IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉංග්‍රීසීන්ට රට අල්ලන්න උදව් කළ මොල්ලිගොඩ අධිකාරම්ගේ වලව්ව

හෙළදිව හෙවත් සිංහලයන් ගේ දේශයේ එකම ලෝක උරුම නගරය සෙංකඩගල පුරවරය බව බොහෝදෙනෙක් දන්නේ නැත. ඒ ලෝක උරුම නගරයේ රැඳවියන් නොමැති බෝගම්බර බන්ධනාගාරය පාඵවට ගොස්ය. මෙම අසිරිමත් ඵෙතිහාසික පුරවරය වර්තමානය වන විට බොහෝ වෙනස්කම් වලට මුහුණ දෙමින් වුවද උදාර ලීලාවෙන් තවමත් වැජඹෙන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ වාම ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින නිසාය. තම දේශයට ආදරය කරන කිහිප දෙනෙකුගේ බලවත් උත්සාහය නිසාම ලෝක උරුම නගරය තවමත් ආරක්ෂා සහිතව පවතී.  රැුඳවියන් නොමැති බෝගම්බර බන්ධනාගාරය තවමත් එතැන තිබුණද හෙට දවසෙහි එහි ඉරණම කුමක් වේවිදැයි කිසිවෙකුත් නොදනී... ඒ ආකාරයෙන් මහනුවර පොදු වෙළෙඳපොළ ද නුදුරේදීම එතැනින් ඉවත් කරන බවට ආරංචියක් පැතිර යමින් පවතී. මෙවන් විපර්යාස ලෝක උරුම එකම නගරයේ අනාගතයට කුමන ආකාරයේ බලපෑමක් ඇති කළ ද එහි අතීතය නම් රසවත් නැත. පාවාදීම්, පළිගැනීම්, බෙලිකැපීම් බහුල යුගයකි... මහනුවර අවසන් රාජධානියේ කැප්පෙටිපොල, පිළිමතලව්වේ, ඇහැලේපොළ වැනි අදිකාරම්වරු අතර මොල්ලිගොඩද සිටියේ ය. ඔහු කුමන ආකාරයේ පුද්ගලයෙක්දැයි විනිශ්චය කිරීමේ වගකීම මම ඔබට භාර කරමි.....

 

මොල්ලිගොඩ වලව්වේ ඉදිරිපස


 

මහනුවර නගරයේ මොල්ලිගොඩ වලව්ව අද නැත.

රටක් හෝ ප‍්‍රාන්තයක් පාලනය කරන රජු ජීවත්වන නිවාසය ”මාළිගය” වශයෙන් ඈත අතීතයේ සිටම හැඳින්විය. අනෙකුත් සෑම නිවෙසක්ම ගෙදරකි. ඒ අනුව අදටත් වෙද ගෙදර, ඇත් ගෙදර, ආදි වශයෙන් නිවෙස් නම් කෙරේ. කි‍්‍ර.ව 1739 දි අප රට පාලනය ආරම්භ කළ දකුණු ඉන්දියානු වඩුග නායක්කාර රාජ්‍ය පාලන යුගයේදී ප‍්‍රභූන් හෙවත් රදල වරුන් ජීවත් වූ නිවාස ”වලව්” යනුවෙන් හැඳින්වීමට පටන් ගත්තේ ඔවුන්ට නඩු ඇසීමට බලය පවරා දී තිබු බැවිනි. ”වලකු” යන්න ද්‍රවිඩ භාෂාවෙන් ”නඩුව” යන අරුත ලබා දෙයි. එදා ”වලවුම්” යනුවෙන් හැඳින් වූ නිවාස පසුව ”වලව්” බවට පත් වී තිබේ... මෙරට අන්තිම රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (කි‍්‍ර.ව 1798 - 1815) ගේ පාලන කාලයේ සෙංකඩගල පුරවරයේ වලව් දහ අටක් තිබී ඇත.. ඉන් එක් වලව්වක් ලෙස ”මොල්ලිගොඩ වලව්ව” සඳහන් කළ හැකිව තිබේ. එය පිහිටා තිබුණේ මහනුවර නගරයේ කොළඹ වීදියේය. එදා කොළඹ වීදිය හඳුන්වන ලද්දේ හෙට්ටිවීදිය යන නමිනි.
මොල්ලිගොඩ මහා අදිකාරම් -(ජ්‍යෙෂ්ඨ) -(කි‍්‍ර.ව 1814  -1823)  පල්ලේගම්පහේ මහා අදිකාරම, සතර කෝරලේ දිසාව, ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ, මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ* සහ මොල්ලිගොඩ (කනිෂ්ඨ* (කි‍්‍ර.ව 1823 - 1835) යනුවෙන් සහෝදරවරු දෙදෙනෙකි. මොල්ලිගොඩ ගේ බාල සොහොයුරා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා යටතේ තුන් කෝරළේ දිසාව හා මහනුවර ගිවිසුමෙන් පසු නැවතත් තුන් කෝරළේ දිසාව යන තනතුරු ද (කි‍්‍ර.ව 1815 - 1816), දුම්බර රටේ මහත්මයා (කි‍්‍ර.ව 1817 - 1818), සත් කෝරළේ දිසාව (කි‍්‍ර.ව 1818 - 1823), දෙවැනි අදිකාරම් (කි‍්‍ර.ව 1819) සහ අවසාන වශයෙන් වැඩිමහල් සොහොයුරා ගේ අභාවයෙන් පසු සතර කෝරලේ දිසාව සහ මහා අදිකාරම් (කි‍්‍ර. 1823) වශයෙන් ද කටයුතු කළේ ය.


 

මොල්ලිගොඩ වලව්ව

මොල්ලිගොඩ ගම පිහිටා තිබෙන්නේ කොළඹ මහනුවර මාර්ගයේ පනස් නව වැනි සැතපුම් කණුව ළඟ, මහනුවර නගරයට සැතපුම් දහතුනක් පමණ දුරින් පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ ගනේතැන්නට ආසන්නවය.  ගමේ කෙළවර වන්නට මොල්ලිගොඩ වලව්ව පිහිටා ඇත. එහෙත් දැන් එය අබලන් තත්ත්වයේ පවතී. මෙම වලව්ව පිහිටා තිබෙන්නේ සුන්දර මනරම් කුඹුරු යායක් ඉදිරිපිටය. වලව්වේ සිට බලන කෙනෙකුට ඉදිරියෙන් පෙනෙන කුඹුරු යාය නෙතට රසඳුනකි. මොල්ලිගොඩ ගම කෙළවර වන්නේ හීනටිපන ග‍්‍රාමය ආරම්භ වන ස්ථානයෙනි. මොල්ලිගොඩ සහ හීනටිපන අතර ගම් සීමාවේ කුඹුරක අම්බලමක් ද ඇත. එම අම්බලම සාදා නිම කළ දිනය කි‍්‍ර.ව 1947 අපේ‍්‍රල් මස 25 වශයෙන් සඳහන් කර තිබේ. එහෙත් ගැමියකු පැවසුවේ මෙම අම්බලම රජ දවස දක්වා වූ අතීතයට දිව යන බවයි. ඉදිරිපස රවුම්ව පිහිටි කණු ද, වහලෙහි පැරණි පෙති රවුම් උඵ ද මොල්ලිගොඩ වලව්වේ තවමත් දක්නට ලැබේ. කාමර කිහිපයකින් යුත් විශාල වලව්වක් වන මෙහි උඩ තට්ටුවක් ද දක්නට ලැබේ. මෙරට ප‍්‍රධාන පෙළේ නිලමේවරයකුට අයත්, තවමත් ඉතිරිව තිබෙන එකම වලව්ව ද මෙය විය හැකි ය. මොල්ලිගොඩ පවුලේ සාමාජිකයන්ගෙන් පසුව විවිධ පුද්ගලයන් අතට එහි හිමිකාරිත්වය හුවමාරු වී තිබේ. ඔවුන් අතර ඉලංගකෝන් රටේ මහත්මයා ගේ වැන්දඹු බිරිඳ වු කොටවැල්ලේ කුමාරිහාමි,යාලේගොඩ පවුල හා පානබොක්කේ පවුල ද සිටිති. මෙම වලව්වේ වත්මන් හිමිකරු වනුයේ ¥ල්ලෑව පවුලේ සාමාජිකයෙකි. ඔහු බාහිර කිසිදු පුද්ගලයෙකුට එහි ඇතුඵ වීමට අවසර ලබා දෙන්නේ නැත.  

 

මොල්ලිගොඩ වලව්වේ වී අටුව


 

මොල්ලිගොඩ පරපුරේ ආරම්භය

මොල්ලිගොඩට රාජ්‍ය සේවයට බැඳීමට අවස්ථාව ලැබෙන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකදීය. කි‍්‍ර.ව 1803 එක්තරා දවසකදී ශ‍්‍රී වික‍්‍රම

ආනන්ද සෙනරත් පිළිමතලාව

රාජසිංහ රජු හංවැල්ලේ පැවති සටනකට නායකත්වය ලබා දී ඉන් ජය ගෙන ආපසු එන අතර මඟදී ගමන් වෙහෙස නිවා ගැනීම සඳහා සතර කෝරළේ පිහිටි කුනම් මඬුවේ නතර වූවේය. ඒදඬුවාවේ කෝරාල ගේ පුත‍්‍රයා වූ මොල්ලිගොඩ ද එම ස්ථානයට පැමිණ සිටි අතර, තවත් මොහොතකින් රජතුමා ගේ අවධානය දිනා ගැනීමට තරම් ඔහු දක්ෂයෙකු විය. ඒ වන විට ඔහු අවුරුදු විසි පහක තරම් වයසේ පසු වූ හැඩකාර ගැටවරයෙකි. මෙම මොල්ලිගොඩ තරුණයා පිළිබඳ පැහැදුණු රජතුමා ඔහු රාජ්‍ය සේවයට බඳවා ගත්තේ ය.

කාලය වේගයෙන් ගෙවී ගියේය. මොල්ලිගොඩ තරුණයා රජූට පක්ෂපාතිව විශ්වාසදායක අයුරින් සේවය කළේය. තවත් ටික කාලයක් ගත විය. නිලමේ වරයෙකු බවට පත් වූයේය. ඒ වන විට වසර කිහිපයක් ගත වී අවසන්ය. ඒ කාලය ඇතුළත මොහු කපටි නොහොත් ප‍්‍රයෝගකාරී හැසිරීම් සහිත පුද්ගලයෙක් වශයෙන් ද ප‍්‍රසිද්ධියට පත් වූයේය. ඒ වන විට ඇහැලේපොල මහා අදිකාරම් ඉංග‍්‍රීසින් සමඟ එකතුව රජුට එරෙහිව කැරැුල්ලක් මෙහෙය වූ නිසා එම තනතුරු වලින් ඉවත් කර ඔහු ගේ පල්ලේගම්පහේ මහා අදිකාරම් තනතුර මොල්ලිගොඩට ලබා දුන්නේය.  

මොල්ලිගොඩ මහ අදිකාරම් තනතුරට පත් වී ගෙවී ගියේ දවස් කිහිපයකි. එහි උණුසුම යාමටත් ප‍්‍රථමව අහිංසක ගැමියකු උල තබා මරණයට පත් කළේ වෛරයක් පිරිමසා ගැනීමටය. ඒ කතාව මෙසේය. ඒදඬුවාවේ කෝරාළ හෙවත් මොල්ලිගොඩගේ පියා තම ග‍්‍රාමයේ ගැමියෙකුට මුව මස් ගෙන එන ලෙසට නියෝගයක් නිකුත් කළත් ඔහු එය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ සතුන් මැරීමට තිබු අකමැත්ත නිසා විය යුතුය. ඒ තරමටම ඔහු අහිංසකයෙකි. එම සිද්ධිය වසර ගණනාවකට පෙර සිදු වූවකි. එම සිදුවීම ගලේ කෙටු අකුරු මෙන් මොල්ලිගොඩගේ සිතේ තැන්පත්ව තිබුණි. මහා අදිකාරම් තනතුරෙහි උණුසුම පිටව යාමටත් ප‍්‍රථමව එම අහිංසකයා උල තබා මරණයට පත් කර වෛරය පිරිමසා ගත්තේය.
ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු, ඇහැලේපොළ මහා අදිකාරම් වැරදි ආකාරයට තේරුම් ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඉංග‍්‍රීසින් හා එක්ව කටයුතු කිරීමට සිදු විය. එම අවස්ථාවේදී ඇහැලේපොළ දැරූ තනතුරු වලින් ඉවත් කර එම තනතුරු මොල්ලිගොඩට ලබා දුන්නේ ය. ඒ අනුව මහා අදිකාරම තනතුරත් (කි‍්‍ර.ව 1814 - 1823) සබරගමු දිසාවනියත්, තුන් කෝරලේ දිසාවත් රජු විසින් ඔහුට පිරිනමන ලදී.

 

 

ඇහැලේපොළ පවුලෙහි විනාශයට මොල්ලිගොඩත් වග කිව යුතුයි...

මොල්ලිගොඩ අදිකාරම් සිය තනතුරු වෙනුවෙන් දැඩි ආශාවක් දැක් වූ නිසාම සිංහල ජාතියට බොහෝ සේ ආදරය කළ තවත් යුග පුරුෂයෙකු ගේ අවසානය සිදු විය. ඒ ඇහැලේපොළ මහා අදිකාරම්ය.  ඔහු කෙරෙහි දැක් වූ ඊර්ෂ්‍යාව, වෛරය නිසාම ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරීම, කුඩා වයසේ පසු වූ වීර මද්දුම බණ්ඩාර සහ ඔහු ගේ වැඩිමහල් සහෝදරයා දං ගෙඩියට තබා හිස ගසා දැමීම පමණක් නොව කුඩා නැඟණිය වංගෙඩියට දමා කෙටීම වැනි අමානුෂික සිද්ධීන් ඉතිහාසයට එක් වූයේ කඵ පැල්ලම් ලෙසිනි.

ඇහැලේපොළ කුමාරිහාමි රූපයෙන් පිරිපුන් කාන්තාවකි. ඇය කෙරෙහි සිත ඇදී යන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විවිධ අවස්ථාවල තම වසඟයට ගැනීමට උත්සාහ කළ ද එයට කිසිදු අවස්ථාවක් ඇය ලබා නොදුන්නා ය. ඒ වන විට ඇහැලේපොළ මහා අදිකාරම් රාජ්‍ය සේවයේ බලවත් ඉහළ තනතුරක් දරූ නිසා ප‍්‍රසිද්ධියේ රජුට තම අදහස ඉදිරිපත් කිරිමට ද හැකියාවක් තිබී නැත. එහෙත් එයට විවිධ උපක‍්‍රම භාවිත කර ඇති බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එහි එක් පියවරක් වශයෙන් බදු එකතු කිරීමට හා කැරැුල්ලක් මර්දනය කිරීම සඳහා ඇහැලේපොළ අදිකාරම් සබරගමු පළාතට පිටත් කර යවයි.  කුමාරිහාමි රජු ගේ අදහස තේරුම් ගත්ත ද තම ස්වාමිපුරුෂයාට පවසන්නේ නැත්තේ අනවශ්‍ය ආකාරයේ ප‍්‍රශ්නයක් ඇති වේවි යැයි තිබූ බිය නිසාය.

මේ කිසිවක් නොදත් අදිකාරම් සබරගමුවට ගොස් බටුගෙදර නම් ස්ථානයේ පිහිටි තානායමක් වැනි ගොඩනැගිල්ලක නතර විය. රජතුමාද සංචාරය කිරීමේදී නවතින්නේ එම ස්ථානයේ ය. අදිකාරම අදාළ රාජකාරිය නිම කර තවත් ටික දවසක් එහි රැුඳී සිට ඇත්තේ ඔහුට අයිතිව තිබූ වලව්ව ඒ වන විට අබලන් තත්ත්වයේ තිබූ බැවින් එය පිළිසකර කිරීම සඳහාත් ඒ අතරතුර රජුට තෑග්ගක් වශයෙන් ලබාදීමට රන් ඔටුන්නක් සහ කඩුවක් සාදා ගැනීමේ අරමුණෙනි. ඇහැලේපොළ මහා අදිකාරම් නැවතී සිටියේ විශාල කුඹුරු යායක් පිහිටි ප‍්‍රදේශයකය. එම කුඹුරු වගා කිරීම සඳහා අවශ්‍ය ජලය රැුගෙන යාමට විශාල වියදමක් දරා ඇළ මාර්ගයක්ද ඉදි කර, පසුව ගැමියන් සමඟ වෙහෙස නොබලා කුඹුරු වැඩ කළේය.

 

 

මොල්ලිගොඩ ගේ කුමන්ත‍්‍රණය

ඇහැලේපොළ අදිකාරම් සබරගමු පළාතට ගොස් සිදු කරන ජනතා මෙහෙය පිළිබඳ සහ රජතුමා වෙනුවෙන් රන් ඔටුන්නක් සහ කඩුවක් සාදවන බවත් මොල්ලිගොඩට කෙටි කාලයකදී දැන ගැනීමට ලැබිණි. ඒ වන විට මොල්ලිගොඩ ඇහැලේපොළ මහා අදිකාරම් කෙරේ පසු වූයේ දැඩි වෛරයකිනි.

මොල්ලිගොඩ මහ අධිකාරම්

ඊර්ෂ්‍යාවකිනිිි. රජතුමා ද ඔහු කෙරෙහි දැක්වූ අසතුට පිළිබඳ මොල්ලිගොඩ දැන ගෙන සිටියේය. ඉන් ප‍්‍රයෝජන ගත යුතු හොඳම අවස්ථාව මෙය බව වටහා ගත් මොල්ලිගොඩ, රජතුමාට වැරදි ආකාරයේ තොරතුරු ලබා දුන්නේය. ඇහැලේපොළ හොර රහසේම රජ වීමට උත්සාහ කරන බවත්, ඒ සඳහා රන් ඔටුන්නක් සහ කඩුවක් සාදවන බවත්, ඒ බව ඔප්පු කිරීමට කරුණු ඇති බවත් දන්වා සිටියේය. එම කතාව විශ්වාස කළ ශ‍්‍රී වික‍්‍රම රජු ඇහැලේපොළ අදිකාරම් සැක කළේ ය.

තවත් දින කිහිපයක් ගත විය. ඇහැලේපොළ අදිකාරම්ට රජු ගෙන් හසුනක් ලැබිණි. එහි සඳහන් වූයේ වහාම රාජ සභාවේ පෙනී සිටින ලෙස ය. එය අණකි. ඒ වන විට රජතුමාට ත්‍යාග වශයෙන් පිළිගැන්වීමට නියමිතව ඇති රන් ඔටුන්න සහ කඩුව සාදා නිම වී නොතිබුණ බැවින්, එම කර්තව්‍ය ඉටු කර ගත් වහාම අණට කීකරුව පැමිණෙන බවට ගෞරවයෙන් යුතුව සඳහන් කරමින් පිළිතුරක් යැවීය.

එහෙත් එම ලිපිය ලැබුණේ රජතුමාට නොව මොල්ලිගොඩටය. ඔහු ඉතා රහසිගතව ඇහැලේපොළ ගේ අකුරු සහ අත්සනට සමානව අත්සන් යොදමින් ”ඔබ ගේ අණ පිළිපැදීමට මා ඔබ ගේ වහලෙකු නොවේ. මා හට සුදුසු වේලාවක මම පැමිණෙන්නෙමි” යනුවෙන් සඳහන් කර රජු අතට පත් කළේ ය. මේ කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වූ රජු ගේ කෝපය වැඩි විය.  ”ඔබ කොතරම් බලවතෙකු වුවත්, ඔබ ගේ අඹු දරුවන් ඇතුඵ සියලූ දේපොළ මා ග‍්‍රහණයේ ය” යනුවෙන් සඳහන් කර පිළිතුරු ලිපියක් යැව්වේ ය. රජු ගේ පිළිතුරින් ඇහැලේපොළ විමතියට පත් වූවේ ය.  ඔහු රජතුමා ගෙන් සමාව අයදිමින්  ලියා සිටියේ ”තමා රජතුමා ගේ අප‍්‍රසාදයට පත් වන ආකාරයේ එක වචනයක්වත් නොලියූ බව” යි. එම ලිපියද රජු වෙත ලැබීමට පෙර ලබා ගත් මොල්ලිගොඩ ”මාගේ අඹුදරුවන් ඔබ ගේ ග‍්‍රහණයේ සිටී නම් ඔබ ඔවුන් අනුභව කළත් මට ප‍්‍රශ්නයක් නොවේ” යනුවෙන් සඳහන් කර නැවත රජු වෙත ලැබීමට සැලසුවේ ය. ඒ අතරතුර රජුු ගේ තානාපති වරුන්ට අල්ලස් ලබා දී ඔවුන් විවිධ ආකාරයේ කේලාම් බස් පැවසීමට යොදා ගත්තේ ය. ”අර දමිළයා මහනුවර පාලනය කොහොම කර ගෙන යනවාද ?” ඉන් එකකි. එවැනි කතා ඇසීමෙන් බලවත් කෝපයට පත් රජු ඇහැලේපොළ ඒ වන විට දරමින් සිටි සියලූම නිලතල වලින් ඉවත් කර ඔහු සතුව පැවති සියලූම ඉඩකඩම් රාජසන්තක කළේ යස පාඩමක් උගන්වන අදහසිනි. එපමණක් නොව ඉන් සෑහිමකට පත් නොවී ඇහැලේපොළ අදිකාරම් පණ පිටින් අල්ලා ගෙන එන ලෙස නියෝගයක්ද නිකුත් කළේ ය. එහි වගකීම පවරණ ලද්දේ මොල්ලිගොඩට වීම දෛවයේ සරදමකි. එහෙත් ඇහැලේපොළ ඔවුන් ගෙන් බේරී කොළඹට පලා ගියේ ය.  

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගේ අවසාන කාලය පැමිණිමෙන් තිබිණි. ඒ කාලයේ නිලමේවරුන් බලවත්ව සිටි බැවින් රජුට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට නොහැකි විය. ඔවුන් ගේ බලය බිදීමේ අරමුණෙන් නිතර, නිතර නිලතල වෙනස් කරමින් ප‍්‍රධාන නිලතල වලට ඉපැරණි රදල පවුල් වල සාමාජිකයන් පත් නොකර ඊට අඩු පවුල් වල සාමාජිකයන් පත් කිරීම සිදු විය. එකල නායක්කාරවරුන්ට ණය වූ සිංහල බෞද්ධ නිලමේවරු සිටියහ. මොල්ලිගොඩ නිලමේ පමණක් පගෝදී 6000 ක (ස්ටාර්ලිං පවුම් 2000 ක්) පමණ මුදලක් ණය වි සිටි බැව් කියනු ලැබේ. ඒ වන විට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සිය අග මෙහෙසියන් දෙදෙනාගෙන් දරුවන් නොමැති වීම නිසා, දෙගල්සාමි ගේ වැඩිවියටවත් පත්ව නොසිටි දියණියන් දෙදෙනා අවාහ කර ගත්තේ ය. එම විවාහය සඳහා සියලූම නිලමේවරු මහනුවරට කැඳවනු ලැබූ අතර, ඔවුන් අතර ඇහැලේපොළ ද සිටියේ ය. සියලූම දෙනා මිල අධික තෑගි පිරිනමන ලදී. උනම්බුව, ඇහැලේපොළ, මොල්ලිගොඩ, කොබ්බෑකඩුව සහ පුස්සැල්ලේ නිලමේවරුන් කොළඹින් ඇඳුම් මිලදී ගැනීම සඳහා රික්ස් ඩොලර් දස දහසකට වඩා අධික මුදලක් වැය කර තිබුණු බව සඳහන් වේ. ඒ වන විට ඇහැලේපොළ නිලමේ කෙරෙහි රජු තුළ පැවති අප‍්‍රසාදය වර්ධනය වෙමින් පැවති කාලයකි. එනිසා මංගල උත්සවයෙන් පසු තමන් ගේ තත්ත්වයට නොගැළපෙන ආකාරයේ ත්‍යාග පිරිනැමු බවට රජු ඔහුට චෝදනා නැඟුවේය.  

 

 

ඇහැලේපොළ ගේ තනතුරු මොල්ලිගොඩ

මෙවන් කනගාටුදායක සිදුවීම්, නොයෙකුත් අකටයුතුකම්, අසාධාරණයන් නිසා ඩොයිලි හමුවී ඉංග‍්‍රීසින් ගේ සහාය ලබා ගැනීමට එක්නැලිගොඩ කොළඹට යවන ලදි. ඩොයිලි ඊට එකඟ වූවේය. මේ බව රජුට ආරංචි වී තමා නිලතල වලින් පහ කරන බවත්, ඒ වෙනුවට මොල්ලිගොඩ උසස් කිරීමට අදහස් කරන බවත් ඇහැලේපොළට දැන ගන්නට ලැබුණි. මෙම ආරංචිය ලද වහාම සබරගමුවෙහි බටුගෙදර ප‍්‍රදේශයේදී කැරැුල්ල ඇරඹීමේ නිල සංඥාව ලබා දුන් අතර, අනෙකුත් දිසාවන්හිද කැරලි ආරම්භ කරවීමට පණිවුඩකරුවන් යවන ලදී. එය දැන ගත් වහාම ඇහැලේපොළ දරමින් සිටි සියලූ ම නිලතල වලින් පහකර, ඔහු ගේ අඹු දරුවන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස සිර කර තැබීමට රජු නියෝග කළේ ය.  

මොල්ලිගොඩ මහා අදිකාරම් සහ සබරගමුවේ  දිසාව ලෙස පත් කර කැරැුල්ල මර්දනය කිරීම සඳහා සබරගමුවට යවන ලදී.  එහෙත් ඒ වන විටත් ඇහැලේපොළ නිලමේ කොළඹට පැන ගොස් අවසන් ය. ඉංග‍්‍රීසින් ඔහුව ගෞරවයෙන් යුතුව පිළිගත්හ.  මොල්ලිගොඩට ඇහැලේපොළ නිලමේ අල්ලා ගත නොහැකි විය. ඔහු පළිගත්තේ ඇහැලේපොළ ගේ අනුගාමිකයන් ගෙනි. ඔවුන් ගෙන් බොහෝදෙනෙක් මහනුවරට රැුගෙන ගිය අතර, ඉන්, එකසිය දාහත් දෙනෙක් මරණයට පත් කළ බව සඳහන් වේ. ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර දියේ ගිල්වා මැරීමටත්, මද්දුම බණ්ඩාරට හා ඔහු ගේ වැඩිමහල් සහෝදරයාට දං ගෙඩියට හිස තැබිමටත්, බිළිඳු දියණිය වංගෙඩියට දමා කෙටීමටත් අණ කළේ එහි ප‍්‍රතිඵළයක් වශයෙනි.  
මොල්ලිගොඩ ගේ සේවය අගයා කි‍්‍ර.ව 1814 මැයි මස 06 දින සන්නසක් පිරිනමන ලදී. එම සන්නසට අනුව මොල්ලිගොඩට හිමි වූ ඉඩම් වලින් අමුණු 42 ක් සහ ලාහ 18 ක් දක්වා වූ ප‍්‍රමාණයක් බදු ගෙවීමකින් තොරව ඔහු ගේ දරු මුණුබුරන් ගේ පවුල් පවතින තුරු පරවේණි ඉඩම් ලෙස භුක්ති විදීමේ වරප‍්‍රසාදය ද හිමි විය. මහනුවර රාජධානියේ රජ කෙනෙකු විසින් පිරිනමන ලද අවසාන සන්නස ද එය විය හැකි ය.  

 

 

මොල්ලිගොඩ ඉංග‍්‍රීසින් හා එක්වෙයි

අවසානයේ දී, කැරලිකරුවෝ හා ඉංග‍්‍රීසින් එකතුව රජු සමඟ යුද්ධය ආරම්භ කළහ.  මොල්ලිගොඩ ගේ බාල සොහොයුරා ද රජු ගේ කණ්ඩායමට එක් වූයේ ය. කි‍්‍ර.ව 1815 ජනවාරි මස 16 දින ඉංග‍්‍රීසි හමුදාවේ පළමුවැනි කොළඹ හමුදාංශයේ භටයෝ මත්තමාගොඩ, ඉද්දමල්පාන, හෙට්ටිමුල්ල සහ අත්තපිටිය හරහා පැමිණ තුන් කෝරලේ බලය අල්ලා ගත්හ. ඉන්පසු ජනවාරි මස 30 දින වන විට  බලන කපොල්ල පාමුල වූ ගනේතැන්නට ළඟා වූහ. ඒ වන විට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගේ හමුදාධිපති ලෙස කටයුතු කළේ මොල්ලිගොඩ මහා අදිකාරමයි.  ඔහු පරදින බව දැන ඉංග‍්‍රීසින්ට එරෙහිව සටන් කිරීමෙන් වැළකී සිටියේ ය. පසුව ඔහු ඩොයිලිට පණිවුඩයක් යවා ඉංග‍්‍රීසින්ට හිතවත් කමක් පෙන්වා ඔහුටත්, සතර කෝරළේ ජනතාවටත් ආරක්ෂාව ලබා දෙන ඉල්ලා ඇත. එමෙන්්ම මේජර් හුක් සමඟ පැවති සාකච්ජාවේදී තම දරු පවුල මහනුවරින් පලා ගිය වහාම ඉංග‍්‍රීසින් සමඟ එක් වන බවට ඔහු පොරොන්දු වූවේ ය.  ඒ අනුව පෙබරවාරි මස 08 දින ඔහු ගේ දරු පවුල මහනුවරින් පලා ගිය අතර, එදිනම පෙරවරු 11 ට පමණ ඔහු සතර කෝරළේ ප‍්‍රධාන ධජ, අලි ඇතුන් සමඟ ඉංග‍්‍රීසින් ළඟට පැමිණියේ ය. මොල්ලිගොඩ අනුගමනය කරමින් අනෙකුත් නායකයෝ ද ඉංග‍්‍රීසින් හා එක් වූහ.  

 

 

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගේ අවසානය

තවත් දින කිහිපයක් ගත විය. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහනුවරට ඇතුඵ වන විට රජු එය අතහැර දමා පලා ගොසින් ය.  එක්නැලිගොඩ දිසාව යටතේ යවන ලද භටයන් විසින් පෙබරවාරි මස 18 දින මැදමහනුවරට ආසන්න ගලහේවත්තෙහිදී රජුව වටලනු ලැබුණි. හංවැල්ල ග‍්‍රාමයේදී රජු ගේ අග මෙහෙසියන් දෙදෙනා අත් අඩංගුවට ගැණුනි. ඔවුන් සියල්ලන්නම  කි‍්‍ර.ව 1815 මාර්තු 16 දින කොළඹටත්, ඉන් අනතුරුව කි‍්‍ර.ව 1816 ජනවාරි මස 24 දින කෝර්න්වෝලීස් නැවෙන් මදුරාසියටත් යවන ලදී.  කි‍්‍ර.ව 1832 ජනවාරි මස 30 දින පස්වරු තුනට පමණ වෙල්ලෝර්හිදී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු මිය ගියේය. මිය යන විට පනස් දෙවැනි වියේ පසු වූ ඔහුට මෙහෙසියන් ගෙන් එක් පුතෙක් සහ දියණියන් දෙදෙනෙක් ලැබි තිබුණි.

 

 

මහනුවර ගිවිසුමට මොල්ලිගොඩ අත්සන් කරයි

රජු අල්ලා ගැනීමෙන් පසු කි‍්‍ර.ව 1815 මාර්තු මස 02 දින මහනුවර මඟුල් මඩුවේදී වැඩිමහල් මොල්ලිගොඩ නිලමේ මහා අදිකාරම ලෙසත්, ඔහු ගේ බාල සොහොයුරු තුන් කෝරලේ දිසාව ලෙසත් උඩරට ගිවිසුමට අත්සන් කළහ.  එම ගිවිසුමට අත්සන් කර මාස දෙකක් ඉක්ම ගියේ නැත. ඉංග‍්‍රීසින් විසින් තමන් රවටා ඇති බවත් කොන්දේසි උල්ලංඝණය කර ඇති බවත් තේරුම් ගත් නිලමේවරු ඉංග‍්‍රීසින් පළවා හැරීමට කැරලි ගැසූහ. කැප්පෙටිපොළ, පිළිමතලව්වේ සහ ඇහැලේපොළ එහි ප‍්‍රධානත්වය ගත් අතර, කි‍්‍ර.ව 1818 වන විට නිලමේවරුන් සියල්ලන්ම කැරැුල්ලට එක්ව සිටිය ද, මොල්ලිගොඩ පමණක් ඉංග‍්‍රීසින්ට පක්ෂව සිටියේ ය. එයට හේතුව වූයේ ඇහැලේපොළ සහ පිලිමතලව්වේ පවුල් සමඟ පැවති දැඩි වෛරයත්, විරුද්ධවාදී භාවයත් නිසා ය. සිංහල විරුවන්ට කැරැුල්ල ජය ගැනීමට ඉතිරිව තිබුණේ දවස් කිහිපයකි. ඉංග‍්‍රීසින් සිංහල රාජධානියේ පාලනය අතහැර දමා නැවතත් වෙරළබඩ ප‍්‍රදේශ කරා යාමට සිතුවා පමණි. මොල්ලිගොඩ සතර කෝරලේ ජනතාව සමඟ ගොස් උදව් කළේ ය. අවසානයේ ඉංග‍්‍රීසින්ට ජය අත්විය. කැරැුල්ල මැඩ පැවැත්විණි.
කි‍්‍ර.ව 1818 ඔක්තෝබර් මස 27 දින ඌව වෙල්ලස්ස කැරැුල්ලට නායකත්වය ලබා දුන් ඇල්ලේපොළ නිලමේ ගේ හිස ද, නොවැම්බර් මස 25 දින කැප්පෙටිපොල සහ මඩුගල්ලේ නිලමේවරුන් ගේ හිස් ද ගසා දමන ලදී. තවත් බොහෝ දෙනෙකුට මරණ දඩුවම නියම විය.  පිළිමතලව්වේ දිසාව, ඉහගම උන්නාන්සේ ඇතුඵ තවත් නිලමේවරුන් සහ ගම්මුලාදැනීන් විසි පස් දෙනෙක් ජිවිතාන්තය දක්වා මුරුසු දිවයිනට පිටුවහල් කරනු ලැබූහ.

 


 

මොල්ලිගොඩ අදිකාරම් ගේ අවසානය

අවසානයේ මොල්ලිගොඩ ගේ සුවිශේෂී සේවාව ඉංග‍්‍රීසින් විසින් අගය කර මාසයකට රික්ස් ඩොලර් 200 ක විශ‍්‍රාම වැටුපක් ගෙවන ලදී. එපමණක් නොව පල්ලේගම්පහේ මහා අදිකාරම, සතර කෝරලේ දිසාව, යන තනතුරු වලට අමතරව දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරත්, මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තනතුරටත් පත් කරනු ලැබුණි.  ඔහු ගේ බාල සොහොයුරා සත් කෝරලේ දිසාව, උඩගම්පහේ මහා අදිකාරම ලෙස පත් කෙරිණි. කි‍්‍ර.ව 1823 ඔක්තෝම්බර් මස 26 දින මොල්ලිගොඩ නිලමේ මිය ගියේ ය.  ඔහුට සිටියේ ටිකිරි කුමාරිහාමි නමින් එක් දියණියක් පමණි. මොල්ලිගොඩ ගේ බාල සොහොයුරු කි‍්‍ර.ව 1845 දි මිය ගිය අතර, කුරුවේ ලේකම් නමින් එක් පුත‍්‍රයෙක් පමණක් සිටියේය. මොල්ලිගොඩ පවුලෙන් කියා පැවත එන කිසිවෙක් මේ වන විට සොයා ගත නොහැක.


ස්තුතිය - ඇඹිල්මීගම පිළිමතලව්ව වලව්වේ ආනන්ද සෙනරත් පිළිමතලව්ව, හිනටිපන සම්පත් යන මහත්වරුන්ට


 



අදහස් (46)

ඉංග්‍රීසීන්ට රට අල්ලන්න උදව් කළ මොල්ලිගොඩ අධිකාරම්ගේ වලව්ව

හේවාවසම් Tuesday, 27 May 2014 07:10 PM

මොන දේ වුණත්ඒ අපේම කෙනෙක්... (නි)

:       0       0

නිහාල් Tuesday, 17 June 2014 08:09 AM

මම හිතනවා එදා එහෙම වුණ එක හොඳයි කියලා (නි)

:       0       0

වර්ෂා Thursday, 29 May 2014 05:02 PM

පාවාදීම නම් හරිම කැතයි නේද ?(දිල්)

:       0       0

දසනායක Monday, 02 June 2014 11:32 AM

අපි අපේ කම නැති කරගත්තේ එකිනෙකා තුල තිබුණු කුහකකම නිසයි. අදත් අපිට දියුණුවෙන්න බැරි ඒ දේ හින්දම තමයි. මේ වගේ ලිපියකින් හොඳට තේරුම් ගන්න ඕන එ්කයි. (ස)

:       0       0

චමීර Saturday, 07 June 2014 01:49 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

සුසිල් Tuesday, 17 June 2014 09:05 AM

වටිනා ලිපියක් (නි)

:       0       0

සීජේ (ප්‍රිටෝරියා) Saturday, 21 June 2014 03:53 AM

අද අපි ඉන්න තැනට මෙී අය තමයි පාර කැපුවෙ මොල්ලිගොඩලගෙ ජාන සහ හොල්මන් තාමත් අපිට වින කරනවා (නදී)

:       1       0

සිරා Monday, 02 June 2014 11:20 PM

මතුගම සෙනෙවිරුවන් මහතාණනි. ඔබේ කරුණුවලට පින්. (නදී)

:       0       0

ගිහාන් Sunday, 01 June 2014 09:59 PM

මොල්ලිගොඩ වැනි අය ලංකා ඉතිහාසයටද කැළලක් ලෙසයි මම නම් දකින්නේ. ලිපිය හා එය ලියා ඇති අයුරු අගය කරමි. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Thursday, 29 May 2014 07:51 AM

ඔය වගේ මගේ ජාතිය පවා දුන්න හා දෙන එවුන්ගේ වළටත් හෙන ගහනවා (ස)

:       0       0

රූපා Tuesday, 27 May 2014 11:24 PM

ඒ අතීතේ සිට තිබූ වෛරය, පළිගැනී, අදටත් කිසිම අඩුවකින් නැතිව අතු රිකිලි වැඩිලා..රූස්ස ගස් බවට පත්වෙලා. ඒ අපේ අතීතේ රූස්ස ගස්වල ඇට පැල වෙලා නොවුණත්..? මුල් දුවල තියනවා ශතක දෙකක් පමණ දුරට ..නැතිනම් අපේ රටත් අද උතුම් මිනිස් කම් වලින් පරිපුර්ණවූ සබැ සුර පුරයක් ..!!! එදා ඒවා තමයි අද අපි මේ විදවන්නේ ..? (ස)

:       0       0

දුමාල් Sunday, 15 June 2014 09:29 AM

මේ වගේ කට්ටිය නිසා තමයි ලංකාව විනාස උනේ (දී)

:       0       0

සමින්ද Saturday, 31 May 2014 10:35 AM

1815 දී උඩරට ගිවිසුමට අත්සන් කලේ මොල්ලිගොඩ අධිකාරම් පමණද?මොල්ලිගොඩ වලව්වේ වත්මන් හිමිකරුට කිසිම දැනුම් දීමකින් තොරව ඉතා රහසිගතව ලබාගත් ඡායාරුප සහිතව ඉතිහාසයට පුද්ගල මතවාද ඉදිරිපත් කරමින් ලියන ලද මෙම ලිපියට අපගේ අප්‍රසාදය (ස)

:       2       0

පහන් Tuesday, 27 May 2014 11:41 PM

මට නොතේරෙන තැන් කීපයක් තියනවා .කලින් ලිපිවලත් තිබුන .පරස්පර තැන් කීපයක් .ඉතාම වටිනා ලිපි මේවා .(ස)

:       0       0

සහන් Friday, 30 May 2014 07:12 PM

එකිනෙකා පාවාදීම්, කුමන්ත්‍රණ ,බෙලි කැපීම් වලින් ගහන ශ්‍රී ලංකික ඉතිහාසයේ පරාවර්තනයන් , දෝන්කාරයන් අදත් සැලකිය යුතු තරමකින් දැකිය හැකි වන්නේ එම පසුගාමී සංස්කෘතික ලක්ෂණ මහා ලොකු දෙයක් ලෙස සලකන, දියුණු සංස්කෘතීන් ගැන නොදන්නා ලිං මැඩියන් අදත් අඩු නැති නිසාය. (අ)

:       0       0

රොහාන් දයාරත්න Saturday, 07 June 2014 08:43 AM

මොල්ලිගොඩ පරම්පරාවේ කට්ටිය තාම ඉන්නවා . ඔබට අැවැසි නම් අමතන්න. ඔවුන්ගේ පෙළපත් නාමය තාම තියනවා. රණසිංහගේ මොල්ලිගොඩ බණ්ඩාර මහා අධිකාරම්ලාගේ මොල්ලිගොඩ බණ්ඩාර නමින්. (ස)

:       0       0

උදාරි Monday, 09 June 2014 04:38 AM

ඒ කාලේ මෙහෙම උනේ නැතිනම් ලංකාව අද මේ තරම් දියුණු තත්වයේ නැහැ (දී)

:       0       0

නිමල් ලලිත Sunday, 08 June 2014 03:12 PM

දැනට ඉන්නවයි කියන අයත් එදා මොල්ලිගොඩ වගේ අය ද ? (ස)

:       0       0

ජෝර්ජි Tuesday, 10 June 2014 02:02 PM

කොහොමත් රට පාවාදුන් නායකයිට පටිසන් දෙනවා (දී)

:       0       0

චමිලා Thursday, 29 May 2014 11:47 PM

මට හිතාගන්න බැරි අපේ පැරැන්නෝ කොහමද දෙමළ රජ කෙනක් යටතේ හිටියේ කියල . අද මිනිස්සු බොරුවට හරි ජාතික අලයෙන් කෑගහනවා . නුවර යුගය ගැන අපි ට ආඩම්බර විය නොහැක .(ස)

:       0       0

මාලිනි Tuesday, 17 June 2014 10:54 AM

අපේ ඉතිහාසය හරිම වටිනවා.අසාවෙන් කියවනවා.බොහෝම ස්තුතියි (අ)

:       0       0

සමන් Thursday, 29 May 2014 09:13 AM

දැනුත් මේ වගේ අය රට පවා දෙන්න හදනවා. (නදී)

:       0       0

අචින්ත Wednesday, 28 May 2014 06:23 AM

මොන දේ වුණත් අපේම කෙනෙක් කියලා කියන්න එපා. මට නම් එහෙම කියන්න ලැජ්ජයි. මේ වගේ අය නිසා තමා අපේ රට සුද්දන් යටත්කර ගත්තේ. සුද්දෝ රජ වෙලා අපේ ජනතාව නැති කරලම දැම්මා. (නි)

:       0       1

විජේසුන්දර Friday, 06 June 2014 09:30 AM

පාවාදීම එදා සහ අද වෙනසක් නැත .කොටින්ට රට ලියාදුන් ,සුද්දන්ට බොරු තොරතුරු සපයන සිංහල දුස්ටයෝ යහතින් ඉන්නවා අදත් (දී)

:       0       1

ගාමිණී - සිරි Monday, 16 June 2014 11:51 PM

මට මතකයි මා කුඩා කාලයේ, අපේ නෑදෑ ගෙදරකට ගියේ ගනේතැන්නෙන් බැහැලා මොල්ලිගොඩ වලව්වත්ත හරහා පයින්.1965 දී පමණ.දැවැන්ත යකඩ කඹ දමා සුද්දන්ගේ කාලයේ සෑදූ සංගිලි පාලම ,ඔය කියන වෙල්යාය මනස්කාන්තයි.ටික දුරක් ගියවිට පැරණි වලව්ව දැකගත හැකියි. (නි)

:       0       0

මතුගම Tuesday, 10 June 2014 02:52 PM

මම මතුගම සෙනෙවිරුවන් නොවේ. මම මතුගම යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින දකුණේ සිංහලයෙක්. ඇත්තටම මට අවශ්‍ය වෙලා තියෙන්නේ නියම ඉතිහාසය දැනගැනීමටයි. 1818 කැරැල්ලෙන් පසු උඩරට තරුණයන් සමූල ඝාතනයක යෙදීමට ඉංගිරිසි පාලකයා වූ රොබට් බ්‍රවුන්රිග් තීරණය කිරීම නිසා උඩරට සිංහලයෝ මාතර, ඇඹිලිපිටිය, කළුතර,පානදුර වැනි පෙදෙස්වල තමන්ගේ නම් වාසගම් වෙනස් කරගෙන ජීවිතය බේරා ගත්හ. ඔවුන්ගේ පරපුරවල් තවම පවතී. ඔබහට නිවැරදි ඉතිහාසය දැනගැනීමට අවශ්‍ය නම් ඉතිහාසය වෙනුවෙන් තමාගේ ජීවිතය කැප කල මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් ගේ ඉතිහාස පොත් කියවා දැනුම වර්ධනය කර ගන්න. (දී)

:       0       1

බණ්ඩාර Tuesday, 27 May 2014 02:54 PM

1984-1987 වෙනකම් පුත්තලමේ මහා දිසාපති ධුරය හෙබෙව්වේ r. m. y. p. b. මොල්ලිගොඩ කියලා මහත්තයෙක්. දිසාපති කාර්යාලයේ මිනිස්සු තරහා ගියාම එතුමාට බනින්නේ "මෙයාට එක මොල්ලියක් තිබුණා නම් මෙහෙම කියන්නේ නෑ ... මොල්ලි ගොඩක් හින්දයි මේ ඔක්කොම" කියලා. (ස)

:       0       0

අරවින්ද Wednesday, 18 June 2014 10:44 PM

මේ වගේ අය අදත් ඉන්නවා.ඔවුන් මොකක්ද කළේ කියල‍ා තේරෙනකොට සියල්ල සිදුවී අවසානයි (නි)

:       0       1

චන්ද්‍රා Monday, 02 June 2014 05:24 AM

අනෙක් පළාත්වල මිනිසුන්ට බැන වැදුනට සුද්දාට රට පාවා දීලා තියෙන්නේ මේ අයනේ? (නි)

:       0       0

මාධවී Wednesday, 11 June 2014 03:54 AM

මතුගම කියන කතාව ඇත්ත. මමත් එහෙම පවුල් කිහිපයක් දන්නවා. (නි)

:       0       0

ශලනි Wednesday, 18 June 2014 05:01 PM

සහන කියන දේ හරියටම හරි. පොදු ජනතාව පාගාගෙන සිටි මේ වගේ රදළයන්ට වඳින පසුගාමි සංස්කෘතියක් තමයි අපිට තියෙන්නේ (නි)

:       0       0

නයනකාන්ත Tuesday, 27 May 2014 03:51 PM

ස්තුතියි.....(ස)

:       0       0

කෝලිත Friday, 20 June 2014 08:17 PM

මොල්ලිගොඩ පරම්පරාවේ අය තවමත් අපි අතර ඉන්නවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       1

චන්ද්‍රා Friday, 20 June 2014 08:05 AM

මොලගොඩ සහ මොල්ලිගොඩ වාසගම් දෙකක්ද? (නදී)

:       0       0

ජයන්ත Tuesday, 27 May 2014 05:09 PM

මේ ආකාරයේ ලිපි තව තවත් පළකරන්න යැයි මම ඉල්ලමි (නි)

:       0       0

සංජීව Sunday, 01 June 2014 04:59 PM

ඉතා වටිනා ලිපියක් (නි)

:       0       0

අනුර Monday, 02 June 2014 09:20 AM

දැන් යන විදියට නම් මෙයා ජාතික වීරයෙක්. ප්‍රාදේශීය සභා සභාපතිකමක් දෙන්න පුළුවන්. (ස)

:       0       0

කැලැරන්ස් Friday, 06 June 2014 12:07 PM

හරි හැටි අතීතය ලියා නැති රටේ, රජවරුන් කොහේ සිට කොහෙන් බිහි උවද වර්තමානයේ ඇත්තේ ප්‍රශ්නාර්තයකි. (නදී)

:       0       0

විනෝද් Sunday, 29 June 2014 09:53 PM

1818 දී ලංකාව විනාශ උනා (දී)

:       0       0

ඇපා Sunday, 29 June 2014 09:53 PM

අතීතය දිහා බලද්දී පුදුමත් හිතෙනවා (දී)

:       0       0

යශාන්ත Sunday, 29 June 2014 09:54 PM

ලංකාව සුද්දාගෙන් බේරාගන්න මිනිස්සු ජිවිත පරිත්‍යාගයෙන් වැඩ කළා මොල්ලිගොඩ වැනි අයත් ඒ අතරේ සුද්දාට කඩේ ගියා (දී)

:       0       0

යාපා Sunday, 29 June 2014 09:54 PM

මොල්ලිගොඩ අපේ රටට විශාල විනාසයක් කරපු කෙනෙක්. (දී)

:       0       0

මතුගම Monday, 02 June 2014 10:16 AM

මම දකින විදිහට ලංකාවට ඉස්සෙල්ලාම ආපු යුරෝපීයයා තමයි පෘතුගීසිකාරයා. ලොරෙන්සෝ ද අල්මේදා කියන සෙන්පතියා යටතේ ආපු මේ සේනාවට උඩරට රාජධානිය හැරුනුකොට ලංකාවේ අනෙකුත් සෑම පළාතක්ම යටත් කරගන්ට හැකිඋනා. උඩරට ආක්‍රමණය කරන්ට ගිහින් කිහිප වතාවක්ම දරුණු ලෙස පරාජය උනා. එක්කෙනෙක් දෙවැනි රාජසිංහ අනෙකා විමලධර්මසූරිය යන රජවරු. ඔවුන් අයිති වනුයේ කෝට්ටේ රජ පරපුරටයි. එහෙත් අවසන් රජවරු හතර දෙනා හට ඇත්තේ ද්‍රවිඩ සම්භවයක්. ලංකා ඉතිහාසය ඉතා හොඳින් දන්නවානම් විජයගේ සිටම රජ පරපුර ඉන්දියාවෙන් පැවතෙන උදවියයි. ඒ විතරක් නොවෙයි වරින් වර දකුණු ඉන්දීය බලපෑම් නිසා රජපරපුර වරින් වර වෙනස් උනා. රජාගේ වර්ගයට වඩා මිනිසුන්ට උතුම් උනේ බුදු දහමට ගරු කරන නායකයෙක්. ඉතින් හැමෝම වගේ එය ඉතා හොඳින් කරගෙන ආවත් ශ්‍රී වික්‍රම රාජසිංහට එය හරියාකාරව කරන්ට බැරි උනා. ඔහු බෞද්ධ පුස්තකාල ගිනි තැබුවා. ඒ වගේ ක්‍රියාකාර කම් නිසයි සිංහල ඇමතිවරුන්ට ඔහුව එපා උනේ. සුද්දාගෙන් බලාපොරොත්තු උනේ බුදුසසුන උන්ගෙන්වත් ආරක්ෂා වේවි කියලා. හරිනොගිය තැන තමයි 1818 කැරැල්ල ආරම්භ උනේ. දකුණේ සිංහලයෙක් හැටියට මම අවන්කවම දුක් වෙනවා ඉංගිරිසි කාරයෝ තියා පෘතුගීසි, ලන්දේසි සහ අනෙකුත් ආක්‍රමණිකයන්ගෙන් රට ගලවා ගන්ට නොහැකි උන ඉතිහාසයක් ඇති අපි අනෙකුත් පැතිවල උදවියට දොස් පැවරීම ගැන. සුද්දන්ට රට පාවා දීම ගැන පුන පුනා කියන අපිම තමයි සුද්දාගෙන් පසුව ඇතිවුණු අලුත්ම ශිෂ්ටාචාරයක පල නෙලා ගන්නේ. (නදී)

:       0       1

ගිහාන් Thursday, 05 June 2014 12:53 PM

මතුගම සෙනෙවිරුවන් මහතා ඉදිරිපත් කරන කරුණු ඉතා වටිනවා. අපේ රටේ නින්දිත යුගයක් අරබෙන්නේ 1521 විජයබා කොල්ලයත් එක්කයි. බල තන්හාවෙන් 6 විජයබාහුත් ඔහුගේ පුතුනුත් ගැටෙනවා. අවසාන ප්‍රතිපලය ලෙස කෝට්ටේ රජවන බුවනෙකබාහු බලය රැක ගන්න පෘතුගීසින් එක්ක එකතු වෙනවා. ලාංකිකයන්ගේ එකම ගැලවීම ටිකිරි බණ්ඩාර නොහොත් සීතාවක රාජසිංහ. ඔහුත් අවසානේ හොර උපදේශකයන් නිසා ජනප්‍රිය පාලකයෙක් වගේ මැරෙන්නේ. අහම්බුවකින් උඩරට රජ වෙන(පිළිමතලාවේ මහා අදිකාරම් නිසා) ශ්‍රී වික්‍රම රාජසිංහ අමාරුවේ වැටෙන්නෙත් වටේ සිටපු ආත්මාර්තකාමි උපදේශකයන් නිසා. (නදී)

:       0       1

ගයාන් Tuesday, 27 May 2014 06:36 PM

මට නම් ඔහු පිළිබඳ ඇත්තේ පැහැදීමක් නොවේ. (නි)

:       0       0

ලක්ෂපාන Tuesday, 17 June 2014 07:46 PM

මම දන්න මොල්ලිගොඩ කෙනෙකුත් ඉන්නවා හොරකමට හරිම දක්ෂයි. මේ ලිපිය කියවීමෙන් පසු මට මොල්ලිගොඩල අප්පිරියම වුනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 219 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 203 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 55 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 298 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site