IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉලක්කගත අධ්‍යාපනයක්

(අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන උපදේශක එච්.එම්. සිරිසේන)

අධ්‍යාපනයේ සරල අරමුණ ‘‘ජීවත්වීමට ඉගෙනීම’’නම් මෙතෙක් අප බොහෝදෙනෙකු ජීවත්වීමට ඔබින අධ්‍යාපනයක් ලැබුවේද? එමගින් ජීවිතය ඉගෙන ගත්තාදැයි නිහතමානීව ප‍්‍රශ්න කිරීමටත්, ඒ පිළිබඳව කල්පනා කිරීමටත් අවස්ථාව එළඹ ඇත.

රටක අධ්‍යාපනය, ආර්ථිකයට ඉදිරියෙන් ගමන් කළ යුතුවේ. යථෝක්ත රටේ සමස්ත දියුණුවට ගැළපෙන මෙන්ම රටට අවශ්‍ය වන ශ‍්‍රම සම්පත වර්ධනය වන ආර්ථිකයට උරාගත හැක්කේ එවිටය. විසිවන සියවසේ අවසාන දශකය පමණ වනතුරු ආර්ථිකය සඳහා අප රටට බෙහෙවින්ම අධ්‍යාපනය තුළින් අවශ්‍ය වූයේ මානසික මෙන්ම තාර්කික දක්ෂතා හා කය වෙහෙසා වැඩ කිරීමට හැකියා හා කුසලතා ලබාදීමය.

එහෙත් 1970 න් පමණ පසුව එකී දක්ෂතා සඳහා ලබාදුන් වටිනාකම අඩු වූ අතර, තාක්ෂණ සූක්ෂම යන්ත‍්‍ර හා බැඳුණු එමෙන්ම ශ‍්‍රම සූක්ෂම වෙනුවට ප‍්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන සඳහා වඩා දියුණු කළ හැකි/නිපුණතා අවශ්‍ය විය.

තාක්ෂණය ආර්ථික හා සමාජ ව්‍යුහයන් මෙන්ම රැකියා ක්ෂේත‍්‍රවල ශීඝ‍්‍ර දියුණුව හේතුකොටගෙන මිනිසුන්ගේ දෑස් නිලංකාර වී ඇති අතර, කාංසා තත්ත්වයට පත්ව සමාජයේ තම තමන්ගේ අනන්‍යතාව පිළිබඳ ගැටලූවට මුහුණ දී ඇති බව හා මෙය ලෝක ව්‍යාප්ත සර්වග‍්‍රාහි පරිණාමයක් බව මෑතදී ස්විට්සර්ලන්තයේ ඩාවොස්හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ  සභාපතිගේ ප‍්‍රකාශයෙන්ද පෙනී යන්නේ තාක්ෂණය මිනිසුන්ගේ ජීවිතයට බලපා ඇති ආකාරයයි.

ජාත්‍යන්තරයට සාපේක්ෂව අප රටේ දී සමාජ තත්ත්වයෙන් මෙන්ම ආර්ථික ක්ෂේත‍්‍රයන් ද ශීඝ‍්‍රයෙන් වෙනස් වෙයි. ලෝක ප‍්‍රවණතා අනුව අපට පමණක් හුදකලාව ජීවත් විය නොහැකිය. අප කැමැති වුවද කැමැති නොවුවද අන්තර්ජාතික ආර්ථික යන්ත‍්‍රයේ අප දැතිරෝදයක් බවට පත්වී ඇත. මේ අනුව නව රැකියා උත්පාදනය මෙන්ම රැුකියා ක්ෂේත‍්‍රද නවීකරණය වේ.

සංචාරක සෞඛ්‍ය හා සත්කාර සේවා, ඉදිකිරීම් රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය විද්‍යාත්මක කෘෂිකර්මය වැනි රැකියා සඳහා නව ඉල්ලූම් ප‍්‍රසාරණයක් දක්නට ඇති අතර, විදේශ රැකියා වෙළෙඳපොළ ද පුළුල්ව විවෘත වී ඇත. මේ හැරෙන්නට මැද පෙරදිග වහල් සේවයක් බවට නතු වී ඇති නුපුහුණු කාන්තා ශ‍්‍රම බලකාය වෙනුවට පුහුණු මිනිස් ශ‍්‍රමයක් ආදේශ කිරීම අද මූලික අවශ්‍යතාවක් බවට පත්වී ඇත.

තවද මෑතදී අප රටට ලැබුණු GSP සහනය මගින් අපනයන නිමි ඇඳුම් කර්මාන්තය සඳහා නව විලාසිතා හා නිර්මාණ අංශවලද මත්ස්‍ය අපනයන අංශයේ වඩා දියුණු තාක්ෂණය සඳහා ද නව ඉල්ලූම් ජනිත විය හැකිය.

මේ හැරෙන්නට වර්තමාන අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ රැකියා දශලක්ෂයක අපේක්ෂාව ඉටුකිරීමට විදේශ ඍජු ආයෝජනය පූර්ව  අවශ්‍යතාවකි. ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂා හා ඉදිරි සංවර්ධනය හුදෙක්ම රඳා පවත්නේ විදේශ ඍජු ආයෝජන මත බව අමතක නොකළ යුතුය. විදේශ ආයෝජකයින්ගේ ප‍්‍රධාන කොන්දේසියක් වන්නේ පුහුණු ශිල්පීය හැකියාවන්ගෙන් සමන්විත ශ‍්‍රම පිරිසක් වන අතර එම සාධක සාධනය. විදේශීය ආයෝජන ලබාගැනීමටත් යථෝක්ත ආයෝජන දිගුකල් රට තුළ රඳවා ගැනීමටත් හේතුභූත වේ.

විදේශීය ඍජු ආයෝජන ලබාගැනීම හා එය දිගුකල් රටේ රඳවාගැනීමට පිණිස අධ්‍යාපනය හා පුහුණුවේ නව ප‍්‍රවේශයක් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව මැලේසියානු 1989 දී ආරම්භ කළ ව්‍යාපෘතිය ආර්ථිකයේ රැකියා ක්ෂේත‍්‍රයට සිදු වූ අධ්‍යාපනික ධනාත්මක බලපෑම මෙහිදී සිහිපත් කළ යුතුය.

ලෝක ආර්ථිකය පිළිබඳ පර්යේෂකයකු වූ රුචීර් ශර්මා ‘‘රටක් පිරිහේද? දියුණුවේද?’ යන්න දත හැකිවන්නේ යථෝක්ත රටේ ශ‍්‍රම සංචිතයේ ගුණාත්මක තත්ත්වය මත බව ඔහුගේ ‘‘ජාතීන්ගේ නැගීම හා පිරිහීම’’ යන පොතේ මැනවින් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ වර්ෂයක් පාසා 140,000 පමණ දරුවන් පිරිසක් විධිමත්  පාසල් පද්ධතියෙන් බිහිවන්නන් සමාජගතව රැකියා අපේක්ෂා කළද, ඔවුන් ආර්ථිකයේ පවත්නා රැකියා සඳහා රැකියා ආශ්‍රීත හැකියාවන් ඇත්තවුන් නොවන අතර, විශ්ව විද්‍යාලවලින් පිටවන තාක්ෂණික හා කාර්මික උපාධි ලබා ගන්නා ඉංජිනේරුවන් වුවද ශාස්ත‍්‍රීය මට්ටමේ විනා ශිල්පීය අංශවල ප‍්‍රායෝගික හැකියා වලින් යුක්ත වූ අය නොවන නිසා රටේ පවත්නා රැකියාවලට, එම ආර්ථිකයට උරාගැනීමේ හැකියාව ඉතා සීමිතය.

මොරටුව විශ්වවිද්‍යාලය හා නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය මගින් රැකියා පදනම් වූ වාස්තු විද්‍යාව, නිර්මාණවේදය, පරිගණක තාක්ෂණය, ආර්ථික තොරතුරු තාක්ෂණය වැනි විෂය ක්ෂේත‍්‍ර අලූතින් ආරම්භ කොට ඇති නමුදු, එම පාඨමාලාවල ඇති ඉඩකඩ, ඉංග‍්‍රිසී මාධ්‍ය යොදා ගැනීම වැනි බාධක නිසා හදාරණ පිරිස සීමිතය. අනෙක් අතට විශ්ව විද්‍යාල වැනි උසස් අධ්‍යාපන අවස්ථාවේ ප‍්‍රගුණ කළ යුතු රැකියා ආශි‍්‍රත පදනම් දැනුමක්, හැකියාවක් අපගේ විධිමත් පාසල් පද්ධතියෙන් නොලැබීමද එක් අඩුවකි. ලෝක බැංකුව විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයට අනුව ලිපිකරු, වෙළඳ වැනි සාම්ප‍්‍රදායික රැකියා වාර්ෂිකව 0.4% කින් පමණ වර්ධනය වන අතර, ශිල්පීය හා යාන්ත‍්‍රික මැෂීන් ක‍්‍රියාකරන්නවුන් හා මැෂින් එකලස් කරන්නවුන්ගේ රැකියා 16% කින් පමණ වර්ධනය වේ.

2011 වසරේදී ලංකාවේ පොදු රැකියා වියුක්තිය 4.2% වූ අතර වයස් මට්ටම් අනුව අවුරුදු 15x24 වයස් සීමාවේ රැකියා වියුක්තිය 13% ක් විය. රටේ තරුණ සම්පත මෙසේ රැකියා අහිමි පිරිසක් වීම ආර්ථික මෙන්ම සමාජයීය ගැටලූවලටද මාහැඟි තෝතැන්නක් වන අතර, මේ කරුණු ගැන අවධානය දීමේදී පැහැදිලි වන්නේ අපේ රටේ ඇත්තේ රැකියා නැති පිරිසකගේ ගැටලූවට වඩා ආර්ථිකයේ පවත්නා රැකියා කිරීමට හැකියා නැත්තවුන්ගේ අඩුවක් බවයි.

විධිමත් පාසල වූ කලී දැඩි විෂය මාලාවක් පදනම් කොට ගෙන ක‍්‍රියාත්මක වන්නකි. මෙම විෂය මාලාවද එහි අන්තර්ගතයද සකස් කරන්නේ අධ්‍යාපනය පිළිබඳ පළපුරුද්දක් ඇතැයි සැලකෙන වැඩිහිටි කිහිප දෙනෙකු අතිනි. මෙම විෂයන් හා ඒවායේ ඇතුළත් කරුණු ඉගෙනගන්නා දරුවනට ගැළපෙනවාද? ඔවුන්ගේ ජීවිතයට අදාළද? හා ඔවුන්ගේ රුචිය පිළිබඳ සොයා බැලීමක් කර ඇද්දැයි ප‍්‍රකට නැත.

විෂයමාලාව හා එහි අන්තර්ගතය සකස්වන්නේ වසර 06x10 ක් වැනි කාලයකට වරකි. බොහෝ විට එය ද පවත්නා විෂයමාලාව හා එහි අන්තර්ගතයේ සුළු වෙනස්කම් සහිත සමාලෝචනයකි. ඒ අනුව පාසලේ ප‍්‍රධාන ඉගෙනුම් ද්‍රව්‍යයන් සීමිත වැඩිහිටි පිරිසක් විසින් දරුවනට සුදුසුවනු ඇතැයි ද එය කාලයට ගැළපෙනු ඇතැයි සිතා ඉදිරිපත් වන්නකි. මෙම ගැළපෙන හෝ නොගැළපෙන විෂය මාලාව අනුව පාසල පැවැත්වෙන්නේද දැඩි ශික්ෂණ ක‍්‍රමයකටය. කාලච්ෙඡ්දයට විනාඩි 35 ක් හෝ 40 කි. දිනකට පාසල පවත්වන්නේ පැය පහක් හෝ හයක් වැනි කාලයකි.

සතියකට දින පහකි. වසරකට දින 200 කි. වසරේ දින 150 ක් පමණ ඉඩකඩ හා අනෙකුත් පහසුකම් ඇති ගොඩනැගිලි හා පාසල් ඉඩම් හිස්ය. මුළු රටේ පාසල් පද්ධතියම ඒකාකාරීව සකස්වූ, වාර්ෂික සැලසුමක් අනුව සකස්වූ සති කාල සටහනකට අනුව පන්ති කාමර ඉගැන්වීම දවසේ සුළු කාල සීමාවකට පමණක් සීමාවේ.

විදුහල්පතීන් හා ගුරුවරුන් තැත් දරන්නේ මෙම සීමිත කාලසීමාවේදී ඉගැන්වීමට නියමිත විෂය මාලාව සක‍්‍රීයව උගන්වා අවසන් කිරීමටය. එසේ වූ විට ඉගැන්වීම ඒකාකාරී මෙන්ම යාන්ත‍්‍රිකවීමද ස්වාභවිකය. විෂය මාලාවට තාක්ෂණ හා ප‍්‍රායෝගික විෂයන් හඳුන්වා තිබුණද එම විෂයන්ද ඉගැන්වෙන්නේ දැනුම පමණක් පදනම් කරගත් යාන්ත‍්‍රීය කරුණු පමණකි. මෙම ඉගෙනීමෙන් හා අදාළ පරිසරයෙන් දරුවා අවබෝධ කර ගන්නේ ඉගෙනීම හා සැබෑ ජීවිතය (වැඩලෝකය) එකට බැඳුණක් නොවන බවයි.

මෙහි උත්ප‍්‍රාසය වන්නේ වැඩිහිටි අප ද එම අදහසම දැරීමය. පුරා අවුරුදු 14 ක පාසල් අධ්‍යාපනයකින් පසුවද රැුකියාවක් සඳහා විශේෂයෙන් විධිමත් රැකියා පුහුණු වැඩසටහන් අලූතින් සකස්කිරීමට සිදුවී ඇති අතර, ඒ සඳහාම වූ සුවිශේෂී අමාත්‍යාංශ සකස් කොට විශේෂිත පුහුණු ආයතන සංවිධානය කිරීමට සිදුවී ඇත්තේ විධිමත් පාසල් රැකියා සඳහා නිපුණතා මෙන්ම හැකියා ලබානොදෙන නිසා නොවේද?

නව ලෝක අධ්‍යාපන ප‍්‍රවණතා හඳුනාගනිමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මෙම ගැළපෙන පෙරළිකාර ක‍්‍රමවේද හඳුන්වාදෙන අධ්‍යාපනය අතින් ඉතා දියුණු පින්ලන්ත අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ මාජෝ කිලොනන් පවසන ආකාරයට ඉදිරියේදී පින්ලන්ත දරුවනට ඉතිහාසය, භූගෝලය, ගණිතය, භෞතිකවිද්‍යාව, සාහිත්‍යය ආදී විෂයන් පාසලේදී ඉගැන්වීමක් සිදු නොවන අතර. දරුවන් ශ්‍රේණි වශයෙන් බෙදීමක්ද සිදු නොවේ. දරුවකු යම් විශේෂ විෂයකට උනන්දුවක් දක්වන්නේ නම් එම විෂය ගැඹුරට හැදෑරීමට පාසලේ මෙන්ම පාසලෙන් බාහිරවද අවස්ථාව ලබාදෙන බව ද මෙම නව ප‍්‍රවේශය 2020 සිට අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙන බවත් පවසයි.

පාසල් වේලාවෙන් පසුව තම පියා හෝ වැඩිහිටියකු සමඟ වඩුමඩුවට, බයිසිකල් වින්කලයට, ගැරේජ් එකට යන දරුවා ලබන්නේ ඉගෙනීමක් බව නොසලකමු. එහෙත් ජීවිතයට හා වැඩලෝකයට අවශ්‍ය කුසලතාවක් දරුවා ලබාගන්නේ මෙම අවිධිමත් අධ්‍යාපනය තුළිනි. තෝමස් අල්වා එඩිසන් නමැති විද්‍යාඥයා විධිමත් පාසල් ඉගෙනීමක් ලැබීමට තරම් බුද්ධියක් නොමැති යැයි සලකා ගුරුවරුන් ළමාවියේදීම පාසලෙන් පිටමං කළද විදුලි බුබුළු හා ලොව මවිත කළ විද්‍යුත් ක්ෂේත‍්‍රයේ සොයා ගැනීම් කරන ලද්දේ සිය මව ඇසුරෙන් හා සමාජ අධ්‍යාපන කාරක තුළින් නිදහසේ අධ්‍යාපනය ලැබීමෙනි. මේ අනුව පෙනී යන්නේ නියම දැනුම හා සැබෑ අධ්‍යාපනය ඇත්තේ පාසලින් බැහැරවය.

2018 වසර වනවිට අප රටේ විධිමත් පාසල් අධ්‍යාපනය ආරම්භ වී අවුරුදු 150 ක් හා නිදහස් අධ්‍යාපනය හඳුන්වාදී වසර 70 ක් සපිරීම මෙන්ම වර්තමාන රජය විසින් යෝජිත නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනුව අධ්‍යාපනය පිළිබඳ නව මානයක් ගැන සිතීමට මෙන්ම ක‍්‍රියා කිරීමට ඉඩහසර වෙන් කර ගැනීමට අවස්ථාව එළඹ ඇති බවත් තත්කාලීන පාසල පිළිබඳව පැන නැගී ඇති යම් යම් ගැටලූ සඳහා සාර්ථක විසඳීම් නව ප‍්‍රතිසංස්කරණ යෝජනාවලින් යෝජිත හෙයින් මෙම මාහැඟි අවස්ථාව දැඩිව ග‍්‍රහණය කර ගත යුතුය.

අධ්‍යාපන හිණිමගේ නොයෙකුත් කෘත‍්‍රීම බාධක යොදා දරුවන් අධ්‍යාපනය පද්ධතියෙන් පළවා හරින දරුවා වෙත බලෙන් පටවන විෂය මාලාවක් හා විෂය අන්තර්ගතයක් දැඩි කාල රාමුවලට යටත් වූ ඉගෙනීම් කාල පරාසයක් වෙනුවට මුළු ශිෂ්‍ය ජීවිතය පුරාම නිදහසේ අධ්‍යාපනයේ යෙදිය හැකි අවුරුදු 13 නිදහස් හා අනිවාර්ය වූ අඛණ්ඩ අධ්‍යාපනය සෑම දරුවකුටම තහවුරු කිරීම යෝජිත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල වැදගත්ම ප‍්‍රවේශය ලෙස හැඳින්විය හැකිය.

නව යෝජිත අධ්‍යාපන යෝජනා අනුව ඉදිරියේදී ප‍්‍රධාන වශයෙන් විෂය ධාරා තුනක් සංවිධානය වනු ඇත. ඒ අනුව දැනට පවත්නා ශාස්ත‍්‍රීය අධ්‍යාපනය පදනම් කරගත් පූර්ව විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට දැනට නිර්දිෂ්ටව පවතින විෂය ධාරාවම ක‍්‍රියාත්මක වන අතර, එහිදී විශ්වවිද්‍යාලය පාඨමාලාවලට ගැළපෙන මෙන්ම තමන්ට කැමැති විෂය සංකලනයන් ශිෂ්‍යයාට තෝරාගත හැකිවන අතර, එම විෂයන් ද හැකි තරම් ප‍්‍රායෝගික පදනමක් සහිතව ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ඉදිරිපත් කොට ඇති පළමුවන විෂය ප‍්‍රභේදය වන්නේ අ.පො.ස උසස් පෙළට සියලූම සිසුන් විසින් හැදෑරිය යුතු පොදු නිපුණතා විෂය මාලාවයි. එම විෂය ධාරාව යටතේ භාෂා හා සෞන්දර්ය, පරිගණක තාක්ෂණ හැකියාව, ප‍්‍රජා ජීවිතය, සෞඛ්‍ය, ව්‍යාපාරික දක්ෂතා හා විෂය බාහිර කටයුතු හැදෑරිය යුතු වන්නේය. ඉහත දැක්වූ සේව්‍යයන් අපේක්ෂා කරන පොදු කුසලතා  මෙම පොදු විෂය මාලාව ඇසුරෙන් බොහෝදුරට ලබාදිය හැකි අතර මෙම විෂය කොටස් 12 වසරේ (12 ශ්‍රේණියේ) මුල් වාරයේදී ලබාදීමට නිර්දේශිත අතර මේ සඳහා අධ්‍යයන පැය 350 ක් වෙන් කෙරේ.

යෝජිත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ මගින් දැනට විධිමත් පාසලට පමණක් පවරා ඇති අධ්‍යාපන අධිකාරිය හා පාසලට දී තිබෙන අධික තක්සේරුවෙන් මඳකට මිදී අධ්‍යාපනය පාසලින් බැහැරව ද ලැබිය හැකි යැයිද සමාජයීය අධ්‍යාපන කාරකයන්ද දරුවන්ගේ ඉගෙනීම සඳහා අධ්‍යාපන සම්පත් වශයෙන් යොදා ගත හැකි බවද ප‍්‍රත්‍යක්ෂ කොටගෙන පාසල හා බැඳි අභ්‍යන්තර අධ්‍යාපන කාරක පිළිබඳව පමණක් යයි අප විශ්වාස කරන විෂම චක‍්‍රයෙන් ඉවත්ව ජාත්‍යන්තර වශයෙන් දියුණුවන ආර්ථිකයන්ට හා සමාජයන්ට ගැළපෙන නව අධ්‍යාපන දැක්මක් කරා සිතිවිලි මෙහෙයවීමට අවශ්‍යය.



අදහස් (1)

ඉලක්කගත අධ්‍යාපනයක්

ප්‍රභාත් නිරෝෂන් Saturday, 22 December 2018 07:36 PM

පුලුවන්ද අපිට වයස වැඩි උනාට ආයේ අධ්‍යාපනය ගන්න.... එහෙම වැඩ පිලිවෙලක් හදන්න පුලුවන්ද.?

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 123 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 247 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 346 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 76 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 523 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 288 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1423 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site