(චමිල් රුපසිංහ)

මුහුණු පොතේ මෙන්ම සමාඡ ඡාලා වලත් නොයෙක් අවස්ථාවලදි මහනුවර නගරය අධික වාහන තදබදයක් සහිත නගරයක් මෙන්ම අධික වායු දූෂණය සහිත නගරයක් බවට නම්කරණ ප්‍රවණතාවක් තිබේ.

මෙම අධික වායු දූෂණය නිසා මහනුවර නගරයට හිමි ලෝක උරුම තත්ත්වය අහිමි වීමටත් ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා පවසයි

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වු ඕ. ඒ. ඉලේපෙරුම මහතා මෙසේ පැවසීය. 

මහනුවර නගරය පිහිටල තියෙන්නෙ මිටියාවතක. නගරය වටේම තියෙන්නෙ කඳු වලල්ලක්.මහනුවර නගරයට දිනපතා වාහන ලක්ෂයක් පමණ පැමිණෙනව. ඒ නිසා අධික වාහන තදබදයක් ඇති වෙලා තියෙනව. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තුමේන්තුව කළ පරික්ෂණ වලදි අපට වාර්තා උනා මහනුවර නගරය ඉතාමත් ඉහළ වායු දුෂණ තත්වයක් තියෙන නගරයක් කියලා. 

කොළඹ නගරයේත් වායු දූෂණය තියෙනවා. ඒත් කොළඹ නගරය තැනිතලා භුමියක්.  මුහුදට ආසන්නයෙන් තිබෙන නිසා වායුව විසිරිලා යනව නමුත් මහනුවර නගරය කඳු වලල්ලකින් වට වෙලා තිබෙන නිසා එහෙම විසිරිලා යාමක් වෙන්නෙ නැ.

මේ නිසා මහනුවර නගරයේ වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර පස් ගුණයකින් වැඩි බව පරික්ෂණ වලදි අනාවරණය කර ගැනිමට හැකි උනා.

වායු දුෂකයන් අතරින් නයිට්‍රඡන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඕසෝන් හා සියුම් අංශු ගැන අපි මැනුම් කළා. එහිදි තමා අනාවරණය වුනේ මහනුවර අධික වායු දුෂණ තත්වයක තියෙනව කියල. මෙයින් වඩාත් අවදානමට ලක්වෙන්නෙ කුඩා ළමුන් හා වැඩි මහල්ලන්. කුඩා ළමුන්ගේ පෙනහලුවල වර්ධනය වයස 15 දක්වා වෙන බැවින් මෙම කුඩා අංශු ශරීර ගත විම නිසා පෙනහලු වලට දැඩි හානියක් වෙනවා.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය කර ඇති පරික්ෂණ වලදි වායු දූෂණය පෙනහලු වලට පමණක් නොව හෘද රෝග, දියවැඩියාව, ආදි රෝග සදහාද බලපාන බවද හොයාගෙන තියෙනව.

මහනුවර නගරයේ වැව රවුම අවට පාසල් කිහිපයක් තියෙනව. පාසල් ඇරඹෙන හා අවසන් වන වෙලාවට තමා මහනුවර නගරයේ වාහන තද බදය වැඩි. වෛද්‍ය විශේෂඥයන් පවසන පරිදි අධික ලෙස සිඟරට් පානය කරන අයට වැලඳෙන රෝගයක් තමා   කල්ගත පුප්පුශිය පෙනහලු රෝගය.  COPD කියා හඳුන්වන්නේ එම රෝගයයි. එම රෝගය වැලඳුනු පාසල් ළමුන් ප්‍රතිකාර සදහා මහනුවර රෝහලට පැමිණෙන බව මහනුවර රෝහලෙන් දැනගන්නට ලැබුණා. 

ඒ වාහන වලින් පිට වන දුම නිසා. දැනට වාර්තාවෙලා තියෙනව වාහන වලින් පිටවන ඩීසල් දුම අංක එකේ පිළිකා රෝග කාරකයක් කියල.මෙයින් වැඩිහිටියන් හා ළමුන් මේ රෝගයන් වලට ගොදුරු විම නිසා ප්‍රතිකාර සදහා වැය වන්නේද රඡය සතු මුදල්.

මේ සදහා ඇති පිළියම් වන්නේ මහනුවර නගරය තුළ ඇති වාහන තද බදය අඩු කරලීම සදහා නගරය තුළ වසා දමා ඇති මාර්ග විවෘත කිරීමයි. දුර ගමන් බස් රථ සේවා ඇරඹුම හා අවසානය නගරයෙන් පිටතට ගෙන යාමත් තවත් විසඳුමක්. “

නගරයේ සිට එම ස්ථාන කරා ගමනා ගමන පහසුකම් ඇති කිරිමත්, පාසල් ළමුන් හා වැඩිහිටියන් සෞඛ්‍ය තත්වයන් යටතේ සකසා ඇති මුහුණු ආවරණ පැළඳීමත් මෙයින් මද වශයෙන් මිදිමට ඇති එකම මග බව ද මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා සඳහන් කළේය.