IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු

 

 

 

ඇයි දුම්රියට පිරිමින්ගේ නම් නොදමන්නේ. ඇයි කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ. මේ ගැටලූව අනන්තවත් ඔබේ හිතට නැගෙන්න ඇති නේද?
දුම්රියට කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ දුම්රිය වගේම කාන්තාවත් නඩත්තු කරන්න අපහසු නිසා කියලා කසුකුසුවක් තියෙනවා තමයි. නමුත් මට හිතෙනවා පෙනෙනවට වඩා හිතෙනවට වඩා සැඟවුන කතාවක් මේ නම් තැබීමට හේතු වෙන්න ඇති කියලා.

ඇහෙන කතා, කියන කතා, ඉතිහාස කතා අතරින් අපි සොයා බැලූවා මේ අපූරු කතාවේ සුළමුල මොකක්ද කියලා. දුම්රියට කාන්තා නම් තැබීම පිළිබඳව සොයා බැලීමේදී දුම්රියට කාන්තා නම් තැබීමේ ආරම්භය වසර ගණනාවක් ඈත අතීතයට දිව යන්නකි.

එක්දාස් අටසිය හැත්තෑ පහ වර්ෂය වන විටත් ජනාවාසයක්ව පැවති කොළඹ ප‍්‍රදේශය ඉංග‍්‍රීසි ආණ්ඩු සමයේදී නගරයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අග නගරය බවටද පත් වන්නේ 1883 වර්ෂයේදීය. කොළඹ ශ්‍රී ලංකාවේ අග නගරය බවට පත්වීමත් සමග රටේ සංවර්ධනය කොළොම්තොට ඔස්සේ දසත පැතිරෙන්නට විය. ඒ අනුව කඳුකරයේ වැවෙන බෝගයන් වූ තේ, කෝපි අස්වැන්න කොළඹට ප‍්‍රවාහණය කිරීමද පහසු කරවීමේ ක‍්‍රමවේදයක් ලෙස කොළඹ කේන්ද්‍ර කරගත් දුම්රිය සේවාවක් ඇරඹීම කෙරෙහි ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරුන්ගේ අවධානය යොමු වන්නට විය.

ඒ අනුව 1850 දශකයේ එවකට ආණ්ඩුකාර ධුරය හෙබවූ හෙන්රි වෝඞ් ආණ්ඩුකාරවරයා පළමු පස් පිඩැල්ල කපමින් ඉදිකිරීම් ආරම්භ කළ දුම්රිය මාර්ගය කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිවන්නට විය.

ඒ ආකාරයෙන් කැනීම් ආරම්භ කරන ලද කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ දුම්රිය මාර්ගය 1858 අගෝස්තු මාසයේදී අවසන් වීමත් සමගම ශ්‍රී ලංකාවේ ප‍්‍රථම දුම්රිය ගමන 1864 දෙසැම්බර් මස විසිහත්වැනි දින ඇරඹිනි.

ඒ අනුව ලංකාවේ ප‍්‍රථම දුම්රිය මග කොළඹ සිට අඹේපුස්ස දක්වා නැගෙනහිරට කිලෝමීටර් පනස් හතරක් වන සේ ඉදිවුන අතර එම ප‍්‍රථම දුම්රිය මගේ මගීන්ද සමග නිල වශයෙන් දුම්රිය ගමන ඇරඹෙන්නේ 1865 වර්ෂයේ ඔක්තෝබර් දෙවැනිදාකය. අනතුරුව ආරම්භ කෙරුණ කොළඹ මහනුවර දුම්රිය ගමන් සේවය 1967 වර්ෂයේ ආරම්භ කිරීමත් සමගම වැඩි වන ජනගහණයට ප‍්‍රවාහන පහසුකම් පුළුල් ලෙස සපයමින් කොළඹ සිට නාවලපිටිය, නානුඔය, බණ්ඩාරවෙල, මාතලේ, බදුල්ල, පුත්තලම, මඩකලපුව, ත‍්‍රිකුණාමලය යනාදී වශයෙන් දුම්රිය මාර්ග සහ දුම්රිය ගමන් සේවා ඇරඹීය.

1928 වර්ෂය වනවිට සම්පූර්ණ කරන ලද දුම්රිය මාර්ගයේ කෙරුණ ප‍්‍රධාන කාර්යයන් අතර කඳුකරයේ තේ, කෝපි අස්වැන්න කොළඹට ප‍්‍රවාහණය කිරීම ඇරඹිනි.

අද ඔබ හඳුනාගෙන සිටින ශ්‍රී ලංකා දුම්රිය සේවය එදා නම්කරනු ලැබ තිබුණේ ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය යනුවෙනි. අදත් බොහොමයක් පිරිස් භාවිත කරන නාමයක් වන CGR යන කෙටි නාම යෙදුම වන (Ceylon Governmente Reilway) යන්න කෙටි කොට හඳුන්වන නාමයකි.

1864 වර්ෂයේ පළමුවැනි දුම්රිය අඹේපුස්ස බලා ධාවනය වන කාලයේ මුල්ම අවස්ථාව වන හෙයින් දුම්රිය සංඥා ක‍්‍රමයක් වුවමනා නොවීය. එවකට අද මෙන් විනාඩි දහයෙන් දහයට දුම්රිය ගමන් වාර නොවීය. එහෙයින් එක දුම්රියක් ගමනේ යෙදී පැය කිහිපයකට පසුව අනෙක් දුම්රිය ගමනේ යෙදවීය.

පසුකාලීනව ජනතා අවශ්‍යතාවන්ට අනුව නිතර නිතර දුම්රිය ගමන්වාර ඇති කිරීමට බලධාරීන් පියවර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ද්විත්ව දුම්රිය මාර්ගයන්හි ලොක් සහ බ්ලොක් උපකරණ ක‍්‍රමය භාවිත විය. 1959 වර්ෂයේදී වර්ණාලෝකය සහ දුම්රිය ධාවන පාලන ක‍්‍රමය ආරම්භ කෙරිණි.

දිනෙන් දින වැඩිවෙන අවශ්‍යතාව හමුවේ ශීඝ‍්‍රගාමී දුම්රිය සේවාවක් ඇරඹීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස class M1 වර්ගයේ දුම්රිය එන්ජින් තුනක් යොදවාගනිමින් Yalpanam Express, Mahanuwara Express, Ruhuna Express යන දුම්රියයන් ධාවනයට එක්විය. එම කාල වකවානුවේදී යාල්දේවී, රුහුණු කුමාරී, උඩරට මැණිකේ නොවීය.

ශීඝ‍්‍රගාමි දුම්රිය ගමනාගමන සේවය ආරම්භ වී වසරක් ඇතුළත කොළඹ ක‍්‍රමය (Colombo plan) යටතේ ඵ2 වර්ගයේ දුම්රිය එන්ජින් පහක් කැනඩා රජයෙන් ආධාර ලෙස අප රටට ලැබුණි.

ජක්ිි ඵ2 වර්ගයේ දුම්රිය එන්ජින් පහක් කැනඩාවෙන් ලැබීමත් එවකට ශ්‍රී ලංකා ආණ්ඩුව සතුව තිබූ ඞීසල් එන්ජින් ප‍්‍රමාණය වැඩිවීමත් යන කරුණු හේතුකොටගෙන තරගකාරී දුම්රිය සේවාවක් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය.

රුහුණු කුමාරි, යාල්දේවි, උඩරට මැණිකේ එකම දිනයකදී ධාවනයේ යෙදුන බවටත් ඔවුන් තුන් නිවුන් සොහොයුරියන් ලෙසත් බොහෝ දෙනෙක් අසා තිබෙන කරුණ සාවද්‍ය තොරතුරකි.

රුහුණු කුමාරි දුම්රිය මුලින්ම ධාවනය කෙරෙන්නේ 1955 ඔක්තෝබර් 24 වැනි දිනකය. දිනෙන් දින දියුණුව කරා ගිය ගමනේදී 1950 දශකය වනවිට රටේ මාර්ග පද්ධතිය වැඩිදියුණු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස බස් සේවා සහ ලොරි රථ ධාවනයට එක්විය. දුම්රියේ ඒකාධිකාරයට තර්ජනයක් වෙමින් පැවතුන මේ සේවාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස තරගකාරීත්වයට පණ පොවමින් රුහුණු කුමාරි කොළඹ සිට මාතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ඇරඹීය.

එවකට ලංකා අගමැතිවරයා ලෙස කටයුතු කළ සර් ජෝන් කොතලාවල ශ්‍රීමතාණන් සමග ගමනාගමන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ මොන්ටෙගු ජයවික‍්‍රම, දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා ලෙස කටයුතු කළ බී.ඞී. රම්පාල යන ප‍්‍රභූ පිරිස රුහුණු කුමාරි මාතර බලා යන මංගල ගමනට එක් වී ඇත.
එවකට රුහුණු කුමාරි සිය මංගල ගමන අරඹා ඇත්තේ පස්වැනි වේදිකාවෙනි. කොළඹ දුම්රිය නැවතුම්පළේ ඔබ අද හත්වැනි වේදිකාව ලෙස හඳුනාගන්නේ එදා පස්වැනි වේදිකාව ලෙස හැඳින්වූ ස්ථානයමය.

 



එදින රුහුණු කුමාරියට පණ පෙවූ එන්ජිම වන්නේ ඵ2 572 M2 572 British Colombia නම් කැනඩා ආධාර යටතේ ලැබුණු දුම්රි එන්ජිමකි. බොහෝ දෙනකු අසා දැන කියාගෙන ඇති පරිදි රුහුණු කුමාරි, උඩරට මැණිකේ, යාල්දේවී තුන් නිවුන් සොහොයුරියන්ය යන කතාව සාවද්‍ය තොරතුරකි. එම සාවද්‍ය තොරතුර ජනතාව අතරට යාමට හේතු වී ඇත්තේද අපූරු කතාවකි.

රුහුණු කුමාරිය ශීඝ‍්‍රගාමී දුම්රිය සේවයට එක්ව මාස හයකට පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වාත් කොළඹ සිට බදුල්ල දක්වාත් ශීඝ‍්‍රගාමී දුම්රිය සේවා දෙකක් ඇරඹීම කෙරෙහි දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවන්නට විය. ඒ අනුව කොළඹ සිට කන්කසන්තුරේ දක්වා වූ දුම්රිය යාල්දේවී නමින්ද කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය උඩරට මැණිකේ නමින්ද ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කෙරිණි.

ඉදිරි සැලසුමට අනුව නව දුම්රිය සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප‍්‍රචාරක මාධ්‍යයක් ලෙස ලංකාණ්ඩු දුම්රිය සේවයේ නව දුම්රියයන් පිළිබඳව එක්තරා පුවත්පතක පළකළ දැන්වීමක් විය.

”ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප‍්‍රියංකර සොහොයුරියන් තිදෙනකු ඉදිරිපත් කරයි” යනුවෙන් සඳහන් වූ දැන්වීම දකින  ඕනෑම අයකුට හැඟී යන්නේ 1955 ඔක්තෝබර් 24 ගමන් ආරම්භ කළ රුහුණු කුමාරියද අලූතෙන් ගමන් අරඹන බවය. ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප‍්‍රියංකර සොහොයුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි යනුවෙන් සිරස්තල යොදා C.G.R යන ඉංග‍්‍රීසි අක්‍ෂර රූප සටහන මත පිළිවෙළින් G ඉංග‍්‍රීසි අක්‍ෂරය මත ඔසරියකින් සැරසීගත් කාන්තා රුවක් සිතුවම් කොට ඊට යටින් උඩරට මැණිකේ ලෙසද, R අක්‍ෂරය යොදා එහි දමිළ කතක් සේ කාන්තා රුවක් හැඳ එය යාල් දේවී ලෙසත්, ඍ ඉංග‍්‍රීසි අක්‍ෂරය යොදා එහි රෙද්දකින් සහ හැට්ටයකින් සැරසීගත් කාන්තා රුව යොදා ඊට යටින් රුහුණු කුමාරි ලෙසත් නම් කොට එම දැන්වීමේම සුරක්‍ෂිතව ගමන් කරන්න, ලාබෙට ගමන් කරන්න, දුම්රියෙන් ගමන් කරන්න යනුවෙන්ද සටහනක් තිබී ඇත.

දුම්රිය ගමන් කාල සටහනේද සටහන්ව අලූතෙන් ඇරඹෙන යාල්දේවී, උඩරට මැණිකේ දුම්රිය සේවයේ ඇරඹුම් දිනයද සටහන්ව ඇති මේ අපූරු දැන්වීම නිවුන් සොහොයුරියන් යන කතාවට හේතු සපයා ඇත.

කෙසේ වුවත් නිවුන් සොහොයුරියන් වන උඩරට මැණිකේ සහ යාල් දේවී සුබ නැකතින් ගමන් අරඹන විට සංශෝදනය වූ කාල සටහනට අනුව ගමනේ යෙදුන රුහුණු කුමාරිය ලංකාණ්ඩු දුම්රිය මාර්ගයේ ප‍්‍රථම කාන්තා නම හිමි දුම්රිය ලෙස රන් අකුරෙන් ලියවෙමින් අතීතයේ සිට ගමන් අරඹා ඇත.
ඒ ආකාරයෙන් රුහුණු කුමාරි, උඩරට මැණිකේ, යාල්දේවි, ගාලූ කුමාරි, මුතු කුමාරි, රජරට රැජින, පොඩි මැණිකේ දුම්රිය ගමනට ආඩම්බරයෙන් එක්ව සිටින විට ඇයි පිරිමින්ගේ නම් දුම්රියට නොදමන්නේයැයි අපි විමසා බැලූවෙමු.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.ටී. ආරියරත්න මහතාට මේ ගැටලූව යොමු කළ පමණින් ඒ මහතා මුලින්ම කළේ වාවාගත නොහැකිව වගේ හිනා වෙන එකය.
හිනාව අතරතුර ක්‍ෂණිකව ලබාදුන් පිළිතුර අප පුවත්පතෙහි පළ කළහොත් මා හිතන්නේ එය විශාල ඛේදවාචකයක මූලාරම්භයක් වේවි යන්නයි.

අන්න ඒ නිසා ක්‍ෂණිකව ලබාදුන් පිළිතුර පැත්තකට දමා දෙවනුව ඒ මහතා ලබාදුන් පිළිතුරට අපි අවධානය යොමු කරමු.

මා හිතන්නේ කාන්තාව කියන්නේ ආකර්ෂණීය සාධකයක්. මේ නම් දුම්රියට හොඳින් ගැලපෙනවා. ඇය තුළ ඇති අපූරු ගමන් රටාව, සුන්දරත්වය, ඒ වගේම ඒ ඒ ප‍්‍රදේශයන්හි අනන්‍යතාව තහවුරු කරන ප‍්‍රධාන සාධකයක් තමයි කාන්තාව.

ඒ වගේම මට මතකයි පිරිමින්ගේ නම් දුම්රිය එන්ජින්වලට යොදල තිබුණා. ඔවුන් එවකට සිටි ආණ්ඩුකාරවරු.

 Class M2  දුම්රිය එන්ජිමකට දුන්හිඳ කියලත් යොදල තිබුණා. දුම්රිය යකඩ වලින් සැදුනක් වුවත් දුම්රිය ගමනේදී ඇසෙන හඬ පවා රිද්මයානුකූලයි.

අපේ රටේ කාන්තාවට වෙන රටවල කාන්තාවන්ට වගේ නෙවෙයි. විශේෂ සැලකිල්ලක් හිමිවෙනවා. අන්න ඒ ගෞරවනීය සැලකිල්ල කාන්තා නම් යෙදීමට හේතුවන්නට ඇති.

කාන්තාවන්ගේ නම් දුම්රියට යෙදීමේ ඉතිහාස කතාවක් තියෙනවද යන්න තව දුරටත් සෙවීම සඳහා අප සම්බන්ධ කරගත්තේ දුම්රිය ඉතිහාසය පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යාපනික පොත් රැසක් පළ කළ සිරිසේන රාජපක්‍ෂ මහතාවයි.

1967 වර්ෂයේ දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස දුම්රිය සේවයට එක්වන රාජපක්‍ෂ මහතා වසර ගණනාවක සේවා කාලයක් නිම කරමින් 1984 වර්ෂයේ සිය සේවයෙන් විශ‍්‍රාම ලැබීය. සිය රාජකාරි ජීවිතයේ  ලබාගත් අත්දැකීම්වලට අනුව සොයාගත් පර්යේෂණාත්මක තොරතුරුවලින් අනාවරණය වන පරිදි කාන්තාවන්ගේ නම් පමණක් දුම්රියට යෙදීම පිළිබඳව ඒ මහතා පැවසුවේ මෙවැනි කතාවක්.

දුම්රිය සේවය කියන්නේ රටේ ප‍්‍රවාහන සේවාවක්. එම ප‍්‍රවාහන සේවයේ ආරම්භය කොළඹින් වුවත් ගමනාන්තය වන්නේ නුවර හෝ යාපනය හෝ අනුරාධපුරය හෝ කොහේ හරි ප‍්‍රදේශයක්. ඒ වගේම අපේ රටේ විවිධ පළාත්වලට වෙන් වූ අනන්‍යතාවක් තිබෙනවා. අප උදාහරණයකට ගත්තොත් උඩරට, පහතරට, උතුර, රජරට ඔය ආදී වශයෙන් පළාතෙන් පළාතට වෙන්වූ අනන්‍යතාවක් තියෙනවා. ඒ වගේම හලාවත ප‍්‍රසිද්ධ මුතු වලට. ගාලූ කොටුව පිළිබඳව කියැවෙන ගාල්ලට යන දුම්රිය ගාලූ කුමාරි වෙනවා. එතකොට හලාවතට යන දුම්රිය මුතු කුමාරි වෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සෑම දුම්රියක්ම වගේ අගට යෙදෙන්නේ කුමාරි නම.

එතකොට උඩරට ඉන්නේ මැණිකෙලා. බදුලූ යන දුම්රිය උඩරට මැණිකෙ වෙනවා. අපි හිතමු උඩරට ඉන්නේ අප්පුල නිසා උඩරට අප්පු කියලා දුම්රියට නම් තැබුවා කියලා. එය කිසිඳු ගැලපීමක් නෑ. නමුත් උඩරට මැණිකේ කියනකොට ආකර්ෂණය වැඩි ගතියක් තියෙනවා. නමෙහි හුරුපුරුදු ගතියක් තියෙනවා.
ඒ වගේමයි යාපනය එහෙම නැත්නම් උතුරට යන දුම්රිය යාල් පානම් කියලා හඳුන්වන ගමේ නමෙන් යාල් කෑල්ල සමග උතුරේ කාන්තාවන්ගේ අනන්‍යතාව හෙළිවන දේවි නම අගට යෙදිලා තියෙනවා. මේ දුම්රියන්ට තබා තිබෙන්නේ ගමනාන්තය, එහෙම නැතිනම් දුම්රිය ගමන් කරන ප‍්‍රදේශයේ නම හා එම ප‍්‍රදේශයේ කාන්තාවගේ අනන්‍යතාවය.

 

 



 ඕනැම අයකුට කුමාරි නම ඇසූ පමණින් ඔහු දන්නවා එම දුම්රිය උඩරට යන දුම්රියක් නොවේ කියලා. මොකද මැණිකේ නම ඇසුනම මගියාට සන්නිවේදනය වෙනවා පොඩි මැණිකේ, උඩරට මැණිකේ යාපනේට හෝ මුහුදුබඩ දුම්රිය මාර්ගයට හෝ නොයන බව. එය යන්නේ කන්ද උඩරටට.
ඒ වගේම අපි සිඤ්ඤෝ කියල දැම්මානම් එහි ආකර්ෂණයක් නෑ. යාපනය ප‍්‍රදේශයට හෝ කන්කසන්තුරේට යන දුම්රියට අපි යාල් කන්දසාමි කියලා නම් තැබුවහොත් ආකර්ෂණය ගිලිහෙනවා.

උතුරට යන දුම්රිය දේවි වන්නේ, රුහුණට යන දුම්රිය කුමාරිලා වන්නේ,, උඩරට දුම්රිය මැණිකෙලා වන්නේ ඔන්න ඔය ආකාරයට.
ඒ වගේම නොදන්න තවත් දෙයක් තියෙනවා. දුම්රියට කාන්තා නම් වගේම දුම්රිය එන්ජිමට පිරිමි නම් යොදන අවස්ථාත් තියෙනවා. ඒ කාලේ වාෂ්ප එන්ජින්වලට යෙදුවේ අපේ රටේ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ නම්. එහිදී ඔවුන් එම ආණ්ඩුකාරවරුන්ට කරන ගෞරවයක්, සිහිපත් කිරීමක් ලෙස ඒ නම් යොදනු ලැබ තිබුණා. ඒ අනුව ෆෙඞ්රික් නෝර්ත්, මැකලම්, එඞ්වඞ් බාන්ස්, හෙන්රි ග්‍රෙගරි යන නම් එන්ජින්වලට යොදලා තිබුණා. මේ වන විට විවිධාකාර නම් යෙදීම් පවා අපට අහන්නට දකින්නට ලැබෙනවා.

කඳු පල්ලම් බැසගෙන යන එන ගමන බොහෝ දුෂ්කරය. පසුකළ යුතු බාධක බොහොමයකි. ශක්තිමත්භාවයක් නොවේනම් සියල්ල බිඳවැටීමට වුවද හැකියාව ඇත. සියුමැලි සොඳුරු රිද්මයද කැටුව දුම්රිය කාන්තාවට සමාන වන්නේ එතැනින්ම යයි මට සිතේ.
”උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක කෝච්චියක් එනවා”

 

 



අදහස් (42)

දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු

ප්‍රදීපා Tuesday, 04 February 2014 07:20 PM

ඉතා රසබර ලිපියක්. මටත් තිබුණු ප්‍රශ්නයක් තමයි මේක. ඒත් මෙයට වෙනත් හාස්‍ය ජනක හේතු 4-5ක් දාපු ඊ මේල් එකක් එවලා තිබුනා මගේ යාලුවෙක්.(නදී)

:       0       1

මධුෂංක Thursday, 06 February 2014 03:41 PM

ඉතා හොද ලිපියක්. නමුත් මෙය කියවන්නේ කියන් කි දෙනාද. ඉගෙන ගන්න ළමයෙකුට හොද ලිපියක්.(නදී)

:       0       4

ෂර්මිලා Thursday, 06 February 2014 03:57 PM

අපි නොදන්න ගොඩක් දේවල් ඇතුලත් වටිනා ලිපියක්. (නදී)

:       0       1

ඉන්දික Thursday, 06 February 2014 05:01 PM

ඉතා වටිනා ලිපියක්. කුමාරිලා මැණිකෙලා ගැන දැනගන්ඩ.(නදී)

:       0       1

ක්‍රිෂ් Sunday, 20 July 2014 09:32 AM

ගොඩක් වටිනා ලිපියක්. (නි)

:       0       1

සදුනි Tuesday, 04 February 2014 09:41 PM

ඉතා හොද ලිපියක්. (ස)

:       0       2

අජිත් කුරුවිට Thursday, 06 February 2014 06:36 PM

ඒ කාලේ කොළඹ - මඩකලපුව අතර දුවපු දුම්රිය නම් කලේ " උදය දේවි " කියලා. මේ දුම්රිය කොටස් 2කින් සමන්විත උනා. දුම්රියේ ඉදිරි මැදිරි පෙළ තිරිකුනාමලයටත් පසුපස මැදිරි මඩකලපුටත් ලෙස. මුලින්ම දුම්රිය මහව මංසන්දිය දක්වා ගමන් කර ආපසු හැරි ගල්ඔය මංසන්දිය දක්වා ගමන් කර, එහිදී තිරිකුණාමලයට යන මැදිරි විසන්දි කරනවා. පසුව තිරිකුනාමල කොටස කන්තලේ හරහා තිරිකුනාමලයටත්, මඩකලපු කොටස හිගුරක්ගොඩ, පොලොන්නරුව හරහා මඩකලපුවටත් යනවා. තවත් පරණ ලලනා දුම්රිය 2 ඇත. එකක් 1979-1983 අතර කාලයේ දවල් 12.45 කොලඹින් මඩකලපුවටත් ,අලුයම 5.00 මඩකලපුවෙන් කොලඹ බලා පැමිණි " හිජ්රා " දුම්රිය. " හිජ්රා " යනු මුස්ලිම් කාන්තා නමකි. මෙම ලලනා නම එම දුම්රියට ලැබුනේ එවකට ප්‍රවාහන ඇමති තනතුර හොබවන ලද එම්.එච් මහොමඩ් මහතාගේ දියණියකගේ නමයි. අනෙක් දුම්රිය පුත්තලම සහ හලාවත බලා ගිය " මුතු කුමාරි " මන්ද හලාවත මුතු වලට පරසිදු බැවින්. තවද අනුරපුර බලා යන " රජරට රැජින " දුම්රියත් , දකුණු ලක ගාල්ලේ සිට කොලබට පැමිණි, ශ්‍රිලංකා රජයේ සේවකයන්ගේ දහදිය සුවද , දුක් කම්කටලු සම සිතින් දැරු " සමුද්‍ර දෙවි " දුම්රිය සිහි කරනු වටි. වත්මන මුහදු බඩ දිවෙන " සාගරිකා " පසු වන්නේ නාඹර වයසේය. (නදී)

:       2       11

ශ්‍රී Tuesday, 04 February 2014 10:27 PM

හොඳ ලිපියක් (දී)

:       0       2

රවී Wednesday, 05 February 2014 12:16 AM

දුම්රියට කාන්තාවන්ගේ නම් දාන්නේ වෙලාවට එන්නේ නැති හින්දා. (ස)

:       1       1

සම්පත් Wednesday, 05 February 2014 07:40 PM

ඉතාම වටිනා ලිපියක්. (දිල්)

:       0       2

ජනිත තෙන්නකෝන් Thursday, 06 February 2014 10:07 PM

මෙහි සඳහන් නොවන තවත් මැණිකෙලා, කුමාරිල, දේවි ල ගොඩක් ඉදල තියෙනවා සෙංකඩගල මැණිකේ , ටිකිරි මැණිකේ, දෙනුවර මැණිකේ(දැන් ධාවනයේ නැත), උත්තර දේවි (දැන් ධාවනයේ නැත) , උදය දේවි, හිජ්රා( දැන් ධාවනෙයේ නැත ) , සාගරිකා , සමුද්‍ර දේවි (දැනට ලංකාවේ ධාවනය වන දිගින් වැඩිම දුම්රිය ) , රජරට රැජින .(නදී)

:       1       2

රොහාන් ඉලම්පෙරුම Saturday, 08 February 2014 08:36 PM

මම දැක්කා දුන්හිඳ, නමුනුකුල වගේ නමින් එන්ජිමක්. තව , ඩෙවොන් , නකල්ස් , හුන්නස්ගිරි,සප්තකන්යා වගේ මනස්කාන්ත නම් උනත් හොඳයි.(නදී)

:       0       2

ලෙස්ලි ජයවර්ධන Wednesday, 05 February 2014 04:21 AM

මෙන්න නියම හේතු....නිතරම ලෙඩ දෙන නිසා.....සද්දය වැඩි නිසා....කවදාවත් වෙලාවට නොඑන නිසා (දී)

:       1       2

නිමල් ජයකොඩ් Friday, 07 February 2014 02:19 AM

ඉතාම හොඳ ලිපියක් , පිරිමි නම් ඉස්සර තිබුනේ බණ්ඩා,සුවාරිස් ,කිරිහාමි .එහෙම කියනකොට දුම්රිය ස්ථානාධිපතිලට කොහොමද හූ වැල. ඒ වගේද මැණිකෙලා ......(අ)

:       0       1

විනුක Wednesday, 05 February 2014 09:53 PM

මේක කිවන්න ආස හිතෙන විදිහේ ලිපියක් (දී)

:       0       1

අසිත Tuesday, 11 February 2014 09:58 AM

බොහොම හොද දනමුතුකමක් ලැබුන හරි සතුටුයි එය හොද ලිපියක් (දී)

:       0       1

මලිත් Monday, 16 May 2016 11:41 AM

ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි. (ර)

:       0       1

ගංගා Wednesday, 19 February 2014 10:02 AM

හරිම රසවත්

:       0       1

මලිත් Wednesday, 05 February 2014 09:44 AM

නියමයි කැමතියි ඒ ලිපියට (දී)

:       0       1

වසන්ත විජේකෝන් Wednesday, 05 February 2014 10:02 AM

හොද ලිපියක් බැලුවා (දී)

:       0       1

නිලිපුල් Wednesday, 26 February 2014 11:27 AM

ගොඩක් හොද වැදගත් ලිපියක් (අ)

:       0       1

සෙන්තිල්නාතන් Thursday, 06 February 2014 03:37 AM

ලංකාවේ දුම්රිය සේවය ආරම්බවෙලා හරියටම දෙන අවුරුදු 150යි.

:       0       1

තිස්ස Monday, 10 February 2014 06:43 AM

වැදගත් ලිපියක්.(නදී)

:       0       1

නෙත්මල් Thursday, 06 February 2014 07:03 AM

මෙය හැමෝම දැනගත යුතු කතාවක්.(නදී)

:       0       1

සමීර Wednesday, 05 February 2014 11:20 AM

ඉතාමත් හොඳ ලිපියක්..! (අ)

:       0       1

චමිනි Wednesday, 05 February 2014 11:26 AM

ඉතා හොඳ ලිපියක්

:       0       1

මැණික් Friday, 07 February 2014 10:15 PM

ඇත්තටම වටනා ලිපියක් (දී)

:       0       1

ශ්‍රීම Friday, 07 February 2014 10:15 PM

ඉතාම හොද ලිපියක් (දී)

:       0       1

ප්‍රියන්ත ගුණතිලක Wednesday, 05 February 2014 11:38 AM

ඉතා හොද වැකියක් ඒගැන ගැන හොදන්න දෙයක් නෑ (අ)

:       0       1

දීමන්ත Thursday, 06 February 2014 10:03 AM

කියෙව්වොත් ආයේ කියවනවා.(නදී)

:       0       1

චමී Monday, 10 February 2014 09:02 AM

අදහස් බලපුවාම වැඩිපුර ලිපිය කියවලා තියෙන්නේ පිරිමි.අපේ රටේ කාන්තාවන් පුවත්පත් කියවිම ගැන හොදට පැහැදිලියි.අඩුම තරමින් තමන් ගැන කියවෙන ලිපියක්වත් කියෙව්වොත් නරකද? (දිල්)

:       0       3

දිලිනි Thursday, 12 June 2014 03:22 AM

ඇත්තටම ගොඩක් වටිනා ලිපියක් (නි)

:       0       1

කුමාරි Saturday, 11 June 2016 02:51 AM

හොඳ ලිපියක් (නි)

:       0       1

මධුරි Wednesday, 12 February 2014 10:59 AM

හරිම රසවත්.(නදී)

:       0       1

සංජීව Thursday, 06 February 2014 01:57 PM

කාලයකින් කියවන්න ලැබුණු හොඳ ලිපියක්. නිතරම පළ වන දුෂණ ,වංචා ,මැරකම් ගැන ලියැවුණු දේට වඩා මෙවැනි ලිපි කියවීමට ලැබීම ඉතාම සතුටට කරුණක්.(දිල්)

:       0       9

චාමික Tuesday, 04 February 2014 06:56 PM

ඉතා රසවත් සටහනක්.(නදී)

:       0       1

ලලිත් දම්සිරි Monday, 10 February 2014 12:54 PM

ඉතාම හොද ලිපියක්(දිල්)

:       0       1

රැවන් Thursday, 14 November 2019 05:06 AM

වටිනා දේවල්, දැන් ඉන්න අය කියවන්නේ නැහැ.

:       0       1

සංගීත් සංකල්ප Monday, 23 December 2019 03:18 PM

ක්‍රමයෙන් ක්‍රමය ගිලිහි යන ඉතිහාසයට වටිනාකමක් තැබු ඔබලාට ස්තුතියි...

:       0       1

තුෂාර රත්නායක Friday, 18 June 2021 04:24 PM

ගුරුවරයෙක් ලෙස මට ඉතා වටිනවා. බොහොම ස්තුතියි..!

:       0       3

Mangalika Rupasingha Monday, 29 November 2021 07:57 PM

ඉතාම වැදගත් ලිපියක්. මමත් වැදගත් තොරතුරු දැනගත්තා මෙමගින්.

:       0       1

එඩී ගුණරත්න Sunday, 05 February 2023 11:46 AM

ත්‍රිකුණාමලය දුම්රියට යෙදූ නම කුමක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 95 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 96 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 279 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 517 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 580 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 95 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site