IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වී ඇටයෙන් බුසල් දෙකක බිත්තර වී

(ජයරත්න වික්‍රමාරච්චි) 


කන්න කිහිපයක් තිස්සේ මහා පරිමාණයෙන් බිත්තර වී නිෂ්පාදනයේ යෙදෙන කරුවලගස්වැව නීලබැම්මේ ගොවි මහතෙකුට කෘෂිකාර්මික ප්‍රදර්ශනයක දී  ලැබුණු බව කියන නව වී ප්‍රභේදයක වී ඇටයක් වගා කර  කන්න තුනක් තුළ දී බිත්තර වී බුසල් 2ක්  නිෂ්පාදනය කළ පුවතක් වාර්තාවේ.

නීලබැම්ම දකුණූ ඉවුරේ පදිංචි  එච්.එම්. නන්දසේන නම් මේ ගොවි මහතා සිය බිරිය සහ දියණිය ගේද සහය ඇතිව  බිත්තර වී වගාව කරන්නේ නීලබැම්ම දකුණු ඉවුර කොටසේ පිහිටි ඉඩමකය.

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්දැකීම් බහුල උත්සහවන්ත අධිෂ්ඨානශිලී ගොවි මහතෙකු වු බැවින්  වී ඇටයකින්  වී බුසල් දෙකක් ලබා ගැනීමට තරම් දක්ෂතාවක්  ඔහු සතුව පැවතිණි.

එම පුවත සැලවීමෙන් පසුව නන්දසේන ගොවි මහතා සොයාගිය  අපට ඔහුගේ සාර්ථකත්වය දැකගැනීමට හැකි විය.


නන්දසේන ගොවි මහතා ඇතුළු ගොවීන් කිහිප දෙනෙකු ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතුන්ගේ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ දැනට කන්න කිහිපයක සිටම සාර්ථකව බිත්තර වී නිෂ්පාදනයේ  යෙදෙති.

භූමියේ පිහිටීම අනුව නීලබැම්මේ බහුතර ගොවීන් පිරිසක් වී වගාව සිදුකරන්නේ ද මෝටර් යොදා උස්සාන වාරි ක්‍රමයටය. ඒ සදහා කලාඔය හරස්කර බැදි නීලබැම්ම අමුණෙන් දවසේ පැය 24 පුරාම ජලය සපයා ගැනේ.


පොදුවේ රටටත් , විශේෂයෙන් නියගය හේතුවෙන් දැනට කන්න කිහිපයක් තිස්සේ වී නිෂ්පාදනය  අතරමග නැවැතී  තිබී යළි වගාවට අවතීර්ණ වූ නීලබැම්ම ආශ්‍රිත ඇතැම් කෙත්යායවල ගොවීන්ටත් මෙමගින් සිදුවන සේවාව සුළුපටු නොවේ.


මිට වසර දෙකකට පමණ ඉහත දී දකුණු පළාතේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් නැරඹීමට ගිය නන්දසේන මහතාට AT-306  නම් බාස්මතී වර්ගයට අයත් වී ප්‍රභේදයේ වී ඇටයක් ලැබී ඇත. ‘‘ හිත ඇත්නම් පත කුඩාද ‘‘ කීවා සේ එසේ තමන්ට ලැබුණු වී ඇටය පරිස්සමින් නිවසට රැගෙන එන නන්දසේන මහතා  එම වී ඇටය පැළකර අනතුරුව එම පැළය කුඹුරේ සිටුවා ඇත. 


එසේ සිටවන ලද  ගොයම් පැළයට සාත්තු  කර රැක බලා ගත් නන්දසේන මහතා එම කන්නයේ දීම ඔහු වගා කළ එම වී ඇටයෙන් ගොයම් ගස් 10කින් යුතු ගොයම් පඳුරකින් ලැබෙන තරමේ අස්වැන්නක් ලබා තිබේ.

 

ඒ ආකාරයට කන්න දෙකක් තුළ ලද එකිනෙකට වැඩි  කරගත් අස්වැන්න මෙවර මහ කන්නයේ දී නැවත වගා කිරීමෙන් වී බුසල් දෙකක් දක්වා වැඩිකර ගැනීමට ඔහුට හැකි වී තිබේ.

මීට අමතර ඔහු අක්කර බාගයක් පමණ වන සිය කුඹුරේ ‘‘AT-311‘‘ (රතු හාල්) බාස්මතී වී නව වී ප්‍රභේදය, ‘‘සුවඳ සම්බා‘‘ වී ප්‍රභේදය සහ ‘‘රත් සුවදැල්‘‘ නමැති පාරම්පරික වී ප්‍රභේදය ද වගාකර ඇත. මේ වී වර්ග සදහා කාබනික පොහොර පමණක් භාවිත කළ බව නන්දසේන මහතා අප හා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

‘‘ මේ ප්‍රභේදය මම වී ප්‍රදේශය පුරා  වගේම රටේම  ව්‍යාප්ත කිරීමට බලා පොරොත්තු වෙනවා . එ තුලින් වස විස නැති ගුණාත්මක වී නිෂ්පාදනයක් ප්‍රචලිත කිරීම තමයි මගේ අරමුණ. ඒ වගේම  මම වෙනත් ඉඩමක මහා පරිමාණව බිත්තර වී නිෂ්පාදනය කරනවා.

මම මේ වී වගාව කරන්නෙ රසායණික පොහොර කිසිවක් දාන්නෙ නැතිව ආදර්ශයක් හැටියටයි. ඉදිරියටත් මේ වගාව මම කරගෙන යනවා. ඒ වගේම මේ කටයුතුවලදී මගේ බිරිඳ,දියණිය වගේම කෘෂි උපදේශක මහත්වරු විශාල සහයක් දෙනවා.‘ යැයි පැවසීය.


 



අදහස් (21)

වී ඇටයෙන් බුසල් දෙකක බිත්තර වී

champika Tuesday, 13 March 2018 12:20 PM

තෙරුවන් සරණෙන් ජයම වේවා

:       0       352

lasun Tuesday, 13 March 2018 02:32 PM

මේ ප්‍රවෘත්තිය දැක්කාම අපේ රට ගැනත් මේ මහත්මයා ගැනත් ලොකු ආඩම්බරයක්

:       0       196

ROSHAN - Australia Tuesday, 13 March 2018 02:57 PM

ඔබ තුමාට බුදු සරණයි. පිටරටවල වඩාත්ම ඉල්ලුමක් තියන්නේ දිග ඇට බාස්මති සහල් වලට. මෙය රට පුරාම ව්‍යාප්ත කරන්න ඔබතුමාට හැකි වේවි .

:       1       153

Rohitha Tuesday, 13 March 2018 05:00 PM

ඔබට අපගේ සුභ පැතුම්

:       0       139

hema Wednesday, 14 March 2018 03:17 AM

මෙතුමාට දිරිය ශක්තිය ලැබේවා!!! මෙවැනි වීර පුතුන්ට ලක්රජය දෙන සහයෝගය කුමක්ද අදාල ඇමතිතුමනි මේ ඔබේ අවදානය යොමුවේවා

:       0       23

sira Wednesday, 14 March 2018 04:47 AM

ආ මෙන්න මිනිස්සු !!!

:       0       35

Perakum Wednesday, 14 March 2018 05:08 AM

ඇත්ත අපි සුබ පතන්න ඕනෑ. ඒත් අපේ රටේ එක එක නම්වලින් ගොවිතැනට ඇමතිවරු කීදෙනෙක් නම් ඉන්නවද? ඒ කට්ටිය මේ ගැන මොනවද කරන්නේ?

:       0       90

lankaputha Wednesday, 14 March 2018 07:09 AM

එතකොට වී ඇටේ හැදුනේ එක ජාතියක පඳුරක්. පරාගනය සිදුවෙන්නේ වෙනත් වී එක්ක. හැදෙන්නේ මොන වී ඇටද?

:       234       39

jayaThursday, 15 March 2018 03:03 AM

ඕවා ලංකාවේ අයට තේරෙන්නේ නෑ. ගණන් ගන්න එපා dislike වැටුනට.

:       118       338

chinSaturday, 17 March 2018 04:04 AM

දන්නේ නැත්තේ ඔබයි. වී පර පරාගනය නොව ස්ව පරාගනය වෙයි.

:       0       8

PerakumThursday, 15 March 2018 01:53 PM

ඔබ නොදන්නවා වුනාට අපේ බිත්තර වී ගොවියෝ දන්නවා වී ස්වපරාගනය වන බව...

:       0       27

kimFriday, 16 March 2018 08:01 AM

ලංකාවේ අය 90% හැගීම් වලට තමයි වැඩ කරන්නේ. බුද්ධිමත් අය අඩුයි. එක තමයි හැමදාම වංචාකාරයන් බලයට එන්නේ සහ නිවැරදි පුද්ගලයන් තනතුරුවල පත් නොවෙන්නේ.

:       0       10

Sarath Silva Wednesday, 14 March 2018 09:37 AM

ජයග්‍රාහී කටයුත්තක්! දිගටම කරගෙන්න යන්න ශක්තිය, ධෛර්යය, සහයෝගය ලැබේවා කියා පතන්නෙමි.

:       0       42

ධම්මිකා Wednesday, 14 March 2018 10:14 AM

මෙන්න ගොවි රජවරු. තෙරුවන් සරණයි ඔබතුමාට...

:       2       56

ROSHAN Wednesday, 14 March 2018 12:31 PM

වටිනාකම් තියෙන මිනිස්සු රටේ ඉන්න එක කොච්චර දෙයක්ද? ඒත් ඕවා කොච්චර කල් දිගටම කරගෙන යයිද, රජය අකුල් හෙලන්නේ නැතුව...?

:       0       75

nimal Wednesday, 14 March 2018 04:15 PM

ලංකාපුත්‍ර තෘණ කුලයේ ශාක ස්වභාවයෙන්ම පරාගණයට බරයි.

:       0       1

Udarath Thursday, 15 March 2018 07:01 AM

ගොඩක් හොඳයි පොල් ගෙඩියෙන් තව පොල් ගෙඩි දෙකක් ගත්තනම් සර්ව සම්පූර්ණයි

:       0       0

weerasingha Thursday, 15 March 2018 02:03 PM

තෙරුවන් සරණයි ඔබතුමාට..!!!

:       0       1

උපුල් Thursday, 15 March 2018 04:23 PM

ඉතාම හොද ප්‍රවෘත්තියක්

:       0       1

anula Monday, 19 March 2018 06:14 AM

තෙරුවන් සරණයි

:       0       0

ශාන්ත කුමාර Tuesday, 07 September 2021 12:04 AM

මොනවාද වී වර්ගය

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 105 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 194 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 337 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 64 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 516 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 279 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site