IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති අතීතාවර්ජන කතාවට කාගේත් සැලකිල්ල ඕනෑ

‘‘ප්‍රභාකරන්ලා බිහිවීමට සිංහල මහත්වරුන්ද වගකිව යුතුයි’’ යනුවෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නොබෝදා පැවැති පොත් දොරට වැඩුමකට එක්වෙමින් ජනාධිපතිවරයා අතීතයේ එනම් පාසල් සමයේ පොලොන්නරුවෙන් දුම්රියෙන් කොළඹ එද්දී සිදුවූ අතීතාවර්ජනය මෙසේ පැවසීය.

‘‘සංහිඳියාව බිඳුණු තැනක් ගැනයි මම මේ කියන්නේ. මඩකලපුවෙන් එසමයේ එන කෝච්චියට වැඩිපුර නගින්නේ දෙමළ හා මුස්ලිම් ජනතාව. සිංහල මිනිස්සු හරි අඩුයි. මඩකලපුවෙන් මේ කෝච්චිය එන්නෙත් හොඳටම පිරිලා. පොලොන්නරුවෙන් නගින්නත් ඉඩ නැහැ. අපේ සිංහල මහත්වරු මොකද කළේ? ඒ දේ මම දැක්කේ එක දවසක් දෙකක් නොවෙයි. අපේ සිංහල මහත්වරු අාසනවල වාඩිවෙලා හිටපු දෙමළ මිනිසුන්ව දරුවන් එක්ක ගහලා ඇදලා බිමට තල්ලු කරනවා. සීට්වලින් තල්ලු කරනවා. පුංචි දරුවොත් එක්ක. ‘‘අයියෝ සාමි’’ කිය කියා කෑ ගසා ඔවුන් ටොයිලට් අස්සේ හැංගෙනවා. අපේ සිංහල මහත්වරු හැසිරුණේ එහෙමයි. අපේ වැදගත් සිංහල මහත්වරු සීට්වල වාඩි වුණා. ඊට පස්සේ නිදාගත්තා. ප්‍රභාකරන්ලා හැදුණේ එහෙමයි.’’

දුරාතීතයට අයත් ජනාධිපතිවරයාගේ මෙම මතකය වර්තමානයට අතිශයින්ම වැදගත්ය. මන්දයත් අතීතයේ ඇති සත්‍ය දැකීමට තරම් විසල් මනසක් නිර්මාණය කර ගැනීම අනාගතය විසින්  වැළැක්වීමේ පළමු පියවරය.

අප රට තිස් වසරක් පුරා යුද අග්නියෙන් දැවුණේය. තැවුණේය. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා එම යුද්ධයෙන් අනන්තාපරිමාන ලෙස පීඩාවට පත්වූහ. ඒ යුද්ධය නිසා මේ රට සියවස් ගණනාවක් ආපස්සට ගියේය. උතුරේ තරුණයන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පරිවර්තනය කිරීමට ප්‍රභාකරන් සමත් විය. ඒ හරහා දෙමළ සමාජය ද යුද නරකාදියේ ගිල්වා තැබීමට ප්‍රභාකරන් කටයුතු කළේය.

හේතුවකින් තොරව ඵලයක් ඇති නොවන බව විද්‍යාත්මක වූවකි. ජනාධිපතිවරයාගේ දුරාතීතයේ මතකය තුළ රැඳී තිබෙන්නේ ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමට බලපෑ සාධක අතරින් වැදගත් හා ප්‍රබලම සාධකයකි. සමාන අයිතිවාසිකම් හිමි විය යුතු වුවද කතා කරන භාෂාවට අනුව හා අදහන ආගමට අනුව වෙනස්ය. සැලකීම්වලට ලක්වන්නේ නම් එමගින් නිපැදෙන්නේ ආවේගයකි. මනුෂ්‍යත්වයේ අසරණකම මගින් නිපැදෙන වේදනාව බෝම්බයක්ව පුපුරා යාම එක් අතකින් බලාපොරොත්තු විය යුත්තකි.

ප්‍රභාකරන්ට යුද වැදීමට වුවමනා වූ පලියටම ඒ සඳහා බල සේනාවක් සංවිධානය නොවේ. එයට හේතු තිබිය යුතුය. දුරාතීතයේදී දෙමළ ජනයා අත්විඳි කටුකත්වය ජනාධිපතිවරයා මැනැවින් පැහැදිලි කර ඇත. ඒ අයුක්තිය, ඒ අසාධාරණය කුමක් පිණිස ඉවසිය යුතු ද? මානව ගරුත්වය කීතු කීතු කොට ඉරා දමමින් වැදගත් සුදු මහත්වරුන්ගේ හැසිරීම එම දෙමළ ජනයාට තමන් දෙවැනි පන්තියේ පුරවැසියන් බවට පත්වී ඇත යන මනෝභාවය රැගෙන ආවාට සැක නැත. අප ගැඹුරින් තේරුම් ගත යුතුව ඇති සත්‍ය වන්නේ එයයි. ජනාධිපතිවරයා එම ප්‍රකාශයෙන් එක් තැනක මෙසේ කියයි. ‘‘අම්මාට තාත්තාට  ගහලා බිමට ඇදලා දැම්මාම අර පොඩි දරුවන් හැංගුණා. එහෙම හැංගුණ පොඩි දරුවන්ට සිංහල මහත්වරු ගැන කොහොම වෛරයක් ඇති වෙන්න ඇතිද?’’

‘‘අන් ජාතිකයන් පීඩාවට පත්කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’’ යැයි කාල් මාක්ස් ලීවේය. එය සත්‍යයකි. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ද එයම වෙනස් ආකාරයකිනි. කලුගල් පව්ව බිඳී යන්නේ සිය වැනි කුළුගෙඩි පහරින් විය හැකිය. එහෙත් එම කළුගල තුළ කුළුගෙඩි පහරවල් අනූ නවයක දෙදරුම් කෑම තිබේ. අප යළිත් වර්ගවාදී යුද්ධයක් නොපතන්නේ නම් ඒ කරුණු එයට හිමි නිසි බරින්ම හඳුනාගත යුතුය.

සංහිඳියාව යන වචනය මෙකල නිතර නිතර කියැවෙන්නකි. එහෙත් එය යථාර්ථයක් බවට පත්වීමට නම් ඒ සඳහා දියුණු විධිමත් යාන්ත්‍රණයක් තිබිය යුතුය. අගමැතිවරයා උතුරට ගොස් දමිළ ජනයා හමුවේ ප්‍රකාශ කළේ ‘‘යුද්ධයේදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම් අමතක කළ යුතු බවය. එයට සමාව දිය යුතු බවය. තුවාල පාර පාරා සිටිය යුතු නැති බව’’ අගමැතිවරයා විවෘතවම ප්‍රකාශ කළේය. සහජීවනය අර්ථවත් වන්නේ එමගිනි. මුළු රටම එකම මිනිස් පවුලක් බවට පත්ව කටයුතු  කළ යුතුය. එහිදී තමන් අතින් සිදු විය හැකි වැරැදි සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයකින් පසු විය යුතුය. ජනාධිපතිවරයාගේ අතීත මතක වඩාත් වැදගත් වන්නේ ද ඒ අර්ථයෙනි.



අදහස් (4)

ජනපති අතීතාවර්ජන කතාවට කාගේත් සැලකිල්ල ඕනෑ

janahitha Monday, 11 March 2019 11:16 AM

සුළුජාතීන්ගේ අනුකම්පාව දිනාගැනුමට ඇදබාන කෙබර, ප්‍රභාකරන්ලා බිහිවුනේ ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන්ගේ රෙදි ගැලවෙනකොට නිරුවත් උන, ලාබ අඩුවෙනකොට, මහජාතියකට අඩන්තේට්ටම් කිරීම අතින් ගිලිහෙනකොට ඇතිවන ඊර්ෂියාවේ උපරිමයට ගිය තිඹිරි ගෙවල් වල සුජාතයින්ගෙන් කියලා බහුතරය දන්නවා.. නිකන් ගැලරි කතා එපා.

:       246       2

samanMonday, 11 March 2019 03:56 PM

ඔයාගේ කමෙන්ට් එකේ අගක් මුලක් නෑනේ...

:       1       9

Samathasena A . Aluthgamage. Thursday, 14 March 2019 02:56 AM

ඉතාමත් සත්‍යවාදී බුද්ධිඝෝචර කරුණු අඩංගු ලිපියක්. එයට අපගේ ප්‍රණාමය. සත්‍ය වශයෙන්ම අප අතින් බොහෝ වැරදි සිදුවුනා. මේවා කතා කලොත් ප්‍රශ්නය දෙස සාධාරණව නොබලන අය අප හා උරණ වේවි.

:       0       32

hesa Friday, 15 March 2019 06:50 AM

තස්ත්‍රයන් සමග ඇති වෙරයක් නැත. ත්‍රස්තයින් හෙළ දැකීම කළ යුතුය...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 259 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 411 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 235 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 638 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 759 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2863 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site