IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආත්ම ශක්තියක් නැති ආණ්ඩුවක්

විපක්ෂ නායක ධුරය, එම ධූරයට එ්කාබද්ධයේ බෙදීම් ද, ආණ්ඩුවේ වසර තුන හමාර, ගම්පෙරළිය, පළාත් සභා ඡන්ද ජනාධිපතිවරණ සූදානම යනා දී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැක් වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙලෙස එළි දක්වමු.

ප්‍රශ්නය - විපක්ෂ නායක ධුරය ඒකාබද්ධයට ඉල්ලා සටන් කළාට වැඩක් වුණේ නැහැ නේද?

පිළිතුර - මෙවැනි කථානායකවරයකුගෙන් අපිට ලොකු බලපොරොත්තු නැහැ. තීන්දු ගන්නට බැරි සෘජු බවක් නැති, පක්ෂග්‍රාහී උපදෙස් මත ක්‍රියාත්මක වන කථානායකවරයකුගෙන් කිසිම දවසක පාර්ලිමේන්තුව තුළ තිබිය යුතු ගාම්භීරත්වය තීරණ ගැනීම් ශක්තිය සහ යුක්තිය පසිඳලීම සිදු වෙන්නේ නැහැ කියන මතයේ සිටිමිනුයි අපි මේ සියලු සටන් කරන්නේ. මේ සටන්වලින් අපට ලැබිය යුතු ජයග්‍රහණ පැහැදිලිවම යටපත් කිරීමට මේ අය පියවර ගනිමින් සිටිනවා. එසේ කරන තරමට ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය දිනෙන් දිනම වැඩි වෙනවා.

ප්‍රශ්නය - විපක්ෂ නායක ධුරය ඉල්ලීමට තරම් එ්කාබද්ධයට ඇති සුදුසුකම මොකක්ද?

පිළිතුර - අපට තරම් සුදුසුකම් වෙන කිසිවකුටත් නැහැ. මම ඒක විග්‍රහ කරන්නම්. පාර්ලිමේන්තුවේ සංයුතිය 225යි. එයින් එක් අයකු කථානායකවරයා හැටියට එක් වෙනවා. එතකොට ඉතිරි වන්නේ 224 යි. මෙයින් 70ක් විපක්ෂයේ වාඩි වී සිටිනවා. විපක්ෂයේ වාඩි වූ පලියටම විපක්ෂයේ සංවිධායකකම ඉල්ලන්නේ කොහොමද? වෙනත් දේශපාලන පක්ෂයකින් පත් වූවා යනාදී කතා කියන්න පුළුවන්. හැබැයි අපි අවසර ගත්තේ පළවැනි දවසෙදියි. පක්ෂ සභාපති හැටියට මෛත්‍රී ජනාධිපතිවරයා පත් වූ දිනයේ අපි කිව්වා අපට ආණ්ඩුවත් එක්ක ඉන්න බැහැ එ.ජා.ප.යත් එක්ක වැඩ කරන්න බැහැ. අපට විපක්ෂයේ ඉන්න අවසර දෙන්න කියා අපි ඉල්ලුවා. කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම වැඩ කරන්න කිව්වා. එදා පනස් හතර දෙනෙකුගෙන් ආරම්භ වූ ඒකාබද්ධ විපක්ෂය මේ වන විට 70 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එක් පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වී කොටසක් ආණ්ඩුවේ සිටියදී ඒ පක්ෂයේම කොටසක් විපක්ෂ නායක වෙන බවට සුමන්දිරන් මන්ත්‍රීවරයා තර්කයක් ගෙනාවා. ඒක පුහු තර්කයක්. විපක්ෂයේ ප්‍රධාන භූමිකාව වෙන්න ඕන මොකද්ද? ආණ්ඩුවෙන් කෙරෙන අදූරදර්ශී වැඩ සම්බන්ධව නිරන්තරයෙන් විවේචනය කිරීම එයින් එකක්. ආරම්භයේ පටන්ම අපි නිල වශයෙන් අය වැය තුනක් අය වැය කියා ගන්නා කඩදාසි නවයක් අගමැති සහ මුදල් ඇමැති විටින් විට ඉදිරිපත් කළා. ආණ්ඩුවේ ඇමැතිවරුන් කියා ගන්නා අය සිටින දේශපාලන පක්ෂවල අය අනිවාර්යයෙන් ඡන්දය දිය යුතුයි කියා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලියුම් එවූ සෑම පනතකටම විරුද්ධව අපි ඡන්දය පාවිච්චි කළා. සුමන්දිරන්ලා මොන කතා කිව්වත් ගෙවුණු වසර තුනකට වැඩි කාලයේ දී ඒ සියල්ලට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි කර තිබෙනවා. අපි විපක්ෂයක් කියා පිළි ගන්නේ නැත්නම් ආණ්ඩු පක්ෂ කණ්ඩායමක් කියා අපව එළියට දමන්න තිබුණා. හැබැයි එහෙම කරන්නෙත් නැහැ. ඒ නිසාම විපක්ෂයේ සැබෑ භූමිකාව කරන්නේ කවුද කියා ඇස් කන් තිබෙන දැනුමක් තිබෙන, දේශපාලනය දෙස ස්වාධීනව බලන්න පුළුවන් කූඹියකුගේ තරම් මොළයක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

බොහොම පැහැදිලිව විපක්ෂයේ වාඩි වෙන්නේ සෙල්ලමකටද? ඉන්දියාවේ පළමු පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විපක්ෂ නායකවරයකු පත් කළේ නැහැ. විපක්ෂයේ සිටින කණ්ඩායමේ සියයට දහයක් වත් සාමාජිකයන් නොමැති නිසා එවන් කණ්ඩායමකට විපක්ෂ නායක ධුරය දීම අසාධාරණ බවට ඔහු තීන්දු කරනවා. අද මේ රටේ වෙලා තියෙන්නේ මොකක්ද? දහසය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට විපක්ෂ නායකකම දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ සංයුතියෙන් මේ කණ්ඩායම සියයට හයක් හෝ හතක්. හය දෙනකු සිටින පක්ෂයකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දී තිබෙනවා. එතැන සියයට තුනකටත් අඩුයි. අපිට හැත්තෑවක් සිටිනවා. සියයට 31 කට වැඩියි. පාර්ලිමේන්තුවේ තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් සිටින්නේ විපක්ෂයේ. විපක්ෂයේ භූමිකාව බිම් මට්ටමේ පටන් අප වඩා නිවැරැදිව රඟ දක්වා තිබෙනවා.

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ දී මෛත්‍රී-රනිල්-කරූ තුන් කට්ටුව එක්ව පත් කළ විපක්ෂය අගමැති බේරා ගැනීමට ඡන්දය දුන්නා. මේවා විහිළු නෙමෙයිද? පාර්ලිමේන්තුවේ විකෘතියක් නෙමෙයිද? ඒනිසා ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ පූර්ණ අයිතියක් තිබෙනවා. අපි පොදු ජන පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වී සියයට 45 කට ආසන්න ඡන්ද ගත්තා. අපට විරුද්ධව ඒ වෙලාවෙත් පියවර ගන්න තිබුණනේ. බිම් මට්ටමේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සැබෑ විපක්ෂය හැටියට අපි ඔප්පු කිරීමට ඇති සාධක සියල්ල වුවමනාවටත් වඩා ඔප්පු කර අවසන්. එහෙත් ඉහත කී කථානායක යටතේ මෙය නොලැබෙන බව දන්නවා. හැබැයි අපේ සටන ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය:- ඔබ කතා නායකට චෝදනා කළාට පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය ස්ථාවර නියෝග අනුව සුදුසු පක්ෂයකට විපක්ෂ නායක ධුරය දී තිබෙනවා නේද?

පිළිතුර:- පාර්ලිමේන්තුවේ දහසය දෙනෙකු සිටින සියයට 4.10 ක ඡන්ද ගත්ත උතුරු නැගෙනහිර පමණක් ඡන්ද ගත්ත දකුණේ කිසිම ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී නොසිටින දකුණේ දහසක් ප්‍රශ්න ගැන කථා නොකරන ආණ්ඩුව ගෙනෙන සියලු පනත්වලට දෑතම ඔසවා ඡන්දය දෙන පිරිසක් ද විපක්ෂයට සුදුසු.

ප්‍රශ්නය:- පිළිගත් දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි වී නැති කණ්ඩායමකට විපක්ෂ නායක ධුරය දෙන්නේ කොහොමද?

පිළිතුර:- ඒකට පූර්වාදර්ශයක් තිබෙනවා. දින 100 වැඩසටහන එම පූර්වාදර්ශයයි. ඒ වන විට 19 වැනි සංශෝධනයත් සම්මත වී අවසන්. අපේ කණ්ඩායමක් ආණ්ඩුවේ ඇමැතිවරු වශයෙන් එදා සිටියා. මෛත්‍රී ජනපති ශ්‍රී.ල.නි.ප. සභාපති ලෙස සිටියා. පිරිසක් ඇමැති ධුර සමග ආණ්ඩුවේ වාඩි වන විට නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායක ලෙස වාඩි වුණා. ඒක පිළි ගන්න කථානායකට කොන්දක් තිබුණා. දැන් ඒක නැත්තේ ඇයි කියලයි අපේ ප්‍රශ්නය. 

ප්‍රශ්නය:- ඒකාබද්ධයට විපක්ෂ නායක ධුරය දීමට එ.ජ.නි.ස. පවා කැමැත්ත පළ කළේ නැහැ නේද?

පිළිතුර:- ඒක වෙනම දේශපාලන පක්ෂයක්. එ.ජ.නි.ස. කියන්නේ ජනතාවගෙන් ඈත් වී සිටින ජනතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙන පක්ෂයක්. ඒ අයගෙන් අවසර අපට අවශ්‍ය නැහැ. අපව පිළිගත් නැහැ කියා නඩු පවරන්න ඒ අයට තිබුණා. මේ රටේ එහෙම ඉතිහාසයක් තිබෙනවා.

ප්‍රශ්නය:- විපක්ෂ නායක ධුරය ලැබීම කෙසේ වෙතත් එය ඩැහැ ගැනීමට ඒකාබද්ධයේ පොරයක්​ නේද?

පිළිතුර:- කවුද පොරකන්නේ. අමූලික බොරුවක් නේ. කාගේ හෝ අදහසක් ප්‍රකාශ කිරීම පොර කෑමක් ද? මටත් සුදුසුකම් තිබෙනවා කියා කියන්න පුළුවන්. ඒක පොර කෑමක් ද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බොහොම පැහැදිලිව අපේ පක්ෂයේ තිබෙනවා. අපි බෙදිලද නැද්ද කියලා බලා ගන්න විපක්ෂ නායක ධුරය දෙන්නකෝ. නොකෙරෙන තැනට වැඩ සිද්ධ කරමින් නොයෙක් තර්ක ගේනවා. මේක දෙන්නෙ කාටද කියා මහින්ද අමරවීර ලේකම් ප්‍රශ්න කරනවා දැක්කා. ඒක ඒ අය ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. බෙදා ගැනීම අපේ වැඩක්. මතවාද ඕන තරම් තියෙන්න පුළුවන්. අවසන් තීන්දුවත් සමග සියලු දෙනා සිටිනවා. කුමාර වෙල්ගම ඇමැති තුමා එතුමගේ අදහස කිව්වා. හැබැයි අවසන් තීන්දුවත් සමග එතුමා සිටින බවත් කිව්වා. බොහෝ දෙනෙක් කතා කරන්නේ ඒක අමතක කරලා.

ප්‍රශ්නය:- ඔබලා මොන තර්ක ගෙනාවත් වසර තුන හමාරක් තිස්සේ ආණ්ඩුව ඉදිරියට යනවා නේද?

පිළිතුර:- පෙබරවාරි 10 මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවේ ගමන පැහැදිලිව පෙන්නුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී යහපාලනය ගෙන යන බව කිව්වා. හදවතට එකඟව මහ පොළොවේ පවතින යථාර්ථයත් එක්ක තවදුරටත් මේ පක්ෂ දෙකට ප්‍රධාන පක්ෂ දෙක කියන්න බැහැ. දෙවැනි සහ තුන් වැනි දේශපාලන පක්ෂ කියා මේ අයට කියන්න පුළුවන්. අවසන් මැතිවරණයේ දී අපි සියයට 45ක් ගත්තා. වසර 72ක් පැරැණි එ.ජා.ප.ය ගත්තේ සියයට 31යි. මුළු බලයක් යොදා ජනාධිපති ධුරයත් ඇමැති ධුරත් තියාගෙන ශ්‍රී.ල.නි.ප. ගත්තේ සියයට 12යි. අංක ගණන් නොදන්නා අය වෙන වෙන විග්‍රහ කරන්න පුළුවන්. ඒනිසා යහපාලන යැයි කියා ගන්නා මේ පාලනය ජනතාව විසින් පිළිකුල් ලෙස ප්‍රතික්ෂේප කර හමාරයි. සිතා මතා මැතිවරණ කල් දමන්නේ ඒ නිසයි. තවදුරටත් මැතිවරණයකට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් සහ විභව ශක්තියක් නැති බව ඔවුන් හදවතින්ම පිළි ගෙන තිබෙනවා.

ප්‍රශ්නය:- බදු බර, ජීවන බර යනාදිය සම්බන්ධයෙන් ඔබලාගේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා නැගෙනවා නේද?

පිළිතුර:- කොතනක හෝ කාමරයක ඉඳගෙන ඔය වගේ කතන්දර කියන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂය කියා කණ්ඩායමක් නොසිටියා නම් මේ රටේ තත්ත්වය මොකක්ද කියා මොහොතකට සිතන්න. අපේ මෙතෙක් භූමිකාව මොකද්ද කියා එතකොට තේරේවි. ජනතාවට රටට අහිතකර අන පනත් කීයක් අපි යටපත් කළා ද? කොටින්ට වන්දි ගෙවීමට මේ ආණ්ඩුව දැරූ උත්සාහය අපි උසාවි ගිහින් නතර කළා. ජනතාවගේ පැත්තෙන් කවුරු හෝ මතු කරන ඔය ප්‍රශ්නයේ යම් සාධාරණයත්වයක් තිබෙනවා. නිදහසින් පසු වසර 70ක පමණ දේශපාලනයේ ජනතාව මෙතරම් පීඩනයට පත් කළ ආණ්ඩුවක් සහ අසාර්ථකම රාජ්‍ය නායකයන් දෙදෙනකුම ඉතිහාසයේම සිටියේ නැහැ කියන මතයේ ජනතාව සිටිනවා. ඒනිසාම මේ ආණ්ඩුව ගෙදර යැවීමේ ඔවුන්ගේ බලාපොරොත්තු දැඩි ලෙස තීව්‍ර වී තිබෙනවා. අපි ක්‍රමානුකූලව කරන වැඩ කොටස මදියි කියා දැනෙන්නේ ජනතාවට ඇති අධි උනන්දුව නිසයි. රටේ සම්පත් විකුණනවා, රටට අහිතකර ගිවිසුම් නිසා රට පවා දෙනවා. කොටින්ට හිස එසැවීමට වටා පිටාව යළි සකසනවා. උතුරට ෆෙඩරල් දීමට යනවා කියන අදහස ජනතාව තුළ මුල් බැස ගෙන අවසන්. ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයෙන් ජනතාව දැඩි ක්‍රියාමාර්ග බලාපොරොත්තු වෙනවා.

ඔවුන්ගේ හඬ ඒකාබද්ධය පමණයි. අපේ සටන උපරිමයෙන් ගෙන යනවා.

ප්‍රශ්නය:- යහපාලනය අසාර්ථක ආණ්ඩුවක් හැටියට අර්ථ ගැන්වුවා. ඒ ඇයි?

පිළිතුර:- ජනතාවගේ බදු බර සියයට සියයකින් වැඩි කළා. රාජ්‍ය ණය ට්‍රිලියන හතරකින් වැඩි කරලා. කරපු කිසිවක් පේන්න නැහැ. ජනතාවට කිසිදු සහනයක් නැහැ. පුංචි කාර් දෙනවා කිව්වා. වොක්ස්වැගන් කර්මාන්ත අරඹනවා කිව්වා. රැකියා ලක්ෂ දහයක් දෙනවා කිව්වා. රාජ්‍ය නිලධාරීන්ට දුන් යතුරුපැදියට ගත් 50,000 ආපසු දෙනවා කිව්වා. මේ අය නොකිව්වේ මොනවද? කියපු කිසිවක් මෙතෙක් කළෙත් නැහැ. හැබැයි එකක් කළා. ලංකාවේ සිදු වූ ​ලොකුම කොල්ලය වන මහ බැංකු කොල්ලය මේ ආණ්ඩුවේ ප්‍රබලයන් මැදිහත් වී කළා. රටක් හැටියට අගාධයට ඇද දමා අවසන් රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන තැනකට රට පත් කරලා. මේක මහ චොර ආණ්ඩුවක්.

ප්‍රශ්නය:- ගමේ ආර්ථිකය ශක්තිමත් කර ජන ජීවිතය නඟා සිටුවන්න “ගම්පෙරළිය” ආරම්භ කර තිබෙනවා. මේවා ඔබලාට පේන්නේ නැතිද?

පිළිතුර:- ඕව නිකම් නම් විතරයි නේ. ඕවත් නිකම්ම අවසන් වේවි. ගමේ සංවර්ධනය අපි බොහොම සරලව කළානේ. සෑම ග්‍රාම සේවා වසමකටම අප එදා රුපියල් මිලියනයක් දුන්නා. එයින් ඒ වසමේ වැඩ කළා. මේ අලුත් නමක් දා ගත්ත කියලා වැඩක් නැහැ. සම්පත් දීමයි වැදගත්. ඕවාගේ මොන පෙරළිද? කරන පෙරළිය මොකක්ද කියා බලමු. ගමේ පාර කාපට් කළේ කොන්ක්‍රීට් කළේ ගමේ පාසල දියුණු කළේ අපි. භාෂාගාර, විද්‍යාගාර, අයි.ටී. සෙන්ටර් පාසලට දුන්නේ අපි. 2015 අග භාගයේදී මේවා නතර වුණා. උතුර දියුණු කළේ 2015 ට පෙර කියලා ඒ පළාතේ අය දන්නවා.

ප්‍රශ්නය:- එතකොට මේ ආණ්ඩුව කරපු දෙයක් ඇත්තෙම නැතිද?

පිළිතුර:- ඇයි වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළේ. මුල් ගල් තිබ්බේ. ලොව විශාලතම ටයර් කර්මාන්තශාලාව ආරම්භ කළේ. මේවා ජනතාව රවට්ටන්න කළ පට්ටපල් බොරු වැඩ. ඇයි ජනතාව ගිලටීනයටම හිර කර බදු ගහන්නේ. බදු ගැනීම් හංසයාගෙන් පිහාටු ගන්නවා වගේ හංසයාට නොදැනෙන්න කළ යුතු දෙයක්. ඒකට මොළයක් වැඩපිළිවෙළක් දර්ශනයක් ඕන. එහෙම නැතුව වළං කඩේට පැන්න ගොනා වගේ ගෙන යන මේ වැඩපිළිවෙළ ජනතාවට මහා පීඩනයක් වෙලා. කොල්ලො කෙල්ලො ෆ්‍රී වයිෆයි බලාගෙන හංදි ගානේ ඉන්නවා. මාස හැටෙන් අලුත් රටක් කිව්වා. ලක්ෂ දහයකට රැකියා කිව්වා. දැන් ඒකේ මාර ඇරියස් එකක් තියෙන්නේ.

මේවා තියා කෝච්චියක්වත් දුවවා ගන්න මේ ආණ්ඩුවට බැහැ. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ජනතාව පාරෙලු. මේවා පුදුම කතා. පුංචි කාර් ගන්න ඡන්දය දීපු පුංචි නංගිලා මල්ලිලා අද කෝච්චිය නැතුව ආණ්ඩුවටත් වෘත්තීය සමිතිවලටත් පට්ට කුණුහරුපෙන් බැන බැන යනවා. මේ ආණ්ඩුව හරියට මඩේ දමපු අලිය වගේ. හොඬ වැල ගසන්න ගසන්න තව තවත් මඩේ එරෙනවා.

ප්‍රශ්නය:- පළාත් සභා ඡන්දය කියන ක්‍රමය ගැන තවම ප්‍රශ්න. ඔබලාගේ ස්ථාවරය මොකක්ද?

පිළිතුර:- ඕන ක්‍රමයකට තමන්ට සුදුසුයි කියලා සිතන ක්‍රමයකට අපට ඡන්දය දෙන්න. ආණ්ඩුවට වාසිම කියලා සිතන ක්‍රමයට ඡන්දය තියන්න කියන්න. ඒ ඕන එකකට අපි සූදානම්. හැබැයි ඔය ඡන්ද කල් දැමීමට අත ඉස්සුවේ ජ.වි​.පෙයි.

ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප.ය. සහය නැතිව ඉදිරි ජනාධිපතිවරණය කාටවත් දිනන්න බැහැ ඔවුන් කියනවා. එතැනදී ඔබලාගේ ස්ථාවරය මොකක්ද?

පිළිතුර:- ඒක දැන් කියන්න බැහැ. එයාලගේ අපේක්ෂකයා කියන්න කියන්නකෝ. රනිල්ද, මෛත්‍රී ද, පොදු ​අපේක්ෂකයෙක් ද කියන්නකෝ. අපි බොහොම සූක්ෂමව කටයුතු කරනවා. අපේ තුරුම්පු දැන්ම එළියට දාන්න සූදානම් නැහැ. අපි සියයට 45ක් ගත්තා. ජනාධිපතිවරණය දිනන්න අපට අවශ්‍ය තව සියයට හයයි. එ.ජා.ප.ය. තව සියයට 19 ක් හදා ගන්න ඕන. ශ්‍රී.ල.නි.ප. ජනාධිපතිගේ කණ්ඩායම තරග කරනවා නම් සියයට 38 ක් හදා ගන්න වෙනවා. පහසුවෙන් ජය ගන්න පුළුවන් කාටද කියා එයින් පැහැදිලියි.



අදහස් (13)

ආත්ම ශක්තියක් නැති ආණ්ඩුවක්

Paala Monday, 13 August 2018 11:24 AM

සයිමන් මුදලාලිගේ කඩේ හිටපු කොල්ලටවත් දෙමු විපක්ෂ නායකකම නේද? මහත්තයා......

:       0       71

mahinda Monday, 13 August 2018 02:06 PM

අනුන්ගේ ආත්ම ශක්තිය ගැන කථාකරනවා. එ්ත් තමුන්ගේ පුතා යහපත් පුරවැසියකු කරන්න බැරි වුණා. තමා ඇමතිවරයෙකුව සිටියදී ඕස්ට්‍රේලියාවේ හෝටලයකින් වැටීමට එරෙහිව වන්දියක් ඉල්ලා නඩු පවරන බව කිව්වා. මෙවන් අය කරන මේ ප්‍රකාශ මොන තරම් විහිළුද?

:       13       120

K Perera Monday, 13 August 2018 03:20 PM

මේ ආණ්ඩුව හොඳයි කියා කියන්නේ නැහැ. නමුත් ඔබ මොන කයිවාරු ගැහුවත් ඔබලාගේ ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව සිය වාරයකින් මේ රටේ සිටින සෑම ජනතාවටම හොඳයි.

:       347       266

BamunuarachchiMonday, 20 August 2018 06:04 PM

මොනවා? පෙබරිවාරි 10 වෙනිදා ජනතාව මොනවද කීවේ කියන එකවත් තේරුම්ගත්තේ නැද්ද? අනේ අපොයි මේ මිනිස්සු ඉන්න රටකට හරියාවිද?

:       0       63

Jerami Monday, 13 August 2018 04:28 PM

ඒ කාලේ පුදුම අාත්ම ශක්තියකින් ඔයාල හිටියේ නේද. අපි දැක්කනේ හිටපු හැටි. හැම දෙයක්ම නොදැක්ක වගේ හිටියා වාසියට. අනේද කියන්නේ. හරියට කොළා නම් අද ඔහොම වෙන්නේ නෑනේ.

:       88       115

lion Tuesday, 14 August 2018 12:26 AM

මෙයාගේ කෙරුවාව දන්නේ නුවර මිනිස්සු. මෙයා මුදල් හම්බකරපු විදිය අහන්න කැතයි

:       0       4

siri Tuesday, 14 August 2018 03:18 AM

අනේ පව්. මේකට මුන් කරපුව මතක නෑ. මැරිලා ඉපදිලා

:       130       116

Saththaya Wednesday, 15 August 2018 01:54 AM

කොල්ලකෑමට ශක්තියක් ඇති ආණ්ඩුවක නේද ඔබ හිටියේ . එහෙමද හොදද ? අපි තව අවුරුදු කීයක් බදු ගෙවන්නද, ඔබලා කරපු ජොලි වලට . සමාජ සේවය කියන්නේ තමන්ගේ තියෙන බූදලයෙන් වියදම් කරන එක , මහජනතාවගෙන් නැතුව . අද රටම ඉවරයි, ආගමත් ඉවරයි, කරපු සේවයේ තරම.

:       227       375

vidya Friday, 17 August 2018 03:27 AM

ජනේලයෙන් පැන්නා වගේ අනිත් පැත්තට පනින්න කාලය ඇවිල්ලා.

:       0       1

Mahee Sunday, 19 August 2018 08:38 AM

මෙයාගේ නම් මාර පිට කොන්දක් සහ ආත්ම ශක්තියක් තිබුනේ. සම්පූර්ණ ආත්ම ශක්තියම යොදලා ලොක්කගෙ රෙදි හෝදන හැටි අපි දැක්කා. අන්න මිනිස්සු.

:       0       1

සමන්ත Monday, 20 August 2018 12:25 PM

මේ පුද්ගලයා නුවර කෙනෙක් නෙමේ. නුවර මිනිස්සුන්ට අනුන්ගේ රෙදි හෝදන්නේ නැතුව ඉන්න.. නරක වැඩ නොකර ඉන්න තරම් කොන්දක් තියෙනවා නම්...

:       1       0

සමන්තMonday, 20 August 2018 12:53 PM

සමන්ත මම කිව්වේ මේ නුවර කෙනෙක් නෙමේ කියලා. මෙයාගේ නම රඹුක්වැල්ලත් නෙමේ. ගම කෑගල්ලේ. නම දිසානායක. නෑ වෙන මිනිස්සු හිටියා තෙල්දෙනියේ රඹුක්වැල්ල ගමේ. ගස් කපලා හම්බ කරපු අය... මේවා තමයි ඇත්ත. මම වගකීම ගන්නවා.

:       0       0

Bamunuarachchi Monday, 20 August 2018 05:56 PM

මේක ආත්මයක් නැති ආණ්ඩුවක්

:       3       72

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 77 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 146 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 333 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 51 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 512 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 271 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site