ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති සුරේෂ් ද මැල් දැඩි විශ්වාසය පළ කරමින් කියා සිටියේ දේශීය හා විදේශීය වශයෙන් කුමන අභියෝග පැමිණිය ද 2021 වර්ෂයේ ඩොලර් බිලියන 16 ක අපනයන ඉලක්කයක් කරා ස්ථිර වශයෙන් යා හැකි බවයි. මෙම දැඩි විශ්වාසය හට ගැනුණේ අලුතෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ රාශිය නිසාත් අපනයන වර්ධනය කිරීම උදෙසා වර්තමානයේ දරන එතර වෑයමත් නිසාය.

‘වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2021 දී ඩොලර් බිලියන 15.68 ක ඉපැයුමක් අප පුරෝකථනය කරගෙන සිටිනවා’ යනුවෙන් ද මැල් Daily FT පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය. 2020 දී ඩොලර් බිලියන 10 ක් වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලැබූ අතර මේ වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 12 ක් ද සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 3.58 ද ඉපයීමට ඉලක්ක කොට ඇත. 2020 උදෙසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සැකසුම් කළමනාකරණය, ඉදිකිරීම් මූල්‍ය සේවා පරිවහන හා සම්පාදන යන සේවා මගින් ඩොලර් බිලියන 3 ක් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ඇස්තමේන්තු කර ඇත. 2019 වසරේ එම ප්‍රමාණය බිලියන 3.8 කි. දේශීය වශයෙන් හා ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිර ගිය ද අපනයන අංශය සෑහෙන සාර්ථක අයුරින් සිය කාර්යය ඉටුකර ඇති බවද මැල්ගේ අදහසයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ 2021 වසර සඳහා පුරෝකථන අනුව ඇඟලුම් නිෂ්පාදනවලින් ඩො. බිලියන 5.4 ක් ද තේ අපනයනයෙන් ඩො.බි 1.47 ක් ද ඩො. මිලියන 998 ක් රබර්වලින්, ඩොලර් මිලියන 809 ක් පොල් නිෂ්පාදනවලින් ද ඉපයීමට නියමිතය. අනෙකුත් අංශ සැලකූ විට ඩො.මි. 427 ක් ආහාර පාන මගින් ද ඩො.මි. 415 කුළු බඩු හා සාන්ද්‍රිත ද්‍රව්‍ය මගින් ද මිලියන 398 ක් විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංගවලින්ද ඉපයීමට බලාපොරොත්තු වේ. ඊට අමතරව (මුහුදු) මත්ස්‍ය ආහාරවලින් ඉපයීමට ඇස්තමේන්තු කර ඇති මුදල ඩො.මි. 229 කි. දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණවලින් තවත් ඩො.මිලියන 173 ඉපයීටම බලාපොරොත්තු වේ.

ව්‍යවසාය, අපනයන හා විශේෂයෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ සංචාරක ව්‍යවාසය අංශවල අති දක්ෂයකු ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇති ද මැල් මෙම සම්මුඛ සාකච්ඡාවේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ 2021 සඳහා වූ අනෙකුත් සැලුසම් ගැන ද අදහස් පළ කළේය. මෙකී ක්ෂුද්‍ර හා සාර්ව ප්‍රතිපත්තිවලට සහාය වෙමින් අරමුණු කරා ළඟා වීමේදී පෞද්ගලික අංශයට ද ඉමහත් කාර්යා භාරයක් කිරීමට තිබෙන බව ඔහු අවධාරණයෙන් කීවේය.

ප්‍රශ්නය– ඔබ සිතන පරිදි 2021 දී වඩාත් හොඳ කාර්ය භාරයක් ඉටු කිරීම උදෙසා විභවතාව පවතින්නේ කුමන අංශයේද? ඒ දැයි?
පිළිතුර– දැවැන්ත විභවතාවක් ඇති බව අපට පෙනී යන ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳව මා විස්තර කරන්නම්.
කුළු බඩු සාන්ද්‍ර ද්‍රව්‍ය ගත් විට ලෝකයේ කුළු බඩු වෙළෙඳපොළෙන් සියයට 3 කට පමණ ශ්‍රී ලංකාව දායක වෙනවා. 2020 දී අපගේ අපනයන ආදායම ඩො.මි. 335 ක්. එයින් සියයට 53 කට දායක වූයේ කුරුඳු නිෂ්පාදන. ඒ මගින් ඩොලර් මිලියන 206 ක් උපයනු ලැබුවා.

2020  දී කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ ස්වභාවික ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම වැඩි වීම නිසා මෙම අංශය හොඳ ප්‍රගතියක් අත්කර ගත්තා. ශ්‍රී ලංකාවේ කුරුඳු සහ සුගන්ධ තෛලයන්ට ඇ.එ.ජ. සහ බටහිර වෙළෙඳපොළවලින් තිබෙන ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා. විවිධාකාර රෝග රාශියක ඖෂධ නිෂ්පාදනයක් ලෙස විශේෂයෙන් කුරුඳු භාවිතා කෙරෙනවා. සමස්ත සෞඛ්‍යය සඳහා වඩාත් හේතු වන කුරුඳු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළයි. කුරුඳු බේකරි නිෂ්පාදන ආසියානු ආහාර, කුරුඳු රස තේ ආදිය උදෙසා එහි ඇති විශේෂ රසය හා සුවඳ නිසාත්, ඇතැම් ආහාර කල් තබා ගැනීම උදෙසාත් භාවිතා වෙනවා. වර්තමානයේ ලෝකය පුරා ආහාරවලට යොදන ද්‍රව්‍යයක් ලෙසත් ඖෂධ සැකසුම් උදෙසාත් කුරුඳු භාවිතා වෙනවා.
ආහාර පාන සැකසුම් කර්මාන්තය ලෝකයේ අති විශාල කර්මාන්තවලින් එකක්. ගෝලීය ජනගහනයේ වර්ධනය වෙමින් පවතින අවශ්‍යතා සඳහා ඇතිවන ඉල්ලුමට සරිලන ලෙස විශාල පරාසයක ආහාර පාන එම කර්මාන්තය තුළ නිෂ්පාදනය වෙනවා.

2019 ලෝකයේ සමස්ත ආහාර පාන සැකසුම් වෙළෙඳපොළ අගය ඇ.ඩො. බිලියන 815 ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම අංශය ශ්‍රී ලංකාව තුළ විවිධාංගිකරණයට ලක්වෙමින් දියුණුවට පත් වන්නක්. අන්තර්ජාතික වෙළෙඳපොළේ ආහාර පාන සැකසුම් උදෙසා ඉල්ලා සිටින ගුණාත්මක භාවය ශ්‍රී ලංකාවේ එම නිෂ්පාදන සතුව පවතිනවා. මෙම අංශයේ භාවිත වන දේශීය අමුද්‍රව්‍ය විශිෂ්ට ගණයේ සෞඛ්‍ය සම්පන්න ලක්ෂණ පෙන්නුම් කරන ඒවා වනවා. මෙම අංශයේ ස්ථාපිත වු ප්‍රමුඛ පෙළේ සමාගම් සේම කුඩා සමාගම් ද අපනයනය කෙරේ උනන්දු වෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය සලකා බලා අප 2020 වසරට ඇ.ඩො. මිලියන 325 ක ඉලක්කයක් හඹා ගියා. එහෙත් 2020 දී අපට ඩො.මි. 351 ක් එම අංශයෙන් උපයා ගැනීමට හැකි වුණා. මෙම අංශයේ උපඅංශය වූ සැකසූ එළවළු හා පලතරු, රසකැවිලි සහ බේකරි නිෂ්පාදන, සැකසූ සහල් සහ ධාන්‍ය ආහාර වර්ග 2020  දී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළා. ඒ අතර මද්‍යසාර සහ මද්‍යසාර නොවන පාන වර්ග පෙන්වූයේ ඍණාත්මක වර්ධනයක්. 2019 හා සසඳා බැලූ විට පාන වර්ග අපනයනය පහත වැටීම හේතු කොටගෙන 2020 සමස්ත ලෙස ආහාර හා පාන වර්ග අපනයනය සියයට 4 කින් පහත වැටී තිබෙනවා.
ලෝකය පුරා සෞඛ්‍ය ගැටලු වැඩිවෙමින් පැවතීම හේතු කොටගෙන, ස්වභාවික අමුද්‍රව්‍ය සහිත කාබනික ආහාර ලෙස සහතික කළ ආහාරවලට ලෝක ප්‍රජාවෙන් එන ඉල්ලුම වැඩි වුණා. එම නිසා එළවළු කොස් නිෂ්පාදන ආහාර හා ධාන්‍ය ආදී එකතු කළ අගය සහිත කාබනික නිෂ්පාදන ආදියට 2021 දී බොහෝ ඇණවුම් ලැබුණා.

මුහුදු ආහාර සහ ජලජ සත්ව ආහාර ගත් විට ගෝලීය මත්ස්‍ය හා මුහුදු ආහාර නිෂ්පාදන කර්මාන්තය ඩො. බිලියන 146.78 ක පමණ ප්‍රමාණයේ එකක්. එය 2026 දී ඩො.බි. 206.89 දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව අපනයනය කරන මුහුදු ආහාරවලට කෙළවල්ලා, තලපත්, ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් ආදීන් අයත් වෙනවා. මේවායින් බහුතරයක් අපනයන කරන්නේ නැවුම් ශීත කළ හෝ අයිස් සහිතව ශීත කළ ආදී ආකාරවලටයි. සකස් කළ මත්ස්‍ය ආහාර ලෙස අපනයනනය කරන්නේ සුළු කොටසක්.

ශ්‍රී ලංකාව ගෝලීය මුහුදු ආහාර අපනයන වෙළෙඳපොළේ 54 වැනි ස්ථානයේ පසුවන අතර ගෝලීය ඉල්ලුමෙන් සැපයුම් කරනුයේ සියයට 0.16 ක් පමණයි. 2020 දී ඉන් ඉපයූ ආදායම ඩො.මි. 189.8 ක්.
පොල් පදනම් කරගත් නිෂ්පාදන ගත් විට 2018 දී ලෝක පොල් වෙළෙඳපොළේ වටිනාකම ඩො. බිලියන 11.5 ක් වූ අතර 2026 එය ඩො.බි. 31.1 ක් (13.6 % ක වාර්ෂික වර්ධක වේගයකින් වැඩි වී) වෙතැයි අපේක්ෂා කෙරෙනවා. ශ්‍රී ලංකාව ලෝක පොල් වෙළෙඳපොළෙන් දායක වන්නේ සියයට 5 කට පමණයි. (ඉන් සියයට 50 පොල් මද නිෂ්පාදන, අංශයෙනුත් සියයට 18 පොල් කටු අපනයනයෙන් මීට දායක වෙනවා.)

 මේ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ පොල් නිෂ්පාදනවලින් පස්වැනි තැනට පත්වන්නේ වසරකට ගෙඩි බිලියන 2.83 ක් නිෂ්පාදනය කරමින්. මින් පොල් ගෙඩි බිලියන 1.7 ක් දේශීය වශයෙන් පරිභෝජනය වූ විට අපනයන සඳහා ඉතිරි වන්නේ ගෙඩි බිලියන 1.2 ක ප්‍රමාණයක්. එහෙත් කර්මාන්තය උදෙසා ගෙඩි බිලියන 4 ක් අවශ්‍ය බව තක්සේරු කොට තිබෙනවා. කොරෝනා වසංගතයේ බලපෑම දරුණු ලෙස පවතිද්දි ශ්‍රී ලංකාව පොල් නිෂ්පාදන පදනම් කරගත් අපනයන සියයට 8.27 කින් වැඩි කරගෙන 2020 දී ඩොලර් මි. 664.54 ක් උපයා ගත්තා.

රබර් පදනම් කරගත් නිෂ්පාදන අද වන විට ගෝලීය වෙළෙඳපොළේ වටිනාකම, ඩො.බි. 400 ක් පමණ වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. 2025 දී එය ඩො.බි. 600 දක්වා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා. රබර් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන (ගෑස්කට්, වොෂර, සීල් ආදිය)වල වෙළෙඳ පොළ අගය 2025 දී ඩො.බි. 200 ඉක්මවා යතැයි අපේක්ෂා කරනවා. මෙම අංශයේ 2019 ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළෙඳපොළ දායකත්වය සියයට 0.5 ක් පමණ වෙනවා. රබර් කර්මාන්තයෙන් 2019 දී ඉපයූ අපනයන ආදායම ඩො.මි. 890 ක් වන අතර එය සමස්ත අපනයන ආදායමෙන් සියයට 7.4 කින් දායක වීමක්. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් ගුණාත්මක වූත් විශ්වාසදායී වූත් විශාල පරාසයක එකතු කළ අගය සහිත රබර් නිෂ්පාදනවලට කීර්ති නාමයක් දිනා තිබෙනවා. අමු රබර් කිරිවලින් සහ වියළි රබර් යන දෙවර්ගයෙන්ම නිෂ්පාදනය වන ටයර්, අත් වැසුම්, කාර්මික උපකරණ, පැදුරු සහ විවිධ ක්‍රීඩා භාණ්ඩ මීට අයත්.

ගෝලීය වශයෙන් ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස ඉන්නා ශ්‍රී ලංකාව සමස්ත ගෝලීය ඉල්ලුමෙන් සියයට 30 කට වඩා අන්තර්ජාතික කීර්තිනාමය දිනූ වර්ණ සැපයුමෙන් දායක වෙනවා.
ශ්‍රී ලංකාවේ අත්වැසුම් ඉල්ලුම (සෞඛ්‍යමය කටයුතු හා කර්මාන්ත උදෙසා භාවිත) සහ ටයර් ඉල්ලුම කොරෝනා පැතිරීම මධ්‍යයේ වැඩි වූවා.


විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග
ගෝලීය ඉලෙක්ට්‍රොනික හා විදුලි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ 2019 දී වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 5 ක් වන අතර මෙය ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන අංශයක්. 2025 දී එම වෙළෙඳපොළ ට්‍රිලියන 5.8 දක්වා වර්ධනය වෙතැයි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව විදුලි හා ඉලෙක්ට්‍රොනික උපංග කර්මාන්තයේත් වෙළෙඳ භාණ්ඩ අපනයනවලින් 7 වැනි ස්ථානයට වැඩිම ආදායම උපයනවා. එය ලෝකයේම එම අපනයනවලින් සියයට 0.012 ක ප්‍රමාණයක්. 2019 දී අප රට ඉන් ඩො.මි. 435 ක් ඉපයූ අතර මෙරට විදුලි හා ඉලෙක්ට්‍රොනික සමාගම් 85 කට වඩා පවතිනවා. ඒවායේ 35000 කට වැඩි සේවක පිරිසක් සේවයේ නියැළෙනවා.

මෙය දැනට රටේ උත්තේජනයට පත්වෙමින් පවතින නව සොයාගැනීම් පර් යේෂණ හා ප්‍රවර්ධන හා ආයෝජන නිසා විභවතාව වැඩි වීමත් සමග එය නැගී එන අංශයක් බවට පත්ව තිබෙනවා.
විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අංශය ආසියාව තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින නිසා ශ්‍රී ලංකාවේ අපනයනවල තාක්ෂණික මට්ටම වර්ධනය වීමටද එය දායක වෙනවා.
මෙම කර්මාන්තය ප්‍රධාන වශයෙන් සම්බන්ධවන්නේ රථවාහන විදුලි සංදේශ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ කාර්මික කටයුතු හා වෛද්‍ය අංශයත් සමගයි. බොහෝ සමාගම් උපකරණ නිෂ්පාදන සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සේවා සපයන ආයතන වේ.

වර්තමානය වන විට අප රට ඉලෙක්ට්‍රොනික නිර්මාණ IOT තාක්ෂණ, ජීව වෛද්‍ය උපකරණ, රොබෝ කර්මාන්තය කෙරෙහි අද්විතීය මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන අතර ඒ පිළිබඳ පර් යේෂණ හා සංවර්ධන කටුයතු උදෙසා ලෝකයේ නම් දරා සිටිනවා.

අපනයනය මූලික කරගත් වර්ධනය හරහා විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශය, සමාජ ආර්ථික දායකත්වයක් දරමින් මහා විභවතාවක් ඇති කර්මාන්තයක් බවට ශ්‍රී ලංකාව තුළ පත්ව තිබෙනවා. මෙම විභවතාව යථාවත් කරනු සඳහා එහි තරගකාරී බව සීමා වීම හා ව්‍යුහාත්මක අඩුපාඩුවලට විසඳුම් දී එය වර්ධනය කිරීමේ අවස්ථා හඳුනාගත යුතු වෙනවා. ගෝලීය සැපයුම් දාමයේ ද මෙම කර්මාන්තයට අවස්ථා සෑදී තිබෙනවා.

සන්නිවේදන තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර සැලසුම් කළමනාකරණ සේවා අපනයන 2019 දී ලෝකයේ ට්‍රිලියන 6 ක ඉපැයීමක් කළ බව වාර්තා වෙනවා. 2015 ඩො. මිලියන 850 ක් වටිනාකමක් ඉපැයූ සන්නිවේදන තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර සැලසුම් කළමනාකරණ සේවා (ICT/BPM) 2019 දී බිලියන 01 ක් දක්වා වැඩිවූවා. සමස්ත අපනයන ආදායමත් සියයට 7 ක් (ICT/BPM) මේ මගින් උපයනවා. පසුගිය අවුරුදු 10 දී මෙම කර්මාන්තය සියයට 300 කට වඩා වර්ධනය වී 1,20,000 ක් වෘත්තිකයන්ට මෙයින් රැකියා සැපයුවා. ICT/BPM අංශය මෙරටට විදේශ විනිමය ගෙන එන අංශවලින් 4 වැනි විශාලතම අංශය බවට පත් වී හමාරයි.

මුල් කාලයේ විදුලි සංදේශන යටිතල පහසුකම් පළමුව 4G කටයුතු කළ, පළමුව 5G පරීක්ෂාවට ලක් කළ SCA-ME-WE-5 තන්තුමය සම්බන්ධතා Tire 3 දත්ත මධ්‍යස්ථාන සහ සියයට 45 ක් 4G වලින් සමන්විත 13.95 MGPS වේගයක් පවත්වා ගනිමින් කලාපීය ප්‍රමුඛයා වූයේ අපය. තවදුරටත් ව්‍යවසායකයන්ගේ සියයට 75 ක් අවුරුදු 20-35 වයසේ අයයි. ඉන් සියයට 48 දෙනා තොරතුරු තාක්ෂණ හා මාදුකාංග ඉංජිනේරුවන්. ලෝකයේ ප්‍රමුඛ සමාගම් වූ HSBC, LSEG, SYSCO, MOODYS, Tavistock, IFS වර්ටුසා, පියිසෙන් සහ RP ඩොනෙලි යන ආයතන ශ්‍රී ලංකාව තුළ මේ වන විට මෙහෙයුම්වල නියැළෙනවා. A පන්තියේ කාර්යාල ඉඩකඩ සාමාන්‍යයෙන් ව. අඩියක් ඩොලර් 1.75 ක පහසු මිලකට මෙරටින් ගත හැකියි.
ශ්‍රී ලංකාව කලාපයේ වඩාත් තදබල වූ බුද්ධිමය දේපළ ආරක්ෂකයෙක් වෙනවා.

මෙරටින් වසරකට (IT) තොරතුරු තාක්ෂණය හුරු පුරුදු ඉංග්‍රීසි කතා කළ හැකි හා ලිවිය හැකි 400,000 ක් දෙනා බිහි වෙනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ගැටලු ඇති වීම, නිරන්තරයෙන්ම සියයට 20 අඩු මට්ටමින් පවතිනවා. එය ආසියානු රටවල් හා සැසඳූ විට ඉහළ තත්ත්වයක්.

කොරෝනා වසංගතය අභිමුවේ ශ්‍රී ලංකාවේ ICT/BPM (තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර සැකසුම් කළමනාකරණ) අංශය පහන් එළියක් මෙන් නව බලාපොරොත්තු ඇති කළා. මෙම අංශයේ විවිධ සමාගම් වසංගතය නිසා සිදු වූ ගෝලීය අවහිරතා මැද අවස්ථාවට ගැළපෙන අයුරින් එදිනෙදා නිත්‍ය ව්‍යාපාර හා කාර්ය මණ්ඩල සකසාගෙන නැගීසිටියා.

ශ්‍රී ලංකාවේ ICT/BPM සමාගම්වලින් සියයට 90 ක් පමණ අවම බාධා සහිතව තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු ගෙනගියා. අපේක්ෂිත හෝ අනපේක්ෂිත මානසිකත්ව යටතේ සමාගම් ස්වභාවිකව ක්‍රියාත්මක වන ආකාරය ඉන් පෙනීගියා. ICT/BPM අංශය යළි ප්‍රකෘති තත්ත්වයට පත් වන්නට මානසික තත්ත්වය වැදගත්. විශේෂයෙන් කොරෝනා අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේදී මේ හරහා ව්‍යාපාර නව්‍යතාවයෙන් යුතුව අලුත් තත්ත්වය සාමාන්‍ය ලෙස සලකන්නට හැඩගැහෙනවා.

නිපුණ ශ්‍රම හමුදාවක් ශ්‍රී ලංකාව සතු වුවත් යටිතල පහසුකම් වර්ධනය හා නිෂ්පාදන දක්ෂතාව අතින් අප රට තවම ICT/BPM සමාගම් මෘදුකාංග විසඳුම් සමාගම් 500කට පමණ සපයනවා. එහෙත් අන්තර්ජාතික මට්ටමෙන් මෙම අංශයේ වෙනස් අවස්ථා ජනිතව තිබෙනවා. වෙනත් තරඟකාරීන් එම අවස්ථා පහසුවෙන් ග්‍රහණය කරගෙන සිටින්නේ එම රටවල රජයෙන් ලැබෙන ප්‍රබල සහායෙන්.

ප්‍රශ්නය: වේගයෙන් වර්ධනය වී අනාගතයට මුහුණ දීම උදෙසා ඉහළ විභවතාවක් හිමිකරගෙන ඇති ශ්‍රී ලංකා ICT/BPM කර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කළ හැකිද?
පිළිතුර: මෙම කර්මාන්තයට අයත් ප්‍රධාන අංශ තුනක් තිබෙනවා. පළමුවැන්න ICT සේවා පළමු වැන්නයි. මෙයින් තොරතුරු තාක්ෂණයට අදාළ සේවා වෙබ් අඩවි ගොඩනැගීම, IT උපදේශක සේවා, IT යටිතල පහසුකම් සහාය, IT ව්‍යාපෘති කළමනාකරණය ආදී වශයෙන් විදේශ වෙළඳපොළට සැපයෙනවා. වර්ටුසා, IFS, සිස්කෝ ලැබ්ස්, මිලේනියම් IT ආදී ගෝලීය වශයෙන් ඉහළම තොරතුරු තාක්ෂණ සමාගම් ආසියාවේ රටවලටම වැඩවල අනුකොටස් ලබාදී මෙහෙයුම් වියදම් අඩුකර ගැනීමට හැකි අවස්ථා සොයනවා.

දෙවැන්න ICT නිෂ්පාදන අංශයයි. ඉහළ කීර්තිනාමයක් දිනාගත් ව්‍යාපාර මෙම වර්ගීකරණය යටතේ IP ඊට අයත් මෙහි නිෂ්පාදිතය මෘදුකාංග විසඳුම් විය හැකියි. (දෘඩාංග සහිත ඉහළ තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන) මෙම වර්ගයට අයත් WSO2, Code Gen වැනි බොහෝ ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපිතයි.

BPM/KPM සේවා තුන්වැනි අංශයයි. ව්‍යාපාර සැකසුම් කළමනාකරණ, දැනුම් සැකසුම් කළමනාකරණය මෙම කළමනාකරණ මෙහෙයුම්වල විෂය ක්ෂේත්‍රයයි. මෙහිදී සොයාගැනීම් උදෙසා ජනයා විවිධ කෑම භාවිතා කරනවා. මොඩල, විග්‍රහ, පියවර වර්ධනය කිරීම්, ප්‍රශස්කරණයත්, ව්‍යාපාර සක්‍රියව තබාගන්නට භාවිතා කරනවා.

ශ්‍රී ලංකාවේ ඉහළ නිපුණතාවෙන් හෙබි සංචිතයක්, පිරිවැය අඩුවෙන් සිදුවන මෙහෙයුම් පරිසරයක්, වඩාත් දියුණු තොරතුරු තාක්ෂණ හා දුරසන්නිවේද යටිතල පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ආසියානු තරගකාරීන්ට අමතරවය. මෙරට පවතින එවැනි ප්‍රමුඛ සමාගම්වලට උදාහරණ ලෙස WNS ලිමිටඩ්, HSBC, RR මොනෙලි ලිමිටඩ් දැක්විය හැකියි.

ප්‍රශ්නය: අලුත් වෙළඳපොළ කෙරේ අවධානය යොමුකොට සකස් කළ අලුත් සැලසුම් මොනවද? ඒවාට හේතු සාධක කවරේද?
පිළිතුර: ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සිදුකරන ලද මූලික පර් යේෂණ අනුව ඉලක්කගත වෙළඳපොළවල් ලෙස වෙළඳපොළ 44ක් හඳුනාගෙන තිබෙනවා. ඒවායින් 17ක් මේ වනවිට ශ්‍රී ලංකාවේ ආනයන මගින් ඩොලර් මිලියන 500 අඩුවෙන් උපයන වෙළඳපොළවල්. ඒවා ශ්‍රී ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය කළ යුතු නව වෙළඳපොළවල් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
මෙම වෙළඳපොළ හඳුනා ගැනීමේදී දේශපාලන හා ආර්ථික අවදානම, වර්තමාන ආර්ථික තත්ත්වය ශ්‍රී ලංකාව සමග වෙළඳ ගිවිසුම් පවතින්නේද යන කරුණු සැලකිල්ලට ගනු ලැබුවා. අපනයන සංවර්ධන. මණ්ඩලයේ වෙළඳපොළ සංවර්ධන අංශය මෙම ඉලක්ක ගත වෙළඳපොළ  උදෙසා ක්‍රමෝපාය සැලසුම් ලේඛන සකසනවා. ශ්‍රී ලංකාවේ විදේශ දූත සේවා මෙහෙවර ඔස්සේ මෙම වෙළඳපොළ සංවර්ධන ක්‍රමෝපාය ක්‍රියාවට නංවනු පිණිස කටයුතු කරමින් පවතිනවා.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සේවා සොයන්නට මේ වසරේ අලුතෙන් ඇතුළත්ව ඇති අංශ මොනවාද?
පිළිතුර: ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා ශාකසාර නිෂ්පාදන අනිත් ජාතික වෙළඳපොළ උදෙසා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කෙරෙන්නේ ඒ මගින් කොරෝනා දරා ගන්නට ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ හැකියාව ඇති නිසයි. අනෙකුත් අංශ අතර ඖෂධ භාවිතය, සාගර ඉංජිනේරු කටයුතු, බෝට්ටු ඉදිකිරීම්, පොලිතින් ආවරණ, සෞඛ්‍ය කටයුතුවලට අදාළ අත්වැසුම් හා මුහුණු ආවරණ ආදී පෞද්ගලික ආරක්ෂණ උපකරණ ඉදිකිරීම් කර්මාන්තයට අයත් උපදේශක සේවා (ගෘහ නිර්මාණ සැලසුම් සේවා) සහ අධ්‍යාපන සේවා ආදිය පවතිනවා.

ප්‍රශ්නය: අපනයන වර්ධනයටත්, නැංවීමටත්, වැඩිදියුණු කිරීමටත් අලුතෙන් ආරම්භ කොට දැනට කරගෙන යන කටයුතු මොනවාද?
පිළිතුර: අලුතෙන් ආරම්භ කොට දැන් පවත්වාගෙන යන පියවර රාශියක් තිබෙනවා. මා ඒ ගැන කියන්නම්.
අපනයන වර්ධනය කරන මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්නට කරන ප්‍රවර්ධන සැලසුම් සහ ජාතික අපනයනවල කීර්ති නාමය වර්ධනය කිරීම මෙහිදී ප්‍රධානයි. ශ්‍රී ලංකාවේ කීර්තිනාමය වර්ධනය පිණිස වසර පහක (2022-2026) ක්‍රමෝපාය සැලැස්මක් යොදාගෙන තිබෙනවා.

වෙළඳපොළ ප්‍රවර්ධන සහාය ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ගේ වෙළඳපොළ ප්‍රවර්ධන පිරිවැය උදෙසා වූ ක්‍රියාකාරකම් සඳහා පිරිවැය බෙදාගැනීමේ පදනම මත සහාය දෙනු ලබනවා. අපනයන අංශය ශකිත්මත් කිරීමත් කොරෝනා ගෝලීය බලපෑම් සමනය කර දෙන්නටත් මේ මගින් කටයුතු කරනවා. මෙය වැය කළ මුදල් ආපසු ගෙවමින් මුල්‍ය සහාය දෙන වැඩපිළිවෙළක්. සුදුසුකම් ඇති සමාගම්වලට මේ මගින් වසරට රු. 500,000ක මුල්‍යාධාර සැපයෙනවා. ශ්‍රී ලංකා කීර්තිනාමය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ උදෙසා දෙන උපරිම මූල්‍ය සහාය මිලියනයක්. මේ සඳහා අයදුම්පත් www.srilankabusiness.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. සම්පූර්ණ කළ අයදුම්පත් වැඩසටහන ආරම්භයට සති 4කට පෙර එවිය යුතුයි. රේඛීය අමාත්‍යංශයෙන් වානිජ දෙපාර්තමේන්තුවේත්, ශ්‍රී ලංකා අලෙවි ආයතනයේ නියෝජිතයන් සහ අපනයන සං. මණ්ඩලය සභාපතිවරයාගෙන් සමන්විත විනිශ්චය සභාවක් විසින් ඇගයුමට ලක්කොට නිසි ඉල්ලුම්පත් සඳහා අනුමැතිය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

ඇගයුම් දාමයට සම්බන්ධ විය හැකි කෘෂි හා ධීවර අපනයන ව්‍යවසාය සඳහා මූල්‍ය සහාය දීමේ වැඩපිළිවෙළක් දියත් වෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යවසාය ශක්තිමත් කොට ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ශක්තිමත් කිරීම ප්‍රධාන සංවර්ධන ක්‍රමෝපාය ලෙස හඳුනාගෙන තිබීම රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම පිණිස රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ වූ ‘සෞභාග්‍යයේ දැක්ම යටතේ වූ අංශයක්.
කෘෂි හා මත්ස්‍ය නිෂ්පාදන නිෂ්පාදකයන්ගෙන් අදාළ යෝජනා මේ සඳහා එවන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය ඒ අයට ආරාධනා කරනවා.

තම තමන්ගේ ක්ෂේත්‍රවල පර් යේෂණ හා වර්ධනයට අදාළ කටයුතු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දිරිමත් කිරීම් සිදු කරනවා. ඒ ඒ කර්මාන්තවල ඵලදායිතාව සහ කාර්යක්ෂම බව වර්ධනය කොට අන්තර්ජාතික වෙළඳපොළට නව නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී පර් යේෂණ හා වර්ධනය වැදගත් වෙනවා. පිරිවැය බෙදාගැනීමේ පදනම මත මේ සඳහා පහසුකම් සැලසීමට අපනයන සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් වෙනවා.

සැකසූ ආහාර පාන, පලතුරු හා එළවළු, කුළුබඩු හා සාන්ද්‍ර ද්‍රව්‍ය, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආයුර්වේද ශාකසාර සහ ස්පා නිෂ්පාදන, මුහුදු ආහාර හා ජලජ නිෂ්පාදන නිෂ්පාදනය කරන අපනයනකරුවන් මේ සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනවා.

පහත සඳහන් ක්‍රියාකාරකම්වල වියදම්වලින් සියයට 56 ක් සපයා ගන්නට උපරිම මිලියන 2කට යටත්ව මේ සඳහා මුල්‍යාධාර සැපයෙනවා. ඉහළ අගතිය යුතු නිෂ්පාදන වර්ධනය කිරීමට නිෂ්පාදන නවීකරණය හා වර්ධනය කිරීම් නියැළී සිටින දේශීය පර් යේෂණ ආයතනයක් සමග එක්වී නිෂ්පාදන නවීකරණය හා වර්ධනය කිරීම සහ දැනට අපනයන අරමුණෙන් දේශීය පර් යේෂණ ආයතනයකින් වැඩිදියුණු කළ වාණිජ නිෂ්පාදන උදෙසා මෙම ඉහත කී මුල්‍යාධාර සැපයෙනවා.

මේ සඳහා ඉල්ලුම්පත්‍ර අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

අපනයන උදෙසා ජනාධිපති සම්මාන උළෙල අපනයන අංශයට අපනයනකරුවන් විසින් කරන ලද අද්විතීය මෙහෙවර උදෙසා මෙම සම්මාන පිරිනමනවා. මෙම උළෙල ආරම්භ කළේ 1981 දී අපනයනවලට දායක වූවන් හඳුන්වාදීමේ අරමුණෙන්. 23න් වැනි අපනයන උදෙසා ජනාධිපති සම්මාන උළෙල 2019 සැප්තැම්බර් මාසයේදී 2018-19 වසර උදෙසා පැවැත්වූවා.

වෙළඳ කටයුතු පහසුකරණය සඳහා ගත් පියවර pay pal වැනි අන්තර්ජාතික ගෙවීම් යාන්ත්‍රණ මෙහෙයුම් පිහිටුවීම සඳහා අපගේ අවධානය යොමුවෙනවා. ඊට අමතරව සියලුම දේශසීමාවලට අදාළ නියෝජිත ආයතන හරහා සිදුවන බාධා ජය ගැනීමට අපනයනකරුවන්ට සහයෝගය දීමද අප සිදුකරනවා. රේගු, වරාය, ගුවන්තොටුපොළ, සම්පාදක මෙහෙයුම් ආශ්‍රිතව ගුවනේදී සහ මුහුදේ සිදුවන කටයුතු මීට අදාළයි.
මීට අමතරව කුඩා පරිමාණ ව්‍යවසායකයන් සහා ප්‍රාදේශීය වශයෙන් ව්‍යවාසයකයන් බලගැන්වීම දිස්ත්‍රික් මට්ටම් හරහා කැරෙන වර්ධනය ආදී කාර්ය අපනයන සංවර්ධන මණ්ඩලය හරහා සිදුකරනු ලබනවා.

කොළඹ සිට වීඩියෝ සම්මන්ත්‍රණවලින් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන නිලධාරීන් ජාතික මණ්ඩලයේ සහාය ලබන අපනයනකරුවන් හා සම්බන්ධීකරණය ඒ මගින් සිදුවෙනවා. මේ මගින් ප්‍රාදේශීය අපනයනකරුවන් අපනයන සං. මණ්ඩලයෙන් දිරිමත් කරනු ලබනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍ය දැක්ම සාර්ථක කරගනු වස් තිසරසාර සංවර්ධනය උදෙසා ඒ සැමගේ දායකත්වය ලබාගැනීම සිදු වෙනවා.

 

(***)
සාකච්ඡා කළේ  චාරුමිනී ද සිල්වා
2021 පෙබ. 16  Daily FT පුවත්පතේ පළවූ ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ