IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හිටපු ජනපතිත් රවටා ගේ්ම් ගහන අත්තනායක

මුදිතා දයානන්ද සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ

           

එම්. පී. ජයවර්ධන අත්තනායක යැයි ඇසු පමණින් මෙරට ජනතාවට සිහිපත් වනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වන අත්තනායක මුදියන්සේලාගේ ජයවර්ධන මහතාය. ඔහු 1970- 77 හා 1994-99 කාල වකවානුවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස දෙවරක්ම  තේරීපත්ව ඇත.

මන්ත්‍රීවරයාගේ නමින් ලිපි ශීර්ෂ යොදා කූට ලේඛන රැසක් තවත් විවිධ නම් වලින් බොහෝ කූට ලේඛන සකස් කරමින් රාජ්‍ය නිලධාරින් නොමග යැවූ හා අන්සතු දේපළ  බලහත්කාරයෙන් අත්පත් කරගන්නා අයෙකු පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා තිබේ.

මෙම පුද්ගලයා එම්. පී. අත්තනායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයවර්ධන අත්තනායක නාමය ව්‍යාජ ලෙස යොදා ගත්තේ දැයි පොලිසිය සැක කරනු ලබයි.

මොහුට එරෙහිව මෑතකදී ලද නවතම පැමිණිල්ල වන්නේ දෙහිවල නැදිමාගේ නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට ලද පැමිණිල්ලය.

දෙහිවල නැදිමාලේ එකමුතු මාවතේ පිහිටි නිවසකට පසුගිය මාර්තු 101 වැනි දා රාත‍්‍රී දොළහට පමණ සිය මව ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ කඩා වදින මෙම තැනැත්තා තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි පවසා එම නිවසේ තාවකාලිකව ලැගුම් ගෙන සිටි පිරිස ඉවත් කර මෙම සැකකරු විසින් අත්පත් කරගෙන ඇතැයි දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ පිළිබඳව පරික්ෂණ කරන්නට ගිය පොලිසියට දැනගන්නට ලැබුණේ සැකකරු මහාචාර්යවරයෙක් බවයි. එසේම නිවසේ නියම හිමිකරු විසින් තම නිවසේ භාරකාරත්වය භාරගන්නා ලෙස එවන ලද ලිපියක්ද ඔහු සතුව තිබිණි. එයද ඔහු විසින් සැකසූ කූට ලේඛනයක් බව පසුව හෙළිදරව් වී තිබේ.

කෙසේ වුවත් පැමිණිල්ල විභාග කළ පොලිසිය අත්තනායක යන අය අයුතු ඇතුල් වීමක් සිදුකර ඇතැයි අධිකරණයට වාර්තා කළේය. ඒ අනුව අධිකරණයෙන් ලැබුණු නියෝගය වූයේ විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙසය.

මෙතෙක් එම නිවසේ පදිංචිව සිට අයටද නිවසේ නියම හිමිකරු නිවස භාරදී තිබුණේ තමන් එනතුරු එය බලාගන්නා ලෙස පවසමිනි. අත්තනායකගේ ආක‍්‍රමණයෙන් පසු යන එන මං නැතිවු ඔහු ඇතුලූ පවුලේ අය මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණි. ඔහුට තවමත් සාධාරණ පිළිතුරක් ලැබී නැත.

මේ අතර විදේශ රටක පදිංචිව සිටින නිවසේ නියම හිමිකාරිය ලංකාවට පැමිණියාය. එහෙත් ඇයටද නිවසට ඇතුල් වීමට මහාචාර්ය එම්.පී. අත්තනායක ඉඩ දුන්නේ නැත. ඔහු කියා සිටියේ පොලිසියත් මා අතේ උසාවියත් මා අතේ පුළුවන් දෙයක් කරලා බලනවා යනුවෙනි. මේ අනුව ඇය බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිලි කර සිටියාය. ඒ අනුව මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයට පැවරිණි.

ඒ අනුව ඔවුන්  විමර්ශන කටයුතු ඇරඹීය. මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ, සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගල්කිස්සද කොට්ඨාස අපාරධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණතිලක, පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු කණ්ඩායමක්ද, ගල්කිස්ස විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පෙරේරා ඇතුළු කණ්ඩායමක් ද මහාචාර්ය එම්. පී. ජයවර්ධන අත්තනායක හා හිටපු විනිසුරුවරයෙක් නමින්ද හිටපු ආරක්ෂක අමාත්‍යංශ සහකාර ලේකම්වරයෙක්ද ලෙස රගපෑ බව කියන එම්. පී. අත්තනායක පිළිබඳ විමර්ශන අරඹා තිබේ.

විමර්ශන වලදී ලද තොරතුරුවලට අත්තනායක විසින් අත්පත් කරගත් බව කියන දෙහිවල නිවසේ නියම හිමිකාරිය අත්තනායකගේ පුංචි අම්මාගේ දියණියයි. බාප්පාට අයත් දේපළ සියල්ල ඔවුන් සිය දියණියට ලියා දී තිබේ. බාප්පාට අයත් ශබ්දාගාරයක්ද මෙම දෙමහල් නිවසේ පහත මාලයේ පවත්වාගෙන යන අතර ඔහු විදේශගතවද එවැනි කටයුතුවල නිරතවන වත්පොහොසත් කමින් ඉහළ පුද්ගලයෙකි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සමතයකට පත්වීම දෙපාර්ශවයම එකඟ වීම නිසා ඔහුට ඇප ලැබිණි. නිවස දැන් තිබෙන්නේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය යටතේය. නිවසේ අයිතිය සෙවීම පිළිබඳ විමර්ශනයේ දී තවත් බොහෝ දේ හෙළිදරව් වී තිබීම අත්තනායක පිළිබඳ විශේෂ අවධානය යොමු වීමට හේතු විය.

මේ කියන තිස්තුන් හැවිරිදි එම්. පී. ජයවර්ධන අත්තනායක සැබවින්ම මහාචාර්යවරයෙක් හෝ නීතිඥයෙක් හෝ විනිසුරුවරයෙක් හෝ නොවේ. ඔහු අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ දක්වා වත් අධ්‍යාපනය ලබා නැත. එහෙත් ඔහු සාමවිනිසුරු සංගමයේ හිටපු සභාපති ලෙස හා හිටපු මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දෙමළ නාමයකිනුත්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් හා මහාචාර්යවරයෙක් ලෙසත්, හිටපු ජනාධිපතිවරයකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ලෙසත්, ඇමැති ලේකම්වරුන් ලෙස විවිධ ඇමැතිවරුන්ගේ නම් පෙරටුකර ගනිමින් එම්. පී. ජයවර්ධන අත්තනායක නමිනුත් පෙනී සිට ඇත. එසේම වාරණ රජමහා විහාරයේ බස්නායක නිලමේ ලෙස මෙන්ම විටෙක රහස් පොලිසියේ ඉහළ තනතුරක් දරන්නෙකු ලෙසද පෙනී සිට ඇත.

ඒ අනුව ඔහු පොලිසියේ ඉහළ නිලධාරීන්ට පවා නම කියා කතා කරන්නට පෙළඹෙන අතර එවැනි නිළධාරීන්ද ඔහුට අදාළ ගරුබුහුමන් සහිතව පිළිගෙන ඇති බවද දැන් දැන් කරුණු වාර්තාවෙමින් පවතී. එසේම ඇතැම් අවස්ථාවල ඔහුට ආරක්ෂක රථ මගින් තම පොලිස් සීමාව ඉක්මා යන තෙක් ආරක්ෂාව ලබාදීමට පවා පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවටද වාර්තා වෙමින් පවතී.

මෙසේ විවිධ තනතුරු භාවිතා කරමින් ඔහු පොලිස් නිලධාරින්ට පවා තමන්ට කරගන්න බැරිව සිටි ස්ථාන මාරුවීම් සිදුකර දී තිබේ. එසේම ඇතැමුන්ට රැකියා ලබාගැනිමට සහය වී ඇති අතර තවත් විටෙක රෝගීන්ට අවශ්‍ය ශල්‍යකර්ම හෝ වෙනත් ප්‍රතිකාර සඳහා ආධාර ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දී තිබේ.

බොහෝ වෘත්තීන්වල යෙදෙන්නන්ට ස්ථාන මාරුවීම් සකස් කර දී තිබේ. පාසලක් නැති දරුවන්ට පාසලක් සොයා දී තිබේ. ඒ සඳහා ඔහු විවිධ නම් වලින් සැකසු රබර් මුද්‍රාද සකස් කර ඇතැයි පොලිසිය පවසයි.

මේ සියල්ල ඔහු සිදුකරනුයේ දුරකථනයෙන් අදාළ ආයතන වෙත අමතා මම අහවලා යැයි එම අවස්ථාව උචිත තනතුරු නාමයන්ගෙන් යුතුව කතා කිරිමෙනි.

ඔහු හිටපු ජනාධිපතිවරයා සමඟ ලබාගත් ඡායාරූපයක් හා ඔහුගෙන් ලද ලිපි විවිධ දේවල්වලට භාවිත කර ඇති බවද පෙලිසිය පවසයි. එසේ ඔහු ඡායාරූපයක් ලබාගෙන තිබෙන්නේ මනා සැලැස්මක් අනුවය.

එනම් ජාතික සංවර්ධන පෙරමුණ නමින් ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් තම පක්ෂය මැයි දිනයට ඔබේ පක්ෂයත් සමඟ එක්වීමට සුදානම් යැයි පවසමින් මේ කියන හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

එයට කැමැත්ත පළකර ජනාධිපතිවරයාගෙන් පිළිතුරු ලිපියක්ද ලැබී ඇත. ඒ අනුව අදාළ මැයි දිනයට තම පක්ෂයේ නමින් බැනරයක්ද සහිතව තවත් පිරිසක් සමඟ එක්වන මහාචාර්ය අත්තනායක කෙසේ හෝ තම වෘත්තිය ද භාවිතා කරමින් ජනාධිපතිවරයා හමුවට වේදිකාවට ගොඩවන්නේ තමන් ජනාධිපති සමඟ සිටින ඡායාරූපයක් ගන්නා ලෙසට තවත් කෙනෙකු යොදවමිනි. තමන් පෙර කී ජනාධිපතිවරයා සමීපය ඇසුරු කරන්නෙක් බවට පෙන්වීමට ඔහු භාවිතා කරන්නේ එම ඡායාරූපයයි.

ඔහු සිදුකර තිබෙන බොහෝ කටයුතු විශ්ලේෂණය කර බලන විට ඒවා සමාජ සේවයන් නොවේදැයි කෙනෙකුට සිතෙනු ඇත. එක්තරා ආකාරයකට ඔහු සරදියෙල් පන්නයේ මිනිසෙක් සේ මතුපිටින් පෙනේ. එහෙත් ඔහු මේවා සිදුකර තිබෙන්නේ අදාළ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන බවටද යම් යම් තොරතුරු වාර්තා වී තිබේ. එසේම ඔහු බොහෝ රජයේ නිලධාරින්ගේ සේවයට බාධාකර තිබේ.

දෙහිවල නැදිමාලේ ග‍්‍රාමසේවකවරයාට දුෂණ චෝදනාවක් එල්ල කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඔහු මාරු කිරිමටත් ඔහුට එරෙහිව විනය පරික්ෂණ සිදුකරන තත්ත්වයට පත් කිරිමටත් කටයුතු කර ඇත. තවත් විටෙක ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට, පොලිස් නිලධාරින්ට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර මාරුකිරීම් ද කර ඇත.

එසේම ඔහු මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවට පෝස්ටර් සකස් කර විදේශගතව සිටින ඇතැම් පුද්ගලයන්ට කතා කර මුදල් ගෙන්වා ගෙන ඇති බවටද පොලිසියට යම් යම් තොරතුරු වාර්තා වි තිබේ.

දෙහිවල නිවස අත්පත් කරගන්නා ඔහු එහි තිබූ භාණ්ඩ සියල්ල විකුණා දමා ඇතැයි නිවසේ හිමිකාරිය පවසයි. ඒ අතර ශබ්දාගාරයට අදාළ ලක්ෂ ගණන් වටිනා භාණ්ඩ මෙන්ම විශාල වටිනාකමකින් යුත් විදුලි පහන් වර්ග ද තිබු බව ඇය පොලිසියට පවසා ඇත. එසේම විටෙක මේ වන විට පානදුර ප‍්‍රදේශයේ පුද්ගලයෙක්ද සැකකාර මහචාර්යවරයා තමන්ගේ ඉඩමක් අත්පත් කරගෙන ඇතැයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත.

එසේම පෙර කී ලෙස ජනාධිපතිවරයකු සමඟ සමීප සබඳතා ඇති බව පෙන්වීමට ජනාධිපති සමඟ ඡායාරූප ලබාගත් හා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විවිධ ලිපි ගෙන්වා ගැනීමටත් කටයුතු කළ මේ හොර මහාචාර්යවරයා ජනාධිපති සහකාර ලේකම්ගේ අත්සන් යොදා ගනිමින් කූට ලේඛන සකසා මොරවක නාථ දේවාලයේ භාරකාර තනතුර ලබාගැනීමට කටයුතු කර ඇති බවට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ 2009 වසරේදී නඩුවක් විභාග වි ඇත.

එසේම එම තනතුරම භාවිතා කරමින් දස වසරකට පමණ පෙර එකනල සිටි අත්තනගල්ල ප‍්‍රාදේශිය ලේකම්වරයකු  නොමග යවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් අක්කර 37 ක පොල් ඉඩමක් රුපියල් 120,000කට බදුගෙන ඇති බවටද වාර්තා වේ. එසේම එලීනා ජයවර්ධන මහත්මියගේ අත්සන හොරට යොදා ඉඩමකට ඔප්පු සකස් කර විකුණා ඇති බවට ද ඔහුට එරෙහිව මීට පෙර නඩු පැවරී ඇත.

මෙම සැකකරු විවිධ හේතු මත විවිධ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන අදාළ ප‍්‍රදේශයේ අධිකරණ වෙත ද ඉදිරිපත් කර ඇත. ඒ සෑම අවස්ථාවකම කෙටි කලක් රිමාන්ඩ් බාරයට පත්වුවත් යළි ඇප මත මුදාහැරේ. එක්කෝ අදාළ ප‍්‍රශ්න සමඟ මණ්ඩලයට යොමු කෙරේ. එසේ නැත්නම් දඩයක් ගෙවීමට නියම කොට නඩුව අවසන් වේ. එහෙත් ඒ කිසිවකින් එම්.පී. අත්තනායකගේ කෙරුවාවල් නැවතී නැත.

මූල්‍ය වංචාව, රාජ්‍ය නිලධාරින් නොමග යැවීම, රාජ්‍ය දේපල මෙන්ම අන්සතු දේපළ අත්පත් කරගැනීම, කූට ලේඛන සකස් කිරීම, කෙබඳු දඬුවම් ලැබිය යුතු වැරදි දැයි දන්නේ නීතිය දන්නා අයවලූන්ය. වසර දහයකට අධික කාලයක් මෙවැනි වංචාවන් වල නිරතවූ මෙවැනි පුද්ගලයින් අසාදු ලේඛන ගත නොකර තව දුරටත් නිදැල්ලේ සිටිමට ඉඩ දීමෙන්  තව තවත් මුළු මහත් සමාජයට නොමග යැවීමට ඉඩ ලබාදිම සමායේ යහපතට කෙතරම් සුභදායක වනු ඇතිදැයි සිතා බැලිය යුතුව ඇත.



අදහස් (7)

හිටපු ජනපතිත් රවටා ගේ්ම් ගහන අත්තනායක

Don Monday, 16 April 2018 12:03 PM

ඔහු වටිනා අත්තකින් පැමිණි කෙනෙක්. ඔහුගේ නමේම එහි තේරුම තියෙනවා.

:       115       18

නිකමා Tuesday, 17 April 2018 10:04 PM

මූ හරියන්නේ පාර්ලිමේන්තුවට. ඒකෙ ඉන්නෙත් මේ වගේ අය. හොර, තක්කඩි, බොරුකාරයින්...

:       0       14

රංග Wednesday, 18 April 2018 06:18 AM

එතකොට ජෙහාන් ප්‍රනාන්දු?

:       16       40

b.d.s.wijewardana Thursday, 19 April 2018 04:01 AM

මේ වාගේ අය තවත් ශ්‍රී ලංකාවේ ඉන්නවා පොලිසියේත් යුතුකමක් මෙවැනි අය පිලිබදව පැමිණිල්ලක් ලැබුණාම ඉතා ගැඹුරින් විමර්ශණයක් කිරිම හා ලිපියේ දක්වා ඇති ආකාරයට අසාධු ලේඛණයකට ඇතුලත් කිරිම.

:       0       1

lalithsjmTuesday, 24 April 2018 02:22 AM

පොලිසියේ අය තමයි මේ ගොල්ලන්ව රැකගන්නේ. සක්විති ව මතක නැද්ද ?

:       0       0

Dr sriyal Thursday, 19 April 2018 09:23 AM

මෙවැනි පුද්ගලයන් බොහෝ දෙනෙක් සමාජයේ ඉන්නවා. ඔවුන් නීතිය නමන්නෙ බොහෝ දෙනාගේ උදව් උපකාර මගින්. මෙය සමාජ යට මහත් වූ හිරිහැරයක්

:       0       0

Kamal Wednesday, 25 April 2018 08:28 AM

රට ගොස් සිටින අයගේ දේපල කොල්ල කෑම සංවිධානාත්මක ආකාරයට සිදුවේ. මෙයට පවුලේ ඥාතීන් බොහෝවිට සම්බන්ධ වීම සිදුවන අතර අවශ්‍ය නීති සම්පාදනයට ක්‍රියාකිරීම වගකිව යුත්තන්ගේ යුතුකමකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 20 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 21 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 1906 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 183 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 137 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 737 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site