත් අප වැඩි වශයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණ කර ගන්නේ නම් ශ්‍රී ලංකාව ආයෝජන කේන්ද්‍රයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීම අවශ්‍ය වෙයි. රටේ කාලීනව ශ‍්‍රම බලකායේ ඵලදායීතාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය නිපුණතා සහ අධ්‍යාපනය මත ආයෝජන ඉහළ නැංවිය යුතුය.

අපගේ ශ‍්‍රමිකයන්ගේ හැකියා කෙටි කාලයක් තුළ ඉහළ නැංවීම මගින් අභ්‍යන්තර පේ‍්‍රෂණ  වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙයි.  අභ්‍යන්තර පේ‍්‍රෂණවල රඳා පැවැත්ම දී තිබෙන අපගේ වර්තමාන දිගුකාලීන නොවන අතර එය දිගු කාලීනව ස්ථාවර වියයුතුය.  විදේශ ණය ගැනීම් හා සෘජු විදේශ  ආයෝජන වෙනුවට අපට අවශ්‍ය වනුයේ ණය මුල්‍යනය කර ගැනීමයි. කෙසේ වෙතත් නිර්නියාමනය සහ දේපළ අයිතීන් සහ හිමිකම් අයිතීන් ආරක්ෂා කිරීමට සංවර්ධන අභිමුඛ ආයෝජන පරිසරයක් අවශ්‍ය වනු ඇත.

වාණිජ අපනයන සේවා වැඩි කිරීමට GPS සමඟ මධ්‍යකාලීන සැලසුමක් ශ්‍රී ලංකාවට ඉක්මනින් අවශ්‍ය වේ. ශ්‍රී ලංකානු ආර්ථිකය බොහෝ ප‍්‍රබල අභියෝගවලට කලින් මුහුණ දී ඇත. එම නිසා අප දකුණු ආසියාව තුළ උපාය මාර්ගික පිහිටීම හා අති විශාල කිර්තිනාමය අවසාන මාස 24 තුළ දී අන්තර් ජාතික ප‍්‍රජාව සමඟ අත්කරගෙන ඇත. එබැවින් සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රතිලාභ සඳහා එම සම්බන්ධතා දක්ෂ ලෙස ප‍්‍රයෝජනයට  ගැනීමට කටයුතු කළ යුතුය.



අදහස් (0)

ණය අර්බුදයට විසඳුම් සෙවීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 156 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 118 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 203 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 208 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 691 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 945 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site