IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දඹදෙණි යුගයෙන් පැවත එන ලෙව්කේ පරපුර

 5_SLT_P_4     

 

ඉද්දමල්පාන රජමහා විහාරය පසුකර තරමක් පටු මාර්ගයක ඉදිරියට යන විට දර්ශනීය කඳු වැටියක් වම් පසින් ඇති අතරම ගමන්කරන මාර්ගයේ ඉහළින්ද කඳු වැටියකි. ප‍්‍රදේශයම කඳු වළල්ලක් යැයි සිතාගත හැක. ඉදිරියෙන් පෙනෙන කඳු මත කිරි සුදු පාටින් බබලන වෙහෙරක් දිස්වෙයි. මාලිගාතැන්න විහාරය එම කඳු මත පිහිටා ඇත.

 

1
ගුරුගොඩ ඔය පෙන දමමින් කඩා දියඇලි මවමින් පහළට ගලන්නේ කැළණි ගඟ සොයාය. ”ඌරාගන්දේ නයිනංකඩ” මූකලානේ සිට දිය උල්පතකින් ගුරුගොඩ ඔය ආරම්භ වෙයි. කඳුකර මාර්ගයේ ඉදිරියට ගමන් කරන විට ඇදිරි ගල්ලෙන නම් ප‍්‍රදේශය හමුවේ. එම ප‍්‍රදේශය රජ දවස වඩාත් වනාන්තරව තිබූ බවත් තරමක් අඳුරට තිබූ නිසා එහි තිබූ කුඩා ගල්ලෙන ‘‘ඇදිරිගල්ලෙන’’ වශයෙන් හඳුන්වා ඇති බවත් එම ගල්ලෙන මත නිවසක් ඉදිකරගෙන සිටින ඇදිරිගල්ලෙනේ අප්පෝ සඳහන් කර සිටී. ඇදිරිගල්ලෙනේ මංපහරණ පාදෙණියේ බබා සහ පිංචා වශයෙන් හැඩි දැඩි සොරුන් දෙදෙනකු සිටි බවත් ඔවුන් දෙදෙනා මාර්ගයේ යන අයගේ දේවල් කඩාගෙන ඇති අතර පුංචි බණ්ඩා නමැති සද්දන්ති යෝධ ශක්තිය ඇති ඇදිරිගල්ලෙනේ අප්පොගේ මුත්තා එතනට පැමිණ පාදෙණියේ බබා සහ පිංචා එකට හප්පලා තලා එලවා දමා ඇති බවත් පසුව ගල්ලෙන මත නිවස තනාගෙන තිබෙන අතර ගල්ලෙන වසා දමා මේ වන විට වඩාත් විශාල නිවසක් ඉදිවී ඇත. ගල්ලෙන තිබූ ගල පහළට බැස බැලීමේදී ගලමත ඇති නිවස පැහැදිලිව පෙනෙයි.


අදිරිගල්ලෙන පසුකරමින් කන්ද දෙසට ඇති පාරේ තවත් ඉදිරියට ගිය විට හෙට්ටිමුල්ල පසුකළ පසු හමුවන වෙල්යායේ අසබඩ මාකුර අම්බලම හමුවේ. අම්බලම ඉදිරියෙන් ඇති සරුසාර වෙල්යාය කියාපාන්නේ මෙම ගම ඉතාමත් පැරණි සශ‍්‍රීක ගමක් බවයි.


කුඹුරු යාය දිගගම අම්බලම අද්දරින් පළල් මාවතක් ඇති අතර ඒ හා සමගම ඇළ ගලාබසී. ඇළේ ඉවුරු දෙකේ අම්බලමේ පාදම ඇති අතර අම්බලමට යටින් ඇළ ගලාබසී. අසලම ඇති ඌරාකොටේ ළිඳ දිවුල් ගසක් අසල තිබූ හෙයින් ”දිවුලේ ළිඳ” නමින් හඳුන්වයි. 


හෙට්ටිමුල්ල මාකුර අම්බලම පසුකරමින් ඇහුණුගල්ල, දිවෙල යන ගම්මාන අතරින් යන විට මීළඟට හමුවන්නේ වාකිරිගල අම්බලමයි. සීතාවක කන්ද උඩරට මාර්ගය ”සිංහල පාර” මාර්ගයේ ප‍්‍රධාන නැවතුම්පොළක් වශයෙන් හැඳින්විය හැකි අම්බලමක් වශයෙන් සිතිය හැකි වන්නේ වාකිරිගල අම්බලමයි. මෙම අම්බලම නිමකර ඇත්තේ පැරණි ගොඩනැගිලිවල කොටස් එකතුකර ගෘහ නිර්මාණ ශිල්පය අනුව පැරණි ධර්මශාලාවක ආකෘතියටය. වාකිරිගල විහාරස්ථානය බිඳ වැටුණු පසු ඉදිකර ඇති බව අනුමාන කරන බව ප‍්‍රදේශයේ ගත්කතුවර පාට්ටගම චන්ද්‍රරත්න හේරත් මහතා ප‍්‍රකාශ කරයි. සියළුම වෙහෙර, විහාර, ගොඩනැගිලි, පෘතුග‍්‍රීසින් විනාශ කරන ලද බවත් ඔවුන්ගේ සංහාරයට පාත‍්‍ර වි ඇති බවත් ප‍්‍රකාශ වේ. අම්බලමේ ඇති සෙල්මුවා උළුවස්සද පිටතින් ගෙනවිත් සම්බන්ධකරන ලද්දක් බව පිළිගත හැක.


එදා දවස මාර්ගයේ අම්බලම් නිර්මාණය කර ඇත්තේ එහි රාත‍්‍රිය ගත කරන අයගේ පහසුව සැලසෙන ආකාරයටය. මනා ස්ථානයක් සුදුසු අන්දමින් පිහිටා ඇති පරිසරය අනුව වාකිරිගල අම්බලම මගින් දෙතුන් සීයකට ආසන්න පිරිසකට නවාතැන් ගැනීමේ ඉඩ පහසුකම් ඇති අතර පසෙකින් ජලය පිරි ළිඳකි. අසලින් ගලායන දිය පහර මගීන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට මනා පිටුවහලක්ව ඇත. 


”වාකගිරි ගල” නමින් හඳුන්වා තිබූ පසුව වාකිරිගල වශයෙන් ව්‍යවහාරයේ පවතින රජමහා විහාරය, ගලපාමුල ඇති කුඩා ගල්ගෙන එය බුද්ධපුත‍්‍ර හිමි පූජාවලිය එම ගල්ලෙනේ සිට ලියූ බව ප‍්‍රකාශවෙයි. පොලොන්නරුව සොලීන්ගෙන් බේරාගැනීම සඳහා බෝසත් විජයභාවන් මහ සටන සංවිධානය කළේ මෙම වාකිරිගල සිට බවත් බෝසත් විජයභාවන් තම ධනය, තබා ඇත්තේ අසලම ඇති දනකිරිගල බව ප‍්‍රකාශවෙයි. වාකිරිගල ගල්තලාව විහාරයෙන් ඉස්මත්තේ විශාල ප‍්‍රමාණයක පැතිරී පවතී. 

drdfhdfh

 

වාකිරිගල අම්බලමත් රජමහා විහාරයත් පසුකර තරමක කන්දක් සහිත මාර්ගයේ සැතපුමක් පමණ ගිය පසු ගල් අතර පාට්ටගම පාසල ළඟින් වමට ඇති ගමට යන මාර්ගයේ තරමක් දුරට ගිය පසු වෙල්යායක් හමුවේ. එම ස්ථානයේ නැවතී බැලූවිට ඉස්මත්තේ හිටිවනම විශාල ගලක් දිස්වෙයි. එය වසුන්නාගල හෙවත් වඞ්ඩමාන පර්වතය වශයෙන් එකල භාවිතා වී ඇත. අනුරාධපුර යුගයේ නාගගෝත‍්‍රිකයන් විසූ ගල් පර්වතය කියා වඞ්ඩමාන ජීවිතය නමින් හඳුන්වා ඇති අතර මෙම පර්වතය නැගීම සඳහා ඒ අසලම සිටි ලෙව්කේ වලව්වේ, ලෙව්කේ දිසාව දිගින් අඩි 5ක් පමණ උස අඩි 1 පමණ වූ විශාල ගල්පඩි 367 අල්ලා ඇත. මෙම ගල්පඩි කියාපාන්නේ එකල සිටි අප මුතුන් මිත්තන්ගේ කාය ශක්තියයි. ගලමත පිළිවෙලට ගල් අතුරා පඩි නිර්මාණය කර ඇත. ඒ මගින් පියවර මැන පර්වතය උඩට යා යුතුය. 


ගමනෙන් අඩක් පමණ නැග ගිය පසු දාන ශාලාවක් බඳු විශාල ගොඩනැගිල්ලක් ඇත. රජ සමයේ සිටුවන ලදැයි සිතිය හැකි අරලියගස් පෙළ අසල ටිකක් ගිමන් හැර නැවතත් පඩිපෙළ තරණය කරගෙන ගිය පසු තරමක ප‍්‍රමාණයේ තැනිතලාවක් හමුවේ. එහි පරිසරය සිසිල්ය. ගස්කොළන් සහ සෞම්‍ය වටපිටාවක් ඇත. 


එම තැනිතලාවට පැමිණෙන  ඕනෑම අයෙක් තරමක් හෝ නැවතී සිටිනවා නිසැකය. තැනිතලාවෙන් ඇවිද ගිය පසු නැගීමට ඇති පඩිපෙළ එතරම්ම උස්ය. දිගටම නැගගෙන යා යුතුය. අවසානයේ දිස්වන්නේ බෝධි වෘක්ෂයයි. ඒ අතරින් ගල්ලෙන් රජමහා විහාරය දිස්වෙයි. දකුණු පසින් ගරාවැටී ගිය ගොඩනැගිල්ලක පාදමක් ඇති අතර ගල්ලෙන රජමහා විහාරය ඉදිරිපස ඇති ගල්තලාවේ ශ්‍රීපතල නිර්මාණය කර ඇත. ලෙන් විහාරයේ මහනුවර යුගයේ චිත‍්‍ර ඇතුළත් කාලාගාරයක් බඳු විහාරයකි. දනගිරිගල ලෝකඩ බුදුපිළිමය අමිල වස්තුවකි. එය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව ප‍්‍රකාශ වේ.


බෝසත් විජයභාවන් සොලීන් සමග සටන් කිරීම වෙනුවෙන් තම ධනය ආරක්ෂාවට තැන්පත් කරගෙන තබා ඇත්තේ දනගිරිගලයි. මෙම රජමහා විහාරයට ලෙව්කේ දිසාව සමීපව ඇසුරු කර ඇත. විජේසුන්දර රාජකරුණානායක හේරත් මුදියන්සේ ලෙව්කේ දිසාව විහාරයේ අභිවෘධිය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකළ බව පෙනීයන්නේ විශ්වකර්ම ගල්පඩිපෙළ දැකීමෙනි. තවද එතුමාගේ ඇරයුමෙන් කරතොට හිමියන් පිරුවානා පොත්වහන්සේ ලියූ බවද ප‍්‍රකාශ කරන්නේ පාට්ටගම ඞී. හේරත් චන්ද්‍රරත්න මහතායි.


පාට්ටගම පසුකර කුඹුරු යායට එගොඩ ගොඩෙන් ලෙව්කේ වලව්ව ඇත. ලෙව්කේ වලව්වට යෑමට පෙර තරමක් දුරට ඉදිරියට එනවිට අස්මඬල ගම්මානය හමුවන අතර අස්මඬල තොරතුරු සොයා ගම්මානය මැදට ගමන් කළ පසු හමුවූයේ අස්මඩල විශ‍්‍රාමලත් විදුහල්පතිතුමාය.


අනුරාධපුර මහමෙව්නා උයන දෙවැනි පෑතිස් රජු මිහිඳු හිමියන්ට පූජා කළ විට රන් නඟුලෙන් හාලා සීමා කිරීමේදී ”අස්මඬලාව” නමැති ගමද එම සීමාවට අසුවීමෙන් එහි සිටි ගම් ප‍්‍රධානියෙක් ඔහුට අවශ්‍ය දැසි දසුන් එකතුකරගෙන මාගම් රාජධානියට සංක‍්‍රමණය වී ජනපදයක් පිහිටුවාගෙන ඇත. ඒ පැමිණි අයගෙන් පැවතගෙන එන අයගෙන් අස්මඬල ගම බිහිවී ඇත. එසේම අස්මඬල වාසගම තිබෙන අය ගමේ ජීවත්වෙයි. වාසල අතපත්තු සමරකෝන් මුදියන්සේ රාලහාමිලාගේ උපතිස්ස බණ්ඩාර අස්මඬල විශ‍්‍රාමලත් විදුහල්පති එම අස්මඬල වලව්වේ පැවත එන අයෙකි.

59

 

අස්මඬල වලව්වේ භූමියේ සිට දක්ෂ දුනුවායෙක් යොදා ඊතලයක් විද එය වැටුණ තැන ස්ථානයේ ලෙව් නමැති තණකොල විශේෂ වූ කේ නම් පත‍්‍රය වූ ලෙව් ූ කේ නම් එම තණකොළ ඇති ප‍්‍රදේශයේ ලෙව්කේ වලව්ව ඉදිවූ බව ප‍්‍රකාශ කරයි. ලෙව්කේ වලව්වේ ආරම්භය එසේ වීමත් සමග වලව්ව සොයා යා යුතුය. 


පාට්ටගම දනගිරිගල රජමහා විහාරයට යෑමට ඇති මංසන්ධියට පෙර ඇති පාට්ටගම පාසල ළඟින් ඇති මාර්ගයේ කුඹුරු යාය මැදින් වැලි පාර දිගේ වලව්වට යා හැක. එසේ නොමැතිනම් එම මාර්ගයේම තරමක් දුරට ගිය පසු හමුවන ”සුදුගලේ” හන්දියෙන් දකුණට හැරී වතු පාර දිගේ යා හැක. එම මාර්ගය වලව්වේ මිදුලෙන් අවසන් වෙයි.


ලෙව්කේ පරපුර දඹදෙණි යුගයේ සිට පැවත එන බව කියන්නේ අලූත්නුවර දෙවියන් වැඩමෙවූ පරපුරින් ජනිත වූ හෙයින්ය. ලෙව්කේ දිසාව විසින් කරවන ලද ටැම්පිට විහාර වලව්වට ඉහළින් ඇති අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. එහි ඇත්තේ මහනුවර යුගයේ චිත‍්‍රයි. වලව්ව ගරාවැටීමට ලක්ව ඇත.


ලෙව්කේ දිසාව දක්ෂ ශක්තිමත් රණශූරයෙකි. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් විජේවර්ධන රාජකරුණා හේරත් මුදියන්සේ ලෙව්කේ දිසාව සේනාධිපති කර හංවැල්ලේ කඳවුරු බැඳ සිටි සතුරු සේනාව පලවා හැරීමට අණකර යවන ලදී. ලෙව්කේ දිසාව සැලසුම් කරන ලද යුද උපක‍්‍රමය යම්කිසි කරුණක් මත වෙනස්කර ඇත. එය රජුට දැන්වීමට ප‍්‍රමාද වීම මත හංවැල්ලේ සටනේදී ලැබූ අන්ත පරාජයත් අවමානයත් නිසා කෝපයට පත් රජු ඉංග‍්‍රීසීන්ගේ ජයග‍්‍රහණය ගැන වරද ලෙව්කේ දිසාවට පටවා උදහසට පත් රජතුමා ලෙව්කේ සේනාධිපතිගේ හිසගසා දැම්මේ යැයි ප‍්‍රකාශ වේ. 1803 සැප්තැම්බර් 6 වැනි දින එසේ මරණයට පත්වූ එතුමාගේ මෘතදේහය එතුමාගේ මැණිගේ විසින් පාට්ටගමට ගෙනගොස් අඹතැන්න නම් ස්ථානයේදී ආදාහනය කළ බැව් ප‍්‍රකාශ වේ. ලෙව්කේ ගැන පාට්ටගම නිලමේ විසින් කවියකින් විස්තර කරයි.


ඉඳගත්තාම පිළිමය තිබ්බා වාගෙයි
නැගිටපුවිට වේපත බැන්දා වාගෙයි
යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි
ලෙව්කේ මැතිදු ගල් අතරට කොත වාගෙයි

පුන්සඳ සේම පායාලා වෙල මැද්දේ
රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ
මාර සෙනග වටකරගෙන යම යුද්දේ
ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ 

ලෙව්කේ සේනාධිපතිගේ ආදාහනය ගැන කියන කවියක් ඇත.

 

කූඩුවෙලා අඹතැන්නේ සිටින්නේ
පාඩු බල බලා ගිනිගේ තනන්නේ
ගිනිගෙට යන්න රජමාවත කපන්නේ
ලෙව්කේ මැතිදු ගිනිගෙට වැඩම වන්නේ

හඳුන් මිටිය වළ ගැඹුරින් කපාලා
වළ වටකර ගිනිපන්දම් ගසාලා
රුව ඇති මූණ සළුපටකින් වසාලා
එන්නයි සෙනග නිලමේ ගිනි තියාලා
අට්ටාපිටිය බලකොටුව.........

ghi

 

දොඹගහරුප්පේ, වහරක්ගොඩ පසුකර වීදියමංකඩට පැමිණේ. නඩයෙන් එගොඩවී කන්ද උඩරට පිවිසීමේ මාර්ගය මෙම මංකඩින් පිහිටා ඇත. මාඔයේ දකුණතින් හා බස්නාහිරින් මායිම් වන්නට අට්ටාපිටිය බලකොටුව පිහිටා ඇත. 


මාර්ගයේ උස් ස්ථානයක පිහිටා තිබූ බලකොටුව ඉංග‍්‍රීසි සමයේ ඉදිවූවක් බව ප‍්‍රකාශ වෙයි. කඳුගැටය නැග බලකොටුවේ පාදම සොයාගත හැක.

බලකොටුවේ තොරතුරු සොයා ඇවිදීම භයානක කාර්යයකි. සතුන් දඩයම් කිරීම සඳහා නොයෙක් උපක‍්‍රම යොදා ඇති බැවිනි. බලකොටුව ප‍්‍රදේශය කැලෑවෙන් වැසී ඇති අතර බලකොටු ප‍්‍රදේශය අක්කර පහක් පමණ ප‍්‍රමාණයක විහිදී ඇති බව සිතාගත හැක. පිටුපසින් මාඔයට බැසීමට ගල් පඩිපෙළක් තිබූ බව සිතා ගත හැකි වන්නේ ශේෂවූ පඩි කීපයක් දැකිය හැකි බැවිනි.  


ගල්තලාවේ බටහිර බෑවුමෙන් දෙවනගලට නැගීම පහසු බව ප‍්‍රදේශවාසීන් කියූ පරිදි එක දිගට ඇති පඩිපෙළ දිගේ කෙටි දුරක් නැගී පසු ආවරණය කරන ලද සෙල්ලිපියක් හමුවෙයි. එය තරමක් විශාල සෙල්ලිපියක් වුවත් අපහැදිලිතාවයට  පත්ව විනාශ වී ඇත. එයින් ඉහළට අඩරවුම් හැඩයේ ගල්තලාවේම නිමවා ඇති පඩිපෙළ දිගේ ගියපසු පොඩි තැනිතලාවකින් නැවතත් පඩිපෙළක් හමුවෙයි. ගලේ සමහර තැන්වල අව්ව වැස්ස සහ කාලගුණයේ විපර්යාස හේතුවෙන් ගල ඛාදනය වී පඩිපේලි පතුරු ගැලවී ඇති අතර ඒ මතින් ඉදිරියට ගිය පසු ගලමත්තේ තැනිතලාවේ සිට අවට පරිසරය පැය ගානක් බලා සිටිය හැකිය.


සබරගමු පළාතේ හතර කෝරලේත් කන්ද උඩරට බලන ගිරිදුර්ගයට පහළින් ඇති පහළ කඩුගන්නාව, මාකඩවර, උඩමාකඩවරත් දිස්වෙන අතර කඳු පන්ති අතරින් බතලේගල, වාකිරිගල, උඩුන්නාගල හෙවත් උතුවන්කන්ද එම ප‍්‍රදේශයේම බෙලිගල් කෝරළය හා පරණ කුරු කෝරළයේ පිහිටි නැව්ගල - ගම්පල රාජධානියට අයත් අම්බුළුවාව ආදී කඳුපන්ති දිස්වෙන අතරම ගල පාමුල ගලවටකර ඇති සරුසාර කුඹුරු යායවල්ය. එය ඉතාමත්ම චමත්කාර සුන්දර දසුනකි.


දෙවනගල අවට ඇති කුමන මාර්ගයකින් පැමිණියත් ගල්තලාව දිස්වේ. දකින  ඕනෑම අයෙකුට සිතෙන්නේ වටකුරු ගල්තලාව නිකම්ම නිකම් මුඩු ගල්තලාවක් වියහැකි බවයි. එහෙත් ගල ඉස්මත්තේ සහ අතර මඟ මෙරට දුර්ලභ පැලෑටි සහ ආවේනික ඖෂධ පැලෑටි වලින් සුන්දරව සපිරෙයි.


ගලමස්තකයේ මනාලෙස හතරැුස් ගල්කුට්ටි වලින් ප‍්‍රාකාරයක් ලෙස නිර්මාණයකර ඇති විහාරගෙයකි. එය ගරාවැටීමට ලක්ව ඇති අතර ඒ හා සමඟම ඇති අරලියගස් විශාලත්වයෙන් පිළිබිඹු වන්නේ වසර සියගණනක් පැරණි බවයි. අරලියගස් පේලිය පසුකර ඉදිරියෙන් ඇත්තේ ගල්තලාව මත ඇති නෙළුම්මල් පිපී ඇති පොකුණකි. පොකුණ අද්දර මහනුවර යුගයේ විසූ රත්නාලංකාර හිමියන් වැඩ විසූ ආවාස ගෙයයි. එය සිංහල උළු සෙවිලි කර ඇති වඩාත් උස්නොවූ බිත්ති ඇති ආරාමයකි.


ආවාසගෙයට ඉදිරියෙන් දෙවනගල මහා සෑය දිස්වෙයි. මහාසෑය අසලින් ඉදිරියට ගොස් කඳු බෑවුම බැසගිය පසු ගල්තලාව පුපුරා ගිය විශාල අගලක් බඳු බෑවුමක් හමුවෙයි. අගල දිගේ සීරුමාරුවට පරෙස්සමෙන් ඉදිරියට ගියපසු ප‍්‍රදේශවාසීන් කියන ආකාරයට ගලේ ඇති බිම්ගෙය තිබෙන ස්ථානයට යා හැක. ගල්දොරක් වැසූ ආකාරයට දිස්වුවත් ගුහාවක් පේන්නට නොමැත. තරමක් ඉඩ තිබෙන තැනකින් බිම දිගාවී බිම්ගෙය තුළ බැලූවිට ඇතුළට තිබෙන බව දිස්වුවත් රිංගායාමට නොහැක.


දෙවනගල රජ මහා විහාරයේ පිහිටි ගල්තලාවේ නැගෙනහිරට ඇති මාර්ගයේ බැස යන විට හමුවන්නේ සෙල්ලිපියකි. එම සෙල්ලිපිය ද ආවරණය කර ඇති නමුත් එයට මඳක් පහළින් විමලධර්මසූරිය රජුගේ සෙල්ලිපිය සඳහන් නාම පුවරුවක් දිස්වුවත් ආවරණයක් නොමැති අතරම ශේෂවෙමින් පවතී.

සෙල්ලිපියට ඉහළින් ඉර හඳ හා ශ්‍රී අක්‍ෂරය පැහැදිලිව දිස්වේ. එයට ඉහළින් ශ්‍රීපාද ලාංජනය පිහිටුවා ඇත. තවදුරටත් බැස යෑම සඳහා අත්වැල් සහිත ගලේම නිර්මාණය කර ඇති පඩි පේලියකින් කඳු පාමුලට පැමිණිය හැකිය. තවමත් බතලේගල කන්ද දර්ශනයෙන් ඉවත් වන්නේ ම නැති තරම්ය. බතලේගල කියා පාන්නේ එදා රජසමයේ පණිවුඩ හුවමාරු කළ උස් කඳුවැටිය බවයි.


ගල්තලාවේ පාමුලින් මළබුටුව පසුකර ඉදිරියට එනවිට හමුවෙන්නේ මාලියද්ද ගම්මානයයි. මාලියද්ද පසුකර ඉදිරියට එනවිට හමුවන්නේ රජසමයේ වඩාත් ප‍්‍රභලව පැවති සුවිශේෂ ගමකි. කාන්තා දිසාපතිනියක්ව සිටි සතර කෝරළේ කරවූ ඒදඬුවාවේ දිසාපතිනිය සිටි ගමයි.


ඒදඬුවාව ගම නාමය වැවක් මුල්කොට නම් තැබූ ගමක් වශයෙන් සැලකේ. ‘ඉසිදිය දොර’ නම්වූ දිය වදනා සොරොව්ව හා ‘‘පාදිය දොර’’ නම්වූ දිය බස්නා සොරොව්වට හරහා යෑම සඳහා ඒදණ්ඩක් තබා ඇත. ඒදණ්ඩ නිසා එම ගමේ වැව ඒදඬුවැව නම් වී. ගම ඒදඬුවාවේ නිලමේ තුමාගේ නම ඒදඬුවාව නම් වී ඇති බව ප‍්‍රකාශ වේ.


II රාජසිංහ සමයේ ඒදඬුවාවේ නිලමේ රජුගේ අංගම් කෙටීමේ මාරලියේ හරුකමක් කාරයා වීය. එදා මාරලියේ මෙන්ම සුදලියේ හරුමක් කාරයෝ රටේ නමගිය තරගකාරී පවුල් දෙකක කඩු ශිල්පීන් වූ අතර වාර්ෂික ඌරා ළිඳේ අංගම් කෙටීමට මෙම හරුමක්කාර නායක දෙපල රජතුමා විසින් කැඳවා තිබේ. මාරලියේ නිලමේ මාසික උත්සවයට සහභාගිවූයේ සිත් තැවුලකිනි. තම බිරිඳ ගැබ්ගෙන සිටි නිසාම රණයත් ජීවිතයත් අතර තිබෙන මාරක ක‍්‍රියාවෙන් කුමක් වේදැයි නොදන්නා හෙයිනි.


මාරලියේ නිලමේ හොඳින් කාබී සටනට යන්නට පෙර තම බිරිඳ කැඳවා ‘‘ඔය කුස තුළ ඉන්නේ පිරිමි දරුවෙක් හෝ ගැහැණු දරුවෙක් වේවා මෙම සටනින් මා මළොත් ඉපදෙන දරුවාට හොඳින් අංගම් ශිල්පය උගන්වා අපේ මේ කඩුශිල්පය ඉදිරියට ගෙන යා යුතුයයි’’ ඉල්ලා ඇත. මැණිකේද එම ඉල්ලීමට එලෙසින්ම ඉටුකරන බවට පොරොන්දුවී ඌරා කොටේ ළිඳේ අංගම් පොරයෙන් ජය ලබන ලෙසට නිලමේට ආශිර්වාද කර සිටින ලදී.


එහෙත් දෙදෙනා දක්‍ෂ ලෙස ඌරා ළිඳේ සටන් කළත් සුදලියේ නිලමේ වැරදි කඩුපහරක් ගසා මාරලියේ නිලමේ මැරුම් කෑවේය. කලක් ගතවෙත්ම මාරලියේ මැණිකේට ලැබුණේ ගැහැණු දරුවෙකි. පුංචිමැණිකේ නම් වූ ඇය කුඩාකල පටන්ම දැක්වූයේ කඩුශිල්ප සටන් ක‍්‍රම ඉගෙනීමේ ආශාවයි. මේ අතර ලොකුමැණිකේ පුංචි මැණිකේට තම පියා සුදලියගේ වැරදි කඩු පහරකින් මිය ගිය ආකාරය සිහිපත් කර මාරලියේ නිලමේගේ අන්තිම ඉල්ලීම ද එළිකළාය. 

m



අදහස් (0)

දඹදෙණි යුගයෙන් පැවත එන ලෙව්කේ පරපුර

ජයන්ත Saturday, 19 September 2015 12:21 PM

මෙම මාර්ගයේ තියෙනවා දනකිරිගල කියල තවත් ඉතා වැදගත් පුරාණ රජමහා විහාරයක් ඒ ගැනත් තොරතුරු ලියන්න. (ම)

:       0       0

සුනිල් සාන්ත Saturday, 17 October 2015 02:04 AM

මෙම පුරාණ වස්තූන් අප රැකගත යුතුය (නි)

:       0       0

කරුණාදාස මුණගම Saturday, 19 September 2015 03:46 AM

අපේ රටේ නිවැරදි ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කිරීමට වෙහෙසෙන විද්වතුන් සමුහයක් පිළිබදව අප සංවිධානයක් ලෙස අවධානය යොමුකර ඇත. එබැවින් මේ තොරතුරු අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ. අපේ ඉතිහාසය ලෙස අපට උගන්වා ඇත්තේ මුළුමනින්ම පාහේ විකෘති කරන ලද ඉතිහාසයක් බව පෙනේ. එබැවින් අප සංවිධානාත්මකව අපේ රටේ ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කරන්නට දායක වීමට කැමැත්තෙමු. එබැවින් මෙම ඓතිහාසික ස්ථානයන් පිළිබදව ගවේශනය කිරිමට අපි කැමැත්තෙන් සිටිමු. අපගේ දුරකථන හෝ අපගේ විද්‍යුත් ලිපිනයන් අමතා අපට සහාය වන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. (අ)

:       0       0

තිළිණ Friday, 02 October 2015 11:31 PM

හරි ආශාවෙන් කියෙවුවා (නි)

:       0       0

ජයසේකර Monday, 28 December 2015 07:49 AM

ශ්‍රී ලාංකීය අභිමානයට හේතු වූ අභිමානවත් පරපුරක තතු දැන ශ්‍රී ලාංකිකයින් වන අප ගැන මහත් ආඩම්බරයක් ලැබුවෙමු .(ම)

:       0       0

ජනිත Wednesday, 16 September 2015 10:23 AM

විශිෂ්ට ලිපියක් (නි)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 11 November 2015 08:15 PM

මෙම ලෙව්කේ පරපුර අනවරණය කරමින් දක්වා ඇති නටබුන් සහ පව්රාණික වැදගත් ස්ථාන ගැන ඉහත සදහන් පරිදි විස්තර ප්‍රචාර කිරීමට රජයේ සංචාරක අමාත්‍යංශය කටයුතු කළහොත් දෙස් විදෙස් සංචාරකයින් එම ස්ච්තන නැරබීමට පෙලඹෙනවා නොඅනුමානය(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 122 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 256 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 190 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 236 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 240 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 809 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site