IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අර්බුදය අලුත් මාවතක

අගමැතිවරයකු බලයෙන් පහ කිරීමෙන්, තවත් අයකු නව අගමැතිවරයා ලෙස පත් කිරීමෙන්, නව රජයක් ස්ථාපිත කිරීමෙන්, පාර්ලිමේන්තු සභාවාරය අවසන් කර පසුව සම්පූර්ණයෙන්ම විසිරුවා හැරීමෙන් ගෙවී ගිය සති 6ක පමණ කාලයට පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන සටන් විරාමයක් සඳහා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇතිව තිබෙන අර්බුදයට සාකච්ඡාමය විසඳුමක්, සොයමින් සිටී. කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූව ද, තිරය පසුපස දිවෙන මෙහෙයුම් දැන් වඩාත් පුළුල් ලෙසම ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඔහුගේ සම්පූර්ණ ආශිර්වාදය යටතේය.
 
මෙම තීරුවෙන් පසුගිය සතියේ කළ සුවිශේෂී අනාවරණය අනුව, දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිකරවීමේ වගකීම කරට ගෙන සිටින්නේ දේශපාලන සම්භවයක් ඇති බෞද්ධ භික්ෂුවකි. ඒ සදහා උන්වහන්සේට බොහෝ දෙනෙකුගේ සහාය ද ලැබෙන බව කියැවේ. මේ අය අතර සිටින, සිය නිර්පාක්ෂිකභාවය නිසාම රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතර හඳුනාගැනීමට ලක්ව සිටින, එක්තරා රාජ්‍ය තාන්ත්‍රිකයකු ද වේ.

වර්තමානයේ උද්ගතව තිබෙන දේශපාලන වියවුලේ ප්‍රධාන කොටස්කරුවන් අතර ඔහු ඉතාම ප්‍රවේසම් සහගතව රාජ්‍යතාන්ත්‍රිකමය දූත කාර්යයක නියැළී සිටී.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙන කිසිවෙකුත් නොසිතූ පරිදි පියවරක් ඉදිරියට තබමින්, ජනපති සිරිසේන මහතාට අත්සන් තැබූ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ඔක්තෝබර් මස 26 වැනිදාට පෙර පැවැති රජය යළි ස්ථාපිත කරන ලෙසය. පසුගිය බ්‍රහස්පතින්දා දින නිකුත් කෙරුණු, ඉතාම සැළකිලිමත්ව වදන් ගන්වා තිබුණු එම ලිපියේ, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එක්සත් ජාතික පෙරමුණ නායකත්වයෙන් පිහිටුවන රජයකට සහාය ලබාදෙන බව සදහන් කර තිබිණ.

එම ලිපියේ එක්සත් ජාතික පක්ෂය පිළිබද කිසිදු සඳහනක් නොතිබීම, විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය පසුගිය සමය පුරාම එක්සත් ජාතික පක්ෂයට සෘජුවම සහාය දක්වමින් සිටි ආකාරය සැළකිල්ලට ගැනීමේ දී විශේෂය.

දෙමළ පක්ෂවල ආධිපත්‍ය යටතේ පවතින උතුරු පළාත නියෝජනය කරන, දෙමළ ජාතික සන්ධානය ජනපති සිරිසේන මහතා වෙත යවා තිබූ ලිපියට අත්සන් යොදා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, තමන් එක්සත් ජාතික පක්ෂය හා නිල වශයෙන් අත්වැල් බැදගෙන ඇතැයි වැරදි පණිවුඩයක් ඔවුන්ගේ ඡන්දදායකයින් වෙත ලැබීම වළක්වාගැනීමේ දැඩි වුවමනාවක් තිබිණ. නමුත්, දෙමළ ජාතික සන්ධානය පෙර අනුගමනය කළ, අගමැතිවරයකු පත් කරගැනීමට හෝ රජයක් පිහිටුවාගැනීමට හෝ කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන බවට වූ ස්ථාවරය හා පරස්පර විරෝධී වන මෙම ලිපිය දේශපාලන වශයෙන් ඉතාම වැදගත්ය.

එම ලිපිය මගින් පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය හිමි තැනැත්තා නව අගමැතිවරයා ලෙස පත්කිරීමේ වගකීම ජනපතිවරයා වෙත පවරා දී තිබෙන අතර - එය අගමැතිවරයා පත්කිරීම ජනපතිවරයාට අයත් කටයුත්තක් බව පිළිගැනීමකි. අනෙක් අතට ගතහොත්, කැමැති නම්, රනිල් වික්‍රමසිංහ මහතා හැර එක්සත් ජාතික පෙරමුණේ වෙනත් අයකු නව අගමැතිවරයා ලෙස පත්කිරීමටද ජනපතිවරයාට හැකියාව තිබෙන බව යෝජනා කිරීමකි.

එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා නොවැම්බර් මස 30 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාම බවය. එම ලිපියේ පිටපතක් ඔහු ජනපති සිරිසේන මහතා වෙත ද යවා තිබිණ. ඔහු එම ලිපිය සකස් කර තිබුණේ, එක්සත් ජාතික පෙරමුණට සහාය දක්වන බවට සහ අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් සදහන් කරමින් දෙමළ ජාතික සන්ධානය ජනපති සිරිසේන මහතාට යවා තිබූ ලිපියට ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි වැනි පක්ෂයක් රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ ත්‍රිත්වය අතුරින් එකක් වන, එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙන්නේ වසර 50 කට පමණ පසු ප්‍රථම වතාවටය. මේ අරබයා යම් ගනුදෙනුවක් සිදුව ඇතිදැයි යන්න නිල වශයෙන් පැහැදිලි නැත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය අවසන් වතාවට ප්‍රධාන දේශපාලන පක්ෂයක් හා අත්වැල් බැදගත්තේ 1965 වසරේ ඩඞ්ලි සේනානායක මහතාගේ රජය සමයේ, පාර්ශවකරුවන් 7 දෙනාගෙන් එක් අයකු ලෙස එම පක්ෂය කටයුතු කළ අවදියේදීය. සමස්ත සිලෝන දෙමළ කොංග්‍රසය ද එවක සේනානායක රජය හා අත්වැල් බැදගෙන සිටියේ ය.

දෙමළ ජාතික සන්ධානය යනු, දෙමළ ඊළාම් විමුක්තිකාමී සංවිධානය (ටෙලෝ), ඊළාම් ජනතාවගේ විමුක්තිකාමී පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්.), දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටී.යු.එල්.එෆ්.), සහ දෙමළ ඊළම සදහා වන විමුක්තිකාමී ජනතා සංවිධානය (ප්ලොට්), යන පක්ෂවල එකතුවකි. එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීමට, ප්‍රධාන කොටම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහ මුල්පෙළ සාමාජිකයකු වන ඒබ්‍රහම් සුමන්තිරන් යන මහත්වරුන් ගෙන තිබෙන තීරණය එම පක්ෂ නියෝජනය කරන සාමාජිකයන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු ඉදිරියට දිග හැරෙනු ඇත.

දෙමළ ජාතික සන්ධානය ජනපති සිරිසේන මහතා වෙත යැවූ ලිපියේ ක්ෂණික ප්‍රතිඵලය වන්නේ පාර්ලිමේන්තුවේ මේ දක්වා සිදුවූ ඉලක්කම් සෙල්ලමට අවසානයේ නැවතීමේ තිත වැටීමය.

සිරිසේන - රාජපක්ෂ රජයට හෝ වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට හෝ බහුතරයක් නොමැති බවට පළවූ අදහස් මින් ඉදිරියට පදනම් විරහිතය. තමන්ට හිමි ආසන 103 සහ දැන් දෙමළ ජාතික සන්ධානයේ සහායෙන් හිමිවන ආසන 14 සමග එක්සත් ජාතික පෙරමුණේ මුලු ආසන සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සිරිසේන - රාජපක්ෂ කණ්ඩායමට ආසන හිමි ආසන සංඛ්‍යාව 100කට සීමාවී ඇත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන අතර ඔහු ද ජනතා විමුක්ති පෙරමුණේ ආසන 7 ද කතානායකවරයා ද යන සියල්ල එක්ව ගත්කළ ආසන 225 සම්පූර්ණය.

එක්සත් ජාතික පෙරමුණට ආසන 117ක බහුතරයක් හිමිව තිබෙන මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුකළා නම් නව අගමැතිවරයකු පත්කිරීමට ජනපතිවරයාට අනිවාර්යයෙන්ම සිදුවේ. නමුත් එම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව ඔහු පැහැදිලිවම කියා ඇත. වර්තමානයේ දෙපාර්ශවය අතර රාජ්‍යතාන්ත්‍රිකමය දූත කාර්යයක යෙදෙන පෙර සදහන් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා හමුවේ ද ජනපති සිරිසේන මහතා පසුගිය සතියේ කියා සිටියේ වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස පත්කිරීමට තමා කිසිසේත්ම කටයුතු නොකරන බවය.

එම ස්ථාවරයම ඔහු, තමන් හමුවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වන දෙපාර්තමෙන්තුවේ ආසියානු ශාන්තිකර කලාප අධ්‍යක්ෂිකා මාරි යමෂිටා මහත්මිය හමුවේද පැහැදිලි කළේ ය. රටේ පවත්නා වර්තමාන දේශපාලන තත්ත්වය අධ්‍යයනය කර එම තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වන ඇන්ටෝනියෝ ගුයිටරෙස් වෙත වාර්තා කිරීම සදහා ඇය මෙහි පැමිණ සිටින්නීය.
මේ හමුවේ නැගෙන බරපතල ගැටළු දෙකකි. එකක් නම් අගමැති පුටුවට නිසැක ලෙසම සමුදීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවීමය. නමුත් ඉවත්වීමට ඔහුගේ කිසිදු සූදානමක් නැති බව රාජපක්ෂ පාර්ශ්වයේ සමීපතමයකු පසුගිය සෙනසුරාදා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

“මේ වෙන කිසිම දෙයකට ඔහු හවුල් නැහැ. ඔහුව අගමැති ලෙස පත්කළේ ජනපතිවරයා. ඉතින් ජනපතිවරයාට අවශ්‍ය නම්, ඔහුම මහින්ද රාජපක්ෂව ඉවත් කරපුවාවේ” යයි හෙතෙම පැවසීය.

දෙවැනි ගැටළුව වන්නේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා කවුරුන් ද? යන්නය.
සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසූරිය යන මහත්වරුන් අගමැතිධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන හෙයින් වික්‍රමසිංහගේ ළඟම හිතවතුන්ගේ නම් පවා, අතුරු පියවරක් ලෙස - අඩුම තරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන තෙක් හෝ අගමැති පුටුවට යෝජනා කෙරෙමින් තිබේ. නමුත් මුල් පෙල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු එම අදහස් බැහැර කරමින් කියා සිටියේ මෙයයි.

“බහුතරය පෙන්වූවායින් පස්සේ අපව නොසළකා හරින්න ජනපතිවරයාට කිසිම හැකියාවක් නැහැ. ආඩම්බරය පැත්තකින් තියලා රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න ඔහුට සිදුවේවි” යයි පැවසීය.



අදහස් (0)

අර්බුදය අලුත් මාවතක

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 144 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 281 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 351 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 86 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site