කිතු බැතිමතුන්ගේ සුවිශේෂ දිනයක් වන එනම් පාස්කු ඉරිදා යෙදී තිබූ ඊයේ (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක සහ තරු හෝටල් තුනක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 207 දෙනෙකු මියගොස් තවත් 450 ක් පමණ තුවාල ලැබීමේ කෲර සිද්ධිය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු. මෙලෙස මිය ගිය අය කුමන ජාතියකට, ආගමකට අයත්වුවද අපට අහිමිවී ඇත්තේ වටිනා මිනිස් ජීවිතයි. මේ ම්ලේච්ඡ ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළද එය හෙළාදැකිය යුත්තේය. ත්‍රස්තවාදය කොතනකදී කුමන මොහොතක සිදුවුවද එය ශිෂ්ට සම්පන්න සමාජය හෙළාදැකිය යුතුය. කිසියම් හේතුවක් පදනම් කරගෙන ගැටීම් ඇතිකර ගැනීමෙන් කිසිදු පාර්ශ්වයකට ජය අත්වන්නේ නැත. ප්‍රතිඵලය වන්නේ මානව සම්පත හා භෞතික සම්පත් විනාශය පමණි. වසර 30ක යුද්ධයකට මුහුණ දුන් අපට ඒ අත්දැකීම්වලින් අඩුවක් නැත. ඒ අමිහිරි අත්දැකීම් යළි යළි ඇති නොවේවා යන්න අප සියලු දෙනාගේම ප්‍රාර්ථනය විය. එහෙත් මේ සිද්ධිය නිසා නැවතත් සමස්ත ජනතාවම බියට පත්ව සිටිති. එම ජනතාව සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද වශයෙන් වෙන් කළ නොහැකිය.
මේ සිදුවීමට හේතුව කුමක්දැයි කිසිවෙක් නොදනිති. කෙසේවෙතත් සියලු ආගම්වල ඉගැන්වීම් වන්නේ අන්‍යයන්ට මෛත්‍රිය, කරුණාව, ප්‍රේමය දැක්වීමයි. බුද්ධ දේශනාවට අනුව වෛර කිරීමෙන් කිසිවක් ජයගත නොහැකිය. අප සියලු දෙනා ජාති ආගම් භේදයෙන් තොරව “නහී වේරේන වේරානි” යන බුදු වදනට අනුව කටයුතු කිරීමේ වැදගත්කම වටිනාකම සිහිපත්වන්නේ මෙවැනි සිදුවීම් ඇතිවන විටය.
මේ වනවිටත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඉල්ලා සිටියේ විපතට පත්වූ පවුල්වලට ශෝකය පළ කරමින් සාමකාමීව ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ජනාධිපතිතුමා තම පණිවිඩයේ සඳහන් කළේ කම්පනයට පත්ව සිටින මේ අවස්ථාවේ ජනතාවගේ සහයෝගය සාමකාමීව අපේක්ෂා කරන බවයි. කටකතාවලට නොරැවටෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.
අගමැති ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයද මෙම කුරිරු සිද්ධිය දැඩිව හෙළාදැක ඇත.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද මහජනතාවගෙන් ඉල්ලා සිටියේ කල්පනාකාරීව පරෙස්සමෙන් කටයුතු කරන ලෙසයි.
මේ ශෝකජනක තත්ත්වය හමුවේ අවස්ථාවාදී මූලධර්මවාදීන්ගෙන් සමස්ත ජනතාව පරෙස්සම් විය යුතුය. සමාජ ජාල ඇතුළු වෙනත් පදනම් විරහිත වාර්තා හා ආරංචිවලින්ද පරෙස්සම් විය යුතුය. සිදුවිය යුත්තේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීම නොව ගිනි නිවීම හා ගිනි ඇතිවීමට පදනම්වන හේතූන් නැති කිරීමයි. රට සාමකාමීව තිබුණ වකවානුවක මෙවැනි අවාසනාවන්ත සිද්ධි ඇතිවීම මෙරට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන්ගේම අභාග්‍යයකි. රටේ ආර්ථිකය කඩාවැටීමට මෙවැනි විපත් හේතුවන බව අපි අත්දැකීමෙන්ම දනිමු. එහි බලපෑම සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර් ද වශයෙන් වෙන වෙනම සිදුවන්නේ නැත. ඒ බව මෙවැනි ආකරුණික ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් කරන අයටත් ඔළුවෙහි නොමැතිවීම ඛේදවාචකයෙකි.
මෙය කුමන අරමුණකින් සිදුවූයේ දැයි තවමත් කිව නොහැකිය. එහෙත් මේ විපතින් රටට සිදුවන හානියේ අයහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන්නේ සමස්ත ජාතියට පමණක් නොව මෙයට අනුබල දුන් මෙරට වෙසෙන ඒ සුළු පිරිසටද එම අවාසනාවන්ත ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇත. මෙය මෙරට සංචාරක ව්‍යාපාරයට කණකොකා හැඬීමකි. කොටස් වෙළෙඳපොළට කණකොකා හැඬීමකි. මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ පාර ඇහිරීමකි.
බෞද්ධ විහාරස්ථානවලට පහර දෙන විට බෞද්ධයන්ට රිදෙන බව සැබෑවකි. කතෝලික දේවස්ථානවලට, හින්දු දේවස්ථානවලට වගේම මුස්ලිම් පල්ලිවලට පහර දෙනවිට ඒ ඒ ආගම් භක්තිකයන්ට රිදෙනු ඇත. එකිනෙකාට ගහගැනීම මනුස්සකම නොවේ. එය ම්ලේච්ඡ ලක්ෂණයකි. තම තමන්ගේම ආගම්වලට විරුද්ධව කරන ප්රහාරයකි. කවුරු ප්‍රහාර එල්ල කළත් ඔවුන් බලවත්ම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තමන්ගේම ආගමටයි. එනම් තම ආගමෙන්ම උගන්වා ඇති මානව හිතවාදිත්වයට එරෙහි වීමකි.
එබැවින් අප යළි යළිත් ප්‍රාර්ථනය කරන්නේ ජාති, ආගම් භේද නැති සුන්දර රටකි. සමස්ත ජනතාවගේම පැතුමද එය විය යුත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික
මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ
සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල
ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො
රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුරිරු ප්‍රහාර හෙළා දකිමු
ruwan - polonnaruwen Tuesday, 23 April 2019 09:16 AM
කුරීරු ප්‍රහාරය හෙලාදකිමි. මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. රෝහල්ගත අයට ඉක්මන් සුවය පතමි...