IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අනේ මාමේ තාත්තාව තියල යන්න

(රොමේෂ් මධුෂංඛ )

එදා බොම්බයක් පත්තු කරමින් මිනිස් ජිවිත තඹයකට මායිම් නොකළ ප්‍රභාකරන්ට දිට්ඨදම්ම වේදනීය කර්මය පල දුන්නේය. නමුත් ඔහුගේ ගෝල බාලයින්ට දැන් දැන් එදා කරපු පව් හොඳින් වැටහී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ ඔවුන්ද අදටත් එදා කළ පව් ගෙවන්නට සිදුව ඇති බැවිණි.

‘කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ යන වදන පසක් කරන සිදුවීමක්  කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයෙන් අසන්නට දකින්නට ලැබුණි.

2008 වසරේදී කොටි නායකයාගේ කියමනකට අනුව කොළඹ බෝම්බ පිපිරුමකට සම්බන්ධව අධිකරණයේදී වරදකරුවී ජීවිතාන්නතය දක්වා සිරදඩුවම් විඳින පුද්ගලයකුට සිය පව් විදිමට සිදු වූ ශෝක ජනක අවස්ථාවක් හේතුවෙනි.

ආනන්ද සුදාකර් නැමති මේ පුද්ගලයා හදිසියේම කිලිනොච්චිය මරද නගර් ප්‍රදේශයට පැමිණියේ සිය බිරිඳගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය.

පසුගිය 16 වනදා ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් ඇය මිය ගොස් තිබුණි. බිරිඳගේ අවසන් අවස්ථාවට සහභාගී වීමට කරන ලද ඉල්ලීමට අනුව බන්ධනාගාර නිලධාරීන් ඊට ඉඩ සලසා දී තිබුණේ දැඩි ආරක්ෂාවක් සමගින්ය. බිරිඳ වූ ආනන්ද සුදාකර් යෝගරාණිගේ දේහයට අවසන් ගෞරව පවත්වා සිය දියණිය හා පුතනුවන් දුටු සුදාකර් හඬා වැලපුනේ  රුස්ව සිටි සියලු දෙනාගේ නෙතඟට කඳුලක් එක් කරමිණි. 

තමන් කොයි තරම් වරදක් කර ඇත්තේද ඉන් විඳවන්නේ කව්රුන්ද යන්න වැටහුණු ආනන්ද සුදාකර් මහුණ සගවාගෙන ඉකිගසමින් හඩා වැළපුණේ තම දරු දෙදෙනාගේද මුහුණ  බැලීමට නොහැකි තරම් වූ ලැජ්ජාවකිනි.

මවගේ වෙන්වීමෙන් ඇති වූ කඳුළු සතුටු කඳුළු බවට වුයේ පියා ගෙදර පැමිණීම නිසාය ඒ නිසාමදෝ දියණිය පියාගේ එඩොක්කුවෙන් බැස්සේ නැත.

දියණියගේත් පුතණුවන්ගෙත් සතුටු කඳුළු නැවත් හඩූ කඳුළු බවට පත් වූයේ බිරිඳගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව ආනන්ද සුදාකර් නැවත බන්ධනාගාරයට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදීය. එය දැනුණු දියණිය බන්ධානාගාර බසය දෙසට දිව ගොස් පියාගේ දෑතේ එල්ලී නැවත නොයන ලෙසටත් අනේ මාමේ අපේ තාත්තා අරන් යන්න එපා කියා හැඩූ අයුරු රැස්ව සිටි අයට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේද  නෙතගට කඳුළු ඉනුවා නොවෙන්නට බැරි නැත.

නමුත් සියල්ලන් නීතියට හිස නැමිය යුතුය.  දියණියටද එය නුදුරේම වැටහෙනු ඇත. ඔවුන් තම පියා නැවත නොයන්නට නිවසට පැමිණෙන තුරු බලා සිටියි. පුතනුවන් හා දියණිය මේ වන විට ආනන්ද සුදාකර්ගේ ඥාතීන්ගේ රැකවරණයේ සිටින අතර මේ සියලු දේ විඳි ආනන්ද සුදාකර් කොතරම් නම් ජීවිතයේ යථාර්තය වටහාගන්නට ඇත්ද?  ඔහුට නැවත කෙදිනක හෝ නිවසට පැමිණිමට වාසනාව හිමිවන තුරු ඔහු විඳවමින් සිටිනු නොඅනුමානය.  



අදහස් (13)

අනේ මාමේ තාත්තාව තියල යන්න

Thilina Wednesday, 21 March 2018 08:06 AM

මේ දරු දෙදෙනා ගැන මට නම් ඇත්තේ බලවත් හිත් වේදනාවකි. මේවාට වගකිව යුත්තෝ කවරහුද?

:       166       229

සාරාසී Wednesday, 28 March 2018 10:57 AM

ඒ දරුවා ගේ තාත්තා නම් හිරේ හරි ඉන්නවා. තාත්තා ගේ බෝම්බ ට ගිය අය, ඒ වෙනුවෙන් අදටත් හඩා වැටෙන අය...?

:       0       0

ravi Wednesday, 21 March 2018 11:21 AM

බෝම්බ කාරයන්ගේ.. කුඩු කාරයන්ගේ.. ත්‍රස්තවාදීන්ගේ පවුලේ අය මේවා නීතිවිරෝධී බව දන්නව නේද..? එක එක්කෙනා බොරුවට පොලිසිය ඉදිරියේ හඬා වැටුණයි කියලා නීතිය වෙනස් කළ යුතුද?

:       117       318

Aluthgama A. Samathasena. Wednesday, 21 March 2018 12:39 PM

පියා කල පවට දඬුවම් ලැබුණා පුතේ. ඒ ගැන දුක්වෙලා දැන්නම් පලක් නැතේ. කොටියන් අපට දුන් ගින්දර නිමක් නැතේ. යහපත් ලෙස හැසිර දිවි ජය ගනින් පුතේ.

:       4       598

Chanak Los angeles Thursday, 22 March 2018 03:19 AM

නිරායුධ පොලිස් නිලධාරීන් 600 ක් ඝාතනය කල කරුණා දඬුවම් නොලබා රටේ ප්‍රධාන පක්ෂයක උප සභාපති තනතුරක් ලැබුවේ කෙසේද ? මොකක්ද එම නීතිය කියල දන්නා කෙනෙක් කියනවාද ?

:       5       228

yaka Thursday, 22 March 2018 03:37 AM

මිරුසවිල් ඝාතනයට සම්බන්ද වුන සෙබලාගේ දියණිය සහ මෙම දියණිය අතරේ වෙනසක් නැහැ. දෙන්නටම තමන්ගේ තාත්තා ළඟ ඉන්න හිමිකමක් නැහැ.

:       30       245

chinthaka Thursday, 22 March 2018 04:32 AM

පුතේ, ඔයාටනම් තාම ඔයාගේ තාත්තව දැහැට දකින්න ඉන්නවා කියලා හිත හදා ගන්න. ඔයාගේ තාත්තා එදා 2008 දී ඒ කොළඹ තිබ්බ බෝම්බෙන් ඔයා වගේ චුටි බබාල විතරක් නෙමෙය්, ඔයාගේ අම්මා වගේම අම්මලාගේ බඩේ හීටිය ඉපදිලාවත් නැති ගොඩක් බබාලත් සදහටම මේ ලෝකේ දාලා ගියා. ඔයා වගේම චුටි බබාල සිය ගානකගේ ආදරණීය තාත්තලා සදහටම නැතුව ගියා. හොදම දී කෑ ගහල ලෝකෙටම කියන්න "තාත්තේ ඔයා කරපු ඒ මහපොළොව උහුලන්නේ නැති වැඩේ නිසා විදවන්න වෙලා තියන තවත් එක බබෙක් මම" කියලා. එහාකොට වෙන තාත්තලත් පාඩමක් විදියටවත් ඒ වගේ පවුකාර වැඩ නොකර ඉදිය්.

:       0       386

Chandima Thursday, 22 March 2018 06:47 AM

මට නම් තරහ වෙන කවුරුවත් ගැන නෙමෙයි. දකුණේ සිංහල මිනිසුන්ව මරද්දී එක වචනයක් වත් කතා නොකරන කොටින්ට වාසියට විතරක් කතා කරන අර මිනිස්සු බොරුවට මානව හිමිකම් ගැන දොඩවන අය ගැනයි.

:       22       196

Waruna Thursday, 22 March 2018 07:23 AM

මෙම වරද කරුට හැකිනම් ජනාධිපති සමාවක් දීමට හැකිනම් එයට මේ රටේ සිංහල ජනතාවද විරුද්ධ නොවෙනු ඇත. ඉන්දීය අගමැති මරපු අපරාදකරුට ගාන්ධි පවුලෙන් සමාව දුන්නා වගේ .

:       240       112

DILITHA Thursday, 22 March 2018 11:03 AM

ජනාධිපති බලතල යටතේ මොහුට සමව දෙනවා නම් අගනේය...

:       97       110

emerson Thursday, 22 March 2018 04:56 PM

පුළුල්ව සාකච්චාකල යුතු මාතෘකාවක් . කෙසේ වෙතත් වෛරයෙන් වෛරය නොසන් සිදේ

:       8       56

s.c.perera Friday, 23 March 2018 07:06 AM

නීති විරෝධී දෙයක් කරන්න කලින් එකෙන් ලැබෙන විපාක පිළිබඳව හිතන්න.තමන් විතරක් නෙවේ අම්ම තාත්ත දුදරුවෝ දුකට පත්වෙන බව හිතන්න. මේක සියලුම අයට සිදුවෙන දෙයක්. විපාක හිතන්නේ නැතිව හොරකම් කරනවා මිනිමරනවා... ගෙවල් කඩ ගිනිතියනවා. මේ ඔක්කොටොම අම්ම තාත්ත දරුවෝ දුක් විදින්නවෙනවා. මහනුවරදී ,දිගනදී අල්ල ගත්ත වැරදි කාරයන්ට ඇප නොලැබුණහම අම්මල හඬපු විදිහත් අපි දැක්ක. අම්මව රිමාන්ඩ් කරනකොට වීරවංසගේ දරුවෝ හඬපු ආකාරය අපි දැක්කා. තව කොච්චරනම් මේවගේ දේවල් හැමදාම දකිනවද. මේවට ආණ්ඩුවට බැනල වැඩක් වෙන්නේ නැහැ . මිනිස්සුන්ම මේවා අවබෝධ කර ගන්න ඕන.

:       28       10

malee Sunday, 25 March 2018 12:33 PM

සිංහල, මිනිස්සු සහ අපේ රණවිරුවෝ කී දෙනෙක් හිරේ දාන්න මේ දෙමළ අය බලා ඉන්නවද? ඒවාට කවුද අනුකම්පා කරන්නේ?

:       3       68

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 27 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 31 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 158 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 314 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 365 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 99 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site