IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ අවුල්වලට නිලධාරීන් හවුල්විය යුතු නෑ

රට තුළ දේශපාලන අර්බුද සුළියක් නිර්මාණයවී තිබේ. අර්බුදය නිර්මාණය වී තිබෙන්නේ රජය සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් නීති තර්ක, ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ වාග් සංග්‍රාම නොනැවතී සිදුවෙමින් පවතී. මෙබඳු දේශපාලන අර්බුද එක් අතකින් රටකට ස්වාභාවිකය. අනික් අතට බලාපොරොත්තු විය යුත්තකි. එහෙයින් මෙබඳු අර්බුද සුළි ඉදිරිපිට තිගැස්මට ලක් විය යුතු නැත. ඕනෑම අර්බුදයක් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳ‌ා ගැනීමේ ශිෂ්ටත්වය සෑම පාර්ශ්වයක් වෙතින්ම ප්‍රදර්ශනය විය යුතුය. ම්ලේච්ඡත්වය කරා අප පල්ලම් බැසිය යුතු නැත.

අර්බුදය කුමක් වූව ද එය රටේ පරිපාලනයට හා පැවැත්මට බාධාවක් කරගත යුතු නැත. අර්බුද හටගෙන තිබෙන්නේ ආණ්ඩුව තුළය. එහෙත් රජය නිරුපද්‍රිතව ඉදිරියට යා යුතුය. ආණ්ඩුව හා රජය අතර ඇති වෙනස හඳුනා ගැනීමේ පරිණත බව සෑම දේශපාලනඥයකුටම තිබිය යුතුය. සෑම රජයේ නිලධාරියකුටම තිබිය යුතුය. පුරවැසියන් තුළින්ද එම විචක්‍ෂණ බව ප්‍රදර්ශනය විය යුතුය.

ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ රජය බලවත්වීම වෙනුවට ආණ්ඩුව බලවත් වීමය. අපේ රටේ කිසිදු ක්ෂේත්‍රයකට අදාළව ජාතික ප්‍රතිපත්තියක්, ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීමට තවමත් නොහැකිවී තිබෙන්නේ එහෙයිනි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් වනවා පමණක් නොව එකම ආණ්ඩුවක ඇමැතිවරුන් වෙනස් වුව ද ප්‍රතිපත්ති වෙනස් වන්නේ ඒ අනුවය. මෙම තත්ත්වය රටකට කිසි ලෙසකින් හෝ යහපත් නැත.

ආණ්ඩු කලින් කලට වෙනස් වේ. එහෙත් රජය වෙනස් නොවේ. රජයේ වගකීම වන්නේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් පරිපාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමය. රජයේ සේවකයන්ට දේශපාලන මතයක් දැරීමේ අයිතියක් තිබුණද ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීම තහනම් වන්නේ ඒ අර්ථයෙනි. ආණ්ඩුවක වගකීම වන්නේ රට හමුවේ ඇති අභියෝග එයට හිමි නිසි බරින් ග්‍රහණය කරගෙන ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමය. එබඳු දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන විට රට එකතැන නතර නොවේ.

එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල එබඳු දියුණු රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවේ. එය බරපතළ අඩුපාඩුවකි. වර්තමාන තත්ත්වය වුව ද කදිම නිදසුනක් ලෙස ගළපා ගත හැකිය. මොකද වෙන්නේ? යනුවෙන් කතාබස් කරමින් සිටිනවා විනා තමන්ට පැවරී ඇති රාජකාරී වගකීම් ඉටු කිරීමක් දක්නට නොලැ​ෙබ්. නිදහස ලබා හැත්තෑවසරක් ගත වූව ද අප රටට අපේක්‍ෂිත ඉලක්කවලට ළඟාවීමට නොහැකිවී තිබෙන්නේ එහෙයිනි.
දේශපාලන ව්‍යාකූලත්වය මැද වැඩ නොකර සිටීම, වැඩ පැහැර හැරීම රටේ ඉදිරි ගමනට බලවත් තර්ජනයකි. රටේ දියුණුවට බලවත් බාධාවකි. දියුණු රාජ්‍යමය යාන්ත්‍රණයක් සකස් කර දීම ආණ්ඩුවල වගකීමකි. එහෙත් දියුණු වූ දේශපාලන සංස්කෘතියක් නොමැති රටක එබඳු බලගතු ව්‍යූහයක් බලාපොරොත්තු විය නොහැකිය.

ඉහත අඩුපාඩුව දැන්වත් නිවැරැදිව හඳුනාගත යුතුය. රට අභ්‍යන්තරයෙන් කඩා වැටීමට ඉඩ නොදිය යුතුය. එහෙත් දැන් දක්නට ලැබෙන්නේ අලුතෙන් පත් වූ ඇමැතිවරයා එනතුරු වැඩ නොකර බලාගෙන සිටින අමාත්‍යාංශයෝය. අලුතෙන් පත් වූ ලේකම්වරයා වැඩ පටන් ගන්නාතුරු බලා සිටින අමාත්‍යාංශ නිලධාරීන්ය.

​ෙම් අයුරින් තවදුරටත් ගමන් කරන්නේ නම් ලබා ගත හැකි ප්‍රගතියක් නැත. ආසියාවේ ආශ්චර්ය ඉතා හොඳ සංකල්පයකි. මාස 60න් අලුත් රටක් එබඳුම යහපත් සංකල්පයකි. එහෙත් මෙබඳු යහපත් සංකල්ප ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීමට අසමත් වන්නේ ඇයිද යන්න ගැඹුරු විමසුමකට ලක් කළ යුත්තකි.
ලී ක්වාන් යූ මුලින් සඳහන් කළේ සිංගප්පූරුව ද ශ්‍රී ලංකාවක් බවට පත් කරන බවය. එහෙත් අවසානයේ අපේ පාලකයන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරන බවය. ‘‘කොණ්ඩය බැඳපු චීන්නු’’ යයි අපෙන් අවමන් විඳි චීනය අද ආසියාවේ ආර්ථික යෝධයා බවට පත්ව තිබේ කොරියාවද එසේමය.

අපේ රටට වැරැදුණේ කොතැන ද? යන්න විමසුමට ලක් කළ යුත්තේ එහෙයිනි. ඒ වැරැදි අඩුපාඩු හදාගෙන රට ඉදිරියට ගමන් කළ යුතුය. ජනතා අපේක්‍ෂා මුදුන් පමුණුවා ලීමට හැකි වන්නේ එමගින් පමණි.



අදහස් (0)

ආණ්ඩුවේ අවුල්වලට නිලධාරීන් හවුල්විය යුතු නෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 260 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 137 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 530 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 618 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2591 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 226 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site