IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අලුත් ව්‍යවස්ථාව - ඡන්ද පොරොන්දුවක්

සංවාද සටහන -  චමින්ද මුණසිංහ

අලුත් ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවට එරෙහිව මහ නායක හිමිවරුන්ගේ ප්‍රකාශ, රට බෙදන චෝදනා, විධායක ජනාධිපති ධුරය, මැතිවරණ සිතියම අකුළලාද, ඒකාබද්ධය කරන අභියෝග, මහින්ද - රනිල් ඩීල් එකකද, අධ්‍යාපනයේ අවුල්ද, ගුරු මාරුවීම්, ජනතාවට එලොව පොල් පෙනීම යනාදී කරුණු ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාය.

ප්‍රශ්නය:- යහපාලනය කිව්වට දැන් දැන් ආණ්ඩුවේත් එකඟතාවක් නැහැ වගේ නේද?
පිළිතුර:- මොනවද මේ කතා. බොහො දෙනකුට ඔය කතා කියන්න පුළුවන් වෙලා තියෙන්නෙත් යහපාලනය නිසයි. ප්‍රතිපත්ති කඩවන විට ඒවාට පියවර ගන්න හැකි වී තිබෙන්නේ යහපාලනය නිසා කියලයි මට සිතෙන්නේ.

ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ එකඟත්වයක් නැතිද කියලයි මම අහන්නේ?
පිළිතුර:- මේක ජාතික ආණ්ඩුවක්. ඒක ඇතුළේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒ කොහොම වුවත් අවසානයේ තීරණ ගන්නේ එකඟත්වයෙන්. මොන කතා තිබුණත් අවසානයේ තීරණවලට එන්නේ බොහොම පැහැදිලි එකඟත්වයකින්. විවිධ මත ඔස්සේ අවසානයේ පොදු මතයට එකතුවීමත් යහපාලනයයි.

ප්‍රශ්නය:- අලුත් ව්‍යවස්ථාවක් මොකටද?
පිළිතුර:- අලුත් ව්‍යවස්ථාවක් ගේන බව අපි කිව්වා. ඒක බොහොම පැහැදිලියි. අපි ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න ඕන. ජනතාව අපට ඡන්දය දුන්නේ මේ දේවල්වලට. වෙනත් ස්වරූපයකින් එන අන්තවාදී බලවේගවලට මේව යටකරන්න දෙන්න බෑ. කවදාවත් එකඟ කරගන්න බැරි වූ දේශපාලන බලවේග පවා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අද එකඟ වී සිටිනවා. රජය වශයෙන් ඒක ගෙන ඒම අපේ යුතුකමක්.

ප්‍රශ්නය:- ඒත් අලුත් ව්‍යවස්ථාවක් ඕන නැහැ කියා මහනායක හිමිවරු පවා ප්‍රකාශ කරනවා නේද?
පිළිතුරු:- මහනායක හිමිවරු එහෙම ප්‍රකාශ කළාද කියා මම නම් දන්නෑ. මම දන්න හැටියට කාරක සංඝ සභාව තමයි තීරණය කරල තියෙන්නේ. අපි හැමෝටම වඩා උඩින් තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලයයි. ඒ බලය ක්‍රියාත්මක කිරීම මහජන නියෝජිතයන් වශයෙන් අපේ වගකීමක්. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියා මැතිවරණ ව්‍යාපාරය ගෙනගියාම ජනතාව අපට වැඩි බලයක් දුන්න නම් ජනතාවගේ තුනෙන් දෙකකට වැඩි පිරිසක් අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලනවා නම් ඒ ඉල්ලීම අනුව කටයුතු කරන්න වෙනවා. අඩුපාඩු තිබෙනවා නම් කතා කරන්න පුළුවන්. තාම තියෙන්නේ කෙටුම්පතක් පමණයි. ඒ නිසා මහ නාහිමිවරුන්ටත් අදහස් ප්‍රකාශ කර සංශෝධනය කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැතුව කෙටුම්පත් අවස්ථාවේම මේක ගේන්න එපා කීම සාධාරණ නෑ.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය මේකට එකඟද?
පිළිතුර:- ඔව් ඔවුන් අලුත් ව්‍යවස්ථාවට එකඟයි. සමහර අයට පෞද්ගලික මත තියෙන්න පුළුවන්. අවසානයේ අපේ නායක දෙපලගේ එකඟතාව මත පොදු තැනකට ඒම තමයි අපේ වෑයම.

ප්‍රශ්නය:- මේ ව්‍යවස්ථාව ගේන්නේ රට බෙදීමේ අරමුණෙන්ද?
පිළිතුර:- දේශපාලන වශයෙන් බංකොළොත් අය ඕව කියනවා, ආයෙම බලයට එන්න දැක්මක්, දර්ශනයක් නැති නිසා ජාතිවාදය, ආගම්වාදය මත නොයෙක් මත හදන්න හදන පිරිසක් ඔය වගේ කතා කියනවා. බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන බව මේ ව්‍යවස්ථා කෙටුම්පතේ තිබෙනවා. ඒකීය රටක් පිළිගන්නා බව මෙහි සඳහන්. රටේ ප්‍රධාන පක්ෂ දෙක පිළිගන්න ඕනෑම එකඟතාවකට තමන් එකඟ බව උතුරු නැගෙනහිර වැඩි ජන කැමැත්ත ඇති දෙමළ සන්ධානය කියනවා. මෙතරම් හොඳ තැනකට සුළුපක්ෂත් ඇවිත් තියෙද්දී මේක කඩාකප්පල් කර දේශපාලන බලය ගන්න අරඅඳින පිරිසක් ඉන්නවා.

ප්‍රශ්නය:- අලුත් ව්‍යවස්ථාවක් නෙමෙයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලනේ පොරොන්දු වුණේ?
පිළිතුර:- ඒකට අවශ්‍ය පියවර අරගෙන තියෙනවානේ. විධායක බලතල අඩුකළා. පාර්ලිමේන්තුවට වැඩි බලතල දෙන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අපි කියපු දේවල් කරන්න තමයි හදන්නේ. විධායක බලතල පාර්ලිමේන්තුවට දෙනව නම් එදා තිබූ විධායක බලතල අද කොමිෂන් සභාවලට පවරා දී තිබෙනවා නම් ව්‍යවස්ථාදායකසභාවට පවරාදී තිබෙනවා නම් ඇත්තටම මේ බලතල අඩු කර තිබෙනවා. මේ බලතල අඩු කරන්න ඉදිරි ව්‍යවස්ථාවෙනුත් යෝජනා වී තිබෙනවා.

ප්‍රශ්නය:- විධායක ජනපති ධුරය අහෝසි කිරීම එජාප ස්ථාවරයද?
පිළිතුර:- අහෝසි කරන්න නෙමෙයි. දැන් තිබෙන තත්ත්වය බලන්න. වැරදි පුද්ගලයකු අතට මේ බලය ගියොත් රටට අවැඩක් වෙන්න තියෙන අවස්ථා වැඩියි. පසුගිය කාලයේ ඒක ඔප්පු වුණා. ඒ නිසා කාලානුරූපීව මේ යුගයට ගැළපෙන ලෙස විධායකයේ අසීමිත බලතල අඩු කරන්න අපි කටයුතු කළා. දැන් ජනාධිපතිට විනිර්මුක්තිය නෑ. ජනාධිපති කාලයේ වැරැද්දක් කළොත් අධිකරණයට ගෙන යා හැකි ආකාරයට පසුබිම සකස් කළා. මේ වගේ වැඩ ගොඩක් කළා. අලුත් ව්‍යවස්ථාවෙන් තවත් විධායක බලතල අහෝසි කරන්නයි අපි බලන්නේ. මේ ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ යුගයේදී විධායක බලය සම්පූර්ණයෙන් තිබුණත් ප්‍රශ්නයක් නෑ.
හැබැයි අනාගතයේ දවසක වැරදි කෙනෙක් මේ පුටුවේ වාඩි වුණොත් ඒක රටට ප්‍රශ්නයක්.

ප්‍රශ්නය:- හැබැයි විධායකයක ජනාධිපති ධුරය තියාගන්න ඕන කියා ශ්‍රීලනිප පාර්ශ්වය කියනව නේද?
පිළිතුර:- කීප දෙනෙක් එහෙම කියනවා. මේ බලය අඩු කරන්න, කප්පාදු කරන්න හැමෝම එකඟ වෙලයි ඉන්නේ. එතන ඔය හැමෝම ඉන්නවා.

ප්‍රශ්නය:- යහපාලනය මැතිවරණ සිතියම ඇකිලුවේ ඇයි?
පිළිතුර:- කිසිම ඇකිලීමක් නෑ. රාජපක්ෂවරු කළ වැරැදි සීමා නිර්ණය සහ තවත් ගැටලු නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ. සලාක ක්‍රමයට මැතිවරණ තිබ්බා. සමහර තැන්වලට තමන්ට වාසිදායක වන ලෙස නයාගියා වගේ කොට්ඨාස කැඩුවා. කාලය අරගෙන හරි මේවා නිවැරදි කිරීම හරියට කරන්න ඕන. යම් කාලයක් ගත්තා. තව මාස තුනක් ඇතුළත මැතිවරණයට යනවා. ප්‍රශ්නයක් නෑ. ඔක්කොම මැතිවරණ එතැන් පටන් තියනවා. පුළුවන් නම් දිනාගන්න කියා ඔය කෑගහන අයට අපි අභියෝග කරනවා.

ප්‍රශ්නය:- පළාත් සභාත් තව මාස තුනකින් තියෙනවද?
පිළිතුර:- පළාත් පාලන මැතිවරණයට දැන් ඔක්කොම සූදානම්. අඩුපාඩු හදලා තියෙන්නේ. දැන් තිබෙන්නේ අවසාන අවස්ථාවේ. ඒ එක්කම පළාත් සභා මැතිවරණයත් පවත්වනවා. සියලු මැතිවරණ ලබන වසරේ පවත්වනවා. පුළුවන් නම් දිනාගන්න කියා අපි අභියෝග කරනවා.

ප්‍රශ්නය:- ප්‍රාදේශීය සභා වැඩි ගණනක බලය ගන්න බවට ඒකාබද්ධය අභියෝග කරනවා නේද?
පිළිතුර:- ගන්න හැටි බලමුකෝ. ඉස්සර තිබුණු හයියත් දැන් ඒ අයට නෑ. දැන් ඒ අය කෑලි කෑලිවලට කැඩිලා. දවසින් දවස ඒකාබද්ධය දියවෙනවා. ඇතුළේ ප්‍රශ්න. ජනතාවත් ඔවුන්ගෙන් ඈත්වී එජාපය සහ ශ්‍රීලනිපයට එකතු වෙමින් සිටිනවා. ඔවුන්ට වෙන්නේ මොකක්ද කියා ඒකාබද්ධය දන්නේ නෑ. ඒ නිසා ඔය මාධ්‍යවලින් කියනවා වගේම පුළුවන් නම් බිමට බැහැලා දිනාගෙන එන්න කියා අපි කියනවා. මේ අය වටා ඉන්නේ පසුගිය කාලය පුරාම වංචා, දූෂණ, හොරකම් ආදියට හසුවූ අයයි. ජනතාව බලාගෙන ඉන්නේ මේ අය එනතුරු තමයි.

ප්‍රශ්නය:- ඔය දූෂකයන්ට, වංචාකාරයන්ට ආණ්ඩුවේ දඬුවම් කෝ?
පිළිතුර:- දේශපාලනඥයන් ඇඟිලිගහල අධිකරණයත් අතට අරගෙන ක්‍රියා නොකරන නිසයි ඔහොම අහන්නේ. පසුගිය කාලයේ දඬුවම් කළේ දේශපාලනඥයන් අධිකරණය අතට අරගෙනනේ. මේ රජය අධිකරණයට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඉඩදී තිබෙනවා. අපි කාවවත් රකින්නේ නැහැ. අපේ ආණ්ඩුවෙම කී දෙනෙකුට එරෙහිව පියවර ගත්තද? කවුරුවත් බේරන්න හැදුවේ නැහැ. මේක අපේ ප්‍රශ්නයක් නොවන බව බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන. මේ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. ඒකත් අපි සොයමින් යනවා. වසර විස්සක් පමණ හරියට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මේවා පියවරෙන් පියවර යථාතත්ත්වයට ගෙනෙමින් සිටිනවා. කාටවත් ගැලවීමක් නම් නැහැ. කාවවත් රකින්න අපි සූදානම් නැහැ. මේ අය රකින්න ජනපති හෝ අගමැති බලපෑම් කරන්නේ නෑ.

ප්‍රශ්නය:- මහින්ද - රනිල් ඩීල් එකක් ඇති බවට නැගෙන චෝදනාව බරපතළයි නේද?
පිළිතුර:- එහෙම ඩීල් එකක් තිබෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න ඕන. අපි විපක්ෂයේ ඉද්දීත් රනිල් වික්‍රමසිංහ මහින්ද සමග ඩීල් එකක ඉන්න බව කිව්වා. මහින්දට දිගටම බලය තියාගන්න මේ ඩීල් එක දාල කියලයි කිව්වේ. හැබැයි මහින්දල පැරදුනාම තමයි තේරුණේ එහෙම ඩීල් එකක් නැහැ කියලා. එනිසා මෙතනත් ඩීල් තියෙනවා කියන්නේ දේශපාලනය විවිධාකාරයෙන් පාවිච්චි කරන්න හදන අයයි.

ප්‍රශ්නය :- අධ්‍යාපනයෙත් දැන් ගැටලු, අර්බුද මෝදුවෙලා නේද?
පිළිතුර :- මම දන්න තරමින් නම් එහෙම ගැටලු, අර්බුද නෑ. තිබෙන ගැටලු නිරාකරණය කරමින් යනවා. අමාත්‍යාංශයේ තිබූ ගැටලු, හොරකම, කොමිස් ගැහිල්ල, අවිධිමත් බව, දූෂණය යනාදියට තිත තබා තිබෙනවා. අමාරුවෙන් වුවත් මේවාට පියවර ගනිමින් සිටිනවා.

ප්‍රශ්නය :- ගුරු මාරු කිරීම් අවුල්සහගත වෙලා තියෙන්නේ කොහොමද?
පිළිතුර :- අවුරුදු විස්සකින් විසිපහකින් ගුරුමාරුවීම් කරල තිබුණේ නැහැ. ඒ නිලධාරීන්ගේ හෝ දේශපාලනඥයන්ගේ බලපෑම් නිසා වෙන්න පුළුවන්. හැබැයි අපි බය නැතිව තීන්දු තීරණ ගත්තා. ගුරුවරු තුන්දහස් ගණනක් මාරු කළා. ලබන වසර වනවිට තව ජාතික පාසල්වල දස දහසක පමණ පිරිසක් මාරු කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ.

මුදල් ගත්ත විදුහල්පතිවරුන්ට විරුද්ධව නීත්‍යානුකූලව පියවර ගත්තා. රටේ දරුවන්ට සුරක්ෂා රක්ෂණය ලබා දුන්නා. ජනවාරි මාසයේදී උසස් පෙළ දරුවන්ට අයි පෑඞ් ලබාදෙනවා. වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය ක්‍රියාත්මක කරනවා. අපේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති නිසාම සමහරු කෑ ගහනවා.


ප්‍රශ්නය :- ගුරු මාරු කිරීම්වලදී අසාධාරණයක් වී නැති බව ඔබ ඍජුවම කියනවද?
පිළිතුර :- අසාධාරණයක් කරලා නැහැ. බිංදුවක්වත් දේශපාලනය ගාවලා මේවා කළේ නැහැ. වෘත්තීය සංගම්, වෘත්තීය සමිති, ගුරුමාරු මණ්ඩල යන සියලු අංශ සහභාගි කරවාගෙනයි මේ මාරුවීම් කළේ. යම් කෙනෙකුට අසාධාරණයක් වී තිබෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අභියාචනයක් කරන්න පුළුවන්. සාධාරණය ඉටුකරන්න අපි කටයුතු කරනවා. දහස් ගණන් මාරු කරද්දී සමහර විට සියල්ලම ඉටුකරන්න බැරිවේවි. මේක ලොකු ක්‍රියාවලියක්. මෙහිදී සීයට සීයක්ම නැතත් සියයට අනූවක් අනූපහක සාධාරණයක් ඉටුකර තිබෙනවා.

ප්‍රශ්නය :- බොහෝ පාසල්වලට පහසුකම් නෑ. මේවා දියුණු කරන්නේ නැතිද?
පිළිතුර :- ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙයින් පාසල් 10500 ක නව ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අද පාසල්වලින් සියයට 95 කට විදුලිය තිබෙනවා. එදා තිබුණේ සියයට හැට ගණනකටයි. ටොයිලට් පමණක් 26000 ක් හදා තිබෙනවා. දේශපාලනය බිංදුවක් ගාවන්නේ නැතිව විදුහල්පතිවරු 4000 ක් බඳවා ගත්තා. ගුරු අධ්‍යාපනඥයෝ 1190 ක් බඳවා ගත්තේ දේශපාලනය බිංදුවක් ගාවගන්නේ නැතිවයි. අධ්‍යාපන පරිපාලන සේවයට 852 ක් බඳවා ගත්තෙත් එලෙසමයි. ගොඩනැගිලි, විද්‍යාගාර ඇතුළු භෞතික සම්පත් ලබාදීමට විශාල මුදලක් යොදවා ව්‍යාපෘති 18500 ක් අද රටේ ක්‍රියාත්මකයි. අපි හරිතැන ඉන්න බව ජනතාව දන්නවා. ළමයි ලක්ෂ 45 ක් ගුරුවරු 250000 ක් විදුහල්පතිවරු දාහත් දහසකට වඩා ඉද්දී පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්න පුළුවන්. ඒවා සියල්ල විසඳනවා. කාවවත් ආරක්ෂා කිරීමේ න්‍යායපත්‍රයක අපි නැහැ. ඒකයි වෙනස.

ප්‍රශ්නය :- ජනතාව නගාසිටුවන්න ආපු ආණ්ඩුව යටතේ එලොව පොල් පෙනෙන තැනට පත්වෙලා ඇයි?
පිළිතුර :- මේ දවස්වල පොල් නම් කොහොමත් ගණන්. කාලගුණ ප්‍රශ්න නිසා පොල් හා හාල්වල බලපෑමක් කෙටි කාලීනව තියෙන්න පුළුවන්. ඉදිරියේදී මේවා වෙනස් වේවි. ආණ්ඩු හතරකින්වත් නොකළ ආකාරයට රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10000 කින් වැඩි කළ නිසාද එලොව පොල් පේන්නේ. ආණ්ඩු හතරකින්වත් අඩු නොකළ පෙට්‍රල්, ඩීසල්, ගෑස් මිල ගණන් ඉතිහාසගත ලෙස අඩු කළ නිසාද එලොව පොල් පේන්නේ. පැනඩෝල් පෙත්තේ පටන් ප්‍රධාන බෙහෙත් වර්ග බහුතරයක මිල විශාල ලෙස අඩුකළ නිසාද එලොව පොල් පේන්නේ. අධ්‍යාපනයට විශාල මුදලක් වියදම් කරමින් මවුපියන්ට තිබූ බරත් අරගෙන ලක්ෂ දෙකක රක්ෂණයක් ළමයින්ට දුන් නිසාද එලොව පොල් පේන්නේ. අද ඇමැතිවරු පවා අයින් කරන්න යහපාලනය නිර්භීත වී සිටිනවා.

බඩු මිල පොඞ්ඩක් වැඩියි. අපි මේ ගැන සාකච්ඡා කළා. මෙතන මාෆියාවක් තිබෙනවා. ලාබ ගන්නේ අතරමැදියෝ දැන් මේවා ගැන වෙනම තීරණයක් ගන්නයි සූදානම. මේ අයට යම් සාධාරණ ලාබයක් දී පාලන මිලක් සකසන්නයි හදන්නේ. එතකොට කළුකඩ ව්‍යාපාරිකයන්ට එලොව පොල් පෙනේවි. එහෙම කළාම ගොඩක් ප්‍රශ්න විසඳේවි. වෙළෙඳ ව්‍යාපාර මත ගිය ආණ්ඩුවේ හස්ත තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒ අයට ඉදිරියේදී එලොව පොල් පෙන්නනවා.

ප්‍රශ්නය :- ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශවයත් ඒකාබද්ධයත් යළි එකතුවන බවට ඉඟි පළවෙනවා. මේ දෙගොල්ල එක්වී මැතිවරණයට ගියොත් එජාපයට මොකද වෙන්නේ?
පිළිතුර :- එක එක්කෙනා පෞද්ගලික න්‍යාය පත්‍රවලට ගියාට ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ වෙනස කරන්න දායක වූ මධ්‍යස්ථ නායකයන් අතර එහෙම එකක් නෑ. හැබැයි එහෙම වුණා කියා එජාපයට ප්‍රශ්නයක් නෑ. මේ රටේ සද්ධන්තම පක්ෂය එජාපයයි. එජාපය ඕනම වෙලාවක ශක්තිමත්. ඕන වෙලාවක ඡන්දයකට යන්න අපි සූදානම්.

 



අදහස් (10)

අලුත් ව්‍යවස්ථාව - ඡන්ද පොරොන්දුවක්

daham Monday, 23 October 2017 05:18 AM

ඒ පොරොන්දු වුනේ යාපනේ අයටනේ. අනිත් පළාත්වල අය මේකට විරුද්ධයි. බලහත්කාරෙන් සම්මත කරන්න ගියොත් දීගේත් ඉවරයි, යූ එන් පී එකත් ඉවරයි.

:       146       339

siri Monday, 23 October 2017 08:59 AM

මෙයා දවල් හීන දකිනවා. ජනතාව ඡන්දය දුන්නේ ඔය කියන කෙහෙල් මල් සංශෝධනයට නෙමේ. දැන් නිකන් බොරු පුරුසාරම් දොඩවනවා. ජනතාවට ඕනේ ජීවත් වීමට ඕන සහනයක් මිස විග්නේශ්වරම්ට දුන් පොරොන්දු නෙමේ. දැන් ඔය කියන යහපාලනයෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳුවද? යහපාලනයට මාසයක් පිරෙනකොට මහදවල් මහා බැංකුව මංකොල්ල කෑවා. ඉතින් කොහෙද ඔය කියන යහපාලනය. මම නම් දකින්නේ මේක යමපාලනයක් කියලයි.

:       157       507

bamunu Monday, 23 October 2017 11:30 AM

ප්‍රශ්නය:- මහින්ද - රනිල් ඩීල් එකක් ඇති බවට නැගෙන චෝදනාව බරපතළයි නේද? පිළිතුර:- එහෙම ඩීල් එකක් තිබෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න ඕනෑ. රනිල්ට විරුද්ධව සිරිකොත මන්දිරය වටලන්න. එජාප කට්ටිය එන්න සූදානම් වුණු දවසේ සිරිකොත ඉස්සරහ පාරට ඇස්ෆෝල්ට් දමන්න කියා මහින්ද පාර වැසුවේ ඩීල් නිසා නොවේද? කාටද ඔබ ඔය පිළිතුරු දෙන්නේ? හොර පාස් පොර්ට් තියාගෙන අසුවුණු දේශපාලක බිරින්දෑවක් බේරී යන්නේ ඩීල් නිසා නොවේද?

:       23       6

bamunu Monday, 23 October 2017 11:40 AM

ඕනෑම ආගමිකයෙකුට ජනාධිපති තරගයට එන්න පුළුවන් විදිහට මෙම ව්‍යවස්ථාව සංශෝධනය වේවි නේද? දැනටමත් නැතිනම් එහෙම සංශෝධනයක් එ්වි කියා සිතෙනවා. එසේම උතුරේ ඉඩම් බලතල උතුරු පළාත් සභාවට යාවි නේද? පොලිස් බලතලත් දෙනවාද? විදේශීය රටවල් සමග කෙළින්ම ගනුදෙනු කිරීමේ බලතල දෙනවාද? ඔයටික දුන්නොත් 2020දි ෆෙඩරල් පමණයි හොදින් හරි, නරකින් හරි ඒ ගොල්ලෝ ගන්නේ.

:       174       404

de silva Monday, 23 October 2017 02:12 PM

ඡන්දෙට කලින් අපට පොරොන්දු වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා, ඉස්සෙල්ල ඒක කරලා ඉන්න. දැන් කරන්න හදන්නේ පොරොන්දු වුණු දේවල් පැත්තකට වෙන වෙන දේවල් කරන්න. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැත්නම් ඔය ව්‍යවස්ථාව තිබෙන විදිහටම තිබෙන්න හරින්න.

:       2       206

bamunuTuesday, 24 October 2017 03:53 AM

විධායක ජනාධිපතිකම තිබුනා කියා ඔබටයි මටයි ඇති අමාරුව මොකක්ද? විධායක ජනාධිපතිකම නොතිබුනානම් 2009 අපට යුද්දය දිනන්න බැහැ. එහෙම නම් උතුරට බෝම්බ දාන්න පාර්ලිමේන්තු අවසර ඕනේ වෙනවා, ප්‍රබාකරන් මරන්න පාර්ලිමේන්තු අවසර ඕනේ වෙනවා. එමනිසා විධායක කම රටට ආදරය කරන ජනාධිපති කෙනෙකුට හොඳම බස්තම් පොල්ලකි.

:       1       78

gajaba Monday, 23 October 2017 03:54 PM

ප්‍රසන විසදන්න පෙඩරල් ඕනේ නෑ. ඒකෙන් වෙන්නේ ගැටළු වැඩිවෙන එක විතරයි. ඒවායේ පාලකයෝ ලොකු ලොකු වාහන වල යනකොට අනිත් අයට බස් එකේ පුට්බෝර්ඩ්. වෙනම රටකට මුල.

:       0       318

bamunu Tuesday, 24 October 2017 04:15 AM

ඩීල් එක තිබෙන්නේ මහින්දව දිනවන්න නොවෙයි මහින්ද පැරදුනා වුනත් ඔවුන් අතර කෙරෙන ගනුදෙනු ඒ අකාරයටම සිදුවෙනවා කියලා.

:       1       7

de silva Tuesday, 24 October 2017 10:37 AM

මින් ඉදිරියට ව්‍යවස්ථාව වෙනසක් කරනවා නම් එක ජනමත විචාරණයකට යොමු කරන්න.....ඉදිරියට පළාත්පාලන ඡන්ද තිබෙන නිසා ජනමත විචාරණයත් ඒ සමගම කිරීමෙන් වියදම් අඩුකරගත හැක...

:       0       0

Deepal Nirosh Wednesday, 25 October 2017 08:20 AM

ඔය කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොරොන්දුවක් ජනතාව අනුමත කරල නැහැ. අනුමත කලේ ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්න විතරයි. එයිනුත් විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම සිදුකළා. දැන් අවශ්‍ය මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම විතරයි. ඒකට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් අවශ්‍ය නැහැ. ඔබතුමාලාට වැරදුනේ අන්න එතනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 5 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 6 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 154 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 299 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 357 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 93 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site