IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ජනපති ඡන්දයේ ලයින් එක

දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණයට විශාල අවධානයක් දෙන නිසා පමණක් නොවේ. මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම පිටින් සිටින නිර්පාක්ෂික සමාජය මේ ජනාධිපතිවරණය පිළිබඳව දක්වන උනන්දුව අනෙක් හැමවතාවකටම වඩා වැඩි බව මගේ තේරුම් ගැනීමය.

ඒ නිසාම මේ වාරයේ ජනාධිපතිවරණය කියන්නේ එකවිටම සටන් පාඨ දෙකක් ඉදිරියට දැමිය යුතු ඡන්දයක් බව මේ නිසා පෙනී යන කාරණයය. සටන් පාඨ දෙකක් යැයි කීවේ එකක් තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් දැමිය යුතු නිසාය. අනෙක් සටන් පාඨය  නිර්පාක්ෂික ඡන්ද දායකයන් වෙනුවෙන් දැමිය යුතු නිසාය.

දේශපාලන සමාජයේ විවිධ පක්ෂවලට සම්බන්ධව සිටින ජනතාව මේ වනවිටත් ප්‍රධාන ධාරවේ දේශපාලනය වෙත නිශ්චිත වශයෙන්ම බෙදී සිටින බව අප හැමෝම දන්නා කාරණයක්ය. සිංහල ගමකට ගියොත් ඒ ගමේ ඡන්ද පෙට්ටියේ එජාපයට ඡන්ද කීයක් තිබේද සහ එයට විරුද්ධව පෙහොට්ටුවට කීයක් තිබේද කියන කාරණය හුඟක් දුරට නිවැරැදිව කිවහැකිව තිබෙන බව ගමේ දේශපාලනය කරන ඇත්තෝ දනිති. ඒ නිසාම මීට පෙර කාලවල ඡන්දයක් පටන් ගන්න කොටම එහි ජයග්‍රාහකයා කවුදැයි කීමේ හැකියාවක් සාමාන්‍ය ජනතාවට තිබුණි. කොටින්ම කියනවා නම් මීට පෙර ඡන්දවලදී ඡන්දදායකයන්ගෙන් බහුතරය හිටියේ කුමක් හෝ පක්ෂයකට ගැට ගැසීලාය. පක්ෂයකට අයිති නැති කාණ්ඩය වශයෙන් හිටියේ ඉතාමත් සුළුතර කණ්ඩායමක්ය. එහෙත් ඒ තත්ත්වය පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් පසුව වෙනස් වී ඇත. දැන් පාක්ෂිකයන්ගේ සංඛ්‍යාවේ ගණනටම නිර්පාක්ෂිකයින්ගේ ගණන ද සමාන වී තිබේ. ඒ හේතුව නිසාම මෙවර ජනාධිපතිවරණයේ ඍජු පණිවිඩ දෙකක් එක සටන් පාඨයකින් ලබා දීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබෙන බව පැවසීම ඉතාමත් නිවැරදිය.

නිර්පාක්ෂිකයන් ලෙසින් පෙනී සිටින බොහෝ අය විවිධ ආකාරයේ වෘත්තීය සංවිධාන ගොඩනඟා ගනිමින් සිටින්නේ මේ කියන අලුත් දේශපාලන ප්‍රවනතාවය හේතුවෙන්ය. පසුගිය සති අන්තයේ කොළඹ පැවති ස්වකීය ජාතික සම්මේලනය පැවැත් වූ වියත්මඟ සංවිධානයක් මුලින්ම ගොඩනැගුණේ සාම්ප්‍රදායික දේශපාලන ආකෘතියට පිටින් සිට රටේ ප්‍රශ්න දෙස බැලීමේ යාන්ත්‍රණයක් ලෙසින්ය. එවැනි ආකාරයේ වෘත්තීයවේදීන්ගේ අලුත් සංවිධානයක් වෙනත් ක්ෂේත්‍රවලද පසුගිය කාලයේ ගොඩනැගුණේ දේශපාලනය යනු අලුත්ම ආකාරයේ ව්‍යාපෘතියක් බවට මේ සමාජයේ අලුත් වටිනාකමක් එක් කරමින් බව මගේ අදහසය.

දැන් මේ ජනාධිපතිවරණයෙන් රට ඉල්ලන්නේ කුමන ආකාරයක නායකයකු ද යන කාරණය තවමත් පවතින්නේ සංවාදාත්මක තත්ත්වයකය. ඉදිරි සති කීපය තුළ ඒ ඒ පක්ෂ හෝ ඒ ඒ අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් ඉදිරිපත් කරනු ඇත්තේ තම පක්ෂයේ අපේක්ෂකයා ජයගතහොත් කරන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳවය. තවත් පැත්තකින් ඒ ඒ අපේක්ෂකයන් රට පිළිබඳව තමන් සිතන ආකාරය ගැන අලුත් යමක් ප්‍රකාශ කළ හැක්කේත් මේ කියන කාලය තුළදීය.

මේ රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාව වියයුත්තේ ආර්ථිකයද එසේත් නැතිනම් වෙනත් කාරණයක්ද යන ප්‍රශ්නය යළිත් වතාවක් දේශපාලනයේ න්‍යාය පත්‍රයට පැමිණීමට නියමිත බව අප කාටත් පෙනී යන වැදගත් කාරණයක්ය.

2015 මේ රටේ ජනාධිපතිවරණ දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ආර්ථික ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව නොවන බව සමහරුන්ට තාමත් මතකය. එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය 2010 සිට දියත් කළ සුවිශාල ආර්ථික සංවර්ධන මොඩලය ප්‍රශ්නයට ලක් කිරීම 2015 ජනවාරිවරුන්ගේ දේශපාලනයේ පදනම බවට පත්වීම තේරුම් ගත යුත්තේ ග්‍රාමිස්චියානු අර්ථයෙන්ය.

අන්තෝනියෝ ග්‍රාමිස්චි කියන්නේ ඉතාලියේ කොමියුනිස්ට් පක්ෂයේ 1920 පමණ කාලයේ සිටි නායකයෙක්ය. ඔහු ඇතුළු කණ්ඩායම විසින් 1922 වර්ෂයේ ආරම්භ කරන ලද ඉතාලියේ විප්ලවය 1917 ලෙනින්ගේ විප්ලවය මෙන් ජය ගත්තේ නැත. ඒ පරාජයෙන් බලයට පැමිණියේ දෙවැනි ලෝක යුද්ධයේ බරපතළ චරිකයක් වූ බෙනීටෝ මුසලෝනිය. ඒ ඡන්දයෙන් බලයට පැමිණි බෙනීටෝ මුසලෝනිගේ පක්ෂය විසින් ග්‍රාමිස්චිව ඉතාලියේ සිර ගෙදරට යැව්වේය. පසු කාලයේ සිරගෙදර සටහන් හෙවත් Prison Notes කියා ප්‍රකාශයට පත්වී ඇත්තේ ග්‍රාම්ස්චි සිර මැදිරිය තුළ සිට ලියූ සටහන්ය. ඒ ලේඛනවල ඔහු කියන එක කාරණයක් වන්නේ සමාජයක හැසිරීම සාම්ප්‍රදායික මාක්ස්වාදී අර්ථයෙන් ආර්ථික සාධකය මගින් තීරණය වෙන්නේ යැයි කියවුණත් එය හැමතැනටම නිවැරැදි කාරණයක් නොවන බවය. ග්‍රාමිස්චිට අනුව සමහර සමාජවල දේශපාලන වෙනස්කම් සඳහා පදනම් වන්නේ ආර්ථික සාධකය නොව සංස්කෘතික හා දේශපාලන සාධකයන් බව කැපී පෙනෙන කාරණයකය. තමා කනබොන දේවල් හෝ වෙනත් ආර්ථික තත්ත්වයක් හෝ දෙස නොබලමින් නොපෙනෙන ලෝකය පිළිබඳව ඉදිරිපත් කරන අලංකාරිකයන් මත දේශපාලන බලය හුවමාරු වෙන බවට අවස්ථා පවතින බව තේරුම් ගත යුත්තේ ග්‍රාමිස්චියානු අර්ථයෙන් යැයි මා කීවේ ඒ නිසාය.

2015 ජනවාරිවරුන් ඉදිරිපත් කළ යහපාලනය කියන්නේම කිසිවෙකුත් තේරුම නොදන්නා නොපෙනෙන ලෝකයක් පිළිබඳව ඉදිරිපත් කළ ‘කෙබරයක්’ බව මේ වනවිට නොදන්නා කෙනෙක් නැතිවා වගේය. එහෙත් එවැනි අලංකාරිකයක් දෙස බලමින් ගමන් කිරීමට ජනතාව එකඟ වූ බව පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන කාරණයය. පැරණි කියමනක එන්නාක් මෙන් 2015 සිදුවුණේ ‘නොදන්නා මුවන් වෙනුවෙන් නෙළුෑ පළා’ කැපකරන ආකාරයේ වැඩක් බව සමහරුන්ගේ තේරුම් ගැනීමය. තමන් හොඳින් දන්නා ආර්ථික ජයග්‍රහණවලට වඩා නොපෙනන යහපාලන සිහිනයකට ඡන්දය ලබාදීම සුදුසු යැයි සිතන්නේ ඒ ආකාරයෙන් දේවල් තේරුම් ගැනීම නිසාය. දැන් මේ ජනාධිපතිවරණයේ දේශපාලන න්‍යාය පත්‍රය මූලික වශයෙන් පදනම් විය හැක්කේ ‘නොපෙනෙන යහපාලන කතාවලට නොව බිම පැළ කළ හැකි ආර්ථික සංවර්ධනයේ දිසාවකට’ බව මගේ තේරුම් ගැනීමය. වියත්මඟ වැනි වෘත්තීයවේදීන්ගේ ව්‍යාපෘති වෙතට වැඩි ආකර්ෂණයක් සමාජයෙන් යොමුවී තිබෙන්නේත් මේ කියන ප්‍රායෝගික ප්‍රතිපත්ති පදනම නිසාය.

මේ ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයෙක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන කතා මගින් පෙන්නුම් කරන්නේ එතුමාගේ දේශපාලන දිසාව යෝජනා කෙරෙන්නේ වඩා සංවර්ධනකාමී තත්ත්වයක් ගොඩනැඟීමේ පරමාර්ථයෙන් බවය. ආර්ථික සංවර්ධනය සහ ජාතික ආරක්ෂාව ඒ සාකච්ඡාවල ප්‍රධානත්වයක් ගන්නා දැනටමත් ඉතාමත් පැහැදිලි කාරණාවක්ය. අනෙක් අතට මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිසාව යැයි පෙනී යන්නේ අලුත් ව්‍යවස්ථාවක් හැදීම සඳහා මේ රජය ගත් උත්සාහයේ මීළග පියවර ගොඩනැඟීමේ පැත්තට බව ඒ මහතා පසුගිය දවසක යාපනයේ කළ කතාවෙන් පෙන්නුම් කර තිබුණි.

මීට අමතරව සජිත් ප්‍රේමදස මහතාත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව කියන අතර ඔහුගේ දේශපාලන දිසාව වශයෙන් පෙන්නුම් කරන්නේ කුමක්දැයි පැහැදිලිවම කීමේ හැකියාවක් නොමැත්තේ විවිධතාවකින් යුත් ප්‍රකාශ දිනපතාම අසන්නට ලැබෙන නිසාය. ඒ මහතාගේ සංවර්ධන උපායමාර්ගය වන්නේ ජනතාවට නිවසක් සාදා දීම ඇතුළු සුබසාධන ව්‍යාපෘති ගෙන ඒම යැයි ඔහුගේ කතාවලින් පෙන්නුම් කළත් ආර්ථික හෝ ආරක්ෂාව පිළිබඳ ඔහුගේ පාලනයක් තුළ දෙනු ලබන ප්‍රමුඛතාව කවරේදැයි තවම කාටවත් කියන්නට හැකියාවක් නැති බව පෙනී යන කාරණයය.

මේ ප්‍රධාන අපේක්ෂකයන්ට අමතරව ජවිපෙ නායකයාත් මේ ජනාධිපතිවරණයට තරග කරන බව ගෝල්ෆේස් පිටියේදී පැහැදිලිවම කියා සිටි නිසා ඔහු යෝජනා කරන දිසාව කුමක් විය හැකිද යන්නත් අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. පැරණි කියමනක එන ආකාරයට කිවහොත් ජවිපෙ වැනි පක්ෂ හැමදාම සිතුවේ ‘කෙසෙල් ගසක් සිටවන්නේ කෙසේද? කියා නොව අනුන් සිටවූ කෙසෙල් ගසක ගෙඩි බෙදන්නේ කෙසේද’ කියන කාරණය නිසා මේ වතාවේත් ඒ අයගේ දේශපාලන දිසාව මනෝරාජක තත්ත්වයකින් එහාට යන්නේද යන කාරණය විමසීම ඉතාමත් වැදගත්ය.

මේ ප්‍රධාන දේශපාලන ධාරා හැම එකක්ම මේ ජනාධිපතිවරණයේදී තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළ යුත්තේ ස්වකීය දේශපාලන මැදිහත්වීමෙන් විසඳන්නට යන්නේ කුමන අභියෝගයක්ද යන කාරණය සිතේ තබා ගෙන බව මෙහිදී තේරුම් ගතයුතු වැදගත්ම කාරණයක්ය. අනෙක් අතට මීළඟ දේශපාලන වෙනස්වීම හුදු දේශපාලන කයිවාරුවකට එහා ගිය සමාජ හා ආර්ථිකමය වෙනසක් යෝජනා කළ යුතු බව මේ වනවිට මේ රටේ සෑම ක්ෂේත්‍රයකම මතුවෙමින් තිබෙන යෝජනාව බව පිළිගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍යය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චරිත හේරත්



අදහස් (11)

ජනපති ඡන්දයේ ලයින් එක

K.s.c perera Thursday, 12 September 2019 10:22 PM

රටට අවශ්‍ය අඩුම තරමින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වත් කියවා ඇති ජනපති කෙනෙකි. වත්මන් ජනපති, අගමැති, කතානායක නම් ව්‍යවස්ථාව කියවා නැත.

:       0       83

Dayan Friday, 13 September 2019 04:54 AM

මේක තනිකරම පක්ෂග්‍රාහී ලියැවිල්ලක්...

:       330       1383

චන්ද්‍රිකා ලන්ඩන් Wednesday, 18 September 2019 11:07 AM

දයාන් ඔබ හරි... චරිත හේරත් යනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකි..

:       2       0

sena Friday, 13 September 2019 08:57 PM

අනාගතයේ රට පාලනය කිරීමට සුදුස්සා ගෝඨාභයයි. මෝඩයන්, හොරුන් සහ තක්කඩින්ට නැවත බලය ලබා දුන්නොත් සිංහල රටක් සහ බෞද්ධ ආගමක් ගැන සිතීම පවා මෝඩකමකි. රට තවදුරටත් අවුල් වී බටහිරයන්ට හා දෙමල ජාතිකයන්ට යටත්වනු ඇත.

:       351       432

chandrika londonWednesday, 18 September 2019 11:57 AM

සේන, ඔබ ඉන්නේ ලංකාවේ නෙවේද? අධිකරණ නඩු මඟහැර යන ජනාධිපති තනතුරට පත් කරන්න මේ වගේ පුද්ගලයෙක් රටට ඕනෑද? නඩු ගණනාවක චූදිතයකු ලෙස නඩු පවරා ඇති මොහුට පුළුවන්ද නිවැරදි පාලනයක් තුළ රට නිවැරදි මාවතකට ගෙනියන්න.. තවමත් නොවිසඳුණු නඩු ගණනකට පැටලී සිටින සහෝදර සමාගමට විරුද්ධව මේ රජය කිසිඳු ආකාරයකට පියවරගෙන නොමැත. මේ රජයත් දූෂණයට වගකිව යුතුමයි. සිංහල, ජාතිය සහ ආගම රකින්නට පෙර නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු මේ රටේ සියලු ජනකොටසට නිදහසේ ජීවත් වීමට සාධාරණ සමාජයක්, සමාන රැකවරණයක් නිර්මාණ කළ යුතුවේ. එවිට නිරායාසයෙන්ම සාමූහික සමාජයක් ගොඩනැගෙනු ඇත. මිනිස් මූලික අයිතිවාසිකම් වන හිසට වහලක්, ජීවත් වීමට සුදුසු අවම ආර්ථිකයක්.. සැමට හොඳ අධ්‍යාපනයක් තුළින් පමණි. රට සංවර්ධන කළ හැක්කේ... රටේ උපත ලැබූ සියලු ජන කොටස් රටේ නීතියට අවනත වියයුතුයි. ඒ වගේම සියලු ජන කොටස්වල ජීවිතයට වගකිව යුත්තේ රට පාලනය කරන නායකයින්ය.. නායකයා දේශීයත්වය අගය කරන සරල නායකයෙක් වියයුතු අතර මහජනයා සතු ධනය මංකොල්ල කන, දූෂිත පාලකයෙක් නොවිය යුතුයි.

:       213       233

kamaniFriday, 20 September 2019 06:18 PM

තියෙන නඩු හැට හුටාමාර තියෙන්නේ කරපු ඇට්ටර වැඩ වලට විරුද්ධව තමයි. කොහොමත් එයා කුඩුවට යනවාමයි.

:       15       36

Chanak los angeles Saturday, 14 September 2019 11:14 PM

මේ ලියුම්කරුට අපි කියනවා කොයි අපේක්ෂකයාගේ දේශපාලන මතයන් ගැන කීවත් ගෝඨාගේ දේශපාලන මතයන් කීමට සදාචාරාත්මක අයිතියක් නැත කියා... මන්ද ඔහු රටේ අපේක්ෂකයෙකු වශයෙන් තරඟ කිරීමකට ඉදිරිපත් කරවීමකට සුදුසු පුද්ගලයෙක් නොවන නිසා... ඔබ ඔහු ගැන ලියනවා නම් ලියන්න ඕනේ ඔහු විසින් රටේ කරන ලද සාපරාධී අපරාධයන් හා අපරාධ නඩුවලට මුහුණ දී සිටින හා නඩුවලින් මගහැර යන්න බලන පුද්ගල ක්‍රියාකාරකම් පමණි...

:       208       722

Gajaba Sunday, 15 September 2019 02:40 AM

කොළ පාට කණ්ණාඩිකාරයෙක් නේද? ලිපියේ තියෙන්නේ බොරු නෙමෙයි. ඇත්ත තිත්තයි, නමුත් ඇත්තයි.

:       1       130

chandrika londonWednesday, 18 September 2019 12:01 PM

මොහු රාජපක්ෂ වාදියෙක්...

:       62       0

Nalaka Tuesday, 17 September 2019 05:31 PM

ඇයි මෙතන නැති කෙනෙක් එන්න බැරිද? පක්ෂග්‍රාහී ලිපි දැම්මට දැන් මිනිස්සු මෝඩ නැත.

:       0       0

mara Saturday, 21 September 2019 06:01 AM

මෙතන පෙනෙන තෙක්මානයක ඔලුවක් ඇති කෙනා අනුරයි. රට බේරාගැනීමට ඔබට අවශ්‍ය නම් පමණක් අනුර දිනවන්න. ඔබ කෙසේවෙතත් ඔබගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වනු ඇත.

:       29       435

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 296 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 257 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2217 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 206 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 151 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 782 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site