IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


20 ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

 

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

ඉදිරියේ එන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලට වෙන් වෙන්ව තරග කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සැලසුම් සකස් කරමින් සිටී.බොහෝ විට ප‍්‍රථමයෙන් පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණයයි.

මෑත සමයේ පැවැති මැතිවරණවල දී එකිනෙකා වෙනුවෙන් පෙනී සිටි රටේ ප‍්‍රධාන පක්ෂ දෙක දැන් ඔවුනොවුන්ගේ ගමන් මගෙහි යාමට සූදානම් වන්නේ රජය බලයට පත්ව ප‍්‍රථම වතාවටය.

2015 ජනපතිවරණයේ සහ පාර්ලිමෙන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලයක් ලෙස රටේ ගොඩනැගුනු දේශපාලන වාතාවරණය බලවත් තෙවැනි පාර්ශවයකට ද සකී‍්‍රය දේශපාලන ප‍්‍රවාහයකට එක්වීමට මාර්ගය පාදා දුන් අතර, එම පාර්ශවය ද පැවැත්වීමට නියමිත මැතිවරණවලට ඉදිරිපත් වීමේ සූදානමින් පසුවේ.

වසර දෙක හමාරක යහපාලන අරබයා ජනතාවගේ අනුමැතිය එදා මෙන් වර්තමානයේ ද එළෙසම පවතී යැයි රජයේ ප‍්‍රධාන දෙපාර්ශවයේ අදහස වන අතර, එය විමසා බැලීමට හැකි වනු ඇත්තේ ද මෙම මැතිවරණවලින්ය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණය සදහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමෙන් පසුවන අතර, එක්සත් ජාතික පක්ෂය - එම පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් යුතු වන එක්සත් ජාතික පෙරමුණ නැවත ශක්තිමත් කිරීමේ කටයුතුවල නිරතව සිටී.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම, දේශපාලන කරළියට අභිනවයෙන් පිවිසෙන තෙවැනි පාර්ශවයයි.ශී‍්‍ර ලංකා ජනතා පක්ෂය නම් මෙම තෙවැනි කණ්ඩායමෙහි නායකයා ඔහු වුව ද, පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් යුතු සන්ධානයක් පිහිටුවා, ඒ යටතේ වෙනත් නමකින් මැතිවරණ තරග බිමට එළැඹීමට මේ වන විට සාකච්ඡා කැරෙමින් පවතී.ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර මැතිවරණයේ අවධානය දිනාගෙන සිටින පාර්ශවයක් වන අතර, දිවයින පුරා විහිදුනු බලයක් නොමැති වුවද, බොහෝ දිස්ති‍්‍රක්කවල ඔවුන්ටම වෙන්වූ ඡන්ද පදනමක් ජනතා විමුක්ති පෙරමුණට හිමිය.මෙවර මැතිවරණයක් නොපැවැත්වෙතත්, උතුර තවමත් පවතින්නේ දෙමළ ජාතික සන්ධානයේ ආධිපත්‍ය යටතේය.ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට නැගෙනහිර ප‍්‍රදේශයේ යම් බලයක් හිමි අතර, එම ප‍්‍රදේශය මෙවර මැතිවරණය පැවැත්වෙන ප‍්‍රදේශයකි.

ගෙවුනු සතියේ මෙම පාර්ශව මෙන්ම මැතිවරණ කොමිසම ද අවධානයෙන් සිටියේ යෝජිත 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන්ය.

ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් - අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්, විනිසුරු අනිල් ගුණරත්න සහ විනිසුරු විජිත් මලල්ගොඩ, යන මහත්වරුන් යටතේ විමසුමට ලක් කැරුනු 20වැනි සංශෝධනය පිළිබද ඔවුන්ගේ තීරණය සදහන් වන ලියැවිල්ල මුද්‍රා තබන ලද කවරයක බහා කතානායකවරයා වෙත ද, එහි පිටපතක් ජනපතිවරයා වෙත ද, මේ වන විට ලබා දී අවසන්ය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමට දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන 20ඒ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 23කට අධික සංඛ්‍යාවක් විමසුමට ලක්කිරීමට විනිසුරු මණ්ඩලය කටයුතු කළ අතර, දැනගැනීමට හැකි වූ අයුරින් 2ට 1ක් වන ඔවුන්ගේ තීරණය, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් දකුණු කොරියාවට සහ එතැන් සිට අගවිනිසුරු සමුලූවකට සහභාගීවීම සදහා ජපානය බලා යෑම සදහා දිවයිනෙන් පිටත් වීමට පැය කිහිපයකට ප‍්‍රථමයෙන් කතානායකවරයා හා ජනපතිවරයා වෙත ලබා දී තිබේ.

20ඒ හි අන්තර්ගතය

සමස්තයක් වශයෙන් 20ඒ සංශෝධනයෙන් ප‍්‍රධාන කොටම අවසරය ලබාදෙනුයේ සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක දී පැවැත්වීමටය.මීට අමතරව සංක‍්‍රාන්තිමය අවසරයක් හරහා හිමිවන බලයක් ප‍්‍රකාරව එක් නිශ්චිත දිනයක දී සියලූම පළාත් සභා විසිරුවා හැරීමට පාර්ලිමෙන්තුවට හැකියාව ඇත.අවසන් වතාවට පැවැති මැතිවරණයෙන් බලයට පත් පළාත් සභාවක ධූර කාලය ඉක්මවීමට මත්තෙන් මෙම දිනය නියම කළ යුතු වන අතර, කිසියම් අවස්ථාවක යම් පළාත් සභාවක ධූර කාලය එසේ නියම කරන දිනයට ප‍්‍රථමයෙන් අවසාන වන්නේ නම්, එම පළාත් සභාවේ ධූර කාලය එම දිනය දක්වා දීර්ඝ කිරීම සදහා ද අවසරය 20ඒ යටතේ හිමිකර දී ඇත.කිසියම් පළාත් සභාවක් එහි ධූර කාලයට ප‍්‍රථමයෙන් විසිරුවනු ලැබුවහොත් එම පළාත් සභාවේ බලතල පැවරෙනුයේ පාර්ලිමෙන්තුවටය.

දැනට නියැළී සිටින බි‍්‍රතාන්‍යය නිල සංචාරය අවසන් කර, එහි සිට අනගාරික ධර්මපාලතුමාගේ 153වැනි ජන්ම දින සැමරුම් අවස්ථාවට සහභාගීවීම සදහා බුද්ධගයාවට ද, එතැන් සිට යළි දිවයිනට ද පැමිණීමට නියමිත වූ කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පාර්ලිමෙන්තුව අමතමින් 20ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිතය.20ඒ අරබයා කුමන ආකාරයේ තින්දුවක් ලැබී ඇතිදැයි දේශපාලන පක්ෂ තම තමන් අතර දැනටමත් පුලූල් ලෙස සාකච්ඡා කරමින් සිටී.

20ඒ සම්මත කරගැනීමට නම් පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයක් පැවැත්වීමට ද අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතිදැයි යන්න මෙම සාකච්ඡාවල අවධානයට ලක්ව තිබෙන ප‍්‍රධාන කරුණකි.

 

පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දී තිබෙන ආකාරයට, මැතිවරණය පැවැත්වීමට නියම කැරෙන නිශ්චිත දිනයට පෙර කිසියම් පළාත් සභාවක ධූර කාලය අවසන් වන අවස්ථාවක - එම දිනය දක්වා එම පළාත් සභාවේ ධූර කාලය දීර්ඝ කිරීම සදහා ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට සිදුකිරීමට යන සංශෝධනය, අදාළ පළාතෙහි ජනතාව එම පළාත් සභාව වෙනුවෙන් ලබාදුන් ජනවරමට පටහැනිය.වසර පහක ධූර කාලයක් සදහා ජනවරමක් ලැබී තිබෙන අවස්ථාවක, පාර්ලිමෙන්තුවේ මැදිහත්වීමෙන් එම ධූර කාලය දීර්ඝ කිරීමට අවසරය ලබා දී තිබීම, එම ජනවරමට පිටුපෑමක් බවට ඔවුන් තර්ක කර ඇත.වත්මන් ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක ධූර කාලය දීර්ඝ කිරීමට කිසිදු අවසරයක් නොමැති බවත්, ධූර කාලය ගෙවීමට ප‍්‍රථමයෙන් පළාත් සභාවක් විසිරුවා හැරීමේ බලය ඇත්තේ ආණ්ඩුකාරවරයා අත පමණක් බවත්, පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

20ඒ සකස් කර ඇත්තේ දේශපාලන අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් පමණක් බවත්, එය රජයේ වුවමනාවන් වෙනුවෙන් ව්‍යවස්ථා ප‍්‍රතිපත්තීන් බිල්ලට දීමේ වෑයමක් බවත් ඇතැම් පෙත්සම්කරුවන්ගේ චෝදනාව විය.20ඒ සම්මත කරගැනීමට සහ එය රටේ නීතිය බවට පත්කරගැනීම සදහා පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරය පමණක් නොව ජනමත විචාරණයක් ද පැවැත්වීමට අවැසි බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඔවුහු අපේක්ෂා කළෝ ය.අනෙක් අතට, 20ඒ සම්මත කරගැනීම සදහා පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරය සෑහෙනු ඇති බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබීමේ හැකියාව සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.කෙසේවුවත් ජනපතිවරයා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබද දැනුම්වත් අතර, එක්සත් ජාතීන්ගේ මහ සමුලූවට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවර බලා යෑමට ප‍්‍රථමයෙන් ඔහු තම රජයේ පාර්ශවකරුවන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කරනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතරම් වැදගත් ඇයි? ප‍්‍රථමයෙන් පැවැත්විය යුත්තේ ධූර කාලය ඉක්මවීමට ආසන්නව තිබෙන සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයන් ද, එසේත් නැතහොත් පළාත් පාළන ආයතන මැතිවරණ ද, යන්න තීරණය කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනුයේ එවිටය.ජනමත විචාරණයක් අවැසි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, 20ඒ නොමැතිව මැතිවරණයට ඉදිරිපත්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බව රජයේ ආරංචි මාර්ගයක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.ජනමත විචාරණයක් පැවැත්වීම සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදුවන කි‍්‍රයාවලියක් වීමත්, ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ යැයි මැතිවරණය කල්දැමීම සාධාරණීකරනය කැරෙන හෝ ඒ සදහා අවසරයක් ලබාදෙන නීතියක් නොමැති වීමත් හමුවේ රජය අසරණවනු ඇති වීමත්, රජය මෙවන් තීරණයකට එළැඹීමට ප‍්‍රධානම හේතූන්ය.මෙවැනි පසුබිමක ජනමත විචාරණයක් පවත්වා 20ඒ සම්මත කරගත්ත ද, ඒ වන විට අදාළ පළාත් සභා මැතිවරණ පවත්වා අවසන් වනු ඇති හෙයින් ඒවා මත බලපැවැත්වෙන පරිදි 20ඒ කි‍්‍රයාත්මක කිරීමට ද හැකියාවක් නොමැත.20ඒ සමග ඉදිරියට යෑමක් සිදුනොවන්නේ නම් බොහෝ විට ප‍්‍රථමයෙන් පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණයන්ය.තමන් ඔක්තෝබර් දෙවැනි දා තෙක් පාර්ලිමෙන්තුවෙන් අදහස් දැක්වීමක් බලාපොරොත්තුවෙන් සිටින බවත්, එවැන්නක් සිදුනොවුනහොත් අදාළ පළාත් සභාවල නාම යෝජනා කැදවන ලෙස වහාම ගැසට් නිවේදනයක් මගින් දැනුම්දෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත.දෙසැම්බර් මස 9 වැනිදා වන විට මැතිවරණ පැවැත්වෙනු ඇතැයි නිල ආරංචි මාර්ගයක් සදහන් කළේ ය.පෙර සකස් කැරුනු සැලසුම්වලට අනුව නොවැම්බර් මස 7 සිට 14 වැනිදා දක්වා නාම යෝජනා කැඳවීමටත්, එළඹෙන වසරේ ජනවාරි මස 8 වැනිදා වන විට පමණ මැතිවරණ පැවැත්වීමටත් නියමිත විය.කෙසේවුව ද, ඉදිරියේ දී ගැනෙන තීන්දු තීරණ අනුව මේ සියල්ල වෙනස් වීමට ඉඩ ඇත.

ජනපති සිරිසේනගේ දැඩි ස්ථාවරය

මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොළය ලකුණින් අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතුයැයි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන යෝජනා කළ අතර, එයට පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ අනුමැතිය ද හිමිවිය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අස්ථාවර කිරීමේ අරමුණින් එහි විරුද්ධ පාර්ශවය සමග සම්බන්ධතා පවත්වමින් සිටින්නේයැයි ඔහු විශ්වාස කරන පක්ෂයේ පාර්ලිමෙන්තු සාමාජිකයන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට ජනපති සිරිසේන පෙළඹී සිටින අතර, එසේ කටයුතු කරමින් සිටින පුද්ගලයින්ට ප‍්‍රබල සංඥාවක් ලබාදෙමින් ඔහු සංචාරක හා කි‍්‍රස්තියානි කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අරුන්දික ප‍්‍රනාන්දු මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ ය.මේ සම්බන්ධයෙන් තම පාර්ශවයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට ප‍්‍රනාන්දු පැජට් පාරේ පිහිටි ජනපති නිවස්නය කරා ගිය අතර, එහිදී ජනපති සිරිසේන ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගීවීම සදහා තමන් හා පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කළේ ය.මෙයින් සිදුවූයේ අරුන්දික ප‍්‍රනාන්දු හට ජනපතිවරයා සමාව දී ඇතැයි මතයක් ප‍්‍රබල ලෙස ජනතාව අතරට යාමය.අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප‍්‍රසිද්ධියේම කියා සිටියේ අරුන්දික තවත් අමාත්‍යධූරයක් හොබවනු ඉදිරියේ දී දැකගත හැකිවනු ඇති බවය.

එහෙත් ප‍්‍රනාන්දු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග කියා ඇත්තේ තමන් සමාව ඉල්ලීමක් සිදුනොකළ බවය.පසු අවස්ථාවක මාධ්‍ය හමුවක් පැවැත්වූ ඔහු, කඩාවැටීමට ඔන්න මෙන්න තත්ත්වයක ඇති රජයට නැවත නොයන බව ප‍්‍රසිද්ධියේම පැවසුවේ ය.ජපාන සංචාරයක් අතරතුර දී, හිටපු ජනපතිවරයාගේ ඥාතියකු මෙන්ම රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති - විමර්ෂණ කිහිපයක්ම සදහා ශී‍්‍ර ලංකා විමර්ෂණ අංශ හට අවශ්‍යම පුද්ගලයකු වන - උදයංග වීරතුංග මහතා හමුවූවේ යැයි, ප‍්‍රනාන්දුගෙන් ඊට පෙර අවස්ථාවක පොලිසිය ප‍්‍රශ්න කර තිබිණ. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධානී දිනේෂ් ගුණවර්ධන මහතා සිකුරාදා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ අසුන්ගෙන එක්සත් ජාතික පක්ෂ රජය බලයෙන් පහ කිරීම සදහා දරන වෑයමට සහයෝගය ලබාදීමට කටයුතු කරන බවට ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර ඇති බවයි.වෙනත් අසුනක් ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ඇති බවද, ගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ ය.

විපක්ෂයේ අසුන්ගැනීමට සැලසුම් කර සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 9 දෙන තාවකාලිකව එම සැලසුම අත්හැර දැමීමට තීරණය කර ඇත.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පාර්ශවය සමග දැඩි සම්බන්ධතා ඇති කටකාර මන්තී‍්‍රවරයකු ද මෙම පිරිස අතරේ සිටින අතර, ඔහු ද තම අදහස වෙනස් කරගෙන ඇති බව දැනගන්නට ඇත.එම මන්තී‍්‍රවරයාගේ පාර්ලිමෙන්තු සගයින්ට අනුව නම් ඔහු තම තීරණය වෙනස් කරගෙන ඇත්තේ අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ දෙපාර්තමෙන්තුව පවත්වමින් සිටින විමර්ෂණයක් හමුවේය. ජනපති සිරිසේන සමග නිල නොවන මට්ටමින් සාකච්ඡුා පවත්වමින් පොදු එකගතාවයක් යටතේ මැතිවරණය සදහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පාර්ශවයේ සාමාජිකයන් පිරිසක් ගත් උත්සාහයන් ද ව්‍යර්තව තිබේ.

වෙනම නමක් හා සංකේතයක් යටතේ සන්ධානයක් පිහිටුවා ගැනීමට ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවට ජනපතිවරයා විරෝධය දක්වා ඇත.අතීතයේ සිදුවූ අයුරින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට විරෝධාකල්පයක සිටියේයැයි කියා ඔවුන් හට කිසිදු බාධාවක් නොමැත යැයි ජනපතිවරයා කියා තිබේ.තමන් නායකත්වය දෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට අකුල් හෙළන රාජපක්ෂ හිතවාදී සාමාජිකයන් කිසිවෙකුට ඉදිරි මැතිවරණය සදහා නාමයෝජනා නොදෙන ලෙස ජනපති සිරිසේන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මුල් පෙල සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇත.පළාත් සභාවල සිටින එවන් සාමාජිකයන් දැන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කැරෙමින් තිබෙන අතර, ඡුන්ද කොට්ඨාස සංවිධායකයන් සම්බන්ධයෙන් ද නොයෙක් වෙනස්කම් සිදුකැරෙමින් පවතී.මෙය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් මෛතී‍්‍රපාල සිරිසේනගේ පදනම තහවුරු කරනු ඇති ද, නොඑසේනම් ඔහුත්, පක්ෂයත්, දුර්වල කරනු ඇති ද යන්න ගැටලූවකි.

එක්සත් ජාතික පක්ෂයටත් ගැටලූ නැතිවා නොවේ

එක්සත් ජාතික පෙරමුණ යළි පණගැන්වීමේ කටයුතුවල නිරතව සිටින එක්සත් ජාතික පක්ෂයට ද මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේම යැයි ගැටලූ ඇත.එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයකු වන ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ඇතැම් පළාත් සභාවලට තනිව, එම පක්ෂයේ සලකුණ වන ගස යටතේ ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් සිටීම එවැන්නකි.ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට ද විසදා ගත යුතු ඔවුන්ගේම ගැටලූ රාශියක් ඇත.එහි නායක රවුෆ් හකීම් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට සන්ඬේ ටයිම්ස් ගත් උත්සාහයන් සාර්ථක නොවුනි.ඔහු වෙනුවට අප හා සම්බන්ධවූයේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මහලේකම් නිසාම් කරිප්පාර් මහතාය.

‘‘උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැත්වෙන පළාත් සභා මැතිවරණයන්ට තනිව මුහුණදීමට හා දිවයිනේ අනෙක් පළාත්වල පැවැත්වෙන මැතිවරණයන්ට සන්ධානය හා එක්ව මුහුණදීමට ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ අවධානය යොමුව තිබෙනවා.මැතිවරණ පිළිබදව තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයක් සිදුකර නොමැති නිසා මේ සම්බන්ධයෙන් අප තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.එවන් ප‍්‍රකාශයකින් පසුව අප පක්ෂයේ ඉහළ නිළධාරී මණ්ඩලය අවශ්‍ය තීරණය ගනීවි.‘‘

එක්සත් ජාතික පක්ෂයේ සැළකිය යුතු කොටසක් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ අදහස හා විරුද්ධය.

‘‘ඒ අය උත්සාහ කරන්නේ දෙපැත්තෙන්ම හොදම කොටස දිනා ගන්න. එම පක්ෂයේ සාමාජිකයෙක් පැවසුවේ ය.‘‘

පක්ෂ අභ්‍යන්තරයේ බරපතල ගැටුම් ඇතිව තිබෙන අවස්ථාවක, ඒ හේතුවෙන් පක්ෂයේ අනන්‍යතාව - විශේෂයෙන් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට ප‍්‍රබල පදනමක් හිමි ප‍්‍රදේශවල - විනාශ කර නොගෙන ආරක්ෂා කරගැනීම, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ එකම අවශ්‍යතාවයයි.තමා පිරිසිදු මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරන්නේයැයි පවසන පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන බෂීර් සේගු ඩාවුඞ් මහතා සන්ඬේ ටයිම්ස් හා මෙලෙස අදහස් දැක්වූයේ ය.

‘‘ඒකාබද්ධ සන්ධානයක් තනා ගැනීම සදහා පක්ෂයේ සැලකිය යුතු කණ්ඩායමක් දැනටමත් අනෙක් මුස්ලිම් කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා.නැගෙනහිර කි‍්‍රයාත්මක සියලූම මුස්ලිම් පක්ෂ සදහා මෙය වාසි සහගත දෙයක් වනු ඇතිය කියා අපි දැඩිව විශ්වාස කරනවා.අනතුරුව අප දිවයිනේ අනෙක් ප‍්‍රදේශවලට තරග කිරීම සදහා ජාතික පක්ෂ සමග එක්ව සන්ධානයක් තනා ගන්නවා.‘‘

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු මහලේකම් හසන් අලි මහතා මෙම වෑයමෙහි පුරෝගාමියකු වන බවද ඔහු පැවසුවේ ය. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම්.අෂ්රෆ් මහතාගේ බිරිද හා සිංගප්පූරුවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති ෆේරියල් අෂ්රෆ් මහත්මිය, කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති සහ එක්සත් ජාතික පක්ෂයේ දැඩි විවේචකයකු වන අසාද් සාලි මහතා සමග සංවාදයක නියැළී සිටිනු දැක්වෙන ඡායාරූපයක් ගෙවුනු සතියේ මාධ්‍යවල පළව තිබින.එම ඡායාරූපය මාධ්‍ය වෙත ලබා දී තිබුනේ ආසාද් සාලිය.ෆේරියල් අෂ්රෆ් තමා නායකත්වය දරන ජාතික එක්සත් සන්ධානය වෙත පූර්ණ සහය ලබාදෙන බවත්, ඇයගේ පුතණුවන්ගේ සහය ද පක්ෂයට දිනා දෙන බවත්, තමන් හමුවේ සහතික කළේයැයි, සාලි එම ඡායාරූපයට විස්තරයක් ද එක්කර තිබින.

හිටපු ජනපති සහ වත්මන් කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙවර මැතිවරණයෙන් ප‍්‍රථම වතාවට දේශපාලන කරළියට පිවිසේ.රාජපක්ෂ සන්ඬේ ටයිම්ස් හා අදහස් පළකළේ මෙලෙසය.

‘‘අපි පළාත් සභා සහ පළාත් පාලය ආයතන මැතිවරණ දෙකටම තරග කරනවා.රජයට විරුද්ධව සියලූ පාර්ශව එක්කර සන්ධානයක් තැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡුාවල අවසන් අදියරට මේ වන විට අපි පැමිණිලා තිබෙනවා.ශී‍්‍ර ලංකා මහජන පක්ෂයේ පොහොට්ටුව ලකුණම මේ සන්ධානයෙත් සංකේතය විය යුතුය කියා අදහසක් තිබුණත් ඒ ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත් සභා තුනම අපි ජයගනු ඇතිය කියා මට විශ්වාසයයි.පළාත් පාලන ආයතන සැලකීමේ දී, ඒවායිනුත් සැලකිය යුතු ගණනක් අපට දිනාගත හැකියි.පරාජයට බයෙන් මැතිවරණය කල් දැමුනු ආකාරය ගැනත් අපි ජනතාවට කියනවා.එහෙම නැත්නම් ඇයි දිගින් දිගටම මැතිවරණය කල් දැමුනේ?‘‘

නව සන්ධානයේ බහුතරයක් සාමාජිකයන් ජනතා කැමැත්තෙන් පළාත් සභාවලට පත්ව ඒවායේ ධූරකාලය අවසන්වන තෙක් සේවය කළ පුද්ගලයන් වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.පක්ෂ අටකට වඩා වැඩි ගණනකින් නව සන්ධානය සැදුම් ලබනු ඇති බව ද ඔහු කීවේ ය.

‘‘නව නීති ප‍්‍රකාරව තරුණ හා කාන්තා නියෝජනය වැඩි කිරීමටත් අප කටයුතු කළ යුතුව තිබෙනවා.ඉදිරි මාසය වන විට මෙම කටයුතු අවසන් කිරීමටයි අප අපේක්ෂා කරන්නේ.‘‘ ගුණවර්ධන පැවසුවේ ය.

20ඒ ගෙන එන්නේ ඇයි?

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ද සූදානමින් සිටී.එම පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා සමානව සූදානමින් සිටින්නේ 20ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සදහා අවශ්‍ය වන පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනාගැනීමට රජයට සහාය වීමේ අපේක්ෂාවෙනි.දෙමළ ජාතික සන්ධානය මේ සදහා සහාය දැක්වීමට කැමැත්ත පළකළේ උතුරු පළාත් සභාවේ ධූර කාලය අවසන් වන තෙක් උතුරේ පළාත් සභා මැතිවරණ කැදවීමක් සිදුනොකරන බවට එක්සත් ජාතික පක්ෂ නායකත්වය දුන් සහතිකය හමුවේ ය.ඊට ප‍්‍රථමයෙන් එම පක්ෂය සිටියේ 20ඒ විරෝධී ස්ථාවරයකය.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම මෙතරම් ප‍්‍රමාද වූයේ 20ඒ සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට රජයට තිබූ නොතිත් වුවමනාව නිසාය.ජනපති සිරිසේනගේ ආශිර්වාදය යටතේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම කටයුතුවල නියමුවා ලෙස කටයුතු කළේ ය.මැතිවරණ එකම දිනයක දී පැවැත්වීමට හේතු දක්වමින් ඔහු පැහැදිලි කළේ, එලෙස මැතිවරණ පැවැත්වීමෙන් - රාජ්‍ය සම්පත් අවභාවිතය අවම කරගැනීමටත්, ජනතාවගේ දෛනික කටයුතුවලට එල්ල වන බාධා අවම කරගැනීමටත්, දිවයින පුරාවට තම තමන්ගේ දේශපාලන බලය හා සම්පත් විසිරුවා හැරීමට දේශපාලන පක්ෂවලට සිදුවන නිසා මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හා කඩාකප්පල්කාරී කි‍්‍රයා අවම වනු ඇති වීමත්, බලයේ පවතින රජයේ කි‍්‍රයාකාරීත්වය කෙරේ ජනතා කැමැත්ත කවර මට්ටමකින් පවතීදැයි යන්න පිළිබදව පැහැදිලි මිනුමක් ලබාගැනීමටත්, හැකි වන බවය.පළාත් සභා මැතිවරණ පැවැත්විය යුත්තේ පාර්ලිමෙන්තුව නිශ්චය කරන දිනයක, ජනපතිවරණය හා පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත දින අතර දිනයක දී බව ද සදහන් විය.මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ධූර කාලයෙන් හරි අඩක් ගෙවුනු පසු මැතිවරණ පැවැත්වෙන (ජනපති ධූරයේ දෙවන වසර) ක‍්‍රමවේදය හා සමානය.

වර්තමානයේ පළාත් සභාවක ධූර කාලය වසර පහකට සීමාවේ.පළාත් සභාවක අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මිස ධූර කාලයට ගෙවීමට ප‍්‍රථමයෙන් පළාත් සභාවක් විසිරුවා හැරීමට නොහැකිය.එවන් විසුරුවා හැරීමකින් පසු සතියක් ඇතුළත නාම යෝජනා කැදවීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළ යුතු වේ. 20ඒ සම්මත කිරීම සදහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළහොත්, මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවනු ඇත්තේ පැරණි ක‍්‍රමයට එක් එක් දිනයන්හි දී, ඉදිරි මාසය වන විට ධූර කාලය අවසන් වන පළාත්සභාවල මැතිවරණ පැවැත්වීමටය.එම පළාත්සභාවල ධූර කාලය අවසන් වන්නේ මෙම මස සිට ලබන ඔක්තෝබර් මස දක්වා වන දිනයන්හි දී වීම එයට හේතුවය.

සියලූ මැතිවරණ එකම දිනයක දී පැවැත්වීම අතිශයින් තර්කානුකූල වුවත්, 20ඒ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට ප‍්‍රධාන හේතුව එය නොවේ.මැතිවරණ භීතිකාවකින් රජය පෙලෙන බව නොරහසකි.පළාත් පාලන ආයතන මැතිවරණ සැලකීමේ දී, එක්සත් ජාතික පක්ෂය හට වැඩි පළාත් පාලන ආයතන ප‍්‍රමාණයක බලය දිනාගැනීමේ අවස්ථාවක් තිබිය හැකි වීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අවධානයට යොමුව ඇති කාරණයකි.එවැන්නක් සිදුවුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායක ජනපති සිරිසේනට මුහුණදීමට සිදුවනු ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකටය.මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ නව සන්ධානය ද දේශපාලන කරළියට පිවිසීමේ දොරටුව අභියස සිටීම තත්ත්වය තවත් බරපතල කර ඇත.

අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයට ද විසදා ගතයුතුව තිබෙන ගැටලූ රැසක් ඇත.ප‍්‍රධානම වන්නේ පක්ෂයේම සාමාජිකයන්ට නැගී ඇති වංචා හා දුෂණ චෝදනාය.මෙම තත්ත්වය යටතේ පළාත් සභා මැතිවරණ මෙන්ම පළාත් පාලන ආයතන බහුතරයක ජය තහවුරු කරගැනීම ඇත්තෙන්ම උඩුගං බලා පිහිනීමකි.එහෙත් එම අභියෝගය ජයගැනීමට හැකිවුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඊර්ෂ්‍යාවට ලක්වන තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයට හිමිවේ.

එනිසා මෙතැන දී අවධානය යොමු කළ යුතු වන්නේ ඉදිරියට පැමිණෙනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද, නැතහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද යන්න ගැන නොවේ.ඉදිරියේ එන පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණයන් දැනටමත් බෙදී සිටින රජයේ ප‍්‍රධාන පාර්ශවයන් ද්විත්වය තව තවත් එකිනෙකාගෙන් ඈත් කරවනු ඇත.මැතිවරණ වේදිකාවේ දී 2015 දී දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූයේ අනෙක් පාර්ශවය කළ කී දේ නිසා යැයි එකිනෙකා එකිනෙකාට චෝදනා කරගනු ඇත.මේ දක්වා දෙපාර්ශවය එකට බැද තැබූ අවබෝධතා ගිවිසුම ද පසුගිය මස අවසන් වූ අතර, එය අලූත් කිරීමක් ගැන සදහනක් නොවීය.

දෙපාර්ශවය තවදුරටත් එකිනෙකා සමග බැද තැබීමට ප‍්‍රධාන වශයෙන්ම දායකත්වය ලබාදෙනු ඇත්තේ නොවැම්බර් මස නව වැනිදා නව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයයි. ඉදිරි සතියේ දී ඔහු 2018 වසර සදහා වන විසර්ජනය පණත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ඇත.එහි වැදගත් තොරතුරු ඉහත දක්වා තිබේ.ඉදිරියේ එන මැතිවරණ අපේක්ෂාවෙන් ජනතාවට වඩා වැඩි සහන සැළසීම අරමුණු කරගත් අයවැයක් නව මුදල් අමාත්‍යවරයා සකසා ඇතුවාට සැයක් නැත.

පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවල දී, ජය පිට ජය තබන්නෙමැයි පවසන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ සන්ධානයත්, ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ ඇතිවෙමින් තිබෙන ප‍්‍රවණතාත් හමුවේ කවුරුන් ආපදාවට පත්වනු ඇති ද, කුමන අයුරින් දේශපාලන පක්ෂ පෙළගැසෙනු ඇති ද, යන්න තවමත් පිළිතුරු දී ගත නොහැකි ගැටලූවකි.



අදහස් (0)

20 ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 261 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 217 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 61 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site