IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඡන්දය කට ළඟ

මහ මැතිවරණයට තවත් ඇත්තේ දින පහක පමණ කාලයකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ සියලු ප්‍රචාරණ කටයුතු ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන්නේ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේය. එම පනතට අනුව ඡන්ද විමසීමට පැය 48කට පෙර සියලු ප්‍රචාරණ කටයුතු නතර කළ යුතුය. ඡන්ද විමසීම් දිනය ලෙස ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු මස 5 වැනිදාය. මැතිවරණ නීතියට අනුව නිහඬ කාලය ගණනය කරන ක්‍රමවේදයක් තිබේ. අගෝස්තු මස 5 වැනි දිනය ආරම්භ කෙරෙන්නේ අගෝස්තු මස 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් පසුවය. 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12.01ට පස්වැනි දිනය උදාවේ. ඒ අනුව පැය 48 ගණනය කරනුයේ 4 වැනි දින මධ්‍යම රාත්‍රි 12.01 සිට ආපස්සට පැය 48ක් සෑදෙන පරිදිය. ඒ අනුව බැලූ විට අගෝස්තු මස 2 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට එම පැය 48 සම්පූර්ණ වේ. නිහඬ කාලය ආරම්භ වන්නේ ඒ අයුරිනි. එම නිහඬ කාලය ඡන්ද විමසීම නිමවන 5 වැනි දින පස්වරු 5 වනතෙක් ක්‍රියාත්මකය. එම කාලය තුළ ගෙන් ගෙට යෑම, පත්‍රිකා බෙදීම, ප්‍රචාරණය රැස්වීම ආදී කටයුතු සපුරා තහනම්ය.
 
මැතිවරණ නීතියට අනුව නිහඬ කාලයක් ලබා දෙන්නේ විද්‍යාත්මක පදනමක පිහිටාය. සෑම දේශපාලන පක්ෂයකම තරග කරන සෑම දේශපාලනඥයකුගේ හෝ ස්වාධීන කණ්ඩායමක හෝ අදහස් උදහස් සලකා බලා නිවැරදි තීරණයක් ගැනීමට ඡන්ද අපේක්ෂකයන්ට හැකියාවක් පවතියි. සිතා මතා තීරණයක් ගැනීමට නිහඬ කාලය භාවිත කරන්නැයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරන්නේ එනිසාය.

කොරෝනා වසංගතය ව්‍යාපත්වීම හේතුවෙන් මහ මැතිවරණයට නොයෙකුත් බාධක එල්ල වූවේය.  නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ටත් ඡන්ද අයිතියක් තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මුලදී කීවේය. ඔහු ඒ සඳහා දිනයක්ද නිල වශයෙන් ප්‍රකාශ කළේය. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයන්ගේ ඡන්දය විමසීම අද පැවැත්වෙන බව දේශප්‍රිය මුලින් කීවේය. තැපැල් ඡන්දය විමසන ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විමසීම සිදු කරන බවක්ද ඔහු කීවේ. හේතු සාධක පෙන්වා දෙමිනි’’. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයන්ගේ ඡන්ද පත්‍රිකා ආරක්ෂිතව කවරවල බහාලනවා. ඡන්ද නිලධාරීන් සම්පූර්ණ වැසුනු ඇඳුමින් සෞඛ්‍යාරක්ෂිතව තමයි එවැනි ස්ථානවලට යන්නේ. ඡන්ද පත්‍රිකා 31 වැනි දින සිට අගෝස්තු 6 වැනි දින දක්වා සතියක පමණ කාලයක් වෙන්කර තබනවා. එවැනි කාලයකදී විසබීජ පවතින්න ඉඩක් නැහැ. ඒ නිසා එම ඡන්ද පත්‍රිකා අල්ලන්න ගණන් කරන්න නිලධාරීන්ට බිය විය යුතු නැතැයි’’ ද මහින්ද දේශප්‍රිය කීවේය.

එහෙත් එම ක්‍රමවේදයට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් මෙන්ම තවත් පාර්ශ්ව කීපයකින්ම විරෝධතා එල්ල වන්නට පටන් ගත්තේය. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විමසීම අත්හැර දැමීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන ඇතැයි දැන ගන්නට තිබේ. ‘දැන් බලන්න රෝහල්ගතව සිටින, දැඩි සත්කාර ඒකකවල සිටින පිරිසට ඡන්දය ලබා දෙන්න ක්‍රමයක් නැහැ. අතීතයේ තිබුණෙත් නැහැ. ඒ නිසා මේ අයත් රෝගීව ඉන්න පිරිසක් ලෙස සලකන්න පුළුවන්’ යැයි මැතිවරණ කොමිසම සඳහන් කරන බව වාර්තාවේ. දැනට   තිබෙන වාර්තා අනුව නිරෝධායනය වෙමින් සිටින පිරිසට බොහෝ විට ඡන්දය අහිමි වීමේ ඉඩකඩක් පවතියි. රජයේ වාර්තා අනුව නිරෝධායන මධ්‍යස්ථානවල වෙසෙන පිරිස අද වනවිට පන්සියයක් පමණ වෙති. ඔවුන්ට ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත.

මැතිවරණය කට උඩ තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගයට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සජිත් පිලට කරණම් ගැසූ 115 දෙනකු එජාපයෙන් නෙරපා දමමිනි. ඒ අතර හිටපු ඇමැතිවරු, හිටපු රාජ්‍ය ඇමැතිවරු සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරුද වෙති. එම සංඛ්‍යාව 54කි. ඔවුන් මේ වනවිට එජපායෙන් නෙරපා ඇත. මීට අමතරව පළාත් පාලන නියෝජිතයන් 61 දෙනෙක් ද එජාපයෙන් නෙරපූ කණ්ඩායමේ වෙති. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන්නේ සමගි ජනබලවේගයට ගොස් සිටින තවත් පාක්ෂිකයන් පිරිසකට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බවය. ඔවුන්ද ඉදිරියේදී පක්ෂයෙන් නෙරපා ඒ වෙනුවට අලුත් කණ්ඩායමක් බඳවා ගන්නා බවද අකිල විරාජ් කාරියවසම් කියයි. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හෝ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හෝ තවමත් එජාපයෙන් ඉවත් කර නැත. මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පිළිබඳව කෙරෙන පරීක්ෂණ තවමත් නිමවී නැති බවය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන නියෝජිතයන්ට එම තනතුරු අහිමි වන අතර ඒ වෙනුවට පත් කිරීමට නියමිත අලුත් නියෝජිතයන්ගේ නාම ලේඛනයක්ද එජාප මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමට යවා තිබේ.

‘‘සමගි ජනබලවේගය තැන් තැන්වල විවිධ කතා කියනවා. ඡන්දයෙන් පස්සෙ සිරිකොත බලය අල්ලන කතා කියනවා. එජාපයෙන් පත්වන මන්ත්‍රීවරු තමන්ගේ පැත්තට ගන්න බවක් කියනවා. ඒ නිසා පක්ෂය තීන්දුවක් ගත්තා සමගි ජන බලවේගයට පණිවුඩයක් දෙන්න. ඒ නිසා තමයි ඔය පිරිස පක්ෂයෙන් නීත්‍යානුකූලව නෙරපා දැමුවේ. එජාපයේ අරමුණ ඡන්දයෙන් පස්සෙ අලුත් නියෝජිතයන් හඳුන්වාදී පක්ෂය නැවත ගොඩගන්නයැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කීවේය. මේ අතර නවීන් දිසානායකද ඉකුත්දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ තමන්ද එජාප නායකත්වයට සුදුසු බවය. පසුව ඔහු කීවේ රනිල්ගෙන් පසුව තමා නායකත්වය ගන්නා බවය. ‘නවීන් දිසානායක එහෙම කියන්නේ පාක්ෂිකයන් රඳවා ගන්නයි. එතකොට එජාප පාක්ෂිකයන් හිතනවා රනිල්ගෙන් පස්සෙ එජාපයට නායකයෙක් ඉන්නවාය කියලා. ඒ නිසා තමයි නවීන් දිසානායක නායකත්ව කතාව කිව්වේ’ යැයි එජාපයේ තවත් නායකයෙක් පැහැදිලි කර තිබේ.

මහ මැතිවරණයෙන් පසුව ඉතා  ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන බව ආණ්ඩු පක්‍ෂය කියයි. මහ මැතිවරණ පනතට අනුව පාර්ලිමේන්තුව රැස් කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනවාත් සමගම ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තුව කැඳවන දිනයද නියම කළේය. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නියමිත දිනයට මැතිවරණය පැවැත්වීමටවත් පාර්ලිමේන්තුව යළි කැඳවීමටත් සිදුවූයේ නැත.

ඒ අනුව මහ මැතිවරණය නිමවීමෙන් පසුව අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ කෙසේදැයි මේ වනවිට නීතිමය ගැටලුවක් පැන නැගී තිබේ. මෙවැනි තත්ත්වයකදී ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයකටදැයි නීති පොතේ සඳහන්ව නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති. ඇතැම් විට ජනාධිපතිවරයාට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අභිනව පාර්ලිමේන්තුව රැස්කළ හැකි බවට පිරිසක් තර්ක කරති. තවත් පිරිසක් කියන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් නව පාර්ලිමේන්තුව රැස් කරනු ඇත කියාය. ‘‘කොහොම නමුත් මෙතන නීතිමය ගැටලු තත්ත්වයක් තිබෙනවා. ඒ ගැටලුව ගැන නීතිපති උපදෙස් ගන්න පුළුවන්. නැත්නම් වෙනත් පියවරක් ගන්න වේවි. කොහොම නමුත් අලුත් පූර්වාදර්ශයක් විදියට හෝ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන්න වේවි’’ යැයි නීති විශාරදයෝ  පවසති.

මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අවසන් දින දෙකේ උපරිම ශක්තිය යෙදවීමටත් ප්‍රචාරණ කටයුතු දැඩි කිරීමටත් උනන්දුවන බව දැන ගන්නට තිබේ. ඒ අනුව සති අත්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රටපුරා දේශපාලන රැස්වීම්, කුඩා ජනහමු මෙන්ම වෙනත් සංදර්ශන ආදිය සංවිධානය කර තිබෙන බවට  මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී තිබේ. මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ අවසන් දින දෙකේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවේදැයි බලා එලෙස සිදුවන්නේ නම් ඒවා නතර කරන ලෙසය. අවසන් දින දෙකේ ග්‍රාමීය ප්‍රදේශවල බයිසිකල් සංදර්ශන, රථ පෙළපාළි හෝ සංගීත සංදර්ශන සූදානම් කර ඇත්නම් ඒවා වහා නතර කරන ලෙසද මැතිවරණ කොමිසම මැතිවරණ නිලධාරීන්ට සහ පොලිසියට උපදෙස් නිකුත් කර තිබේ.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු සහ ශ්‍රීලනිප කැස්බෑව ආසන සංවිධායකවරයකුව සිටි චන්දන කත්‍රිආරච්චි  ඉකුත්දා දේශපාලන කරණමක් ගැහුවේය. ඔහු යහපාලන ආණ්ඩු සමයේ ශ්‍රීලනිප ආසන සංවිධාකවරයකු ලෙස කටයුතු කළේය. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කළේය. චන්දන කත්‍රිආරච්චි ඉකුත්දා හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය. එහි සාමාජිකත්වය ලබා ගත්තේය. චන්දනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  එන්නට කපුකම කර ඇත්තේ විජේදාස රජපක්ෂය. ඔහු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මෙන්ම බැසිල් රාජපක්ෂටත් කරුණු කාරණා කියා කපුකම සූදානම් කළේය. ඉකුත්දා බැසිල් රාජපක්ෂ  නෙළුම් මාවතේ පොදුජන පෙරමුණ කාර්යාලයට චන්දන කත්‍රිආරච්චි කැඳවා කරුණු සාකච්ඡා කළේය. පසුව හෝමාගම පැවති ජනහමුවේදී අගමැති මහින්ද රාජපක්ෂ  අතින් චන්දන පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. තමන් පොහොට්ටුවෙන් ඉදිරි දේශපාලන  කටයුතු සිදු කරන බවද චන්දන කත්‍රිආරච්චි කියන්නේය.

මෙවර මහ මැතිවරණයට රටපුරා මැතිවරණ දිස්ත්‍රික් 22ටම තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් රැසක් ඉදිරිපත්වී තිබීම විශේෂත්වයකි. ඒ අනුව මෙවර ස්වාධීන කණ්ඩායම් 313කට අයත් අපේක්ෂක අපේක්ෂිකාවෝ 3800ක් තරගයට එක්ව සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ස්වාධීන කාණ්ඩායම් 26 ක් තරග කරන අතර අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාව පන්සිය හැත්තෑ දෙකකි. මේ අතර ස්වාධීන කණ්ඩායමකින් තරග කරන හිමායා නියාස් ඉකුත්දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළාය. ‘ඇත්තටම අපි දුප්පත්. මිනිස්සුන්ට උදව් කරන්න අවශ්‍යයි. කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි දුගී පවුල් රැසක් මට හමුවෙලා තිබෙනවා. මට ඒ අයට වැඩ කරන්න අවශ්‍යයි. ඒ නිසා ජයග්‍රහණය කළාම බලයට පත්වන ආණ්ඩුවට එකතු වෙනවා නැත්නම් වැඩක් කරන්නෙ කොහොමද?  අපි පොහොට්ටුවේ ආණ්ඩුවට එකතු වෙනවා ආදී වශයෙන් හිමායා නියාස් කළ ප්‍රකාශයට ඇයගේම කණ්ඩායමේ ඇතමුන්ගේ විරෝධය පළවී තිබේ. ‘හිමායා’  නියාස් ස්වාධීන අපේක්ෂිකාවක් දිනපු පක්ෂයකට එකතු වෙනවාය කියනවා නම් එතන ස්වාධීනත්වයක් නැහැ යි  ඇතැම් පිරිස් චෝදනා කරන්නේය. ස්වාධීන අපේක්ෂිකාව අවංක වැඩියි. ඇයගෙ කටින් ඇත්ත පිටවුණා. දේශපාලනයට ආධුනික නිසා  ඔහොම වැරදීම් සිදු වෙනවා යැයි තවත් පිරිසක් ප්‍රකාශ කරති.

මේ අතර වැඩි වැඩියෙන් ස්වාධීන කණ්ඩායම් තරගයට පැමිණීම මැතිවරණ කොමිසමේ කණස්සල්ලට හේතුවී තිබේ. මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ ඇප මුදල අඩු නිසා ඕනෑම පිරිසකට ස්වාධීනව  තරග කළ හැකි බවය. ස්වාධීන අපේක්ෂකයකුගේ ඇප මුදල රුපියල් 2000කි. කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ස්වාධීන කණ්ඩායමකට  මුළු ඇප මුදල රුපියල් 44,000කි. එය රුපියල් ලක්ෂ 5 හෝ 10 දික්වාවත් වැඩි කළ යුතු බව මැතිවරණ කොමිසමේ අදහස වී තිබේ.

එහෙත් තව පිරිසක් කියන්නේ ඇප මුදල් අධික ලෙස ඉහළ දැමීම ප්‍රජාතත්ත්‍රවාදී නොවන බවකි.

- (*** කස්තුරි)



අදහස් (11)

ඡන්දය කට ළඟ

Champa Friday, 31 July 2020 10:14 AM

ඡන්දය කට ළඟ. දැන් සිංහල බෞද්ධයාගේ තත්වය කොහොමද? බරපතලයි. මෙහෙම කමෙන්ට් එකක් ලියන්න හිටියේ නැහැ. නමුත් පහුගිය සතියේ අහපු දැකපු දේවල් නිසා මේක ලිව යුතුමයි කියලා හිතුවා. සිංහල බෞද්ධයින් 2015 ඉඳන් රට වෙනුවෙන් එකමුතු වෙලා රට දැය, සමය ආරක්ෂා කරන්න කියලා බලයට ගෙනාව රාජපක්ෂ මහත්වරුන්ගේ රිපෝට් කාඩ් එක දිහා බලමුද? ෆේල් නේද? පැහැදිලිවම ඔවුන් සිංහල බෞද්ධයාව රැවැට්ටුවා. රිපෝට් කාඩ් එකේ එකින් එක විෂය අරන් බලමු. 1). රට පාවා දෙන ගිවිසුම් අහෝසි කිරීම - අසමත්. 2). රටේ සම්පත් ආරක්ෂා කිරීම - අසමත් 3). සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම - අසමත්. 4). සිංහල ජාතිය ආරක්ෂා කිරීම - අසමත්. ඒ හින්දා, එක මාස 7න් සිංහල බෞද්ධයාගේ විශ්වාසය කඩ කරලා, අධිමානයෙන් රට, ජාතිය ආගම පාවා දෙන මාවතක යන රාජපක්ෂ මහත්වරු හරි පාරට එනකම්, ඔවුන්ට පාර්ලිමේන්තු බලය ලබා නොදිය යුතුයි කියලා මම හිතනවා. දැනට තියෙන එකම විදිහ නම් සිංහල බෞද්ධයා එකා වගේ එකමුතු වෙලා "මේ ඡන්දය වර්ජනය කරලා" රාජපක්ෂ මහත්වරුන්ට සිංහල බෞද්ධයාගේ බලය පෙන්වන එක. මම මහින්දට හුඟක් ආදරෙයි. හැබැයි මම මගේ රටට ඊට වඩා දස දහස් ගුණයක් ආදරෙයි. ඒ හින්දා ඡන්දය වර්ජනය කරන්න හේතු ලියන්නම්...

:       31       3

vinivida Friday, 31 July 2020 04:12 PM

මෙවර මැතිවරණය අවසාන වීමෙන් පසුව පත්වන රජයට අභියෝග රැසකට මුහුණ දීමට තිබේ. covid -19 වෛරසය නිසා මේ වනවිට ලොවපුරා මිලියන ගණනකට රැකියා නැතිවී ඇත. පොහොසත් රටවල් එම රටවල පුරවැසියන්හට මාසිකව මුදලක් ලබාදී රටේ ආර්ථික ක්‍රියාවලිය කරගෙන යනු පෙනේ. ගුවන් ගමන්, දුම්රිය බස් රථවල ජනතාව ගමන් කිරීම මේ වනවිට 80% දක්වා පහත බැස ඇත. දේශගුණය වෙනස්වන රටවල ජනයා මුදල් වියදම් කරනුයේ ඉතාම ප්‍රවේශමෙනි. විශේෂයෙන් ඇදුම් පැළඳුම් මිලදීගැනීම් පවා විශාල වශයෙන් අඩුවී ඇත. ගෝලීය ආර්ථිකය කඩාවැටීම හමුවේ විශේෂයෙන් රටේ පාලකයින්ගේ ආර්ථික දැක්ම, covid -19 අර්බුදය හමුවේ රජය කරන්නාවූ ආර්ථික සැලසුම් සහ පාලකයන් උපායශීලිව ලෝකයේ බලවත් රටවල් සහ ප්‍රබල ආයතන සමග ගනුදෙනු කරන ආකාරය මේ අවස්ථාවේ ඉතාම වැදගත් වේ. ඉදිරි මාස කිහිපයේදී රට තුළ විරැකියාව තවත් උග්‍ර අතට හැරෙනු ඇත. මැදපෙරදිග රැකියා කරන ලක්ෂ ගණනකගේ රැකියාවන් මේ වනවිට අහිමි වී ගොස් ඇත. ඔවුන්ගෙන් යැපෙන විශාල ප්‍රමාණයක් ලංකාවේ ඔවුන් නැවත පැමිණෙන තෙක් බලාසිටියි. සියල්ලන්ම සිටින්නේ අනාගතය පිළිබඳව අඳුරු සෙවනැලි හමුවේය.

:       0       0

LIYANAGE Sunday, 02 August 2020 01:31 AM

මහමැතිවරණයට දින කිහිපයක් තිබියදී සමගි ජනබලවේගයේ ආර්ථික විශේෂඥයින් විසින් විවිධ කරුණු කියමින් ජනතාව මුලාකිරීමක යෙදී සිටියි. දේශපාලන සාකච්ඡා වලට පැමිණෙන ඔවුන්ගේ කොටස් කරුවන් කියාසිටින්නේ වර්තමාන රජය විසින් නවතා දමන 1/3ක බදු ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කර රුපියල් 20000 ක මුදල ලක්ෂ පහකට පමණ ලබාදෙන බවකි. මේවන විට ත්‍රිවීලරයේ, කුඩා තේ වෙළෙන්දා, එළවලු වෙළෙන්දදා ගේ සිට සෑම කෙනෙකුටම covid -19 නිසා මුහුණ දී ඇත්තේ අර්බුද ගණනාවකට වේ. මේ අවස්ථාවේ යලිත් බදු අයකිරීමක් කළහොත් ඔවුනට යන එන මන් නැතිවේ. මේ වනවිට ලෝකයේ පමණක් නොව ලංකාවේ ආර්ථිකය කඩාවැටී ඇත. ලක්ෂ 10කට පමණ මේ වනවිට රැකියා අහිමි වී තවත් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ රැකියා පිළිබඳව අවිනිශ්චිත තත්වයක තිබියදී යලිත් බදු අයකිරීමට කළහැකි වන්නේ කෙසේද කියා ගැටලුවකි. සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජනබලවේගයේ ආර්ථික විශේෂඥයින් වර්තමාන ගෝඨාභය රජය අහිමි කළ මිලියන 700ක බදු ප්‍රමාණය නැවත අය කිරීමට සූදානම් වන බව කියා සිටියි. මෙය කළහැකි දෙයක් නොවේ. මෙය ජනතව රවටා ඡන්දය ලබාගැනීමට කළ ප්‍රෝඩාවකි...

:       0       0

Champa Friday, 31 July 2020 11:19 AM

රටේ සම්පත් ආරක්ෂා කරන්න ගෙනාපු රාජපක්ෂ මහත්වරු අද යූටර්න් ගහලා. හොඳම උදාහරණය නැගෙනහිර ජැටිය. කොළඹ උත්සවයකදී මහින්ද කියනවා "කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යහපාලන ආණ්ඩුව එකඟතාවයක් අත්සන් කරලා තියෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්නු නිසා ඉන්දියාවට මෙම පර්යන්තය දෙන්න සිද්ධ වෙලා. යහපාලන ආණ්ඩුව කරපු දේවල් නිවැරදි කරන්න ලේසියෙන් බැහැ" කියලා. මම පුදුම වුණා. ජනාධිපතිවරණෙට ඉස්සෙල්ලා මහින්ද කිව්වේ යහපාලන ආණ්ඩුව විකුණපු සියලුදේ ආපහු ගන්නවා කියලා. ඒ කතාවෙන් මම කොච්චර උද්දාමයට පත් වුණාද කිව්වොත්, කවියකුත් ලිව්වා "විකුණූ සියලු දේ ආපිට ගන්න බව - සැනසුම දෙවයි ඔබ දෙන මේ පොරොන්දුව" කියලා. මාගම්පුර වරාය චීනෙට විකුණුවා කියලා, නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්න ඕනේ කියලා නියමයක් තියෙන්නේ කොහෙද? ඊළඟට කියන්නේ, ඒ රටවල් දෙකට එහෙම දුන්නු හින්දා, ඇමරිකාවට ලංකාවේ හදවත පිහිටලා තියෙන ඉඩම් අක්කර ලක්ෂ 22ක් නොදී බැහැ කියලද? මේක සිංහල බෞද්ධයා බරපතල ලෙස රැවටීමක්. එම්සීසී ගිවිසුමෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඉන්දියාව කියනවා එට්කා අත්සන් කරන්න කියලා. රාජපක්ෂ මහත්තුරු මේ අල්ලගන්න හදන්නේ ලංකාව විනාශ වෙන කොටි වලිගයක් නේද...?

:       2       21

Champa Friday, 31 July 2020 12:12 PM

සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම වෙනුවට අපේ උරුමය අහිමි කරනවා. එකක් මුහුදු මහා විහාරය ආරක්ෂා කරන්න දාපු කමිටුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් දැනට මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලන් ඉන්න ඉඩම් ටික අතෑරල ඉතුරු ටික විහාරයට ගැසට් කරලා දෙන්නයි හැදුවේ. හාමුදුරුවෝ විරුද්ධ වෙච්ච නිසා නතර කළා. ආණ්ඩුව ආපු ගමන් විල්පත්තුවෙත් අනවසරයෙන් පදිංචි ඉඩම් අතෑරලා ඉතුරු ටික ගැසට් කරන්න හැදුවා. මේ තීරණ දෙකම මුස්ලිම් මිනිස්සුන්ට වාසිසහගත විදහට සිංහල අපේ උරුමය පාවා දීමට තැත් කිරීමක්. ඊළඟට කුරුණෑගල රාජ සභා මණ්ඩප පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් හොරෙන් කඩලා අගැමති, ජනාධිපති සහ නාමල් කියනවා ඒක නිකම් ගොඩනැගිල්ලක්, කොහොමත් කඩන්න හිටියේ කියලා. ඒ විතරක් නෙමෙයි ඔවුන් සිංහල බෞද්ධයාට අභියෝග කරනවා එතන පුරාවිද්‍යා වටිනාකමක් තියෙනවා නම් ඔප්පු කරන්න කියලා. ඊට පස්සේ කියනවා ඒක තිබ්බ විදිහටම හදනවලු මහජන මුදල් වියදම් කරලා. ඥාණසාර හාමුදුරුවෝ අහන එක හරි. නිකම් ගොඩනැගිල්ලක් නම් ආයේ හදන්නේ මොකටද? කඩපු නගරාධිපති තාම නිදැල්ලේ. 2/3 නැතුව මෙහෙම නම් ඊට පස්සේ කොහොම වෙයිද? ඊළඟට මහනුවරද? සිංහල බෞද්ධ ඡන්ද අරගෙන එකින් එක මේ කරන්නේ අපේම උරුමය නැති කිරීම නේද?

:       1       4

Champa Friday, 31 July 2020 12:41 PM

සිංහල ජාතිය රකින්න කියලා සිංහල බෞද්ධයින් බලයට ගෙනාපු රාජපක්ෂ මහත්වරු උප්පැන්න සහතිකය වෙනස් කරලා දැන් සිංහල කියල ජාතියක් ලංකාවේ නොහිටි බවට සාධක නිර්මාණය කරන්න හදනවා. මුලින් පෙන්නුවේ ජාතිය සහ විවාහකද බව අයින් කරනවා කියලා. නමුත් ගයාන් සඳකැළුම්ට පින්සිද්ධ වෙන්න දැන් රටම දන්නවා, දැනට තියෙන උප්පැන්න සහතිකේ තියෙන "කොටු 18ක්ම අයින් කරලා" සිංහලයන්ගේ අතීතය, වර්තමානය, අනාගතය යන තුනම අහිමි කරලා සිංහලයන්ට මේ රටේ තියෙන භූමික, සංස්කෘතික සහ පාරම්පරික අයිතිය නැති කරන සැලසුමක් කියලා. වෙනස් කරපු උප්පැන්නය ගැන අලි සබ්රි උද්දාම වුණු එක මට හරිම සැක සහිත වුණා. ඒ කියන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් මේ උප්පැන්නය වෙනස් කිරීම ගැන කිව්වේ ජනාධිපති, අගමැති දෙන්නම දැනුවත්වයි... පැහැදිලිවම ඕනේ වෙලා තියෙනවා මුස්ලිම් ජාතිකයින්ට පෙන්වන්න තමන් අනාගතේ සිංහල කියලා ජාතියක් මේ රටේ නැතිවෙන තැනටත්, මහ ජාතිය ලෙස ඔවුන්ට විශේෂ උරුමයක් හෝ අයිතියක් නොලැබෙන තැනටත් වැඩ කළා කියලා. උප්පැන්නේ වෙනස් කලේ මුස්ලිම් ඡන්ද බලාගෙන. මේ කරන්නේ කවදාවත් කරයි කියලා හිතපු දේවල්ද? රාජපක්ෂ මහත්වරු ගැන සිංහල බෞද්ධයින් තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දැම්මා නේද?

:       1       1

Champa Friday, 31 July 2020 01:58 PM

ඡන්දය වර්ජනය කිරීමෙන් වෙන්නේ මොකක්ද? වර්ජනය කරන්න ඕනේ හිතන්න කාලය ගන්න. මේ ටිකට දැකපු දේවලින් බොහෝදේ කියැවෙනවා. ඡන්දෙ දිනුවට පස්සේ පොහොට්ටුවේ නායකත්වය නාමල්ට දීලා මහින්ද විශ්‍රාම යයිද? පොහොට්ටුව හැදුවේ රාජපක්ෂවරු වෙනුවෙන් නිසාත්, එහි නායකයා මහින්ද නිසාත්, ඔහුගේ තීරණය පෞද්ගලික තීරණයක් නිසාත් මට මුකුත් කියන්න බැහැ. නමුත් මහින්ද විශ්‍රාම ගියොත් රනිල් නැවත බලය අල්ලන එක නතර කරන්න බැහැ. ජනාධිපතිවරයා ගැන තරුණ පරම්පරාව ඉහළින් තැබූ බලාපොරොත්තු අද බිඳ වැටිලා. 69 ලක්ෂයක් ඡන්ද ගත්තා කියලා උදම් ඇනුවට, යන්තම් මාස7ක් යනකොට ඔහු එන රැස්වීම්වලට සෙනඟ ගේන්නේ බස් 100ක් 200කින් නම් ජනතාවගේ අසතුට පේනවා. එම්සීසී ගිවිසුමට තිබ්බ මහජන විරෝධය නැති කරන්න ඇමරිකාව කලේ දේශප්‍රේමී පැත්තෙන්ම තමන්ගේ ගැත්තෙක් ජනාධිපති කරපු එක. ඔහු ඉදිරියේ ගිහිපැවිදි දේශප්‍රේමියෝ නිහඬ වෙලා ඉන්න වෙලාවක, රටට වෙන්නේ මොකක්ද? රාජපක්ෂ මහත්වරු හිතනවා සිංහල බෞද්ධයන් කන්නේ පුන්නක්කු, ඒ හින්දා තමන් මොනවා කළත් වහල්ලු වගේ තමන්ට ඡන්දෙ දෙනවා කියලා. ඒක එහෙම නොවෙයි කියන එක පෙන්වන්නම ඕනේ. සිංහලයන් නොකරනම දේ, එනම්; සාධාරණ මනසකින් විවේචනාත්මකව හිතන්න කාලය ඇවිත්...

:       12       1

Champa Friday, 31 July 2020 02:38 PM

ඊළඟට ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 බලය ඉල්ලීමත් භයානකයි. එකක් එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්න නම් ව්‍යවස්ථාව වෙනස් කරන්නම වෙනවා. ඒ මොකොද කිව්වා නම්, ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කරලා තියෙන රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය සම්බන්ධ වගන්ති වෙනස් කරන්න අවශ්‍ය නිසා. එහෙම කලොත් ඒකීය රාජ්‍යය බිඳ වැටෙනවා. උතුර බෙදන්න හදනවා කියලා දෙමල දේශපාලකයින්ව විවේචනය කළාට, එම්සීසී ගිවිසුමේ යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් සහ ඊට අනුචිත විදිහට ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන්, කරන්න හදන්නේ දකුණ කෑලි කෑලි වලට කඩලා ඇමරිකන් රජයට හා සමාගම් වලට බෙදාදීම. 2/3 දුන්නට පස්සේ තනිමතය යන්නේ. කුරුණෑගල රාජ සභා මණ්ඩපය කැඩුවට එහෙ මිනිස්සුන්ට ගානක් නැහැ කියලා නාමල් කිව්වා. ඊළඟට රටේ අනිත් පුරාවිද්‍යාත්මක ස්ථානත් කඩා දමලා හෝ ඉඩම් ඇමරිකන් සමාගම් වලට දීලා ඔය විදිහටම සාධාරණීයකරණය කරයි. සිංහල අපේ උරුමය මුළු මහත් සිංහල ජාතියටම අයත් බව නාමල්ට උගන්වන්න වෙනවා. සිංහලකම, බෞද්ධකම කියන්නේ ආභරණයක් නෙමෙයි. මේ වතාවේ වරද්ද ගත්තොත් ආයේ හරි ගස්සන්න ලංකාවට නායකත්වයක් නැති බව මතක තියාගෙන සිංහල බෞද්ධයන් තමන්ගේ බලය පෙන්වලා මේ තත්වය වෙනස් කරන්න ඕනේ...

:       20       1

Champa Friday, 31 July 2020 03:28 PM

දකුණේ පොහොට්ටු ප්‍රකාශක බරපතල ප්‍රකාශයක් කරනවා "එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ... නමුත් ඒ ගිවිසුමේ යෝජනා පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ඒ කතිකාවත තුරන් කරනවලු". අත්සන් නොකරන ගිවිසුමක් පාර්ලිමේන්තුවට ගේන්නේ මොකටද? කලින් පොහොට්ටුව සහ ගුණරුවන් කමිටුව කිව්වේ එම්සීසී ගිවිසුමට අදාළ ගිවිසුම් දෙකක් වහල් ආණ්ඩුව අත්සන් කළා කියලා. අත්සන් කරන්න ඕනේ සිරිසේන. සිරිසේන පොහොට්ටුවෙන්ම ඉල්ලනවා. අද වෙනතුරු ආණ්ඩුව කියලා නැහැ... අත්සන් කලේ කවුද කියලා. හේතුව, එක්කෝ එහෙම අත්සන් කරලා නැහැ. නැත්නම් ඒ අත්සන් කරපුවායේ වලංගුභාවයක් නැහැ. නමුත් ප්‍රකාශක කියනවා ගිවිසුම පාර්ලිමේන්තුවට ගේනවලු. පාර්ලිමේන්තුවට ගේනවා නම් ගේන්න එකම හේතුව අත්සන් කරලා තියෙන එම්සීසී ගිවිසුම නීතිගත කරන්න. කවුද එතකොට අත්සන් කලේ? පැහැදිලිවම මේ ආණ්ඩුවයි අත්සන් කරලා තියෙන්නේ. කවද්ද? කඩිමුඩියේ ඇලිස් වෙල්ස් ආපු වෙලාවෙද? අද වෙනතුරු ජනාධිපති හෝ අගමැති කෙලින්ම කියලා නැහැ එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. ගිවිසුම පාර්ලිමේන්තුවට ගේන කතාව භයානකයි. සිංහල බෞද්ධ ඡන්ද අරගෙන 2/3 පාවිච්චි කරන්න හදන්නේ එම්සීසී ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න නේද?

:       3       1

vinivida Friday, 31 July 2020 04:13 PM

රටේ වර්තමාන පාලකයින් අර්බුදවලට විසඳුම් පිළිබඳව කිසිවක් කියන්නේ නැත. සමහරුන් මුදල් දෙනබව කීවද මුදල් ලැබෙන ආකාරය පිළිබඳව කිසිවක් කියන්නේ නැත... ලංකාවේ රැකියා නොමැතිවූ සහ මැදපෙරදිග රැකියාවන් නොමැතිව පැමිණෙන සියල්ලන්ටමද මුදල් ලබාදෙන්නේ කෙසේද කියා 'මුදල් සොයාගන්නේ කෙසේද කියා සහ එක්සත් ජාතික පක්ෂය පමණක් විසඳුම් ඉදිරිපත් කොට ඇත. එමෙන්ම සෑම ජනතා ප්‍රශ්නයකටම වර්තමාන නායකයින් කියා සිටින්නේ 19වැනි සංශෝධනය අහෝසි කිරීමට සහ 2/3 ක බලයක් ලබා දුනහොත් සියල්ල විසඳන බවකි. 19 වැනි සංශෝධනය නිසා එක පුද්ගලයකු සතුව තිබූ අසීමිත ඒකාධිපති බලය රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව ලැබී තිබේ. ස්වාධීන කොමිසම් සභා ඇතිවීම නිසා ජනතාව ලැබූ පරමාධිපත්‍ය බලය නැතිකර ගැනීමට ජනතාවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. එමනිසා මැතිවරණයේදී රටේ ජනතාව බුද්ධිමත් විය යුතුයි. ඔබ ඡන්දය ලබාදිය යුතුව ඇත්තේ වර්තමාන අර්බුද හමුවේ ඔබගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට මිස ඔබට ලැබී ඇති නිදහස නැතිකොට එක පුද්ගලයකු සඳහා බලය පැවරීමකට නොවන බව වටහාගන්න.

:       0       0

Champa Saturday, 01 August 2020 08:54 AM

අද සිංහල උරුමය උපහාසයට ලක් වෙලා. කුරුණෑගල රාජ සභා මණ්ඩපය බුවනෙක පුතා හදපු තැනක් කියලා සමච්චලයට ලක් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට, එම්සීසී ගිවිසුම මගින් ලංකාවේ හදවත තමන්ගේ ස්වාමියා වූ ඇමරිකාවට විකුණන එක අමාරු වැඩක් නෙමෙයි. අනුරාධපුරය දැනටම සූදානම්. ඇමරිකාව ඉල්ලන ආර්ථික කොරිඩෝවේ අඟලෙන් අඟලට තියෙන්නේ සිංහල බෞද්ධ පුරාවස්තු. මහින්ද නම් කවදාවත් සිංහල උරුමය සමච්චලයට ලක් කලේ නැහැ. අද ඔහුත් තමන් බලයට ගෙනාපු පුද්ගලයාගේ දඬුඅඩුවට අහු වෙලා. හිට්ලර් ගෙනාපු දේශප්‍රේමියෝ අද ඔහුගේ ප්‍රාණ ඇපකරුවන්. කට අරින්න අවසර ප්‍රශස්ති ගායනයට. අගෝස්තු 6 නිකුත් කරන අවසාන ඡන්ද ප්‍රතිඵලය දැනටම හදලා ඉවරයි. මැකෝට තියෙන්නේ දීලා තියෙන ප්‍රතිඵලය නිකුත් කිරීම. යහපාලන ආණ්ඩුවක් නැවත ගේන්න කාටවත් වුවමනා නැහැ වගේම, ඡන්දෙන් පස්සේ සිංහල බෞද්ධ උරුමය නැති කරන ආඥාදායක භීෂණ යුගයක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නත් සිංහල බෞද්ධයන්ට වුවමනායි මම හිතන්නේ නැහැ. සමහරු ඡන්ද පත්‍රිකාව කුරුටු ගාන්න හිතන එකත් වැඩක් නැත්තේ ඒකත් ඡන්දයක් විය හැකි නිසා. නිවැරදි දැක්ම එනතුරු ඡන්දය වර්ජනය කරලා සියලු දේශපාලකයින්ට පාඩමක් ඉගැන්විය යුතු නොවේද?

:       6       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 35 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 74 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 316 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 26 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 463 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 263 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site