IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ ගිනි දැල්

කලක් තිස්සේ අළුයට ගිනි පුපුරුමෙන් විටින් විට ඇවිලෙමින් තිබූ ආණ්ඩුවේ අර්බුදය මේ වනවිට මහා ගිනි ජාලාවක් බවට පත්වෙන ලකුණු පහළවී තිබේ. ජනාධිපතිවරයා මීට පෙර විටින් විට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කළ නමුත් සමස්ත පක්ෂය දැඩි ලෙස විවේචනය කළේ නැත. එහෙත් දැන් දැන් ජනාධිපතිවරයා සමස්ත එක්සත් ජාතික පක්ෂයම ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ. ඉකුත්දා කොළඹ පැවැති සේනානායකවරුන්ගේ ගුණසමරු උත්සවයේ දී ජනාධිපතිවරයා කළ කතාවක් හේතුවෙන් එජාප ප්‍රබලයන් දැඩි ලෙස අමනාපකමකින් පසුවන බවක් පෙනේ.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ එජාප විරෝධී කතාවට ප්‍රහාර එල්ල කරන්නට ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාවට ප්‍රතිචාර දැක්වීම අනවශ්‍ය දෙයක් බවය. එහෙත් ජනාධිපතිවරයාගේ එජාප විවේචනය මැති ඇමැතිවරුන් අතර තවමත් කතාබහට ලක්වෙමින් තිබේ. ඉකුත්දා ප්‍රබල එජාප ඇමැතිවරයෙක් මෙසේ කීවේය. ‘ජනාධිපතිතුමා විටින් විට විවේචන ඉදිරිපත් කළා. එක එක ඇමැතිවරුන් විවේචනය කළා. මට මතකයි මහනුවර රැස්වීමක දී අගමැතිතුමා විවේචනය කරමින් කී කතාවක්. හැබැයි සමස්ත එජාපයම විවේචනය කරන්න හොඳ නැහැ’ 

මේ අතර ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා පූර්ණ කාර්යභාරයක් ඉටුකළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සරත් විජේසූරිය ජනාධිපතිවරයාගේ එජාප විරෝධී කතාවට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබිණ. 

මේ අතර මීට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට කියැවුණ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය පිළිබඳව ද තවමත් දේශපාලන වේදිකාවේ යම් යම් අදහස් ප්‍රකාශ වෙමින් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරු ද රෝ කතාව සහ එම කතාව ප්‍රචාරය කළ බව කියන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ද යම් යම් කරුණු කාරණා හුවමාරු කර ගනිමින් සිටිති. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ කෙසේ හෝ තවත් වසරක කාලයක් යහපාලන ආණ්ඩුව බලයේ රඳවාගෙන සිටීමය. මංගල සමරවීර ඇමැතිවරයා සඳහන් කරන්නේ ‘කවුරු මොනවා කිව්වත් අපි මේ ආණ්ඩුව 2025 දක්වා ගෙන යනවා. මේක ලේසියෙන් වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි’ යනුවෙනි. 

මේ අතර ආණ්ඩුවට දිගින් දිගටම එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලබාදීමට මංගල සමරවීර ඇමැතිවරයා උපරිම උත්සාහයක නිරතවෙමින් සිටින බවක් පෙනේ. මංගලගේ අරමුණ වී ඇත්තේ ජනතා සහන සහිත අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමටය. එජාප ඇමැතිවරයෙක් සඳහන් කර තිබුණේ ‘ආණ්ඩුවට තව අවුරුද්දක කාලයයි තියෙන්නේ. රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. අපට මේ අය-වැයෙන් සහන දෙන්න බැරි නම් ඊළඟ ඡන්දෙට මුහුණ දෙන්න  අමාරුයි. ඒ නිසා මේ පාර සහන අය-වැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා’ කියාය. මේ අතර ආරංචිමාර්ග සඳහන් කළේ අය-වැය ලේඛනය සකස් කිරීමේ කටයුතු සෑම සති අන්තයකම මංගල  සමරවීර ඇමැතිවරයාගේ බොල්ගොඩ පිහිටි පෞද්ගලික නිවසෙහිදී සිදුවන බවය. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ මංගල ඇමැතිවරයා දවස පුරා පෞද්ගලික නිවසට වී අය-වැය ලේඛනය සකස් කිරීමේ කටයුතුවල නිරත වන අතර ඇමැතිවරයා කියා ඇත්තේ ‘අපට මේක අමාත්‍යාංශයේ දී කරන්න අමාරුයි. දුරකතන ඇමතුම් එනවා. තවත් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිවලට එනවා. එක අරමුණකින් කටයුතු කරන්න අමාරුයි. ඒ නිසා ගෙදර ලේසියි. කිසිම බාධාවක් නැහැ’ කියාය. 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පවතින හැල හැප්පීම් නතර කර ගන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී තිබුණ ද එය ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට නැත. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා දැඩි වාග් ප්‍රහාර හා විවේචන ඉදිරිපත් කරමින් ඒකාබද්ධයේ අනෙක් මන්ත්‍රීවරුන් විවේචනය කරන්නට පටන් ගෙන ඇත. කුමාර වෙල්ගමගේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත නොහැකි නම් එම ධුරය රාජපක්ෂ පවුලෙන් පිට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුට ලබාදීම වඩාත් සුදුසු බවය. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද මීළඟ ජනාධිපති අපේක්ෂකකම ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවය. එම උත්සාහය අසාර්ථක වුවහොත් මීළඟ අගමැතිවරයා වීමේ අපේක්ෂාවක් ද කුමාර වෙල්ගමට තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සඳහන් කරති. කෙසේ වෙතත් ආරංචිමාර්ග සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය තුළ කුමාර වෙල්ගම විරෝධය දැඩි ලෙස ඉස්මතු වී තිබෙන බවය. මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, ෂෙහාන් සේමසිංහ, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූයේය. වෙල්ගම මන්ත්‍රීවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට නුසුදුසු බවය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ අදහසට විරුද්ධවී උඩුගම් බලා පිනීමට කුමාර වෙල්ගමට හැකියාවක් නැතැයි ද දේශපාලන විචාරකයෝ මත පළ කරති. ‘මෙහෙම ගියොත් වෙල්ගම තනි වෙනවා. එයාට ඒකාබද්ධය තුළ කොන් වෙන්න වෙනවා. එහෙම වෙලා කොහොමද ඔහු දේශපාලනය කරන්නේ’ යැයි ශ්‍රීලනිපයේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය. 

ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී නගර සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් දෝස්මුරයක් දැම්මේය. හකීම් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබුණේ ජල ගාස්තු සියයට 65න් ඉහළ නැංවීමටය. එහෙත් ජල ගාස්තු ඉහළ දමා තවදුරටත් ජනතාව පීඩාවට පත් කළ නොහැකි බවට ඇමැතිවරු පිරිසක් කරුණු ඉදිරිපත් කළහ. 

‘මම ජල ගාස්තු වැඩි කරන්න අවුරුදු තුනක ඉඳලා ඉල්ලනවා. ඒත් කර ගන්න බැරි වුණා. මොනවා හරි කියනවා. මැතිවරණය නිසා දැන් කරන්න බැහැ. අරකද මේකද කියනවා. ඒත් තියෙන මැතිවරණයකුත් නැහැ. මට ගාස්තු වැඩි කරන්න දෙන්නෙත් නැහැ’ යැයි හකීම් දුක්ගැනවිල්ල චෝදනා මුඛයෙන් කීවේය. ‘වතුර ලීටරයක් හදන්න යන මුදලට වඩා ඉතාම අඩු මුදලකට තමයි අපි ජනතාවට දෙන්නේ. මේ විදියට දුවන්න බැහැ’ යැයි හකීම් කී විට සරත් අරමුණුගම ඇමැතිවරයා ඊට විරෝධය දැක්වීය. ‘දැන් එන්නේ ඉලෙක්ෂන් කාලයක්. ජල ගාස්තු වැඩි කරන්න දෙන්න බැහැ. ජනතාවට ප්‍රශ්න වැඩිවෙනවා’ යැයි සරත් අමුණුගම කීවේය. 

‘එහෙම නම් දෙකෙන් එකක් තෝරා ගන්න. එක්කො මට ජල ගාස්තු වැඩි කරන්න අවසර දෙන්න. නැති නම් මගේ ඇමැතිකම වෙන කාටහරි දෙන්න’ යැයි අවසානයේ රාවුෆ් හකීම් කීවේය. මේ අතර ඇමැති රිෂාඞ් බදියුදීන් ද සංවාදයට එක්වූවේය. ‘රවුෆ් හකීම් ඇමැතිවරයා ජල සම්පාදන මණ්ඩලයේ වෙනම මාධ්‍ය ඒකකයක් ක්‍රියාත්මක කරනවා. එතන විසි දෙනෙක් ඉන්නවා. ඒ අයට පඩි ගෙවන්නයි තවත් විදයම් දරන්නෙත් මණ්ඩලය. මේ මාධ්‍ය කණ්ඩායම යොදවලා කරන්නේ සම්පූර්ණයෙන්ම මට මඩගහන එක. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ අය මට මඩ ගහනවා. මේක නතර කළොත් හකීම් ඇමැතිතුමාට ජල සම්පාදන මණ්ඩලයේ වියදම අඩුකර ගන්න පුළුවන්’ යැයි රිෂාඞ් බදියුදීන් කීවේය. එහෙත් ඊට ප්‍රතිඋත්තර දැක්වීමට හකීම් ඉදිරිපත් වූයේ නැත. 

අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීවල නිරතව සිටින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලන අමුණුපුර සම්බන්ධයෙන් ද අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා විය. එහිදී ජනාධිපතිවරයා ‘අපි බටහිර රටවල් කියන කියන දේවල් කරනවා. හැබැයි ඒ රටවල් ලංකාව ගැන ඒ තරම් සැලකිල්ලක් උනන්දුවක් නෑනෙ’ යැයි කීවේ ලුතිනන් කර්නල් කලන අමුණුපුර යළි දිවයිනට ගෙන්වා ගැනීමේ තීන්දුව විවේචනය කරමිනි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් සඳුදා සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්විණි. රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ එහිදී පක්ෂයට දෝෂාරෝපණයක් එල්ල කළේය. ‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එදා මම දැඩි විවේචන එල්ල කළා. මම විතරයි කෙලින්ම ගැහුවේ. දැන් ඒ අය අවස්ථාව අරගෙන මට ගහනවා. මම කොමිස් ඉල්ලුවාය කියලා මඩ ප්‍රචාර ගෙනයනවා. හැබැයි මේ ගහන්නේ මට විතරක් නෙමෙයි. මුළු එජාපයටම මේ අය ගහනවා. ඒත් මම වෙනුවෙන් පක්ෂයේ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මම කියන්නේ මේ වෙලාවේ පක්ෂය විදියට ඉදිරිපත් වෙන්න ඕනේ කියන එකයි’ සුජීව සේනසිංහ කීවේය. ඔහු නැවතත් කීවේ තරුණ මන්ත්‍රීවරුන් හැටියට තමාගේ උදව්වට පැමිණියේ ශෙරීන් සහ නලින් බණ්ඩාර පමණක් බවය. සුජීව සේනසිංහ කබීර් හලීම්ට ද දොස් නගන්නට වූයේය. ‘ඔබතුමා අපේ පක්ෂයේ සභාපති. මේ වගේ වේලාවක පක්ෂය ඉදිරිපත් වෙන්න ඕනේ’ සුජීවසේනසිංහ කීවේය. සුජීවගේ සහායට එජාපයේ තවත් තරුණ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉදිරිපත් වූහ. ඒ නාලක කොළොන්නේ, සන්දිත් සමරසිංහ සහ බන්දුලාල් බණ්ඩාරීගොඩ ය. ‘බය වෙන්න එපා. අපි ඔබතුමත් එක්ක ඉන්නවා’ ඔවුහු කීහ.

උතුරු පළාත් සභාවේ නිල කාලය ඉකුත් බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. උතුරු පළාත් සභාවේ නිල කාලයත් සමඟම මහ ඇමැති විග්නේෂ්වරන් ද දෙමළ ජාතික සන්ධානය සමග පැවැත්වූ දේශපාලන දීගය නිමාවට පත්විය. 

‘මම කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. මම මහ ඇමැති ධුරයට තරග කළේ පොදු අපේක්ෂකයකු විදියට. දෙමළ ජාතික සන්ධානයේ නායකයින් දකුණේ මහ ආණ්ඩුව සමඟ එක්වෙලා වරප්‍රසාද භුක්ති විඳිනවා. දෙමළ ජනතාවට සහනයක් නැහැ. ඒගොල්ලෝ උතුරට එක මූණකුත් දකුණට තව මූණකුත් පෙන්වනවා. ඒ නිසා මම අලුත් පක්ෂයක් හදනවා’ යැයි විග්නේෂ්වරන් බදාදා පෙරවරුවේ යාපනයේ නල්ලූර්හි පිහිටි නවරාජා පරමේශ්වරී ශාලාවේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කීවේය. 

විග්නේශ්වරන්ට මහ ඇමැති ධුර අපේක්ෂකත්වය ලබා දී ඔහු ජයග්‍රහණය කරවීමට දෙමළ ජාතික සන්ධානය ක්‍රියා කළේය. එහෙත් වසරක පමණ කාලයක් යන විට විග්නේෂ්වරන් සහ දෙමළ සන්ධාන නායකයන් අතර බරපතළ මත ගැටුම් ඇති වන්නට පටන් ගත්තේය. දෙපාර්ශ්වය ප්‍රසිද්ධියේ විවේචන එල්ල කර ගත්තේය. කෙසේ වෙතත් විග්නේෂ්වරන් මේ වනවිට ‘තමිල් මක්කල් කූට්ටනි’ හෙවත් ටී.එම්.කේ. නමින් නව පක්ෂය නිර්මාණය කර තිබේ. උතුරේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනුයේ විග්නේෂ්වරන්ගේ නව පක්ෂය වටා උතුරේ තවත් පක්ෂ හා බලවේග එක්වීමේ ප්‍රවණතාවයක් පවතින බවය. එසේ වුවහොත් විග්නේෂ්වරන් ඉදිරියේ දී සම්පන්දන්ට ප්‍රබල දේශපාලන අභියෝගයක් වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

 එක්සත් ජාතික නිදහස් පෙරමුණට පසුගිය සතිය තරමක දේශපාලන වශයෙන් කාර්ය බහුල සතියක් බවට පත් වූ අතර, එහි නායක මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය සතියේ වැඩි දින ගණනක් දකුණු පළාතේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා වෙන්කර තබන්නට කටයුතු කළේය. 

මෙහිදී තවත් වැදගත්ම සිදුවීමක් බවට පත්වූයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇන්ඩිගොඩගමගේ අරුණට එම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් හා සභාපතිවරයා විසින් පහර දී තිබීමයි.
මෙහිදී වහාම ක්‍රියාත්මක වූ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න, ඒ සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගත්තේය. අදාළ සිදුවීමෙන් පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා රෝහල්ගත කළ අතර, ඔහුගේ සුවදුක් විමසා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන්ට උපදෙස් දෙන ලදී.

මීට අමතරව පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු කරගෙන යාම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමටත් පළාත් නවය සඳහා පළාත් නායකයන් නව දෙනකු පත් කිරීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කොට ඇති බව ද වාර්තා වෙයි.

මීට අමතරව තම පක්ෂයේ මන්ත්‍රීවරයකුට පහරදීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් තම පක්ෂයේ නියෝජනය සහිත සියලු පළාත් පාලන ආයතනවල සභා වාරය සඳහා ඉදිරිපත් කිරීමටත්, එක්සත් ජාතික නිදහස් පෙරමුණ පසුගිය සතිය තුළ දී තීරණය කොට ඇති බව ද වාර්තා වෙයි.

පසුගියදා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජාතික සංවිධායක විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් ඇතුළු නායකයන් පිරිසක් නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක් යොදාගෙන තිබුණ ද, එම සංචාරය අවලංගු කිරීමට පසුව පියවර ගෙන තිබුණි. ඒ, ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කටයුතු කළේ යැයි කියන නඩුවේ ප්‍රධාන වගඋත්තරකරුවා වන දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටීම වැනි නඩු කිහිපයක් වෙනුවෙන් පෙනී සිටීමට මෛත්‍රී ගුණරත්නට පැවරී තිබුණු හෙයිනි.

 



අදහස් (2)

ආණ්ඩුවේ ගිනි දැල්

කමල්සිරි හෙට්ටි ආරච්චි Friday, 26 October 2018 09:17 AM

වෙල්ගමට කොටි ඩයස්පොරාවෙන් ලෙකු කුට්ටියක් හම්බවෙලා වගෙයි..

:       32       1

සෙනෙවි Friday, 26 October 2018 08:55 PM

රාජපක්ෂලාට විරුද්ධ වුවහොත් අලවන ලේ බලය කොටි ඩයස්පෝරාවෙ ඩොලර්ය. එම සල්ලි නැති වුවද රාජපක්ෂ යුගයෙන් හම්බකල මුදල් ඔහුට අැත

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 105 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 254 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 185 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 232 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 237 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 802 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site