IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපති අතතියන්න වටින වැඩක්

(කාංචන කුමාර ආරියදාස)

තුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ඉල්ලා   සහ  පහ වසරේ ඉගෙන ගන්න  සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් ඉල්ලා හඬා වැටෙන පහ වසරේ සිසුවියක් පිළිබඳව සංවේදී පුවතක් ඇළහැර බකමූණ මහා විද්‍යාලයෙන් වාර්තා විය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට  අයත් බකමූණ ඇළහැර විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ දුවාදරුවන්  ටකරන් කැබලි සෙවිලි කළ ඉටිරෙදි  වලින් ආවරණය කළ මඩුවක අධ්‍යාපනය ලබන බව දෙමාපියෝ පවසති.

වසර හතළිහකට වැඩි කාලයක සිට කිසිදු සංවර්ධනයකට ලක් නොකිරීමෙන් ගොඩනැගිලි අබලන්ව ගුරුවරු අහිමිව විදුහල්පතිවරයෙකු නොමැතිව ඉතා අපහසුතා මධ්‍යයේ දරුවන් අධ්‍යාපනය ලබන බව දෙමව්පියෝ දැනුම් දුන්හ.

එම පාසලට ගිය අවස්ථාවේදී මෙවර 5 වසර  ශිෂත්ව  විභාගයෙන් සමත් වූ දැරියක දැඩි  සංවේදීව හඬා වැටෙමින් තම විද්‍යාලයට සිදුව ඇති විපත පිළිබඳව සඳහන් කළාය.

පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පාසල අබලන්ව ඇති ගොඩනැගිලි උල්දිය දැමීම හේතුවෙන් පන්ති කාමර රැසක් ජලයෙන් පිරී ගොස් පවතින බවත් නිරන්තරයෙන් ජලය ඉවත් කරමින් සිටින බවත් මව්පියෝ පවසති .

පහ වසර පන්තියේ පැවැත්වෙන කාමරයේ බිත්ති අතරින් විශාල වශයෙන් උල්දිය මතුවීම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා මව්පියන් විසින්  විද්‍යාලය පිටුපස කැලෑබදව ස්ථානයක තිබුණු නැටුම් ඉගැන්වීම සඳහා වූ ස්ථානය ඔවුන්ගේ පංති කාමරය බවට පත් කර ඇත්තේ ඉටිරෙදි  වට කරමිනි.

මෙම පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදු කරද්දී සහ දරුවන් පාසලෙන් පන්තියෙන් ඉවත් ව යන අවස්ථාවන්හිදී රිලවුන් රංචුවක් විසින් දරුවන්ගේ ආහාර බෑග් කෑම පෙට්ටි ටික පොත් පත්  රැගෙන යන බවද  වර්ෂාව ඇති අවස්තාවල දී සුළං පොදට තෙමෙන බව දරුවෝ හඬා වැටෙමින් කියන්නට වූහ.

මෙම දරුවන් තම විවේකයක් ලැබුණු විට තම පන්ති කාමරයේ වතුරේ   පොත්වල කොළ ඉරා බෝට්ටු පදවන  බවටද තොරතුරු අනාවරණය විය.

පාසලට විදුහල්පතිවරයෙකු නොමැතිව  කාලයක් ගතව තිබෙන බවත් නියෝජ්‍ය විදුහල්පති කඹරව විජිත රතන හිමියන් වැඩ බලන විදුහල්පති තනතුරු හොබවන උන්වහන්සේ කීහ .

වසර ගණනාවක සිට පවතින අඩුපාඩු පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට අවධානය යොමු නොවුණු නිසා මෙයාකාරයෙන් තාවකාලිකව මඩුවක ඉගැන්වීම් කටයුතු සිදු කරන බව උන් වහන්සේ පැවසුහ .

පාසලේ දරුවන් මව්පියන් මෙන්ම ගුරු භවතුන් ද පෙන්වා දුන්නේ පවතින ගොඩනැගිලි වසර ගණනාවකට ඉහත දී ඉදිකළ ඒවා බවය එමෙන්ම මීට පෙර එක් ගොඩනැගිල්ලක වහලයක් කඩාවැටී විද්‍යාලයේ සිසුවියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳවද පහ වසර පන්ති බාර ගුරුතුමිය දරුවන් ඉදිරියේ ම ප්‍රකාශ කළාය.

ගුරුවරුන්ගේ නේවාසිකාගාරයේ වහලය ද දිරාපත් වී කඩා වැටීමට ඔන්න මෙන්න පවතින බව මව්පියෝ කීහ.

විද්‍යාලයේ දරුවන් පන්සියයකට වඩා වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන බවත් එහි සංගීත කාමරය ක්‍රීඩා කාමරය නැටුම් කාමරය ආදී සියල්ල වැසි දිනයන්හිදී පමණක් නොව උල්දිය හේතුවෙන් තනිකරම ජලයෙන් පිරී ඉතිරී යන බවද සිසු සිසුවියෝ පෙන්වා දුන්හ.

මෙම පාසල පිහිටා ඇත්තේ මොරගහකන්ද ජලාශයට කිලෝ මීටර් කිහිපයක් ආසන්නයේය .මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් නිරීක්ෂණ කටයුතු සඳහා ජනාධිපති ආරක්ෂක  අංශ පැමිණෙද්දී තම විද්‍යාලයේ ගොඩනැගිලි ඔවුන්ගේ නවාතැන් බවට පත්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිරන්තරයෙන් එම විද්‍යාලයේ  රැස්වීම සදහා පැමිණ ඇති බවද මේ සියල්ල පැමිණෙන සැම අවස්ථාවකම දැන්වූ බව මව්පියෝ කියති

ඇලහැර විද්‍යාලයේ ඇති අඩුපාඩු පිළිබඳව වර්තමාන ජනපතිවරයාගේ හා අධ්‍යාපන ඇමතිවරයාගේ  අවධාරණය යොමු කරන ලෙසත් විශේෂ ද මෙම දරුවන්ට ධ්‍යාපනය කටයුතු සිදුකිරීම සඳහා කඩිනමින් කාමරයක් තනා දෙන්නැයි  මව්පියෝ ඉල්ලා  සිටිති.

 



අදහස් (11)

ජනපති අතතියන්න වටින වැඩක්

Ratna P Tuesday, 07 January 2020 10:18 PM

යහපාලන රජය අපේ ඉස්කෝල බලාගත්ත හැටි මෙහෙමයි.

:       165       162

ශ්‍රීWednesday, 08 January 2020 06:45 AM

ඔයලා වගේ කඩේ යන්න අයගෙන් මේ රට පිරිලා හින්දා තමයි මෙහෙම වෙන්නේ...

:       157       261

janahitha Thursday, 09 January 2020 03:36 AM

ඔක්කොම කඩේ යනවනේ තම තමන්ගේ විශ්වාසයන් තහවුරු කරගෙන කොළ නිල් අලි පොහොට්ටු කුරහන් ඔන්න ඕකයි තත්වේ

:       7       1

janahitha Thursday, 09 January 2020 03:40 AM

අපි දන්නවා විපක්ෂ නායක නිල නිවාස හදන්න. ජනාධිපති මැදුර තියාගෙන තව මැදුරක් අලුත්වැඩියා කරන්න. රාජගිරියේ මිතුරියට අයත් ගොඩනැගිල්ලට මාසෙකට මිලියන 21.5 ගෙවුව ,සුළු ජාතික නියෝජිතයාට මැදුරක් පිළිසකර කරන්න කෝටි ගණන් මහජන මුදල් වියදම් කළා. ශ්‍රීලන්කන් වන්දි මුදල් කොටි 63 85 වෙනකම් ගෙවල වැරදීමක් ද ? කබීර් ඇමති තුමයි ප්‍රශ්න කලේ ඉතින් අපි කඩේ යමුද ???

:       37       27

DD Wednesday, 08 January 2020 12:24 AM

ජනපති නොව අධ්‍යාපන ඇමති බලන්න.

:       0       22

ruchiraSunday, 12 January 2020 04:59 PM

අධ්‍යාපන ඇමතිට අකුරු කියවන්න බැහැ. ඒ එයාගේ ඇසේ අමාරුවක් නිසා කියලයි කියන්නේ.

:       0       0

lalithm l Wednesday, 08 January 2020 03:02 AM

මොකද පළාත් සභා පාසලක් වත් බලා හදා ගන්න ඇමතියන්ට බැරිද? හැම සිල්ලර වැඩක්ම ජනපතිට කියන්න ගියොත් අර කැබිනට්ටුව තියෙන්නේ රටට ජෝක් පෙන්නන්නද ?

:       0       24

ravi Wednesday, 08 January 2020 06:19 AM

පුංචි පාසල් දරුවෙකුගේ බුද්ධිමත් .. කණගාටුදායක බැගෑපත්වීමක් ..

:       0       21

a.b.srila Wednesday, 08 January 2020 01:04 PM

අපි දන්නවා විපක්ෂ නායක නිල නිවාස හදන්න. ජනාධිපති මැදුර තියාගෙන තව මැදුරක් අලුත්වැඩියා කරන්න. සුළු ජාතික නියෝජිතයාට මැදුරක් පිළිසකර කරන්න කෝටි ගණන් මහජන මුදල් වියදම් කළා.. මේ පොඩි අයට මොන ඉස්කෝලද කියලා ඒ අය හිතන්න ඇති...

:       107       123

janabala Thursday, 09 January 2020 03:41 AM

ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ පළාත් ඇමති ඉවත් කල යුතුය

:       2       25

දිමුත් Monday, 13 January 2020 09:32 AM

කෝ ලඟම පාසල හොඳම පාසල වෙලා නැහැනේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 121 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 94 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 194 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 192 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 646 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 898 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site