IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අනෝමා ජනාදරීට හොඳම නිළිය සම්මානය

(සමන්ත යහම්පත්)

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වූ ලෝක ආසියානු සිනමා උළෙල (ඒෂියන් වර්ල්ඞ් ෆිල්ම්ෆෙ ස්ටිවල්) පසුගිය 2 දා නිමාව දුටුවේ තරගකාරී අංශයෙන් ලොව හොඳම චිත්‍රපට රැසක්  සමඟ තරග වැදුණු  “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ අනෝමා ජනාදරී හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගනිමිනි.

අනෝමා මෙම සම්මානය හිමිකර ගන්නේ ආසියානු කලාපයේ රටවලින් ඔස්කාර් හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට රැසක් සමඟ තරගකිරීමෙන් වීම විශේෂත්වයකි. 2003 වසරේදී සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී  “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටය වෙනුවෙන් අනෝමා හොඳම නිළිය සම්මානය දිනාගත්තාය.

මෙවර අනෝමා වෙනුවෙන් එම සම්මානය චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර විසින් එහිදී ලබාගත් අතර එය මෙරටදී චිත්‍රපට සංස්ථාව විසින් පවත්වනු ලබන විශේෂිත ඇගයීම් උත්සවයකදී අනෝමා වෙත පුදකිරීමට කටයුතු සූදානම් කර ඇති බව දැනගැනීමට ලැබුණි. 

 “දැවෙන විහඟුන්” චිත්‍රපටය මෙයට පෙර 17 වැනි ටෝකියෝ ෆිල්ම් එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානය ද, 15 වැනි ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා සම්මානය මෙන්ම ජූරියේ විශේෂ සම්මානයද හිමිකර ගෙන තිබේ.

මේ වන විට බූසාන්ල රොටල් ඩෑම්ල මියුනික්ල ගොතන් බර්ග්, ඇතුළු ලොව ප්‍රබල සිනමා උළෙල 20කට වඩා ආරාධනා ලැබූ  “දැවෙන විහඟුන්” චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමා නිර්මාණය වන අතර එය ශ්‍රී ලංකාල ප්‍රංශල දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. හොඳම නිළියට හිමි සම්මානය ලැබීමෙන් පසු අනෝමා ලංකාදීපයට පැවැසුවේ මෙවැනි අදහසකි.

“මීට පෙර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල චිත්‍රපටය තිරගත කිරීමේදී එම රටවල විචාරකයන් ලියා තිබූ විචාර කියවූ විට මට හිතුණේ එම සම්මාන උළෙල වලදීත් මගේ රඟපෑම සඳහා සාධාරණ විනිශ්චයක් ලැබෙන්නට තිබුණා නේද කියා. එහෙත් එම උළෙලවලට ඇතුළුවීමේදී අධ්‍යක්‍ෂවරයා තරගකරන ඉසව් සඳහන් කිරීමෙන් රඟපෑම කියන ඉසව්ව අනුමත නොකර තිර නාටකය හා අධ්‍යක්‍ෂණය කියන ඉසව් පමණක් ඇතුළුකරන නිසා මගේ රඟපෑම පිළිබඳව සලකා බැලුවේ නෑ.

ඇමෙරිකාව වගේ රටකදි මෙවැනි ක්‍රියා පටිපාටි අනුගමනය නොකළ නිසා මගේ රඟපෑම්වලට නිවැරැදි විනිශ්චයක් ලැබීම අධ්‍යක්‍ෂවරයාට වළක්වන්නට පුළුවන් කමක් ලැබුණේ නෑ. ඒ නිසා මාව මර්දනය කිරීමේ වෑයම ඉදිරියේ හොඳම නිළිය සම්මානය ලැබීම අධ්‍යක්‍ෂවරයා පරාජයවීමක් හැටියටයි මා මෙය දකින්නේ.

මෙයට පෙර ජාත්‍යන්තර සම්මාන ලැබූ ශ්‍රී ලාංකීය නළු නිළියන්ට නිවාස හා මුදල් ත්‍යාග ලැබුණමුත්, මා හට හිමිවුණේ සුබපැතුම්පණිවුඩ පමණයි.  මෙවර සම්මානය සමඟ වත්මන් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ සම්මානයට වටිනාකමක් දෙන්නේ කොහොමද කියා මා බලාගෙන ඉන්නවා.”



අදහස් (11)

අනෝමා ජනාදරීට හොඳම නිළිය සම්මානය

nalaka Monday, 06 November 2017 09:02 AM

මගේ උණුසුම් සුබ පැතුම් අක්කි...

:       3       85

Dasa Monday, 06 November 2017 05:54 PM

ඔය කියන්න වගේ සුබ පැතුම් පමණක් මදි. මේ කලාකරිනියට වටිනාකමකුත් දෙන්න. අපේ සමහර කලාකාරයෝ සල්ලි වල පීනනකොට සමහරු අසනීපයක් වුනත් හිගා කන තත්වෙට වැටිලා.

:       43       87

Senarath Tuesday, 07 November 2017 03:17 AM

තව හොද නිපැයුම් වලට සහභාගි වෙන්න අවසථාව ලැබිල, නැවත නැවතත් ජ්‍යාත්‍යන්තර ඇගයීමට ලක්වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.

:       1       19

nimantha Tuesday, 07 November 2017 08:59 AM

ජාත්‍යන්තර සම්මාන උළෙලවල් නං ඔය ඕනතරම් තියෙන්නෙ. සම්මානය ගත්ත උළෙල මොකක්ද කියල හරියට හොයල බැලුව නං හරි මොකද ගොඩක් ඒව නොවැදගත් කුඩා ප්‍රමාණයේ සම්මාන උළෙලවල්. දැන් මේ කුඩා ප්‍රමාණයේ සම්මාන උළෙලවල් වල ගත්ත සම්මාන අර වී කරල් දෙකක් මැද්දෙන් දාල කටවුට් පෝස්ටර් ගහල ඒක ප්‍රචාරණයට යොදාගන්නව. මේක තමයි තිත්ත ඇත්ත. මම කුහකයි කියල කියන්න කලින් ගත්ත සම්මාන උළෙල මොකක්ද කියල හොයල බලන්න ‍

:       117       185

dasaTuesday, 07 November 2017 02:09 PM

කුහක කමද මෝඩ කමද මන්ද. පලවෙනි වාක්‍යම කියවල නැහැ.

:       18       17

නිමන්තWednesday, 08 November 2017 08:17 AM

මෝඩකමද, කුහකකමද කියලා බලන්න එස්සෙල්ලා ඔය කියන සම්මාන උළෙල ගැන අන්තර්ජාලයෙන්ම පරීක්ෂා කරලා හොයාගන්න. එතකොට තේරේවි සම්මාන උළෙලේ තරම...

:       0       1

Chanak Los angeles Tuesday, 07 November 2017 06:42 PM

නලුනිලියන් යම්කිසි අදායමක් ලබනවා නමුත් ඔවුන්ට නිසිපරිදි කළමනාකාරිත්වයක් නොමැති කමින් හා මුදල් නාස්ති කර සරල ජීවිතයක් ගතකරමින් හොම්බ වැදුනම අවසානයේදී නොයෙක් තැන් වලට දෝෂාරෝපණය කරනවා අපිට සලකන්නේ නෑ කියා .. අනුන්ගෙන් යැපෙන්න හදනවානම් එය යහපත් ජීවිතයක් නම් නොවෙයි .

:       1       34

jayath Wednesday, 08 November 2017 05:16 AM

මැය දක්ෂ නිළියක් එකේ විවාදයක් නැහැ........

:       1       311

chamaraWednesday, 08 November 2017 07:46 AM

හැබැයි කොයි වෙලාවෙ බැලුවත් තමන්ට වෙච්ච අසාධාරනයන් ගැන කියවන එක තමයි කරන්නේ. හැමදේකම වැරද්දක් දකින කෙනෙක්.

:       110       75

chooty malli Thursday, 09 November 2017 05:17 AM

මගේ උණුසුම් සුබ පැතුම් .....

:       0       0

manjula prasad Monday, 13 November 2017 03:36 AM

හදවතින්ම සුබ පතනවා හොදක්ම වේවා ඔබ ඔබ විශිෂ්ට නිලියක්. අවාසනාවකට අපේ සිනමාවට ඔබගේ වටිනාකම තේරෙන්නේ නෑ ජයම වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 186 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 192 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 45 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 291 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 207 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 259 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site