ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ 1978 ව්‍යවස්ථාවෙ නි. ඊට පෙර මෙරට පැවැතියේ පාර්ලිමේන්තුව මත පදනම් වූ ක්‍රමයකි. පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් අතරින් වැඩිම විශ්වාසයක් දිනාගන්නා මන්ත්‍රීවරයා අගමැතිවරයා වශයෙන් තේරී පත්වීම එහිදී සිදුවුණි. ඕනෑම රටක පක්ෂ දේශපාලන ක්‍රමය තිබෙන එවන් පක්ෂයකින් ඉදිරිපත්ව න දේශපාලන නායකයකු අගමැතිවරයා වන බව  හොඳින් දන්නා කරුණකි.

අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමය පවතින රටවල්වල සෑමවිටම තිබෙන්නේ දැනටත් ලෝකයේ රටවල් වැඩිම ගණනක භාවිත වන කේ වල ඡන්ද ක්‍රමයයි. එයට ප්‍රධාන හේතුව එය ඉතා සරල වීමය. පහසුවෙන් ජයග්‍රහකයා හඳුනාගත හැකි වීමය. අද‌ාළ  කොට්ඨාසයට මන්ත්‍රීවරයකු පත්වනු ඇත. මේ නිසා මෙ ය ඉතා යෝග්‍ය ක්‍රමයක් වශයෙන් ඕනෑම කෙ නකුට හඳුනාගන්නට පුළුවන. මේ අනුව බලන විට අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමය රඳා පවතින්නේ කේවල ඡන්ද ක්‍රමයත් සමඟය.

එහෙත් කේවල ඡන්ද ක්‍රමයක් සමඟ ජනාධිපති ක්‍රමය පවත්වාගෙ න යන රටවල් කීපයක්ද  ලෝකයේ තිබේ. ඒ බොහෝ රටවල කේවල ඡන්ද ක්‍රමය සමඟ ජනාධිපති ක්‍රමයට වඩා තිබෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයකි. ඒ අනුව සාමානුපාතික ඡන්ද ක්‍රමය ජනාධිපතිවරයාත් සමඟම බැඳී පවතී. 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේදීම අපේ රටටත් සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දී තිබේ. එහෙත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මේ දැක්ම බොහෝ දෙනා කියවා නැත. මේ ව්‍යවස්ථාවෙන් මන්ත්‍රී සංඛ්‍යාව 225කට වැඩි කළ බව ඇත්තකි. මෙහිදී විශේෂ පියවරක්ද ගත්තේ ය. එනම් බෝනස් මන්ත්‍රී ක්‍රමයක් හඳුන්වා දීමය. මෙරට තේරී පත්වන මන්ත්‍රී 225න් සමානුපාතික ඡන්ද ක්‍රමයෙ න් පවත්වන්නේ මන්ත්‍රීවරුන් 203කි. ඉතිරි විසි දෙදෙනා මැතිවරණ දිස්ත්‍රික්ක ජයගන්නා ආකාරය අනුව හිමිවනු ඇත. එනම් යම් දිස්ත්‍රික්කයක් ජය ගන්නා පක්ෂයට එක් බෝනස් මන්ත්‍රී ධුරයක් වශයෙනි.

මේ නිසා අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයකදී භාවිත වන ඡන්ද ක්‍රමය සමානුපාතික යැයි ප්‍රකාශ වුවද එය එසේමද? සමානුපාතික ඡන්ද ක්‍රමය පවතින රටවල තිබෙන්නේ අස්ථාව ර ආණ්‍ඩු බව ජයවර්ධන ජනාධිපතිවරයා වටහා ගත් කරුණකි. ජයග්‍රහණය කෙතෙක් ලැබුණද සියයට පනහ ඉක්මවීමට නොහැකි වන අවස්ථාවලදී සහ සියයට පනහ ආසන්න වශයෙන් පවතින අවස්ථාවලදීත් පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වයට බරපතළ ආකාරයේ ගැටලුවක් ඇතිවනු ඇත. එහෙත් පාර්ලිමේන්තුවට ඉහළින් ජනාධිපතිවරයකු සිටින නිසා රටේ ස්ථාවරත්වයට ගැටලුවක් ඇති වූයේ නැත. මේ නිසා විධායක ජනාධිපතිවරයාත් සමඟ යම් සාධාරණත්වයක්  පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් සෑම පක්ෂයකටම සමානුපාතික නියෝජනයෙන් ලැබී තිබේ.

ජයවර්ධන ජනපතිවරයා හඳුන්වා දුන් ක්‍රමය අනුව මුලින්ම මැතිවරණය පැවැත්වූයේ 1989 දීය. එතැන් සිට මැතිවරණ හතක් මේ දක්වා පවත්වා තිබේ. එහි අවසන් මහ මැතිවරණය පැවැත්වූයේ 2015දීය. දෙසිය විසිපස් දෙනකු සිටින පාර්ලිමේන්තුවේ සරල බහුතරය ලබාගැනීමට 113ක් ලබාගත යුතුය. 1989දී එජාප මන්ත්‍රීධුර 125ක් දිනාගෙන සරල බහුතරය ලබාගත්තේ ය. 2010 පොදුජන එක්සත් ප‍ෙරමුණ මන්ත්‍රීධුර 144ක් දිනාගෙ න තිබේ. ඉහත කී මැතිවරණ හතෙන් මැතිවරණ දෙකකදී පමණක් සරල බහුතරයක් සහිත ආණ්‍ඩුවක් නිර්මාණය වී තිබේ. බෝනස් මන්ත්‍රීධුර විසි දෙකක් ලබා දුන්නද අන් සෑම අවස්ථාව කදීම ප්‍රධාන පක්ෂ දෙකෙොන් එකකටවත් සරල බහුතරයක් සහිත ආණ්‍ඩු පිහිටුවා ගැනීමට නොෙහැකි වුණි. 2015 මැතිවරණයේදීත් එ.ජා. පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 106කි. අවස්ථා දෙකකදී හැර අනෙක් අවස්ථා පහේදීම මේ  ගැටලුව ඇතිවී තිබේ. මේ අනුව බලන විට ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය යනු දෙකක් නොව. එකකි. මේ දෙකම එකවර සංශෝධනය කරනවා මිස ජනාධිපති ක්‍රමය පමණක් වෙ නස් කිරීමෙන් රටකට ඇතිවන්නේ හානිකර තත්ත්වයකි. දේශපාලන වශයෙන් අස්ථාවර ත්ත්වයකට රට තල්ලු වනු ඇත. දිස්ත්‍රික්කයකට එක් බෝනස් මන්ත්‍රී ධුරයක් ලබාදීමේ ඡන්ද ක්‍රමය පවත්වා ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රට ඉතාමත් නරක තැනකට ගමන් කරනු ඇත. 

මෙවැන්නක්  නොවන බව කියන්නට කෙනෙකුට පුළුවන. මැතිවරණයෙ න් පසුව සභාග හැදිය හැකි යැයි කියන්න ට පුළුවන. යුරෝපයේ සෑම රටකම පාහේ භාවිත වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයයි. ඒ බොහෝ රටවල තිබෙන්නේ අස්ථාව ර ආණ්‍ඩුය. එම රටවලට ආණ්‍ඩු පවත්වාගෙන යාමට හැකිවී තිබෙන්නේ සුළු කාලයකි. ජපානයේද අපට මෙම තත්ත්වය දැකගන්න ට පුළුවන. මෑතකදී මැතිවරණවල තත්ත්වය වෙනස් වුවත් බොහෝවිට සිදුවන්නේ ඉහත කී කාරණයයි. එනිසා රටට ස්ථාවර ආණ්‍ඩුවක ඇති වුවමනාව මූලිකවම සාකච්ඡා විය යුත්තකි.

මෑත ඉතිහාසය ගත් විට සිවිල් යුද්ධ කීපයකට රට මුහුණ දී තිබුණි. එල්.ටී.ටී.ඊ  ත්‍රස්තවාදී ගැටුම ඉන් එකකි. 1971 සහ 88-89 කාලවලදී ද රටේ පැවැතියේ යුදමය වාතාවරණයකි. මේ අවස්ථා දෙකේ අරමුණු වෙනස් වුවද කණ්ඩා යම් දෙකම අභියෝග කළේ රටේ ස්ථාවරත්වයට එරෙහිවය. එවන් අතීතයක් ඇති රටක අස්ථාව ර ආණ්‍ඩුවක් නිර්මා ණය වුවහොත්කනගාටුදායක  ත්ත්වයකට රට ගමන් කරන බව මෙහි මූලික අදහසය.

මේ දිනවල කතිකාව විසිවැනි සංශෝධනයයි. ජනාධිපති ක්‍රමය, ජනාධිපතිවරයාගේ දින වකවානුල ජනාධිපතිවරණය සහ මහමැතිවරණය අතර දිනවල වෙනස්කම්, මේ කාර්ය අතර භාරකාර ජනාධිපතිවරයා වන්නේ  කවුද යනාදිය සම්බන්ධව කතාකරන ස්වරූපයක් දක්නට නැත. තාක්ෂණික ගැටලු සාකච්ඡා කරනවා හැරෙන්න ට මැතිවරණ ක්‍රමය වෙනස් වන්නේ කෙසේද දැයි  කිසිදු තැනක සඳහන්ව නැත. තිබෙන බරපතළම ගැටලුව එයයි. සමානුපාතික සහ මනාප ඡන්ද ක්‍රමය හේතුවෙ න් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්ව සිටින අපහසුතාව කතානායකවරයා පත්ව සිටින අසීරුතාව දකින විට මන්ත්‍රීවරු මුදලට විකිණෙන්නේ නැහැ කියන සංකල්ප‍යේ සිටීමට කිසිවෙකුට නොහැක. සෑම පක්ෂයකම පාහේ මන්ත්‍රීවරු විකිණී තිබේ.
 විසිවැනි සංශෝධනය ඉදිරිපත් කරන ජ.වි.පෙ සුළු දේශපාලන පක්ෂයක් හැටියට වැඩිම බෙදීම්වලට ලක්ව ඇති පක්ෂයකි.

අදටත් ජ.වි.පෙ ප්‍රධාන කණ්ඩා යම් තුනක් ඔස්සේ බෙදීම් සිදුව තිබේ.  ජ.වි.පෙ එක් කණ්ඩායමකි. ජාතික නිදහස් පෙරමුණේ එක් කණ්ඩා යමකි. පෙරටුගාමී පක්ෂයේ තවත් කණ්ඩායමකි. මෙලෙස බෙ දී   ගොස් සිටිෙන්නේ මුලින් ජ.වි.පෙ සිටි සාමාජිකයන්ය. මීට අමතරව ජ.වි.පෙ සිටි සෑහෙ න පිරිසක් ශ්‍රී.ල.නි.ප.ය ට නොසිනි. තවත් අය එ.ජා.ප.ය නියෝජනය කරති. ජ.වි.පෙ ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා වූ නන්ද න ගුණතිලක මහතා අද එ.ජා.පය නියෝජනය   කරමින් පානදුර නගරසභාවේ නගරාධිපතිය. පානදුර නගර සභාවට පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ශේප නොවූවානම් ජ.වි. පෙන්   ජනාධිපති වීමට සිටි පුද්ගලයා එ.ජා.පයේ නාගරික මන්ත්‍රීවරයකු වීමට ඉඩ තිබුණි. මේ අනුව පුද්ග ලයන් නිසා හොඳ දේවල් වෙනවා කියන සංකල්ප ය පිළිගන නොහැක. පක්ෂයක් වශයෙ න් ජ.වි .පෙ න් රටට යම් සේවාවක් සිදුව තිබේ. එය ඇගැයිය යුතුය. නිදහස් අධ්‍යාපනය  සහ නිදහස් සෞඛ්‍ය රැකගැනීමට ඔවුන් කරන අරගලය අතිවිශිෂ්ටය. මේවා පිළිබඳව අපට ඇත්තේ පැහැදීමකි. එහෙත් සියලු දේ සිදුවන්නේ ඒ මත යැයි සිතා තීරණ ගැනීමට අපහසුය.

දැනට තිබෙ න පක්ෂ අතරින් විනයක් ඇති පක්ෂය හැටියට සැලකිය හැක්කේද ජ.වි.පෙ ය. එසේ වූ පමණින් ඔවුන් ඉදිරිපත් කරන  යෝජනාවක් අනුව රටට සර්ව සාධාරණයක් ඉටුවනවා යැයි සිතීම අපහසුය. ඒ ඉතිහාස ක්‍රියාකාරීත්වයක් විමසිල්ල ට ලක්කරමිනි. ඉහළ විනයක් ඇති පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා විවිධ ස්ථානවල යාමෙ න් පෙ නෙන්නේ ජනාධිපති ක්‍රමය,  මනාප ක්‍රමයත් සමඟ අපේ රටේ මන්ත්‍රීවරුන් ඉතාමත් පහළ ස්ථානයක සිටින බවය. තිබෙන මූලිකම ප්‍රශ්නයක් වන්නේද එයයි. 

19 වැනි සංශෝධනයෙන්  රටට සුගතියක් වූ බව බොහෝ දෙනා කියති. එහෙත් එයින් සැබෑවටම එවැන්නක් වූවාද යන්න පිළිබඳව ධන සහ ඍණ දෙවර්ගයේම ලකුණු තිබේ. යම් යම් සාධනීය දේවල් මෙන්ම විනාශකාරී දේවල් ද සිදුව තිබේ. රට අරාජික තත්ත්වයකට පත්ව තිබියදීත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාමේ අපහසුතාවකට මුහුණ දීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ. මෙව න් උදාහරණ ගණනාවක් පෙන්වා දීමට පුළුවන.  ඒ වගේ ම මෑතකදී පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී වූයේ කුමක්දරෑ 2012 පනතක් තිබුණි. එම පනත වෙ නස් කළේ වත්මන් ආණ්ඩුවය. පළාත් පාලන ආයතන මැතිවරණයෙ න් වැඩිම වාසි අත්වී ඇත්තේ සුළු පක්ෂවලටය. ජ.වි. පෙ වැනි පක්ෂ එතැනදී විශේ ෂිතය. මැතිවරණ කොට්ඨාස 4400කින් පමණ ජ.වි .පෙ දිනුවේ එක් කොට්ඨාසයකි. එහෙත් මන්ත්‍රීවරු දසදහසක් පමණ තේ රීමේදී ජවිපෙටද මන්ත්‍රීවරු හාරසිය ග‌ණනක් හිමිව තිබේ. මෙතැන තිබෙ න ගැටලුව වන්නේද එයයි. අපට වඩා වැදගත් වන්නේ රටද පක්ෂයද යන සංකල්පයෙ න් මේ දෙස බැලිය යුතුය. අපට සිතීමටවන්නේ රට සම්බන්ධයෙනි. එතැනදී සමහර පක්ෂවලට වාසියකුත් තවත් පක්ෂවලට යම් අවාසියක් විය හැකිය. කෙසේ වෙතත් මේ මැතිවරණ ක්‍රමය පවත්වා ගනිමින් අගමැතිවරයා තේරීමට ගියහොත්   සුළු ජාතික පක්ෂවලට සහ සුළු පක්ෂවල කේවල් කිරීමේ ඉහළ හැකියාවක් ලැබෙනු ඇත. එය රටකට එතරම් හොඳ නැත. 2015 මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම සරල බහුතරය ලබාගැනීමට හැකිවූයේ නැත. මේ දෙකම සන්ධාන බවද අමතක නොකළ යුතුය. තිබෙන්නේ 106ක් සහ 95ක්  නම් 106 සිට 113ට යාමට තව හත් දෙනෙකු අවශ්‍යය.

ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට වන්නේ සුළු ජාතික පක්ෂයකින් හෝ සුළු පක්ෂයකිනි. එනිසා මේ මැතිවරණ ක්‍රමය තබාගෙන අගමැතිවරයා   තෝරා ගැනීමට ගියහොත් සුළු ජාතික පක්ෂවල සහ සුළු පක්ෂවල සිරකරුවකු බවට අපේ රටේ අගමැතිවරයා පත්වන්න ට පුළුවන. එනිසා විසි වැනි සංශෝධනයට රටේ සමස්තය එකඟ වෙනවා නම් දිනයේදීම රටේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය. 

එසේ වෙනස් කර ඉතා සුළු සමානුපාතික ප්‍රමාණයක් තබා ගනිමින් වැඩි කේවල බලයක් සහිත අලුත් මැතිවරණ ක්‍රමයකට යාමට සිදුවනු ඇත. අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයක් පැමිණීම හොඳය. එහෙත් එවැන්නකදී ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කිරීම ප්‍රමාණවත් නැත. 13 වැනි සංශෝධනයෙන්     පළාත්භාවලට දී ඇති බලතල පරිපාලනය කරන්නේ කවුරුන්දැ යි ගැටලුවකි. 13 වැනි සංශෝධනය  කළේ විධායක ජනාධිපති ක්‍රමය තිබූ අවස්ථාවේදීය. 13 වැනි සංශෝධනයට  අතවත් නොතබා ජනාධිපති ක්‍රමය වෙනස් කළ විට එහිදී ඇතිවන හිඩැස ගැටලුවකි. මේ ආණ්‍ඩුවේ සියල්ලන් එකතුවී හැදූ පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ගැටලු නැතිද?  ගැටලු නැති නම් මහරගම නගර සභාවේ බලය හිමිවූ ස්වා ධීන කණ්ඩායම් අය වෙ නුවට වෙනත් කාන්තාවන් හය දෙනකු පත්වූයේ කෙසේද ? මෙයින් වූයේ සමස්ත ඡන්ද ක්‍රමයම හෑල්ලුවට ලක්වීමය. මේවායෙන් පෙ න්නුම් කරන්නේ සියලු දෙනා එක්ව හැදූ සුපිරි පනතේ අඩුපාඩු කොතරම්ද කියාය.

මේ ආකාරයට අනෙක් අංශ ගැන නොබලා ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත්   20 වැනි සංශෝධනයේද   තාක්ෂණික ගැටලු රාශියක් ඇතිවන්න ට පුළුවන. එය සමස්තයක් වශයෙන් රටට බලපාන්න කි. ජනාධිපති ක්‍රමය නැති කිරීමට පනතක් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට පෙ ර ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් එයට සමගාමීව අහෝසිවිය යුතු අනෙක් සාධක මොනවාදැයි  රටේ සංවාදයක් ඇතිවිය යුතුය.

සටහන - චමින්ද මුණසිංහ