(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කලපුව ලෙස සැලකෙන පුත්තලම කලපුවට සුන්දර වටපිටාවක් හිමිව තිබුනේ 1980 දශකයට පෙරය. ඉන් පසුව මේ පරිසරය ඉස්සන් වගාවන් වෙනුවෙන් වැනසි ගියේ සමස්ථ කඩොලාන පරිසරයද වනසමිනි . නමුත් අද දවසේ ලුණු සැකසිමට පුත්තලම කලපුවේ පුංචි කලපුව බිලි වි ඇත්තේ නැවතත් දැවැන්තම පාරිසරික ව්‍යසනයකට ලක්කරමිනි .

ධිවර හා ජලජ සම්පත් පනතේ  1980 ගැසට් කිරිම් අනුව ද නැවතත් 2013 සංශෝධනය අනුව ද පුත්තලම කලපුවේ සමස්ථ භුමි ප්‍රමානය  හෙක්ටයාර් 32000 කින් සමන්විතය. පුත්තලම කලපුව ආරම්භ විම ඇරඹි ඇත්තේ පාලවියට ආසන්නයේ පිහිටි නාගවිල්ලුවට නුදුරින් නමුත් අවසානය උතුරු මායිම ලෙස  තිර්ණය වි ඇත්තේ කරවලකුඩා සිට ගගේවාඩිය උඩට  සැතපුම් අටකට ආසන්න දුරකිනි. එසේ වුවත්  ජාත්‍යන්තර නිර්නයන් වලට අනුව කලපුවක් අවසානය සිදුවිය යුත්තේ පළමු මෝය හමුවිමත් සමගය . එසේ නම් පුත්තලම කලපුව උච්චමුනේ දක්වා විසිරියා යුතු නමුත් එය ඉදිරියෙදි සිමා මායිම් නිවැරදි වි යායුතුව ඇති බව කියයි.

 කෙසේ නමුත් කලපුව සම්බන්ධව වගකව යුතු රාජ්‍ය ආයතන ලේඛණයේ රාජ්‍ය ආයතන 22 ක් තිබුනද ඒ කිසිදු ආයතනකින් පුත්තලම කලපුවේ පුංචි කලපුව ලුණු කර්මාන්ත කරුවන් සේම ඉස්සන් වගා කරුවන් ආක්‍රමණය කර ඇති ආකාරය නොදැක තිබිම පුදුමය දනවන කරුණක්ව තිබේ .

මෙම රාජ්‍ය ආයතන 22 ක අතරින් ප්‍රාදේශීය ලේකම් , වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව , වයඹ පළාත් පරිසර අධිකාරිය , වන සංරක්ෂණ , වන ජීවී , ධිවර දෙපාර්තුමේන්තුව සහ පොලිසිය නිරන්තරයෙන් කලපුව පිළිබදව අවධානය යොමු කිරිම සිදුවිය යුතු නමුත් එම ආයතන ද පුත්තලම පුංචි කලපුව තුළ සිදුවන නිති විරෝධි ගොඩ කිරීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කිසිදම ආකාරයේ  සොයා බැලිමක් කර නොමැති බව පුත්තලම කලපුවට ආදරය කරන අය පවසති.

 මේ වන විට පුත්තලම පුංචි කලපුව තුළ අක්කර 2000 ක පමණ භුමියක් කිසිම අවසරයකින් තොරව අත්පත් කර ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ දැස් වසා දමමින්ද යන්න ප්‍රශ්න කළ යුතුව තිබේ .

 නමුත් ඇතැම් ස්ථාන වල නිති විරෝධි ලෙස අත්පත් කර ගත් කලපුවට අයත් භුමියන්ට ද මේ වන විට ඇතැම් රාජ්‍ය නිළධාරින්ගේ ද සහාය ලබා ගනිමින් ඔප්පු සකසා ඇති බවටද තොරතුරු ලැබි තිබේ .

කලපුවක වටිනාකම වත් තේරුම් නොගත් පිරිස් එය වනසා දමමින් සිටින්නේ මුදල් පමණක් ජීවිතය බවට පත් කර ගනිමිනි .

ශ්‍රී ලංකාවේ කලපුවල ප්‍රභවය , පැවැත්ම සහ පරිණාමය පිළිබඳව මේ වනතුරු මනාව අර්ථ දක්වා නොමැති අතර කලපුවල  ආකාරය පරිසර ජලවිද්‍යාව ,පරිසර පද්ධතිය ඵලදායිතාව හෝ ඒවා භාවිතයට පහසුකම් සපයන දරා සිටිය හැකි ආකාරයේ සේවාවන් පදනම් කරගත් සුදුසු සංරක්ෂණ රාමුවක් තුළ වර්ගීකරණය කර හෝ හදුනාගෙන හෝ නොමැති විම කණගාටුදායකය .

පුත්තලම කලපුවට අයත් පුංචි කලපුව තුළ සිදුවන නිති විරෝධි කටයුතු ඉතාම සුක්ෂම ලෙස සිදුවෙමින් ඇත්තේ වගකිව යුතු අංශ ඇස් වසා නොව වගකිව යුතු බළධාරින්ගේ නිසි ක්‍රියාත්මක විමක් නොමැති විම නිසාවෙනි . කලපුව දෙපස ඉතිරි කරමින් ඉතාමත් උපක්‍රමිකව මැද ඇතැම් ස්ථාන වල ඉස්සන් ටැංකි ගැසිම සිදුව ඇත්තේ දශකයකටත් පෙර බව  පැහැදිලිව පෙනුනද නැවතත්  මේ වන විට ලුණු කර්මාන්තය වෙනුවෙන් කලපුවේ සිදුවන ඉදිකිරිම් දැක ගත හැකිය . එසේම ලුණු නිශ්පාදනය කිරිම හේතුවෙන්  අධික ලවන තත්වය ද ඉස්සන් ටැංකි වලින් කිසිදු ක්‍රමවේදයක් නොමැතිව නිරන්තරයෙන්  කලපුවට මුදා හරිනු ලබන රසායනික ද්‍රව්‍ය නිසාද දැවැන්ත පාරිසරික හානියක් සිදුවෙමින් තිබේ .

අතීතයේ  පුංචි කලපුව ඉස්සන් ඇතුළු මත්ස්‍යයින් ගේ රජ දහනක්ව තිබි ඇති නමුත් මේ අනිසි කටයුතු හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න සම්පුර්ණයෙන් වැනසි ඇති බව ධිවරයෝ චෝදනා කරති . එයට අමතරව කලපුව තුල තිබු කඩොලාන සියල්ලම වනසා ඇත්තේ වගකිව යුතු රාජ්‍ය අංශ නිදා සිටියදි දැයි නැවතත් ඇසිය යුතුව තිබේ .එයට අමතරව අධික ලවණ තත්වය නිසා මේ වන විට ඉතිරි කඩොලාන ශාකයන්ද මියයමින් තිබේන බව දැක ගත හැකිය.

 මේ  පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන් . චිත්‍රානන්ද මහතාගෙන් කළ විමසිමේදි ඔහු මෙසේ පවසා සිටියේය.  

 “ කලපුව තුළ සිදුවන නිති විරෝධි කටයුතු සියල්ල හෙළි කරන්න කියලා මම ඇත්තටම කියනවා .මොකද මේ පිළිබදව සොයා බැලිය යුතු ආයතන ඒ පිළිබදව සොයා බැලිම් කර නැති බව තමයි වාර්ථා වෙන්නේ . නමුත් මම මේ පිළිබදව කල්පිටිය සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් වරුන්ට දැන්නුවා වහාම සොයන්න කියලා .යම් තැනක වැරුද්දක් සිදුව තිබේනවා නම් ඒ සදහා මම අවශ්‍ය කටයුතු කරනවා යැයි පැවසිය.