ගල්කන්දේ ධම්මානන්ද හිමි කැලණිය සරසවියේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකි. ඊළාම් යුද්ධයේ නිමාව සැමරිය යුතු ආකාරය ගැන වාද විවාද හටගත් සංදර්භයක් තුළ යුද්ධ ජයග්‍රහණය පිළිබඳව බුදුන් වහන්සේගේ මතය කුමක්දැයි නැගූ ප්‍රශ්නයට ධම්මානන්ද හිමියන් දුන් පිළිතුර අන්තර්ජාලයේ දැකිය හැක. ධම්මපදයේ සුඛ වග්ගයේ වන ‘ජය වේරං පසවති’ ගාථාව උන්වහන්සේ මේ සඳහා භාවිත කළහ.

යුද්ධ ජයග්‍රහණය වෛරය නිර්මාණය කරන පරිසරයක් ඇති කරන බවත් දුකින් තැවෙන කණ්ඩායමක් ඉතිරි කරන බවත් සාමය සුවය සරන පරිසරයක් නිර්මාණය කිරීමට නම් ජය-පරාජය ඉක්මවා ගිය තත්ත්වයක් නිර්මාණය කළ යුතු බවත් ධම්මානන්ද හිමියෝ පෙන්වා දෙති.

මෙය සාමාන්‍ය ජීවිතය තුළ වටහා ගත නොහැකි සංකීර්ණ ඉගැන්වීමක් නොවේ. ජයග්‍රාහකයා ප්‍රීතිඝෝෂා නගනතාක් කල් පරාජිතයා දුකෙන් තැවෙන තාක් කල් ගැටුමකින් බිඳුණු සිත් සුවපත් කළ නාහැකි බව සාමාන්‍ය බුද්ධියටද ගෝචරවන සරල සත්‍යයකි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පත්කළ උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය පිළිබඳ පරීක්ෂණ කොමිසම :ඛඛඍක්‍* 2011 නොවැම්බරයේ දී ඉදිරිපත් කළ වාර්තාවේ එක් නිර්දේශයක් වූයේ යුද්ධයට ගොදුරු වූ සියලු දෙනා සිහිකරන පොදු සැමරුමක් පැවැත්විය යුතු බවයි. ජය පැරදුම, සතුරු මිතුරු බෙදීම්වලට එහා ගිය පොදු මානුෂීය හා ලාංකීය දැක්මක් නිර්මාණය කිරීම මෙම නිර්දේශයේ අරමුණ විය.

“මේ බුදුන්ගේ දේශයයි” යනු පෞද්ගලික බස්රථවල පවා දක්නට ලැබෙන ජනප්‍රිය වැකියකි. එහෙත් ධම්මානන්ද හිමියන් පැහැදිලි කළ බුද්ධ ඉගැන්වීම මේ රටේ ක්‍රියාත්මකවීම වැළැක්වීමට මුල්තැන ගන්නන් අතර යුද්ධ ජයග්‍රහණය වවාගෙන කන දේශපාලනඥයන් මෙන්ම අන්තවාදී භික්ෂුහු ද වෙති. ජයග්‍රාහකයා ජයග්‍රහණය පිළිබඳ උදම් ඇනීම නතර කිරීම ඔවුන් දකිනුයේ බුදු වදනට අනුගතවීමක් ලෙස නොව බෙදුම්වාදයට යටවීමක් ලෙසය. සිංහල, දෙමළ ජනතාව අතරැති අවිශ්වාසය හා බය හිඟන්නාගේ තුවාලය මෙන් පාරමින් එයින් තම දේශපාලනමය හා පෞද්ගලික අරමුණ ඉටුකර ගැනීම මේ පිරිසේ පරමාර්ථයයි.

ඊළාම් යුද්ධය නිමාවේ දසවන සැමරුම එළඹෙනුයේ 2019 දීය. මෙම සැමරුම වැටෙනුයේ තීරණාත්මක ජනපතිවරණයකට මාස කිහිපයකට පෙරය. බෞද්ධ රටක් යැයි කියා ගන්නා ලංකාව යුද්ධය නිමාවී දස වසරක් ගිය තැනදී වත් යුද්ධ ජයග්‍රහණය පිළිබඳව බුදු වදනට බුදුන්ගේ ඉගැන්වීමට අනුකූලව කටයුතු කරතැයි සිතිය නොහැක. ඒකාබද්ධ විපක්ෂය යුද්ධ ජයග්‍රහණය ජයග්‍රාහි ලෙස සැමරීම තම ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භක පියවර බවට පත් කරනවා නිසැකය.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටු ජනපති අපේක්ෂකයා වුවහොත් මෙවැනි තත්ත්වයක් හටගනු ඇත. 

ඊට එකටෙක කිරීමක් වශයෙන් ඒකාබද්ධ විපක්ෂයට වඩා උත්සවාකාර ලෙස යුද නිමාව සැමරීමට ආණ්ඩුව සැරසුනහොත් ඊටද පුදුම විය යුතු නැත. පටු දේශපාලන ඉලක්ක යුද්ධයට දොර විවර කිරීමට දායකවුවා සේම කල් පවතින සාමයක් ඇතිකිරීම වළක්වාලීමට දායකවනු ඇත. එපමණක් නොවේ. යුද්ධ ජයග්‍රහණයෙන් උද්දාම වීමේ ආදිනව කියාදුන් ශාස්තෲන්වරයාගේ නම ගසා ගත් පන්සල් ගණනාවක්ම ඒ ඉගැන්වීමට මුළුමනින්ම පටහැනි වූ, දේශපාලන පරමාර්ථ සහිත, බිය, සැකය හා වෛරය තවත් කුලු ගන්වන ක්‍රියාවන් සඳහා තම භූමිය ලබාදෙනු අවිවාදිතය.

බුදු දහම දේශපාලන අවියක් ලෙස අපයෝජනය කිරීමට ඇතැම් දේශපාලනඥයන්ට හා ඇතැම් භික්ෂුන්ට හැකිවී ඇත්තේ මෙය වරදක් බව වටහා ගැනීමටත් එහි ආදිනව තේරුම් ගැනීමටත් බහුතරයක් බෞද්ධයන් තුළ ඇති නුවුමනාව කියා නොවේද?

ඇමරිකා එක්සත් ජනපදයේ  මවුකිරිවල පවා ග්ලයිෆොසේට් අඩංගුව ඇති බව කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුද වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා උපුටා දක්වමින් ජුනි මස 6 වෙනිදා ලංකාදීපය වාර්තා කළේය. මේ සොයා ගැනීම පිළිබඳ වාද විවාද තවමත් නිමාවී නොමැත. උතුරු ප්‍රංශයේ මී පැණි නිපදවන්නන්ගේ සංගමයක් මී පැණිවල ග්ලයිෆෝසේට් අඩංගු බව කියමින් අදාළ සමාගමට එරෙහිව නඩු පවරා ඇති බව ්ත්‍ඡ පුවත් සේවය ජුනි 8 වෙනිදා වාර්තා කළේය. ඇමෙරිකාවේ කුඩා ළමයින් සඳහා නිපදවන ජනප්‍රිය ධාන්‍යමය ආහාර වර්ග :ක්‍ැරු්ක* ගණනාවකම ග්ලයිෆොසේට් අඩංගු බව ක්‍ැබඑරහ ත්‍දර ෑබඩසරදබප්බඒක ්‍යැ්කඑය (පාරිසරික සෞඛ්‍ය කේන්ද්‍රය) නම් සංවිධානය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි එරට මාධ්‍ය මෑතක දී අනාවරණය කළේය. ග්ලයිෆෝසේට් නිපදවන ටොන්සන්ටෝ සමාගමට (මෙම සමාගම ජර්මනියේ බයර් සමාගම විසින් මෙම වසරේදී මිළට ගැනුණි) එරෙහි නඩු ගණනාවක් මේ වනවිටත් විභාග වන අතර ග්ලයිෆෝසේට් පිළිකාකාරකයක් යයි චෝදනා කරන නඩුද මේ අතර වේ. 

ග්ලයිෆෝසේට් ආනයනය හා භාවිතය තහනම් කිරීම සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ ඉටුවු පොරොන්දු අතළොස්සෙන් එකකි. එසේ වුවද මේ වනවිට මෙම ඉටුවු පොරොන්දුවක් අර්ධ වශයෙන් කණපිට පෙරළී තිබේ. තේ හා රබර් වතු හිමියන්ගේ බලපෑමට නතුවෙමින් මෙම වගා දෙක සඳහා පමණක් ග්ලයිෆොසේට් ආනයනය කිරීමට රජය අවසරදී ඇති බව වාර්තා වේ.

ග්ලයිෆෝසේට් නොමැතිවීම නිසා තේ හා රබර් වගා අර්බුදයට යමින් පවතින බව තහනම ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති මූලික තර්කයයි. මෙම තර්කය ඉදිරිපත් කරන්නන් නොදන්නා (හෝ ඔවුන් වුවනාවෙන්ම සඟවන) කාරණාවක් තිබේ. එනම් ග්ලයිෆෝසේට් වල්නාශකය මොන්සාන්ටෝ සමාගමේ රසායනික විද්‍යාඥයෙකු වූ ජෝන් ඊ ෆ්‍රැන්ස් :න්‍දයබ ෑග ත්‍ර්බ‘* මහතා විසින් සොයා ගත්තේ 1970 දී බවය. එය වල් නාශකයක් ලෙස යන වෙළෙඳ නාමයෙන් වෙළෙඳපොළට ඉදිරිපත්වූයේ 1974 දීය. 

ලංකාවේ මුල්ම තේවත්ත බිහිවූයේ 1867ය. (නුවර ලූල්කඳුර වත්ත) මෙලෙස වසර 150ක් වූ ලංකා තේ ඉතිහාසයෙන් අඩුම තරමින් වසර 106ක් තේ කර්මාන්තය බිහිවී ව්‍යාප්තවී සාර්ථකවී ඇත්තේ ග්ලයිෆෝසේට් භාවිතයෙන් තොරවය. ග්ලයිෆෝසේට් නොමැති තැන තේ වගාවකුත් නොමැත යන තර්කය ප්‍රචාරාත්මක මුසාවක් බව මෙයින් පැහැදිලි.

රබර් වගාව පිළිබඳ සත්‍යය ද මෙයට සමානය. මෙරට මුලින්ම රබර් වගා කළේ 1876 හෙනරත්ගොඩ උද්‍යානයේය. වසර 142ක් වූ මෙරට රබර් වගාවේ ඉතිහාසයෙන් වසර 100ක්ම රබර් වගාව සාර්ථකවී ඇත්තේ ග්ලයිෆෝසේට් භාවිතයෙන් තොරවය.

පිළිකා කාරකයක් වන ඇස්බැස්ටෝස් ආනයන තහනම ඉවත් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට සිදුවූයේ රුසියාවෙන් එල්ලවූ බලපෑම් නිසාය. ග්ලයිෆෝසේට් තහනම ඉවත් කරන්නැයි බරපතළ විදෙස් රාජ්‍යයකින් බලපෑම් එල්ල නොවේ. බලපෑම් එල්ලවනුයේ මහා බලැති සමාගමකිනි.

2005 දී මොන්සාන්ටෝ සමාගමට ඇමරිකානු අධිකරණයකින් ඩොලර් මිලියන 1.5ක දඩයක් නියම විය. ඒ ඉන්දුනීසියාවේ ඉහළ නිලධාරියකුට අල්ලසක් දීමේ වරදටය. මොන්සාන්ටෝ සමාගම නිපදවන ජාන පරිවර්තක :ටැබැඑසජ්කකහ ඵදාසසෙැා* කපු පිළිබඳව පරිසර අධ්‍යයනයක් සිදු කිරීම වළකාලීම සඳහා ඉන්දුනීසියාවේ උසස් නිලධාරියකුට අල්ලසක් දුන් බවට නඩුව පවරා තිබුණු අතර මොන්සාන්ටෝ වැනි සමාගම් විශේෂයෙන්ම තෙවන ලෝක රටවල ක්‍රියාත්මක වන ආකාරය හෙළි කරන කදිම නිදසුනකි ඉහත සිදුවීම.

පර්පචුවල් ටේ‍රෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ප්‍රධාන පක්ෂවල මැති ඇමැතිවරුන්ට මුදලින් සංග්‍රහ කළ ආකාරය මේ වනවිට මාධ්‍ය මගින් හෙළිදරව් වෙමින් තිබේ. දේශපාලකයන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම ලංකා දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේද සාමාන්‍යයක් බව ඇලෝසියස් මහතාගෙන් සත්කාර සංග්‍රහ ලැබූ ඇතැමෙක් කියති. දේශපාලනඥයන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගැනීම ලෝක පුරුද්දක් යන්න සත්‍යයකි. වෙනස නම් ඇලෝසියස් මහතාගේ මේ පරිත්‍යාග සිදුවී ඇත්තේ මහා බැංකු බැඳුම්කර වංචාව සිදුවී එය රටම දැනගත් පසුවය. මහ බැංකු බැඳුම්කර මගඩියට සම්බන්ධවූවකුගෙන් මුදල් ගන්නා දේශපාලනඥයන්ට සදාචාරයක් තිබේද? එවැනි බරපතළ වරදකට නොනිල චෝදනා ලැබ ඇති සමාගමකින් මුදල් ලබා ගැනීමට මැළි නොවන දේශපාලකයන් දැවැන්ත බහු ජාතික සමාගම්වලින් මුදල් ලබා ගැනීමට මැළි වෙතැයි සිතිය හැකිද?

ග්ලයිෆොසේට් සම්බන්ධව ඇමරිකානු කෘෂිකාර්මිකයන් පිරිසක් විසින් මොන්සාන්ටෝ සමාගමට එරෙහිව පවරා ඇති නඩුවක් නිසා තම අභ්‍යන්තර ලේඛන ගණනාවක්ම ප්‍රසිද්ධ කිරීමට අධිකරණ නියෝගයෙන් සමාගමට සිදුවිය. ඇමරිකාවේ පරිසර සුරැකීමේ ආයතනයේ :ෑඡ්* දූෂිත නිලධාරින් හා මොන්සාන්ටෝ සමාගම අතරැති සබඳතාව මෙම ලේඛනවලින් හෙළිවුණු කාරණා අතර වේ. ඇමරිකාවේ වෙන දේ ලංකාවේද නොවේ යැයි කාට කිව හැකිද? 

ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායනික නිෂ්පාදනය අලෙවිය හා භාවිතය නිසා වාසි ලබනුයේ අතළොස්සකට වුවද එහි අනිටු ඵලවිපාක අත්විඳීමට සිදුවනුයේ සමස්ත ප්‍රජාවන්ටමය. මෙවැනි ප්‍රශ්නවලදී අපේ රටේ ජනතාව යම් පමණක හෝ උනන්දුවක් හා ක්‍රියාකාරිත්වයක් දැක්විය යුතු වනුයේ පස, ජලය, වාතය හා අප කන බොන දෑවලට වස අන්තර්ගතවීමේ අලාභය සමස්ත සමාජයටම පොදුවන බැවිනි. එහෙත් එවැනි උනන්දුවක් අපේ සමාජය තුළින් දක්නට නොමැත.

ජුනි මස 3 වෙනිදා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රි්‍යාකාරිත්වය නිසා පරිසරයට මෙන්ම එහි සේවකයන්ගේ හා අවට ජනතාවගේ සෞඛ්‍යයට ද වන හානිය පිළිබඳව හෙළිදරව්වක් පළවිය. එහෙත් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කිසිදු බලැත්තකුට මේ ගැන වුවමනාවක් ඇති බවක් පෙනෙන්නට නොමැත. ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට උචිතම වනුයේ සූර්ය බල ශක්තිය වුවද එය ව්‍යාප්ත කිරීමට ප්‍රමාණවත් තරම් වුවමනාවක් ආණ්ඩුවට ඇති බවක්ද නොපෙනේ. ඒ වෙනුවට ලක්විජය වැනි තවත් ගල් අඟුරු බලාගාර ඉදිකිීමේ රාජපක්ෂ සැලැස්ම සිරිසේන-වික්‍රමසිංහ පාලනයත් වැළඳගෙන ඇති බවත් දක්නට ඇත. 

වත්මන් පාලනයේ නායකයෝ බලයට පත්වීමට පෙර පරිසරය ගැන ජනතාවගේ සෞඛ්‍ය ගැන ඉමහත් උනන්දුවෙන් කතා කළෝය. රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය පාරිසරික හා ප්‍රජා සෞඛ්‍යයට හානිකර ආර්ථික පිළිවෙත් අත්හැර නව සංවර්ධන මාවතකට රට යොමු කරන බවට පොරොන්දු දුන්නෝය. ඒ සියලු පොරොන්දු පාහේ මේ වනවිට කඩ වී හමාරය. මේ කඩවුණු පොරොන්දු සම්බන්ධයෙන් ජනතාව දක්වන නිහඬතාව නිසා මෙවැනි ප්‍රශ්න ගැන ජනතාවට වුවමනාවක් නැතැයි ආණ්ඩුව සිතනවා විය හැකිය. ඡන්ද දායකයන්ගෙන් බලවත් බලපෑමක් නොමැති තැන බලගතු රටවල හා සමාගම්වල ඉල්ලීම්වලට ආණ්ඩුව අනුගත වීමට ඇති ප්‍රවණතාව ඉහළය. දුන් පොරොන්දු කඩ කිරීමේ වරද ආණඞ්ුව සතු වුවද ඊට සුදුසු වටපිටාවක් නිර්මාණය කරන්නේ අපේ නිහැඬියාව තුළින් නොවේද?

මෙවර සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව රුපියල් බිලියන 64.8ක් වැයකොට රුසියාවෙන් හෙලිකොප්ටර් හා ගුවන් උපකරණ මිලදී ගැනීමට ගුවන් හමුදාව සැරසෙයි.

ලංකාවේ යුද්ධයක් නොමැත. මූල්‍ය අර්බුදයක් නම් ඇත. ආණ්ඩුව ගතවූ මාස දෙක තුළ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා ගණනාවකම මිල වැඩි කළේ මේ මූල්‍ය අර්බුදය හේතුවක් ලෙස දක්වමිනි. එවැනි තත්ත්වයක් තුළ යුද්ධයකුත් නොමැතිව ගුවන් හමුදාවට හෙලිකොප්ටර් ගෙන්වීමට මෙතරම් ධනස්කන්ධයක් වැය කිරීමේ සාධාරණත්වය කුමක්ද? විශ්‍රාමික ආබාධිත සෙබලුන් ඉල්ලන විශ්‍රාම වැටුපදීමට මුදල් නොමැති රටක් මෙවැනි වියදමක් දරන්නේ කෙසේද?

රාජපක්ෂවරුන්ගේ පරාජයට එක් මූලිකම හේතුවක් වූයේ සාමයේ ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ලබාදෙනවා වෙනුවට ආරක්ෂක වියදම් රටට දරාගත නොහැකි තරම් ඉහළ මට්ටමක තබා ගැනීම බව වත්මන් පාලකයන්ට අමතකවී ද? ජනතාව එදිනෙදා දිවි ගැටගසා ගැනීමට වැර දරන රටක, යුද්ධ තර්ජනයකට මුහුණ නොදෙන රටක මෙවැනි දැවැන්ත වියදමක් සිදු කිරීම කෙතරම් නම් සදාචාර සම්පන්නද? 

මහා බැංකු බැඳුම්කර වංචාවේ අවසන් වගකීම අගමැතිවරයා මත පතිතවන අයුරින්ම මෙවැනි අතාර්තික හා සදාචාර විරෝධි මිලදී ගැනීම්වල අවසන් වගකීම හිමිවනුයේ ආරක්ෂක ඇමැති තනතුර දරන ජනාධිපතිවරයාටය.
ආණ්ඩුවට තවමත් තම ගමන් මඟ නිවැරැදි කර ගැනීමට කාලය තිබේ, හැකියාව ද තිබේ. මෙවර වැසි සමයත් සමඟ ගංවතුර හා නායයාම් උවදුරුවලින් වන ජීවිත හානිය අවම කර ගැනීමට හැකිවූයේ අදාළ රජයේ අමාත්‍යංශ හා ආයතනත් රතු කුරුසය වැනි සංවිධානත් ක්‍රියාකළ ආකාරය නිසාය. වැසි සමය ඇරැඹීමට අපේක්ෂිත කාලයට දෙසතියකට පෙර අදාළ රජයේ ආයතන හා අනෙකුත් සංවිධාන නියෝජිතයන් රැස්ව වැඩි ආපදා අවම කර ගැනීම සඳහා විධිමත් හා සාර්ථක වැඩ පිළිවෙළක් සකස් කොට එය ක්‍රියාවට නැගූ බව ලෝක ආහාර වැඩ පිළිවෙළේ ලංකා ප්‍රධානි බ්‍රෙන්ඩා බාවන් මහත්මිය රොයිටර් පුවත් සේවයට කියා සිටියාය.

රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ මාරවිල කුකුලු ගොවිපල හිමියකු කියා සිටියේ ප්‍රදේශයේ අදාළ රාජ්‍ය නිලධාරින් මෙන්ම රතුකුරුස සංවිධානයත් මැයි මස 22 වන දින පමණ සිට මාරවිල ප්‍රදේශයට ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි බව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට අනතුරු හැඟවූ බවයි. මෙම නිසා ගංවතුරින් වූ හානි අවම කර ගැනීමට තමන්ට හැකිවූ බවද ඔහු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

වරද පාඩමක් කර ගැනීම තුළින් සාර්ථකත්වය ලබාගත හැකි බවට ඉහත උදාහරණය සාක්ෂි දෙයි. අවාසනාවකට තම අතීත වැරැදිවලින් පාඩම් ඉගෙන අනාගතය සාර්ථක කර ගැනීමට තරම් හැකියාවක් හෝ වුවමනාවක් ආණ්ඩුවේ අති බහුතරයට ඇති බවක් නොපෙනේ. ඇලෝසියස් ධන පරිත්‍යාග නාඩගම ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරිම, රුසියන් හෙලිකොප්ටර් මිලදී ගැනීමේ සූදානම වැනි සිද්ධින්ගෙන් පෙනී යනුයේ තමනුත් රටක් ඉදිරියේ ඇති මාරාන්තික ආපදාව ආණ්ඩුවට තවමත් නිසි ලෙස ගම්‍ය වී නොමැති බවය.

ජනතාවට ලැබෙනුයේ තමන්ට කැපෙන ආණ්ඩුවක් යැයි කියමනක් තිබේ. 
ප්‍රජාතන්ත්‍රවාදි රටක් සම්බන්ධයෙන් මෙය වඩාත්ම සත්‍යය. බැඳුම්කර මගඩියට ගෑවී සිටින ජනතා නියෝජිතයන් අති බහුතරය පාර්ලිමේන්තුවට යැව්වේ අප විනා වෙන කිසිවකු නොවේ.

ඡන්ද දායකයන් මෙලෙස වරදවා ගත් අවස්ථාවකට නවතම උදාහරණය වාර්තාවූයේ ළිඳුල ප්‍රාදේශීය සභාවෙනි. මේ මස මුල් සතියේ දී ප්‍රාදේශීය සභා නව සභාපතිවරයා වූ පොහොට්ටු පක්ෂයේ අශෝක සේපාල මහතාත් එම පක්ෂයේම ප්‍රාදේශීය සභා සභික ඉෂාර අනුරුද්ධ මංචනායක මහතාත් තවත් 5 දෙනකුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ළමයකු පැහැර ගැනීමේ චෝදනාවකටය. පසුව සිදුකළ පරීක්ෂණවලදී නීති විරෝධිව රඳවා සිටි තවත් 11 හැවිිදි ආබාධිත දරුවකු මංචනායක මහතාගේ නිවසින් සොයා ගැනිති. තම බිරිඳත් 5 හැවිරිදි දියණියත් අතුරුදන්ව ඇති බවට ආගරපතන පෝටිමෝ වත්තේ වැසියකු පොලිසියට පැමිණිලි කළේ මෙයට වසරකට පෙර 2017 ජුනි 12 දාය. වසරක් පුරා පොලිසිය මේ පිළිබඳව කුමක් කළාදැයි ප්‍රශ්නයකි. අත්අඩංගුවට පත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා මේ වනවිට රෝගි බව කියමින් බදුල්ල රෝහලේ පසුවෙයි.

මේ පුද්ගලයාගේ කල් ක්‍රියාව ගැන ළිඳුල ප්‍රදේශයේ ජනතාව කිසිත් නොදැන සිටියා විය නොහැක. එහෙත් ඔවුහු පක්ෂය පමණක් සලකා මෙවැන්නකු ප්‍රාදේශීය සභාවට පත් කළහ. පොහොට්ටු නායකයෝ ඔහුට සභාපතිකම දුන්හ.
රටට විනකරන්නෙ දේශපාලකයන් පමණක්ද?