IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උඩලමත්ත විදුහල් දැරිය වෙනුවෙන් උණු වූ ගුරු සිත

ගාල්ල උඩලමත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් දෙවැනි වාර විභාගය සඳහා අවුරුදු තුන හමාරක් වියැති තම බාල සහෝදරයා සමඟ පැමිණ වාර විභාගයට මුහුණ දීමේ හද සසල කරවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

ගාල්ල, උඩලමත්ත ප්‍රදේශයේ වතු නිවාස පේළියක පදිංචි එම දියණිය නමින් ජී. මාරි අම්මාය. ඇයට එක් පාදයක් අහිමිය. එහෙත් ඇය ඉගෙනීමට හපන්කම් පෑවාය. එමඟින් පාසලේ අවධානය දිනාගැනීමට ඇය සමත් වූවාය. වාර විභාගය ආසන්න වනවිට ඇයගේ එක් සොහොයුරකු බරපතළ ලෙස රෝගී වූ හෙයින් එම සොහොයුරාට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. දරුවාගේ උපස්ථාන කටයුතුවලට රෝහලේ නතරවීමට මවට සිදුවිය.

මාරි අම්මා දියණියගේ පියා වතු කම්කරුවෙකි. දෛනික වැටුප පවුලේ එකම ආදායම් මාර්ගය වේ. එහෙයින් රෝගී තත්ත්වයකට වුවත් නිවෙසේ නතරවීමට ඒ පියාට වරම් නැත. අවුරුදු තුන හමාරේ බාල සොහොයුරා නිවෙසේ දමා මාරි අම්මා දියණියට වාර විභාගයට යා නොහැකිය. එහෙයින්ම “මට විභාගයට එන්න වෙන්නේ නෑ”යි මැය සිය යෙහෙළියන්ට කීවාය.

අප පුවත්පතට ප්‍රකාශයක් කළ උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ඒ.කේ.එච්.එස්. තුෂාර මහතා මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“මේ සිසුවිය ඉගෙනීමට දක්ෂයි. ඇය මෙම පාසලට පැමිණියේ 9 වැනි පන්තියේදී. පිළිකා රෝගී තත්ත්වයක් නිසා ඇයගේ එක් පාදයක් ඉවත් කර තිබෙනවා. පාසල් යන්න බැරි කාලෙත් පෙළපොත් හොයාගෙන පාඩම් කරලා පන්තියේ 8 වැනියා වෙලා තියෙනවා. අපේ පාසලට ආවට පස්සේ මේ සිසුවිය වැටුණේ දක්‍ෂ ළමයි ඉන්න පන්තියට. ඒ පන්තියේදී මේ සිසුවිය 4 වැනියා වුණා.”

අප ප්‍රවෘත්තියට අනුව මාරි අම්මා සිසුවිය වාර විභාගයට නොපැමිණි හෙයින් වැඩ බලන විදුහල්පතිවරයා ත්‍රීරෝද රියකින් ගුරුවරියක මාරි අම්මාගේ නිවෙසට පිටත් කර යැව්වේය. සිය සොහොයුරා සමඟ මාරි අම්මා විභාගයට මුහුණ දීම සඳහා පාසලට පැමිණියේ ඉන් අනතුරුවය.

“නීතිය යනු ශීලයක් නොවේ” යන්න ශිෂ්ට සම්පන්න ජන සමාජය හිස් මුදුනින් පිළිගන්නා මතයකි. නීතියට වහල් වූයේ නම් මාරි අම්මා සිසුවියට වාර විභාගයට මුහුණ දීමට වරම් ලැබෙන්නේ නැත. මන්දයත් විභාග ශාලාවකට පිටස්තරයකුට පැමිණිය නොහැකි හෙයිනි. එහෙත් මනුෂ්‍යත්වය බලවත් වූ හෙයින් මාරි අම්මා සිසුවියට විභාගයට වාඩිවීමට අවස්ථාව ලැබුණි.

මිනිසුන් ප්‍රායෝගික විය යුතුය. නීති නිර්මාණය වී තිබෙන්නේ මිනිසාට හිරිහැර කිරීමට නොව මිනිසාගේ යහපතටමය. ඒ අනුව උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයාත් ආචාර්ය මණ්ඩලයත් කදිම ආදර්ශයක් රටට සපයා තිබේ. නියමිත වේලාවට නොපැමිණියේ යැයි කියා අපොස සාමාන්‍ය පෙළ විභාගයේත්, උසස් පෙළ විභාගයේත් ප්‍රවේශ පත්‍ර නොදී එම විභාගවලට මුහුණදීමේ අවස්ථාව දරුවන්ට අහිමි කළ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සම්බන්ධ අනුවේදනීය පුවත් පළවන රටක උඩලමත්ත මහා විද්‍යාලයේ ආදර්ශය එයට හිමි නිසි බරින් හඳුනා ගැනීම වැදගත්ය.

“ඇසට පෙනෙන දෙය සත්‍යය නම් ලෝකයට විද්‍යාවක් අවශ්‍ය නැතැයි” කියමනකි. මතුපිටින් බලන කල්හි ලෝකය පුදුමාකාර ලෙස සුන්දරය. මිනිස්සු සැහැල්ලුවෙන් ජීවත් වෙති. එහෙත් ඇත්ත තත්ත්වය එයම නොවේ. මිනිස්සු ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදෙති. අකාරුණික හා අකීකරු කොන්දේසි සමඟ පොරබදිති. මාරි අම්මා සිසුවියගේ කතාව එයට කදිම නිදසුනකි.

ඇය ආබාධිතය. ඒ පිළිකා රෝගය නිසාය. පියා දෛනික වැටුපට කඹුරන්නෙකි. දරුවෝ කුඩාය. ඒ කුඩා දරුවකු රෝගී වී රෝහල්ගත කිරීමට සිදු වුවහොත් ඒ අම්මාට රෝහලේ නතරවීමට සිදුවේ. එබඳු අවස්ථාවක නිවෙසේ අම්මාගේ වගකීම බාර ගැනීමට මාරි අම්මා දියණියට සිදුවේ.

මේ අකාරුණික කොන්දේසිවලට යටත්ව ජීවත්වීමේදී අවශ්‍ය වන්නේ කුමක්ද? මෙම පරිසරය තුළත් මාරි අම්මා දියණිය නොසලකාහැරීම්වලට ලක්වන්නේ නම්, අනාදරයට පාත්‍ර වන්නේ නම් එයම ජීවත්වීමට අවැසි ශක්තිය අහිමි කරන්නකි. කඳුළ මත පය ගසා වඩාත් භාග්‍යවත් අනාගතයට සිහින දැකීමට නම් සීමා රහිත මිනිස් ආදරය අවැසි වේ. ඒ ආදරය පිදීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීම ද වේ. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයකින් කටයුතු කිරීම සාමූහික විචාර බුද්ධියට අයත් අංගයකි.

මාරි අම්මා දියණියට හිමි වූයේ ඒ මිනිසත් බවය. එක් අතකින් ඒ මිනිසත් බව ලැබීමට ඇය පින්වත්ත වූවාය. ඒ මිනිසත් බව පිරිනැමුවේ උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය වේ. ඒ ආදර්ශය බලවත් වන්නේ එය මාරි අම්මාට පමණක් නොව සමස්ත පාසලේ දරු පරම්පරාව තුළම අලුත් ආකල්පයක් ඇති කිරීමට සමත් වන හෙයිනි.

උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ඒ.කේ.එච්.එස්. තුෂාර මහතා අප පුවත්පතට මෙසේ කියා තිබිණි. “මේ දරුවාගේ පවුලට කවුරුහරි දානපතියෙක් උදව් කරනවා නම් ඒක ලොකු පිනක්” සැබැවින්ම ඔබ සතුව ඇති මනුෂ්‍යත්වයේ ප්‍රමාණය හඳුනා ගැනීමට ඔබට ද මෙය කදිම අවස්ථාවකි.



අදහස් (11)

උඩලමත්ත විදුහල් දැරිය වෙනුවෙන් උණු වූ ගුරු සිත

Sunil Rangajeewa Tuesday, 30 July 2019 06:28 AM

කරුණාකර මේ ළමයාගේ හෝ අගේ මවගේ බැංකු ගිණුම සහ විස්තර එවන්න ...

:       5       128

අප්පුහාමි Tuesday, 30 July 2019 06:55 AM

පසුගිිය දිනක වාර්ථාවක් තිබුණා එක් ජාතික පාසැලක විදුහල්පතිනියකගේ බම්බුවට හානිවෙනවා කියල ළමා නිවසක දරුවෙක් පාසැලට නොගත්ත කථාවක්. ඒ අතින් මෙම විදුහල්පති හා ගුරු මණ්ඩලයේ සිටින්නේ දෙවිවරු කියන්න පළුවන්.ඒ වගේම අපි දන්නා ජනතාවට ඉතාම සමීප පිටි පිටම ඵලදායිතා සම්මාන ගත් රාජ්‍ය ආයතනයක ක්ෂේත්‍රයේ සිට සමාජමය කටයුතු කරන්නියක් හා ඉදිකිරීම් භාරව කටයුතු කරන්නියක් චක්‍ර ලේඛයක් වත් තේරුම් ගැනීමට නොහැකිව සේවා ලාභීන්ට කරන හිරිහැර කටයුතු දැක්කාම තුෂාර මහත්මා වැනි දෙවිවරුත් රාජ්‍ය සේවයේ සිටිනවා කියා අහන්න ලැබීමත් සතුටක්.

:       0       348

Kumara. Tuesday, 30 July 2019 09:20 AM

පුලුවන්නම් විදුහල්පතිතුමාගේ නම්බර් 1 දෙන්න.....

:       0       64

මුණසිංහ Tuesday, 30 July 2019 12:05 PM

උඩලමත්ත විදුහලේ විදුහල්පති ඇතුළු ඇදුරු මඩුල්ලට අපෙගේ ප්‍රණාමය!!!!

:       0       183

chandana N jayalath Wednesday, 31 July 2019 10:37 AM

මෙම දියණියගේ හෝ පවුලේ කෙනෙකුගේ බැංකු ගිණුම ලැබෙන්න සලස්වන්න පුලුවන් නම්, ස්තුතියි...!!!

:       0       86

Rohan Thursday, 01 August 2019 05:40 AM

බැංකු නම්බර් සහ ටෙලිෆෝන් නම්බර් එවන්න ඊමේල් ඇඩ්රස් එකට... ස්තුතියි...!!!

:       0       68

P.Visvanathan Friday, 02 August 2019 04:40 AM

මම තුෂාර මහතාට මගේ ප්‍රණාමය පුද කරමි. මා දන්නා සිංහල බෞද්ධයින්ගේ පිළිවෙත මෙයයි. මා සිංහල විදුහල්වල උගත් නිසා මෙවැනි දෙවිවරුන් ගැන දනිමි. අපගේ සංස්කෘතිය එයයි. නමුත් අද පවතින තත්වය පිළිබඳ කණගාටුවක් පවතී...

:       0       53

Mahee Friday, 02 August 2019 08:59 AM

කරුණාකර මේ දරුවාගේ නමට ඇති බැංකු ගිණුම් අංකයක් ඇත්නම් එය හෝ විදුහල්පති තුමාගේ අංකය හෝ පල කරන්න.

:       0       17

jayanthi Sunday, 04 August 2019 08:52 AM

ඔබ විදුහල්පති කෙනෙක්... ඔබ මේ දරුවට කරපු පිනක්..!!!

:       0       54

දිලුම් Monday, 05 August 2019 10:44 AM

ඔය වගේ ලෙඩවලට බෙහෙත් දැං තිබෙනවා. පුළුවන් නම් විශේෂඥ වෛද්‍යතුමෙක් හෝ වෙත ගොස් ඇයව පරීක්ෂා කර බලා ප්‍රතිකාරයක් කරන්න පුළුවන් නම් ඉතා ලොකු පිනක්. මේ අසරණයින් කුලී වැටුපට ජීවිතය කඹුරන විට මෙවන් ලෙඩවලට වැය කරන්න ඔවුන් ළඟ මුදල් නෑ... ඇති එකම සම්පත් ඇඟේපතේ හයිය විතරයි. අනේ කවුරු හෝ වෛද්‍යතුමෙක් ඉදිරිපත් වන්න. එතුමා ඒ පිනෙන්ම බුදුවෙයි. මේ අසරණ දුවට හොඳ අනාගතයක් ඇති... ඒකයි ඈ ඔය තරම් උනන්දු ඒ වගේම දක්ෂ අයට ඇති එකම හෙනහුරුකම දුප්පත්කමයි...

:       0       1

සෑම් Tuesday, 13 August 2019 04:19 AM

දැන් ඉතිං අනිත් ප්‍රින්සිපල් මහත්තුරුන්ටයි නෝනලටයිත් මේ වගේ වැඩ කරන්න වෙනවා නේ නම්බුව බේරගන්න ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 144 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 286 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 351 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 89 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 528 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site