IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජන බලය ජය ගනීවි

සාකච්ඡා කළේ- චමින්ද මුණසිංහ

ඒකාබද්ධයේ නාගැනීම, නාම යෝජනාවක්වත් හරියට හදාගන්න බැරිද, ආණ්ඩුව කළ ඇඟට දැනෙන සංවර්ධනය, හම්බන්තොට වරාය,  සාමකතා බිඳවැටීම, ඒකාබද්ධයේ පතුරු ගැලවීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායක සහ එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතායි.

ප්‍රශ්නය:- මැතිවරණය ඉල්ලා කෑ ගැසූ ඒකාබද්ධයට මැතිවරණය දුන්න ගමන්ම නා ගත්තා නේද?
පිළිතුර:- පසුගිය පළාත් පාලන මැතිවරණ දෙකේදීම එජාපයේ හදවත වන කොළඹ මහ නගර සභාවෙත් නාමයෝජනා ප්‍රතික්‍ෂේප වුණා. ඒ නිසා පළාත් පාලන මැතිවරණයකදී නාමයෝජනා ප්‍රතික්‍ෂේප වීම අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. මෙතනදි අපි අර්බුදයකට මුහුණ දී සිටියා. මේ මැතිවරණයට මුහුණ දෙන දැවැන්තම සන්ධානය අපි. පක්‍ෂ විස්සක් අපෙන් නාම යෝජනා ඉල්ලනවා. ඒ වගේම  ආණ්ඩුවේ පිරිහීම හමුවේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය නිසා අපෙන් අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන පිරිස අතිමහත් ගණනක් වුණා. මේ දැවැන්ත ඉල්ලුම නිසාම සීමිත කොට්ඨාස අසීමිත අපේක්‍ෂකයන් අතර බෙදාගැනීමේ අර්බුදයට අපි මුහුණ දුන්නා.

අන්තිම මොහොත දක්වාම අපේක්‍ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරන්න වීම නිසා නිසියාකාරව සියල්ල සිදුවී ඇත්දැයි පරීක්‍ෂා කිරීමට අවස්ථාවක් නැතිවුණා. මහරගම, අගල්ලවත්ත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට නීතිමය පදනමක් නෑ. එනිසා අධිකරණයේ සහනය අපට ලැබෙනවා. අනෙක් ඒවාටත් නීතිමය තර්ක ගොඩනැගීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව මේ ප්‍රශ්නය අධිකරණයෙන් විසඳගන්න බලාපොරොත්තු වෙනවා.


ප්‍රශ්නය:- නාමයෝජනාවක්වත් හරියට හදාගන්න බැරි පක්‍ෂයක් පළාත් පාලන ආයතන කරන්නේ කොහාමද?
පිළිතුර:- ඒ තර්කය  මොකක්ද? නාමයෝජනා හරියට හදාගත්ත එ.ජා.පයට රට කරන්න පුළුවන්ද? නාම යෝජනා හරියට හදාගන්න බැරි අය රට කරන්නේ කොහොමද කියලා අහනව නම් නාමයෝජනා හරියට හදාගත්ත අයට රට කරන්න පුළුවන් වෙන්න එපැයි. තමන් වැඩ බැරි පිරිසක් බව වසර තුනක් තිස්සේ එ.ජා.පය රටට ප්‍රදර්ශනය කළා. නාමයෝජනා කියන්නේ පහේ ශිෂ්‍යත්වය වගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. එතන සිදුවන්නේ අත්වැරැදීම්. මේක දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. දිනය, මුද්‍රාව, තැනක දෙතැනක අත්සන මඟ හැරෙන්න පුළුවන්. කිසිම ඡන්දයක් දිනන්න බැරි ස්වාධීන කණ්ඩායම් පවා නාම යෝජනා පත්‍ර හරියට සකස් කරනවා. නාම යෝජනා පත්‍රයක් පිරවීම දෙකේ පංතියේ ළමයකුට වුවත් කළ හැකි දෙයක්. මෙතන වුණේ අපට ඇති දැවැන්ත ඉල්ලුම නිසා අවසාන මොහොත දක්වා මේවා පරීක්‍ෂා කරන්න බැරිවීමයි. හැබැයි ඒ අඩුපාඩුව අනිවාර්යෙන්ම සකසා ගත යුතුයි. ගිය වතාවේ එ.ජා.පයේ නාමයෝජනා 26ක් ප්‍රතික්ෂේප වුණා.


ප්‍රශ්නය:- පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා ජයගැනීම හීනයක් පමණයි කියා කියනවා නේද?
පිළිතුර:- පොහොට්ටුව දිනන්න බෑ දිනන්න බෑ කියා කියන විට මතක් වෙන්නේ කනත්ත ළඟින් යනවිට මම බය නෑ... මම බය නෑ... කියා මතුරන බයගුල්ලන්. පොහොට්ටුවට දිනන්න බෑ කියන මන්තරය ආණ්ඩුවේ අය මතුරන්නේ පොහොට්ටුව දිනන බව හරියටම දන්න නිසයි. ජනතාව වසර තුනක් පුරාවට දුක්වින්දා. වසර තුනක් පුරාවට හදේ එකතු වූ දුක, කේන්තිය,  කලකිරීම පිටකරන්න ලැබෙන පළමු අවස්ථාව මේකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඡන්දයෙන් දිනන්න ආණ්ඩුවට ඉඩක් නෑ.

මොනව කළා කියලා ආණ්ඩුව ඡන්දය ඉල්ලන්නද? සාමකාමිව තිබූ රටේ උතුර - දකුණ ගිනි තිබ්බා කියලා ඡන්ද ඉල්ලන්නද? ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනැවිත් රට කෑලි නවයට කැඩුවා කියලා ඡන්දය ඉල්ලන්නද? හම්බන්තොට වරාය විකුණුවා, මත්තලයි, ත්‍රිකුණාමලයයි විකුණාගන්න ඡන්දය දෙන්න කියන්නද? මේ අය බදු බර, බඩු මිල වැඩි කළා මිස ජනතාවට දුන්න දෙයක් නෑ. ඒ නිසා මේ අය දිනන්න පුළුවන් කියනවා නම් එය වසරේ හොඳම විහිළුව වෙනවා.


ප්‍රශ්නය:- ඇහැට පේන සංවර්ධනයකට වඩා ඇඟට දැනෙන සංවර්ධනයක් කළ බව ආණ්ඩුව කියනවා නේද?
පිළිතුර:- මේ රටේ පසුගිය කාලයේ කළ එක දෙයක් කියන්න, ආණ්ඩුව සංවර්ධයක් නොකළාම නෙමෙයි. දූෂිත රාජ්‍ය අතර 56 වැනි තැන තිබූ ලංකාව 2015 වන විට 48වැනි ස්ථානයටත් මේ වසර අගවන විට 4වැනි ස්ථානයටත් ඔසවා තබා තිබෙනවා. මේ අය දූෂණය, සංවර්ධනය කර තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව හරහා ගජමිතුරු කැල සංවර්ධනය කර තිබෙනවා. රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකිණීම හරහා විදේශ ආයෝජකයන් සංවර්ධනය කර තිබෙනවා. ආණ්ඩුවේ නායකයන්ගේ රට සවාරි හා සුපිරි ජීවිත වෙනුවෙන් ණය ගැනීමේ රටේ ණය බර සංවර්ධනය කර තිබෙනවා. මේ ආණ්ඩුව කියනවා ඇත්තේ. ඕවා වෙන්න ඇති.


ප්‍රශ්නය:- හම්බන්තොට වරාය විකුණුවා නෙමෙයි රටේ ණය බර නිදහස් කරගන්න වසර 40කට පසු ගෙනා මහා ආයෝජනයක් නොවේද? ඒවා පිළිගන්න අකමැතිද?
පිළිතුර:- විකිණීමක් කොහොමද ආයෝජනයක් වෙන්නේ. මේ රටේ ජනතාව නූගතුන් නම් ඔය කතා විශ්වාස කරාවි. ආයෝජනයක් ගෙනාව නම් රටේ අලුත් දෙයක් නිර්මාණය වෙන්න ඕන. මෙතනදි වුණේ අපි නිර්මාණය කළ හම්බන්තොට වරායේ අයිතිය අපට අහිමිවීම පමණයි. ඩොලර් බිලියන 101කට මෙය මිලදී ගැනීමෙන් එහි මහා වටිනාකමක් ඇති බවත් ආණ්ඩුව එදා කිව්වේ බොරු බවත් ඔප්පු වී අවසන්. මේ මුදල්වලින් එක ශතයක් ණය ගෙව්වේ නෑ. ණය බර නිසා වරාය වික්කා නම් ලැබෙන මුදල ණයට හිලව් වෙන්න ඕන. අපට ශතයක්වත් ලැබෙන්න ඕන නෑ. ඒ මුදල කෙළින්ම ණය කපා ගැනීමක් හැටියට සටහන් වෙන්න ඕන. ඩොලර් මිලියන 292ක චෙක්පතක් අගමැතිතුමා බාර ගන්නවා අපි දැක්කා. එහෙනම් මේ ණයට හිලව් වීමක් නෙමෙයි. විකුණා මුදල් ලබාගැනීමක්. ණයට හිලව්වීමට වරාය විකුණුවා කියන කතාව එදා ප්‍රදර්ශනය කළ චෙක්පතින්ම බිඳ වැටෙනවා.
වරාය විකිණීමට එරෙහි වූ එ.ජා.ප. ඇමැති ඉවත්කර ඒ වගකීම ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරයකුට දුන්නා. රට විකිණීමේ එ.ජා.ප. වැඩපිළිවෙළ ඇමැති මණ්ඩලයෙදිත් පාර්ලිමේන්තුවේදිත් ශ්‍රී.ල.නි.පය අත් ඔසවා අනුමත කරනවා. එ.ජා.ප.යේ තරමටම ශ්‍රී.ල.නි.පයෙත් මේ මඩ ගෑවිලයි තිබෙන්නේ. ඔවුන්ට මේ පාපකර්මයෙන් ගැලෙවන්න බෑ. ආණ්ඩුව තුනට කැඩී මේ ඡන්දයට ඇවිත් තිබෙනවා. ජ.වි.පෙත් ආණ්ඩුවේ පාර්ශවකරුවෙක්. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අර්බුදයට ලක්වන විට ඡන්ද සම්පාදනය කරන්නේ ජ.වි.පෙයි හවුලේ ආණ්ඩු කරන නිල්, රතු, කොළ පක්‍ෂ තුන අද තුනට කැඩිලා මැතිවරණයට එනවා. මේ තුනම ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ වැඩපිළිවෙල  වැරැදියි කියා විශ්වාස කරන ජනතාවට ඇති එකම විකල්පය පොහොට්ටුව පමණයි.


ප්‍රශ්නය:- මේ ඡන්දය ආණ්ඩුව පෙරළන ජනමත විචාරණයක් බව ඔබලා කියන්නේ මොන පදනමෙන්ද?
පිළිතුර:- එතන පදනම් තුනක් තිබෙනවා. මේ ආණ්ඩුවේ වසර තුනකින් පසුව පවත්වන පළමු මැතිවරණය වීම එකක්. මේ අයගේ තෙවසරක ගමන ජනතාව අනුමත කරනවද, නැද්ද කියන එක ගැන ජනමත විමසුමක් බවට මෙය පත්ව තිබෙනවා. පාරම්පරික එ.ජා.ප. පාක්‍ෂිකයා පවා අද කලකිරිලා. ඔවුන්ට පාරේ බැහැල යන්න බෑ. “වෙනස සැපද” කියා අහනවා. වසර විස්සක් මේ අය දුක්වින්දේ මෙහෙම පිරිහෙන ආණ්ඩුවක් හදාගන්න නෙවෙයි. ආණ්ඩුවේ ගමන වැරැදියි කියන පණිවිඩය දෙන්න එ.ජා.ප. පාක්‍ෂිකයන්වටත් ඕන වී තිබෙනවා. ඒ සඳහා එ.ජා.ප. පාක්‍ෂිකයොත් මෙවර පොහොට්ටුවට ඡන්දය දෙනවා.
මේ මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් ලැබුවොත් එ.ජා.පයේ ශ්‍රී.ල.නි.පයේ සිටියට දේශපාලන අනාගතයක් නැති බව ඒවායේ සිටින මැති ඇමැතිවරු තේරුම් ගන්නවා. එනිසා මේ අය පොහොට්ටුව වටා එක්රොක් වීමෙන් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය මහින්ද රාජපක්‍ෂ මහත්තයට ලබාගැනීමට හැකිවෙනවා. එවිට අපට මෙරට ඉතිහාසයේ ස්වර්ණමය යුගය වන මහින්ද යුගය යළි උදාකළ හැකිවෙනවා.
 මේ මැතිවරණය දිගු මැතිවරණ ක්‍රියාවලියක ආරම්භයයි. පළාත් සභා මැතිවරණ ඊළඟට එනවා. තව මාස 20කින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුයි. ඒක තීරණාත්මකයි. පුංචි ඡන්දයෙන් හොඳ ජයක් ලැබුවොත් ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් කෙළවර කරන්න අපට පුළුවන්. මේ කාරණා තුන නිසා ආණ්ඩුව පෙරළන මැතිවරණයක් බවට මේ පුංචි ඡන්දය පත්වී තිබෙනවා.


ප්‍රශ්නය:- ජයග්‍රහණයක් ලබාගත්තොත් කියා අනියමාර්ථයෙන් කතා කරන්නේ ජය පිළිබඳ බියක්, සැකයක් තිබෙන නිසාද?
පිළිතුර:- මම සිංහල භාෂාව විශිෂ්ට ලෙස සමත් වූ කෙනෙක්. ඒ නිසා මම ව්‍යාකරණ නිවැරැදිවයි භාවිතා කරන්නේ. අනාගතය ගැන කතා කරන විට අපි කතා කරන්න ඕන ඒ අනියමාර්ථයෙන් තමයි.


ප්‍රශ්නය:- එ.ජා.පයට එරෙහිව සටන් කරන ඔබලා ශ්‍රී.ල.නි.ප. සමග එකතු නොවුණේ ඇයි?
පිළිතුර:- අපේ සටන ශ්‍රී.ල.නි.පයටවත්  එ.ජා.පයටවත් ජ.වි.පෙටවත් එරෙහිව නෙවෙයි. මේ ආණ්ඩුවට එරෙහිවයි. රටකන, වැඩ බැරි ආණ්ඩුව පරාජය කිරීම අපේ අරමුණයි. මේ පක්‍ෂ තුන වෙන්කර ආණ්ඩුවක් ගැන කතා කරන්න බැහැ. අද තිබෙන විනාශයට මේ කොටස් තුනම සමානව දායක වී සිටිනවා. ඒ නිසා එක් අයෙක් පරාජය කර තවත් අයෙක් බේරා ගැනීමේ කිසිදු වුවමනාවක් අපට නැහැ. අපට වුවමනා මේ රට විනාශ කරමින් පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමුදාය ජනතාව ලවා පරාජය කරවීමයි.  


ප්‍රශ්නය:- සාම කතා බිඳ වැටුණේ ඇයි?
පිළිතුර:- ඒකට හේතු ගණනාවක් තිබෙනවා. ශ්‍රී.ල.නි.පය, එ.ජා.ප.ය සමග දීගයක් කන ගමන් මට ගෙදර ගෑණි පේන්න බෑ, කැමැත්තෙන් නෙමෙයි මේ කසාදෙ ඉන්නෙ, අපේ පොදු හතුරා ගෙදර ඉන්න ගෑනි වැඩියෙන් ආදරේ ඔයාටයි කියමින් ඒකාබද්ධයට ආල හැඟුම් පාන්න ගත්තා. අපේ මන්ත්‍රීවරු තෙවැනි සිල්පදය සිහිපත් කර ඔයාට මාත් එක්ක දීග කන්න ඕන නම් ඔය කසාදෙන් අයින් වෙන්න අනියම් ප්‍රේමයකට ගොස් කාමයේ වරදවා හැසිරෙන්න කැමැති නෑ කියන පණිවිඩය දුන්නා. ඒක කිව්වාම කසාදෙ කඩාකප්පල් කළා කියා චෝදනා නගනවා.


ප්‍රශ්නය:- කසාදය නොකෙරුණේ දෙතුන් දෙනකුගේ අකමැත්ත නිසාද?
පිළිතුර:- අපේ ප්‍රශ්නය තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමගයි. එම ප්‍රතිපත්ති අනුමත කරමින් ඉන්න පිරිසක් සමග එකට වැඩ කිරීමේ හැකියාවක් අපට නෑ.


ප්‍රශ්නය:- පොහොට්ටුවෙත් පතුරු ගැලවෙන්න පටන් අරන් නේද?
පිළිතුර:- මැතිවරණ  කියන්නේ කුණාටුවක්. විදේශ බලවේගවලින් යැපෙන පිරිස් මැතිවරණවලදී ලෝබ නැතිව සල්ලි විසිකරනවා. එවිට දුර්වලයන් එක්කෙනෙක් දෙන්නෙක් ඒවාට හසුවෙන්න පුළුවන්. ආණ්ඩුවට සල්ලි තිබෙන බව ඇත්ත. ඒත් අපට ජනතාව ඉන්නවා. ආණ්ඩුවට ධන බලය, මැර බලය, නිල බලය, විදෙස් බලය ඇති. ඔය සියල්ල ජන බලයට යටයි. සල්ලිවලට මන්ත්‍රීවරු මාරුවුණාට ජනතාව මාරුවෙන්නේ නැහැ. මන්ත්‍රීවරු ඒ පැත්තට යනවිට ජනතාව මේ පැත්තට එනවා.


ප්‍රශ්නය:- මුදල් බලය නෙමෙයි නාමයෝජනා සහ සාකච්ඡාවක් නොදීම නිසා නේද මේ අවුල?
පිළිතුර:- ශිරානි මන්ත්‍රීතුමියට කලකිරෙන්න හේතුවක් තිබුණා. එහෙම හේතු  තිබුණත් අපේක්‍ෂකත්වයට වඩා මවුබිම ඉදිරියෙන් තැබිය යුතු බවයි මම එදා කිව්වේ. නුගේගොඩදී මහින්ද සුළඟ ආරම්භ කළේ රට බේරාගන්න මිස අපේ ගෝලබාලයන් ප්‍රාදේශීය සභාවලට යවන්න නෙමෙයි. මවුබිමේ සතුරන් ලෙස තෙවසරක් මතුරපු අයගේ තුරුලට අපේක්‍ෂකත්වය නොලැබීම නිසා යන්න පුළුවන් නම් අපේ දේශප්‍රේමිත්වය ප්‍රශ්න කරන්න අපටම සිදුවෙනවා. දේශප්‍රේමී පරීක්‍ෂාවේදී ශ්‍රියානි මැතිනිය අසමත් වී තිබෙනවා.


ප්‍රශ්නය:- පොහොට්ටුවේ පක්‍ෂත් කැඩෙනවා. ඡන්දයට මුහුණ දෙන්නේ කොහොමද?
පිළිතුර:- ඇයි අපේ මන්ත්‍රීවරු බිලීබාන්නේ, අපි ශක්තිමත් නිසයි. ඔවුන්ට ජනතාව නැති නිසා. මන්ත්‍රීවරු බිලිබාගැනීමෙන් යම් පිරිසක් එකතු කර ගන්න උත්සාහ කරනවා. මන්ත්‍රීවරු බිලිබා ගැනීමෙන්ම පෙන්නුම් කරන්නේ ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂයට පොදුජන පෙරමුණට බියවී සිටින බවයි. අපි දුර්වල කරන්න උත්සාහ කරන්නේ අපි ශක්තිමත් නිසයි.


ප්‍රශ්නය:- ඒ නිසාද නැති නම් ඇතුළේ අර්බුද නිසාද?
පිළිතුර:- පොදුජන පෙරමුණ වටා දේශපාලන පක්‍ෂ 20ක් ගොනු වී තිබෙනවා. ලෝකයේ තිබෙන පුංචිම සංවිධානය තමයි පවුල. මෙහි සිටින සාමාජිකයන් දෙදෙනා අතරත් මතභේද ගැටුම් ඇතිවෙනවා. එවැනි කුඩා සංවිධානයකත් ගැටුම් ඇතිවෙනවා නම් දැවැන්ත සංවිධානයක ගැටුම් ඇතිවීම පුදුමයට කාරණයක් නෙමෙයි. හැබැයි දේශප්‍රේමිත්වය කියන නූලෙන් අපි ඔක්කොම එකට ගැට ගැසිලයි ඉන්නේ. ඒනිසා කොතරම් සිත්වේදනා ඇතිවුවත් එය මේ සන්ධානය බිඳී ගැලවී යාමට හේතුවක් නෙමෙයි. මේ දේශද්‍රෝහී නිල්, කොළ, රතු හවුල එකට තබා පරාජය කිරීම අද ජාතික අවශ්‍යතාව වී තිබෙනවා.


ප්‍රශ්නය:- අවසානයට ගම්මන්පිලත් ජනාධිපති ළඟ සිටීවිද?
පිළිතුර:- පසුගිය වසර තුනටම ජනාධිපතිවරයා මට හමුවුණේ එකම අවස්ථාවක. ඒ මාගේ පාසලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස ඔහු පැමිණි නිසයි. ඒනිසා මම ජනාධිපති ළඟට යාවි කියා කිසිම කෙනෙක් කිසිම දවසක සැකකර නෑ. රටේ ප්‍රශ්නයක් කතා කරන්නවත් මම එතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලා නෑ.



අදහස් (5)

ජන බලය ජය ගනීවි

appuhami Monday, 18 December 2017 06:36 AM

මේ කියන ටික රෙකෝඩ් කරලා තියාගන්න ඕනේ ඡන්දෙන් පස්සේ පෙන්නන්න.

:       928       1030

Chandra Monday, 18 December 2017 03:22 PM

අනේ, මට හරියට හිනා යනවා. මෙයාගේ කතා අහලා... හරි ෂෝක්. !!!

:       1620       1851

PerakumThursday, 21 December 2017 04:21 PM

අයි අනේ දන්නේ නැද්ද. දැන් ඉස්සර වගේ විකට නළුවෝ නැහැනේ. මෙයාල තමයි ඒ අඩුව පුරවන්නේ....!

:       419       499

Raja Friday, 22 December 2017 04:17 AM

අද වෙනතුරු කිසිම ආදර්ශමත් කතාවක් කියලම නෑ තමයි .

:       612       980

Bamunuarachchi Saturday, 30 December 2017 01:21 AM

ඉස්ලාම් ආගමිකයින්ට බුද්ධාගම තේරුම් ගන්න අමාරුයි එජාප කාරයින්ට මේ කියනදේ තේරුම් ගන්න කොහොමත් අමාරුයි. නැතිනම් එජාප යෙන් පොල්පිත්තක් ආවත් ඡන්දෙ දෙනවා...

:       7       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 95 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 81 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 176 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 364 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 379 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 117 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site