IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අපේකම කියා දුන් හොරිවිල වෙදදුරු

(කාංචන කුමාර ආරියදාස)

දකුණු අප්‍රිකාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයකුට ඇතිවූ කොන්දේ හා බෙල්ලේ ඇතිවූ ආබාධිත තත්වයක් නොමිලේ සුවකර දීමට දේශීය පාරම්පරික හොරිවිල කැඩුම් බිදුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉදිරිපත් වී සිටියි .

මෙසේ සුවය ලබමින් සිටින්නේ ජස්ටින් ශේන්ග්වන් (30) නමැති තරුණයායි. මේ තරුණයා දකුණු අප්‍රිකාවේ දරුණු ලෙස පවතින වර්ගවාදී පිඩනයට හසුවී ඩුබායි වලට පැමිණ සිටියි .

කුඩා කාලයේ සිට මළල ක්‍රීඩා කළ ඔහු බර ඉසිලීමේ පුහුණුවීම් තුළදී කොන්ද හා බෙල්ලේ අභ්‍යන්තර ආබාධයකට ලක්ව ඇත. වසර ගණනාවක් විවිධ රට වලින් බටහිර ප්‍රතිකාර ලබා ගෙන ඇත . ඔහු අවසානයේ රෝගී තත්වය නිසා මානසික ආතතියට පත්ව රැකියාවේ පවා ප්‍රශ්න ඇතිවී තිබේ .

ඩුබායි හිදී  ශ්‍රි ලංකාවේ මිතුරකු හමුවී මේ තරුණයාට හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ලෙඩ රෝග සුව කරන ආකාරය පිළිබඳව වීඩියෝ පටයක් අන්තර් ජාලය හරහා පෙන්වා ඇත .

ඒ අනුව තමන් සේවය කරන ඩුබායි හි පුද්ගලික ආයතනයෙන් යාමට ඒමට ගුවන් ටිකට්පත් වලට මුදල් ඉල්ලා ගත් ජස්ටින් රු 40000ක් මුදලක් සොයාගෙන පසුගිය අප්‍රේල් 17 වැනි දා ලංකාවේ හොරිවිලට පැමිණ ඇත .

තමන් පත්ව ඇති තත්වයත් රෝගී තත්වයත් මුදල් නොමැති කමත් ගැන ඔහු වේද මහතාට දැනුම්දී දවසේ පැය 24 පුරා විදින වේදනාව දැනුම්දී රෝගී තත්වය සුව කර දෙන්නැයි ඉල්ලා ඇත .

මේ රෝගියාගේ අවංක උත්සය අවංක භාවය මෙන්ම ක්‍රීඩාවට ඇති කැමැත්ත නිසා ලොව ප්‍රබල රටවලින් ප්‍රතිකාර ලබා සේසතම අහිමි කරගත් ඔහුට හොරිවිල වෙදගෙදර නේවාසිකව ප්‍රතිකාර කිරීම ශාන්ත සෙනවිරත්න වෙද මහතා ආරම්භ කර තිබේ .

ප්‍රතිකාර වලට මසක් ගතවෙද්දී ජස්ටින් වසර ගණනාවක සිට පැවතී වේදනාව සුව වී මානසික තත්වය සුව අතට පත්වෙමින් සිටියි. ලංකාවේ පාරම්පරික වෙදකම ගැනත් ජනතාවගේ ඇති ගතිගුණ ගැනත් ජස්ටින් ඉතා සතුටින් කියයි .

"මට දැන් ගොඩක් සුවයි ,ඇත්තටම මම හිතාගෙන හිටියේ ජිවිතයෙන් පවා සමු ගනිවී කියල මම බෙල්ලේ කිලෝ 5ක බරක් එල්ලගෙන වගේ පැය 24 පුරා වසර ගණනාවක ඉදලා දුක් වින්දා ."

මම සදාකාලිකව වේදමහතාට වගේම ලංකාවේ මිනිස්සුන්ට ණයයි . ලංකාවේ ජනතාව වගේ මිනිස්කම හඳුනන අනුන්ට උපකාර කරන පිරිස මට හමුවෙලා නෑ . මට නවාතැන් ,ආහාර ප්‍රතිකාර විතරක් නොවේ මානසික සුවය ලබාදුන්නා .තව දින කීපයකින් මම ලංකාවෙන් යනවා හැබැයි මම ලංකාව අමතක කරන්නේ නැහැ "

මේ වේද මැදුරේ ඉන්නකොට මම වැවේ නාන්න ගිහින් පාදයේ තුවාලයක් හැදිලා මම හබරණ දඹුල්ල රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගත්තා .ඒ රෝහල් වලදී කාර්ය මණ්ඩලය දොස්තරවරු . පුදුම කරුණාවන්ත පිරිසක් ,වේද මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ගන්න ඇවිත් සිටිය රෝගීන් මට නෑදෑයන්ට වඩා උදව් කළා ."

"මම සල්ලි නැතිව ලෙඩේ සුවකරගන්න මානසිකත්වයෙන් වෙනත් රටකට ඇවිල්ලා මේ ආකාරයෙන් සුවය ලබයි කියලා කියන එක මට තවමත් හීනයක් .හොරිවිල වෙදමහතා ලෝකේ ඉන්න දෙවි කෙනක් කියලයි මට හිතෙන්නේ ."

"දකුණු අප්‍රිකාව මගේ මව් රටේ සුදු හම කළු හම නිසා වර්ගවාදීව අපිව විනාශ කරනකොට අපට අඩුම තරමේ රස්සාවක් හෝ නොදෙන අවස්ථාවක නාදුනන රටක මිනිස්සු මට කල සැළකිලි ගැන ලෝකයටම ආඩම්බරයි .මම ලංකාවෙන් ගියත් හැම නිවාඩුවකටම මගේ දෙමාපියන් බලන්න වගේ එනවා වෙදමහතා බලන්න ."

මම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ඔබලා අහන්න ලංකාවේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම නම කියන්නම් විස්තර කියන්නම් ඒ නිසා තමයි මට විශ්වාසයක් තිබුණේ සල්ලි නැතිව හරි මට ලංකාවේ අයවලුන් පිහිට වෙයි කියලා .එක අතකින් මම සතුටු වෙනවා මගේ චින්තනය හරි කියලා ,මම ඉදිරියේදී සොයා බලනවා මගේ ජිවිතයේ ඉතිරි කාලය ලංකාවේ පදිංචිවෙලා ගෙවලා දාන්න .වගේම මගේ කුමන හෝ දක්ෂතාවයකින් මේ රටට සේවයක් කරන්න .එක කාලගුණ සැලකීමක් කියල මම හිතන්නේ ."

හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉතාම කෙටියෙන් තමන් කළ සේවය ගැන මෙසේ කිවේය ."අපේ පරම්පරාවේ පිරිස සල්ලි බලාගෙන වෙදකම් කලේ නැහැ .බුලත් අතට වෙදකම් කලේ .මට මේ සුදු මහතා එක ලෙඩෙක් විතරයි .මම ඔහුට නවාතැන් ආහාර ලබාදී සුව කළා .එක මගේ දෙමාපියන්ට පින් අත්වෙන්න කළා ."



අදහස් (16)

අපේකම කියා දුන් හොරිවිල වෙදදුරු

MGJ Monday, 22 May 2017 10:32 AM

අපිට‍ ලොකු ආඩම්බරයක් පිටරැටියකුට අපේම කෙනෙක් කරන ලද ප්‍රතිකාරය නිසා සුවය ලැබීම ගැන. සියලුම දෙනා මෙවන් වෙදමහතුන් අගය කල යුතුයි. වෙදමහතාණනි ඔබට සියලු කටයුතු සාර්ථක වන්නට සුභාසිංසන කරනවා.

:       5       236

jayantha Monday, 22 May 2017 11:38 AM

ඔබතුමා පියතුමා වගේම නොමිලයේ බෙහෙත් කරනවා. බොහොම පින්

:       2       96

mohan Monday, 22 May 2017 12:28 PM

වෛද්‍යතුමනි, ඔබ දෙවියෙක්... ආඩම්බරයි ඔබ ගැන අපිට... දීර්ඝායූ ඔබ තුමාට....

:       1       33

chinthaka Monday, 22 May 2017 12:45 PM

මිනිස්කම නැතිවී යන සමාජයක දෙවිවරුන් වැනි මිනිසුන් සියල්ලන්ටම ආදර්ශයකි.

:       1       68

ප්‍රභාත් Monday, 22 May 2017 04:06 PM

ඒ විතරක් නෙමෙයි වෙදගම අහල පහල ගම් වල ඉන්න අයගෙන් මෙතුමා මුදලක් අය කරන්නෙත් නෑ. මම වෙදගමට ලගම ඉන්න හින්ද ඒ ගැන හොදින්ම දන්නව.

:       0       24

d.upul Monday, 22 May 2017 06:08 PM

මෙයාට බෙල්ලේ අමාරුව හැදිලා තියෙන්න බෙල්ල නවාගෙන ෆේස් බුක් ලොග් වෙලා ඉඳල වෙන්න ඇති. පේනවනේ ෆොටෝ එක.

:       57       9

SUNIL WIJESENA Monday, 22 May 2017 08:38 PM

මම අත්දැකීමෙන් කියන්නේ මිහිපිට වැඩසිටින ජීවමාන දෙවියෙක්... ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා !!!

:       0       6

KARU Monday, 22 May 2017 10:35 PM

සැබෑවට උතුම් සිංහලයෝ ඉදල හිටල තවමත් ඉන්නව රටට ජාතියට සැබෑ ගෞරවයක් වෙද මහත්මයාට නිදුක් නීරෝගී දීර්ග ආයුෂ පතමු

:       0       5

kunchana Tuesday, 23 May 2017 06:06 AM

වෙද මහත්තයාගේ ලිපිනය දෙන්න

:       0       4

lalindra Tuesday, 23 May 2017 09:26 AM

ඔන්න වෙද්දු තමුන්ගෙන් ලෝකෙට වෙන්න ඕනදේ කරනවා මිසක් ලෝකෙන් තමුන්ට කිසි දෙයක් බලාපොරොත්තුවෙන්නේ නෑ. SITEM වලට විරුද්දව වර්ජනත්න නෑ. වැටුප් ඉල්ලලා උද්ගොසනත් නෑ . ළමයි රෝයල් එකට දාලාදෙන්න කියල වර්ජනත් නෑ

:       0       45

ananda Tuesday, 23 May 2017 02:10 PM

කරුණාකර මට මෙම වෙද මහත්මයා සම්බන්ද කර ගැනීමට තොරතුරු මගේ e mail එකට දාන්න .

:       2       0

JayaWednesday, 24 May 2017 12:11 PM

මෙතුමා ඉන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ...

:       1       3

පෙරේරා Wednesday, 24 May 2017 03:51 PM

මේ වෙද මහතා කොළඹ ආමර්වීදියත්, කොටහේනත් අතර ඇති කෝපරේටිව් හොස්පිට්ල් එකටත් එනවා....

:       0       2

ජෝති Thursday, 25 May 2017 07:51 AM

උපතින් ලැබූ හැකියාවන් දියුණුකර.. වෛද්‍ය දක්ෂතා පෙන්නා පෙර අපර.. දුක්විඳි ලෙඩුන් සුවකරමින් මවිතකර.. අගයමු ඔබේ සේවය අපි දහස් වර....

:       0       3

nilantha Friday, 26 May 2017 02:05 AM

නියම වේද මහතෙක් මුදල් වලට පමණක් මුල් තැන දෙන කලෙක ඔබගේ ක්‍රියාව අගය කරනවා...

:       0       2

karuna Saturday, 27 May 2017 02:34 AM

මෙතුමාගේ පුතාට ඇඳුම් කඩයක් තියෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 173 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 370 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 210 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 597 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 704 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2772 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1485 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site