IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අයවැයේ ඉලක්කම් විජ්ජාව

රටක ආර්ථික ගමන්මග ගැන සියලු දත්ත ඉදිරිපත් කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවය. ණය, ආදායම, වියදම, අයවැය හිඟය ආදී සියල්ල ගැන කතා කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවය. ඒ නිසා අපට දළ දේශීය නිෂ්පාදිතය වැදගත්ය. දළ දේශීය නිෂ්පාදිතය සකස් කර ඉදිරිපත් කිරීමේ නීතිමය වගකීම ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවටය.

ඔවුහු සෑම කාර්තුවකටම වරක් දළ දේශීය නිෂ්පාදිතයේ අගය දක්වති. 2020 පළමුවැනි කාර්තුවේ කොරෝනා වයිරසය පැමිණීමට පෙර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගයේ අගය සෘණ 1.6කි. කොරෝනාවල බලපෑම තිබුණේ එම කාර්තුවේ දින 10කි. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු යන පළමු කාර්තුවේදී ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තේ කොරෝනා බලපෑමකින් නොවේ. දෙවැනි කාර්තුවේ ද.දේ. නිෂ්පාදිතයේ අගය ඉදිරිපත් කිරීමට තිබුණේ කාර්තුව අවසන් වී දින 75ක් ඇතුළතය. එනම් සැප්තැම්බර් 15ය. එහෙත් නියමිත දිනට ද.දේ. නිෂ්පාදිතයේ අගය ඉදිරිපත් වූයේ නැත. ඒ ගැන අප ප්‍රශ්න කළ විට ඔවුන් කීවේ එය සැකසීමට විදෙස් උපදෙස් අවශ්‍ය බවය. මේ අතර ජූලි, අගෝස්තු, සැප්තැම්බර් තුන්වැනි කාර්තුවද උදා විය. එහි අගය දෙසැම්බර් 15 වන විට ඉදිරිපත් කළ යුතු වූ අතර බලධාරින් කීවේ දෙවැනි හා තෙවැනි කාර්තු දෙකේම ද.දේ. නිෂ්පාදිත අගය එදිනට ඉදිරිපත් කරන බවය. එහෙත් පසුව කීවේ කුමක්ද? දෙසැම්බර් 15 වැනිදා ඉදිරිපත් කිරීමට ද හැකියාවක් නැති බවය.

දළ දේශීය නිෂ්පාදිතයේ අගය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙන අතරේ සිදුවීම් දෙකක් විය. පළමුවැන්න නම් කම්කරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සමීක්ෂණයක් කරනු ලැබ විරැකියාව ඉහළ ගොස් ඇති ආකාරය ගැන දත්ත ඉදිරිපත් කිරීමය. එය නීති ප්‍රකාරව පැවැරුණු කර්තව්‍ය මත කම්කරු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරනු ලැබූ ක්‍රියාවකි. ආර්ථිකයේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට රජයෙන් ඉදිරිපත් කළ එකම සංයුක්ත වාර්තාව වූයේ එයයි. එයින් පසුව දෙවැනියට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ආයතන 18000 ක් සම්බන්ධ කරගෙන සමීක්ෂණයක් කළේය. සුළු පරිමාණ මෙන්ම මධ්‍ය හා මහා පරිමාණ ආයතන ඇසුරෙන් කෙරුණු මෙහි ප්‍රතිඵලය වූයේ ඇතැම් ක්‍ෂේත්‍රවල සියයට 50 සිට 80 දක්වා ප්‍රතිශතවලින් කඩාවැටීම් වී ඇති වග අනාවරණය වීමය. තමන් දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සකස් කළේ මෙම දත්ත පදනම් කරගෙන යැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ ගැන සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ගණනය කළ බව ඔප්පු වේ. එහෙත් එම අගය ඉදිරිපත් කිරීම කල්දමා දත්ත ගැන තවදුරටත් සොයාබලන්නේ යැයි ද එහි සඳහන් කර ඇත.  මේ අතරේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ද ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගැන පුරෝකථන කළ අතර ඒවායේ සඳහන් වූයේ සෘණ හතරක් හයක් වැනි ඉලක්කමකට අගය කඩාවැටෙනු ඇති බවකි. මහ බැංකුව ද මුලදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.7ක් වනු ඇතැයි උපකල්පනය කළ නමුත් අයවැය දිනයේ ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වුණේ එහි අගය සෘණ 1.7ක් වනු ඇති බවකි. ආණ්ඩුවේ ඉලක්කම් සෙල්ලම එළියට එන්නට පටන්ගන්නේ මෙතැනදීය.

අයවැය දත්තවලට අනුව 2019 දී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන පහලොස්දාස් දාසයකි. 2020 දී අපේක්ෂා කරන්නේ රුපියල් බිලියන පහලොස්දහස් හාරසිය හැට දෙකකි. එම ඉලක්කම්වලට අනුව සියයට 2.97ක නාමික ආර්ථික වර්ධනයක් තිබේ. එහෙත් මොවුන් කියන්නේ මූර්ත වර්ධනය සෘණ 1.7ක් යැයි කියාය. ඒ සඳහා මහ බැංකුව උපකල්පනය කරන උද්ධමනය 4.67කි. ආර්ථිකයේ නාමික වර්ධනය මනින්නේ මූර්ත වර්ධනය හා මිල වැඩිවීම එකතු කිරීමෙනි. මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරන්නේ නම් අපේ නිෂ්පාදනය පොල් යැයි සිතමු. පොල් ගෙඩි ප්‍රමාණය වැඩිවීම හා මිල වැඩිවීම ගණනයෙන් නාමික වර්ධනය සොයා බැලේ. 2019 වසරේදී ලංකාව එක පොල් ගෙඩියක් නිෂ්පාදනය කර එය රුපියල් 100කට විකිණූ අතර 2020 දීද එක පොල් ගෙඩියක් නිපදවූ නමුත් එය රුපියල් 150කට විකුණා ඇතැයි සිතන්න. එවිට නාමිකව සියයට 50 කින් ආර්ථිකය වර්ධනය වී ඇත. ඒ නිෂ්පාදනය වැඩි නොවී මිල පමණක් වැඩිවීමෙනි. ඒ නිසා මූර්ත වර්ධනය 0 වෙද්දී උද්ධමනය (150-100■100=උද්ධමනය) සියයට 50 ක් වී ඇත. අයවැයේ දත්ත නිසියාකාරව සූත්‍රගත කළ විට 2020 සඳහා මූර්ත වර්ධන වේගය සියයට 2.1ක් බවට පත්වන අතර අවට ලෝකය දෙස ඇස් හැර බැලූ විට මේ විහිළුව පැහැදිලි වේ. ඉන්දියාව සෘණ 10ක්, තායිලන්තය සෘණ 7ක්, මැලේසියාව සෘණ 6 ක්, පාකිස්ථානය සෘණ 1ක්, ඉන්දුනීසියාව සෘණ 2ක්, මාලදිවයින සෘණ 19ක්, සිංගප්පූරුව සෘණ 1ක්, චීනය 1.9ක්, ප්‍රංශය සෘණ 10ක්, කැනඩාව සෘණ 7ක්, ජර්මනිය සෘණ 6ක්, ජපානය සෘණ 5ක්, කොරියාව සෘණ 2ක්, ස්පාඤ්ඤය සෘණ 13ක්, එංගලන්තය සෘණ 10ක් ආදී වශයෙන් ලෝක ආර්ථිකය කඩාවැටෙද්දී ලංකා ආර්ථිකයේ වර්ධනය ධන වූයේ කෙසේද? එක පසෙකින් කම්කරු දෙපාර්තමේන්තුව ලංකාවේ විරැකියාවේ ඉහළ යෑම කියයි. අනෙක් පසින් දළ දේශීය නිෂ්පාදිතය ගණනයේ නිල භාරකරු වූ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ද කර්මාන්තවල කඩාවැටීම සියයට 50 සිට 80 දක්වා වැඩි වී ඇති බව කියයි. දළ දේශීය නිෂ්පාදිතයේ අගය පවා නිසි කලට ප්‍රකාශ කරගත නොහැකි යැයි ද කියයි. එහෙත් ඒ අතරේම කවුරු මොනවා කීවත් ලංකාවේ ආර්ථිකය ධන අගයක් ගෙන ඇතැයි අයවැය කතාවේදී මුදල් ඇමැති කියයි. අයවැයට අදාළව රුපියල් බිලියන පන්සිය හයසිය ගණනක විසල් වෙනසක් මෙමගින් නිර්මාණය වන අතර ඒ වෙනස අයවැයේ සියලු දත්තවලට බලපායි.

විශාල අගයක් ඇති හරයකින් ලවය බෙදූ විට පිළිතුරේ අගය කුඩා වන බව කුඩා දරුවෝ පවා නොදනිත් ද?  වියදම හා ණයවල අගය කාටවත් හංගන්නට බැරිය. ආණ්ඩුව ද එය දනී. එහෙත් එම අගය බෙදන දළ දේශීය නිෂ්පාදිතයේ අගය ලොකු කර පෙන්වුවහොත් පිළිතුර කුඩා වේ. එසේ කළහොත් කොරෝනා අස්සේ පවා ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි පෙන්වන්නට පුළුවන. එහෙත් මේ සෙල්ලම කරන්නට යෑමෙන් අවසානයේදී සිදුව තිබෙන්නේ දේශීය සාර්ව ආර්ථික දත්ත සම්බන්ධයෙන් පිළිගැනීම නැතිකර ගැනීමය. එකම දිනයේදී මහ බැංකුව ප්‍රකාශ කරන දළ දේශීය නිෂ්පාදිතයට වඩා භාණ්ඩාගාරය ප්‍රකාශ කරන දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 570කින් වැඩිවීම විහිළුවක් නොවේ. මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය මෙවැනි පරස්පර ඉලක්කම් කියද්දී දළ දේශීය නිෂ්පාදිතයේ නිවැරැදි අගය ප්‍රකාශ කිරීමේ නිල භාරකරු ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය කරඇරීම බරපතළ තත්ත්වයකි. ආර්ථික විද්‍යාවට අනුව කාර්තු දෙකකදී ආර්ථික වර්ධන වේගය සෘණ වුවහොත් කියන්නේ අවපාතයක් කියාය. මේ ඉලක්කම් සෙල්ලම එය වසාගැනීමට නම් එය සරල නැත.

දෙවැනි කාරණය පළමු කාරණයටත් වඩා බරපතළය. මන්දයත් මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හා නීතිය සම්බන්ධයෙන් අදාළ වන නිසාය. අයවැය විවාදය යැයි කියා මාසයක් තිස්සේ අප කරන්නේ රාජ්‍ය වියදම ගැන ප්‍රශ්න කිරීමය. මක්නිසාදයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයට නිසාය. එහි සරල අරුත නම් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව මහජන මුදල් වියදම් කළ නොහැකි බවය. රට වසා තැබූ අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව අතුරු සම්මත ගිණුමක් ද නොමැතිව මුදල් වියදම් කිරීම ප්‍රශ්නයක් වූයේ එහෙයිනි. මෙම ප්‍රශ්නය නැවතත් අයවැයෙන් මතුවන ආකාරය අපි බලමු. ඒ, අයවැය කතාවේදී 2020 වියදම්වලින් රුපියල් බිලියන 500 ක් පමණ 2019ට මාරු කළ බව කීමෙනි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ කිසියම් බිල්පත් වගයක් පසුගිය ආණ්ඩුව නොගෙවා තිබුණු බවකි. මේ කතාව අසන කෙනෙකුට 2019 වසරේදී කළ වියදම් 2019 වසරටම සඳහන් කළ යුතු යැයි කීම නිවැරැදි නොවේදැයි සිතෙනු සාධාරණය. එහෙත් එහි අවුල පෙනෙන්නේ ඒ ගැන තවදුරටත් විමසූ කල්හිය. අපේ රටේ ගිණුම් තබන්නේ මූල්‍ය පදනම මතය. උදාහරණයකට කිසියම් වසරක අවසාන මාස තුනේදී පාරිභෝගිකයකුට විදුලිය සඳහා නිකුත් කළ බිල්පත් එම මාස තුන ඇතුළතම නොගෙවීම දැක්විය හැකිය. අත්‍යවශ්‍ය වියදම් පිය වූ කල්හි එවැනි බිල්පත් ගෙවන්නේ හැකිතරම් පසුවය. ආණ්ඩුව ද එසේමය. 2014ට අදාළ විගණකාධිපති වාර්තාව පවසන ආකාරයට 2014ට ආණ්ඩුව බිල්පත් සඳහා ගෙවීමට නියමිතව තිබූ රුපියල් බිලියන 190ක මුදලක් නියමිත 2014 වර්ෂයේදී ගෙවා නොතිබූ අතර ඒවා 2015 සඳහා ඉදිරියට ගෙන ගොස් තිබිණි. එවකට වැඩ බලන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා 2015 මැයි 27 දාතමයෙන් ඊට අස්සන යොදා තිබිණි. 2019 රාජ්‍ය ගිණුම පිළිබඳ විගණකාධිපති වාර්තාව 2020 මැයි 30 නිකුත් කර තිබූ අතර විගණකාධිපති හැටියට වික්‍රමරත්න මහතාම ඊට අස්සන යොදා ඇත. ඊට අනුව 2019 දී ආණ්ඩුව කිසියම් බිල්පත් වගයක් සඳහා ගෙවිය යුතුව තිබූ නමුත් නොගෙවා ඇති රුපියල් බිලියන 243ක් 2020 සඳහා ඉදිරියට ගෙනගොස් තිබේ.

මෙම වාර්තාව යනු විගණකාධිපතිවරයා අස්සන යොදා බාර දී අවසන් කළ එකකි. එවිට සිය ආණ්ඩුව අයවැය පරතරය සියයට 5.7 දක්වා 2014 දී පහළට ගෙන ආ නමුත් එය 2019 වනවිට සියයට 9.6 දක්වා වැඩි වී ඇතැයි ද ගෙවා නැති බිල් රුපියල් බිලියන 243ක් ඊට හේතුවී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය සමග ප්‍රශ්න මතුවේ. මන්දයත් 2019 වසරේ පරණ බිල්වල අගයන් ද ඉවත් කර බැලුවහොත් ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට අයවැය පරතරය සියයට 6.8ක් වන බැවිනි. පරණ බිල් එකතු කළ ද සියයට 8.4ක් මිස 9.6ක් නොවේ. මේ 9.6ක අගයක් පැමිණ තිබෙන්නේ ණය වගයක් දළ දේශීය නිෂ්පාදිතයට එකතු කිරීමෙනි. එය වැරැද්දකි. ණය කිසිදා දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන්නට බැරිය. කෙසේ වෙතත් කර ඇති වංචාව මෙමගින් පැහැදිලි වේ. තමන්ගේම ආණ්ඩුවෙන් 2014 දී ගෙවිය යුතුව තිබූ බිල්වල මුදල ඉවත් කර අයවැය හිඟය ගැන උදම් අනන මුදල් ඇමැති රාජපක්ෂ මහතා 2020 අයවැය හිඟය කියන්නට ගෙවන්නට තිබූ පරණ බිල් එකතු කර පෙන්වයි.

මෙම අංක විජ්ජාවෙන් අනාවරණය කරනු ලබන බරපතළම තත්ත්වය නම් රාජ්‍ය මූල්‍ය පාලනයට කොකා පෙන්වීමට ගොස් නීතිවිරෝධී ආණ්ඩුකරණයකට අවතීර්ණ වීමකි. ඒ මෙසේය. 2019 වසරට අදාළව රාජ්‍ය මූල්‍ය සීමා පාර්ලිමේන්තුවෙන් නිශ්චය කර ඊට අදාළව විගණකාධිපතිවරයා වාර්තා නිකුත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට නැවත දැනුම් දුන් පසු අවසානාත්මක තත්ත්වයකි. අවසන් කළ විගණන මූල්‍ය වාර්තා නැවත වෙනස් කරන්නට ආණ්ඩුවකට අයිතියක් නැත. එසේ කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඒ නිසා මේ වනවිට ආණ්ඩුව අයවැය දත්ත විකෘති කිරීම් හරහා එකවර ජනතාව මුළා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් සිටී. ආණ්ඩුව මෙවැනි සෙල්ලම් හරහා පාර්ලිමේන්තුවත් බහුතරයක් ජනතාව ද නොමග යවනු ඇත.

එහෙත් ලෝක ආර්ථිකය අධ්‍යයනය කරන, ලංකාවට ණය දෙන ශ්‍රේණිගත කරන ආයතනවලටත් විෂය ප්‍රාමාණිකයන්ටත් මේ බොරුව පැවැසිය නොහැකිය. රජයේ ආදායම් වියදම් ණය හා අයවැය දත්ත විශ්ලේෂණය කර වැරැදි නිවැරැදි කිරීම කාර්යභාරය බවට පැවැරූ මුදල් කාරක සභාවක් පාර්ලිමේන්තුවකට තිබෙන්නේ මෙවැනි අවස්ථා සඳහාය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණෙන් එහි සභාපතිවරයා විපක්ෂයෙන් පත්කරන්නැයි ස්ථාවර නියෝගවල සඳහන් කර ඇත්තේ ද ස්වභාවයෙන්ම ආණ්ඩු විසින් කාරණා වසන් කරනු ලබන නිසාය. සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිත්වයට පත්කිරීමෙන් පැවැති ආණ්ඩුව මහා පරිමාණයෙන් ප්‍රශ්න කිරීම ඊට හොඳම නිදසුනකි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපතිත්වය විපක්ෂයට දිය යුතු යැයි ස්ථාවර නියෝගවල සඳහන් නොවුණද රාජ්‍ය මුදල් කාරක සභාවේ මුල් පුටුව විපක්ෂයට දිය යුතු යැයි ස්ථාවර නියෝගවලම සඳහන් වේ. ඒ රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය බරපතළ ලෙස විනිශ්චයට බඳුන් විය යුතු නිසාමය.

එහෙත් ආණ්ඩුව ඒකාධිපති ලෙස එය ද උදුරාගෙන තමන්ගේ කෙනෙකු ඊට ද පත්කරගත්තේය. එහි අනිටු පලය වී ඇත්තේ අප මතු කරන මේ ප්‍රශ්නගත කරුණු පවා මුදල් කාරක සභා වාර්තාවට අන්තර්ගත නොවීමය. මුදල් කාරක සභා වාර්තාව සභාගත කරනවිටම එය විද්‍යාත්මක නොවීම ගැන මූලික විවේචනය ඉදිරිපත් කර ඒ ගැන විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවන්නැයි කතානායකවරයාගෙන් මා ඉල්ලා සිටියේ එහෙයිනි. එහෙත් අවාසනාවන්ත ලෙස කතානායකවරයා ආණ්ඩුපාක්ෂික වී ධුරයේ භූමිකාව අතහැර තිබේ. මෙම තත්ත්වය හමුවේ ව්‍යවස්ථාදායකයේ බලය විධායකයේ අධිකාරියට යටකරනු ඇත. එහෙත් රටක් හැටියට අප ආර්ථික තලයේදී ජාත්‍යන්තරය හමුවේ විසල් නින්දාවකට ලක්වීම නොවැළැක්විය හැකි වනු ඇත.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (9)

අයවැයේ ඉලක්කම් විජ්ජාව

tommy Tuesday, 24 November 2020 08:51 AM

ශෝක්...

:       1       2

nimalThursday, 26 November 2020 10:04 PM

අයවැයේ ඉලක්කම් විජ්ජාව නොවේ... ඔය මහත්තයා අර යහපාලනයේ ඉන්න කාළේ ඉන්දියාවෙන් නිකන් දුන්නු සුවසැරියට අයිතිවාසිකම් කතාකළාට අන්න ඒවායේ සේවය කරන සේවක සේවිකාවන්ට යන්න එන්න තැනක් නැතිවෙලා. පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද?

:       0       1

lankaFriday, 27 November 2020 01:02 AM

හලෝ මොනවද මේ කතා? ඉවරකරන්න බැහැ කියපු යුද්ධයට නායකත්වය දුන්නු ජනාධිපතිතුමා... රටේ දේශීය ආර්ථිකය ගොඩනගන්න උත්සාහ කරන වැඩටික මේ හාදයින්ට තේරෙන්නේ නැහැ. පුලුවත් තරම් කකුලෙන් අදින්නම තමයි උත්සාහය... එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලෙත් නායකයාගේ කකුලෙන් ඇද්ද පුරුද්දනේ...?

:       0       1

Raveendra Tuesday, 24 November 2020 11:13 AM

අනේ මේ අපේ ආචාර්ය උන්දෑ කියන කතාව 100%ක් නිවැරදිය. හැබැයි මෙයාලා පට්ටියේ රඟනකොට අයවැය කිසිම විජ්ජාවක් නැතිව ඉදිරිපත් කරා කිව්වට ලැජ්ජාවෙන් වෙන්න ඇති ඉදිරිපත් කරේ... අනේ අම්මපා මේ ආචාර්ය උන්නැහේ කොහෙන්ද හැබෑටම කතා කරන්නේ..?

:       4       47

Buddhika P. Wednesday, 25 November 2020 12:14 AM

සෑම රජයකම අය වැය යෝජනා හා බදු යෝජනා සම්බන්ධ එක බරපතල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක තමයි මේ සියලු යෝජනා කාගේ හරි ඉලක්කම් කීපෙකට ලඝු වුණු, සාමාන්‍ය තර්කණය තුළ ඔටුණු පළඳින යෝජනා වීම. කිසිම ස්වාධීන, ආර්ථික, සාමාජික සමීක්ෂණයක් මීට පදනම් වෙන්නේ නෑ. ලංකාවේ මහා බැංකුව කිසිසේත්ම කිසිම රජයක් යටතේ ස්වාධීන නෑ. අපේ රටට අවුරුදු පතා එළිදක්වන, මහ බැංකුවෙන් වෙන්වූ ස්වාධීන ආර්ථික සමීක්ෂණ ආයතනයක් තිබිය යුතුයි. අැමෙරිකාවල මේ සම්බන්ධ ආයතන දෙකක් තිබෙනවා. එකක් බියුරෝ ඔෆ් ඉකොනොමික් ඇනලිසිස් හා ඉකොනොමික් රිසර්ච් සර්විස්. මේ ආයතන තමයි ඇමෙරිකා ආර්ථිකය දිගු කාලීනව මෙහෙය වන්නේ. එහෙ TV එක ඉලක්කන් රණ්ඩු නැත්තේ මේ නිසා. අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, සියලුම ආර්ථික විග්‍රහ කරන්නේ, දේශපාලඥයින්. උගත්තු වුණත් ඉලක්කම් රණ්ඩු කරනවා පක්ෂ දෙකට බෙදිලා. ගම්මන්පිල, වීරවංශ, මෙතුමා, ඒ විතරක් නෙවෙයි නළු නිළියෝ හිටන් ඇවිත් ඉලක්කන් ආර්ථික විග්‍රහ කරනවා. මේ හුඟක් ඉලක්කම් හරඹ වලින්, රටට එක සත පහක වැඩක් නෑ. TV එකට ඇවිත් ඉලක්කන් පෙන්න පෙන්න මුළු රටම අන්දනවා හැමෝම. පක්ෂ දෙක තුනම ඉලක්කම් රණ්ඩු වලින් දිනනවා. රට පරදිනවා...

:       0       10

Buddhika P Wednesday, 25 November 2020 12:16 AM

අපේ ගම්වල ඉන්න බඩ මහත ගමේ ලොකු මුදලාලි හොඳින් දන්නවා. එයාගේ කඩේ වර්තමාන හා අනාගත ආර්ථික වපසරිය අතැඹුලක් සේ. දවස් හතේ වෙළඳාම, එක එක දවසට කොහොමද හැසිරෙන්නේ කියලා එයා හොඳින්ම දන්නවා. බඩු ගේන්න ඕනෑතරම්, ණය දෙන්න ඕනසීමාව එයා හොඳටම දන්නවා. බොල්ණය, පුංචි පුංචි හොරකම්, වගේ දේවල්, කඩේ මිම්ම පොඩ්ඩක් එහාට මෙහාට කරලා කාටත් නොදැනෙන්න වහගන්නත් එයා දන්නවා. නමුත් එයාගේ ව්‍යාපාරය ඊළඟ පියවරට යනකොට, මුදලාලිගේ ඔලුව විතරක් මදි වෙනවා. ව්‍යවහාරික දැනුම සීමාවට එනවා. තරඟකාරිත්වය එනකොට, තමන්ගේ කපටි හිනා කස්ටමර් සර්විස් එක විතරක් මදි බව මුදලාලිට තේරෙනවා. අන්තිමේ බජට් කියන සංකල්පේ ළඟ එයා හිරවෙනවා. තමන්ගේ ඔලුවේ තියෙන මතක බජට් එක තවදුරටත් වලංගු නැති බව එයාට තේරෙනවා. අන්තිමේ දෙවෙනි පරම්පරාවර සිදුවෙනවා. අලුත් මාර්කටින් සංකල්ප එක්ක බිස්නස් එකට නව පණක් දෙන්න. ලංකාවේ ආර්ථිකය හා සම්බන්ධ වාර්ෂික බජට් උපකල්පන හා ඇස්තමේන්තු වලින් හරියටම හරියන්නේ 30% - 40% පමණක් බව රටවැසියන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනාද?

:       0       1

Senarath Wednesday, 25 November 2020 03:20 AM

මේ උන්නැහේ කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ..? මෙයාලා අධ්‍යාපනයට 6%ක් වෙන් කළා කියලා කළේ මොකක්ද? පාසල් ගොඩනැගිලිවල වටිනාකම සහ ඒවායේ ක්ෂය වීම ගණනය කරලා තමයි 6% පෙන්නුවේ. එහෙම නැතිව මුදල් වෙන්කරලා නොවේ. එහෙම බැලුවා නම් මෙයාලට කළින් හිටපු රජයන් සියල්ල 6%ට වැඩියෙන් අධ්‍යාපනයට වෙන්කරලා තිබුණා කියන්න පුළුවන්. මහ බැංකු කොල්ලයෙන් රටේ ආර්ථිකයට හානියක් වුණේ නැහැ කිව්වේ ඇලෝෂියස්ගේ ගිණුමේ තිබුණු බිලියන 9 පෙන්නලා. එතකොට ඒක විතරද රටට ඒ හොරකමෙන් සිදුවුණු පාඩුව..? තව ඕනෑතරම් වංචාවල් කළා. සමහර මුදල් වෙන් කිරීම්වලින් 10%ක් ආණ්ඩුවෙන් තමයි වැයකළේ. නිකම් ඉලක්කම්වලින් වෙන්කළාට මුදල් නැහැ වියදම් කරන්න.

:       2       75

Bamunuarachchi Thursday, 26 November 2020 12:45 PM

හලෝ කවුරු කළත් අයවැය ඉලක්කම් විජ්ජාවක්..

:       0       0

බම්බුආරච්චි Sunday, 29 November 2020 12:17 PM

මෙයාගේ කාලේ ආර්ථිකය මෙයා මැන්නේ ඉලක්කම් වලින් නෙවෙයිනේ... ගැහැණු අය අඳින පළඳින විදිහෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 38 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 46 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 162 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 322 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 367 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 102 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site