IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ

වසන්ත ප්‍රිය රාමනායක

මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇතිවූ ගින්න මේ වනවිට මුළු රටේම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික්‍රමාන්විත සටන නිසාය.

මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරා ගැනීමට බිම සිට එකමුතුව දිවිහිමියෙන් කැපවී කටයුතු කළ මහනුවර නගරයේ මුස්ලිම් හා සිංහල ජාතික ජනතාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. එතැන ආගමක්, ජාතියක්, උතුරක් හෝ දකුණක් නොතිබුණි. මුස්ලිම් ව්‍යාපාරිකයන් ක්ෂණිකවම තම වෙළෙඳසල්වල රෙදි කච්චි දිගහැර ගිනිගෙන දැවෙන උඩුමහලින් පියා බිමට දමන දරුවන් බේරාගැනීමට සූදානම් වීම ජාතිවාදයට හා ජාතිකත්වයට එහා ගිය අනුවේදනීය සිදුවීමකි.

එතකොට ජාතිවාදය තිබෙන්නේ කාගේ ළඟ ද? මනුෂ්‍යත්වය අගයන ජනතාව ළඟ නම් නොවේ. ජනතාව නොමඟ යවන අන්තවාදී දේශපාලනඥයන් තුළය.

මේ පිළිබඳව මුහුණුපොතේ සටහනක් තබන සජිත් ප්‍රියංකර නමැති තරුණයා එය ඇගැයුමට ලක් කරන්නේ මෙලෙසිනි.

“ගින්නෙන් අපේ ගේ හොඳටම
පිච්චෙද්දී...
වීසිකළා අප රත්තරන්
අප්පච්චී...
පහළ ඉඳන් අප සුරැකිව
අල්ලද්දී...
සිංහල දෙමළ හෙව්වෙම නෑ
අප්පච්චී...”

මෙම කවිය පසුගියදා රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ වැඩසටහනේ ප්‍රචාරය කළේ එම වැඩසටහන මෙහෙයවන මහේෂ් නිශ්ශංක ය.

එම මුහුණුපොතේ තරුණයාත්, මහනුවර නගරයේ මුස්ලිම් හා සිංහල ජනතාවත්, රූපවාහිනියේ මහේෂ් නිශ්ශංක කලාකරුවාත් රටට ලබා දුන්නේ මහඟු ආදර්ශයකි. බොහෝ දේශපාලනඥයන් ලබා නොදෙන ආදර්ශයකි. එසේම ජාතිවාදය අවුස්සමින් බලය තහවුරු කරගැනීමට පොරකන දේශපාලකයන්ට කනේ පහරකි.

මේ මනුස්සකමේ කතාව මහනුවරින් මතුවන්නේ රට බෙදනවා, රට කෑලිවලට කඩනවා, ෆෙඩරල් පාලනයක් ලබාදෙන්න සූදානම් වන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන කතා මේ දිනවල දේශපාලන වේදිකාවෙන් ඇසෙන විටය. මේ කතා කොතරම් ජාතිවාදී ද වහා ගිනිගන්නාසුලු ද යන්න ඒවා තලු මර මර පවසන දේශපාලනඥයන්ටවත්, ඒවාට සීමාව ඉක්මවා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන මාධ්‍යවලටවත් වැදගත් වන පාටක් නොපෙනේ.

ඇත්තෙන්ම රට කඩන, රටට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙමින් පවතී ද? බැලූ බැල්මටවත්, තර්කානුකූලවත්, පෙනෙනතෙක් මානයකවත් එවැන්නක් දක්නට නොලැබේ. සිදුවී තිබෙන්නේ බෙදුම්වාදය හා ෆෙඩරල් ගැන කතා පතුරුවන විපක්ෂයේ අය ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සියල්ලන්ගේම යෝජනා සම්මතයකින් පිහිටුවාගත් ව්‍යවස්ථාදායක මණ්ඩලයකට විද්වත් කමිටු වාර්තා කීපයක් ඉදිරිපත් වීමය. එම විද්වත් කමිටුවලට හා අදාළ ලියවිලි සම්පාදනය කළ ක්‍රියාදාමයට ආණ්ඩුවේ විපක්ෂයේ මෙන්ම ද්‍රවිඩ සන්ධානයේ ද නියෝජිතයන් සහභාගී වී සිටි බව අද සමහරු අමතක කරති.

එතකොට මේක ව්‍යවස්ථා කෙටුම්පතක් නොවෙයි ද? නැත. කෙටුම්පතක් සාදාගැනීම සඳහා කවුරුත් එකතු වී සාදාගත් යම් යෝජනා සමූහයකි. එහෙත් ඒ යෝජනා සමූහය තුළ රටේ ඒකීයභාවය සුරැකීමට, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට මෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය බලය බෙදුමක් ගැන සටහන් කිරීමට හෝ යෝජනා ඉදිරිපත් නොකිරීමට වග බලාගෙන තිබේ.

මෙහෙම කියන එක ආණ්ඩුවට කඩේ යෑමක් ද? එසේ නම් අදාළ යෝජනා සම්පාදනය කළ කමිටුවලට සම්බන්ධ වූ විපක්ෂයේ සාමාජිකයන්ද ඒ කඩේ යෑමට දායක වී තිබේ. එතකොට ‘ඒකීය’ යන්න සමඟින් ‘ඔරුමිත්තනාඩු’ යන වචනය යෙදුණේ කොහොම ද? එය ද්‍රවිඩ සන්ධානයේ වචනයකි. එයට ඊට සහභාගී වූ මුස්ලිම් හා සිංහල පක්ෂවල නියෝජිතයන් විරෝධය පෑ බව ද එහි සටහන් වේ. එහෙත් ඔවුනට එවැන්නක් යෝජනා කිරීමට මේ විවෘත සංවාදය තුළ අයිතියක් තිබේ. ඔය කියන ඕනෑම නඩුවක් අවසන් කෙටුම්පත සැකසීමේදී වෙනස් කරගැනීමේ පරම පවිත්‍ර අයිතිය ව්‍යවස්ථා සභාවක් ලෙසින් කටයුතු කරන පාර්ලිමේන්තුවට ඇත.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වීමේ වැදගත්කම මේ කිසිවක් නොවේ. ලංකා ඉතිහාසයේ වසර 70කට පසු මෙවන් පුළුල් ව්‍යවස්ථා සභාවක් නිර්මාණය වී නොතිබීමයි. එදා සෝල්බරි ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය වුවමනාවට සකස් විය. 1972 හා 1978 ව්‍යවස්ථා එවකට බලයේ සිටි සමගි පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල අවශ්‍යතාවලට අනුව සැකසිණ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වයස අවුරුදු 40 කි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අද කවුරුත් පිළිගනිති. රට කඩනවාය කියන අය ද පිළිගනිති. පසුගිය අවස්ථා දෙකේදීම (1972 හා 1978) උතුරේ ද්‍රවිඩ පක්ෂ හා දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය එම ව්‍යවස්ථා ක්‍රියාදාමයට දායක කරගනු ලැබුවේ නැත. එසේම 1968 පසු උතුරේ ද්‍රවිඩ පක්ෂ රටේ පාලනයට සම්බන්ධ වී හෝ සම්බන්ධ කරගෙන හෝ නොමැත. උතුරේ ජනතාවට දකුණේ අයට නොමැති දේශපාලන ප්‍රශ්නය ඔවුන් රාජ්‍ය පාලනයෙන් පිටමංකර තැබීම බව පෙනේ. 13 වැනි සංශෝධනයෙන් සිදුවන්නේ ඒ අය ප්‍රාදේශීය පාලනයට සම්බන්ධ කර ගැනීමය. එය ද තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ මේ අඩුපාඩු සියල්ල වසර 70කට පසුව හෝ සම්පූර්ණ කර ගැනීම සඳහාය.

“අපට මහ මැතිවරණයක් ලබාදෙන්න. එවිට අපට පුළුවන් රටේ පවතින මූලික ගැටලුවලට විසඳුම් සෙවීමට ආණ්ඩුවක් පත්කර ගන්න”

එදා සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් ඩී.එස්. සේනානායකයන් මහා මැතිවරණයක් ඉල්ලා සිටියේ එලෙසිනි. එම ඉල්ලීම පිළිගත් සෝල්බරි කොමිසම මහා මැතිවරණයක් ලබාදුන්නේය. එය 1947 පාර්ලිමේන්තු මැතිවරණයයි. එදා ඩී.එස්. සඳහන් කළ රටේ පැවැතුණ ගැටලුවලට විසඳුම්වත්, ‘ශ්‍රී ලාංකීය ජාතිය’ ගොඩනගා ගැනීමවත් නිදහසින් පසු වසර 71 ගියත් අපට තවමත් නොහැකි වී ඇත.

ඒ වරද කාගේ ද? පසුගියදා නුවර නගරයේ ගිනිගත් ගොඩනැගිල්ලෙන් බිමට වීසි කරන දරුවන් බේරාගත් අය වැනි දේශප්‍රේමී ශ්‍රී ලාංකීය ජනතාවගේ නම් නොවේ. මේ රටේ ජාතිවාදය අවුස්සා හැමදාම බලය ලබාගත් දේශපාලනඥයෝ මීට වගකිව යුත්තෝ වෙති. මේ මොහොතේ නැවතත් පාරමින් සිටින්නේ ඒ හිඟන්නාගේම තුවාලය බව පෙනේ.

තවමත් කෙටුම්පතක්වත් නොමැති ඊනියා යෝජනාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා එදා මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ එතුමා පත් කළ තිස්ස විතාරණ කමිටුව ඉදිරිපත් කළ යෝජනාවට වඩා අඩු බලතල සහිත වූවකි. එසේම ඒ යුගයේ ඉන්දියාවට පොරොන්දු වූ 13 සංශෝධන අදහසට මෙන්ම, වසර 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කැබිනට් මණ්ඩලය අනුමත කර ‘එක්සත් රාජ්‍යය’ කෙටුම්පතටත් වඩා (වත්මන් යෝජනා) අඩු මට්ටමේ යෝජනා සමූහයකි. එදා කටේ පිට්ටු හිර කරගෙන සිටි අය මෙදා රට කැඩීමක් ගැන හෝ ෆෙඩරල් දීමක් ගැන කතා කරන්නේ කොතැනින් දැයි කියන්න දන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි කැරැලි දෙකකට මුහුණ දී අමාරුවෙන් ගොඩනැඟෙන රටක, රට ගිනිගන්නා ස්වරූපයෙන් බොරු ජාතිවාදයක් ඇවිස්සීම තරම් ද්‍රෝහී ක්‍රියාවක් තවත් තිබිය නොහැක.

නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය. ජනාධිපති මෛත්‍රී ඒ පිළිබඳව එදා රට දැනුවත් කළේ මෙලෙසිනි.

“ජාතීන් අතර සමගියත් සංහිඳියාවත් ඇති කිරීම සඳහා මූලික විසඳුමක් විධියට අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කටයුතු මේ වනවිට කරගෙන යනවා. මේ පිළිබඳව ඇතැම් අය අසත්‍ය ප්‍රචාරය කරනවා අපි රට කඩන්න හදනවා කියා. අපි රට බෙදන්න හදනවා කියා. විදේශ බලවේගවලට යටත් වෙලා කියනවා. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි.” (2017 පෙබරවාරි 1, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන)

වත්මන් රජයට දැන් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබේ ද යන්න ප්‍රශ්නයකි. ඊට එක් හේතුවක් වන්නේ මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් වීමයි. කිසිම ආණ්ඩුවක් මෙවන් යුගයක මතභේදාත්මක කාරණාවලට අතගසා දේශපාලන වශයෙන් සියදිවි හානිකර ගන්න යන්නේ නැත.

එසේ නම් මේ මොහොතේ ආණ්ඩුව කර තිබෙන්නේ වසර 70කට පසු සියලු පක්ෂ එකට එකතු වූ ව්‍යවස්ථා සභාවක සාකච්ඡාවට බඳුන් වූ පුළුල් යෝජනාවලියක් අදාළ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. එමගින් ආණ්ඩුව විපක්ෂයේ සමහර අයගේ කුලප්පු වීම් නිසා දේශපාලන වාසියක් ද අත්කර ගනිමින් සිටී.

විපක්ෂය මේ යෝජනා මගින් ෆෙඩරල් බිල්ලකු මවාපාමින් රට කැඩෙනවාය කියාගෙන යන ඝෝෂාවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී බරපතළ අවාසියක් අත්පත් කරගනිමින් සිටී. මේ වසර අවසන් වනවිට නව ජනාධිපතිවරයකු පත්වීමට නියමිතය. මේ නිසා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තව මාස කීපයකින්ම රටේ දේශපාලන පෙළගැස්ම සැකසේ. මෙහිදී දකුණ නියෝජනය කරන ප්‍රධාන අපේක්ෂකයකු කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් ලක්ෂ 2කින් පමණ පැරදී හම්බන්තොට වැනි කුඩා දිස්ත්‍රික්කයකින් ලක්ෂයකට වඩා වැඩි ඡන්දයකින් ජයගත්තත් ඵලක් නැත. ඊට හේතුව අවසන් ප්‍රතිඵලයේ දී මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් බවට පත්වන නිසාය. එම මැතිවරණය සිංහල බෞද්ධ පාක්ෂික ඡන්දවලින් පමණක් ජයගැනීමට යමෙක් කල්පනා කරන්නේ නම් එයම බරපතළ වරද්දා ගැනීමකි. එවැනි පාඩම් නැවත නැවතත් දේශපාලන මොන්ටිසෝරියේ සිටම ඉගෙන ගැනීම අවශ්‍ය නොවේ.

ගරුතර ස්වාමීන්වහන්සේලා ද නොමඟ යමින් මේ නටන ෆෙඩරල් නාඩගමේ විපාක විඳීමට සිදුවන්නේ තම කණ්ඩායමේ අපේක්ෂකයාට බව මේ අය කල්පනා කරන බවක් නොපෙනේ. ඒ අතින් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ දේශපාලන උපක්‍රමයට දැනටමත් හසුවී හමාරය. ආණ්ඩුව සුළු ජාතීන්ට නොකියා කියන්නේ කුමක් ද?

“ඔන්න බලාපල්ලා අපි නුඹලාගේ සාධාරණ ප්‍රශ්නය විසඳීමට නැවත උත්සාහ කරනකොට මේ දකුණේ ජාතිවාදීන් හැසිරෙන හැටි. මේ නිසා ඉදිරි ජනාධිපතිවරණයේ දී නුඹලා තෝරාගත යුත්තේ උන්ගේ අපේක්ෂකයා ද අපේ අපේක්ෂකයා ද යන්න දැන්වත් තේරුම් ගනිල්ලා” වගේ කතාවක්ය.

ඇත්ත වශයෙන්ම එය අමුතුවෙන් කියාදිය යුතු නැත. මේ වනවිටත් රටේ සුළු ජාතික බහුතරය ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එකට සිටිය හැකි කුඩයක් සොයා ගනිමින් සිටිති. මෙහෙම ගියොත් ඉදිරි ජනාධිපතිවරණය ද ජයගැනීමේ ඉඩකඩ ඇත්තේ එම කුඩය යටට ගිය කෙනකුට දැයි කියන්න දන්නේ නැත. මේ නිසා කෙටුම්පතක් නොවූ නව ව්‍යවස්ථා යෝජනාවලියකින් රටේ සුළු ජාතික ඡන්ද කොටුකර ගැනීමට ගෙන යන යූ.ඇන්.පී.යේ දේශපාලන උපක්‍රමයට තමන් ළඟ සිටින අන්තවාදීන් නිසා ඒකාබද්ධ විපක්ෂය හසුවෙමින් සිටී.

මෙය න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව වටහාගෙන සිටින නායකයා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව පෙනේ. සුළු ජාතික ඡන්දවලින් යම් ප්‍රතිශතයක්වත් නොගෙන ඉදිරි ජනාධිපතිවරණය ජයගත නොහැකි බව ඔහු වටහාගෙන සිටින බව සිය ප්‍රකාශ හා ක්‍රියාකාරකම්වලින්ම පිළිබිඹු කර ඇත. අවශ්‍ය වන්නේ ඊට පොදු එකඟතාවකි.

එසේම තමා දැන් සිටින කණ්ඩායමේ ෆෙඩරල් හා බෙදුම්වාදී ඝෝෂාව හමුවේ ජනාධිපතිවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීදැයි කියන්න දන්නේ නැත. එය එතුමා දිනාගෙන සිටින සුළු ජාතික ඡන්ද පදනමට ද අවාසිදායක බලපෑමක් විය හැකිය.

දැනටමත් තමා ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් යැයි පවසන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වුව ද මේ ඊයේ පෙරේදා සිට එකට සිටිය යුතු ‘ශ්‍රී ලාංකීය ජාතියක්’ ගැන (‘එළිය’ සම්මන්ත්‍රණයකදී) කතා කිරීමට පටන් ගෙන තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. සිය පැරැණි ස්ථාවරයේ යම් වෙනසකට යොමුවීමකි. සුළු ජාතීන් මේ අය සිය උත්සවවලට කැඳවාගෙන ගොස් පිළිගැනීමක් ලබාදීම, සංග්‍රහ කිරීම හා සෙල්ෆි ගැනීම වෙනම වැඩපිළිවෙළකි. එහෙත් ඡන්දයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ඒ හා සමානව සිදුවන බවක් නම් නොපෙනේ. අවසානයේ සෙල්ෆි ගත් අයගේවත් ඡන්ද නැත. මේ යථාර්ථය අන්තවාදීන් ඇසුරු කරන දේශපාලන නායකයන් පිළිගත යුතුය.

මේ දිනවල නටන ජාතිවාදී නාඩගම් නිසා සමස්තයක් වශයෙන් මේ රටේ සුළු ජාතික නැඹුරුව හෙට දවසේ විපක්ෂයට අවාසිදායක අයුරින් හැසිරීමට ඉඩ තිබෙන බව පෙනේ. මෙය කාටවත් කඩේ යෑමක් නොවන බවට වටහා ගැනීමට අදාළ අයට ප්‍රඥාවක් තිබීම සියල්ලටම ප්‍රථමයෙන් වැදගත්ය.



අදහස් (9)

අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ

siripala Thursday, 17 January 2019 07:03 AM

පළාත් පාලන පනතේ කාරක සභා අවස්ථාවේ ඇමුණුම් මගින් වෙනත් දේවලද අනුමත කෙරින. ව්‍යවස්ථවට මොනවා කරයිදැයි ලොකු සැකයක් පවතී. මුදල් වලට දැන් කල නොහැකි දෙයක් නොමැත .225 න් සැලකියයුතු ප්‍රමාණයක් සල්ලිවලට යටය.150 හදාගත්තොත් වැඩ වරදී. ඔය කියන ව්‍යවස්ථාව අතිශයින් අනතුරු දායකය. පළාත් පාලන බලතල වැඩි කර 225 ට එහි පාලන බලයක් දුන්නොත් විනාශය සිදුවනවාමය. දැන් පෙර තිබු පරිදි කුඩා ඡන්ද කොට්ටාශ වලින් නොව දිස්ත්‍රික් මට්ටමින් මහජන නියෝජිතයින් තෝරන විට ඉතා නුසුදුසු වංචනිකයින් පත්වීම වැඩි විය.

:       27       188

ase Thursday, 17 January 2019 07:09 AM

මෙම ලිපියට මගේ පුර්ව ප්‍රණාමය, මෙය සත්‍ය ගවේෂණයක්

:       634       412

Bamunuarachchi Friday, 18 January 2019 06:51 AM

මේ ලිපිය ලියද්දි එකක් අමතක වී ඇත. එය නම් සිංහල අපේ විරුද්ධත්වය ඇත්තේ සුබ්‍රමනියම්, ධර්මලිංගම්, හෝ මොහොමඩ්, කාසිම් සමග නොවේ. ඒ ජනවර්ගය සමගයි. හේතුව ජනවර්ගයක් ලෙස මේ කුඩා එහෙත් සශ්‍රීක රටට පාවී අවුත් පදිංචි වී අපේ රටේ කොටසක් ඉල්ලීමයි. රටේ සම අයිතිවාසිකම් ඉල්ලීමයි. ආත්ම ගෞරවයක් ඇති ජාතියක් හැට්යට සිංහලයා බලා ඉන්නේ නැත. ඒ ගැන හොඳම ආදර්ශය වන්නේ බලෙන් 13 රටට ඔබන්න ආ ඉන්දියානුවා සිංහලයෙකුගෙන් පොලු පාරක් කා ඊයේ දෙමළ දරුවන් පහතට දමද්දී බේරා ගත් සිංහලයෝම නුවරින් කොටසක් ඉල්ලාගෙන එන දෙමල්ලු හෝ මුසල්මානුවන් සමග හෙට සටන් වදිනු ඇත...

:       327       522

Bamunuarachchi Friday, 18 January 2019 07:08 AM

මෙරට 75% සිටින සිංහල බෞද්දයන් 25% සිටින සුළු ජාතින් නිසා "ශ්‍රී ලාංකිකයින්" කියා දියාරුවන්නේ කුමකටද? මෙරටේ සිංහලයන් රටේ ජාතියයි අනික් කොටස් මෙරට ඉන්න ජනවර්ග බව මතක තියාගමු. රට පාලනය කිරීමට පත්වෙන නායකයා සුළු ජාතීන්ගෙන් ඡන්ද ගැනීමට තරම් සිංහලයා බේදබින්න වී ඇත. එම නිසා මෙවැනි ලිපිලියා සිංහලයා තවත් සුළු ජාතීන් වෙත තල්ලු කිරීම නොව, සිංහලයනී ජාතියක් හැටියට එක්වෙයව් කියන පණිවිඩය දීමයි. සිංහලයින්ගේ මේ බේද බින්න වීම සිංහල රජ කාලේ තිබුන නිසා තමයි වඩුගයෙක්, නායක්කර් වංසිකයෙක් සිංහලයින් පාලනය කළේ.

:       300       438

chinthaka Sunday, 20 January 2019 01:55 AM

ඊට එක් හේතුවක් වන්නේ මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් වීමයි. කිසිම ආණ්ඩුවක් මෙවන් යුගයක මතබේධාත්මක කාරණාවලට අතගසා දේශපාලන වශයෙන් සියදිවි හානිකර යන්නේ නැත. එසේ නම් මේ මොහොතේ ආණ්ඩුව කර තිබෙන්නේ වසර 70කට පසු සියලු පක්ෂ එකට එකතු වූ ව්‍යවස්ථාදායක සභාවක සාකච්ඡාවට බඳුන් වූ පුළුල් යෝජනාවලියක් අදාළ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. පිළිතුර:එ්ක ඇත්ත, රටට ආදරේ කිසිම ආණ්ඩුවක් මේ ආන්දෝලාත්මක ව්‍යවස්ථාව එදිරිපත් කරන්න යන්නේ නැහැ. එ්ත් පහුගිය වතාවේ අගමැතිකම රැක ගත්තේ බහුතර සිංගල ඡන්දෙන් නෙමෙයි. මේ දෙමළ සංවිධාන වල පිහිටෙන්. ඒ ගොල්ලෝ මන්ත්‍රීවරු බා ගන්න කෝටි ගණන් දෙමල ඩයස්පෝරාවේ මුදල් යෙදෙව්වා. ඉතින් මේ මැතිවරණයට පෙර ඒ ණය ගෙවා සිටිය යුතුයි. ඒ වෙනුවෙන් "නම නොකියන" පෙඩරල් දෙන්න තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවේ..

:       51       255

parakkrama Sunday, 20 January 2019 02:47 PM

හරවත් ලිපියකි. සත්‍ය හා යථාර්ථය නොදන්නා හෝ තේරුම් ගැනීමට කැමැත්තක් නැති හෝ උදවිය, මෙහි අදහස් දක්වා ඇති ඇතැමුන්ගේ දේශපාලන හෝ ජාතිවාදී හෝ පුද්ගලයෙකු හෝ පක්ෂයක් හෝ කෙරෙහි ඇති අකමැත්ත අරමුණු පෙරදැරිව ඉදිරිපත් කරන අදහස් සඳහා සරම කැසපට ගසාගෙන, විසිල් ගසා, හුරේ දමා අත්පොලසන් දෙන ගැලරියක් ද ඇති බව පැහැදිලියි.

:       270       56

susantha Monday, 21 January 2019 03:10 PM

ලිපියේ සාධනීය කරුණු ඇතත්, ලියුම්කරුම පෙන්වා දෙන පරිදි යම්කිසි කඩේ යමක් සිදුව ඇති බව නම් එක හෙලම පෙනී යයි. එසේ නැතහොත් ලියුම්කරුට වැටහී නොමැති සත්‍යය නම් රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවයි. යමෙක් එසේ කියන්නේනම්, එක්කෝ ඔහු කඩේ යන්නෙකි නැතිනම් අගක් මුලක් නොදත් අයෙකි. මුලින්ම කළයුතුව ඇත්තේ රටේ මහා ජාතියට නැති, සුළු ජාතීන්ට පමණක් ඇති ප්‍රශ්න හඳුනා ගැනීමයි. ඉන් පසු, ඒවාට විසඳුම් ලබා දිය හැක. එයට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවේ, එසේ අවශ්‍ය වන්නේනම් අවශ්‍ය වන්නේ පවතින ව්‍යවස්ථාව තුලින් ඒ ගැටළු වලට විසඳුම් ලබා දිය නොහැකි නම්ය. දැන් ඉතින් කියමු බලන්න, පවතින ව්‍යවස්ථාවෙන් විසඳුම් ලබා දිය නොහැකි සුළු ජාතීන්ට ඇති ප්‍රශ්න?

:       0       202

HR Tuesday, 22 January 2019 06:38 AM

සුසන්ත ඔබේ පිළිතුර ඉතා අගනේය..කිව යුතු සෑම දෙයක්ම ඉතා නිවැරදි ව හා කෙටියෙන් පවසා ඇත. මට ප්‍රකාශ කිරීමට ද ඇත්තේ මෙපමණකි.ස්තූතියි ඔබේ පිළිතුරට..

:       0       43

Nuwan Tuesday, 22 January 2019 01:12 PM

උතුරු නැගෙනහිර කියා පළාත් බෙදීමට අවශ්‍ය අන්තවාදී දේශපාලුවන්ටය. ඔව්න්ට උඩ ගිනි දෙන ඡන්දදායකයෝද ඕනෑතරම් සිටි. උතුරේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න කියා වෙනම පාලනයක් ඉල්ලන ඔව්න්ගෙන් අහන්න තියෙන්නේ දැනට ලංකාවේ තියෙන පාලන ක්‍රමයෙන් උතුරේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට වඩා දකුණේ මිනිස්සුන්ට සහනයක් ලැබී තියෙනවද කියා. සත්‍ය කතාව ඉන්දියාවේ තමිල්නාඩුව හා බද්ධ වීමට උතුරේ දේශපාලුවන්ට ඇති උවමනාවට උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මෙච්චර ලොකුයි කියායි. සිංහල අපිට අන් ජාති අතර අන්තවාදයක් හෝ ජාතිවාදයක් නැත. තිබුනනනම් මෙච්චර කාලයක් සුළු ජාතීන්ට ලංකාවේ ඉන්න නොදෙනු ඇත.

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 7 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 7 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 155 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 300 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 358 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 94 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site