IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශී‍්‍රලනිප සභාපති - ලේකම් නොදුටු විනාඩි 9 ක වීඩියෝවක්

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට තවත් සති කිහිපයක් පමණක් ගෙවීමට තිබෙන තැන, පසුගිය අඟහරුවාදා පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 68 වන වාර්ෂික සමුළුවේ දී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඔහුවම අගය කරගත්තේය.
 
ජනපතිවරයාගේ කතාව ඔහුගේ ද්විත්ව භූමිකාව ගැනය.
 
පළමුවැන්න - විධායක ජනපතිවරයා ලෙස 2015 වසරේ මේ දක්වාම, එනම් වසර 4කුත්, මාස 7ක් සහ දින 30ක කාලයක් රට පාලනය කිරීමයි. දෙවැන්න - 2015 ජනපතිවරණයෙන් පසුව ඔහු වෙත පැවරුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ වගකීම, යනාදිය පිළිබද ආවර්ජනයකට සමවිය. දෙවැන්නට සදහන් කැරුණු කාරණාව අරඹයා කියන්නට යමක් ඇත.
 
හැඟීම්, බැඳීම් මෙන්ම සටකපටකම් මත සැබෑවටම දිවෙන, එසේ වුවත් ඒ සියල්ල නීතියක සහ පක්ෂ ව්‍යවස්ථාවක දුහුල් සළුවෙන් වසා තිබෙන මෙරට දේශපාලනය සැළකීමේ දී, 2014 නොවැම්බර් මස 21 වැනිදා මෛතී‍්‍රපාල සිරිසේනට ඔහු එතෙක් දරමින් සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරය අහිමි විය. එසේ වූයේ ඔහු එක්සත් ජාතික පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව නිවේදනය කිරීමෙන් පසුව වූ අතර, එය කණවැකුණු පසු ඔහු තමා තවදුරටත් නිදහස් පක්ෂ සාමාජිකයෙකු නොවන බව ප‍්‍රකාශ කළේය.
 
එයින් පසුව අවස්ථා කිහිපයකදීම ජනපති සිරිසේන මහතා ඔහුගේ හිතවතුන් හමුවේ පාපොච්චාරණය කළේ නිදහස් පක්ෂය අත්හැරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ තැනක් තමාට හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවය. නමුත් එවැන්නක් සිදු නොවිණ. ඒ වෙනුවට ඉතිහාසය වෙනස්ම මාර්ගයකට පිළිපන්නේ ය.

පසුගිය අඟහරුවාදා පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුළුවේ දී ඔහුට පෙර සිටි පක්ෂ නායකයින්ගේ පිළිවෙත සහ කි‍්‍රයාවෙන් ජනපති සිරිසේන ඉඳුරාම වෙනස් විය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනපතිවරයකු ලෙස ජයග‍්‍රහණය කළ දේ ගැන කියන්නට කිසිවක් ඔහුට නොතිබිණ.
 
ජනතාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර ගැන කියන්නට කිසිවක් ඔහුට නොතිබිණ. ඒ වෙනුවට ඔහු කළේ රොස් පරොස් සහ දොස් මාලාවක් ඔහුගේම අගමැතිවරයා, කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම රාජ්‍ය පාලනයේ දී ඔහු හා බැදී සිටින හවුල්කාර කණ්ඩායමේ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ මහතාට එල්ල කිරීමය. අකටයුතුකම් මෙන්ම වංචනික කි‍්‍රයාවන් සම්බන්ධයෙන් අගමැතිවරයාට බරපතල චෝදනා නැගී තිබේ නම් එම චෝදනා පිළිබඳව ඉදිරි පියවර අනුගමනය නොකළ යුතුව තිබෙන බවක් මෙයින් කිසිදු ලෙසකින්වත් අදහස් නොකෙරේ. අදාළ තැනැත්තා සිටින්නේ උසස් තැනක හෝ පහත් තැනක හෝ වේවා, චෝදනා නැගී තිබෙන්නේ නම් ඒවා විභාග කළ යුතුම වේ.
 
මේ සිටියේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාය. ජනතා ඡුන්දයෙන් ශී‍්‍ර ලංකා දේශපාලන නායකත්වය සඳහා අංක 1ට පත්ව සිටින පුද්ගලයාය. ඔහුත් සමග රටේ දේශපාලන නායකත්වයේ අංක 2 ට පත්වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අත්වැල් බැදගෙන යහපාලනයක් රටට හදුන්වාදෙන්නට පොරොන්දු දුන් පුද්ගලයාය.
 
ඔවුන් දෙදෙන දැන් වසර හතර හමාරකට ආසන්න කාලයක් රාජ්‍ය පාලනයේ යෙදී සිටින අතර, දෙදෙන දිනපතාම පාහේ බරපතල ලෙසම කඩකළ පොරොන්දුවක් වේ නම් ඒ යහපාලනයක් ඇති කිරීම සදහා දුන් පොරොන්දුවමය. කිසිදු ආකාරයකින් පරීක්ෂාවට හෝ විමසුමකට ලක් කිරීමෙන් තොරව රට ‘ස්වයංක‍්‍රීයව‘ පාලනයට ලක් වන්නට ඉඩහැර ඔවුහු බලා සිටියහ. එයට උදාහරණයක් එක් කරමින්, පසුගිය අගහරුවාදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයට රැස්ව සිටි 5000 කට ආසන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ඉදිරියේ විනාඩි 9 ක පමණ වීඩියෝ පටයක් ප‍්‍රදර්ශනය කැරුණු අතර, මහබැංකු බැදුම්කර වංචාව එහි තේමාව විය. එයින් අගමැති වික‍්‍රමසිංහට ඉතා දරුණු ලෙසම පහර එල්ල කර තිබුණේ, එය නරඹන  ඕනෑම අයකුට, දැනටමත් වික‍්‍රමසිංහව අපරාධකරුවකු ලෙස හඳුනාගෙන තිබෙන බවට ඒත්තු ගැන්වෙන තරමටය.
 
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට උදර්පණය කරවා ගැනීම සදහා සැළසුම් දැනටමත් කි‍්‍රයාත්මක කර තිබෙන බව පැවසූ ජනපතිවරයා, ඔහුටත් වඩා කෙරුම්කාරයින් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ලියකියැවිලි සකස් කර තිබෙන බව ද, කීවේය. පසුගිය සිකුරාදා ඔහු මහේන්ද්‍රන් මෙරටට උදර්පණය කරවා ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් කැරෙන ඉල්ලීමට සිය අත්සන යෙදුවේ ය.
 
ජනපතිවරයාගේ ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ද කණවැකී තිබිණ. “අපි ගාවත් තියෙනවා ලොකු ලොකු කෙරුම්කාරයින් ගැන ලියකියවිලි. නියම වෙලාව ආවහම බලමුකෝ” ඔහු සිය හිතවතෙක් හමුවේ පැවසුවේ ය.
 
නායක දෙපළ එකිනෙකා වෙත චෝදනා එල්ල කරගැනීමේ නියැළෙන තරගයක පෙර ලකුණු දැනටමත් පළව තිබෙන්නේ මෙලෙසය. කොටින්ම කියන්නට තිබෙන්නේ යහපාලන නායක දෙපළ, ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටු කරන්නට තමන් අපොහොසත් වූ බව දැන් රට ඉදිරියේ අනාවරණය කර තිබෙන බවය. එය දෙදෙනම දැරිය යුතුව තිබූ වගකීමක් වන හෙයින්, එහිලා එකිනෙකාට චෝදනා එල්ල කරගැනීමේ හැකියාවක් ඔවුනට නැත.

අතිශය නින්දා සහගත, එසේ නැතිනම් අවදානම් සහගත, කාරණය වූයේ මෙම වීඩියෝ පටය ප‍්‍රදර්ශනය කිරීම සඳහා ජනපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමක් සිදුව නොතිබීමය. මේ බව අනාවරණය වූයේ පසුගිය බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් හා පැවැති හමුවක දීය. හිටපු අමාත්‍යවරයකු වන මහින්ද සමරසිංහ මහතා, සිය දෙවැනියා වන අගමැතිවරයා එසේ නින්දාවට පත්කැරෙන වීඩියෝවකට ජනපතිවරයා ලෙස අනුමැතිය ලබාදීම ආචාර ධර්මයන් නොසළකා හැරීමක් නොවන්නේදැයි ජනපති සිරිසේනගෙන් විමසා සිටියේ ය.

 ”මම ඒක දැක්කේ නැහැ” යයි ජනපතිවරයා කියා සිටියේ තත්ත්වය තවත් බරපතල කරමිනි.

අනතුරුව අසළ තිබූ දුරකතය අතට ගත් ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාව ඇමතුවේය. මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විචාළ විට, එම වීඩියෝව නිශ්පාදනය කර තිබුණේ ජනපති මාධ්‍ය අංශයෙන් බව ජයසේකර පැවසුවේය. එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිශ්පාදනයක් නොවන බව වැඩිදුරටත් කියා සිටි ඔහු, වීඩියෝවට අනුමැතිය ලබාදුන්නේ කවුරුන්දැයි තමන් නොදන්නා බව පැවසුවේ ය.

ඒ හමුවේ සිය කාර්යමණ්ඩල සාමාජිකයන් ඇමතූ ජනපතිවරයා තමාව ජනපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාඞ් උපේන්ද්‍ර මහතා හා සම්බන්ධ කරන ලෙසට උපදෙස් දුන්නේය. එසේ ඔහු හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ ජනපතිවරයා, අගමැතිවරයා පිළිබද වීඩියෝව ප‍්‍රදර්ශනය කළේ කවරෙකුගේ අනුමැතිය යටතේදැයි විමසා සිටියේය.
 
එයට පිළිතුරක් නොලැබිණ. කෝපයට පත්වූ ජනපතිවරයාගේ මුවින් නික්මුණේ සැර වචන මාලාවකි. 
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනපති සිරිසේන හෝ, පක්ෂයේ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකර හෝ, ඔවුන්ගේම පක්ෂ සම්මේලනයේ දී ප‍්‍රදර්ශනය කැරුණු වීඩියෝව සම්බන්ධයෙන් නොදැන සිට ඇති බව පැහැදිලි වූයේ මෙසේය. ආචාරධර්මයන් සහ වටිනාකම් අරබයා ගෞරවාන්විත තත්ත්වයක් හිමිව තිබූ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානම දේශපාලන පක්ෂයක් ක‍්‍රම ක‍්‍රමයෙන් ආගාධය කරා තල්ලූ වෙමින් සිටින්නේ මේ අයුරින්ය. පසුගිය වසර හතර හමාරක කාලයේ පමණක් ජනපති සිරිසේන යටතේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පත්වූ මහලේකම්වරුන් ගණන 4 කි.
 
“ඔය තිබුණු හැටියට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රචාරණ වීඩියෝවක් පවා ප‍්‍රදර්ශනය කරන්නට තිබුණා. ඇයි මේගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැනේ” ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දිස්ති‍්‍රක් නායකයෙක් පැවසුවේ ය.
 
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුළුව අමතමින් ජනපති සිරිසේන විනාඩි 45 ක් පුරා කළ දේශනයේ දී ඔහු වර්තමානයේ මුහුණ දී සිටින අර්බුදය පමණක් නොව දේශපාලනයේ ඔහුගේ අනාගතය අරබයා මතුව තිබෙන අවිනිශ්චිතතාවද විද්‍යාමාන විය.
 
පහත දැක්වෙන්නේ එම කාරණා ඔහුගේ දේශනයේ දී ආවරණය වූ අවස්ථා කිහිපයකි. ජනපතිවරයාගේ දේශනය ගලා ගිය පිළිවෙළටම පෙළගස්වා නොමැති වුව ද, එම අවස්ථාවලින් යම් රූපයක් ගොඩ නැගේ. ඒ අරබයා බලාපොරොත්තුවකට භාර දී බලා සිටිය යුතු කාරණා රැසක් පවතින අතර, කණගාටුදායක වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුළුවෙන් පසුව කතාබහට ලක් වූයේ ඒවා නොව වෙනත් කාරණාවක් වීමය.

ජනපතිවරණය සදහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට ඔහු අපොහොසත්වීමහි ලා කරුණු පැහැදිලි කිරීමට මෙන් ජනපති සිරිසේන මහතා මෙසේ අදහස් දැක්වූයේ ය.

  • පෞද්ගලික මට්ටමින් කුමන ජයග‍්‍රහණ දිනාගෙන තිබුණත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සළකනකොට ඊළගට පත්වන ජනපතිවරයාට බලයක් නැහැ. අඩුම තරමින් ඔහුට ආරක්ෂක අමාත්‍යංශයවත් ලැබෙන්නේ නැහැ. අපි උනන්දු විය යුත්තේ අගමැතිවරයෙක් පත් කරගන්න මිස ජනපතිවරයෙක් පත් කරගන්න නොවෙයි.
  • කැලණි පාලමේ සිට බොරැල්ල දක්වා මාර්ගයේ තිබෙන වීදි ලාම්පු කණුවල පසුගිය අඟහරුවාදා එල්ලී තිබුණේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතාගේ රුව රැගත් පෝස්ටරයන්ය. තීරණය අද, යැයි ඒවායේ සදහන් විය. නමුත් ජනපතිවරයා කියා සිටියේ මෙවැන්නකි.
  • ජනපති අපේක්ෂකයා කවුද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කාට ද ආධාර කරන්නේ, කියා ඔබ බොහෝ දෙනා අසා තිබෙනවා. මම උත්තරයක් දෙන්නම්. ඒක තමයි 2020 පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසුව රජයක් ගොඩ නැගීම.

 
ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ දොරට තට්ටු කිරීමෙන් පසුව සහ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාස පාර්ශවය ඉදිරියට කැඳවීමට ගත් උත්හාසයෙන් පසුව නැවත වරක් ජනපතිධූරය හෙබවීමට පැවැති අපේක්ෂාව ඉවත් කරගැනීමට ජනපති සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව පැහැදිලිය. අගමැතිවරයා ලෙස පත්වීම ඔහුගේ දැන් බලාපොරොත්තුවය. අනාගත ජනපතිවරයකුගේ භූමිකාව සුලූකොට සැළකීම, ජනපති අපේක්ෂකත්වය දිනාගැනීමෙහි ලා තමා අපොහොසත්වීම වසා ගැනීමට ඔහු ඉදිරිපත් කරන පැහැදිලි කිරීම බව පෙනේ.

නව ජනපතිවරයා යටතේ ආරක්ෂක අමාත්‍යංශය නොපවතිනු ඇති බවට ජනපති සිරිසේන මහතා කළ ප‍්‍රකාශය සාවද්‍ය සහ නොමග යවන සුලුය. එවැන්නක් නොමැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාව වෙනස් කර නොමැත. එනිසා අතීතයේ වැරදි වසා ගැනීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධන යොදා ගැනීම පැහැදිලිවම ජනතාවගේ අවධානය වෙනතක යොමු කිරීමකි.

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමෙන් පසුව වුනත් ආරක්ෂක ක්ෂේත‍්‍රයට අදාළව ජනපතිවරයා සතුව පවතින බලතලවල වෙනසක් සිදුව නැහැ.ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4(බී) ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට, ශී‍්‍ර ලංකාවේ ආරක්ෂාව ද ඇතුළත්ව ජනතාවගේ විධායක බලය, ජනතාව ජනරජයට පත්කරගන්නා ජනපතිවරයා අතයි තිබෙන්නේ” ව්‍යවස්ථාමය කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රකට නීතිඥවරයකු වන මනෝහර ද සිල්වා මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

 
“මෙය ව්‍යවස්ථාවේ මූලිකම කාරණාවලින් එකක්. ආරක්ෂක විෂයට අදාළව ජනපතිවරයාගේ බලතල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදුන්නා වුනත් පවතින්නේ පෙර පැවති ආකාරයෙන්මයි. මේ බලතල වෙනස් කරන්න කිසිම උත්සාහයක් ගෙන නැහැ. ඒ නිසා ආරක්ෂක විෂයට අදාළව ජනපතිවරයා සතු බලතල අඩුකර තිබෙනවා කියන්නේ වැරදි අර්ථ දැක්වීමක්”
 
 
ද සන්ඬේ ටයිම්ස් ඇසුරිනි

(පරිවර්තනය : කෝවිද ගුණසේකර)



අදහස් (4)

ශී‍්‍රලනිප සභාපති - ලේකම් නොදුටු විනාඩි 9 ක වීඩියෝවක්

victor Monday, 09 September 2019 01:42 PM

අනේ ඔබතුමා හත් පොලේ ගාගත්තා නොවේද? දූගෙයි, බෑණාගෙයි වත්කම් හෙළිකරලා ගෙදර යන්න ලෑස්තිවන්න. මෙවැන්නෙක් ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පහළ නොවීය.

:       12       157

gunarathna Monday, 09 September 2019 02:10 PM

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ දුමින්ද දිසානායක සහ දයාසිරිගේ අත්අඩංගුවේ සිටින පුද්ගලයෙක්.. මේ දෙන්නගෙන් අවසරයක් නැතිව කිසිම දෙයක් කරන්ට බැහැ. අවසානේ වෙන්නේ මේ පුද්ගලයන් දෙන්නා මෛත්‍රීව අතඇරලා රනිල් ගාවට යනවා.

:       37       131

ajith Tuesday, 10 September 2019 04:39 AM

මෛත්‍රී වරද්දා ගත් දේ නම් පක්ෂයක් බලෙන් අල්ලගත්තොත් සාමාජිකයන් ඔහුව පිළිගනීවි කියන මිත්‍යාව . මිනිස්සු කඳවුරු දෙකකට බෙදිලා සිටින එක ඇත්තක්. ඒත් ඒ එජාප ශ්‍රීලනිප කියල නෙවෙයි . දේශ හිතෙෂි සහ විදේශ ගැති කියල . ඒකනිසා ලලිත් ගාමිණීට කරන්න බැරිවූ දේ මහින්ද කලා. ආණ්ඩුවක් සාර්ථක වනවිට එහි සියලුම නායකයන් ජනප්‍රිය වෙනවා . ජේ ආර්ගේ ආණ්ඩුවේ අගමැති , ප්‍රදානම ඇමතිවරු ජනප්‍රියයි . මහින්ද ජනප්‍රිය වෙනකොටම ගොටභයත් ජනප්‍රිය වුණා. මේ ආණ්ඩුවේ ජනපතිත්, අගමැතිත් ජනප්‍රිය නැතිබව පක්ෂ දෙකේම කැරලිවලින් පෙනෙනවා .

:       273       104

kumara Wednesday, 18 September 2019 04:26 AM

සත පහකට විශ්වාස කරන්න බැහැ. නිතරම වෛරී කතාකරන අසහනයෙන් ඉන්නේ... කිසිම පරිණත බවක් නැති, නායකයෙකුට ඇති ගති ලක්ෂණ නැති පුද්ගලයෙක් බව කිව යුතුය..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 34 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 67 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 316 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 26 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 447 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 263 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site