IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපේ ඇඟලුම්වලට චීන-ඉන්දියා සහන ගන්න බැරිද

ඇඟලුම් කර්මාන්තයේ පවතින ප්‍රශ්න රැසක් පිිළිබඳ ලිපියක් පසුගිය සතියේ අඟහරුවාදා (12) අප පුවත්පතේ පළ විය. ඒ ලිපියට පාදක වී තිබුණේ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ෆීලික්ස් ෆ්‍රනෑන්ඩෝ මහතා හෙළිකළ කරුණු සමූහයකි.

අපනයන වෙළෙඳ පොළ සීමා සහිතවීම ඇඟලුම් කර්මාන්තය මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයක් බව ෆ්‍රනෑන්ඩෝ මහතා එහිදී කදිමට පෙන්වා දී තිබිණි.

මෙරට සමස්ත ඇඟලුම් අපනයනවලින් සියයට 87ක් පමණම යවන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයටය. එයින් සියයට 45ක් ඇමෙරිකාවටය. අනෙක් සියයට 42 යුරෝපයටය. ලොව අනෙක් රටවලට යවන්නේ සමස්ත ඇඟලුම් අපනයනවලින් සියයට 13කි. ප්‍රතිශතයක් ලෙස එය සොච්චමකි.

ලොව වැඩිම ජනගහනයක් සිටින්නේ චීනයේ සහ ඉන්දියාවේය. ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය විශේෂඥයන්ගේ අනාවරණ හා තක්සේරු කිරීම් අනුව ලෝකයේ වේගයෙන් දියුණු වන ආර්ථික ඇත්තේ ඒ දෙරටේය. ඒ දෙරටට පහළින් ඇත්තේ රුසියාව හා බ්‍රසීලයයි. ලෝක ආර්ථික හා මූල්‍ය විශේ‍ෂඥයන් මේ රටවල් හතර හඳුන්වන්නේ “බ්‍රික් කන්ට්‍රි” (Bric Country) නමිනි. Bric යන ඉංග්‍රීසි අකුරු හතරෙන් හඳුන්වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් හතරය. ඒ විශේෂඥයන් කියන හැටියට ඉදිරි අනාගතයේදී වේගයෙන් දියුණු වන්නේ ඒ රටවල්ය.

එසේ නම් අඩු ආදායම් ලබන, ආර්ථික වශයෙන් නොදියුණු, විදේශ වත්කම් අතින් හිඟන, දෙස් විදෙස් ණය බරින් පරිපීඩිත ලංකාව ඒ රටවල වෙළෙඳපොළ දෙස නොහැරී යන ගමනෙහි තේරුමක් තිබේදැයි මළපොතේ අකුරක් නොදන්නා අයකුගේ වුවද සිහියට නැ​ෙඟන්නේ නිරායාසයෙනි. අපට ඒ රටවල වෙළෙඳපොළට පිවිසීමට නම් ඒ රටවල් සමග වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුත්තේය. එය රටේ සාමාන්‍ය පුරවැසියන්ට හෝ ඇඟලුම් අපනයනකරුවන්ට කළ හැකි කටයුත්තක් නොවේ.

එය කළයුත්තෝ ආණ්ඩු කරන්නෝ සහ ඔවුන්ගේ පහනින් එළිය බලන ඒ රටවල සිටින මෙරට නියෝජනය කරන මහ කොමසාරිස්වරු හා තානාපතිවරුය. එහෙත් ඒ සියල්ලන් රටේ ජනතාව මත පටවා තිබෙන බදු, දඩ සහ ණය බරින් විඳින සැපට සාපේක්ෂව රටේ සහ එහි ජනතාවගේ අභිවෘද්ධි හා උන්නතිය වෙනුවෙන් කරන කැපකිරීම් හා මෙහෙවර පිළිබඳව මෙරට දැනුවත් හා දැන උගත් පුරවැසියන් අතර තිබෙන්නේ බරපතළ කලකිරීමකි. රටේ තරුණ පරම්පරාව රට හැර යාමට පෙළඹී සිටින්නේ මේ තත්ත්වයන් බව කොළඹ විශ්‍වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් අනාවරණය කළේ ඉතා ඈතක නොවේ.

එය අතුරු කතාවකි. එහෙත් ප්‍රබලව අවධානයට ගත යුත්තකි. අපි යළි අපේ ප්‍රධාන මාතෘකාව දෙසට හැරෙමු. ඉන්දියාව සමඟ  අපට දැනටත් ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමක් තිබේ. ඒ ගිවිසුම යටතේ අපට අවුරුද්දකට ඉන්දියාවට යැවිය හැක්කේ ශ්‍රී ලංකා රුපියල් බිලියන අටක් (08) වටිනා භාණ්ඩ පමණකි. 2018 දී ඇඟලුම් අපනයනයෙන් පමණක් ලංකාව උපයාගෙන තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන පහකි. එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1408කි. එසේ නම් දැනට තිබෙන ඉන්දු ලංකා ගිවිසුම යටතේ ලංකාවට ලැබී තිබෙන ප්‍රතිලාභ ගැන කළ යුත්තේ කවර කතා ද? මෙය පැහැදිලිවම යල් පැන ගිය ගිවිසුමකි. එහි වැඩි වාසි ඇත්තේ ඉන්දියාවටය.
ඉන්දීය වෙළෙඳ පොළ සුවිශාලය. ලංකාවේ අපනයන නිෂ්‍පාදන ප්‍රමාණය ඉතා අවමය. ඉන්දියාව දැනට බංග්ලාදේශයෙන් ගෙන්වා ගන්නා ඇඟලුම්වලට සතයකවත් බද්දක් අය නොකරයි. එහෙත් ලංකාවෙන් ගෙන්වා ගන්නා ඇඟලුම්වලට බදු අය කරයි. එය එසේ වූ විට ඉන්දියානුවන්ට බංග්ලාදේශයේ නිෂ්පාදනවලට වඩා ලංකාවේ නිෂ්‍පාදනවලට වැඩි මිලක් ගෙවීමට සිදු වෙයි. ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට ඉන්දීය වෙළෙඳ පොළට පිවිසීමට නොහැකිව තිබෙන්නේ ඉන්දියාවේ මේ අසමාන බදු ප්‍රතිපත්තිය නිසාය. ඉදින් මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරගැනීම ඇඟලුම් අපනයනකරුවන්ට කළ හැකි දෙයක් හෝ කාර්යයක් නොවේ. එය කළ යුත්තෝ ආණ්ඩු කරන්නෝය. ඔවුන්ගේ පහනින් එළිය බලන මහකොමසාරිස් ඇතුළු නිලබලධරයෝය. ඒ මේ බොහෝ දෙනා නිතර නිතර ඉන්දියාවට යති එති. එහෙත් ඒ දේවාල වැඳීමට හා ගතු කීමට මිස රටට ආර්ථික වාසි වැඩියෙන් ලබාගැනීමට නොවන බව දැනුවත්, දැන උගත් ලාංකිකයන්ට අවබෝධ වී දැන් බොහෝ කල්ය.

දැන් අපි චීනය දෙසට හැරෙමු. චීනය වියට්නාමයෙන් ගෙන්වා ගන්නා භාණ්ඩවලින් බදු අය නොකරයි. එහෙත් ලංකාවෙන් ගෙන්වා ගන්නා භාණ්‍ඩවලින් බදු අය කරයි. ඒ නිසා චීන වෙළෙඳ පොළේ වියට්නාමය සමඟ තරග කිරීමට ලංකාවට නොහැකිය. එය එසේ වී තිබෙන්නේද චීන බදු ප්‍රතිපත්තිය නිසාය. ඉන් අනාවරණය වන්නේ චීනය වියට්නාමයට පෙම්කරන තරමට ලංකාවට ප්‍රේම නොකරන බවය. එහෙත් නූතන ලංකාවේ ප්‍රමුඛ හා දැවැන්ත විදේශ ආයෝජකයා චීනයයි. ලංකාව අද ගෙවා ගැනීමට නොහැකි තරම් දැවැන්ත ණය උගුලක සිරවී සිටින්නේ චීන පොලී ණය ව්‍යාපෘති නිසාය. එවැනි ණය ව්‍යාපෘති ලංකාවට වඩා බෙහෙවින් දියුණු මැලේසියාවටවත් දරාගත නොහැකි නිසා මැලේසියන් අගමැති මහතීර් මොහොමඩ් ඒ චීන ව්‍යාපෘති නවතා දැම්මේ ඉතා මෑතකය. මෙරට පාලකයන් අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් දැන් ලංකාව හඳුන්වන්නේ ඉන්දියන් සාගරයේ චීන මුතු ඇටය ලෙසිනි. එය මෙරට සම්බන්ධයෙන් ජාත්‍යන්තර අහසේ බැඳුණු කළු වලාවකි.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙන බව ජනප්‍රිය කියමනකි. ඒ රිදී රේඛාව මතු කරගත යුත්තෝ ද ආණ්‍ඩු කරන්නෝ සහ චීනයේ ලංකා තානාපති සමඟ මෙරට විදේශ අමාත්‍යාංශයේ නිලබලධරයෝය. අප මේ කියන්නේ ඇඟලුම් අපනයනකරුවන්ගේ ඉල්ලීම වන චීන - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැනය. එය ලංකාවට වාසි සහගත විය යුත්තකි. එය ඉන්දු - ලංකා වෙළෙඳ ගිවිසුම සේ වැඩි වාසි එරටට හිමිවන ගිවිසුමක් නොවිය යුතුය. ඇඟලුම් අපනයනකරුවන්ගේ ඒ බලාපොරොත්තු ඉටු කළහොත් ඔවුන් රටට අද්දන විදේශ විනිමය ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යන බව අපට නිසැකය.



අදහස් (5)

අපේ ඇඟලුම්වලට චීන-ඉන්දියා සහන ගන්න බැරිද

himal Thursday, 21 February 2019 02:51 PM

දැන් මෙතන වෙළෙඳ ගිවිසුම් යෝජනා කළාට එක්ටා සහ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම් ගැන මොකද කියන්නේ? අනෙක් අතට ලංකාවේ ශ්‍රම පිරිවැය එක්ක ඉන්දියාවේ හා චීනයේ වෙළෙඳපළ දිනන්නේ කොහොමද හුදෙක් බදු සහනයකින් පමණක්? ලංකාවේ ඇඟළුම් ඇමරිකාවේ හා යුරෝපයේ වෙළඳපළට යන්නේ වැඩි වටිනාකමකින් යුක්ත වෙළෙඳපළ කොටස් හොයාගෙන. මේ කියන තරම් ඕක සරල නෑ.

:       4       23

jayaFriday, 22 February 2019 05:55 AM

හරියට හරි. රුපියල් 200 පඩියට වැඩ කරන්න ඉන්න ඉන්දියාවේ කට්ටියත් එක්ක රුපියල් 1000ටත් හරියට වැඩක් ගන්න බැරි අපේ කට්ටිය එක්ක ඉන්දියාවට චීනයට ඇඟලුම අපනයනය බොරු. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයා ගත්තේ නැත්තන් අපනයනය කෙසේ වෙතත් අපේ රටේ වැඩ කරන්න ඉන්දියාවෙන් චීනෙන් කට්ටිය ගෙන්න වෙනවා

:       0       22

ETMonday, 25 February 2019 09:31 PM

මෙතන උත්තර දීලා තියෙන අයට ප්‍රශ්නෙ තේරිලා නෑ. ඉන්දියාව සහ චීනය සිය ඇඟලුම් අවශ්‍යතාවය රට තුල නිෂ්පාදනයෙන් සපුරා ගෙන නැහැ. එම නිසා ඉන්දියාව බංගලිදේශයෙනුත්, චීනය වියට්නාමයෙනුත් ඇඟලුම් විශාල ප්‍රමාණයක් අපනයනය කරනවා. අපිට තරග කරන්න වෙන්නෙ බංගලිදේශය සමග හා වියට්නාමය සමගයි. නැතුව ඉන්දියාවේ සහ චීනයේ නිෂ්පාදනය වන ඇගලුම් සමග නොවේ. නමුත් ඉන්දියාව සහ චීනය ඉහත කී රටවල් දෙකෙන් ඇගලුම් ආනයනය කරනකොට බදු අය කරන්නෙ නෑ. අපෙන් අය කරනවා. ඒ නිසා අපෙ ඇගලුම් එම රටවලට යවන්න බැහැ. බදු වැඩ් නිසා මිල වැඩියි. එම බදු අයින් කරගතහොත් අපිට වාසියි. දේශපාලකයෝ ඒ සදහා යොමු විය යුතුයි.

:       0       1

de silva Friday, 22 February 2019 09:38 PM

අර ජයා මහත්මයා කියනවා වගේ අපේ රටේ සාමාන්‍ය කම්කරුවකුට රුපියල් 1500 දුන්නත් හරියට වැඩක් කරන්නේ නැහැ. ඉන්දියාවේ චීනේ රුපියල් 200-300 දෙනකොට මනුස්සයෙක් දවසට වැඩට ගන්න පුළුවන්.. ඉතින් කොහොමද එම රටවල් එක්ක තරඟයක් දෙන්නේ? ලංකාව ජීවත්වෙන්නේ මැදපෙරදිග සේවය කරන ගැහැණු ටික එවන සල්ලිවලින් සහ සංචාරකයන් ගෙනඑන සල්ලි වලින් තේ, රබර්, කුරුඳු වැනි භෝග වැටිලා හුඟක් කල්... නමුත් අපි මැදපෙරදිග සේවයට යන මිනිස්සුන්ට සලකන්නේ හරියට සත්තුන්ට වගේ. අනිත් පැත්තෙන් සංචාරකයන අමු අමුවේම සුරාකනවා. රටට අතුල්වෙනකොටම ඩොලර් 40 විසා වලට කියලා ගන්නවා. ඊටපස්සේ ටැක්සි කාරයෝ ඉන්නවා දතකට මැදගෙන... ඔහොම යනකොට සංචාරකයෝ මෙහෙ එන එකත් ටික ටික අඩුවේවි... මෙහෙම ගියොත් අපිට වෙන්නේ ඉදිරියට ඉන්දියාවේ වහල්සේවයට යන්න...

:       0       31

chandima Monday, 25 February 2019 04:53 PM

මේ කතාවේ කියන විදියට ඉදිරියේදී වැඩියෙන්ම දියුණු වෙන්නේ “බ්‍රික් කන්ට්‍රි” කියන රටවල් බව ඇත්ත. නමුත් තවම ඒ රටවල් වලට වැඩ ඉදිරියෙන් ඉන්න රටවල් බොහොමයි. ඒ රටවල මුදලේ අගය සහ අධික අවම වැටුප් සිමාවන් නිසා ඔවුන්ට ඔවුන්ගේම නිපැයුම් නිපදවා ගන්නට බැරිව සිටිනවා. අපට පහසුවෙන් අපනයනය කරගෙන යාමට හැකි වන්නේ එවැනි රටවල් වලටයි. එසේ නොමැතිව යහමින් මුදල් තිබෙන නමුත් රටින් අඩකට ලොව ඇති ඉතාම අඩු වැටුප් ගෙවමින් තිබෙන රටවලට නොවෙයි. අර මුලින් කි දියුණු රටක් ඉලක්ක කොට යම් නිපැයුමක් නිපදවුවොත් එම රටවලට කීයටවත් එම භාණ්ඩය එම මුදලට නිපදවා ගන්නට බැහැ. නමුත් ඔය “බ්‍රික් කන්ට්‍රි” කියන රටවල් ඉලක්ක කොට යමක් නිපදවුවහොත් ඔවුන් පසුවදාම එම භාණ්ඩය එයිටත් අඩු මුදලකට ඔවුන්ගේම රටේ නිපදවා ගන්නවා. නමුත් ඒ රටවල් ඉලක්ක කොට භාණ්ඩ නිපදවා ජාත්‍යන්තර නම ගිය සමාගම් සමග එකතුවී ඔවුන්ගේ වෙළඳ සන්නාමයන් යටතේ විකිනීමට නම් අවස්ථාව තිබෙනවා. ඒ එම රටවල ධනවත් පිරිස් එම සන්නාමය වෙනුවෙන් ඉහල මිලක් ගෙවීමට සුදානම් නිසාත් එම සන්නාමයන් යටතේ භාණ්ඩ නිපදවීමට ඔවුනට අවසරයක් නොමැති නිසාත් ය.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 27 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 150 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 11 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 274 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 196 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 243 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site