එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් දා සිදුකළ ප්‍රකාශය, සභාග රජයේ ප්‍රධාන දෙපාර්ශවය අතර සම්බන්ධතා තවමත් ඉතා අයහපත් තත්ත්වයක පවතින බව මනාව පෙන්නුම් කළේ ය.

ජනපතිවරයාගේ ප්‍රබල ප්‍රකාශය, ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන නායකයා ලෙස සැලකෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද බලපා තිබේ.

“මැතිවරණය ව්‍යාපාරයකට මහන්සි වෙන්න මට වුවමනාවක් නැහැ.මොකද, එයා අපි වෙනුවෙන් ඒ කටයුතු කරනවා,“ යැයි ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා පදනම් විරහිත බවය.වර්තමානයේ රටේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය යන දෙපාර්ශවයම සමග ජනපති සිරිසේන මෙසේ පැටලී සිටිය ද, ඔහුගේ නායකත්වය යටතේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් පවතින්නේ ඉතාම බරපතල ලෙස බෙදී වෙන්වී ය.

එම ප්‍රකාශය සිදුකිරීමෙන් දිනකට පසු, බ්‍රහස්පතින්දා උදෑසන, තම හිතවතකු හා අදහස් දක්වමින් ජනපතිවරයා පවසා සිටියේ මෙවැන්නකි.

“මටත් සීමාවක් තිබෙනවා.මාව දෙවැනි තැනට වට්ටවන්න පසුගිය සති දෙකේම ගත්තු ගොඩක් උත්සාහයන් පිටිපස්සේ ඉන්නේ එයාලා.ඒ නිසාම මට සිද්ද වුනා මොකක්ද මේ ඇත්තටම වෙන්නේ කියලා කියන්න.“

එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුතැවිලිවීමක් ද ජනපතිවරයා කෙරෙන් දැකගන්නට නොමැත.ජනතාව දැනුම්වත් කිරීමෙහි ලා තමන් නිවැරදි දෙය කළ බව ඔහුගේ විශ්වාසය බව පෙනේ.

එසේ වුව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සබදතා තර කිරීමෙහි ලා ගැනුනු උත්සාහයක් ගෙවුනු සෙනසුරාදා දින උදෑසන සනිටුහන් විය.අගමැති වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමෙන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වූ සිව් සාමාජික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මෙහි පෙරමුණ ගත්තේ ය.මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, මහින්ද අමරවීර, සහ දුමින්ද දිසානායක යන මහත්වරු ඔවුහුය.ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ ප්‍රබල ආධාරකරුවෝ ද වන්නෝය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්ව සිටියෝ කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන මහත්වරු වූහ.

සැටැන්මෝර් චන්ද්‍රවංශකයේ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශවය පොදු සංවර්ධන වැඩපිළිවෙලක් සකස් කරගැනීමේ වැදගත්කම මතු කැරුනු අතර, අනාගතයේ පැවැත්වීමට නියමිතව ඇති පළාත් සභා මැතිවරණය මෙන්ම 2020 ජනපතිවරණය සහ පාර්ලිමෙන්තු මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කැරින.

දෙපාර්ශවය අතර පවතින වෙනස්කම් තවදුරටත් අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිව්දෙනාගේ කණ්ඩායම ජනපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත්, එම සාකච්ඡාවට අගමැතිවරයාට ද ආරාධනා කිරීමට සැලසුම් කර තිබෙන බවත්, නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ මෙම සාකච්ඡා හා සම්බන්ධ එක්තරා සාමාජිකයෙක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.දෙපාර්ශවය එක්ව කටයුතු කළ යුතුවම තිබෙන බව ඉස්මතු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වන බව ඔහු වැඩිදුරටත් කීවේ ය.දෙපාර්ශවය එකිනෙකාට එල්ල කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට එම චෝදනාවල සත්‍ය අසත්‍යභාවය විමසුමට ලක්කිරීමටත්, ඒ හමුවේ එම චෝදනා පදනම් විරහිත බව ඔප්පු වන්නේ නම් නැවත නැවතත් එම චෝදනා එකිනෙකාට එල්ල කරගැනීමෙන් වැළැකීමටත්, එකගතාවයක් ඇතිකරගැනීමට නියමිත බව සදහන් විය.

කෙසේ වුව ද, ජනපති සිරිසේනගේ ප්‍රකාශය භූමරංගුවක් මෙන් නැවත කැරකී පැමිණ තිබෙන බවක් පෙනෙන්නට ඇත. සමාජ මාධ්‍යයන්හි ඔහු ඉතාම බරපතල ලෙස විවේචනයනට ලක්වෙමින් පවතී.එක්සත් ජාතික පක්ෂයට ඔහු මෙසේ චෝදනා එල්ල කළ පළමු අවස්ථාව ද මෙය නොවන බව සදහන් කළ යුතුය. ගෙවුනු වසර කිහිපයේ දී ඔහු නොයෙක් අවස්ථාවල දී මේ ආකාරයටම හැසිරින. රටේ වානිජ්‍ය, වෙළදාම් සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියැලී සිටින්නෝ පසුවන්නේ ජනපති සිරිසේන කරේ උපන් කෝපයකිනි.අගමැති වික්‍රමසිංහ හා තමන් අතර සම්බන්ධතා තවමත් පවතින්නේ අයහපත් තත්ත්වයක බව රටේ ජනපතිවරයා ප්‍රසිද්ධියේම පවසන්නේය. ඔහුගේ මෙම හැසිරීම, පසුගියදා සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු දෙපාර්ශවය තරහමරහ අමතක කර එක්ව සිටින බවට ඇතිවූ විශ්වාසයට හාත්පසින්ම පටහැනිය.

පසුගියදා කළ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙස ජනපති සිරිසේනගේ ප්‍රතිරූපය සහ විශ්වසනීයත්වය දරුණු සෝදාපාලුවකට ලක්ව තිබේ.ඔහු මෙසේ හැසිරුනු පළමු අවස්ථාව මෙය නොවන බව ද සදහන් කළ යුතුය.එහෙත් මෙම අවස්ථාවේ තත්ත්වය වෙනස්ය.රටේ ජනපතිවරයා ලෙස නොපෙන්විය යුතුව තිබෙන දුර්වලතා රැසක් මෛත්‍රීපාල සිරිසේන චරිතයේ පවතින බව මෙහි දී මනාව පැහැදිලි විය.එක්සත් ජාතික පක්ෂයට එරෙහි ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථමයෙන් ගෙවුනු දින කිහිපයේ ඔහු හැසිරුනු හා කටයුතු කළ ආකාරය සැළකීමේ දී, ඔහු එවැනි ප්‍රකාශයක් සිදුකැරන තැනකට තල්ලු වී තිබෙන්නේ හදිසියේ සිදුවූ කුලුප්පනු ලැබීමක් නිසා බව සැක නොමැතිවම කිව හැකිය.නමුත් එසේ යැයි එය කිසිදු ලෙසකින් සාධාරණීකරනය කළ නොහැකිය.අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී සහ ජනතාව ඇමැතීමේ දී, තම රජයේ පාර්ශවකරුට නැවත නැවතත් චෝදනා එල්ල කිරීමට ජනපති සිරිසේන යොමු කැරවුනු, කුලුප්පනු ලැබුනු, එවැනි අවස්ථා දැන් දැන් පමණට වඩා වැඩි මට්ටමකට පැමිණ තිබේ.චෝදනා නැගීමෙන් අනතුරුව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මූලෝපායක් හෝ නැගෙන ප්‍රතිචාරයන්ට මුහුණදීම සම්බන්ධයෙන් සැලැස්මක් හෝ ඔහුට නැත.මෑතක දී පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී, ජනපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හට බෙලිඅත්ත බලා පියාසර කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර යානයක් වෙන්කර දුන්නේ යැයි ඔහු අගමැතිවරයාට (නමුත් නම සදහන් කළේ නැත) සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට චෝදනා කළේ ය.

පෙබරවාරි මස 10 වැනිදා පළාත් පාලන ආයතන මැතිවරණය ඉලක්ක කර පැවැති ජනහමුවක දී ජනතාව ඇමතූ ඔහු , බැදුම්කර වංචාව හා වෙනත් අකටයුතුකම් සම්බන්ධයෙන් සෘජුවම එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළේ ය.එම කටයුතුවල අනිටු ඵලවිපාකයන්ගෙන් රට ගලවාගත්තේ තමන් බව ද කීවේ ය.මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ එක්සත් ජාතික පක්ෂ දූත කණ්ඩායමක් හමුවේ ජනපතිවරයා කියා සිටියේ විනාඩි 45ක් පමණ වූ තම කතාවේ මාධ්‍ය අවධානය හිමිව තිබෙන්නේ එම විනාඩි 3 - 4ක පමණ කොටසට බවය.ඕනෑම අවස්ථාවක දී මාධ්‍ය අවධානය යොමුවන්නේ පුවත්යැයි වැදගත් කොටස්වලට බව ජනපතිවරයාට අමතකව ගොස් තිබෙන බවක් එහි දී පෙනී ගියේ ය.

එය එවක සමාජ සාධාරණත්වය වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරයේ නායක අපවත්වී වදාළ  මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 76වන ජන්මෝත්සවය විය.එහිමියෝ යහපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් දැඩිව පෙනී සිටි චරිතයක් මෙන්ම යහපාලන රජයේ ප්‍රධාන පාර්ශවකරුවකු ද වූහ.එතුමන්ගේ ව්‍යාපාරය සහ වෙනත් සිවිල් සමාජ සංවිධාන පැවැති ජනපතිවරණයේ දී ජනපති සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දුන්නේ ය.කතානායක කරූ ජයසූරිය මහතා සමග සමීප සම්බන්ධතාවයක් ද එහිමියන්ට විය.පසුගිය අගහරුවාදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ මහතා ජනපති සිරිසේන ඇමතුවේ ය.ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ එදින පැවැත්වීමට නියමිත සෝභිත හිමි ජන්ම දින අනුස්මරණ උත්සවයට ජනපතිවරයා පැමිණෙන්නේදැයි දැනගැනීම ඔහුගේ අරමුණ විය.

එවැනි උත්සවයක් පැවැත්වෙන බව ජනපතිවරයා දැනගත්තේ එම අවස්ථාවේදීය.ඔහු වහාම අපවත්වී වදාළ සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ වූ සමාජ සාධාරණත්වය වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ රවී ජයවර්ධන මහතා ඇමතුවේ ය.තමන් අතට ආරාධනා පත්‍රයක් ලබාදීමේ වගකීම බොහෝ දෙනා භාරගෙන ඇතත්, යම් වරදක් නිසා එය නොලැබී තිබෙන බව ජනපතිවරයා එහි දී දැනගත්තේ ය.ඒ අනුව වහාම ආරාධනා පත්‍රයක් ජනපති නිල නිවස වෙත යැවින.ජනපති සිරිසේන උත්සවයට පැමිණියේ ය.

වයඹ සංඝනායක ගරු මුගුණුවටවන සිද්ධාර්ථ හිමියෝ කෙටි දේශනයක් සිදුකළහ.ජනපති සිරිසේන ඇවිලුනු අවස්ථාව එය විය.
“අපවත්වී වදාළ ගරු මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ කාර්යය ඉදිරියටත් එලෙසම කරගෙන යාම අපේ අභිප්‍රායයි.ජනපතිතුමනි, මා මේ පවසන්නට යන දෙයින් ඔබ අධෛර්යයට පත්නොවේයැයි මා සිතනවා.ගරු සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ මෙහෙයැවුනු ව්‍යාපාරයේ පිහිටෙන් ඔබ පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය කළා.එයින් පස්සේ, එක්තරා සමිතියක ජේ්‍යෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගරු සෝභිත හිමියන්ව හමුවන්නට පැමිණියා.රොටිය පිච්චෙයි ද? ඔවුන් ඇසුවා.ඒකට සෝභිත හිමියෝ දුන්නු පිළිතුර වුනේ, රොටිය පිච්චෙනවා කෙසේවෙතත්, රොටිය ඇට්ටකුණා වෙන්න ඉඩ තියෙනවා,“

“අනාගතය ගැන උන්වහන්සේ කල්තියාම දැන සිටි බවක් මෙම වචනවලින් මට හිතෙනවා.හිමිවරයකු අපවත් වුනහම උන්වහන්සේ හැදින්වෙන්නේ සංඝ සේනාධිපතිවරයෙක් හැටියට.සේනාධිපතිවරයෙක් නැති තැන, ජනතාව එක්රැස් කිරීම අමාරු කාර්යයක්.දෙවැනි පෙළ නායකයන් අපට පෙනෙනවා.නමුත් ජාතික ගැටලුව විසදාගන්නට ඔවුන්ගෙන් ලැබෙන උපකාරයක් නැහැ.සෝභිත හිමියන්ගේ අඩුවෙන් ඇතිව තිබෙන රික්තය වහාම පුරවාගන්නට, ඉදිරියේ එන ජනපතිවරණයට සූදානම්වීමට පවා පෙර එය සිදුකරන්නට, අවශ්‍යයි.“

“එය ගරු සෝභිත හිමියන්ට සිදුකැරන මහගු ගෞරවයක් සහ සේවාවක් වේවි.කතානායක කරූ ජයසූරිය මහතා කියන්නේ මේ කාර්යයට දායකත්වය ලබාදිය හැකි කෙනෙක්.සමාජ සාධාරණත්වය වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරයේ අරමුණු දිනාගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ගැන අපට සෑහීමකට පත්වන්නට බැහැ.හැම තැනින්ම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ වේදනාව දනවන දේවල්.කුසගින්න නැගෙමින් තිබෙනවා.නොසන්සුන්තාව දෝරගලා යමින් තිබෙනවා.“

කෝපයට පත්ව සිටින බව මනාව ප්‍රදර්ශනය කරමින් පැමිණ සිටි අය ඇමතූ ජනපතිවරයා කියා සිටියේ තමන් එම ස්ථානයට පැමිණීමට පෙර, තමන් අද දින නොපැමිණෙන බව කිසිවෙකු හෝ ප්‍රචාරය කර තිබෙන බවය.

“ගරු ස්වාමීන්වහන්සේ වදාළා මා නොපැමිණෙන බව දැනගත් විට උන්වහන්සේ කම්පනයට පත්වූවා කියා.මා සිතන්නේ උන්වහන්සේ කීමට සිටි දේ, මා වෙත සෘජුවම ප්‍රකාශ කරන්නට උන්වහන්සේ සූදානමින් සිටින්නට ඇති.මගේ නම සදහන් කිරීමක් නොකළත්, ඔබ කියා සිටියේ සියල්ල වැරදි පාරට යොමුවුනේ මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පත්වූ පසුව බව.වැරදි පාරට යොමුවුනේ කොහොම ද කියලා කරුණු කාරණා ඇතිවම මට කියන්නට පුලුවන්.මම ඔබවහන්සේ ගැන නොවේ මේ පවසන්නේ.මා ගැන තැන තැන්හි කියන අයට, ඒ දේවල්ම මා ඉදිරියට පැමිණිලා පවසන ලෙසත්, මා සමග සංවාදයක නියැළෙන ලෙසත්, තමයි මා කියන්නේ.“ ජනපතිවරයා ඔහුගේ කතාව ආරම්භ කළේ එලෙසය.

ගෙවුනු සතියේ සිදුවීම් ජනපති ලේකම් කාර්යාලයේ අකාර්යක්ෂමතාව මනාව පෙන්වා දුන්නේ ය.තමන් නොසන්සුන්තාවයට පත් කැරෙන සිදුවීම්වලට නිතිපතාම මුහුණදෙන්නට සිදුවීම හමුවේ ඒවාට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සම්පූර්ණ චෝදනාව ජනපතිවරයා මත පැටැවීමට කිසිදු හැකියාවක් නැතත්, ඔහු එසේ දැඩිව ප්‍රතිචාර දක්වනු ඇතැයි අනුමාන කළ හැකි අවස්ථා ගණනාවක් පසුගිය සති කිහිපයේ සනිටුහන් විය.සියල්ල හමුවේ නිහඩව සිට ප්‍රතිචාර දැක්වීම සදහා සැලසුමක් සකස් කර ගැනීම පළමු විකල්පය නම්, ජනපති සිරිසේන තෝරාගත්තේ දෙවැන්න, එනම් ක්ෂණිකව පහර දීමය.සන්ධානවල පවතින ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන්හි ගැටලු සහ අර්බුද වසංගත වැනිය.ඇතැම් නායකයෝ තමන්ගේම මූලෝපායන් යොදාගනිමින් ඒවායින් ගැලවෙන අතරේ, තවත් අය සන්ධානයේ අනෙක් පාර්ශවය සමග සෘජුව ගැටෙති.මෙම අවස්ථාවේ දී, ප්‍රසිද්ධියේ සිදුකැරෙන ප්‍රහාරයක් - අනතුරුව කාලයක් නිහඩව සිටීමක්, ඇතැම් විට නොසිතන ක්ෂේත්‍රයන් දක්වා පවා විහිදෙන, විශේෂයෙන් ආර්ථික ක්ෂේත්‍රයට පවා, නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කළ නොහැකි තරමේ ගැටලු ඇතිකිරීමේ සමත්ය.සැලසුමක් නොමැතිව කටයුතු කිරීම, ඇත්තෙන්ම කියතොත්, ඉතාම නුසුදුසුය.නැවත නැවත එකම දෙය කිරීමෙන් සිදුවන්නේ දැනටමත් සිදුව තිබෙන හානිය තවත් වර්ධනය වීමය.

ගෙවුනු සතියේ වූ දේශපාලන පිපිරීමෙන් පසු මතුව තිබෙන පැනය වන්නේ, ඊළගට වන්නේ කුමක් ද? යන්නය.එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව ජනපති සිරිසේන කළ ප්‍රකාශයේ සැර කාලයත් සමග බාලවනු ඇති ද?, දෙපාර්ශවය අතර ගැටුම් එයත් සමග ඉදිරියටත් ඇදී යනු ඇති ද?, නමුත් මෛත්‍රී හිතවත් අතලොස්සක් සිතන්නේ එය එසේ නොවනු ඇති බවය.ජාතික රජයකට, නොඑසේ නම් සන්ධානයට සමුදිය යුතු කාලය පැමිණ ඇතැයි ඔවුන්ගෙන් ඇතැමෙක් දැනටමත් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් සිටී.එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතිරිව ඇති ඉදිරි කාලයට රජය මෙහෙයවීමට සහ ගැටලුවලට තනිව මුහුණදීමට ඉඩහැරිය යුතු බව ඔවුන්ගේ අදහසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව එවැනි වාතාවරණයක දී කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 30කට සීමා කරන්නට සිදුවනු ඇති බව ද ඔවුන් පෙන්වා දේ.එවැන්නක් නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අතර ද ගැටුම් ඇතිකරන්නක් වනු ඇත.මෙම මතයට මේ සා වැදගත්කමක් ආරෝපණයව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා හමුව ඊයේ (03) දින පැවැත්වීමට නියමිතව තිබුනු බැවින්ය. එහෙත් බොහෝ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ අදහස වූයේ, විශේෂයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජික කණ්ඩායමක් දෙපාර්ශවය අතර සංහිදියාවක් ඇතිකිරීමට උත්සාහයක් දරමින් සිටින අවස්ථාවක, මෙම ගැටලුව සාකච්ඡාවට නොගැනෙනු ඇති බවය.


ඊයේ (03) උදෑසන පැවැත්වීමට නියමිතව තිබුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා සහ විධායක කමිටු ඒකාබද්ධ රැස්වීමේ දී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කෙරේ වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත විය.යෝජනා ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට සහ එම යෝජනා ඉදිරිපත් කිරීම සදහා කාලරාමුවක් ප්‍රකාශයට පත්කිරීමට පක්ෂ නායක ජනපති සිරිසේන කටයුතු කරනු ඇතැයි ද සදහන් විය.අමතරව, පක්ෂයේ තනතුරු වෙනසක් ද අපේක්ෂා කැරින.

පහත දැක්වෙන්නේ ජනපති සිරිසේනගේ ප්‍රකාශයෙන් ගත් උපුටනයන් කිහිපයකි.ඇතැම් කොටස් සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම් එම කොටස්වලට පහතින් දක්වා ඇත.

“වසර තුනහමාරකට පස්සේ අපි පුද්ගලයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබෙනවා.සමහර ඒවා දැනට විභාග වෙමින් තිබෙනවා.අනෙක් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වෙනවා.මේ දේවල් කළේ නැත්තේ ඇයි කියා ජනතාව මගෙන් අහනවා.මට මේවාට උත්තර දෙන්න වෙනවා.කතානායකතුමනි, ඔබට මතක ඇති 2015 ජනවාරි මාසේ 08 වැනිදා, ජනපතිවරණයෙන් පස්සේ මැතිවරණ කොමසාරිස්තුමා අපට එන්න කියා පසුව පවසා සිටියා ජනවාරි මස 9 වැනිදා පස්වරු 2.00වන විට නිල මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කරන ලෙසට.එම අවස්ථාව වන විට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් කණ්ඩායම සිටියේ නික්ම යන්නට සූදානම් වෙමින්.ඔහු භාවිතා කළ ආරක්ෂ රථ ජනපතිවරයාට හිමිවිය යුතුව තිබුනා.නමුත් ඔහු ඒ සියලු, අලුත්ම වාහන රැගෙන ගියේ ඒවා අවශ්‍ය බව පවසමින්.“

“මීටර 100 වපසරියක පුපුරණ ද්‍රව්‍ය තිබෙනවාදැයි හඳුනාගැනීමේ සමත් උපකරණයක් තිබෙනවා.එම උපකරණයත් අර කියපු වාහනත් එක්කම ගිහිල්ලා.මට අදටත් ඒ කියන උපකරණය නැහැ.අලුතින් ගත් වාහන එකක් හෝ දෙකක් මා වෙනුවෙන් ඉතිරි කර ගොස් තිබුණා.මගේ ආරක්ෂක නිලධාරියෙක් පසුව මට පැවසුවා අගමැතිවරයාගේ ආරක්ෂක පිරිස එම වාහන ඉල්ලනවා කියා.ඉතින් මම එම වාහන අගමැතිවරයාට ලබාදුන්නා.මහින්ද රාජපක්ෂ භාවිතයෙන් ඉවත්කර තිබුනු වාහන තමයි වසර දෙකහමාරක් යනකන් මට පාවිච්චි කරන්නට වුනේ.රවී කරුණානායක (එතැන සිටී), ඒකට සාක්කි දේවි.ඔහු මුදල් අමාත්‍යවරයා හැටියට මුදල් නිදහස් කළායින් පසුව තමයි වසර දෙකහමාරකට පස්සේ මම අලුතින් රථ 2ක් මිලයට ගත්තේ.“

“තංගල්ලට යන්න මහින්ද රාජපක්ෂට හෙලිකොප්ටර දුන්නේ කවුද? මම ද දුන්නේ? එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුව තිබෙන අය, එම පිළිතුරු ලබා දිය යුතුයි.මම අපේ ගුවන්හමුදාපතිවරයාට දුරකතනය ඔස්සේ කතා කළා.මම ඇසුවා කවුද අවසරය දුන්නේ කියා.එම අවස්ථාවේ, වර්තමාන ගුවන්හමුදාපතිවරයා සිටියේ දෙවැනියා ලෙස.එම අණ ලබාදුන්නේ ජනපතිවරයා බව ඔහු පැවසුවා.ගුවන්හමුදාපතිවරයාත් ඔහුට ලබා දී තිබුනේ එම පිළිතුරමයි.මම දැනගෙනවත් හිටියේ නැහැ.මට එකම දුරකතන ඇමතුමක්වත් ලැබුනේ නැහැ.“

සටහන - 2015 ජනවාරි මස 9 වැනිදා ලබාදුන් ගුවන්හමුදාවේ එම්.යි 17 වර්ගයේ අතිවිශේෂ පුද්ගලයින් ප්‍රවාහනය සදහා වන හෙලිකොප්ටර් යානය සම්බන්ධයෙන් විමසූ විට රාජපක්ෂ දුන්නේ මෙවැනි පිළිතුරකි.

“මම හෙලිකොප්ටරය ඉල්ලුවා.ජනවාරි මස 9 වැනිදා එම අවස්ථාව වෙනකල්ම මම තමයි රටේ ජනපතිවරයා.අලුත් ජනපතිවරයා දිව්රුම් දුන්නේ පහුවෙලා.“

“හාමුදුරුවනේ, ඔබ කියනවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට පත්වූ මොහොතේ ඉදන් රජයේ පැවැත්ම අවසන් වණා කියා.එම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමෙන්තුවේ තිබුණේ ආසන 47ක් විතරයි.තත්ත්වය එහෙම වුණත් මා ඉදිරියේ රටේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිව්රුම් දුන්නා.එම අවස්ථාවේ, පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 142ක බලය, තිබුනේ මහින්ද රාජපක්ෂ අතේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ආසන 127ක් තිබුනා.කතානායකතුමනි, දින 100 වැඩපිළිවෙල හැදුවේ කවුද කියා මා දන්නේ නැහැ.“

“අද දිනයේ වුනත්, ඔබවහන්සේලා මා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් මම ඔබවහන්සේලාට ගෞරව කරනවා, ස්තූති කරනවා.දැන් ඇතැම් අය කියනවා එදා තිබුණු තත්ත්වය යටතේ කපුටෙක් වුනත් පොදු අපේක්ෂකයකු හැටියට ඉදිරිපත් කළා නම් දිනන්නට පුලුවන් තත්ත්වයක් තිබුනා කියා.තත්ත්වය එහෙම තිබුණා නම්, ඇයි එහෙම නොකළේ?, ඇයි ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වුවමනා වුනේ?, මම එය කියන්නේ එවැනි දේවල් කියන අයට.මම ඔබට කියන්නේ ඔවුන්ට එදා තෝරාගැනීමට කෙනෙක් නොසිටි බව.“

“සියලු බලැති මහින්ද රාජපක්ෂ පවුල බලයේ ඉහළම ස්ථානයේ සිටි කාලයක, රටේ පාලනය ආඥාදායකයකු යටතේ තිබුනු, අතුරුදන්වීම් සහ වංචා දූෂණ බොහොම සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුනු කාලයක, මම සිංහයෙක් වගේ එළියට ආවා.මම රදල පවුලක කෙනෙක් නොවෙයි.මම ධනවත් පවුලක කෙනෙක් නොවෙයි.අඩුම තරමේ මගේ පවුලට දේශපාලන ඉතිහාසයක්වත් නැහැ.එහෙත් මම කැපකිරීම් සිදුකළා.ගොඩක් දෙනාට දැන් එය අමතකයි.පාර්ලිමෙන්තුවේ බහුතරයක් නොමැතිව දින 100 වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ කොහොම ද?, කාටවත් ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ද?, ඔවුන් දින 100 වැඩපිළිවෙල හැදුවේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්, පාර්ලිමෙන්තුවේ ආසන 47ක් පමණක් තිබුනු ඔහු වෙනුවෙන් ජනවාරි මස 8 වැනිදා.9 වැනිදා, ඒ කියන්නේ පහුවැනිදා දිව්රුම් දුන්නා.ජනවාරි 10 වැනිදා ඉදන් ඉදිරියට දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට නියම වුණා.ඒ ගැන පොත් පිංචකුත් බෙදා හැරුනා.අන්තර්ගතයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් තිබුනා.පාර්ලිමෙන්තුවේ සාමාජිකයන් 47 දෙනෙක්ට අවැසි වුනු නිසා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආපු රටක් ඉතිහාසයේම තිබෙනවා ද?, පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 142ක්ම ඊට එරෙහිව පෙනී සිටියා.“

සටහන - දින 100 වැඩසටහන ක්‍රියාත්මක වූයේ 2015 ජනවාරි මස පැවැති ජනපතිවරණයෙන් පසුවය.එහි කටයුතු මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා ජනපතිවරයා ලෙස දිව්රුම්දුන් අවස්ථාවේ සිට ආරම්භ විය.නමුත් ජනපතිවරයාගේ කැමැත්ත වූයේ දින 100 වැඩපිළිවෙල නොව කඩිනමින් කැදැවෙන පාර්ලිමෙන්තු මැතිවරණයකි.එහෙත් ඔහුගේ කැමැත්ත ඉටු නොවින.කෙටි කාලයක් රටේ අගමැතිවරයා ලෙස කටයුතු කිරීම වික්‍රමසිංහගේ අභිලාෂය විය.දින 100 වැඩපිළිවෙල යටතේ ඔහුගේ එම අභිලාෂය මුදුන්පත් කරගැනීමට ඔහු සමත් විය.අවසන පාර්ලිමෙන්තු මැතිවරණය පැවතුනේ 2015 අගෝස්තු මාසයේදීය.දින 100 වැඩපිළිවෙලහි ප්‍රමාදය නිසා නොවේ නම්, වැඩිපුර ආසන ප්‍රමාණයක් දිනාගෙන ස්ථාවර රජයක් ගොඩනගාගත හැකිව තිබුණේ යැයි ජනපතිවරයාගේ හැගීම විය.

ජනපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ දින 100 වැඩපිළිවෙල 2014 වසරේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පෙනී සිටි සියලුදෙනාගේ දායකත්වය හිමිවූවක් බවය.ඔහු කිසිවෙකුගේවත් නම් සදහන් නොකළ ද, ජනපති සිරිසේන ද ඔවුන් අතර සිටී යැයි ඔහු නොකියා පැවසූ බව මනාව පැහැදිලි විය.
“ඊළගට ආවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අයවැය යෝජනා.දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතින අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නැතිව අයවැය යෝජනා සම්මත කරගන්නට හැකියාවක් තිබුණ ද?, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නැතිව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නට හැකියාවක් තිබුණ ද?, දින දෙකක විවාදයකින් පස්සේ දෙවැනි දිනයේ පස්වරු 5.00ට අයවැය ඡන්ද විමසීමක් පවත්වන්නට නියමිතව තිබුනා.එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණයක් ගෙන තිබුනේ නැහැ.142ක් විරුද්ධ පැත්තේ හිටියා.මම දවස් දෙකක්ම පාර්ලිමෙන්තුවේ ගත කළා.“

“මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හමුවුනා.ආපනශාලාවේ දී, කොරිඩෝරවල දී, වෛද්‍ය මධ්‍යස්ථාවල දී, ඔවුන්ගේ නිවාසවල දී, මම ඔවුන්ව හමුවුනා.අවබෝධතාවක් හෝ එකගතාවක් ඇතිකරගන්නට බැරි වුනු නිසා ඡන්ද විමසීම පස්වරු 7.00 දක්වා කල්දැමුනා.එවැනි දෙයක් කරන්නට පුලුවන් වුනේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පත්ව සිටි නිසා.මෙය අවබෝධාත්මක පදනමක් යටතේ පවත්වාගෙන යන රජයක් බව සදහන් කළ යුතුයි.මෙය දෙපාර්ශවයක්, සාමූහිකව පවත්වාගෙන යන රජයක්.රටේ ප්‍රධාන පක්ෂ දෙක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සාමූහිකව රට පාලනය කරනවා.පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු එන්නේ ඔවුන්ගේ පක්ෂ අනන්‍යතාව එක්ක.පාර්ලිමෙන්තුවේ 225න් මනාව 215ක් ලබාගන්නට අපට හැකිවුනා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 141ක් ලබාදුන්නා.එක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිතා කළේ නැහැ.ඔහු තමයි දිගාමඩුල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් වීරසේකර.“

“ඖෂධ පණත පාර්ලිමෙන්තුවේ සම්මත වුනේ කිසිම විරෝධයක් නොමැතිව.එය සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිටම මා පෙනී සිටි දෙයක්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියේ විරුද්ධ පාර්ශවයේ නම් අයවැය යෝජනා සම්මත කරගන්නට පුලුවන්කමක් ලැබෙන්නේ නැහැ.දින 100 වැඩපිළිවෙලක් තිබුණත්, අපට දින 100කින් එම වැඩපිළිවෙල සම්පූර්ණ කරන්නට හැකියාවක් තිබුනේ නැහැ.මා ජනපතිවරයා ලෙස පත්වුනේ ජනවාරි මස 9 වැනිදා.රනිල් වික්‍රමසිංහ මා යටතේ අගමැතිවරයා ලෙස පත් කැරුනා.අගෝස්තු 15 වැනිදා වෙනකන් පාර්ලිමෙන්තු මැතිවරණයක් පවත්වන්නට අපට හැකියාවක් තිබුනේ නැහැ.අටවැනි මාසය වෙනකන්ම අපි ගියා.පාර්ලිමෙන්තුව විසුරුවා හැරුනා.අන්තිමට මට නැගුනු චෝදනාව වුණේ මම එහෙම පාර්ලිමෙන්තුව විසිරුවා හැරියේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වුනු කෝප් කමිටුවේ කටයුතු අඩාළ කිරීමේ වුවමනාවෙන්ය කියා.එම සමයේ බොහෝ පණත් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනුනා.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුනා.අපේ මානව හිමිකම් කොමිෂන් සභාව එහි ගුණාත්මක කාර්යභාරය වෙනුවෙන් ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක්වෙලා තිබෙන බව මම දුටුවා.මේ සියල්ල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵල.“

“නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා යටතට නොගත්තා නම් මේ කිසිම දෙයකට අනුමැතිය හිමිවන්නේ නැහැ.මම ඒ තනතුර බලෙන් ලබාගත්තේ නැහැ.මම කිසිම අවස්ථාවක එය ඉල්ලා සිටියේ නැහැ.ගොඩක් අය කියනවා මම එය ලබාගත්තා කියා.කොහෙන් ද මම එය ලබාගත්තේ ?, පක්ෂයේ සියලුම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු තමයි මට එය ලබාදුන්නේ.මහින්ද රාජපක්ෂ පක්ෂ නායකත්වය මා වෙත භාරදීමේ කැමැත්තෙන් පසුවන බව ඔවුන් කීවා.මට මේ බව කීවාම මා සිතුවේ කොහොමද සාමාජිකයන් 47 දෙනෙකුගෙන් පමණක් පාර්ලිමෙන්තුවක් පවත්වාගෙන යන්නේ කියා.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නේ කොහොම ද?, තුනෙන් දෙකක බහුතරය වුවමනා වෙන අනෙක් පණත් සම්මත කරගන්නේ කොහොම ද?, අයවැය සම්මත කරගන්නේ කොහොම ද?, බහුතරයක් නැතිව මේ කිසිම දෙයක් කරන්නට බැහැ.රටට අයහපත් වැඩපිළිවෙල කොයිතරම් ප්‍රමාණවක් කැබිනට් මණ්ඩලයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් නිසා වැළකී ගියාද කියා මම මෙතැන කියන්නට යන්නේ නැහැ.ඒ ගැන දන්නේ මා පමණයි.කැබිනට් මණ්ඩලයේ සිටි රවී කරුණානායකට ඒ ගැන සමහරවිට මතක ඇති.තලතා අතුකෝරළ ඇමතිතුමියට (එම ස්ථානයේ සිටියාය) මතක ඇති.මම ඒ එකක් ගැන කියන්නම්.කැබිනට් යෝජනාවක් ඉදිරිපත්වෙලා තිබුනා සියලුම රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු වෙත නිදහස් කරන්නට.එයට මා විරෝධය පළකලා.නමුත් එම යෝජනාව මාස 3ක් තිස්සේම කැබිනට් මණ්ඩලයේ තිබුනා.රවීට මතකත් ඇති.නමුත් මම එය අනුමත කළේ නැහැ.එය අනුමත කළා නම්, ලංකා බැංකුවක්, මහජන බැංකුවක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවක්, රාජ්‍ය උකස් හා ණය බැංකුවක්, තවදුරටත් නොතිබෙන්නට ඉඩ තිබුනා.“

“මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැදුනේ 1967 වසරේ අගෝස්තු මාසයේ දී.මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන්නේ 1967 දෙසැම්බර් මාසයේ දී.එදා මට වසය අවුරුදු 16ක්.රාජපක්ෂ රෙජීමයට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස තරගකරන්නට පැවැති රජයෙන් ඉවත්වන විට මට දේශපාලනයේ වසර 47ක් සම්පූර්ණ කර, එය මත ගොඩනැගුනු ප්‍රතිරූපයක් තිබුනා.පහුගිය වසර තුන හමාරක කාලයේ සිදුවූ දේවල් ඔබ සියලුදෙනා හොදින් දන්නවා.“

“මගේ දේශපාලන ජීවිතය සැලකිල්ලට ගත්තොත්, මගේ පවුල් පසුබිම තියෙන කෙනෙකුට රටේ ජනපතිවරයා වන්නට අවස්ථාවක් තිබුනේ නැහැ.දැනට සිටි ජනපතිවරුන් 6 දෙනාගෙන්ම ජනපති ප්‍රේමදාස පමණයි සාමාන්‍ය පවුලකින් පැමිණියේ.නමුත් ඔහු නාගරික පැලැන්තියට අයිති, මට වඩා හොද ආර්ථික පසුබිමක් තිබුණු කෙනෙක්.“

“පොදු අපේක්ෂකයකුට, රජයක් තනන්නට, සහාය දුන් මාදුලුවාවේ සොභිත හිමි එයින් මහ බැංකුව බිදින්න කියා අපට කීවේ නැහැ.පසුගිය වසර තුන හමාරක කාලය ගැන මට කියන්න පුලුවන් ගොඩක් දේවල් මට තියෙනවා.නමුත් මම ඒ ගැන කතා කරන්නේ නැහැ.අවස්ථාවක් ලැබුනොත් මම ඒ දේවල් ගැන කතාකරනවා.මම ආවේ යහපාලන රජයක් ඇතිකිරීමේ සැබෑ වුවමනාවකින්.“
“සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි කාලයේ ඇති පදනමට මුදල් උපයාගන්න මට පුලුවන්කම තිබුනා.එයට පෙර මම අමාත්‍යංශ ගණනාවක වගකීම් දරා තිබුනා.මා ගැන වැරදි අර්ථකථන ඉදිරිපත්ව තිබීම ගැන ඇත්තටම මට කණගාටුයි.ජනතාව විසදුම් බලාපොරොත්තු වන ගැටලු ගොඩකට, ඒ විසදුම් ලබාගන්නට නොහැකිවෙලා තිබෙන්නේ මා නිසා බව ඔවුන් කියනවා.“

“අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාට එරෙහිව රාජ්‍ය වාහනයක් අවභාවිතා කළාය කියා විමර්ෂණයක් පැවැත්වීමක් ජනතාව බලාපොරොත්තු වූයේ නැහැ.තමන්ගේ දියණියට පත්වීමක් දුන් නිසා ප්‍රියංකර ජයරත්න අමාත්‍යවරයා අධිකරණයට කැදවීමක් ජනතාව බලාපොරොත්තු වුනේ නැහැ.තනතුර වෙනස් වූ නිසා කලින් සිටි අමාත්‍යංශයෙන් අලුත් අමාත්‍යංශයට වාහනයක් රැගෙන ගියා කියා අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහි විමර්ෂණයක් ජනතාව බලාපොරොත්තු වුනේ නැහැ.ඇයි ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට නොවුනේ? මම ඒ ගැන කතා කරන්නට කැමති නැහැ.හැකියාවක් තිබෙනවා නම් වසීම් තාජුඩීන් ක්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයන්ට සහ පැමිණිල්ලේ නීතිඥවරුන්ට කතාකර බලන්න.ඔවුන් කියාවි මොකද වුනේ කියලා.“

“ගොඩක් සිදුවීම් ගැන මගේ අත්දැකීම් කියන්නට පුලුවන්.මා ජනපතිවරයා හැටියට පත්කළ ජනතාව වෙනුවෙන් යම් තරම් දුරකට ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට හැකිවෙලා තිබෙනවා.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම ගැන මට තිබෙන්නේ සතුටක්.ඖෂධ පණත ඇතුලු රටේ යහපතට හේතුවන බොහෝ දේවල් සම්මත වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා.අපේ කැපවීම නිසා අපට හැකිවුනා අන්තර්ජාතික සබදතා වර්ධනය කරගන්නට.මේ කටයුත්තේ දී මම වැදගත් කාර්යභාරයක් ඉටු කළා.අන්තර්ජාතික නායකයින් බොහෝමයක් හමුවෙලා ඔවුන් සමග සම්බන්ධතා වර්ධනය කරගත්තේ මම.ජයග්‍රහණ රාශියක් තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරුනා.මාධ්‍ය නිදහස ස්ථාපිත කෙරුනා.“

“වසර තුනකට අපි මොනවා ද කර තිබෙන්නේ කියා ජනතාවට අසන්නට පුලුවන්.ජනතාවගේ පොදු අභිලාෂයන් ඉෂ්ට කරන්නට මම සිටින්නේ සූදානමින්.අවුරුදු 47ක දේශපාලන දිවියෙන් පන්නරය ලබා සිටින මම චරිත ඝාතන ගැන වද වෙන්නේ නැහැ.මම කලබල වෙන්නේ නැහැ.පසුගිය වසර තුන හමාරක කාලයේ සිදුව තිබෙන බරපතල මට්ටමේ වැරදි වහාම නිවැරදි විය යුතුයි.සෝභිත හිමි අපට ආශිර්වාද කළේ නිවැරදි දෙය කරන්නට.මේ ගැටලු සම්බන්ධයෙන් වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මම සූදානම් සාකච්ඡාවක යෙදෙන්නට.මෑතක දී කෙනෙක් මගේ නිවසට ඇමතුමක් ලබා දී, මා හමුවන්නට අවස්ථාවක් ඉල්ලා තිබුනා.ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක්.මා හමුවන්නට අවශ්‍ය නම් ඒ සදහා මුදල් ගෙවිය යුතුව තිබෙන බව ඔහු පවසා තිබුනා.මම ඔහු අමතා, ඔහු මේ පවසා තිබෙන දෙය සම්බන්ධයෙන් විමසා සිටියා.100 - 150ක් පමණ එම අවස්ථාවේ මා හමුවීමට පැමිණෙනවා.දිනය ඇතුළත ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්නට මම ලේකම්වරුන් යොදවා තිබෙනවා.ඔවුන්ගේ දුක්කරදර සම්බන්ධයෙන් මම එම දිනයේම සොයා බලනවා.එම නිසා බොරු ප්‍රචාර ගැන මට ගණනක් නැහැ.“

“ජනපතිවරණ අපේක්ෂකයින් ගැන ගොඩක් දේවල් කතාකරන්නට තිබෙනවා.ලබන වසරේ අවසානයට යෙදී තිබෙන ජනපතිවරණයට දැන් තියාම ජනපතිවරණ අපේක්ෂකයින් නම් කැරෙමින් තිබෙනවා.එය රට අස්ථාවර කිරීමට සමත් දෙයක්.එය අපරාධයක්.මැතිවරණ උනන්දුවක් ඇතිකිරීම හමුවේ, විශේෂයෙන් මැතිවරණයට තවත් කාලයක් ගෙවීමට තිබිය දී, රජයේ නිලධරයන් ඔවුන්ගේ වැඩකටයුතු නවතා දමනවා.මාධ්‍ය ඔස්සේ විවිධ දේවල් ප්‍රචාරය වෙනවා.අප අවධානයෙන් සිටිය යුතුයි.රාත්‍රී ප්‍රවෘත්ති විකාශය බැලුවහම සිතෙන්නේ රට මහා අර්බුදයක තිබෙනවා කියා.එය තමයි අපේ මාධ්‍යවල ස්වභාවය.“

“මහින්ද රාජපක්ෂ ඔහුගේ සරම කැසපට කවා ගන්නා ගමන් පුවත් අධ්‍යක්ෂවරයකු අමතා, ඔහුට පරුෂ වචනයෙන් බැන වදිනවා.දැන් ඔබට ඉන්නේ පොළොන්නරුවෙන් ඇවිත් ඉන්න මේ මනුස්සයා.ඔබට ඔහුගේ පිටේ