IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැරදුණු තැනින් නැවුම් ගමනක්

(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන  විද්‍යා සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ - ධම්ම දිසානායක)

”බලයට පත්කිරීමට මා ද දායකවූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සමත්කම දක්වන්නේ තම අසමත්කම් ප‍්‍රදර්ශනය කිරීමට ය.” මේ ප‍්‍රකාශය මගේ ගුරුවරයා වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ගේ ය. ජනවාරි ආණ්ඩු වෙනස සඳහා ඔහු දැක්වූ සහයෝගය ජාතික මට්ටමින් ප‍්‍රදර්ශනාත්මක නොවුවද තීරණාත්මක දායකත්වයක් සපයා ඇති බව ඒ ප‍්‍රකාශයෙන් පෙනී යයි.

සති අග පුවත්පතකට ඔහු ලියා ඇති ලිපියෙහි සාරය දෙස බලන විට පෙනෙන්නේ ‘ජනවාරි බුද්ධිමතුන්ගෙන්’ බොහෝ පිරිසක් ඔවුන් අපේක්ෂා කළ යහපාලන ප‍්‍රතිමාන ඉටු නොවීමේ සාංකාවෙන් පෙළෙන බවය. එසේම තම ප‍්‍රතිමානාත්මක සමාජ දේශපාලන ප‍්‍රර්ථනා ඉටු කිරීමේ යම් විභවතාවක් තවමත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සතුව පවතින බවට වූ විශ්වාසයක් මොවුන් සතුවන බවය.

විවිධ මට්ටමේ ආණ්ඩු විරෝධීන්ගේ නොමඳ නින්දා ගැරහුම්වලට ලක්වන ජනවාරි දේශපාලන දායකයන් දෙස සාධාරණ  මැදහත් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුය. යන්න ඇඟවීම මෙවර ලිපියේ එක අරමුණකි. එසේම කඩා වැටෙන ආණ්ඩුවෙන් පසු දේශපාලනය කවරාකාර විය යුතුද යන්න විමසා බැලීම තවත් අරමුණකි.

ජනවාරියේ දේශපාලන වෙනසට දායක වූ බුද්ධිමතුන්ට ඒ සඳහා සාධාරණ හේතු තිබුණි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට රාජපක්ෂ පාලනය විසින් සිදුකොට තිබූ අනිසි මැදිහත්වීම් එහිදී ප‍්‍රධාන විය. උපකුලපති තනතුරු පමණක් නොව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති පත්කිරීම සම්බන්ධව පවා එකී පාලනය කාලයේ අනිසි මැදිහත්වීම පිළිබඳ සරසවි ආචාර්ය ප‍්‍රජාව සිටියේ දැඩි කල කිරීමකිනි.

එකී ක‍්‍රියාවලිය වෙනස් කිරීමට එවක ආණ්ඩුවේ විවිධ තනතුරු දැරූ මා ද ඇතුළු සරසවි ආචාර්යවරුන් කීප දෙනකු උත්සාහ ගත්තද එය සාර්ථක නොවීය. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ  උපකුලපතිවරිය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ධුරයට පත්කොට ඇයගේ ස්වාමියා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත්කිරීම සිදුවූයේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ දැඩි විරෝධය මැදය.

එකී උපකුලපතිවරිය සහ උපකුලපති, රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඒ තනතුරට පත් කරනු ලැබුවේ ඒ දෙවාරයේම ඔවුන් දෙදෙනාට වඩා ඡන්දය ලබා ගත් මහාචාර්යවරයාට ඒ අවස්ථාව ලබා නොදෙමිනි. මේ කරුණ සහ අනෙකුත් විශ්වවිද්‍යාලවල සිදුකළ මේ ආකාරයේ පත්වීම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බලවත් අප‍්‍රසාදය සහ පිළිකුල ආණ්ඩුව වෙත එල්ලවීමට ප‍්‍රබල හේතු විය.

එසේම ඒ පත්වූ අය ආණ්ඩුවේ හිත දිනාගැනීම සඳහා ආණ්ඩුවේ පදයට නැටීම මිස විශ්වවිද්‍යාල අරමුණු සඳහා එතරම් අවධානයක් යොමු නොකිරීම සහ අදාළ ඇමැතිවරුන්ගේ දඩබ්බර සහ අගතිගාමී ක‍්‍රියා සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයම අර්බුදයට ගෙන ගියේය (මේ තත්ත්වය මේ මොහොතේ ද  ඒ විධියටම පවත්නා බවට එක් උදාහරණයක් වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීම සිදුවූ ආකාරයයි).

2005 ජනාධිපතිවරණයේ දී සියයට අනූපහක්ම සහ 2010 ජනාධිපතිවරණයේ දී සියයට හැත්තෑපහක් පමණ මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මතු කී හේතු නිසා 2015 ජනාධිපතිවරණයේදී සියයට අනූනවයකින්ම පෙළ ගැසුණේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන්ය (රටේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයන් රාජපක්ෂ පාලනයට එරෙහි වුණේ තම ආයතනවල ඉහත කී අකාරයේ අභ්‍යන්තරික ප‍්‍රධානීන්ගේ දඩබ්බර සහ අනුවණ හැසිරීම් සහ ඒවාට ජනාධිපතිගේ පාලනය වගකිවයුතුය යන මතයේ පිහිටාය).

ආචාර්යවරුන්ගේ තීරණය සාධාරණය. එවැනි අයහපත් තත්ත්වයක් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට යළි යළිත් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පුර්ණ ආණ්ඩු වෙනසක් වෙනුවෙන් සියයට හයේ (6%) අලංකාරිකය හෝ වෙස්මුහුණ පෙරටු කරගෙන රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඔවුන් ජන සමාජය ඒකරාශී කරන්නේ තවත් බොහෝ යහපාලන මූලධර්ම විධිමත් අලංකාරික ලෙස භාවිතා කරමිනි. ඔවුන්ගේ අරමුණ නිර්ව්‍යාජ එකකි. අවංක එකකි. එහෙත් මේ නිර්ව්‍යාජ සහ අවංක සමාජ ව්‍යාපාරය ගෝලීය සහ එහි දේශීය සහචර ධනවාදයේ කුමන්ත‍්‍රණකරුවන්ගේ, වාඩිලා ගැනීමේ මාගලක් වීම වළක්වා ගැනීමට තරම් සංයමයක් සහ කල්බැලීමක් මේ බුද්ධිමතුන් සතු නොවීමත්, හදිස්සියත්, සමාජයට අත්කර දුන්නේ මාරාන්තික ප‍්‍රතිවිපාකයෝ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සේවය කරන මා මිත‍්‍ර ආචාර්ය ගුණරුවන් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රමුඛ බුද්ධිමතෙකි. ශාස්ත‍්‍රීය පර්යේෂකයෙකි. එසේම ඒ ක්ෂේත‍්‍රය සහ තවත් බොහෝ සමාජ ආර්ථික දේශපාලන කටයුතු පිළිබඳ ජාතික මට්ටමේ අවංක මැදිහත්කරුවෙකි. රාජපක්ෂ පාලන සමයේ ටික කලකට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු ඉන් ඉල්ලා අස්වී නැවත විශ්වවිද්‍යාල සේවයට ආවේ අදාළ ඇමැතිවරයාගේ හිතුවක්කාර ක‍්‍රියාවලට සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා ක‍්‍රියා නොකරන බවට ප‍්‍රබල චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කරමිනි.

ඉන් නොනැවතුණු ඔහු ජනවාරි යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පෙරමුණේ රාළ කෙනෙක් ලෙස කටයුතු කළේ නැවත එවැනි දුෂිත අමාත්‍යාංශයක් හෝ ආණ්ඩුවක් නොදැකීමේ අරමුණෙනි. යහපාලන ආණ්ඩුවේ ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නැවතත් පත්වූ ඔහු ටික කලකින් අර චෝදනා ම නඟා ඉල්ලා අස්වූයේ ආණ්ඩුව පෙරළා දැමීම හැර වෙනත් විකල්පයක් නැත යන්න අප වැනි මිතුරන්ට සහ සමාජයට පවසමිනි. දැන් ඔහු ක‍්‍රියා කරමින් සිටින්නේ ඒ වෙනුවෙනි.

මින් පෙනී යන්නේ රාජපක්ෂ පාලනය එපා වූ අයුරින්ම මේ බුද්ධිමතුන් බොහෝ දෙනකුට පවත්නා පාලනය ද එපා වී ඇති බව ය. එහෙත් මහාචාර්ය උයන්ගොඩ වැනි මැදහත් සිතන්නන්ට අනුව නම් (ඔවුන් ඍජුවම නොකීවද සිතන බව පෙනෙන්නේ) එපා වී ඇත්තේ, පෙරළා දැමිය යුත්තේ අගමැති වික‍්‍රමසිංහ පාලනය මිස ජනාධිපති සිරිසේන පාලනය නොවේ.

රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ගැන විශේෂ අවධානය යොමුකරන මෙවැනි බුද්ධිමතුන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වෙන්නේ රාජ්‍ය බලය බෙදීමට නොව එය සාර්ව සහ ක්ෂුද්‍ර මට්ටමේ බහුත්වවාදී පදනමකින් නොකිරීම පිළිබඳවය. මෙය නව තත්ත්වයකි. එනම් එක්තරා මට්ටමකට රාජපක්ෂ අදහස සාධනීය කටයුත්තකට යොදා ගත හැකි බවට ඉඟියකි. එක අතකින් සිරිසේන ජනාධිපතිවරයාගේ ජාතික මැදහත් භාවය අගය කරන අතරම අනිත් අතින් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ බහුත්වවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී යෝජනාව අගය කිරීම නව දේශපාලන සංවාදයකට පමණක් නොව නව සංධානයකට සහ නව දේශපාලන වෙනසකට ද යොදා ගත හැකිබව මගේ අදහසයි.

පවත්නා ආණ්ඩුව ශීඝ‍්‍රයෙන් ගමන් කරමින් සිටින්නේ අවරට ය. එසේ ගමන් කරන්නේ හුදු ආණ්ඩුවේ බලය සහ සුජාතභාවය අහිමි කර ගනිමින් පමණක් නොව රටේ බලය සහ ජාතික අභිලාෂද දුර්මුඛ කරමිනි. එහෙත් ගැටලූව වන්නේ නව කණ්ඩායමකට බලය ලබා දීමකට එහා ගිය ප‍්‍රගතිශීලී සමාජ පැවැත්මක් උදෙසා වූ වැඩපිළිවෙළකට බලය ලබාදී එය ක‍්‍රියාත්මක කිරීමකට විභවතාව ඇති විශ්වසනීය ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මෙරට ජනයාට හැකියාව සහ බුද්ධිය තිබේද යන්නය.

එසේම එවැන්නක් තිරසාර කරවීමට හැකි දේශපාලන නායකත්වයක් සකසා ගන්නේ කෙසේ ද යන්නය. ඒ සඳහා සිරිසේන-රාජපක්ෂ සංයෝගය යොදා ගන්නේ නම් ඒ සංයෝගයේ හැසිරීම ප‍්‍රගතිශීලී සමාජ කාර්යන් සඳහා නියාමනය කරන්නේ කවුරුද යන්නය.

අවසනට කී දෙය වැදගත් වන්නේ මේ ආණ්ඩුව පරාජය කිරීමේ විභවතාව ඇති බලවත්ම දේශපාලන ව්‍යුහය රාජපක්ෂ බල කේන්ද්‍රය නිසාය. එහි ඇති බලය, වැදගත්කම  සහ එය යහපත් දෙයකට යොමු කරවා ගැනීමේ අදහස සහ උපාය මාර්ග ඇති, සුදුසු සහ එකම නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව ජනවාරි බුද්ධිමතුන්ගේ වර්තමාන අදහස් පිරික්සා බලනවිට පවා පෙනී යන්නකි.

එවැනි සංධානයක් සහ නියාමන බලවේගයක් සහිත වැඩපිළිවෙළක් යනු ලංකාවේ නව ගමනක මුලය. පටන් ගැනීමය. එම සංධානය ශ‍්‍රීලනිප සහ එජාපය නොව ශ‍්‍රී ලංකා කාරයන් සහ යුඇන්පී කාරයන් එකතු කරනු ඇත. ජවිපෙ, මුස්ලිම් කොංග‍්‍රසය සහ ද්‍රවිඩ සංධානය නොව ජේවීපී කාරයන්, මුස්ලිම් කාරයන් සහ ද්‍රවිඩකාරයන් එකතු කරනු ඇත. ඒ එකතුවට ඉහළින් මඟහැරිය නොහැකි බලවත් නව වාම වැඩපිළිවෙළක් නම් ස්ථාපිත කළ යුතුමය.    

ජනවාරියෙන් පසු ‘යහපාලන දේශපාලනයේ’ වැරදුණු තැන් බොහෝය. ඒ බොහෝ දෑ ගැන මේ ලිපි පෙළේ විටින්විට අප කතා කර ඇත්තෙමු. ඇතැමකු තම දේශපාලන අනන්‍යතාව අහිමි කර ගත් අතර ඇතමෙක් තම ඡුන්ද පදනම අහිමි කර ගත්හ. නිදසුන් කීපයකින් පමණක් මෙය පැහැදිලි කර ගනිමු. දුමින්ද දිසානායක මහතා ශ‍්‍රීලනිපයේ මහලේකම් වී ශ‍්‍රීලංකාකාරකම නැතිකර ගත්තේය. මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වී ශ‍්‍රීලංකාකාරකමයි සංධානකාරකමයි දෙකම නැතිකර ගත්තේය. ඒ දෙන්නා කියන කිසිම දෙයක් ශ‍්‍රීලංකාකාරයෝ ගණන් නොගනිති.

 සංධානකාරයෝත් නොඅසති. මහ ලේකම්කම් කුමකට ද? ඒ ශ‍්‍රීලනිපයේ සහ සංධානයේ බොහෝ අයට අත් වුණේ ඒ ඉරණමය. සමහරුන්ට ‘ඇපත් නැතිවී ජාතික ලැයිස්තුව පිහිටට ආවේය. එහෙත් ඒ සියල්ල මැද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලංකාකාරයකු ලෙස සමාජය විසින් පිළිගැනීම අතිශයින්ම අවධානයට ලක්විය යුත්තකි.

එසේම ඔහුද කලබලවී සහ හැඟීම් බරවීම නිසා වරද්දා ගත් වාර බොහෝය. ජනවාරි පොරොන්දු ආණ්ඩුව එක වරදකි. එහෙත් එය නොකර බැරි දෙයක්වීම අප තේරුම් ගත යුත්තකි. අගෝස්තු වැරැද්ද නම් සුළුපටු නැත. මහ ලේකම්වරු ඉවත්කොට, අගමැතිකම් නොදෙන බව ප‍්‍රකාශ කොට එජාපයට බලය යන තැනට එතනදී ඔහු වරද්දා ගත්තේය. ”ආණ්ඩුව ඇතුළෙන්ම මට ගහනවෝ” යැයි කියන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය.

ජාතික ලැයිස්තුවද වැරැද්දුවේය. එසේම ප්‍රාදේශීය ආණ්ඩු (පළාත් පාලන ආයතන) මැතිවරණ නොපැවැත්වීම සහ එක්කෝ ඒවායේ කාලය දීර්ඝ නොකිරීම හරහා සිදුකළ වැරැද්ද ද සුළුපටු නැත. සියල්ලෙන් පසු දැන් නැවත ඔහුට වාරයක් ලැබී තිබෙන බව පෙනේ. ඒ ඉදිරියේදී එන  ඕනෑම වර්ගයේ මැතිවරණයක දී ලැබෙන වාරය ය. එහිදී  රට ගැන හිතනවාද, ස්වදේශිකවාදී ශ‍්‍රී ලංකා කාරයකු වනවාද නැතහොත් පරණ වැරැදි ලැයිස්තුවට තව එකක් එකතු කරනවාද යන්න ජනාධිපතිවරයා විසින් ගැඹුරින් සිතා බැලිය යුත්තේ ඒ තීරණය ඔහුට වඩා ඔහුගේ රටට තීරණාත්මක වන බැවිනි.



අදහස් (18)

වැරදුණු තැනින් නැවුම් ගමනක්

Raveendra Friday, 17 November 2017 06:58 AM

අද අප රටේ දේශපාලනය පිළිබදව ඉතාමත්ම සාර්ථක විග්‍රහයක් බැවින් මෙම ලිපිය සකස්කිරීම පිලිබදව දිසානායක මය වෙත අපගේ ස්තුතිය පුදන්නෙමු. අප උගත්,බුද්දිමත් කිසිවකුහට අපහස කිරීමට හෝ පරිබව කිරීමට හෝ පහත්කොට අදහස් ඉදිරිපත් කිරීමට බලාපොරුත්තු නොවන්නෙමු, මෙසේ ආචාර්ය, මහාචාර්යවරුත් හිගන කාලකන්නි තුප්පහි දේශපාල බලය ඉදිරියේ වන්දිබට්ටයන් ලෙස සහ දේශපාලන නිවටයන් සේ හැසිරීම ගැන මවුබිමට ආදරය කරන පුරවැසියන් හැටියට අතිශය කණගාටු වන්නෙමු.උගත්,බුද්දිමත් ලෙස සැලකෙන පිරිස් මෙසේ හැසිරෙන්නේ නම් නූගත් මහජන නියෝජිතයන් වන දේශපාලන අම්බරුවන්ගෙන් අවංක සේවයක් බලපොරෝතුවන්නේ කෙසේද ?????? සාරාංශය ඉතාමත්ම පැහැදිලිය, බලය ඉදිරියේ තමාව මෙලොවට බිහිකළ තම ආදරණිය මෑණියන් උවත් පාවාදීමට මෙම කාලකන්නි දේශපාලුවන් පසුබට නොවන බවය. ඉන්දියන් සාගරයේ මුතුකැටය වන මගේ මාතෘභූමිය මෙසේ විනාශ කරන කාලකන්නින් හට සාපවේවා...

:       1277       3120

kasun Friday, 17 November 2017 08:32 AM

පරණ වැරදි ගොඩට අලුත් වැරද්දක් එකතු කර ගන්නවට මෙන්න...

:       0       218

Muhan Friday, 17 November 2017 01:11 PM

මට හිතෙන විදියට ජනාධිපතිතුමා මුල ඉඳලම වරද්දාගත්තා. මැතිවරණයේදී ප්‍රකාශ කලේ කිසිම පක්ෂයකට නැතුව ස්වාධීනව රට මෙහෙයවනවා කියලයි. බලයට ආපුගමන් මහින්ද මහත්තයාගේ ලණුව කාලා එජනිස බාර ගත්තා. එජනිස එකේ බලය තහවුරු කරගන්න දඟලනවා. එ්කේ ප්‍රථිඵලයක් හැටියට මෙම ලියුම්කරු කියනවිදිහට ජාතික ලැයිස්තුවද වැරැද්දුවේය. එසේම ප්‍රාදේශීය ආණ්ඩු (පළාත් පාලන ආයතන) මැතිවරණ නොපවැත්වන ලදී . ඔහු කියන්නේ 2020 එජනිස ආණ්ඩුවක් හදනවා කියල (2020 දී එජාප එක පරද්දනවා කියලා). එජාප එකත් එක්ක එකට ඉන්න ගමන් එය පරද්දනවා කියල කියනවා. දැන් එතුමා මොනවා කියනවද මොනවා කරනවද කියල අපට තේරුම් ගන්න බැහැ. අනෙක් අත‍ට මහින්ද මහත්තයගේ කට්ටිය ඉන්නේ වෙඩි කෑ උෟරන් වගේ ( හැමෝම නඩුවල පට්ටලිලා). කොහොම හරි බලය ලබාගන්න තමයි දඟලන්නේ.. බලය ලැබුනොත් කරනදේ අපට හිතාගන්න පුළුවන්. මේ ලියුම්කරු කියනවිදිහට ජනාධිපතිතුමා හා මහින්ද මහතායි එකතු කළහොත්, ජනාධිපතිතුමාට මහින්ද මහතා පාලනය කිරීමට හැකියාවක් නැත. (ඔහු දැනටමත් තමන්හට කාවවත් පාලනය කළ නොහැකිබව ඔප්පුකර අවසන්). අපහු රට රජ යුගයට යයි. එමනිසා පවතින පාලනයට අවශ්‍ය බලපෑම හා ශක්තිය ලබා දීම තමයි හොඳම දේ .

:       504       1155

SenarathSunday, 19 November 2017 03:51 AM

පක්ෂ නායකත්වය ගත්තේ මහින්ද මහත්තයාගේ ලණුකාල නෙමෙයි . මෙතුමා බලයට පත්වීම තනිකරම කුමන්ත්‍රණයක්... ප්‍රතිඵලයක් විදියට සිදු උනේ හිටපු නායිකාව මේක සලසුම්කිරීමේ කොටස් කාරිනියක්. මහමැතිවරණය පවත්වද්දී මහලේකම් මාරුකරලා, ජාතික ලැයිස්තුව පත්කරපු විදිය කොමද. මොවුන් සියලු දෙනාට උවමනා උනේ තිබූ රජයෙන්පලිගැනීම, ඒ සදහා ඔවුන් කොටි බළල් අත් සහ බටහිර සමහර රටවල න්‍යාය පත්‍රයට වැඩකලේ. හොද නායකයෙකුට බලයට එන්න කලින් සියල්ල සදහා. සැලසුම් තියෙන්න ඕනේ ජේ.ආර් , ප්‍රේමදාස , මහින්ද මේ සියලුම දෙනාට රට හදන යම් සැලසුමක් තිබුණා. මෙතුමාට වෙලාතියෙන්නේ උදව් කල සියල්ලන්ගේම බසට ඇහුම්කන් දෙන්න වෙලා. කොටි බළල් අත්වලට වෙච්ච පොරොන්නු ඉටුකරන්න වෙලා. දැන් ආඬිහත් දෙනාගේ කැඳ හැලිය වගේ.

:       751       857

MuhanSunday, 19 November 2017 09:17 AM

මහින්ද මහත්තයා කවදාවත් තමන්ට විරුද්ධ මත ඉවසපු කෙනෙක් නොවේ. තමන්ට විරුද්ධ මත දරන අය මර්ධනය කලා. උදාහරණයකට ජනරාල් සරත් ෆොන්සේකාට කල දේ. එතුමාට අවශ්‍ය වුනේ තම බලය හැමදාටම රැකගන්න. ඒ සඳහා නොකළ දෙයක් නැත. උදාහරණ කියන්න ගියහොත් පොතක් ලියන්න පුළුවන්. එහෙම පුද්ගලයෙක් තමන්ගේ සිහින බොඳ කල පුද්ගලයට. එස්.එල්.එෆ්.පී. එකේ නායකත්වය පුජාකරලා ගියා කියලද සෙනරත් කියන්නේ. "කොටි බළල් අත්, බටහිර රටවල න්‍යාය පත්‍ර, විදුලිපුටුව " ඕව හොරුන්ගේ සටන්පාඨ. අද වෙනකම් විදුලිපුටුවට ගිය එකෙකුත් නැහැ.

:       465       441

BamunuarachchiMonday, 20 November 2017 12:50 PM

"මට හිතෙන විදියට ජනාධිපතිතුමා මුල ඉඳලම වරද්දාගත්තා." ඒ කාගෙවත් ලණුකාල බැරි වැඩක් බාර ගැනීමයි. සිරිසේන කවමදාකවත් මේ රටේ ජනාදිපති වෙන්න සිතුවේ නැත. එජාප නායකයෝ දැනගෙන සිටියා කවදාකවත් ඒ ගොල්ලන්ට මේ රටේ ජනාධිපති වීමේ බලය නොලැබෙන බව... එමනිසා කලේ ස්රිසේනව ජනාධිපති කරලා එජාප ලොක්ක අගමැතිවෙලා ජනාධිපති බලතල එයාට පවරාගෙන සිරිසේන ඔහේ නිකම්ම නිකන් බල රහිත ජනාධිපති හැටියට තියන්නයි. සිරිසේනත් බැරි වැඩක් බාරගෙන මුල ඉඳලම වරද්දාගත්තා. එජාප කාරයෝ ඔයටිකම කොළඹ නගරාධිපති තනතුරටත් කළා මතකද? ත්‍රී වීලර් හාදයෙක් නගරාදිපති වුනේ...

:       0       29

bamunuarachchi Saturday, 18 November 2017 01:03 AM

"සති අග පුවත්පතකට ඔහු ලියා ඇති ලිපියෙහි සාරය දෙස බලන විට පෙනෙන්නේ ‘ජනවාරි බුද්ධිමතුන්ගෙන්’ බොහෝ පිරිසක් " සිරිසේනට ඡන්දය දීපු අය බුද්ධිමතුන් නම් අපි නියම බුද්ධිමතුන්ට කියන්නේ කව්රු කියලාද? මේ ගොල්ලෝ ඉදිරියට තබන සෑම අඩියක්ම වරද්ද ගන්නවාය. වැරැද්ද හරිගස්වා ගන්න පොඩ්ඩක් හැරෙනවාය. ඉතින් මේ ගොල්ලන්ට හැරි හැරී වටේ යනවා හැරෙන්නට කෙලින් ගමනක් යන්න බැරිය. අවුරුදු 5 ගෙවී අවසාන වනවිට අපි හිටපු තැනටම නැවත පැමිණ ඇත.

:       145       528

adiri Saturday, 18 November 2017 03:58 AM

ජාතික නායකයන් එකතු කර බලය දී..., රට මේ කෑදර හැතිකරයෙන් බෙර ගන්නයි ඕනේ

:       0       301

prakaash Saturday, 18 November 2017 04:42 AM

තනතුරට කොහෙත්ම නුසුදුසු කෙනෙක් රටේ ජනාධිපති වීම ඛේදයකි. ඔහු වටා එකතු වී ක්‍රියාකල පිරිස මේ රටට ද්‍රෝහී වන අය බව අපි දනිමු. පසුගිය රජය පලවා හැරීමට මේ නිවටයින් එකතුවුනේ කොටි ත්‍රස්තයන් හා ක්‍රියාකළවුන් සමගය. මේ සඳහා ඔවුන්ට ඩොලර් කුට්ටි ලැබුනේ විදේශ රටවලිනි. මොවුන් කුමන්ත්‍රණ කරුවන් බව මධ්‍යස්තව බැලුව ඕනෑම කෙනෙකුට වුවද වැටහේ. තනතුර සහ වරධාන සඳහා ඕනෑම පහත් නින්දිත ක්‍රියාවක් කරන බව පැහැදිලි වන්නකි. මොහු සමග වටේ එකතු වූ ආචාර්යවරුන් යයි කියා ගන්න අයද ඩොලර් කාක්කන් බව ජනතාව දනී. ඔවුන් මේ රට විනාශ කිරීමට සැදී පැහැදී සිටී. එනිසා අද කුමක් මෛත්‍රිපාල කීවත් දුෂණය, වංචාව රට පාවාදීම වැනි දෑ නතර කිරීමට කොන්දක් නැත. ඇත්තේ වාචාල ලෙස බෙරිහන් දීමය. කිසිම ප්‍රතිපත්තියක් නැත. රූකඩයක් ලෙස රනිල් සහ විදේශයන් ඉදිරියේය. මීට විනා වෙන කුමක් කල හැකිද?

:       103       432

perakum Saturday, 18 November 2017 06:17 AM

අපේ රටේ ඉන්න මෝඩ හැතිකරයට තව සැරයක් කොකා පෙන්නලා බලයේ රැඳෙන්න වගෙයි කල්පනාව. මේ මෝඩ රැල ඉන්නකල් එයාල දිනුම්...!

:       0       316

Thilina Saturday, 18 November 2017 07:21 PM

කිසිම ආණ්ඩුවක් හෝ පාලනයක් සර්ව සම්පූර්ණ නැත .. උගතුන් යයි කියාගන්න උදවිය කල යුත්තේ සාපේක්ෂව බලා රටටත්, ජනතාවටත් අවම හානියක් සහ වැඩි සේවයක් කරන ආණ්ඩුවක් තොර ගැනීමට මහජනයාට නිවැරදි මග පෙන්වීම මිස වැරදුණාට පසුව අපරාදේ මේ ආණ්ඩුවට වඩා තිබ්බ එක හොඳ යැයි කියා පසු තැවීම නොවේ. දැන් වැරදි වී හමාරයි.

:       0       30

ලුම්බිණි Sunday, 19 November 2017 01:17 AM

යහ පාලනය බලයට ගෙන ඒමට උදවු කල අය අතර බුද්ධිමතුන් විශාල පිරිසක් හිටි බව රහසක් නොවෙයි. එකල තිබුන පාලනය හොඳයි කියන බුද්ධිමතුන් හිටියා නම් එම අය තමන්ගේ පුද්ගලික වාසිය නිසා එසේ කියපු අය. අද ඇතිවී තිබෙන තත්වය කිසිවෙක් බලාපොරොත්තු උන එකක් නොවෙයි. ඡන්දය වෙලාවේ මහා ජනයාට කියපු විදියට නොවෙයි අද යහපාලනය වැඩ කරන්නේ. ජනාධිපති එදා කියපු විදියට ස්වාධීන උනා නම් අද තිබෙන අවුල් බොහොමයක් නැහැ. රජයේ අපැහැදිලි ප්‍රතිපත්ති සහ නායකත්වයේ දුබල කම් වලින් සිදුවන්නට පුළුවන් එකම ප්‍රතිඵලය නම් මහින්ද රාජපක්ෂට යලිත් බලයට එන්න පාර හැදීමක් පමණි.

:       9       85

iansmith Sunday, 19 November 2017 03:12 AM

මේ රටේ ඉන්න අවංක මන්ත්‍රීවරු හෝ නායකයන් 10 ක් නම් කල හැකි නම් බුද්ධිමත් නොවන අපට ඡන්දය දීම පහසුය.

:       7       128

MAHINDA Sunday, 19 November 2017 04:51 AM

රාජපක්ෂ පාලනය අවසන් කාලයේ ඇති දූෂිත බව ඔප්පු වී හමාරය ,නෑදෑ පරපුරත් වන්දිබට්ටයනුත් රටේ ,ජනතා මුදල් ගස කන ලද බව ,හා සොයා ගත නොහැකි ජාවාරම් ඊටත් වඩා වැඩි බවද පෙනේ , දැන් මේ ටික දෙනෙක් ඒ පාරේ යාම ඉතාමත් කණගාටු දායකය . රටේ නායකත්වයට හා පාලනයට වෙනත්, දේසපාලන අසූචි වලේ නොවැටුණු කොටසක අවසයතාව තදින් දැනි තිබෙන මේ අවස්ථාවේ දී එයට උර දීමට , නැණවත් ,බුද්ධිමත් ,උගත් හා ප්‍රයෝගික ,අඳ බාලයින් නොවූ අයවලුන් වහ එකතු විය යුතුය.

:       66       149

BamunuarachchiMonday, 20 November 2017 01:02 PM

"රාජපක්ෂ පාලනය අවසන් කාලයේ ඇති දූෂිත බව ඔප්පු වී හමාරය" අනේ කියන්නකෝ මොන කොමිසමෙන්ද එහෙම ඔප්පු කලේ. රනිල් කොමිසමෙන්ද? රනිල් කණ්ඩායම ඉන්නේ ගලේ ජරාකළා වගේ නමුත් තවමත් මහින්ද මහතා වටේ මහජනයා රැස්වෙනවාය. "සොයා ගත නොහැකි ජාවාරම් ඊටත් වඩා වැඩි බවද පෙනේ" සොයා ගන්න බැරිනම් කොහොමද හලෝ පෙනෙන්නේ මොන විකාරද දොඩවන්නේ? බලයට එන්න ඕනෑවට කෙනෙක් තව එකෙකුට විරුද්ධව කීව් කතා අහලා පදනමක් නැති කතා කියන්න එපා. අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් තවම මහින්ද මහතාට විරුද්ධව නඩුවක් දා ගන්න බැරි වුණා. නමුත් කරපු හොරකම්වලට මේ අවුරුදු දෙක ඇතුලත ඇමතිවරුනුත් පන්නලා අගමැතිත් උත්තර දෙන්න කොමිසම් වලට යනවා. කාටද ආඩම්බර? ඔයගොල්ලන්ට හරිම ආඩම්බරයි නේද?

:       1       2

sam Sunday, 19 November 2017 04:57 PM

වැරදුන තැන් හොය හොයා හරි වරද වටහගද්දි මේ රටේ සමහරක් මිනිස්සු හාමතේ මැරිලා යාවි. අනිත් අය ගහ මරාගෙන මැරිලා යාවි

:       0       11

T G Premadasa Monday, 20 November 2017 07:59 AM

අපි ඔබලාගේ ඉදිරිපත් කිරීමට සහ අදහස්වලට එකඟ වන්නෙමු.

:       0       0

nanayakkara Monday, 20 November 2017 10:32 AM

මේ රටේ උගතුන් යයි සිතා සිටින (පොතේ ගුරුන්) අයට වඩා මේ රටේ නූගත් සාමාන්‍ය ජනතාව බුද්ධිමත් බව මෙම සටහනෙන් ඔවුන් විසින්ම ඔප්පු කර ඇත. කොපමණ කවුරු සුදු හුණු ගෑවත් මේ රටේ පොදු දේපල මංකොල්ලකමින් අනාගත දරුවන්ගේ දේපල විකුණා කමින් උගසට තබමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව (ඡන්ද කල් දමමින්) මෙවැනි දූෂිත පාලනයක් ගෙන යාම සඳහාම 2015 ජනවාරි 08 හංසයා යොදා වෙනස කුමන්ත්‍රණකාරීව සැලසුම් සහගතවම සිදු කල බවට අද ඔවුන්ම ඔප්පු කර ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය අගමැති ඇමතිවරු ඉවත් කිරීම තබා වනරක්ෂිත විනාශ කිරීම නැවැත්වීමටවත් සිසු ගැටළුවකට මාස 08 යනතුරුවත් නිසි විසඳුමක් දීමටවත් නොහැකි නිවට පාලනයක් මේ රටට කුමටද? මේවා සැලසුම් සහගතවම සිදු කල කුමන්ත්‍රණයන්මය. මේ රටේ 58 ලක්ෂයක්ම මෙය දැන හෝ නොදැන ප්‍රතික්ෂේප කළත් එය අවතක්සේරුවට ලක් කිරීමම මේ රටේ මුග්ධ බවේ ප්‍රතිමූර්තියයි.

:       1       33

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 102 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 170 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 29 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 284 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 202 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 252 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site