IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති දැන් ස්ථාවරයි සම්මුති ආණ්ඩුව දිගටම

තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංගයෙන් පැහැදිලි ජයක් අත්කරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා සමත්විය. එහෙත් ඒ හා සමග සභාග රජයේ ප්‍රධාන පාර්ශවයන් ද්විත්වය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර වඩාත් බරපතල තත්ත්වයකට පත්විය.

දෙවැනි අවස්ථාවටත්, අඩුම තරමින් දැනට හෝ, තමන් නොසැළෙන පදනමක සිටිනා බව අගමැති වික්‍රමසිංහ ඔප්පු කර පෙන්වූයේ ය. ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පෙරමුණ විශ්වාසභංගයට විපක්ෂව ඡන්ද 122ක් ප්‍රකාශයට පත් කරද්දී, ඊට පක්ෂව හිමිවූයේ ඡන්ද 76ක් පමණකි. 26 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාගැබෙහි නොසිටියෝ ය.

පාර්ලිමෙන්තුවේ බහුතරයකගේ විශ්වාසය තමන් සතු බව අගමැතිවරයා පැහැදිලිව පෙන්වා දුන්නේ ය.තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීමකට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එසේ ජනපතිවරයකුට ඔහුගේ රජයේ අගමැතිවරයකු ඉවත්කළ නොහැකි බව පෙන්වා දීම, අගමැති වික්‍රමසිංහ තම නොසැළෙන ස්ථාවරය පෙන්වා දුන් ප්‍රථම අවස්ථාව විය.වෙනත් අයකු පත්කරගැනීම ජනපතිවරයාගේ අභිමතය වුව ද, තමන් පැමිණ සිටින්නේ සම්පූර්ණ ධූර කාලයම ගතකිරීමට බව අගමැති වික්‍රමසිංහ නොකියාම පවසා ඇත.පසුගිය සතියේ අනාවරණය වූ දේශපාලන යථාර්ථය එය විය.

ඉදිරියේ ඇති අභියෝග

විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කළ ද, දිගු ගමනක් අගමැතිවරයා ඉදිරියේ ඇත.ඔහු හමුවේ අවම වශයෙන් ඇති ප්‍රධාන අභියෝග තුනකි.පළමු වැන්න වන්නේ අහිමිව ගොස් තිබෙන බිම් මට්ටමේ සහයෝගය දිනාගැනීම සදහා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමය.

එසේවුව ද, එම කටයුතු සිදුකැරෙනු ඇති ආකාරය අපහැදිලිය.පක්ෂයේ මුල් පෙළ තනතුරුවලට වික්‍රමසිංහ හිතවත් අය පත්කැරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ බියට පත්ව සිටින්නෝ ය.පක්ෂයේ තරුණ සාමාජිකයන් අතර නොසන්සුන්තාවයට හේතුව තිබෙන ප්‍රධානම කරුණ මෙයයි. මෙවන් පුද්ගලයන් පක්ෂ නායකත්වය නොමග යවමින් සිටින බවට ඔවුහු චෝදනා කරන්නෝ ය. පසුගිය සෙනසුරාදා අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම අරලියගහ මන්දිරයේ දී රැස්වූ අතර, එහිදී විවිධ අදහස් පළවිය. මංගල සමරවීර, සරත් ෆොන්සේකා සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් අදහස් දක්වමින්, වික්‍රමසිංහ තවදුරටත් පක්ෂයේ නායකයා ලෙස සහ අගමැතිවරයා ලෙස කටයුතු කළ යුතු බව කියා සිටියහ.

එයට සියලුදෙනාගේ එකගත්වය පළවිය.පක්ෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම සදහා සාමාජිකයන් 11දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කැර ගැනින.එළැඹෙන 29 වැනිදා එක්සත් ජාතික පක්ෂ මුල් තනතුරු සියල්ලහි ධූර කාලය අවසන් වන අතර, එම තනතුරු සදහා පුද්ගලයින් පත්කිරීම වික්‍රමසිංහ සිදුකරනු ඇත.පක්ෂ මහලේකම්වරයා ලෙස කබීර් හෂීම් මහතාව නැවත පත්කිරීමට ඉඩ ඇත.පක්ෂ සභාපතිවරයා ලෙස තලතා අතුකෝරළ මහත්මියගේ නම යෝජනාවී තිබේ.දෙවැන්න වන්නේ, එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂ, මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය හෝ වෙනත් කරුණු මුල්කරගෙන විරෝධය නොදක්වන අවස්ථාවක - ඉදිරි සැප්තැම්බරයේ එන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරවීම සදහා පක්ෂය මෙහෙයවීමය.තෙවැනි සහ වඩාත්ම වැදගත් අභියෝගය වන්නේ තවත් මාස 18කින් එන ජනපතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමය.පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අත්පත් කරගත් සියයට 32.63ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යන පරිදි පක්ෂය සූදානම් කිරීමට අගමැතිවරයාට සිදුවනු ඇත.

ඔහු හමුවේ මෙවන් අභියෝගයක් ඇත්තේ සභාග රජයක කටයුතු කරන අතරම, ආර්ථික කටයුතු අරබයා සතුව තිබූ බලතල රැසක් ඔහුගෙන් ඉවත්කර තිබෙන වාතාවරණයකය. පැය 12කට ආසන්න කාලයක් පැවැති විශ්වාසභංග විවාදයේ දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ බහුතරය පක්ෂයේ අඩුලුහුඩුකම් තිබෙන බව පිළිගැනීම විශේෂ විය.ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යෑම ඔවුන්ගේ අවශ්‍යතාව විය.තවත් විශේෂත්වයක් වූයේ ජනපති සිරිසේනට සෘජුව ප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් වැළකී සිටීමය.එසේ වුවත් ව්‍යංගයෙන් එල්ල වූ ඉතාම දරුණු මට්ටමේ වාග් ප්‍රහාර නම් එමට විය.

                  

විශ්වාසභංගය පරාජය කිරීමේ උණුසුමත් සමග එළැඹි පසු දිනයේ දීම - බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ, අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු කණ්ඩායමක් ජනපති සිරිසේන හමුවට පැමිණියහ.විශ්වාසභංගයේ දී අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 16දෙන ඔවුන් දරමින් සිටින තනතුරුවලින් ඉවත් කළ යුතුය යන්න ඔවුහු ජනපතිවරයාට ඉදිරිපත් කළ පළමු ඉල්ලීම විය.

මෙතැන දී මතුවුනු ප්‍රධාන ගැටලුව වූයේ, එම ඇමැතිවරුන් රජය නියෝජනය කළේ වුව ද, විශ්වාසභංගයක දී තම ස්වාධීන මතය ප්‍රකාශ කළ නිසාවෙන් ඔවුනට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ හැකි ද යන්නය.ඔවුන්ට එසේ කටයුතු කිරීමට ඔවුන්ගේ නායකයාම අවසරය ලබා දී තිබීම ගැටලුව තවත් ව්‍යාකූල කළේ ය.“මට එහෙම කරන්න බැහැ“, ජනපති සිරිසේන අවධාරණය කළේ ය.පැමිණ සිටියෝ අතර මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, තලතා අතුකෝරල සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරු වූහ.සභාග රජය ඉදිරියටත් පවත්වාගැනීමට ජනපතිවරයා සහ අගමැතිවරයා එකග වුව ද, සාකච්ඡාව විරෝධතා සහ උණුසුම් විවාදයන්ගෙන් ගහනව, අවසන් තීරණයක් නොමැතිවම නිමාවට පත්විය.මෙවැනි සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට ද නියමිතය.ලබන බ්‍රහස්පතින්දාට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අලුත් අවුරුද්දෙන් පසුවට තෙක් කල්යන බව මෙහි අදහසයි.ඒ දක්වා, අර්බුද සහ නොසන්සුන්තාවන් මැද, දීගය ඉදිරියට යනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු 16දෙන ඔවුන් දරමින් සිටින තනතුරුවලින් ඉවත් කළ නොහැකි බවත්, එසේ කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් දුර්වල වනු ඇති බවත්, ජනපති සිරිසේන ඉදිරිපත් කළ තර්කය විය.එයට ඇත්තෙන්ම තිබෙන්නේ දුර්වල පදනමකි.අගමැතිවරයා සමග කටයුතු කිරීමට නොහැකි බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කළ කණ්ඩායමක්, දැන් පවසනුයේ තමන් අගමැතිවරයා සමග ඉදිරියටත් කටයුතු කිරීමට සූදානම් බවය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායන් ගැන ඉතාම භක්තිමත්ව අදහස් දක්වන ඔවුහු, හුදු බලලෝභය සහ කෑදරකම නිසාම තම තමන් දරන තනතුරුවලින් ඉවත් වීමට අකැමැති බව මෙහි දී ඉතාම පැහැදිලිය.එමෙන්ම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමේ දී ජනපති සිරිසේන එයට ලබා දී තිබෙන දායකත්වය ද එයින් පැහැදිලිව මතු වී පෙනේ.එනම්, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම එසේ කටයුතු කර තිබෙනුයේ, හදිසියේවත් අනපේක්ෂිත ප්‍රතිඵලයක් අත්වුවහොත්, අත්වූයේ ද එවැනි ප්‍රතිඵලයකි, තමන් ආරක්ෂිත බව දැන දැනමය.

මුජිබුර් රහුමාන් සහ ආශු මාරසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායමක් මෙම අමාත්‍ය පිරිසට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කරූ ජයසූරිය මහතාට භාරදීමට කටයුතු කර තිබීම ජනපතිවරයා කෝපයට පත් කර තිබින.සාකච්ඡාවේ දී අකිල විරාජ් අමාත්‍යවරයාට ඇගිල්ල දිගු කළ ජනපති සිරිසේන, ඔහුගේ පාර්ලිමෙන්තු කතාවේ දී තමන්ව විවේචනය කැරුනු ආකාරය තමා හොදින් අසා සිටි බව පැවසුවේ ය.සාකච්ඡාව අවසානයේ ජනපතිවරයා වෙත ගිය අකිල, දැෑත් එකතුකොට, “ආයුබෝවන් - මට සමාවන්න“ යැයි කීවේ ය.

අගමැතිවරයා ද එයට අනුමැතිය දැක්වූ අතර, වහාම එම විශ්වාසභංගය ඉවත්කර ගන්නා ලෙස දැනුම්දුන්නේ ය.එක්සත් ජාතික පක්ෂ නායකත්වය එයට අනුමැතිය ලබා දී නොමැති බව ඉන් පැහැදිලි විය.නමුත් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ අවසරය හිමිව තිබින.එයින්ම එහි අරමුණ පැහැදිලි විය.කුමන බාධා අවහිරකම් මධ්‍යයේ වුව ද, සභාග රජය ඉදිරියටත් පවත්වාගැනීම අගමැතිවරයාගේ අවශ්‍යතාවය විය.

සිරස මාධ්‍ය ජාලයේ මැදිරි සංකීර්ණයට එල්ලව තිබෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ද ජනපති සිරිසේන අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සාමාජික පිරිස හා අදහස් හුවමාරු කරගත්තේ ය.ජනපතිවරයා හා සිරස මාධ්‍ය ජාලය අතර පවතින හිතවත්කම රහසක් නොවේ.පැහැති රාජපක්ෂ රෙජීම සමයේ මෙන් මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම් සදහා අනුබල ලබාදීමට තමාගේ කිසිදු වුවමනාවක් නොමැති බව අවධාරණය කළ ජනපතිවරයා, සිදුවීම සම්බන්ධයෙන් පුලුල් පොලිස් විමර්ෂණයක් සිදුකිරීමට තමා නියෝග කර තිබෙන බව ද පැවසුවේ ය.

සිරිසේන හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ බෙදීමක්

එම බ්‍රහස්පතින්දා දිනයේම උදැෑසන, ජනපති සිරිසේන විශ්වාසභංගයට පක්ෂව පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු 16 දෙනා හමුවිය.

“ඔයගොල්ලෝ කරපු දේ හරි, අපි එකට ඉන්න ඕනේ.“ යැයි ඔවුන් හමුවේ පැවසූ ජනපතිවරයා, කිසිවෙකුත් ඉල්ලා අස්නොවිය යුතුයැයි කීවේ ය.විශ්වාසභංගයේ දී තමන් රිසි පරිදි කටයුතු කිරීමේ අවසරය ජනපතිවරයා මුල් අවස්ථාවේදීම තමන් හිතැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ලබා දී තිබූ බව සදහන් කළ යුතුය.එසේවුවත්, විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ මෙම කණ්ඩායමෙන් ඇතැමෙක් ඉදිරියේ දී විපක්ෂයේ අසුන්ගනු ඇතැයි අපේක්ෂිතය.වෙනම පැවැති තවත් සාකච්ඡාවක දී ජනපතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු පිරිස සමග ද අදහස් හුවමාරු කරගත්තේ ය.

ඡන්දය භාවිතා කළ, නොකළ සියල්ල එක්සත්ව එක්ව වැඩකටයුතු කළ යුතුව තිබෙන බව ජනපතිවරයා පැවසුවේ ය.රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනයෙන් අඩකඩ වඩා වැඩි පිරිසක් වන විශ්වාසභංගයට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියෝය. එසේ කිරීමෙන් අගමැතිවරයා ඔහුගේ තනතුරින් ඉවත් කිරීමට තමන්ගේ කැමැත්තක් නොතිබූ බව පෙන්වා දී තිබීම මෙහිදී ඉතාම වැදගත්ය.එවැනි වුවමනාවක් තිබූ ජනපතිවරයා, මුල් අවස්ථාවේ දී තනතුරින් ඉවත්වන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ, පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ පරාජය ඔහු පිට දැමීමේ අරමුණ පෙරදැරිවය.එහෙත් එය සාර්ථක නොවීය.එසේ ඉල්ලීමක් සිදුකිරීමට ප්‍රථමයෙන් ජනපතිවරයා, ඒ අරබයා තම පක්ෂයේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් පවත්වා නොමැති බව ද පැහැදිලිය.

ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි (ඇත්තෙන්ම පාර්ලිමෙන්තු සභා ගර්භයේ පවා නොසිටි) ඇතැමෙක්, එසේ කටයුතු කර තිබෙන්නේ විශ්වාසභංගයේ ජයග්‍රහණයකින් ලබන ගෞරවය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය වෙත හිමිවීමට අකැමැති නිසාවෙනි.එවන් වාතාවරණයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ අධිකාරීත්වයක් රාජපක්ෂට හිමිවනු ඇතැයි ඔවුහු බිය වූහ.තවද, විශ්වාසභංගය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලට තම කොළඹ පිහිටි නිවස වෙන්කර දුන් අමාත්‍ය මහින්ද අමරවීර ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේ ය.විශ්වාසභංගයට අත්සන් තැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා, ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමෙන්තු සභාගැබෙහි පවා නොසිටීම කැපී පෙනින.

අගමැති වික්‍රමසිංහට එරෙහිව පෙනී සිටීමට පැහැදිලි ලෙසම අකමැති වූ පිරිසක් ද ඔවුන් අතර වූහ.ඒ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් කොටස්වලට බෙදී තිබෙන බව පැහැදිලි විය.කොටසක් අගමැතිවරයාට පෙනී සිටින්නෝ ය.අනෙක් කොටස අගමැතිවරයාට පක්ෂව පෙනී සිටින්නෝ ය.මෙම තත්ත්වය පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේ දී සියයට 13ක් වැනි ඉතාම සුලු ඡන්ද ප්‍රතිශතයක් අත්කරගැනීමට සමත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරියේ එන පළාත් පාලන, ජනපතිවරණ හා පාර්ලිමෙන්තු මැතිවරණ අරබයා ඉතාම බරපතල තත්ත්වයක් නිර්මානය කර තිබෙන බව රහසක් නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද 80 දශකයේ වාමාංශික දේශපාලන පක්ෂවලට අත්වූ ඉරණම හා සම ඉරණමක් අත්වේ ද, නැතහොත් පක්ෂය ගොඩගැනීමට පැහැදිලි සැලැස්මක් ජනපති සිරිසේන සතුව තිබේ ද, යන්න මෙහිදී මතුවන ගැටලුය.මෙම අර්බුදය හමුවේ ජනපති සිරිසේන තවදුරටත් පක්ෂයෙන් හුදකලාව ගොස් තිබේ.විශ්වාසභංග පරාජය ඉදිරියේ පැහැදිලිව තිබෙන තවත් යථාර්ථයකි.එනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් ඒකාබද්ධ විපක්ෂය හා එකගතා ඇතිකරගැනීම සදහා තිබූ අවකාශය පැහැදිලි ලෙසම වියැකී යාමය.මේ සියල්ල සැලකිල්ලට ගැනීමේ දී, විශ්වාසභංගයේ සැබෑ පරාජිතයා ඒකාබද්ධ විපක්ෂය නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ය.

ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා

විශ්වාසභංගය පරාජයට පත්වීම ඒකාබද්ධ විපක්ෂයට එල්ල වූ අතුල් පහරක් බව ජනතාවගේ මතයයි.මුල් අවස්ථාවේ සිටම අනිවාර්යය ජයග්‍රහණයකින් ඔද වැඩී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ජනතාව හමුවේ පුන පුනා පවසා සිටියේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය වන ඉලක්කම් ප්‍රමාණය තමන් සතුවන බවය.ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එය තවත් දුරකට ගෙන යමින්, ඉතාම අසීරු අවස්ථාවක වුව ද, වැඩි ඡන්ද 7කින් විශ්වාසභංගය ජයග්‍රහණය කරන බව පැවසුවේ ය.අවසන ඔවුන්ගේ ඉලක්කම් ශාස්ත්‍රය පුස්සක් බවට පත්කරමින් විශ්වාසභංගය පරාජයට පත්විය.

එයත් සමග ඔවුන්ගේ චෝදනාව එල්ල වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයටය.පොරොන්දු වූ මනාප ප්‍රමාණය දිනා දෙන්නට ඔහු අපොහොසත් වූ බවට ඔවුහු චෝදනා කළෝ ය.කෙසේ කීව ද, එක්සත් ජාතික පෙරමුණ එක්සත්ව සිටින්නේ නම් (විශ්වාසභංගයේ දී සිදුවූ අයුරින්) එය ඡන්ද 106ක බලයකින් සමන්විතය.එනම් ගණිතමය අයුරින් සැලකුවහොත්, කුමන අවස්ථාවක වුව ද විශ්වාසභංගයට උරුමව තිබූයේ පරාජයමය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු වන, එස්.බී.දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ඒකාබද්ධ විපක්ෂයේ නවතම ගොදුරු බවට පත්ව සිටිති.

“මනාප ගණන තමන් සතු බවත්, එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් පවා ඔවුන් සමග සිටින බවත්, ඔවුන් අප සමග නැවත නැවතත් පවසා සිටියා,“ නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයෙක් පැවසුවේ ය.මෙම හතරදෙනාගේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය හා එකගතා ඇතිකරගැනීමට තරම් බලයක් තිබීම එක දෙයකි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ුවෙනුවෙන් ඔවුන්ට එසේ කටයුතු කිරීමට අවසරය දුන්නේ කවුද?, සැගවුනු අත කාගේද?, ජයග්‍රහණයට පියවරුන් රාශියක් සිටිය ද, පරාජය අවජාතකය යන කියමන අන් කවරදාටත් වඩා හොදින්ම පැහැදිලි වන්නේ මෙම වාතාවරණයේදීය.

කෙසේවුවද, ඒකාබද්ධ විපක්ෂයට වාසි සහගත වූ සිදුවීම් කිහිපයක් ම විශ්වාසභංග විවාදයේ ප්‍රතිඵලයක් ලෙස සනිටුහන් විය.පළමුවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් බෙදී තිබෙන බව පැහැදිලි වීමය.එක් පාර්ශවයක් රනිල් හිතවත්ය.අනෙක් පාර්ශවය ඔහුට එරෙහිය.ඡන්ද 122ක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංගය පරාජයට පත්කරමින්, පක්ෂයේ පදනම තවමත් ශක්තිමත් බව පැහැදිලිව පෙන්වා දුන්න ද ඒ හාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලු මතුව තිබෙන බව පසක් වීම ඒකාබද්ධ විපක්ෂය ලත් ජයග්‍රහණයකි.විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු 16දෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය, එය ඉවත් කරගැනෙන්නේ වුව ද, පක්ෂ දෙක අතර අර්බුදය සමනය කරන්නක් නොවේ.

එය ද ඒකාබද්ධ විපක්ෂයට වාසියකි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන ජනපති සිරිසේන පවසා තිබෙන්නේ අද (9) පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ දී සාකච්ඡාවට ගැනෙන බවය.අවසානයට ඒකාබද්ධ විපක්ෂයට වාසිදායක තත්ත්වයක් සැලසුනේ විශ්වාසභංග විවාදයේ දී මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වූ ඉතාම වැදගත්, ප්‍රබල අනාවරණයන්, විශ්වාසභංග විවාදය සජීවීව රට පුරා ප්‍රචාරණය වීම නිසාවෙන්, කවරදාවක් නොවූ පරිද්දෙන් ජනතාව අතරට යෑමත, ඔවුන්, විශේෂයෙන් බිම් මට්ටම, ඒ සම්බන්ධයෙන් හොදින් දැනුම්වත්වීමත් හමුවේය.

විශ්වාසභංගය ගැන රාජපක්ෂගේ අදහස

විශ්වාසභංගය සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙසට සන්ඬේ ටයිම්ස් කළ ඉල්ලීමකට ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රතිචාර දැක්වූයේ මේ අයුරිනි.

“අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක මුල් පියවර තැබුවේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්.අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කටයුතු භාරගත්තා.අපි ජනපති සිරිසේන සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.ඒ මම විතරක් නොවෙයි.අප සමග අදහස් හුවමාරු කරගන්නට ජනපතිවරයා ඔහුගේ අය අප වෙත එවුවා.විශ්වාසභංගය සදහා ජනපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙන බවයි ඔවුන් සමග කළ සාකච්ඡාවලින් අපට නම් ඒත්තු ගියේ.ඒ සදහා සහයෝගය ලබාදෙන ලෙසත්, ඉතිරිය ඔවුන් දිනාගන්නා බවත්, අපට කීවා.අප ඒ අයුරින් කටයුතු කළා.මම පසුගිය සතියේ කියූ ආකාරයටම, අපේ මිනිස්සු විශ්වාසභංගයට අත්සන් කළා, ඉතිරිය භාරවුනේ ජනපතිවරයාට.අපේ අය රජය සමග සාකච්ඡා පැවැත්වුවා.ඒවායේ මුල් තැන ගත්තේ රජයේ ඉන්න අයමයි.ඔවුන් අපේ උදව් ඉල්ලා සිටියා, ඉතින් අපි ඔවුන්ට උදව් කළා.නමුත්, මේ කුමක් කළත්, කිසිම තනතුරක්, අමාත්‍යංශයක් හෝ, භාර නොගන්නා බව අපි අවධාරණය කළා.“

එහෙත් ජනපති සිරිසේන සිකුරාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ මෙවැන්නකි.
“විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නොයෙක් මත පලවෙලා තිබෙනවා.ඇතැම් අය එයට මාවත් ඈදා තිබෙන බව මට දැකගන්නට පුලුවන් වුනා.කට්ටියක් මම එයට උදව් කළා කියද්දී තවත් කට්ටියක් කියනවා මම ඒ කිසි දෙයක් කළේ නැහැ කියා.“

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා කොට්ඨාසයක් ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ කොට්ඨාසයක්, විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාමූහික එකගතාවක් ඇතිකරගෙන තිබූ බව ඔහු පැවසුවේ ය.
“විපක්ෂය ලෙස කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමක් මාව හමුවන්නට පැමිණියා.බහුතරය පෙන්වා නව අගමැතිවරයකු නම් කිරීමේ හැකියාවක් තිබෙන බව ඔවුන් කීවා.ඒ බහුතරය පෙන්වන්න, ඒ අනුව මම ව්‍යවස්ථානුකූලව කටයුතු කරනවා කියා මම ඔවුන්ට කීවා.දැන් ඔයගොල්ලෝ සියල්ල දන්නවා විශ්වාසභංගය ගැන. 
“ ජනපතිවරයා කීවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි බෙදීමක් සිදුව තිබෙන බව පෙන්වා දුන් මාධ්‍ය හමු දෙකක්, බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වින.එම මාධ්‍ය හමු දෙකහිදීම, එයට එක්ව සිටියෝ විශ්වාසභංගය කෙරේ ජනපතිවරයාගේ කිසිදු දායකත්වයක් නොතිබූ බව අවධාරණය කිරීම විශේෂ විය.

එක් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ඡන්දය විමසන අවස්ථාවට සහභාගී නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වූ මහින්ද සමරසිංහ, සරත් අමුණුගම සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුන්ය.මෙම තීරුවෙන් පසුගිය වකවානුවේ අනාවරණය කළ කරුණු සහතික කරමින් අදහස් දැක්වූ ඔවුහු, විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ හෝ මධ්‍යම කාරකසභාවේ සාකච්ඡාවක් නොපැවැති බව කියා සිටියෝ ය.අනෙක් මාධ්‍ය හමුව පැවැත්වූයේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වූ දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි සහ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ය.

“අප ඡන්දය ප්‍රකාශ කළේ හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ අපට ලබා දී තිබූ නිදහස මත.ඡන්දය ප්‍රකාශ කිරීමේ දී කුමක් වුවත්, කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කරමින් ජනපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම තමයි අපගේ අරමුණ.අප කිසිවකුට එරෙහිව විනය පියවර ගතයුතුව තිබෙනවාය කියා මා සිතන්නේ නැහැ.“ සමරසිංහ පැවසුවේ ය.විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණෙන මෙන් ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යටතේ වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට දැනුම්දුන් බවත්, එහෙත් එසේ එකගතාවයකට පැමිණිය නොහැකි වූ බවත්, අමාත්‍යවරයා කීවේ ය.

“විශ්වාසභංගයේ දී කුමක් වුවත්, රටේ නායකයා ලෙස අප්‍රේල් 5 වැනිදා සිට ඉදිරියටත් කටයුතු කිරීමට සිදුවන බව ජනපතිවරයා කීවා.පක්ෂයක් තෝරාගැනීමටවත්, මේ කටයුතුවලට හවුල්වීමටවත්, ඔහුට හැකියාවක් තිබුනේ නැහැ.ඒකාබද්ධ තීරණයක් ගන්නා ලෙසයි ඔහු අපට කීවේ.අන්තිම ප්‍රතිඵලය විශ්ලේෂණය කළොත්, රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු බහුතරයක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා ඔබට දැකගන්නට පිළිවන්.එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් සහ මුත්තු සිවලිංගම් හැරුණහම, අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු 39 දෙනෙක් සිටිනවා.ඒ අතරින් බහුතරය, ඒ කියන්නේ 23 දෙනෙක්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නට තීරණය කර තිබෙනවා.“ අමාත්‍ය සරත් අමුණුගම පැවසුවේ ය.

අනෙක් පාර්ශවය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැහැදිලිව කියා සිටියේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනපති සිරිසේන කිසිදු උපදෙසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා නොදුන් බවය.

“නමුත් ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා.ඒ වගේම ඔහුව දැනුම්වත් කළා.ඇතැම් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයනුත් ඒ වෙනුවෙන් පෙනී සිටියා.විශ්වාසභංගය පරාජයට පත්වීම ජාතික රජය ඉදිරියට ගෙන යන්නට බාධාවක් නොවෙයි.“

මෙම දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ අදහස් සැළකිල්ලට ගැනීමේ දී පැහැදිලි වන්නේ විශ්වාසභංගය ඉදිරිපත් කිරීම අරබයා ජනපති සිරිසේනගේ කිසිදු මැදිහත්වීමක් තිබී නොමැති බවය.සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේ දී ඔහුම කියා සිටියේ ද එයමය.විශ්වාසභංගයෙන් තමන් ඉවත් කරගැනීමෙන් ජනපතිවරයා එක්සත් ජාතික පක්ෂයට ද පණිවුඩයක් ලබා දේ.එනම්, විශ්වාසභංගයට තමාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත්, ජාතික රජය ඉදිරියට ගෙන යෑමට තමා කැමැති බවත්ය.මේ හේතුව නිසාවෙන්ම අගහරුවාදාට යෙදී තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල්දැමීමට ඔහු තීරණය කර තිබේ.මේ සියල්ල හරහා ජනපතිවරයා පැහැදිලිව පෙන්වා දී තිබෙන්නේ විශ්වාසභංගයට වගකිව යුත්තේ තමන් නොව අනෙක් අය බවය.

විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනපති සිරිසේන කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් සිදුනොකළ බව පවසා සිටිය යුතුමය.නමුත් ගැටලුව වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස ඔහුගේ අධිකාරීත්වය අනුව කටයුතු නොකර සිටීමෙන්, විශ්වාසභංගයට පක්ෂව පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයට එම කටයුතු ඉදිරියම ගෙන යෑම සදහා ඔහු වක්‍ර අනුබලයක් ලබා දුන්නේ ද යන්නය.ජනපතිවරයා එසේ කටයුතු කරන්නට ඇත්තේ ඔහු විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.නමුත් තමන්ගේම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරපත් වීම වළක්වාලීමට ඔහුට සැබෑ අවශ්‍යතාවයක් තිබුනේ නම් එහි කිසිදු කටයුත්තක් සදහා දායකත්වය ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වෙත නියෝගයක් නිකුත් කිරීමට ඔහුට හැකිව තිබින.පෙබරවාරි මස 11 වැනිදා තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ඔහුම අගමැතිවරයාට දැනුම්දීම, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ වෑයම තවත් කුලු ගැන්වීය.එසේ නියෝගයක් නිකුත් කළේ නම් ජනපති සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් බෙදීමක් සිදුවීම වළක්වා ගත හැකිව තිබූ අතර, අද එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද ඔහු කෙරේ දනවා තිබෙන අවිශ්වාසයෙන්, ගැලවී ගැනීමට ද, හැකිව තිබින.

සමස්ත සිදුවීම් දාමය හරහා එක්සත් ජාතික පක්ෂය කෙරේ අතිශය සැකකටයුතු ආකල්පයකින් කටයුතු කිරීමට ජනපති සිරිසේන යොමුව ඇත.අගමැතිවරයා ඉවත් කිරීමට ඉදිරිපත් කැරුනු විශ්වාසභංගය පරාජයට පත්වීමත්, එම විශ්වාසභංගයට තමාගේ කිසිදු දායකත්වයක් නැතැයි නැවත නැවතත් පවසමින් එයින් ඉවත් වීමට ඔහු ගන්නා උත්සාහයත්, මේ බව ජනතාවට ක්‍රමයෙන් පසක් කර දෙමින් තිබේ.

මෙම සැකය පසුගිය සදුදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම් හමුවේදී කරළියට පැමිණියේ ය.අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් නොයෙක් අදහස් හුවමාරු වූ අතර, හඩ අවදි කළ ජනපති සිරිසේන,

“ඔය කිසිම දෙයකට මාව ගාවගන්න එපා. ඔබ තීරණයක් ගන්න.“ මම පක්ෂයක් නොවෙයි. යැයි පැවසුවේ ය.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ තනතුරින් ඉල්ලා අස්වන ලෙසට අගමැතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකිරීමට එකගතාවක් ඇතිකර ගත්හ.එය විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට තරම් ශක්තියක් තම කණ්ඩායමට නොමැති බව ඒ වන විටත් හදුනාගෙන තිබූ බවට වූ සංඥාවක් වැන විය.අනතුරුව කොස් ඇට බෑවීමට සුදුසු බළලා කවුරුන්දැයි ඔවුහු විමසූහ.කාරිය පැවැරුනේ, අගමැති තනතුරට සුදුසු යැයි වරක් අදහස් පළව තිබූ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාටය.නමුත් ඔහුද ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබෙහි නොසිටියේ ය.

අගහරුවාදා කැබිනට් හමුව අවසාන වූ පසු එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය කණ්ඩායමෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් මදක් රැදී සිටින ලෙස ඉල්ලීමක් කැරින.අනතුරුව පැකිළෙමින් හඩ අවදි කළ ද සිල්වා,
“අපට ඔබ කෙරෙහි කිසිදු පෞද්ගලික ආරෝවක් නැහැ. නමුත් අප, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා ඔහු අගමැතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට.“ යැයි කීවේ ය.

“ඇයි මෙහෙම දෙයක් ඔබලාට වුවමනා ?“ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විමසුවේ ය.ද සිල්වා වෙනුවෙන් ඊට පිළිතුරු දුන්නේ ලක්ෂමන් සෙනෙවිරත්න මහතාය.එයත් සමග එකක් පසු පස එකක් පැන නැගෙන්නට විය.
“මේ ගැන අපි කතා නොකර ඉමු.මට කිව්වේ පණිවුඩය දෙන්නට විතරයි.“ යැයි කියා සිටි ප්‍රවාහන අමාත්‍යවරයා සාකච්ඡාව අවසන් කළේ ය.

තනතුරින් ඉල්ලා අස්වන ලෙසට අගමැතිවරයාට දැනුම්දීම සහ නිමල් සිරිපාල ද සිල්වා එම පණිවුඩය ලබා දීම සභාග රජයක පිළිගත් පිළිවෙතට පටහැනිය.එය ඉතාම පැහැදිලිව පාර්ලිමෙන්තු කණ්ඩායමක ක්‍රියාකාරීත්වය ඉක්මවා යන්නක් වන අතර, එවැනි දැනුම්දීමක් සිදුකළ යුත්තේ පක්ෂ නායකයා, එනම් මෙම අවස්ථාවේ දී ජනපතිවරයාය.එක්සත් ජාතික පක්ෂය සමග ඇති සම්බන්ධතාවය බිද දැමීමට තීරණය කර, ඒ සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු කණ්ඩායමේ සහ පක්ෂයේ ප්‍රතිපත්ති සකස් කිරීමේ ව්‍යුහය වන මධ්‍යම කාරකසභාවේ අදහස් විමසා, එය එක්සත් ජාතික පක්ෂය වෙත දැනුම්දීමට ඔහුට හැකිව තිබින.එසේ කළේ නම්, එවැනි තීරණයක් වඩා බලවත් වන්නටත්, ඇතැම් විට දේශපාලනික තර්ජනයක් ලෙස භාවිතා කරන්නටත් - විශ්වාසභංගය එනකම් හිටියොත් නම් පරාජය සහතිකයි - හැකිවන්නට තිබින.

නමුත් යථාර්ථය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට තරම් ශක්තියක් නොතිබීමය.මෙම සමස්ත ක්‍රියාවලියේ අපහැදිලිම කොටස මෙයයි.විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සදහා, බහුතරය එයට අකැමැති වුව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ ශක්තිය යෙදැවින.අවසන එයින් අත්වූ ප්‍රතිඵලයක් නැත.එසේ නම්, එය දැන දැනම මෙවැනි දෙයක් සිදුකළේ කවුරුන් වෙනුවෙන් ද?

දෙමළ නියෝජනය

එම සදුදා දිනම අගමැතිවරයා ප්‍රමුඛ ජේ්‍යෂ්ඨ දේශපාලන නායක කණ්ඩායමක් ජනපතිවරයා හමුවට පැමිණියහ.විශ්වාසභංගයට සහාය දැක්වීමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දෙන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටීම ඔවුන්ගේ අරමුණ විය.සාකච්ඡාව අතරතුරු අදහස් දැක්වූ ජනපතිවරයා විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට දෙමළ සන්ධානයේ සහාය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය දරමින් සිටින වෑයමට දකුණේ වැඩි පිළිගැනීමක් හිමි නොවනු ඇති බව පැවසුවේ ය.වහාම ඊට පිළිතුරු දුන් මංගල සමරවීර අමාත්‍යවරයා, උතුරේ ඇතුලු සමස්ත දෙමළ ජනතාවගේ සහාය නිසා නොවන්නට පසුගිය ජනපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි වන්නට තිබූ බව පැවසුවේ ය.

මෙම පුවත ක්‍රමයෙන් පතල වන්නට ගත් අවස්ථාවේ සිට, විශේෂයෙන් දෙමළ බහුතරය වාසය කරන ප්‍රදේශයන්හි, ජනපති සිරිසේන අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දුන්නේ ය.දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ඊට දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් ප්‍රතිචාර දැක්වූහ.දෙමළ ජනතා සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සමග වහාම හමුවක් කැදවූ ජනපතිවරයා, තම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළේ ය.නමුත් විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ලබාදීමට දැනටමත් තීරණය කර අවසන් බවට දෙමළ ජාතික සන්ධාන නායකයා ජනපතිවරයාට දැනුම්දුන්නේ ය.

අගමැතිවරයා සමග පැවැති හමුව අවස්ථාවේ දී ජනපතිවරයා අදහස් දක්වමින්, විශ්වාසභංගයේ ප්‍රතිඵලය කුමක් වුව ද, එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී විද්‍යාත්මක පදනමක සිට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට තමන් සැළසුම් කර තිබෙන බව කීවේ ය.අගහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට මත්තෙන් නැවත වරක් අගමැතිවරයා හමුවූ ජනපති සිරිසේන, විශ්වාසභංගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉවත් කරගැනීමෙන් හැකියාවක් තමන්ට නොමැති බව පැවසුවේය.ඔවුන් ස්වකැමැත්තෙන් එම කටයුත්තෙහි නිතරව සිටින බව ජනපතිවරයා පැහැදිලි කළේ ය.

එදින රැයේ ජනපති සිරිසේන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ අමාත්‍ය පිරිසක් අතර හමුවක් ජනපති නිල නිවසේ දී පැවැත්වින.ඔවුහු එහි පැමිණ සිටියේ ඡන්දය භාවිතා කිරීමෙන් තමන් වැළකී සිටින බව ජනපතිවරයාට දැනුම්දීමටය.විශ්වාසභංගයේ දී කටයුතු කළ හැකි ආකාරයන් ද්විත්වයක්, එනම් ඡන්දය ලබා දීම, ඡන්දය ලබා නොදීම, ඇති බව පෙන්වා දුන් ජනපතිවරයා කෙසේවුව ද, කටයුතු කළ යුත්තේ කෙසේදැයි තමන්ට කැමැති පරිදි තීරණය කළ හැකි බව පැවසුවේ ය.සාකච්ඡාව පැවැත්වෙමින් තිබිය දී එස්.බී.දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරු එහි පැමිණියහ.විශ්වාසභංගය සම්මත කිරීම සදහා අවශ්‍ය තරම් මනාප සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකි බව දිසානායක අනාවරණය කළේ ය.විශ්වාසභංගය පරාජය වන බව නිල වශයෙන් සදහන් වූ ප්‍රථම අවස්ථාව එය විය.විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවට ජනතාව ඉදිරියේ උදම් ඇනූයේ දිසානායක, ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල සහ ඩිලාන් පෙරේරා යන සිව්දෙනය.

“පාර්ලිමෙන්තු කණ්ඩායමේ දී අපි මුලින්ම තී



අදහස් (2)

අගමැති දැන් ස්ථාවරයි සම්මුති ආණ්ඩුව දිගටම

Bamunuarachchi Wednesday, 11 April 2018 10:43 AM

කොහෙද හලෝ ස්ථාවර? දැන් මහජන ඡන්දයක් තියන්නකෝ යාලුවා ගෙදර යනහැටි බලන්න...

:       22       486

Sapumal. Saturday, 14 April 2018 01:06 PM

අගමැති රනිල් මහතා ස්ථාවර බව විශ්වාස බංගය පරාජ කිරීමෙන් ඔහු ඔප්පු කළා. එය ඔහුගේ දක්ෂකම. ඒකාබද්ද විපක්ෂය ඒ නිසාම තමන් ප්‍රාදේශීය මැතිවරණයේදී ලැබූ ප්‍රථිපලය රට ඉදිරියේ පසු බෑමට ලක්වුනා. මෙය මහින්ද මහතා වටේ සිටින අය නිසයි සිදුවුනේ. යම් හෙයකින් බංගය පැරදුනහොත් එජාපය නව ජවයකින් ඉදිරියට යන බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබුණා. දැන් සිදුවෙමින් පතින්නේ එයයි.

:       117       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 117 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 220 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 340 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 68 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 521 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 285 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site